Wednesday, June 24, 2015

බස්සි නැවතත් කරළියේ!






හරියටම මීට අවුරුදු හතර හමාරකට කලියෙන් බස්සි කැළණිය විශ්වවිද්‍යාලයේ ෆ්‍රෙශියෙක්. ඔය කාලේ සෑන්ස් එවුන්ගෙත් ආර්ට් සර්කල් එකක් තියෙනබව දැනගැනීමෙන් උද්දාමයට පත්වෙන බස්සි කලා කවයට හොට දාන්න යාමේ ප්‍රතිඵලයක් විදියට සෙකන්ඩ් ඉයර් අයියලාගේ ෂෝර්ට් ෆිල්ම් එකක නිළියක් වීමේ මරාලයක් හිස මතට කඩාපාත් කරගන්නවා.


ඔය කැම්පස් එකේම දෙක වසරේ අයියෙක් ඉන්නවා නිතරම කොම්පීටරේ ඇතුලෙ හැංගිලා ඉන්න, පොඩි පොඩි රොබෝ කෑලි ඇටවීමේ උණෙන් පෙලුන, ඉඳහිට කැමරාවක් පිටිපස්සේ හැංගිලා ෆ්‍රෙශර්ස් ඩේ එක වෙනුවෙන් අසරණ ෆස්ට් ඉයර්ස්ලාගේ හැසිරීම් වීඩියෝ කර මඩ වීඩියෝ හදන සහ දවසේ ඉතිරි කාලය ඉලෙක්ට්‍රොනික් ලැබ් එක ඇතුලේ ගැජමැටික්ස් අමුණමින් ගත කරන. එයා කැම්පුස් එකේ ටෙකිටෙකි වැඩ වලට මූලික වුන 'විෂන් ක්ලබ්' එකේ පොරක්.

.
අහම්බෙන්, ඉතාම අහම්බෙන්, ෂෝර්ට් ෆිල්ම් එක කරපු අයියලාට හිතෙනවා ෆිලුම වීඩියෝ කරන්න විශන් ක්ලබ් එකේ සහය ගන්න. අනේ අර අසරණ කැමරා කොලුවා එතෙක් ගතකරපු සුන්දර තනිකඩ ජීවිතය එතෙකින් නිමා වෙනවා.


ඒ ටෙකි පිස්සට පුලුවනි ඉහලම වර්ගයේ සෝෆාවක ඉඳගෙන ඉන්න තරම්ම පහසුවෙන් පාරේ බෝක්කු ගැට්ටක ඉඳගෙන,. තමන්ගෙ කෙල්ලවත් ළඟින් වාඩි කරගෙන, කරට අතකුත් දාගෙන, ආගිය කතා වට්ටෝරුවක්ම කියවන්න.


ඕනෑම මනුස්සයෙක්ගේ හිත සසල කරවන්න පුලුවන් තරමට පැල්ලම් ගැහුන අන්නසි අච්චාරු බේසමකින් ගත්තු අච්චාරු මුලක් ගෝල්ෆේස් එකේ පඩියක් උඩ වාඩිවෙලා කන්න, අන්තිම කෑල්ලට රණ්ඩු කරන්න.


මම ලයිබ්‍රරි යනකොට තනියට එන්න. ඇවිත් ලොකු ප්‍රෝග්‍රැමින් පොතකට ඔලුව තියන් නිදාගන්න. පැයකට සැරයක්වත් මාවත් ඇදගෙන කැන්ටිමට දුවන්න.


අසනීප උන දාට කෑම කවන්න, බොරු නෝක්කඩු කිය කිය ඔරේන්ජ් බාර්ලි හරි චොකලට් හරි එක්ක අමාරුවෙන් බෙහෙත් පොවන්න. බෙහෙත් සේරම බිව්වොත් ඔලුව අතගාන්න.


අමුම අමු විකාරයක් විදියට පේන කෙල්ලෙක්ගේ මෙන්න මේ වගේ ඉල්ලීම් දරාගෙන ඉන්න.

“මට ඕනෙ බර්ත්ඩේ ප්‍රසන්ට් එක පේස්ට්‍රියකුයි, චොක්ලට් මෆින් එකකුයි.”

“වැකේෂන් ඉවරවෙලා එද්දි ඉරි වැටුන දිග සීනිබෝල අරන් එන්න හොඳේ. අර අපි චූටි කාලෙ තිබුනෙ. පාට පාට”

“මට කා එකේ මුලින්ම යන්න ඕනෙ පරණ කොට්ටාව පාරෙ අර එල්.ඊ.ඩී. ඩිස්ප්ලේ එක බලන්න. ඒක ප්ලේ වෙලා ඉවරවෙනකම් කවදාවත් බස් එක නවත්තන් ඉඳලා නෑ.”


