Friday, April 15, 2016

කැපුවත් කොල අපිට ඔය ඕනෙ චැලේන්ජ් එකක් ඔට්ටුයි අරී!




සශීන් සිංහල කොල්ලෙක්. ෆර්ෂාන් මුස්ලිම් කොල්ලෙක්. මේ දෙන්නටම තිබුනෙ එකම එක හීනයක්.


ඒ තමයි, කොල පාටින් වැහිච්ච ශ්‍රී ලංකාවක්. ගහකොලෙන් පිරිච්ච හරිත දූපතක්. එතනින් එහාට ගිහින්, නිල්ම නිල් පාටින් බැබලෙන සිහිලැල් ග්‍රහලෝකයක්. හරිත පෘතුවියක්.


අන්න ඒ නිසයි ඒ දෙන්නා Back to Green Challenge එක පටන් ගන්නේ.


මේ වගේ අභියෝග අපිට ආගන්තුක නැහැ. පහුගිය කාලයේ රටවල් ගණනාවක් සහභාගි වුන ALS Ice Bucket Challenge එක වගේම එය ගුරුකොටගෙන නිර්මාණය වුන SL අමුමිරිස් අභියෝගය විනෝදය කැටිවුන සමාජ සත්කාරයන්ට හොඳ උදාහරණ. Ice Bucket Challenge එක අනුසාරයෙන් ඉන්දියානුවන් විසින් නිර්මාණය කරගත් Rice Bucket Challenge එක මා දුටු තවත් අපූරු සද්කාර්‍යයක්.


සයිබර් අවකාශයේ අපි විල්පත්තු වන සංහාරයට විරුද්ධ වුනා. වනසතුන්ට  අමානුෂික වදහිංසා සිදුවුන අවස්ථාවලදී ඒවාට එරෙහිව නීතිමය පියවර ගන්න මැදිහත් වුනා. Back to Green Challenge කියන්නේ එහිම දිගුවක්. ගස් කපනවාට විරුද්ධව හඬනගන අතරේම අපිට පුළුවන්නම් කැලෑ පාළුවන්ට අභියෝගයක් වෙන්න, කපන එක ගහකට ගස් දහයක්වත් අලුතෙන් හිටවන්න. අපි නීතියේ හිදැස් අතරින් රිංගා යන කැලෑපාළුවන්ට සැබෑ අභියෝගයක් එල්ල කලා වෙනවා.


සයිබරයෙන් නියෝජනය වෙන්නේ ශ්‍රී ලාංකිකයන්ගෙන් බොහොම සුලුතරයක මතය බව බොහෝ අය කියනවා. ඒ වගේමයි මේ වගේ දාම-අභියෝගවලින් මහා ලොකු වෙනසක් කරන්නට පුලුවන්ද කියලත් අහන අය දුලබ නෑ. ඉතින් ඒ අයගෙන් අපි ආදරයෙන් ඉල්ලා සිටින්නේ මේ අභියෝගය සයිබර් අවකාශයෙන් මහපොළොවට ගෙනියන්න. අපිත් එක්ක එකතුවෙන්න.


මාව Back to Green Challenge එකට නම් කරන්නේ සශීන්. වැඩේ කෙරෙන්නේ මෙහෙමයි. අපි පැල දෙකක් (හෝ කිහිපයක්) හිටවනවා. ඉන් පස්සෙ  මිතුරන් පස් දෙනෙක්ව නම්කරනවා Back to Green දාම අභියෝගය ඉදිරියට ගෙනියන්න.


මෙන්න මගෙන් කොස් පැළයක් සහ පැණිදොඩම් පැළයක්


මම Back to Green අභියෝගයට නම් කරන්නේ මේ අයව;



මේ අවුරුදු නිවාඩු කාලය. අතිධාවනකාරි ජීවනරටාවෙන් මද ඉසිඹුවක් ලබන කාලය. 

Back to Green  අභියෝගයට හොඳම කාලය!






42 comments:

  1. ජයවේවා !!!

    ReplyDelete
  2. හොඳ ගමනකට සූදානම් වීමක් ජයවේවා බස්සි

    ReplyDelete
  3. හොඳ අදහසක්. කාලෝචිත වැඩක්...

    ReplyDelete
  4. Replies
    1. තැන්කූ ප්‍රොෆා මල්ලී!

      Delete
  5. අහන් ඉන්දන එක් කොහොමත් හොඳ වැඩක් නේ... මමත් වැඩේ කොරලා පොටෝත් අල්ලලා දාන්නම්කෝ....

    ReplyDelete
    Replies
    1. තැන්කූ මාතලන් බොස්!
      බ්ලොග් අවකාශෙට චැලෙන්ජ් එක ගැන විස්තර ප්‍රචාරෙකුත් දෙන්න හොඳේ!

      Delete
  6. https://www.youtube.com/watch?v=xCLZT5m6jaA
    මේ බූටානයේ අගමැතිගේ කතාව බලන්න.

    ReplyDelete
    Replies
    1. බැලුවා බැලුවා.
      බොහොම ස්තූතියි ලින්ක් එකට!

      Delete
  7. Replies
    1. ඔයාලත් සපෝට් එක දෙන්න ඕනෙ හොඳේ.

