Wednesday, May 27, 2015

ඉරිදා පොහොට්ටු - 2






"මට ඉරිදා මලක් ඕනේ......!!"

එයා අත් දෙක මිටි කරගෙන බෑඟිරි තියනවා. ඒ සද්දෙට මුලු ගේම හෙල්ලෙන්ඩ ගත්තා. ලිප්බොක්කෙ නිදාගෙන උන්නු බල්ලා හිටන් බයේ නකුටෙන් කන්දෙක වහගත්තා.

"පොඩ්ඩක් ඉවසලා ඉන්නකො."

මං පරණ මුරුච්චි දෙකක් කන් දෙකේ ඔබා ගන්න ගමන් කිවුව. කොහොමත් එයාගෙ සද්දෙට කර්ණ පටහ පටලය තුවාල නොවී බේරගන්න නම් එක්කො මුරුච්චියක් ගහගන්න ඕන, නැත්තම් බොලොක්කයක් දෙකට කඩල කෑලි දෙක කන්දෙකේ ඔබා ගන්න ඕන.

ඉරිදා ඇට ටික මං තවාන් දාල තිබ්බෙ ලිප්බොක්ක පිටිපස්සෙ කට කැඩුන තාච්චියක. අළු දුඹුලු නොවැටෙන්න ඒක හොඳට මා දැලකින් එතුවෙ වැඩි පරෙස්සමට.

එයා බෑඟිරිය නවත්තන පාටක් පේන්න තිබුනෙ නෑ. කෝකටත් කියලා මං එයාව උස්සගෙන ඇවිත් බැල්කනිය කෙලවරේ ලොකු නිල්පාට බිම්මල උඩින් වාඩි කෙරෙව්වා. බිම් මලට පුලුවන් ශබ්ද තරංග වලින් හරියටම අටෙන් හතක් අවශෝසනය කරගන්න. රෑ වෙනකොට ඒ ශබ්ද තරංග වලින් බිම්මල ආලෝක තරංග නිපදවනවා. අද රෑ එලිවෙනකම් මට ලයිට් දාන්න ඕනෙ නැතිවෙයි. හවස හය වෙද්දි බිම්මල ගේ ඇතුලට ගෙනාවම හරි.

දැන් තියෙන්නෙ ඉරිදා මලක් හදාගන්න.

බල්ලා තාමත් නකුට කන්දෙකේ ඔබාගෙන. මං ඌව කෙලින් කරලා නැට්ටෙන් පරණ ඇතිලියක හරි මැද ලක්ෂයේ හිටෙව්වා. ඌ තරහෙන් නහය අකුලලා 'පුරුපුරු' කිවුවා.

ඊටපස්සෙ මං ඉරිදා ඇට ටික පරෙස්සමට ගලවලා අරගෙන එක මිටකට ගුලි කලා. වතුර බිංදු දාහතරක් දාලා පරෙස්සමට ඒක රවුමට හැඩ කර ගත්තා.

කැටපෝලෙ අරන් මං ඒ ඉරිදා ඇට පොදිය හරි ඉලක්කෙට බල්ලගෙ නාහෙ ඇතුලටම විද්දා.

ඊට හරියටම තත්පර තුන්කාලකට පස්සෙ බල්ලගෙ කන්දෙකෙන් හීන් ඉරිදා රිකිලි වැඩෙන්න පටන් ගත්තා. තප්පර තුනක් යද්දි ඒ හැම රිකිල්ලකම අගිස්සෙ කහපාට ඉරිදා පොහොට්ටු පිපෙන්න ගත්තා.

මං ඉක්මනටම ඒ ඉරිදා පොහොට්ටු ටික කඩලා තාච්චියක් උඩ සීරුවට අඩුක් කරගෙන එයාට ගිහින් දුන්නා.

අන්න ඊට පස්සෙ යාන්තම් එයාගෙ බෑඟිරිය නතර උනා. මං හෙමීට කන්දෙකේ ගහගත්තු මුරුච්චි දෙක ගැලෙවුවා.

අද නම් බිම්මලේ එලියෙන් රෑ කෑම කෑවැකි. මේ කරදරේ නිසා මට වෙච්චි එකම හොඳේ ලයිට් බිල අඩු උන එකයි.


