Tuesday, October 13, 2015

ඇවිලෙන තාරකා | බලාපොරොත්තුව






එහෙමමත් දවසකට
හිටිවනම නතර වෙයි
තත්පර


සැලෝලයිඩ් සිතුවමක
ඉපැරණි රස්තියාදුවක
විස්තර


අක්බඹරු කෙහෙ කැරලි
පෙලයි යලි යලි පෙලයි
හද සත්සර


කුඩා තාරුකාවක්
ගිනි අරන් පොලවට වැටෙයි
ඇස් තෙත්කර



අහසෙන් වැටෙන තාරුකාවක් දිහා බලාගෙන ප්‍රාර්ථනාවක් කලොත් ඒ පැතුම ඉටු වෙන බව කුඩා දැරියක්ව උන් එකල මම තදින්ම විශ්වාස කලා. කාලගුණ අනාවැකියේ උල්කා වර්ෂාවන් ගැන කියැවුනු දවසට කල් ඇතුවම ප්‍රාර්ථනා කරන්න ඕනෙ දේවල් හිතේ ලියාගෙන මග බලන් උන්නු කාලයක් තිබුනා. ඒ අවුරුදු ගණනාවකට ඉස්සර.


කළුම කළු රාත්‍රිය සූරගෙන, එළිය රේඛාවක් අඳින උල්කාවක් කියන්නේම ක්ෂණිකව ප්‍රහර්ෂය දනවන්නක්. බලාපොරොත්තුව කියන්නෙම සහන් එලියක්, අළුත් හුස්මක්.


සන්තානයම වසාගත්තු අන්ධකාර සන්තාපයේ කරවටක් ගැඹුරට ගිලී ඉන්නකොට හදවතේ අත්හැර දැමූ අඳුරු කුටීර ඇතුලතින් සැණෙළි නංවන කුඩා මතකයනුත් ඒ වගෙයි. දැල්වීම අතරතුර අන්ධකාරය කැපී යන ලෙස ප්‍රහර්ෂයේ ආලෝක රේඛා ඇඳෙනවා. අහස හරහා පිළිස්සුම් රේඛාවක නොපෙනෙන කැළැල් ඇඳෙනවත් ඇති.. නමුත් ඒ ආලෝක පුංජයන් නිසා පොළවේ ඉන්න අය ගිනිකන වැටෙනවා.


වයසින් වැඩෙනවා කියන්නෙම, ළමා ෆැන්ටසිවලට වැදෙන යකුළු පහරක්. අන්තිමේ මම ඉගෙනගන්නවා උල්කාපාත කියන්නේ පොළව බලා රාත්‍රී සංචාරයන්හි යෙදෙන තාරුකා නොවෙන බව. 


අවේලාවේ රස්තියාදුවේ යන, පාෂාණ කැබැලිති සහ දූවිලි අංශු, අහම්බෙන්, ඉතාමත් අහම්බෙන් පෘතුවි වායුගෝලයට ඇතුල්වෙනවා. පෘතුවි ගුරුත්වාකර්ෂණය යටතේ වේගවත් ගමනක යෙදීමෙන් උණුසුම්ව ගිනිගන්නවා. ගින්නෙන් දැවෙන, නොසැලකිය යුතු තරමේ ගල් කැබැල්ලකට, දුහුවිලි කැටිත්තකට වුනත් තමන්ගේම කියා බලාපොරොත්තුවක් තියෙන්නට පුලුවන්ද? ඒ සිතුවිලි මාත්‍රය පවා හද රිදවනසුළුයි.


සිතුවිලි රස්තියාදුවක් අතරමැද, අහඹු ලෙස ඉල්පෙමින් ඇවිලෙන මතක අංශුත් එහෙමමයි. ඒ ගැන නොහිතා ඉන්න තිබුනානම් වඩාත් හොඳයි. අතීතයෙන් ගැලැවී ගිය, මකුළු දැල් බැඳුනු, දුහුවිලි තැවරුනු මතක ගිනි පුපුරු නංවමින් ඇවිලෙද්දී මිනිත්තුවක සිරවුනු කුඩා සතුටක් දැනෙනවා. 


සමහරවිට, ඒ ඇවිලෙන මිනිත්තුව ඇතුලේ මුළු ජීවිත කාලයක්ම සැඟව ඉන්න හිතෙනවා.