කම්මැලි ටෙකි ටෙකි දේශණයක් අතරෙදි මම නිදා වැටෙන විදියටම, කවි ගැන, සාහිත්‍ය ගැන කරන දේශණේකදි එයත් නිදා වැටෙනව. ඒත්, කාලයත් එක්කම ආස්‍රැතියෙන් උරාගෙන වගේ හිටපු ගමන් මම අලුත් ඇන්ඩ්‍රොයිඩ් ඔපරේටින් සිස්ටම් එකක් ගැන පණ්ඩිත අදහසක් කියනවා, එයා රුසියන් කතාවක උපුටනයක් ගැන විස්තර කරනවා. 


කොහොමින් කොහොම හරි බස්සි පහුගිය සති දෙකේ අතුරුදහන් වෙන්න හේතු උනේ ඔන්න ඔය බසු පිස්සා එක්ක බසු මගුලක් ගත්තු නිසයි.


දැන් තියෙන්නේ පහුගිය දවස්වල බස්සි බිසී වීමට අදාල නිදහසට කාරණා දැක්වීම. බසුමගුලට අදාල කේක් පෙට්ටි නිර්මාණය, මංගල ආරාධනා පත්‍ර නිර්මාණය, පුංචි පුංචි සැරසිලි කටයුතු වගේම හෝම් කමින් සාරිය වර්ක් කලෙත් මම තුමිය තමයි. අන්න ඒ නිසයි පහුගිය කාලෙ කමෙන්ට් වලට රිප්ලයි වැටෙන්න පමා වීම් වගේ අතපසුවීම් සිදු වුනේ.


හෝම් මේඩ් කේක් සහ ඇසුරුම්

වර්ක් ඉන් ප්‍රෝග්‍රෙස්

ඉන්විටේශම සහ කේක් ඇසුරුම - day 01

මේ කෙහෙම්මල් සාරිය වර්ක් කරලා ඉවරවෙලා ගත්තු පොටෝව 
නෑ නෙව. හොයාගෙන දාන්නං හොඳේ?


ඉතින් ඒ අතපසුවීම් ඉවසා වදාරගෙන බස්සි එක්ක මේ තරම් දුර ආපු ඔයාල හැමෝටම ගොඩක් ස්තූතියි.





ප. ලි.

හෝම්කමින් කාර්ඩ්, කේක් ඇසුරුම් සහ සාරියේ වර්ක් එක නිර්මාණය කරන අතරතුරේ ෆොටෝ ඇල්ලුවත් ඒවා මේ මොහොතේ අස්ථාන ගතවී ඇති බැවින් අද සෑට ගෙදර ගිහින් ඒ පොටෝ ටිකත් අප්ලෝඩ් කරන්නම් ය.








114 comments:

  1. බෝට්ටුවට පිලිගන්නව! සුභපැතුම් දෙන්නටම!

    ReplyDelete
  2. එලම කිරිය....

    කියාගෙන ආපු නිදහසට කාරනාව නිසා සමාව දෙනවා... නැත්තම් හම්ප්!

    ReplyDelete
    Replies
    1. සුබ පැතුම් ඈ !! ඒකත් මතක බැරි උනා...

      ලස්සන මනාලියක්...

      ( අඩේ අර අන්තිම පොටෝවේ බස්සා නිකන් අසරණ මුණක් දාගෙන ඉන්නවා වගේ පේන්නේ ඇයිද මන්ද.. මගේ ඇස්වල දෝසයක්ද මන්ද)

      Delete
    2. බස්සා පවු තමා...

      Delete
    3. බස්සා අසරණව කේක් එක දිහා බලන් ඉන්න ෆොටෝවක් සහ ඒක දාපු ගමන් අපේ බ්ලොගරයෙක් හදාපු මඩ එඩිට් කිරීමක් තිබුනා ෆේස්බුකේ. හෙහේ...

      Delete
    4. තැන්කිව් උපයෝ....

      ඩ්‍රැකියා : Grrrr!

      Delete
    5. සුබපතනවා නැගණියේ ! දෙදෙනාටම ! ! එහෙම කියන්නේ මම විද්‍යාලංකාරයේ(අපේ කාලෙ නම) බොහොම පැරණි අයියෙක් හින්ද. ඇන් මන්ද උපේක්ෂා රැග් කරන එක තවම ඉවර කරල නෑ වගේ නේද

      Delete
    6. @ MPP Gunasinghe: ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි නේ

      Delete
    7. MPP : බොහොම ස්තූතියි අයියේ! ගොඩක් සතුටුයි දැන අඳුන ගන්න ලැබීම. :)

      උපයා රැග් කිරීම සහ රැග් වීම කියන දෙකම සත්තාභ්‍යාසයෙන් අමාරුවෙන් පුරුදුකර ගත්තු ඩෑල් එකක් නෙව.