~ මොළේ cRaCk උන පිස්සු බස්සි ~





19 comments:

  1. උඹට පිස්සු මදිවට අපේ පිස්සු තව වැඩි කරනවද?

    ReplyDelete
    Replies
    1. හහ්! සයිකො ඩ්‍රීම්ස් ලියන්න හොඳ උඹට විතරද? :P

      Delete
  2. මොළේ cRaCk උන පිස්සු බස්සි නිසා මොළේ cRaCk උන පිස්සු එල ද බ්‍රා මෙන්ඩා

    ReplyDelete
    Replies
    1. එන්ට අපේ වාට්ටුවට මෙන්ඩෝ!!

      Delete
  3. පිස්සු නැත්නම් චෝක් අනේ ඔයා.. බල්ලෝ බළල්ලු මාර දුකක් විඳිනවා ඇත්තේ

    ReplyDelete
    Replies
    1. කිසි පැමිණිල්ලක් නැතුව ඉන්නව අනේ උන්. බොරුනම් අපේ බොරලුගොඩගෙන් (බල්ලා) හරි විමලගෙන් (පූසා) හරි අහල බලන්නකො.

      Delete
  4. මාත් පැළයක් ඉල්ලුවා.. කෝ දුන්නේ නෑනේ.. දැන් බෑඟිරි ගාන්නම ඕනි මල් පිපෙන්න නේද?

    ReplyDelete
    Replies
    1. සද්දෙ දාන්නෙ නැතුව ඉල්ලීම් දිනාගන්න බෑනෙ මල්ලී.

      Delete
  5. බස්සිගෙ නවාතැනට ආවත් මතකයි, කතන් දරේ කියෙව්වත් මතකයි. ඊට පස්සෙ වෙච්චි මොකුත්ම මතක නැහැනෙ. මම මේ කොහෙද ඉන්නෙ???

    ReplyDelete
    Replies
    1. එංගලන්තෙ, එංගලන්තෙ,
      එංගලන්තෙ මෙහෙම වුනත් ලංකාවේ මෙහෙම වෙන්නෙ නෑ!

      Delete
  6. මගේ පරිවර්තනය. බස්සිගේ මහත්තයා කිව්වලු අපිට දැන් දරුවෙක් හදන්න කාලේ හොඳයි කියලා. ඒකට කම්මැලි නිසා බස්සි බලු පැටියෙක් හදා ගන්න එකඟ උනාලු. --- තේරිච්ච දේ කිව්වෙ බෑන් කරන්න නම් එපා!!

    ReplyDelete
    Replies
    1. ඔයිට හපන් මඥ්ඥං දෙබසක් ගියා දවසක්. වෙලාවක ලියන්නංකෝ.

      Delete
  7. ෆීලින් කොයිල් (තවමත් කොයිල් වෙමින් )

    ReplyDelete
  8. උබ ඉන්න වාට්ටුව මොකද්ද බන්. මටත් ඇවිල්ල admit වෙන්න. මට හිතෙන්නේ මගේ මොලේ blast උනාද කොහෙද මේක කියවද්දී.

    ReplyDelete
    Replies
    1. අන්න මරු! හැබැයි මගෙන් වාට්ටුවට පාර අහගත්තොත් අනාත මාරුතේ තමයි. දන්නෝ දනිති එව්වයෙ රඟ.

      Delete
  9. කැරකෙනවා බොල

    ReplyDelete
    Replies
    1. ඕකනෙ කියන්නෙ උදේ පාන්දර බොන්න එපා කියලා ඔය හැටි!

      Delete
  10. මේ පොහොට්ටු ටික ඉස්සරහ ගෙදර කරදරකාර ඉස්කුරුප්පුවගෙන් බේරගන්න හැටිත් කියාදිපන් බස්සි. කොයි වෙලෙත් බැල්කනියට වෙලා තමන්ගේ පාට පාට දිලිසෙන තටු වල තියෙන පිටි ගතිය ඔපමට්ටම් කරන , මින්ට් රස ඇස්දෙකක් තියෙන ආඩම්බරකාර 'සිලිවියා' කෙල්ල ගැනයි මම කිව්වේ. ඒකී හිතන් ඉන්නේ ඒ වගේ සමනල්ලුට දෙන්න තමයි අපේ ගෙදර ඉරිදා පොහොට්ටු හදන්නේ කියල.. හුහ්...

    ReplyDelete