Monday, May 9, 2016

බාත්රූම් ගායකයෝ




දහම් පාසලේ සමිතිය වෙලාවට ඉස්සරහට ඇවිත් අච්චු පොතේ තිබ්බ කටපාඩම් කවියක් කියවන්නවත් බෑ කියපු එව්වො, ට්‍රිප් යද්දි, බජව්වකදි සිංදුවල නැට්ට විතරක් අල්ලපු එව්වො, ගෙදර බාත්රූම් එක ඇතුලෙදි පට්ට ගායකයො වෙන හැටි දැකල තියනවද?


නෑ මං මේ අහන්නෙ, තමුන්නාන්සේලාටත් බාත්රූම් එකේ නාමින් ඉන්න අතරේ අසහාය ගායන හැකියාවක් ඉස්මතු කරගත්තු අවස්ථා නැතිවෙන්න බැහැනෙ නේද? ඉතින් බස්සිට හිතුනා මේ බාත්රූම් ගායනාවල හැංගිච්ච අමුතු විජ්ජාව මොකක්ද කියල හොයා බලන්න.


කප්පරක් වැඩ තිබුන පට්ට බිසී දවසක් හමාර කරලා වොශ් එකක් දාගන්න බාත්රූම් එක ඇතුලට රිංගගන්න වෙලාව කියන්නේ දවසේ සුවදායකම පැය කිහිපයෙන් කොටසක්. මද රස්නෙ වතුර, එහෙමත් නැත්නම් ගිනි රස්නෙ දවසක සීතලම සීතල ඇල් වතුර ඇඟ පුරා ගලාගෙන යනකොට දැනෙන්නේ දවස තිස්සෙම අපිත් එක්ක පොරබදපු අටෝරාසියක් ප්‍රශ්ණ, ගැටළු සේරමත් ඒ එක්කම හේදිලා යනවා වගේ.


මේ විදියට ටිකෙන් ටික ඔළුව සැහැල්ලු වෙනකොට අපේ ශරීරයෙන් ‘ඩොෆමයින්’ හෝමෝනය නිදහස් වෙනවා. ‘ඩොෆමයින්’වල බලපෑම යටතේ ඔන්න අපිට අමුතු සතුටක් දැනෙන්න පටන් ගන්නවා.


අන්න ඒ වෙලාවේයි අපි ආතල් එකේ සින්දුවක් පටන් ගන්නෙ.




ඩුං ටුරුටුං ඩුටුං ඩුටුං!


සින්දු මැදින් හුස්ම ගද්දි
ආශ්වාසෙ ගැඹුරු වෙනව
පෙණහළු ප්‍රයිවෙට් බස් එක
ඔක්සිජන්වලින් පිරෙනව

ෆුල් නෝමල් පුදුමාතල් රිලැක්ස් කෙරෙන්නේ
හද පාගල් තව හයියෙන් සිංදු කියන්නේ


අනේ ඉතින් වතුර බිංදුව බිංදුව වැටෙන අතරෙ අර කෝඳුරු මිමිණිල්ල ටිකෙන් ටික සින්දුවක් වෙනව. ශබ්ද තරංග කටෙන් එළියට පැනල බාත්රූම් එකේ බිත්තිවල හැප්පෙනව. බාත්රූම් බිත්ති! අන්න එතනයි පුතේ විජ්ජාව තියෙන්නෙ!


බාත්රූම්වල තියෙන්නෙ
සිමෙන්ති – ග්‍රැනයිට් - ටයිල්ය 
තද තද බ්‍රෝ මෙහෙව් බිත්ති
සද්දෙ පොලා පනිනවාය

පොලා පනින හඬ තරංග
ඉස්සරහට ඇදෙනවාය
වැඩියෙ දුරක් යන්න කලින්
බිත්තියෙ ඉහ ඇනෙනවාය


බාත්රූම් එක චූටි කොටුවක්. ටයිල් වගේ දෘඩ මතුපිටකින් මේ කොටුවේ බිත්ති ආවරණය වෙලා තියෙන නිසා ශබ්දය අවශෝසනය කරගන්නේ බොහෝම අඩුවෙන්. ඒ මදිවට බිත්ති අතරෙ දුර බොහොම අඩුයි.


අන්න ඒ නිසයි සුපින්වතුනෙ, බාත්රූම් එක ලෝකෙ තියන පට්ටම රෙකෝඩින් ස්ටුඩියෝවලින් එකක් වෙන්නෙ. 


බිත්ති මත්තෙ හැප්පි හැප්පි
හඬ තරංග පොළා පනියි
වෙනදට වැඩියෙන් තරංග
කන ඇතුලට රිංග ගනියි

සද්දෙ ඩබල් ට්‍රිපල් වෙලා කණට ඇහෙනවා
පට්ට පවර්ෆුල් කටහඬ කියල හිතෙනවා


අන්න ඒකයි පුතේ පළවෙනි රහස. එළිමහනෙ ස්ටේජ් එකක සිංදුවක් කියද්දි කෝඳුරු සද්දයක් වගේ ඇහෙන ඤරු ඤුරු හඬක් වුනත් බාත් රූම් එක ඇතුලෙදි පට්ට පවර්ෆුල් විදියට අපිට ඇහෙන්නෙ කන ඇතුලට ඇතුල්වෙන ශබ්ද තරංග ප්‍රමාණය වැඩි නිසයි. 





