Wednesday, September 14, 2016

ඇඳට නගින්නට පෙර - 2 කොටස



ඇඳට නගින්නට කලින්, නින්ද වෙනුවෙන් ඔබේ මනස සූදානම් කරවන්නට ගත්හැකි පියවර පහක් ගැන මම කලින් පෝස්ටුවේදී කතා කලා. ඒ වගේම, තවත් පොයින්ට්ස් පහක් ගැන පැය හතලිස් අටක් ඇතුලත පල කරන බවට පොරොන්දුවකුත් වුනා.


අපේ පොරොන්දු ඡන්ද පොරොන්දු වගේ නෙමෙයිනෙ. ඉතින් මම පොරොන්දුව ඉටු කරන්නයි හදන්නේ.


පළවෙනි කොටස නොකියවපු ළමයි ඉන්නවද? යන්න යන්න. මෙතනට ගිහින් කලින් දවසෙ පාඩම කියවගෙන එන්න.


6. පාද සත්කාර




පාද සත්කාර, එහෙමත් නැත්නම් පෙඩිකියු කියන්නේ පුංචි පුංචි ටූල්ස් කිහිපයක් භාවිතයෙන් ඔබට ගෙදරදීම කරගන්නට පුළුවන් දෙයක්. 


මම බැලුවේ ගෙදරදි පෙඩිකියු එකක් කරගන්න විදිය කියලා තව පෝස්ටුවක් තලාගන්න මේක හොඳ චාන්ස් එකක් නේද කියලා. නියම අදහස! පියවරෙන් පියවර පාද සත්කාරයක් කරගන්නා විදිය ඉදිරියේදී ලියන්නම්.



7. අඳුරට ඇස් හුරුකරන්න




නින්දර පෙර තීව්‍රතාවයෙන් වැඩි ආලෝකයන්ට ඇස් නිරාවරණය කිරීම ඒට් හරම් හොඳ පුරුද්දක් නෙමෙයි. අඳුරු නිදන කාමරයේ ඉඳන් ෆෝන් එකේ, ටැබ් එකේ ආලෝකය දිහා එක එල්ලේ බලාගෙන ඉන්න එකෙන් වෙන්නේ ඔබේ නින්ද ප්‍රමාද වෙන එකයි.


ඒ නිසා නිදි මුඩ් එක ගන්න, ඇඳට යන්න මද වෙලාවකට කලින් විදුලි පහන්වල ආලෝකය අඩු කරන්න. 


8. ඉටිපහන්




ඉටිපහන් ආලෝක සත්කාරයටත්, සුවඳ සත්කාරයටත්, එක සේ අදාල කරගන්නට පුළුවනි.


ඉටිපහන් එලිය නිසා මනස ඉහිල් වෙනවා. ඒ වගේම ඉටිපහන් එලියෙන් ඔබේ මනස නින්දට සූදානම් කරවීමකුත් සිදුවෙනවා.


ලැවැන්ඩර් සුවඳ, කුරුඳු සුවඳ, කෝපි සුවඳ ඉටිපන්දම් මිලදී ගතහැකියි. මේවා ගෙදරදී හදාගන්නත් පුළුවනි.


9. සුවඳ සත්කාර




ලැවැන්ඩර් සුවඳ ආතතිය දුරු කරන්නට ඉවහල් වෙන බව විද්‍යාත්මක පර්යේෂණ මගින් අනාවරණය වෙලා තියෙනවා.


නින්දට පෙර ඇඳ ඇතිරිලිවලට අදාල සුවඳ විලවුන් (pillow mist) ස්වල්පයක් යෙදීම හෝ වාෂ්ප ලෙස ‘essential oils’ වාතයට මුදාහැරෙන ‘oil diffuser' එකක් භාවිතා කිරීමෙන් මානසික ආතති තත්වයන් සමහන් කරගත හැකියි.


10. සංගීත සත්කාර




ඉහිල්වීමේ සංගීත ප්‍රතිකාර බොහොම ජනප්‍රිය මාතෘකාවක්. වෙහෙසපත් මනසට සහනයක් ලබාදෙන ඉහිල්වීමේ සංගීත ඛණ්ඩ අන්තර්ජාලයෙන් ඔබට නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්නටත් හැකියි.


ටෙම්පෝ එක අඩු සංගීත ඛණ්ඩවලින් අපේ හදගැස්මේ වේගය අඩු කෙරෙන බවත්, ක්‍රමක්‍රමයෙන් නින්දට ගැලපෙන වේගයක් දක්වා හදගැස්ම සුසර කිරීමක් සිදුවෙන බවත් විද්‍යාත්මක පර්යේෂණයන් මගින් අනාවරණය කරගෙන තියෙනවා.



ඕවා තමයි බසු නින්දට ඉවහල් වෙන tips සහ tricks.