නමුත්, ඒ ඇවිලෙන්නේ නිකම්ම නිකම් දුහුවිලි කැටිති බව අවබෝධ කරගත්තාට පස්සෙ දුහුවිලි බැඳුනු අතීතය පුළුස්සා දාල පියවි ලෝකයේ එළඹි සිහියෙන් යුතුව ඉදිරියට ඇවිදගෙන යන්න වුවමනා ජවය නිරායාසයෙන්ම ලැබෙනවා.


වඩා හොඳ අතීතයේ ඇවිලෙන මිනිත්තුවක් තුල ජීවිතය සැඟවීමද? නැතිනම් මේ පියවි මොහොතේ අලුතෙන් හුස්ම ගැනීමද? මම දන්නෙ නැහැ. හැමෝටම ඕනෙ, ජීවිතය වියාගන්න බලාපොරොත්තුවක්.


එච්චරයි.





64 comments:

  1. යම් යම් අවස්ථාවලදි සැඟවිලා බොහෝ අවස්ථාවලදි අලුතෙන් හුස්ම ගැනීම කීවොත්...
    ජයවේ!

    ReplyDelete
    Replies
    1. එක එක්කෙනා කඩා වැටෙන තරු දකින්නේ එක එක විදියට. :)

      Delete
  2. //නොසැලකිය යුතු තරමේ ගල් කැබැල්ලකට, දුහුවිලි කැටිත්තකට වුනත් තමන්ගේම කියා බලාපොරොත්තුවක් තියෙන්නට පුලුවන්ද?//දුහුවිලි වලට ගල් කෑලි වලට සිතිවිලි, බලාපොරොත්තු තිබුණනන් අපි කම්මුතුයි. ශර්ට් එකේ කුණු කෑළි වලට වෙන වෙනම කියන්න වෙයි, අනේ ප්ලීස් මෙයා මගේ ශර්ට් එකෙන් අයින් වෙනවද? කියල.

    ReplyDelete
    Replies
    1. ඒව වුනත් 8MRaft හරි මාතලන් හරි කිව්වොත්නම් යයි !

      Delete
    2. ව්‍යංගාර්ථ දරුවනේ. ව්‍යංගාර්ථ!

      Delete
  3. //වයසින් වැඩෙනවා කියන්නෙම, ළමා ෆැන්ටසිවලට වැදෙන යකුළු පහරක්.

    බස්සියේ බස්සියේ.. මගේ හිත කියෙව්වද මන්ද? මාරයිනේ මම අද උදේ හිතුවනේ මේ වචනේ මේ විදියටම!!!!

    මල් පඳුරු අස්සේ රෝසේටා ඉන්න බව මම තාමත් අදහනවා. මගේ අත කැපුනම රෑ නිදාගන්නකොට සුරංගනාවිට කියනවා උදේ වෙනකොට හොඳකරලා තියන්න කියලා. උදේට මල් එක්ක කතාකරන්න, ඉඳල හිටලා එන සමනල්ලු එක්ක රණ්ඩුවක් ඇදගන්න, මේ දවස්වල ගේ අස්සේ කුඩුවක් හදන්න වලිකන කොණ්ඩ කුරුල්ලත් එක්ක උදෙන්ම වලියක් ඇදගන්න.... අනේ.... මොඅටද මේ සයන්ස් කියල එකක් ආවේ??

    ReplyDelete
    Replies
    1. The National Institute of Mental Health (formerly known as the Mental Hospital, Angoda) is a state run hospital functioning under the Ministry of Health, Sri Lanka. Tel 112 578234

      Delete
    2. Mage heena horakam karaa da?
      ehema nathnam mage hitha kiyewwada?
      kiyala Ahanna mama aawe...
      (Ethakota thawath kenek aayeth mage hithe thibuna de horakam karalaa... ☺☺)

      Delete
    3. Mokada dannawada? Mamath me wage dewal tikak hithalaa thibunaa...

      Delete
    4. මාත් කරන දෙයක්නෙ ඔය කුරුල්ලො එක්ක කතාකරන එක. ඇයි පරණ ෆොටෝ එක්ක.
      ලොකු අස්පට් එකකින් ඉන්නකොට කණ්නාඩිය එක්ක කතා කරන එක හොඳ බේතක්. අපේ අම්මනං අවන් එක එක්කත් කතා කරනව හිටපු ගමං. ඒ කියන්නේ ජානගත මැන්ටල් භාවයක්ද මන්දා මේක.