හැප්පෙන හඬ තරංගයෙන්
දෝංකාරයකි නැගෙන්නෙ
බිත්ති ළඟින් තියන නිසයි
ළඟ ළඟ නද නිනද වෙන්නෙ


අපි ගුහාවක් ඇතුලෙදි, එහෙමත් නැත්නම් කඳුකර පලාතකදි අත්විඳින දෝංකාරයම ඊට වඩා තරමක් වෙනස් විදියකට බාත්රූම් එකේදිත් අත්විඳින්න ලැබෙනවා. හැබැයි බාත්රූම් දෝංකාරය එනකම් අපිට හැට පැයක් බලාගෙන ඉන්න ඕනෙ නෑ. චට පට ගාලා හඬ තරංග හැප්පි හැප්පි එකෝ එක ඇතිකරනවා. "අඩේ මට සිරා ගායන හැකියාවක් නෙව තියෙන්නෙ" කියල තම තමන්ම විස්මයෙන් විස්මයට පත්වෙනවා.


හැප්පෙන හඬ තරංගයන්
අත් අල්ලන් එක් වෙන්නේ
ගැඹුරු මන්ද්‍ර ස්වරවල හඬ
බරට හැඩට නැග එන්නේ

මල කෙලියයි කෝඳුරුවා බේස් කියනවා
ඔය රාජ්‍ය සම්මානේ මෙහෙට ගේනවා


අනේ ඉතින්, ලේසි පාසු මනුස්සයෙකුට අල්ලන්න බැරි අති මන්ද්‍ර ස්වර අපි කිරි කජු වගේ අල්ලනව. අපේ සින්ගින් එක්ක බලද්දි අමරසිරි පීරිස් කැලේ නේද කියල හිතෙනකොට හිතට දැනෙන්නෙ පොඩි පහේ ආඩම්බරයක් නෙවෙයි මහත්තයො. ඒක උගුර ලේ රහ වෙනකම් කෑ ගගහා සින්දු කියකියා බාත්රූම් එකේ පදිංචි වෙලා ඉන්න හිතෙන තරමේ අභිමානයක්!


ඔන්න දැන් අපි ආතල් කුඩු කරන වෙලාව!


පට්ට වොයිස් එක ඇහෙන්නෙ
ඇතුලට විතරමයි පුතේ
එළියෙ ඉන්න උන්ට කනේ
ඇබ ගහගන්නටම හිතේ

උඹේ ටැලන්ට් පෙන්නන්නට
උන් ඇතුලට ගන්න වෙතේ
ගන්නවාද - නොගන්නවද
ඩිසිෂන් එක උඹේ අතේ





ඩුං ටුරු ටුං ඩු ටුං - ඩු ටුං - ඩුං!!!







108 comments:

  1. අපේ හිටියා මැනේජර් උත්තමයෙක් මෑන්ට බාත්රූම් ඔනේ නෑ සිංදු කියන්න. අපි සල්ලි බැලන්ස් කරන්න ට්‍ර‍යි කරනවා එතුමා මහා හඩිං සිංදු කියනවා බෙග් මාස්ටර්ව නොමරා මරන්නේ. දවසක් මිදුලේ සුදුවැලි සිංදුව කිවුව විදිහ හෙන්රි කල්දේරා මහත්තයට ඇහුනා නම් අපේ පිට්ටු බම්බුවෙන් පැනලා මැරෙන්නේ

    ReplyDelete
    Replies
    1. හිහී මං කලින් හිටපු ඩිවිෂන් එකෙත් හිටියා හෙඩ්සෙට් එක දාගෙන මහ හයියෙන් සිංහල සින්දු වරද්ද වරද්දා කියන මුස්ලිම් එක්කෙනෙක්. ඒකා සින්දු කියන්න ගත්තු වෙලේ ඉඳන් අපිත් වැඩක් කරලා හමාරයි තමයි.

      Delete
    2. පූසා නොදැන ගෙනා උදාහරණය දැක සෙන්සිටිව් කාරණයක් නිසා දුකක් දැනුණි.

      Delete
    3. රසිකොලොජිස්ට්, අපේ ලොක්ක කාපු හොදම සින්දුවයි මම උදාහරනෙට ගත්තේ. ඊට අමතරව බෙග් මාස්ටර් ජෝති මිල්ටන් වගේ අයගෙත් සිංදු ගොඩක් එතුමා භක්ෂණය කලා.
      දුකට හේතුව කුමක්දැයි නොදනිමි..

      Delete
    4. රසික : ඔව් ඒ උදාහරණය සෙන්සිටිව්. පූසා නොදැන කී යමක් විය යුතුයි

      Delete
    5. රසික : ඔව් ඒ උදාහරණය සෙන්සිටිව්. පූසා නොදැන කී යමක් විය යුතුයි

      Delete
    6. හ්ම්ම්ම්....පූසා මැනේජර් උත්තමය එහෙම සිංදු කියන්න හේතුව හොයල බැලුවෙ නැද්ද.