      Delete
  3. හදපිරි සුබපැතුම්!!!! ෆොටෝ එකේ දෙන්නා ම හරිම ලස්සන ය.බස්සාගේ මූණු පොත stalk කොට සොයාගත් thank u cards 2 ද සුන්දර ය.අද කාලේ හැමෝම අනවශ්‍ය වියදමක් දරා මිලට ගන්න්වා යැයි මට හැඟෙන cake boxes ආදිය ඔබතුමී ම නිර්මාණය කිරීම ගෞරවයෙන් යුතුව පසසමි! (Y)

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා අනේමන්දා.

      ඊ බේ එකෙන් අදාල කරදාසි සහ අනෙකුත් අමුද්‍රව්‍ය මිලට ගැනීමෙන්, කාලයත්, මුදලුත් ඉතිරිවෙන බවත්, කොලිටිය සුරැකෙන බවත් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිමි.

      Delete
  4. තුන් හතර පොලක කීප වතාවක්ම කියපු නිසා ආයි ඉතින් ඔන්න සුභ පතන්න යන්නේ නෑ. මෙහෙම නෙවෙයි ගින්දර වගේ පෝස්ට් එහෙකින් හෙල්ලිලා යන්න සළකුණු කරන්නෝනෙ නැවත් පැමිණීම. නැත්තං කිසි ගතියක් නෑ.. හැක්.
    නෙළුම්යායේ මෙන්න මෙහෙම පළවෙලා කියුවට කෝ ලින්ක් එකක් දාල නෑනේ..

    ReplyDelete
    Replies
    1. සුබපැතුම්!!!!

      //මෙහෙම නෙවෙයි ගින්දර වගේ පෝස්ට් එහෙකින් හෙල්ලිලා යන්න සළකුණු කරන්නෝනෙ නැවත් පැමිණීම//

      බස්සට ( සහ මනුෂ්‍ය වර්ගයාගෙන් සීයට 90කට ) නොතේරෙන නිසා වෙන්න ඇති බස්සි බ්‍රෑන්ඩ් එකේ කාව්‍යමය එකක් නොදැම්මෙ

      නැවතත් .. සුබපැතුම් !!!!!!!!!!!!

      Delete
    2. එච්චරම නැති උනාට කවියක් නම් දැම්මා මුලින්ම ලොසින්ජර් එකේ.. මටනම් මේ ලාමක එව්වයේ කිසි ගතියක් නෑ මෙයා.. හොම්මන්ද පොල්කොල වෙන්න 'බස්සි බ්‍රෑන්ඩ්' මඤ්ඤං කතාවක් දැම්මනම් කස්ටියගේ කොමෙන්ට් ටික කියවලා මාර ෆන් එකක් ගතහැකි..

      Delete
    3. අනේ කලා ඔයා හරි අජිත් අයියා හරි මගෙ ෆේස්බුකි වෝලේ ඒක අලවලා තිබ්බ නේ? මට දැන් ඒ ලින්ක් එක හොයාගන්න බෑ නෙව. :/

      Delete
    4. ප්‍රා :

      හික්ස්! ගෙදර ගිහින් වරුවක් තිස්සේ පෝස්ටුවක් අර්ථකතනය කරන්න වුනොත් කියල තමයි අමුතු එව්වා නැතුව ඇල්වතුර වගේ, "බස්සිගේ ආදර අන්දරය" ඉට්ටැයිල් එකේ පෝස්ට් එකක් දැම්මෙ.

      Delete
    5. කලා :

      උඹ නම් කියයි. ඔපිත් එකේ වැඩ ගොඩගැහිලා ඉන්න අස්සෙ කමෙන්ටුවක් කමෙන්ටුවක් ගානෙ පෝස්ට් තේරුම් කරන්න උනොත් කොහොමද දැනෙන සන්තෝසෙ කියල හිතාන්කෝ

      Delete
  5. බසු යුවළට හදපිරි සුභපැතුම්
    ජයෙන් ජයවේවා!

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා වර්ණ මලයෝ....

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. අනේමන්ද මෙයැයිට පිස්සුද මන්ද හැමතැනම කොමෙන්ට් දදා මකන්න.. හැක්.

      Delete
    2. අනේමන්දා නෙමෙයි, එයාගෙ කමෙන්ට් 'ඕතර්' කියල එකෙක් මකල තියෙන්නෙ.

      :P

      Delete
  8. නව ජීවිතයට සුබ පැතුම්....!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කැමරා අයියා!

