Thursday, September 1, 2016

කටු පොකුරු සිප ගනිමි හෙට මලක් වනු පිණිස




ඇයි දැන් ලියන්නේ නැත්තේ? පහුගිය කලෙ හැමෝම අහපු ප්‍රශ්ණයක් ඒක. දෙදාස් දාසය අවුරුද්ද පටන් ගන්නකොටම ජොබ් එකේ ස්වභාවය වෙනස් වීමත් එක්ක (ඔව් ඔව් බොලව් මම බ්ලොග් ලිවිල්ලටයි කවි ලිවිල්ලටයි අමතරව තවත් රස්සාවක් කරනවා) ලියන්න වගේම කියවන්නත් තිබුන කාලය බොහෝම සීමාසහිත වුනා.


Ice breakers මුණගැහුනේ නැතුවා නෙමෙයි. කාලයක් ලියන්නේ නැතුව ඉන්නකොට ලිවීමේ හැකියාව ගල් ගැහෙනවා. ඉයන්ගේ සිංදු දාසයේ අභියෝගේ බ්ලොග් අවකාශයේ සුනාමියක් වගේ, ලැව් ගින්නක් වගේ පැතිරිලා යනකොට මමත් සෑහෙන්න ට්‍රයි කලා පෝස්කට්ටක් තලාගන්න. අන්න ඒ නිසයි මම කියන්නේ සහෝදරවරුනි!, තමන් කැමති සිංදු දාසයක් ගැන විස්තර හොයලා, ඒවා ලස්සනට පෙලගස්වලා, කනට අමාරුවක් නැතුව අහන්න පුලුවන් විදියේ කොලිටි වීඩියෝ හොයාගෙන, ඒවා පෝස්කට්ටට අමුණලා, ඒ රැල්ලට සහභාගි වෙච්චි බ්ලොග් ලියන්නෝ, ලියන්නියෝ කලේ ලේසි පාසු වැඩක් නෙමෙයි. උන්ට මීට වඩා ගරු කරපල්ලා.


එහෙමයි කියලා, සති මස ගෙවිලා ගෙවිලා, සාහිත්‍ය මාසෙත් ආවට පස්සේ මට තවත් ඇස් කන් පියාගෙන ඉන්න බැහැ නෙව. පහුගිය දවස්වල බ්ලොගේ දාපු කෙටිකතා කීපයත් කාංචනා අක්කගේ පත්තර පිටුවලට ලිව්ව ඒවා. ඉතින් අන්තිමේදි ඔන්න මම බ්ලොග් එක වෙනුවෙන්ම ලියන්න වේදිකාගත වුනා, ආයෙමත්.


සාහිත්‍ය මාසෙ වෙනුවෙන් ලංකාවේ කෙරෙන ලොකුම වැඩේ මැගී විකුණන පොත් සල්පිලක් වුන එකේ, අපිවත් අපිට පුළු පුළුවන් තරමින්, මොන මොනවාහරි ලියමු, කියමු, කියවාදෙමු. ඇන්න එතකොට මට මතක් වෙන්නේ රත්න ශ්‍රීගේ ‘වස්සානය’ කවි පන්තියේ කවි දෙපදයක්.


“දුෂ්කරයි කියා හැර යා යුතුද ජීවිතය
කටු පොකුරු සිප ගනිමි හෙට මලක් වනු පිණිස”


සාහිත්‍ය මාසෙට නිකම් යන්න දෙන්නේ නෑ සහෝදර සහෝදරියනි, අපි ලියනවා. 
අනිවා ඩෙෆා ලියනවා!





25 comments:

  1. එහෙමයි ටීචර්.. “අයිස් කඩන හැටි“ පාඩම මීට වඩා ගැඹූරු උනා නං මටත් පරපයෝජන විදියට ගන්න තිබුනා.. හැක්..

    වෙල්කම්ටුද සාහිතත මාසේ..

    ReplyDelete
    Replies
    1. අයිස් කඩන හැටි ගැන ඩීටේල්ට් ලෙසන් එකක් මෙතන තියනවා දේශෝ.