      Delete
    7. ප්‍ර‍සාද් එක හොයන්න දෙයක් නෑ අමුතුවෙන්. පොඩ්ඩක් මජ්ජපමා උනාම තමා එතුමට සින්දු මතක් වෙන්නේ. එතුමගේ බෑග් එකෙත් ඕන වෙලාවක හලාවත මාදම්පේ පැත්තෙන් එන අරිෂ්ඪ බෝතලයක් තිබ්බා

      Delete
    8. කවුරුත් පූසා මහත්මයාට හේතුව කියලා නෑනේ.. මිදුලේ සුදු වැලි තලයේ ගීතය ලියුවේ අපේ බස්සි නෝනගේ ආදරණිය පියා.. එතුමා ගිය අවුරුද්දේ අවසන් ගමන් ගියා.. සෙන්සිටිව් වෙන්න හේතුව ඒකයි..

      Delete
  2. උඹගේ අර මහියංගන යාලුවා නං බාත්රූම් චින්තකයෙක්.. හැක්.

    ReplyDelete
    Replies
    1. සහන් ද?
      ඒ මුකෝ බන්?

      Delete
    2. ඒ්ක ඉතිං උෙගන්ම අහගං.. හැක්

      Delete
  3. Matath thibichcha loku gataluwak oka.Dan eka wisanduna.

    ReplyDelete
  4. එළ ! ඔයි බාත්රූම් සින්දු අනිවාර්යයෙන් කියන්න වෙනව බාත්රූම් දොරට ලොක් එකක් නැතිකොට

    ReplyDelete
    Replies
    1. "රම්පොට තෙලඹුව මැණිකෙට " විස්ලින් පාට් එක ගහන්න ලොක් එකක් ඕනෙම නෑ

      Delete
    2. හහා ඒ ආරක්ෂක හේතූන් මත ඉබේ කියැවෙන සින්දු නේද?

      Delete
  5. මේ... මම මේ කියන්න හැදුවේ.... නෑ එක්කෝ ඔන්නැහැ නෙහ් !

    ReplyDelete
    Replies
    1. නෑ එක්කෝ ඕන්නෑ බාත්රූම් සින්දු කියලා කීර්තියට පත්වෙච්ච හැටි පෝස්ට් එකකින්ම ලියහං :P

      Delete
    2. ජාතික සමගියට බාධාවක් වෙයි කියල හිතල මම ඒ කතා කියන්නේ නැතුව ඉන්නවා. අපි ඉතින් ජාතික සමගිය ගැනමයිනේ කල්පනා කරන්නේ.. නෙහ් ?

      Delete
    3. හැබෑටම මොකටද ඔය කට? ඔතන බිම සිමෙන්ති තියෙන හරියක පොඩ්ඩක් අතුල්ලගන්න. කාටත් හොදයි.. නෙහ් ?

      Delete
    4. අම්බෝ මම කියෙව්වා පැතුමගෙ පෝස්ට් එකක තිබුනෙ ඇනිවසරිය අමතක වීම නිසා ලෝක සාමයට තර්ජන ඇතිවෙන්නෙ කොහොමද කියලා. උපයගෙ ජාතික සමගියත් ඒ වගේ වෙන්ටැ!

      Delete
  6. මේ ගැන ටැබූ කකා ආදී ලොකු ලොකු පොරවල් ඒ කාලෙ ලිපියකින් කතාකලා මතකයි. ‍බලමු රසිකොලොජිස්ට් ලින්කුව අලවයිද කියල...

    ReplyDelete
    Replies
    1. තියෙනවනම් ලින්ක් එකක් අලවන්නකො. මම ලිපිය ලියන්න කලින් සර්ච් කලාට සිංහලෙන් ලිව්ව ලිපි හමුවුනේ නෑ.

      Delete
    2. මා ඒ ලිපිය කියවා තියෙනවා.

      ටැබූ කීවේ බාත් රූම් එකේ ජල අංශු නිසා ශබ්ද තරංගවල වෙනස්කම් වෙන බවයි.

      Delete
    3. මං හිතුවෙ ටැබූ බාත්රූම් පෝස්ට් එකක් ලියල කියලයි. ලින්ක් එකට බොහොම ස්තූතියි රසික.

      Delete
  7. බාත්රූම් හයිකු නැද්ද?

    ReplyDelete
    Replies
    1. දන්නෑ අෆ්ෆා.
      දැන් නම් හයිකු ගැන බ්ලොග් එකේ ලියන්නත් බයයි. :D

      Delete
    2. අනේ හයිකු වක් ලියන්නොකෝ නඟේ . අරහේ මාව මව බයිට් කරනවා අටමා ඇතුළු පිරිස.

      Delete
    3. හිහී!
      බිය නොවන්න අයියණ්ඩි. මම හයිකුවට කැමැත්තෙමි. නමුත් හයිකු ගුණ රැගෙන සිරි ලාංකීය ආරට ලියැවෙන කුදුගොත් කවියට වඩා රිසි වෙමි.