      මං අහන්නේ රෑ මැද ඇහැරිලා බිග් ෆුට් ජයන්ට් එයාගෙ හීන බෝතලේ ගේනකම් බලන් ඉද්දි සයන්ස් ගැන හාංකවිසියක් මතක් වෙනවද? නෑනේ!

      Delete
    5. ඕක ලෙඩක් නෙමේ ළමයිනේ මාත් ඉස්සර මගෙ හැලිබොරේන්ජ් බෝතලේ රෑට සුරංගනාවියො ඇවිත් පුරෝල යයි කියල හීන මවමින් නිදා ගත්ත , දැනුත් වෙනසකට තියෙන්නෙ හැලිබොරේන්ජ් කියන නම විතරයි.

      Delete
    6. This comment has been removed by the author.

      Delete
    7. ඉයන් කම්මලයා ආයමත් සෙට් වෙන දවසක මතක් කරපන් අපේ කොල්ලෙක් කැලනි පාලම උඩ ඉදගෙන ඡොයින්ට් එකක් ගහපු කතාව ඒකත් මේ වගේමයි..
      උපේක්ෂා.
      අවුලක් නෑ බං මමත් හිතනවා පාරේ යනකොට එකපාරටම අලුත්ම BMW එකක් නවත්තලා කොන්ඩේ කොටට කපලා දනිහිස්සෙන් අගල් 6ක් උඩට ස්කර්ට් එකක් ඇදපු බුරියට කරාඔුවක් දාපු නෝනා කෙනෙක් බැහැලා මගේ අතින් අල්ලගෙන “අනේ...මම හිතාගෙන හිටපු කෙනා කියලා“ මාව එක්කරගෙන යයි කියලා..ගොඩක් දුරට ඒ බැරක්/ වොරන්/ ස්ලිම් කාලොස්/ බිල් ගෙටස් ගේ දුව වෙන්නත් පුලුවන්..
      මම ගිහින් ආවම උඔට ලිෆ්ට් එකක් දෙන්නම් ඉයන්/ කම්මලයා අලුත්ම BMW එකක..හැබැයි උඔලා දෙන්නාට පිටිපස්සෙ සිට් එක ඇයි බං අරකි ඉස්සරහා සිට් එකේ.

      Delete
    8. Menda's Father: I want you to marry a girl of my choice.

      Menda: "I will choose my own bride!"

      Menda's Father: "But the girl is Bill Gates’s daughter."

      Menda: "Well, in that case…OK"

      Next Day

      Menda's Father approaches Bill Gates.

      Menda's Father: "I have a husband for your daughter."

      Bill Gates: "But my daughter is too young to marry!"

      Menda's Father: "But my Menda is a vice-president of the World Bank."

      Bill Gates: "Ah, in that case… OK"

      Finally Menda's Father goes to see the president of the World Bank.

      Menda's Father: "I have a young man to be recommended as a vice-president. "

      President: "But I already have more vice- presidents than I need!"

      Menda's Father: "But my Menda is Bill Gates’s son-in-law."

      President: "Ah, in that case… OK"

      This is how Menda would become Bill Gates Son -In-Law

      (credit to the original writer)

      Delete
    9. එල ද බ්‍රා මචං..
      ඩබල් පුෂ්-අප්
      ඇයි බං ඒ විතරක්ද Now I am vice-president of the World Bank."

      Delete
    10. ඉයන් ලියා තියෙන්නේ මම කැමතිම විහිලු කතාවක්!

      Delete
  4. බලාපොරොත්තු තමා අපිව ජීවත් කරවන්නේ

    ReplyDelete
  5. Do you remember still the falling stars
    that like swift horses through the heavens raced
    and suddenly leaped across the hurdles
    of our wishes--do you recall? And we
    did make so many! For there were countless numbers
    of stars: each time we looked above we were
    astounded by the swiftness of their daring play,
    while in our hearts we felt safe and secure
    watching these brilliant bodies disintegrate,
    knowing somehow we had survived their fall.

    Falling Stars
    Rainer Maria Rilke translated by Albert Ernest Flemming

    හැමදාම මං මෙතන මගෙ නොහැකියාව හා නොදැනීම ප්‍රදර්ශනය කරන එක බස්සිගේ නිසැක හැකියාව හා මහන්සිය අගය නොකිරීමක් යයි බස්සි හිතයිද කියල බය හිතුන නිසා අද කොපි පේස්ට් එකක් කලා.