      Delete
  9. මේ ඉන්නේ ලස්සන මනමාලියෙක්... උණුසුම් සුබ පැතුම් බස්සීටයි බස්සටයි දෙන්නටම ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි තුශ්!! <3

      Delete
  10. ඔබ දෙපලට උණුසුම් සුබ පැතුම් ...............

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නාමල්!!

      Delete
  11. ශ්‍රී සුභ මංගල්ලයක් වේවා! බසු පැටව් වරුසාවක් ලැබේවා!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මදුවෝ!! මදුවා කලොත් ඔහොම විශ් එකක් තමා ඉතින්.

      Delete
  12. ♥ ♥ බස්සිගේ සහ බස්සාගේ අළුත් ජීවිතයට හෘදයාංගම සුභ පැතුම් ...!
    වාසනාවන්ත යුග දිවියක් ..! ♥ ♥

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සඳරූ!!

      Delete
  13. අලුත් බසු ජිවිතය සාර්ථක වේවා කියල ප්‍රර්ථනා කරනවා . . . :)

    ReplyDelete
  14. කොතරම් ගැලුවත් කිසිදා නොසිදෙන ගඟක් සේ සැමදාම සිනහවෙන් සතුටින් සහ සශ්‍රීකත්වයෙන් පිරි යුග දිවියකට සුභ පැතුම්.

    ReplyDelete
    Replies
    1. තැන්කිව් වේවා ඉයන්!!!

      Delete
  15. බසු කැදැල්ල සදාකාලික ප්‍රීතියෙන් සශ්‍රීක වේවා
    දෙන්නටම ජයෙන් ජයම වේවා...
    පෝටෝ ටික ලස්සනයි ඈ

    ReplyDelete
  16. බසු යුවළට උණුසුම් සුභපැතුම්...!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සුරේන්ද්‍ර!

      Delete
  17. උණුසුම් සුබ පැතුම් සමගින් වෙල් කම් ටු ද හර්ඩ්... !

    ReplyDelete
  18. ඔයාලා දෙන්නම හරිම ලයාන්විතයි. ලස්සන වාසනාවත්න අනාගතයකට සුභ පතනවා....!!!

    ReplyDelete
    Replies
    1. හී! තැන්කූ රන්දු මලයා!

      Delete
  19. සුභපැතුම් බස්සී.... වෙඩිම ඉවර වෙනකන් තමා රාවයත් බලං හිටියේ....

    ReplyDelete
    Replies
    1. වෙඩිම ඉවරවෙනකම් ඉවසීමෙන් බලා උන්නට ගොඩක් ස්තූතියි හොඳේ.... :)

      Delete
  20. අම්මේ බස්සි ගිය දුර ........ සුභ ගමන් මෙන......
    ආයෙත් එන්න හොදේ .....

    ReplyDelete
    Replies
    1. ආයෙත් ඇවිත් නේන්නම් මේ ඉන්නෙ?

      Delete
  21. බස්සා ගැන අනුකම්පාය...

    අර කියන පොටෝ නෙවි, හනිමූන් පොටෝ ටිකක් තියේ නං දාහං බස්සි... :-)

    වෙල්කම් ටුද ක්ලබ් ඈ... දිගගගගගග ගමනක් යන්න දෙන්නමත් එක්ක, සුභපතනවා...! දැන් තමයි අමාරුම හරිය. දවසකට පැය කීපයක් එක ළඟ හිටියට, දැන් ඉතින් ජීවිතේම එකටනෙ. ගැළපීම් ගොඩක් සහ කැපකිරීම් ගොඩක් තියේවි දෙන්නටම කරන්න එකිනෙකා වෙනුවෙන්...

    ReplyDelete
    Replies
    1. හැප් ඩ්‍රැල් වකියා!

      තැන්කිව් ඈ විශ් එකට. බලමු නේ... "මූණ බලාගෙන බනින්න බැරිවීම" වගේ සුවිශේෂතා හින්දා මෙහෙම ඉන්න එක කලින්ට වඩා ලේසියි කියලයි හිතෙන්නෙ.

      Delete
  22. මල කැතයි බං මුකලං බසිසියෙක් වගේ. සාදරයෙන් පිළිගනිමු...

    ReplyDelete
    Replies
    1. තැන්කිවු දේශෝ...!

      මූකලං බස්සෝ කියුට්නෙ බං.

      Delete
  23. ඔයා නැතිව පාලුවෙන් හිටියේ. නව දිවියට සුභ පැතුම්

    ReplyDelete
  24. වෙල් කම් බැක් කිව්වා... ලිවීම නම් නවත්තන්න එපා සම්මජ්ජාතියෙදි... ජාතික අපරාධයක්..