      Delete
  8. මංනං ඔතනින් විතරක් නවතින්නෑ බස්සි අක්කෙ. බ්‍රේක් ඩාන්ස් පාරකුත් දානව.

    ReplyDelete
    Replies
    1. ඒ වෙලාවට ලිස්සල වැටිලා නැත්ද ?

      Delete
    2. හෙට අනිද්දා මලගෙයක් ශුවර්....

      Delete
    3. සැබෑම කතන්දරේ තමයි....
      ඔය හින්දි පිචෑර් වල එන වතුරත් එක්ක දාන නැටුම් වගේ සීන් කරන්න බාධාවක් නැහැනේ. ඒවාට ටබ් වගේ දේවල් පසුතලයේ තිබ්බේ නැති උනාට... මට නම් ඉතින්.... හි හි හි

      Delete
    4. ආයෙත් අහලා. මම බාත් රූම් එක අස්සෙ දාන බැලේ ඩාන්ස්වල ප්‍රතිභාව හම්මේ ඉතින් කියලා වැඩක් නෑ.

      වැස්සෙ නටන විශුවල් තියන සිංදුවලට තමයි නියම ගැම්මෙන් නටන්න පුලුවන් බාත් රූම් එකේදි. හා නැද්ද?

      Delete
    5. අය්යෝ ඒව නං එමට අජිත් අය්යෙ. දෙයියනේ කියල අතක් පයක් නොකැඩි ඉන්නව.

      @කටුස්.. එකපාරක් දෙපාරක් බිම වැටුණට අපි මැරෙන්නෙ නෑ මෂ්ෂිනා. වැටුණත් නැගිටිමු,වැටි වැටි නැගිටිමු.. මගේ මොට්ටෝ එක.

      අනිවා බස්සි අක්කෙ.. මං කැම්පස් ගිය අලුත හිටියෙ බෝඩිමක. මං හිටපු ගෙදරට එහා ගෙදර අක්ක, මං හොස්ටල් එන්න කලින් දවසෙ කියනෝ නංගි නාන්න එන වෙලාව අපි හොඳට දන්නව, අපි ගෙදර රේඩියෝ ඕෆ් කරල ඒ වෙලාවට ඔයාගෙ චැනල් එක තමයි අහං ඉන්නෙ කියල. විලි ලැජ්ජ හතයි එක තැන.

      Delete
  9. මාසයේ සෑන්ස් පාඩම.. වැඩේ කියන්නෙ දැං මාසෙකට එකක් වත් එන්නැති එකයි..
    මේ ඉටියිට අපිත් හොද ගායකයො තමයි ඈ.
    ඔව්වොව් බාත්රූං එකෙ තමා.
    වැඩේ කියන්නෙ මට බාත්රූං එකක් නෑ.. නෙව... හැක්..
    එතකොට මං ගායකයෙකුත් නෙවී
    හයියූ
    අපි ඇවිත් එතකොට ළිං ගායකයොද සැහ්

    ReplyDelete
    Replies
    1. මම ආසාවෙන් ලිව්ව සෑන්ස් පාඩම පොඩි හිත්‍රිදීමක් එක්ක අතරමග නතර වුනා නෙව. රාවයට සෑන්ස් ලිවීමත් නවත්තලාම දැම්මා ඒ නිසා.

      මේ කාලෙකට පස්සෙ ආපහු ලියන මූඩ් එක ආවෙ. බලමුකො ඉස්සරහට.

      Delete
  10. බාත් රූම් ගැන මතක් කරන්න එපා යකූ.... ඇග හීතළ වෙනවා... උණ ගැනෙන්නත් වගේ... :D :D

    ReplyDelete
    Replies
    1. බාත් රූම් එකට ෆෝන් එක අරං පලයන්

      Delete
    2. අරන් ගිහින් නේන්නම් බන් කෙළවෙලා ඉන්නෙ මේ.. :D :D

      Delete
    3. ඇයි මේ පාර මොකෝ බොට උනේ?
      ෆෝන් එක කොමඩ් එකටවත් වැටුනද?

      Delete
  11. අර අන්තිම එක නම් මරු බං. අපිත් මෙහෙම හිටියට හෙන ගායකයෝ ඈ. හොද වෙලාවට අහන් ඉන්න කවුරුවත් වැඩිය හිටියේ නැත්තේ.

    ReplyDelete
    Replies
    1. සිංහල සින්දුම කියහං එතකොට කාටවත් තේරෙන්නෙත් නෑනෙ උඹ මොනා කියනවද කියල :P

      Delete
    2. මේක කිව්වහම මට මතක් උනේ යාළුවෙක් කාලෙකට කලින් මැලේසියා ජින්ටින් .ගිහින් තිබුනා. ඒකෙ තියෙනවනේ මාරක කණුවක්! ( දන්නෝ දනිති)

      ඔකේ ගිහිල්ල පණ්ඩිතයා වගේ. උඩට ගිහින් එක පාරයි පහලට ඇවිත් තියෙන්නේ.. මූ මර ලතෝනි දීලා උපරිම වොලියුම් එකෙන්
      'මිනී...... මරනෝ.......................'