    ඒක හොයනකොට මටත් තේරෙන කවි තියනවනේද කියල දැනගෙන විශ්මයට පත්වුන මං තව එකක් ඉයන් සඳහා දානව:-

    Gather the stars if you wish it so.
    Gather the songs and keep them.
    Gather the faces of women. ( කටහඬද විය හැක )
    Gather for keeping years and years.
    And then . . .
    Loosen your hands, let go and say goodbye.
    Let the stars and songs go.
    Let the faces and years go.
    Loosen your hands and say goodbye.

    Stars, Songs, Faces
    Carl Sandburg

    ReplyDelete
    Replies
    1. Pra Jay, Thanks machan, some things are hard to let go.. But I do agree, we should try.

      Delete
    2. //like swift horses through the heavens raced
      and suddenly leaped across the hurdles
      of our wishes//

      ඒ වචන පිස්සු හැදෙනාත්මකයි. බොහොම ස්තූතියි ප්‍රා! මම මේක කලින් කියවලා තිබුනෙ නෑ.

      Delete
    3. මට නම් වැදුනෙ //knowing somehow we had survived their fall.//

      Delete
    4. ප්‍රා ++++++++++++++++++++

      මට බයක් හිතෙනවා ප්‍රා කළාකාරයෙක් වේගෙන එනවද කියලා ,

      //"Loosen your hands and say goodbye."//
      මරු

      Delete
    5. බලන්ඩකෝ ඉතින් ප්‍රා අපෙන් හංගන්න හදන සාහිත්‍යකාමියා කමෙන්ට් වලින් එලියට ආපු හැටි!

      Delete
    6. කලා? පූහ්. ඇයි ලව්පූස්තුමනි දන්නෙ නැද්ද, මං කොපිකලා වේ අග තැන්පත් කියල? මාර ෆෑන්ස්ල තොගයක් ඉන්නෙ. කොපිකලා බූසන කියල එකක් දෙයි ලඟදිම. මං සම්මාන උලෙලට ඉන්වයිට්කරන්නම්කො ඔබතුමාට ප්‍රධාන අමුත්තා ලෙස. (ඔයිට වටා අමුතු හිනාවක් ෆෝලිං ස්ටාර් එකකවත් නෑ කියල බස්සි කිව්ව නිසා ) ඉතාලි එන්ජීඕ එකක් තියනව ආනමාලු යාය කියල ස්පොන්සර්ට.

      Delete
    7. ප්‍රා
      එල ද බ්‍රා
      ඔයාගේ මේ වගේ දිග කමෙන්ටු දකිනකොටත් සතුටුයි..

      Delete
  6. // වඩා හොඳ අතීතයේ ඇවිලෙන මිනිත්තුවක් තුල ජීවිතය සැඟවීමද? නැතිනම් මේ පියවි මොහොතේ අලුතෙන් හුස්ම ගැනීමද? // හ්ම්.. මේකට මමත් උත්තර හොයනවා .. ඔව් .. හැමෝටම ඕනෙ, ජීවිතය වියාගන්න බලාපොරොත්තුවක්.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් හ්ම්ම්ම්...!
      ස්තූතියි තුශ්! :)

      Delete
  7. බස්සියේ උල්කාපාත කෑල්ලක් වැදිලා හදුන්පොජ්ජ දැවිලාවත් ගියාද....?

    ..//වඩා හොඳ අතීතයේ ඇවිලෙන මිනිත්තුවක් තුල ජීවිතය සැඟවීමද? නැතිනම් මේ පියවි මොහොතේ අලුතෙන් හුස්ම ගැනීමද?//..

    මට මතක් වෙන්නේ බුදු සමයේ ඉගැන්වීමක්
    ගෙවුන් අතීතය ගැන ශෝක නොකරන්න.
    වර්ථමානයේ අවබෝධයෙන් ජීවත්වන්න

    දන්නවද අපිහිතුවට අපි ඉන්නේ වර්ථමානයේ කියලා බුදුසමය අනුව නම් අපි හැම මොහොතේමජිවත්වෙන්නේ අතීතයේ .
    අවිද්‍ය පච්චයා සංඛාරා කියන තැනයි,නාම රෑප ධර්මතා ගැනයි ගැඹුරින් කියවෙන අර්ථය ඒකයි.