ඔයාල ළඟත් මේ වගේ නින්දට උදව් වෙන රහස් වට්ටෝරු තියෙනවද? බෙදාගන්න ළමයෝ බෙදාගන්න! නින්ද කියන්නේ මේ ලෝකෙ තියෙන වටිනාම දේවල්වලින් එකක් නෙව!




33 comments:

  1. ඇත්තටම මේ විදිහට කරන්න පුළුවන් නම් හොඳයි. බවලත් උදවියට මේව පුළුවන් වුණාට පිරිමින්ට ටිකක් අමාරුයි. මට නම් තියෙන්නේ එක පියවරයි. මොනව හරි කියවමින් ඉන්නකොට හෝ කරමින් ඉන්න කොට නිදිමත වුනාම කෙලින්ම ඇඳට. ලඟකදි බොන පාටියකදි ඕක කරන පටි රෝල්.

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඉයන්ට නින්ද යාමේ අවුලක් නෑනෙ. සෑහෙන්න වාසනාවන්තයි!

      Delete
  2. මට නං ඔච්චර අමාරු නෑ නිදා ගන්න. හිතුණාම ඇඳට ගියා. ඇහැ පියෙව්වා!

    ReplyDelete
    Replies
    1. වාසනාවන්තයෝ!

      ඒ වුනාට අපිටත් බ්ලොග් පෝස්ටුවක් ලියන්න මාතෘකා තියෙන්න එපැයි ළමයෝ :)

      Delete
  3. තුන්වෙනි කොටසත් තියෙනවද? එහෙනං ඊට පස්සේ කමෙන්ට් කරන්නං , නැත්තම් තුන්සැරයක් ඇඳට නගින්න වෙනව

    ReplyDelete
    Replies
    1. තැන්කූ මචං.
      තුන්වෙනි කොටසක් ගැන මේ පෝස්ට් එකේ කොතනකවත් කියලත් නැති එකේ.... නොකියවා වුනත් කමෙන්ට් කල එකට තැන්කිව් ආයෙමත්!

      Delete
    2. තැන්කූ මචං.
      තුන්වෙනි කොටසක් ගැන මේ පෝස්ට් එකේ කොතනකවත් කියලත් නැති එකේ.... නොකියවා වුනත් කමෙන්ට් කල එකට තැන්කිව් ආයෙමත්!

      Delete
    3. ඔය ඉවාන් මේක ඉවරවෙනකන් ඉන්නෙ 'ඇඳට නැග්ගාට පසු' කියල කොටස් දෙකක් එයා ලියන්න බලාගෙන ඉන්නවා. ඒකයි.

      Delete
  4. සතිපතා මංම පෙඩිකියු කරනවා කියල තමා හැමදාම හිතන්නෙ.ඒත් මගේ උපන්ගෙයි කම්මැලිකම ඒකට හරස් වෙනවා.ඒ නිසා වෙන කාට හරි කියලා පෙඩිකියු කරන් තමා හැමදාම නවතින්නෙ.මොකද එතකොට ඒ වෙලාවෙ මට සැපට පොතක් කියවගන්න පුළුවන් නොවැ.පළවෙනි වතාවට ට්වයිලයිට් කියවන්න පටන් ගත්තෙත් පෙඩිකියු එකක් වෙලාවක තමා..

    ඉටිපහන් පාවිච්චිය නම් අනේ මන්දා.. දවසක් යාලුවෙක්ගෙන් ඔය ජාතියෙ ඉටිපහන් කැට ටිකක් තෑගි ලැබුණා.සමහර එව්වායෙ සුවඳට හුස්ම හිරවෙනවා.

    හැබැයි ඉතින් මටත් ඔච්චර කැටයම් දාන්න දෙයක් නෑ.ඉස්සර නම් යසට නින්ද යනවා.හැබැයි ඒ ලෙවල්වලට පාඩම් කරලා ඇහැරිලා ඉන්න පුරුදු වෙලා දැන් දැන් රෑට නින්ද යන්නෙ නෑ.ඇහැරිලා ඉන්න එක කොයි තරම් නරක වුණත් ඉතින් කරන්න දෙයක් නැති කමට රෑ වෙනකම් පොත් කියවනවා.

    ReplyDelete
    Replies
    1. රෑට නින්ද යන්නෙත් නැතිවෙලා, උදේට වේලාසන ඇහැරෙන්න උනාම තමා ඒකෙ ආතල් එක තේරෙන්නෙ නංගෝ.

      සමහර සුවඳ ඉටිපන්දම් නම් නිකම් මලගෙවල්වල ගහන සැන්ට් එකක් වගේ. ඒත් හොඳ ප්‍රඩක්ට්ස් තියෙනවා ඒ අතරෙ.