      වැඩේ ඉවර වෙලා සද්දයක්වත් නැතුව බැහැල ඇවිත්. මොකද වටේ ඉන්න උන්ට තේරෙන එකක්යැ ?

      Delete

    3. මගෙ යාළුවෙක් දවසක් කිව්ව උගේ යාලුවෙක්ට උනා කියල ඔහොම කතාවක්. (ඇත්ත බොරු නම් දන්නෑ මේ කතාවෙ.) ඒකත් මොකද්ද එහෙක අර බොකු බඩවැල් එලියට එන සයිස් එකේ පල්ලමක් බහිනකොට. මිනී මරනෝ කිව්වනම් නම්බුයි. ඌ කෑ ගහලා තියෙන්නෙ සුප්‍රසිද්ධ කුණුහරපයක් එක ළඟ තුන් වතාවක් රිපීට් කිරීමෙන්.

      අවුලක් නෑ ලංකාවෙ එවුන් නැතුව ඇතිනෙ කියල පොර ශේප් එකේ කැපෙන්න හදනකොට;
      පිටිපස්සෙ හිටපු කොල්ලෙක් ඇහුවලු "නංගි අර මොකද්ද වැටුන කියල කෑගැහුවෙ උඩදි, ඒක අහුලගත්තද?" කියල.

      Delete
  12. "බාත්රූම් එක චූටි කොටුවක්. ටයිල් වගේ දෘඩ මතුපිටකින් මේ කොටුවේ බිත්ති ආවරණය වෙලා තියෙන නිසා ශබ්දය අවශෝසනය කරගන්නේ බොහෝම අඩුවෙන්. ඒ මදිවට බිත්ති අතරෙ දුර බොහොම අඩුයි.


    අන්න ඒ නිසයි සුපින්වතුනෙ, බාත්රූම් එක ලෝකෙ තියන පට්ටම රෙකෝඩින් ස්ටුඩියෝවලින් එකක් වෙන්නෙ. "
    maath onna ooka nam darunuwatama therum aran inna manuxxayek! :D

    ReplyDelete
  13. බාත්රුම් එකේ සින්දු නොකියමි. දුවල දෙන්න අහගෙන ඉඳ සිනාසෙන බැවිනි. බස්සිගේ අපූරු බාසාවෙන් ලියු ලිපිය නියමය.

    ReplyDelete
    Replies
    1. දුවල දෙන්නා හිනාවෙනවනම් ගායනයට ප්‍රහසන කැටගරියෙන් සම්මානයක් දුන්නැකි නෙව. අවුල තියෙන්නේ ගෙදර මිනිස්සු කනේ පුළුන් ඇබ ගහගෙන ඉන්න පුරුදු උනොත් තමයි.

      Delete
  14. සයිබරයේ මේ ගැන සොයද්දී නාන කාමරේ දී කියන්නට නාන කාමරක් ගැනම ලියවුණු සින්දුවක් හමුවුණා!

    නාන කාමරේ, නාන කාමරේ, නේක නේක සිතුවිලි මවනා නාන කාමරේ
    නාන කාමරේ, නාන කාමරේ, දෝරෙ ගලා යයි මගෙ සිතුවිලි සෑම කාලයේ

    උදේ රැයින් එමි මා සැමදා ඔබේ සුව සොයා
    හදේ නිදන් වී ඇති සිතුවිලි නැගෙයි පොදි කකා
    මුවෙන් ගීතයක් වී එන්නට නැගෙයි පොදි කකා

    නාන කාමරේ, නාන කාමරේ, නේක නේක සිතුවිලි මවනා නාන කාමරේ
    නාන කාමරේ, නාන කාමරේ, දෝරෙ ගලා යයි මගෙ සිතුවිලි සෑම කාලයේ

    සැඳෑ කලේ සේවය නිමවී එමි නිවස බලා
    නිවා ගතේ වේදනා ඔබ දෙයි සතුට සදා
    ඇඟේ වතුර බිඳු ගෑවෙන විට එයි සතුට සදා

    නාන කාමරේ, නාන කාමරේ, නේක නේක සිතුවිලි මවනා නාන කාමරේ
    නාන කාමරේ, නාන කාමරේ, දෝරෙ ගලා යයි මගෙ සිතුවිලි සෑම කාලයේ


    ReplyDelete
    Replies
    1. අෆ්ෆා! අද සිංදු ඇනෝටත් කලින් රසික ජයග්‍රහණය කරලා.

      මේ සිංදුව මම අහලාම නෑ.

      Delete
  15. නාල ඉවර වෙලා තුවාය ඔලුවෙ ඉඳං පොරෝගෙන ලිං ගැට්ටට බර වෙලා ළිඳ ඇතිලට එබීගෙන කතා කරනකොටත් ඔය දෝංකාර සද්දෙ එනවා.වතුර සුවඳත් දැනෙනවා..හෙන දුකකුත් දැනෙනවා.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඒ මොකද හෙන දුකක් දැනෙන්නෙ?