    ReplyDelete
    Replies
    1. ඕ යේස්.
      ව්‍යංගාර්ථ මනෝ!

      එළඹි සිහියෙන් ජීවත් වෙන්න පුලුවන්නම්. අන්න ටිකැට් එක!
      කාටත් කරන්න අපහසුම දේත් ඒකම තමයි.

      Delete
  8. //වයසින් වැඩෙනවා කියන්නෙම, ළමා ෆැන්ටසිවලට වැදෙන යකුළු පහරක්.// මේකනං අමු ඇත්තක්..... ඒත් මං තාමත් ආසයි ඒ විදිහටම හිතන්න. ආසයිමත් නෙවේ ගොඩක් වෙලාවට එහෙම්මම තමා හිතන්නෙ. යාලුවෝ කියන්නෙ මට ළදරු මානසිකත්වය කියලා ඒ වෙලවට........ ඒ උනාට ඒකෙ තියෙන ගතිය දන්නෙ එහෙම හිතන එකෙක්ම විතරයි.............

    සමස්තයක් ගත්තොත්
    //නමුත්, ඒ ඇවිලෙන්නේ නිකම්ම නිකම් දුහුවිලි කැටිති බව අවබෝධ කරගත්තාට පස්සෙ දුහුවිලි බැඳුනු අතීතය පුළුස්සා දාල පියවි ලෝකයේ එළඹි සිහියෙන් යුතුව ඉදිරියට ඇවිදගෙන යන්න වුවමනා ජවය නිරායාසයෙන්ම ලැබෙනවා.//

    මේකෙන් ඔක්කොම කියවෙනවා කියල හිතනවා..................

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අවංක ආර්යන්!

      Delete
  9. උල්කාපාත වර්ෂාවකින් වෙච්ච ලොකුම සීන් එක වුනේ ස්මෝල්විල් වල. ක්ලාක් කෙන්ට් ආවෙත් ඒ එක්කනේ.

    මම නම් දන්න කාලෙ ඉඳන්ම මට කතාකරගන්නවා. මම මටම කතා කරගන්නේ මචං කියලා.

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි කිව්වලු, මමත් එහෙමයි. ගොඩක් වෙලාවට බාත්රූම් එකේ හරි තනියම වාහනේ යනකොට හරි. ප්‍රශ්න අහනවා උත්තරත් දෙනවා....... බැනගන්න වෙලාවලුත් තියනවා....(සමහර වෙලාවට @$#@% උනත්) හැබැයි මුළු සාකච්චාව ම යන්නේ හිතෙන්.

      Delete
    2. මම හිතාගෙන හිටියේ ඔය වැඩේ කරන්නේ මම විතරයි කියලා...
      ඒ දවස් වල ක්ලාස් වලට යන්න කලින් තනියම උගන්වලත් තියනවා..
      තනියම පාඩම් කරනකොට එහා පැත්තේ තව මම කෙනෙක් ඉන්නවා,දන්නැති ඒවා අහන්නේ එහා පැත්තේ මමගෙන්.මොකද අනිත් අයට වඩා ෂූවර්නේ එහාපැත්තේ මම..
      හිතට තදින් බලපාන වැරද්දක් වෙලා තියන දවස්වලට අනිත් මම වැරද්දට බැනලා හරිදේ කරනවිදිය කියලත් දෙනවා...මට ෂූවරේ ෂුවර් මේකේ ඉන්න අනෙත් ඈයොත් ඔය වැඩේ කරලා තියනවා කියලා...
      මනෝ විද්‍යාවේදි කියනවා ගැටලු නිරාකරණයටත් ආතතිය දුරැවෙන්නත් තනියම කතා කරන එක හොදයි කියලා...

      Delete
    3. හුටා මම ශේප් එහෙනං , මම හිතුවේ මට විතරයි පිස්සු කියලා

      Delete
    4. මම කණ්නාඩිය ඉස්සරහදි නම් මට හයියෙන්ම කතා කරනවා මලපැන්න වෙලාවට එහෙම.

      උපයාගෙ කමෙන්ට් එකට උත්තර ලියන අතරෙ හිතුනා එකත් එකටම ඩූඩ් තුමා අපේ බෝට්ටුවේම සාමාජිකයෙක් වෙන්නම ඇති කියල.