      Delete
  8. සයිබරයෙන් කරන්න පුළුවන් හොඳ වැඩ ! ජය වේවා !

    ReplyDelete
    Replies
    1. අනිවා. සයිබරයෙන් කෙරෙන හොඳ වැඩවලට අපි උපරිම සහයෝගය දක්වන්න ඕන...

      Delete
  9. ආචාර්ය Weerakoon ගේ මේ ගැන කලින් පෝස්ටුවක් තිබ්බ. මේ කිසිම දෙයක් දැනගෙන ද නොදැන ද දන්නෙ නැහැ අපේ අය්ය මේ පාර අවුරුද්දට ගෙනාවේම පැල. බට් අඹ පැල 2යි. වෙරළු පැලයක්, ඕලු ,ආයෙම තව මල් පැල දෙකතුනක් ගෙනල්ල තිබ්බ. කොහොම හරි නොනගතය වෙලාවෙම තාත්තා පැල හිටවන්න පටන් ගත්ත. මොනවා උනත් මේ පටන් ගත්ත වැඩේ නම් හොඳ වැඩක් :) .. මං මේ බලන් ඉන්නෙම වෙරළු ගහ ඉක්මනට ලොකු වෙනකන් :D

    ReplyDelete
    Replies
    1. අයියටත් කවුරුහරි චැලේන්ජ් කලාද දන්නෙ නෑ හංසියෝ.
      පැල හිටවනවා කියන්නෙ කොහොමත් හොඳ වැඩක්නෙ.

      Delete
  10. නියම වැඩක් අක්කා.. ඒක මිනිස්සුංව නම්මගන්න පුළුවන් නිර්මාණශීලී අදහසක්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නංගා.
      ඔව් ඔව්. අභියෝගයක් කලාම කවුරුත් කැමැත්තෙන් වැඩේට එකතුවෙනවා, මගහරින්න බැහැනෙ එතකොට.

      Delete
  11. නියම වැඩක් අක්කා.. ඒක මිනිස්සුංව නම්මගන්න පුළුවන් නිර්මාණශීලී අදහසක්.

    ReplyDelete
  12. අපොයි මටනම් බැරියෝ පරිසර උෂ්ණත්වය 38 සෙන්ටිග්රෙඩ්.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ. ඉරට චැලේන්ජ් කරන්න තියන එකම ක්‍රමය මේක.

      Delete
  13. නියමයි බස්සි. මං මේ ගැන බුකියෙන් දැක්කා.

    ReplyDelete
    Replies
    1. තැන්කූ කසුන්!
      පැල හිටවමු නේද?

      Delete
  14. මෙන්න නියම වැඩක්.

    ReplyDelete
    Replies
    1. අඟහරු ලෝකෙත් පැල හිටවමුද?

      Delete
  15. කාලෝචිතයි, මැයි මුල දිවයිනටම වහිනවා අන්තර් නිවර්තන මෝසම, පැලයකට මුල් දාලා පැලපදියම් වෙන්න හොඳකාලෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්. කල් යල් බලලා වැඩ අල්ලමු.

      Delete
  16. වැදගත් වැඩක්.. මේ ක්‍රියාවලියෙන් බැහැරව වුණත් සතිපතා හෝ අපිට පැළයක් හිටුවන්න පුළුවන් නම් ඒක බොහොම වටිනවා.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම නංගා.
      මේ වැඩෙන් කෙරෙන්නේ ඒ විදියට පැල හිටවන්න වුවමනාවක් නැති අයටත් යම් පෙළඹවීමක් ඇති කරවීම.

      Delete
  17. මමත් ඉතින් ඔය අභියෝගෙට සහභාගි වුණාලු ඔන්න! :)

    ReplyDelete
  18. ජය වේවා.............වැදගත් හරිම

    ReplyDelete
  19. හැමෝම එකතු උනොත් ජය නියතයි..බස්සියේ

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම උෂාන්!

      Delete
  20. හොඳ උත්සහයක්.. :) පුළුවන් හැම වෙලේම මම නම් ගහක් හිටෝනවා..

    ReplyDelete
    Replies
    1. මේ වැඩෙන් කෙරෙන්නේ ඒ විදියට පැල හිටවන්න වුවමනාවක් නැති අයටත් යම් පෙළඹවීමක් ඇති කරවීම කළණේ. :)

      Delete
  21. කෝ කට්ටිය් සෙට් උනාද ?

    ReplyDelete
    Replies
    1. අජිත් අයියට තවම චැලේන්ජ් එක ආවෙ නැද්ද කාගෙන්වත්?

      Delete
  22. නියම වැඩක්...

    හැබැයි සයිබරයෙන් නියෝජනය වෙන්නේ ශ්‍රී ලාංකිකයන්ගෙන් බොහොම සුලුතරයක් නොවන වග මේකෙන් පෙන්නන්න පුළුවන් වෙයි..

    ReplyDelete
  23. සුපිරි වැඩක්! ජය! අපිත් පුළුවන් විදිහට දායක වෙන්නම්. හෙටම පටන් ගත්තොත් හොඳයි වගේ ....

    ReplyDelete