      මාත් ඉස්සර ආසයි ලිඳේ දෝංකාරය අහන්න. දැන් අපේ ගෙදර තියෙන්නෙ නල ලිඳක්. :/

      Delete
  16. බාත්රූම් නැට්ටුවන් ගැන අහල නැද්ද? මෙහෙම නැට්ටුවෙක් ලෙස්සල වැටිල කකුල උළුක් කරගන කෑ ගහද්දි ඇතුලට යන්න විදිහක් නැතුව කලබල වෙලා දොර කඩල බෝඩිං මාසටර්ට වන්දි ගෙවන්නත් වුනා.බස්සිට වගේ රස ඉතිරි වෙන්න ලියන්න දන්නැති එකයි මට තියන අඩුව

    ReplyDelete
    Replies
    1. අනේ අෆ්ෆා ලියමුකෝ.....
      ඒක මරු කතාවක් වෙයි.
      මට මුළු කතාවම දැනගන්න හෙනම නොඉවසිල්ලක් ඇතිවෙලා තියෙන්නෙ දැන්!

      Delete
  17. අම්මපා ඇත්ත.. මං මෙච්චර කාලයක් හිතන් උන්නෙ මං මාර ගායිකාව කියලා.. ඇයි බොල බාත්රූම් එකේදි විතරයි නෙව සින්දු කියන්නෙ..

    ReplyDelete
    Replies
    1. මටත් ඒක වැටහුනේ මම ඇතුලෙ ඉඳන් සින්දු කියපුවා එක @#$$ක් එළියෙ ඉඳන් රෙකෝඩ් කරලා මට අහන්න සැලැස්සුවාට පස්සෙ.

      Delete
  18. හැක් බාත්රෑම් එකේ ඉතරක් සිංදු කියලා මම නවතින් නෑ බං වැඩ ඇරිලා ගෙදර ආව වෙලේ ඉදලා මගේ මියුසිකල් සෝ එක පටන් ගන්නවා සිංහල දෙමල හින්දි රිමික්ස් එකක් දානවා දිනපතා මගේ වෙලාව හොද කමට අපේ ෆ්ලැට් එකේ තියා හතර දිග්බාගෙක ලංකාවේ එකෙක් නෑ ... ලගම ගෙදරත් ඉන්නේ කන් ඇහෙන් නැති ජෝඩුවක් ඒ නිසා මම ගොඩ....හැබැයි මං දන්නවා මගේ බෙලෙක් කට හඩ අහන උන්ට දෙවි පිහිට ලැබෙනවා කියලා හැක් හැක් :)

    ReplyDelete
    Replies
    1. හහා මාත් එසේම තමා කිඹුල් අක්කෝ. කොහෙහරි ගමනක් යන්න පිටත් වුන වෙලාවෙ ඉඳන් මගේ මියුසිකල් ශෝ එක තමා බස්සට අහන්න වෙන්නෙ.

      Delete
  19. අර ඩෙෆොමයින් පිටින් අරන් ඉන්ජෙක්ට් කරගන්න විදිහක් නැද්ද දන්නේ නෑ....

    ReplyDelete
    Replies
    1. කටුස්සො.. හම්බුනොත් කියපන් හොඳෙ.. ඇසිඩ් එකේත් මෙව්ව තියෙනවාද මන්දා

      Delete
    2. කසුටු, මල්වල ක්‍රියාකාරිත්වය මේ හෝමෝනයට සමානයිලු.

      Delete
  20. අපි නං ඉතිං බාත්රූම් ගායකයො තමයි.

    ReplyDelete
    Replies
    1. සීයට අනූනමයක්ම ඉන්නෙ එහෙම අසහාය ගායකයො නේද?

      Delete
  21. අපි නං ඉතිං බාත්රූම් ගායකයො තමයි.

    ReplyDelete
  22. Replies
    1. පිටරටක එකෙක් ඕ යේ ඔජායේ කොප්ප ගහල. ගිහුන් නඩු දාමු!

      Delete
  23. මදැයි....බාත්රූම් එකේ සිංදු කියන විදිහට මං හිතන් හිටියෙ ස්ටාර් තරගෙකට යන්න පුලුවන් වෙය් කියල.

    ReplyDelete
    Replies
    1. කවුරුත් එළියෙ ඉඳන් රෙකෝඩ් කරල නෑ වගේ?

      Delete
  24. හි..හි... ඔව් අනේ.. ඒ වොයිස් එක බාත් රූම් එකෙන් පිටදිත් තියෙනව නම් කොච්චර හොඳද ..

    ReplyDelete
    Replies
    1. බාත් රූම් එක ඇතුලෙදි රෙකෝඩ් කරගත්තනම් හරි.
      මට බාත් රූම් එකේදි අමරසිරි පීරිස්ගෙ සින්දුත් කිව්වැකි හුස්ම හිරවෙන්නෙ නැතුව. :D

      Delete
  25. ඔහේට තිබුනේ ගුරු උපදේශිකාවක් වෙන්න... පට්ට රහයි... මේ දවස්වල ගෙදර ඉන්න වෙලාව පොඩි මෑන් ඕ ලෙවල් කරන නිසා, උදේට රූපවාහිනියේ යන ආජ්ජාපන වැඩ සටහන් බලනවා... අයියෝ සංසාරේ මෙළෝ රහක් නෑ... කොල්ලෝ කෙල්ලෝ ටියුෂන් යන එක අහන්න දෙයක්ද... ඔය වැඩ සටහන් වලට ටියුෂන් කාරයෝ දැම්මා නම් ඊට වඩා ප්‍රයෝජනයක් තියෙනවා...