      Delete
  10. උල්කාපාත වර්ශාවල් ගැන මම නම් දැනගත්තේ තරුලොව සඟරාවෙන් සහ Astronomy Now සඟරාවෙන්. ඒ දවස් මතක තියාගෙන ඉඳල ඒ රෑම ඇහැරලා ඉන්නවා. ප්‍රාර්ථනා කරන්න නම් නෙවේ. උල්කාපාත වර්ෂා හරි ලස්සනයි. අදටත් දවස දැනගත්තොත් වහල උඩට නැගල ඇහැරලා ඉන්න අමතක වෙන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. මටත් පොඩි කාලෙ ඉඳන් තිබුන පිස්සුවක් තමයි උල්කාපාත වර්ෂාවල් දිහා බලන් ඉන්න එක. හැබැයි විශ් කරල තියෙන්නෙ නම් කලාතුරකින්. බලන් ඉන්න තමා ආසා.

      Delete
  11. දේවතා එලිත් ඔය අතරේ එක දෙකක් වත් ඇති කියලා මම නම් තවම හිතාගෙන ඉන්නවා

    ReplyDelete
    Replies
    1. මට දේවතා එලි කියන වචනෙ ඇහෙද්දි බයහිතෙනාත්මක මෙව්වා එකක් දැනෙනවා. :D

      Delete
  12. උඹ අහලා නැද්ද , හඳ හරහා කතා කරන පුළුවන් කතාව . ලෝකේ මොන දෙකෙලවරේ හිටියත් පායපු හඳට පණිවිඩයක් කිව්වම හඳ ඒ පණිවිඩේ අදාළ කෙනා හඳ දිහා බලපු ගමන් කියනවලු. ඉතිං හැමදේම කියන්න ඕන හඳට ....

    //වයසින් වැඩෙනවා කියන්නෙම, ළමා ෆැන්ටසිවලට වැදෙන යකුළු පහරක්.// සහතික ඇත්ත

    ReplyDelete
    Replies
    1. ඇත්තටම, උඹ කියනකම් ඒක මේ ඔළුවෙ තියන අනිත් කුණුකන්දල්වලින් යටපත් වෙලා තිබුනෙ. මම අහලා තියෙන රොමෑන්තික බවෙන් ඉහලම කියමනක් ඒක.

      Delete
  13. Replies
    1. තැන්කූ කුරුටු!

      ඕක හීනෙන් ලිව්වෙ. :D

      Delete
  14. මේක කියෙව්වම තමා මට මතක් උනේ මම දැක්ක ලස්සනම කඩාවැටෙන තරුව දැක්කෙ සිරිපාදෙ කන්ද මුදුනෙදි :) තරු එක්ක නිහඬව කතා කරන්න මම ආසයි.කඩාවැටෙන තරු ඇහි පිය ගහන්නත් කලින්ම අතුරුදන් වෙන නිසා ඒ තරු එක්ක කතා කරන්නේ නැහැ ඔහේ යන තැනකට යන්න ඇරල බලාන ඉන්නවා ඇවිලිල නැතිවිල ගිය තරුව මොකටද ලස්සන තරු ගොඩක්ම ආකාසෙ තියනකොට. හැමෝටම මගේ කතාව කිව්වම එක තරුවක් හරි අහන් හිඳිවිනෙ :)

    ReplyDelete
    Replies
    1. තැන්කූ හංසි!

      අන්න නියම පොසිටිව් තින්කින්!
      වැඩේ තියෙන්නෙ හැම තරුවම අපි කියන ඒවා අහන් ඉඳීද කියන එකයි.

      Delete
  15. සිරාවට ඔව් නේහේ,

    අර හින්දි පිච්චර් වලින් තමයි මම දැනගත්තේ ඔය කඩා වැටෙන තරු දිහා බලලා මොනවා හරි ප්‍රර්ථනා කෙරුවාම එක ඉටු වෙනවායි කියන කතාව.ඉස්සර මගේ ලව් එකක් වෙච්චි අයිශ්චර්යාත් එහෙම ඔහොම කරනවා මම දැකලා තියෙනවා හිටං.