      "වීරයා මැරුනේ පෑන හිරවීමෙන්ද?"

      Delete
  2. ලැබූ උසස් වීමට සුභ පැතුම්. සාහිත්‍ය මාසයේ පෝස්ට් ඉක්මනට සහ වැඩි වැඩියෙන් ලියවේවා.

    ReplyDelete
    Replies
    1. උස ගියේ නෑ මෙයා. :P
      පැතූ විලසින්ම ලියවුනොත් ගොඩ!

      Delete
    2. තව කොහෙ උස යන්නද, දැනටත් අඟල් 18 හීල්ස් දාන්නෙ.
      Welcome back.

      Delete
  3. සාහිත්‍ය මාසෙ හරි මොකක් හරි වෙනුවෙන් කමක් නැහැ බ්ලොග් එක ලියනව නම්

    ReplyDelete
  4. පැතූ විලසින්ම ලියවේවා බස්සී.. :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ස්තූතියි! අනිවාර්යයෙන්ම ලියනවා.

      Delete
  5. අනේ පල ඩෝ යන්න බිසී බිසී කියල බොරු නොකිය.. කම්මැලිකම මහමුදලිකමටත් වැඩිය ලොකුයිලු.. (අත්දැකීමෙන් කියන්නේ.. හැක්.)

    ReplyDelete
    Replies
    1. ඔබේ අනුමානයන් හැමවිටම නිවැරදි නොවේ. අත්දැකීම් යුනිවර්සල් ඒවාද නොවේ.

      Delete
  6. //තමන් කැමති සිංදු දාසයක් ගැන විස්තර හොයලා, ඒවා ලස්සනට පෙලගස්වලා, කනට අමාරුවක් නැතුව අහන්න පුලුවන් විදියේ කොලිටි වීඩියෝ හොයාගෙන, ඒවා පෝස්කට්ටට අමුණලා, ඒ රැල්ලට සහභාගි වෙච්චි බ්ලොග් ලියන්නෝ, ලියන්නියෝ කලේ ලේසි පාසු වැඩක් නෙමෙයි. උන්ට මීට වඩා ගරු කරපල්ලා.//

    තැන්කූ සුදූ.. අපට ගරු කරන්න මහජනතාව පොළඹවනවට.. සින්දු ලක්ෂ ගාණක් අතරින් 16ක් තෝරපු එක එසේ මෙසේ රාජකාරියක් නෙමේනේ..))

    අනික ඉතින් ඔයා පාඨක ජනයාව ඇවිස්සුවා නම් ලියන එකයි.. හරිය.. අපි බලන් ඉන්නවා.. ආයෙ අර ඇන්ඩි වර්ගයෙ කතාවක් ලියනව නම් තමා වැඩිය හොඳ..))

    ReplyDelete
    Replies
    1. ඔන්න චිත්තරපට විචාරෙකින් පටන් ගත්තා.
      වෙලාව තියෙන හැටියට ඇන්ඩි කතාවකුත් ලියන්නම්කො නංගෝ!

      Delete
  7. බොහොම හොඳයි.... ඉන්නම ඕන අය නොලියන කොට ඒ බව දැනෙනවා වැඩියි...

    ReplyDelete
    Replies
    1. බොහොම ඉස්කෝතුයි මාතේ!!

      Delete
  8. කාලෙකින් ලිව්වේ නැහැ මොකුත්.ඔන්න ඔහේ මොනවා හරි ලියන්න ඕන මමත්.

    ReplyDelete
    Replies
    1. මොන මොනවාහරි ලියමු මචන්

      Delete
  9. ගේ හදන්ට ගොස් මාසයක් පාසා බුක්ෆෙයාර් බැංකු පොතට දාන සුපියල් 1000ට කෙලවිය.මේ පාර නූල්ඩ්ස් ්‍ප්ද‍රර්ශනෙට එන්ට බැරිවෙන හැඩය...කොහොම උනත් ලියන ඒවා කියවන්ට මං ආසාවෙන් බලා ඉන්නවාය

    ReplyDelete