    ReplyDelete
    Replies
    1. හිහී! මම කැම්පුස් එකේදි මේ ඉට්ටැයිල් එකට කුප්පි නම් දානවා.
      ජාතික එකේ යන අජ්ජාපන මෙව්වාවල් ගැන කතා කරල වැඩක් නෑ මාතලන්. පාන්දර ඇහැරං බලන එකටත් පාඩුයි.

      Delete
  26. මට නං බාත් රූම් වල සින්දු තියා විසිල් එකක්වත් ගැහෙන්නෙ නෑ...

    ඒක නෙමෙයි මේකෙන් අර 'තොරණෙ විස්තරේ' ස්ටයිල් එකේ කැසට් එකක් ගහන්න පුළුවන්... කවියක් දෙකක්, පොඩි පැහැදිලි කිරීමක්....

    ReplyDelete
    Replies
    1. මාත් බැලුවෙ වෙසක් එකට fun with science තොරණක් ගහන්ඩ කියලා.
      තිසර බාත් රූම් එකේදි කරන්නෙ ලෝක ආහාර අර්බුදේට විසඳුම් සෙවීම වගේ බරපතල දේවල් කම්පනා කරන එකද?

      Delete
  27. මටත් මතක් උනේ "තොරන් විස්තරෙට" හොඳයි කියලා ලියවිලා තියල style එක.. :) :) අනුනගේ හරි තමන්ගෙම හරි සිංදුවක් අලුත්ම තාලෙකට නොමිලේම හොඳ sound system එකකින් කලා වගෙ record කර ගන්න ඕන නම් අත්හදා බලන්නත් පුලුවන් වෙයි නේද බස්සී ... :) :) ඕනම නම් බුකියට දාලා ප්‍රේක්ශක ජනතාවගෙ ප්‍රතිචාර බලන්නත්.... හික්ස්

    ReplyDelete
    Replies
    1. fun with science ලේබල් එක යටතේ ලියැවෙන හැම පෝස්ට් එකක්ම යන්නෙ තොරණ් ස්ටයිල් එකට තමයි නිම්නී. (නම දිග වැඩි නිසා මම ඔයාට කෙටි නමක් දැම්මා, අවුලක් නෑනෙ?)

      Delete
    2. මේ දවස් වල අවුලක් නැතිව OWLing වෙන නිසා කිසිම අවුලක් නැ බස්සී, මාත් ඒ නම හිතෙ තියාගෙන හිටියා මේ නම දිග වැඩි නිසා...නිම්නී

      Delete
  28. මටත් ඔය ලෙඩේ තියෙනවා.. විද්‍යාත්මක හේතුව දැන ගත්තේ අදනේ
    මේ තියෙන්නේ මම හිතපු දේ
    http://biththiya.blogspot.my/2012/10/blog-post.html

    ReplyDelete
    Replies
    1. පැතුම්ගෙ පෝස්ට් එකේ තියන කරුණු ටික අර ඩොපමයින් හෝමෝනය ස්‍රාවය වීමට ගලපන්න පුළුවන් නේද? ඒ ෆන් එක නිසා වෙන්න ඕනෙ සින්දුව පටන් ගැනෙන්නෙ.

      Delete
    2. මාත් පැතුම්ගේ පොස්ට් එක කියෙව්වා ජීවිතය කියවන්න ගිය දවසේ...

      Delete
  29. බස්සියෝ,

    නියමයි ඈ..

    මේ සීන් එක අද තමයි තේරුම් ගත්තේ...

    ReplyDelete
  30. // ‘ඩොෆමයින්’වල බලපෑම යටතේ ඔන්න අපිට අමුතු සතුටක් දැනෙන්න පටන් ගන්නවා.//

    අන්න ඒ කොටසත් වැදගත් ඒ කියන්නේ ඔය ඩොෆමයින්’ කියන හෝමෝනය ශරීරය තුලින් පිටවීම අමුතු සතුටක් දැනෙන්න හේතුවක් වන බවද ?

    ReplyDelete
    Replies
    1. අන්න හරි. ඩොපමයින් Happy hormone කියන නමිනුත් හඳුන්වනවා.

      Delete
  31. //"අඩේ මට සිරා ගායන හැකියාවක් නෙව තියෙන්නෙ"// සක්.. කෑවා.. මම හිතාගෙන උන්නෙත් ඔහොමනේ..

    ReplyDelete
    Replies
    1. මදැයි! උඹත් සින්දු කියන්නෙ බාත් රූම් එකේ විතරද?