    ReplyDelete
    Replies
    1. තැන්කිව් මාතලන්!

      අපෝ නෑ. මේ පුංචි විරාමයක් විතරයි.

      Delete
  25. හිකිස් ට, හොරෙන්ම නොබැඳ අපිටත් කිව්වානම් එනවා නොවැ කේක් කිලෝ එකක් විතර කාලා යන්න. මෙන්න මගේ සුබ පැතුම් , උඹට හොඳ නෑ කියලා හිතෙන මට හොඳයි කියලා හිතෙන සිංදුවකින්

    ඉසුරු දෙවිඳු උමයංගන සේ පෑහෙන්නයි
    විෂ්ණු බ‍්‍රහ්ම මෙහෙසුරු දෙවි පිහිට ලබන්නයි
    පවිල් නදින් සවන් පිරෙන්නයි
    කොකු මඟරා නළල දිලෙන්නයි

    පකුල කතකගෙ සුරතුර බඳු සුරත ලබන්නයි
    තල් වැට බිඳ නිල් වන රොදකට යා ගන්ඩයි
    පතිනිය මිස පාක්කුඩම් කිසිත් නොගන්නයි
    පෝරුව තුළ හිඳුවා කර මාල බඳින්නයි

    කෝවිල කොත් කැරලි කැලුම් නෙත දැවටෙන්නයි
    දීප ධූපයෙන් දිවි මග සුවඳ කරන්නයි
    පිච්ච මලින් යහන සැදෙන්නයි
    රාධා ක්‍රිෂ්ණ පෙමින් වෙලෙන්නයි

    අතපැන් වත්කොට සුළැඟිලි එකට බඳින්නයි
    තැලි පිළි අන්දා පෙර කුල සිරිතරකින්නයි
    බුලත් හුරුළු දී නෑයන් අවසරගන්නයි
    සිලෝ හඬින් පාවඩ පිට කැන්දන් යන්නයි

    පද රචනය - තිලකරත්න කුරුවිට බණ්ඩාර
    සංගීතය – වික්ටර් රත්නායක
    ගායනය - අබේවර්ධන බාලසූරිය සමඟ නිරංජලා සරෝජිනි

    https://www.youtube.com/watch?v=cLMfBmqqzZQ

    ReplyDelete
    Replies
    1. හිහී.... හැපී අක්ක වෙඩිමෙදි ගත්තු ෆොටෝ ටික ඉල්ලගෙන උඹට බයිට් පෝස්ට් එකක් දාන්නද? හූ එදා උඹ මට වඩා කොටයි නේ!

      තැන්කිව් ඈ.... අඩේ සිරාවට මට ඔය සිංදුවට ආස හිතෙන්නෙ නෑ අෆ්ෆා.

      Delete
    2. බොරු කකුල් දාගෙන වෙඩිමක් ගන්නවා දැක්කමයි :P

      Delete
  26. එල ද බ්‍රා මචං..
    ඉක්මනට දෙන්නා තූන් දෙනා වෙයන්...
    අප්‍රමාන සතුටුයි..
    ගල් බෝතලයකුයි වෙඩිං කෙක් කෑල්ලකුයි දිපන්..
    දවසක් කියන්නම් එදාට දෙන්නම වරෙන් අපේ ගෙදර බත් කටක් කාලා යන්න.

    ReplyDelete
    Replies
    1. ගල්
      අවවාදයයි. වෙඩින් කේක් වල බ්‍රැන්ඩි අඩංගුය.

      Delete
    2. තැන්කිව් වේවා මෙන්ඩියෝ....

      වෙඩිං කේක් සියල්ල හෝම් මේඩ් නිසා මෙන්ඩියාට අවශ්‍යනම් ගල් යොදා වෙඩින් කේක් සකසා දීමට හැකිය.

      Delete
  27. බසු අක්කාට මුලින් ම බොහෝ. . . . . . . .ම සුබ පැතුම් වේවා ය. නිල නොලත් ආරංචි මාර්ගයකින් මගේ ඉන්බොක්සයට ම ඔබේ තැන්කියු කාඩ්ස් වල ස්ක්‍රීන් ෂොට්ස් වෙන වෙනම එවා තිබුණා ය. සාරි වර්ක් එක නම් ඉස්තරම් ය. බස්සා ගැන දුක ය.

    අනාගතයේ මටත් ඔය වැනි ම ප්‍රේම කතාවක් ලියන්නට හැකි වේවා යැයි දැන්මම ප්‍රාර්ථනා කරමි ය. අසා සිටි ඔබ සැමට ස්තූතියි ය. ය ය ය ය.

    ප.ලි. ලියන එක නම් නවත්තන්න හිතන්නටවත් එපා ය. ප්‍රතිඵල භයානක ය.