      Delete
  5. ඔච්චර දේවල්නං නෑ...දත් බුරුසුව අරන් හතර පැත්තට දෙපාරක් තුන්පාරක් කරනවා එච්චරයි

    ReplyDelete
  6. මට නිදිමත එනකොට රෑ 1:00 වත් වෙනවා. එතකම් මොනව කරලවත් නිදාගන්න බෑ, හැබැයි දවාලට බස් එකේදිනම් ඕනෙ තැනක නින්ද යනවා.

    ReplyDelete
    Replies
    1. මටත් නිදිමත හැදෙන්නෙම අවුවට නෙ. මාර අස්පට් එක.

      Delete
  7. දැන් අැහැරෙන හැටි ඉගෙන නොගෙන නිදා ගන්න බයේ ඉන්නවා. උදේ අැහැරෙන්නේ කෝම ද කියලාත් පෝස්ට් එකක් ඉක්මනට දාන්න.

    ReplyDelete
    Replies
    1. නොදන්නා සබ්ජෙක්ට්වලට අපි අතගහන්නෙ නෑනෙ ලොකූ.
      බස්සා කකුල් දෙකෙන් ඇදලා ඇඳෙන් බිමට දාන්න හදනකොට යාන්තම් ඇහැරෙනව.

      Delete
  8. අනේ මංදා... රෑට නින්ද වලක්වන්න සමහරු දාගන්න ඩීජේ මියුසික් අස්සෙ ගස්ලබ්බට සනීපෙට නිදාගන්න ඇහැකි.හැබැයි රසබර මියුසික් එකක් ඇහුනොත් නින්ද දමල ගහල ඒක අහගෙන ඉන්නවා.. හෙහ් හ්හ්
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. සමහරුන්ගේ කතා ඇසීම හොඳ ක්‍රමයක්

      Delete
    2. මියුසිකල් ෂෝ එකක් තියෙන දාට නිදියලා හමාරයි මටනම්.

      Delete
    3. ප්‍රාජේ චෙෆාකිට මඩ ගැසීම හෙලා දකිමි

      Delete
  9. හීනයක් වෙච්ච සුවදායක නින්දක් හොයන්න කොහෙද වෙලාවක්.. නින්ද යන්නැති එකෙත් ත්‍රිල් එකක් තියෙනවනේ......

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්, උදේ ඇහැරෙන්න ඕන නැත්නම් ඒක මාර ත්‍රිල්.

      Delete
  10. සුවද විලවුන්, ඉටි පන්දම්.. සංගීත සත්කාර.. ඔය ටික මට නම් තියෙන නිදිමත අමතක වෙනවා බන්.. :D


    මට නම් එතකොට නැගිටලා ලැප් එකත් දිග අරන් ලියන්නමයි හිතෙන්නේ..

    ReplyDelete
    Replies
    1. එහෙනං ලියපියකෝ ඉටිපන්දමක් පත්තු කරං. ඔන්න මම ලිවීමේ රහස් කියලා මේකෙ නම වෙනස් කරනව හරිද? :P

      Delete
  11. බස්සි ලියලා තියන "පාද සත්කාර" ගැන හොඳම අත්දැකීම බැංකොක් වලදි ලැබුනා.. ඒ ෆූට් මසාජ් එක කලාට පස්සේ අලුත් කකුල් දෙකක් ලැබුනා වගේ මාරම සනීපයි.. ඒකට හුරු උනාට පස්සේ ඊලඟ අවුරුද්දම මම දිගටම ගියා.. කරන්කන් සැපට නිදාගන්න පුලුවන්.. ඊට පස්සේ ඒ උපකරණ අරගෙන මම පුරුදු උනා ගෙදර කරන්න.. එහෙම ගෙදර අනිත් අයගෙත් කරන්න.. ඇත්තටම නිදා ගන්න කලින් ඒ ෆුට් මසාජ් එකයි එයාලා කරන බැක් මසාජ් එකයි කලාම ආයේ අමුතුවෙන් නිදා ගන්න ලැස්ති වෙන්න ඕන නැ.. :)

    ReplyDelete
    Replies
    1. අන්න! ස්ටෙප් බයි ස්ටෙප් ලියන්නකෝ ඒ ගැන. මම හිතන්නෙ මට වඩා ලස්සනට ඔයාට ඒක විස්තර කරලා ලියන්න පුලුවන් වේවි.

      Delete
    2. ලියන්නම් බස්සි ලියන්නම් වෙලාවක.. වැඩිහිටියන්ට පමණයි ලේබල් දාලම..ඒත් ඉතින් මෙතන ඉන්නේ වැඩිහිටියන්ට වඩා පොඩිහිටියොනේ.. එයාලට ගැලපෙන්න ලියන්නම් වෙලාවක බැංකොක් මසාජ්

      Delete