      Delete
  32. ඔය බාත් රූම් සිංදු කිවිල්ල වගේම තමා ඉයර් ෆෝන් ගහගෙන සිංදු කියන එකත්. පට්ට අමාරු සිංදු යස අපූරුවට කියන්ඩ පුළුවන්. හරියට නිකං අපිම සුපිරියට කියනවා වගේ. හැබැයි ඉතිං අනිත් එවුන්ට ඇහෙන විදිහේ තමා අවුල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්. බස් එහෙක, කෝච්චියක යද්දි එහෙම ඉයර්ෆෝන් ගායන හැකියාව ඉස්මතු වුනොත් විලිලැජ්ජාවේ සංසාරෙම ඉවරයි.

      Delete
    2. පරන office එක මත උනා,ඉයර්ෆෝන් සිද්ධි එමටයි..coding වලටම එබිලා ඉන්න ඒකාකාරි පැය ගනන් ගෙවන අයට බඩපුරා හිනාවෙන්න නියම තැන්...:) :)

      Delete
  33. හැක්, අපිනම් නිශ්ශබ්දතාව සුරකින්නෙම බාත්රූම් එකේ, එකෙන්ම, :D, ඔය සින්දු වගේද ඇඟට වතුර වැටෙන සද්දේ අහන කොට තියෙන ආතල් එක, නැත්තන් පැත්තකින් 4න් එකෙන් සින්දුවක් දාගෙන නාන එක. මොක උනත් අර උන්ගේ ඔලු කට්ට දැන් තියෙනවද හලෝ අර ගහ ගන්න ගහ ගනිල්ලට.

    ReplyDelete
    Replies
    1. මටනම් ඒ වතුර සද්දෙ එච්චර ගතියක් නෑ. වැස්සෙ සද්දෙ තමයි ගති.

      Delete
  34. ///ෆුල් නෝමල් පුදුමාතල් රිලැක්ස් කෙරෙන්නේ
    හද පාගල් තව හයියෙන් සිංදු කියන්නේ///////////

    මේක මරු!!!

    ReplyDelete
    Replies
    1. අරූ ගොඩාආආආක් කාලෙකින්!
      තැන්කිව් ඈ!

      Delete
  35. "ඉතිං ඔබ පැවත එන්නේ ගායක පවුලකින්. ඔබේ මව පියා සහෝදර සහෝදරියෝ ඔක්කොම ලංකාවේ ජනකාන්ත ගායක ගායිකාවෝ. ඔබ මෙඔකද හිතන්නේ මේ පවුලේ ගායන හැකියාව ගැන? ඒක ජානවලම තීයෙන දෙයක්ද?"

    "ම්ම්ම්... මම හිතන්නේ මේක ජානවලට සම්බන්ද නෑ. මේක කෙලින්ම බාතෲම් එකට සම්බන්ධ ප්‍රශ්ණයක්."

    "ඒ මොකක්ද ඒ මොකක්ද? අපිට තව විස්තර කියන්නකෝ ඒ ගැන."

    "ඒ හැටි විස්තරයක් නෑ. අපේ බාතෲම් එකේ අගුල කැඩිලා තිබුනේ අපි දන්න කාලේ ඉඳන්ම. කවුරු ඇතුලට ගියත් කෑගහලා සින්දුවක් කිය කිය ඉන්න එක අනිවාර්යයි ඇතුලට ගිය කෙනා. ඒ නිසා අපේ පවුලෙ ගායන හැකියාව මතුවෙලා ඔප මට්ටම්වෙන්න බාතෲම් එකේ කැඩුනු අගුල හේතුවක් වුනා කිව්වොත් ඒක තමයි යථාර්ථය..."

    ReplyDelete
    Replies
    1. හීහී!

      ළමයින්ව ජනකාන්ත ගායකයො කරගන්න ඕන්නං බාත් රූම් එකේ අගුල ගලවන්න විතරයි තියෙන්නෙ.

      Delete
  36. අපිත් දක්ෂ ගායකයෝ තමයි, බාත්රුම් එකේදී...

    ReplyDelete
  37. දැන් මේ නාන කාමරෙන් ඇවිත් තමයි මේක කියවන්ට පටන් ගත්තේ . කල්පනා කරලා බැලුවාම මටත් අදාලයි වගේ...

    ReplyDelete
    Replies
    1. මේක හැමෝටම තියෙන පොදු ප්‍රශ්ණයක් වගේ බලාගෙන ගියාම. :D

      Delete
    2. ඔව් බස්සි අපි කවුරුත් කොයි තරන් කිව්වත් කාටවත් පෙන්නෙ නැති තැනක්දි තමයි හරිම නිදහසෙ අපෙ ඇතුලෙ ඉන්න ඇත්තම කෙනාට එලියට එන්න දෙන්නෙ පුංචි කාලෙන් පස්සෙ... ලොකෙ කොහෙත් හැමදාමත් එකයි කවදත්.

      Delete
  38. මං ඒත් බැලුවා මං කොහොමද මෙච්චර සිරා ගායිකාවක් වුනේ කියලා.. :D

    ReplyDelete
  39. හනේ.. ඔන්න ගොඩක් මිස් වෙලා.. අදයි කියවන්නේ... මාත් ඔය කියන ගායිකා කොටසට අයත්... සිංදු ටික ඉස්තරම් නංගි

    ReplyDelete