    ReplyDelete
    Replies
    1. සාකියාට බොහොම බොහොම බොහෝමත්ම තැන්කූ වේවාය. උම්මා ය.

      හප්පේ... තැන්කිව් කාඩ්වල ස්ක්‍රීන් ශොට් ගන්නට තරම් පැපරාසි අවධානයක් ලැබීම දැනගත්තු එක හොඳාය. මීට පසු ගොං පාට් පින්තූර බුකිගත කිරීමෙන් වැලකිය යුතුය.

      බස්සා ගැන මටත් දුකය. ඒත් ඉතින් කරුමයක් ඇත්නම් ගෙවන්ටම වෙනවා නෙව. සාකියාගේ ප්‍රාර්ථනාවට ඕල් ද බෙස්ට් වේවා ය!

      Delete
  28. අලුත් ජිවිතේට සුබ පැතුම් !

    ReplyDelete
  29. ඔන්න ඔහොමලු වුනේ නේ? අර ෆෝටෝ එකේ බසු කොලුවගෙ මූණෙ ඉරියව් දැක්කාම මට මතක් වුනා කරුණු දෙකක්.

    (1.) මම දැකපු පෝස්ට් එකක්. ඒකෙ අදහස මතුපිටි පේන්නේ එකක් නමුත් යථාර්ථය තව එකක් වගේ අදහසක්. ඒ කියන්නේ ඔය ෆෝටෝ එකම පිටිපස්සෙන් ගන්නකොට පේනවා කෙල්ල කොල්ලගෙ පිටට, ඇත්තෙන්ම කිඩ්නියට, උල් පිහියක් තියාගෙන තද කරගෙන ඉන්නවා.

    (2.) සිරාගෙයි මගෙයි සමූහ නිශ්පාදනයක් වන dudesira urine bag එකක තදබල අවශයතාවය. (http://siragekamare.blogspot.com/2012/11/18.html)

    (2.5) මේ වෙනකොට ඒ අවශ්‍යතාවයට ඒ නිශ්පාදනයෙන් ප්‍රයෝජනයක් නැති බව. ඒ කියන්නේ ප්‍රමාද වැඩි බව.

    ReplyDelete
    Replies
    1. කිලෝ පහලවක තඩි මල් බොකේ එකක් බැරි බැරිගාතේ උස්සගෙන ඉන්නව මදිවට තව කොහොම කිනිසි උස්සන් ඉන්නද ඩූඩ්. ඒ නිසා ඒ උපකල්පනය අතහැරියැකි. හැබැයි, සමහර විට අර ඇඳුමේ පපුවෙ එල්ලන් ඉන්න කිනිස්සයි අනිත් කූරක් වගේ ගැජට් එකයි බස්සගෙ බඩේවත් ඇනුනද මන්දා ෆොටෝව ගන්න වෙලාවේ.

      හයියෝ ඩූඩ්, ඔයාගේ නව නිර්මාණය දැනටත් ෆාමසිවල තියෙනවනෙ කියන නමින්. අපරාදෙ.

      Delete
    2. බස්සාට එදා තිබුන දැවෙන ප්‍රශ්ණ;

      1. කිනිස්ස බඩේ ඇනේවි යන භ්‍රාන්තිය

      2. ෆොටෝ ගන්නා අවස්තාවේ හැර අන් හැම මොහොතකම මගේ බොකේ එක ඔසවාගෙන යාමට සිදුවීම

      3. ඔලුවේ නමා ඇති පෙට්ටිය තරමක් හිර නිසා තද ඔලුවේ ඇම්මක් සෑදීම

      4. මැදැඟිල්ලේ පළඳා ඇති කරත්ත රෝදයක් වැනි මුදුවෙන් වරින් වර තමාගේ දකුනතෙහි විවිධ තැන් සීරීමට ලක් වීම.

      5. මගේ පෙන්ඩන්ට් ඉරේ රැස් වදින ගානේ බස්සාගේ අතේ සම සිදුරු වීම සහ එහිදී අනිවාර්යයෙන්ම රුධිර වහනයක් සිදුවීම.

      6. බඩට ඔතා ඇති රෙදි නිසා කෑමක් කටේ තියන්නට බැරිවීම.

      7. බඩට ඔතා ඇති රෙදි නිසා දීර්ඝ ආශ්වාසයන්ට ඉඩ නැත. කෙටි හුස්ම පහ හයකින් සැනසිය යුතුය.

      8. අභිශේක මණ්ඩපයෙන් පටවා එවූ කොලුවෙක් සෑම විනාඩි පහළොවකට වරක් පැමිණ ඇඳුමේ නැම්මක් රැල්ලක් ගානේ සැකසීම.

      9. ඇත්දල වැදීමෙන් මැණික්කටුව වටා ලා රෝස පැහැයක් ගැනීම.

      10. ඇවිදින විට උරහිස් තටු දෙකෙන් අමුත්තන්ගේ මුහුන හරහා ප්‍රහාර එල්ල වීමේ අවදානම.

      Delete
  30. 'බස්සෝ ඇදපන් - බස්සියේ දක්කපන්'

    මගේ දරුවන්ගේ වයසේ ඉන්න ඔබ දෙපළට සුබ අනාගතයක් වේවා!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි විචා මාමේ!

      Delete
  31. හොඳ කොල්ලෙක් අමාරුවේ වැටුනා! ලංකාවේ IT industry එක අස්පට් යන්නේ මේ වගේ සිද්ධි නිසා තමා. හොඳ හොඳ programmer ලා එක එක බස්සියෝ උස්සන් යනවනේ! :D
    ශ්‍රී සුබ මංගලම්!!

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් ප්‍රෝග්‍රැමර්ස්ලාව උස්සන් යන්න වෙන්නේ එක්කො බස්සියන්ට, නැත්තම් වවුලියන්ට තමයි. මොකද උන් විතරනෙ රෑට ඇහැරලා ඉන්නෙ.

      තැන්කිව් නාඩි මලයෝ!

      Delete
  32. සුබපැතුම් බස්සි අක්කා වගේම බසු අයියා, අපි නැති කාලේ ස්යිබරේ මගුල් සක්වලක් වෙලානේ, හ්ම්ම් එහෙනම් එකත් ජයසිරි මංගලම් කියලා ආ ඒවගේම අයි විශ් හැපි වෙඩඩ් බසු ලයිෆ් ටු බොත් ඔෆ් යූ කියාගෙනම යන්නම් හරිය. ජය වේවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සොමි මලයෝ!!

      Delete
  33. බස්සාගෙ සහ බස්සීගෙ අලුත් ජිවිතේට සුබ පැතුම් !!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ප්‍රසාද්!!

      Delete
  34. දිග ගමනක් යන්නට සුභ පැතුම්. අර අන්නාසි කතාව නම් මරු . හරිම තාත්විකයි. කොච්චර මොන ලැබ් ඇතුලේ හැංගිලා හිටියත් කොල්ලෝ අමාරුවේ වැටෙන එක වලක්වන්න බැහැ තමයි.

    ReplyDelete
    Replies
    1. හිහී! තැන්කිව් අජිත් අයියේ!!

      Delete
  35. සුභ පැතුම් බස්සි... මට හිතෙන්නේ බස්සි ඉස්සරහට සෑහෙන බිසී වෙයි කියලා :)

    ReplyDelete
    Replies
    1. දැනටත් පට්ට බිසී තමයි තිසර. තැන්කූ හොඳේ!!

      Delete
  36. බස්සාගෙ සහ බස්සීගෙ අලුත් ජිවිතේට සුබ පැතුම්

    ReplyDelete
  37. ජය මංගලම්
    සුබ මංගලම්
    යුග ජීවිතේ වාසනා..

    බස්සි නැවතත් කරලියේ ද නැත්තං බස්සගෙ කරේ ද. :D

    ReplyDelete
    Replies
    1. ඉස්සර ඉඳන්ම බසු කරේ ප්‍රසන්න අයියේ, දැන් බසු කර මතින් කරළියේ.

      Delete
  38. මුකබානී සහ මුකබානාට ජීවන ඔරුව පැදගෙන පැදගෙන පැදගෙන යනගමන් මාළු බාන්නත් වාසනාව දහිරිය සත්තිය උදාවේවා කියලා වම් කර්නිකාවෙන්ම සුභ පතනවා ඔන්න :)

    ReplyDelete
  39. කතාව කියවා හිත අතීතයට ගියා! Lovely!!

    බැන්දා නම් ඉතිං දක්කාගෙන යන එකයි ඇත්තේ.

    මං හිතන්නේ රුපියල් පන්දාහක් ද කොහෙද ලොකු ගාස්තඔවක් ගෙවල බැඳපු අන්තිම ලාස්ට් කපල් එක වෙන්න ඇති නේද?

    ReplyDelete
    Replies
    1. දැන් ගාස්තු අඩුයි රසික

      Delete
    2. තැන්කු වේවා රසිකලොජිස්ට්!

      ඔව් අෆ්ෆා බැඳලා (රෙජිස්ට්‍රේෂන් තිබිලා) සතියෙන්ද කොහෙද නෙ ගාස්තුව අඩු කලේ.

      Delete
    3. ගාස්තු ගෙවලා බැඳීම කලින්ම කරලනෙ තිබුනෙ රාජ්

      Delete
  40. සුබම සුබ පැතුම් බස්සි අක්කේ සුබ මංගලම් :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නංගියෝ!

      Delete
  41. බකුස්ලට අපි කලින්ම සුභ පතල තියෙන්නෙ. අනේ අර කොලුවගෙ තීරනාත්මක දිනේ මතක් වෙලා වෙන්ඩඇති කැමරාව දිහා දුකෙන් බලාගෙන ඉන්නෙ.
    සතුටින් ,සාමාදානයෙන්, පැටවු දුසිමක් සමග ප්‍රීතිමත් යුග දිවියකට ආසිරි !!!!!!!

    ReplyDelete
    Replies
    1. හිහිහී! තැන්කූ කම්මල අයියේ!

      බස්සා හිනාවෙලානෙ යකූ බලන් ඉන්නෙ. ඇයි අෆ්ෆා >_<

      Delete
  42. Replies
    1. බොහොම ස්තූතියි අජිත් අයියේ!

      Delete
  43. ආ මේකද හේතුව.... ඒත් මම බැලුව බස්සිට මොකක් උනාද කියලා....
    හැමදාම සතුටින්, සාමයෙන් ඉන්න දෙන්නටම සුභ පතනවා..!
    ඒක නෙවෙයි.. ඔය බස්සා බොගග් ලියන්නැතෙයි? නැත්නම් ලියන්ට කියන්න... එතකොට ජෝඩුවටම බැරියැ එකටම බ්ලොග් කියවන්න..! හැක්!

    ReplyDelete
  44. බොහොම ස්තූතියි යාලු!

    බස්සා සිංහලෙන් බ්ලොග් ලියන්න ගත්තේ 2010දි. දැන් නම් ලියනවා හොරයි. ඉස්සරම ඉංගිරිස්වලින් ටෙකි බ්ලොග් නම් ලියනවා. සිංහල බොගෙත් වැඩිපුර ලියන්නෙ ටෙකි පෝස්ට්ම තමයි.

    මෙන්න ලින්ක් එක ;

    Pasan Live - පසන්ගේ අදහස්

    ReplyDelete
  45. දෙන්නටම උණුසුම් සුභ පැතුම්. බස්සි අක්කගේ පෝස්ට් ටික ඔක්කොම කියෙව්වා. ලස්සනයි.ආයෙත් එන්නම්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නංගා! සාදරයෙන් පිලිගන්නවා බස්සිගේ නවාතැනට ඔයාව!

      Delete
  46. සුභ පැතුම් කිව්ව එහෙනං!
    .
    මට ඒත් හිතුන අවුරුදු උත්සවේදි

    ReplyDelete
    Replies
    1. මොනවද අවුරුදු උත්සවේදි හිතුනෙ? එදා කිසිම විශේෂයක් තිබුනෙ නැහැනෙ.

      Delete
  47. සුබ පතනවා බස්සි අක්කටයි අයියටයි දෙන්නටම සෞභාග්‍යවත් යුග දිවියකට. අන්තිම ෆොටෝ එකේනම් අයියගේ මුණ බලන්න බෑ දුකයි .

    ReplyDelete
    Replies
    1. ඔය කිවුවේ ඉතින්. බලන්ටකො බස්සා හිනාවෙලානෙ ඉන්නෙ.
      :P

      Delete
  48. බසු පැටව් වරුසා වහින කොමෙන්ට් වලින් උතුරණ සුන්දර ජීවිතයක් උදාවේවා!

    ReplyDelete
  49. බස්සිගෙ අළුත් ජීවිතයට සුභ පැතුම්. සියළුම බලාපොරොත්තු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!!!
    විෂ් කරන්න පරක්කු උනා. බුකියෙන් තව ෆොටෝස් දැක්කා :).
    ජය වේවා!!!

    ReplyDelete
  50. This comment has been removed by the author.

    ReplyDelete
  51. ඉස්සර ඉඳන් බසු අක්කගේ පෝස්ට් කියෙව්වට අද නෙව ඉස්සෙල්ලම කොමෙන්ටුවක් දාන්නේ. ඒකත් වෙඩිමට විෂ් එකක් දාන්ට. ඔන්න එහෙනම් අපිත් ජය සිරි මංගලං කියලම කියනවා ඈ ...

    ReplyDelete
  52. ඔහෙප් පලයං !! ඒක තමයි මේ අපිට ගේට්ටුව ගාවට ඇවිත් හැරිලා යන්න වුනේ. අනේ වාසනාවන් !! අපේ සුභ පැතුමත් බාරගන්නෝනේ.

    ReplyDelete