    හැබැයි ඉතින් දැන් ඔය යශෝ කියනවා වගේ ෆැන්ටසියෙන් එලියට අපුවාම,වයසත් එක්ක තේරුම් යනවා එක මේ අයාලේ යන තරුවක්,දුවිලි අංශුවක් තමනුත් නොදැන යන ගමනක් කියලා.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ ඔය විශ් කිරීම අපේ සංස්කෘතියෙ එකක් නෙමෙයි. මමත් ඒක දැනගත්තෙ කතන්දර පොත්වලින්.

      හැබැයි එදාමෙදාතුර තරුවකින් කරපු විෂ් තියෙන පට්ටම ෆිලුම තමා Ted! හෙහේ!

      Delete
  16. බස්සි
    උඔව නිකන් මුරැංග අත්තෙ තියලා වැඩක් නෑ..උඔ වැඩ්ඩා

    #%^*((^%#@$%...මට මේ පොස්ට් එක මේලෝ මගුලක් තේරැනේ නෑ බං.

    ReplyDelete
    Replies
    1. මෙන්ඩ උඹ් මේ කමෙන්ට් එකේ උපකල්පනයක් කරනවා බස්සි ලියන්නෙ අපි වගේ උන්ට තේරෙන්න කියලා. ඒක උපකල්පනයක් විතරයි.

      Delete
    2. අනේ මන්දා බං..වෙලාවකට මට මම ගැනම දුකයි..
      කමක් නෑ මට උඔලා වගේ පිස්සු යාලුවෝ ටිකක් හරි ඉන්නවනේ..බස්සිත් ඇතුලත්ව

      Delete
    3. අයියෝ ඉතින්. ඕක එච්චර හිතන්න දෙයක් නෑ.

      ලියන එව්වා තේරෙන්නෙ නෑ කියන්නෙ ඒ ලියවිල්ලෙ මෙලෝ වැඩක් නෑ කියන එකනෙ බං. :P

      Delete
  17. මට කියන්න තියෙන්නෙත් මෙන්ඩා කොටලා තියෙන් දේ ම තමයි බස්සියො...

    ReplyDelete
    Replies
    1. මෙන්න තවත් එල ද බ්‍රා කොල්ලෙක්...
      ඔබට අපගේ ගල් බලකායේ ගෞරවනිය සාමාඡිකත්වය පිරිනමනවා..
      බ්‍රෑන්ඩ් එක ගල්
      - ස්තුතියි -

      Delete
    2. තැන්කූ රොහා!
      මෙව්වයෙ ලොකු කතාවල් කියල නෑ. එච්චර හිතන්න එපා.

      Delete
  18. //වයසින් වැඩෙනවා කියන්නෙම, ළමා ෆැන්ටසිවලට වැදෙන යකුළු පහරක්.//
    මේ කතාව නම් සියට දෙසීයක් ඇත්ත බස්සියො.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නිදහස්!

      Delete
  19. කවුද මචංලා ෆැන්ටසියෙන් එලියට ඇවිල්ල ඉන්නෙ ??? හිච්චි එකා සංදියෙත් තිබුනා. අදත් තියෙනවා..... වයසත් එක්ක දිග, පළල, ගැඹුර, මතෘකාව වෙනස් වුන එක විතරයි වුනෙ. ෆැන්ටසියයි යථාර්තයයි වෙන්වෙන තැන මට තේරෙන්නෙ නෑ. යථාර්තයත් ෆැන්ටසියක්ම තමයි එකවිදියකට බැලුවොත්.

    ReplyDelete
    Replies
    1. සෑහෙන්න බීලා කල්පනා කරන්න ඕනෙ ප්‍රශ්ණයක් ඒක!

      මම කිව්වෙ "ළමා ෆැන්ටසි".

      ඔයාගෙ කමෙන්ට් එක වැදුනා!

      Delete
  20. මල් කන්ටේනරයයි..බස්සී ....

    "හැමෝටම ඕනෙ, ජීවිතය වියාගන්න බලාපොරොත්තුවක්." මෙන්න මේ ටික නම් ඇත්ත...

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි පිස්සු කිඹුලි අක්කියෝ! :* :*

      Delete
  21. මෙහෙම කිව්වට වරදවා තේරුම් ගන්න එපා බස්සියෝ. උඹ ලියන සමහර ඒවා මලක් ගහපු වෙලාවක තමා වදින්නෙ. ඒ තරම් හිත අභ්‍යන්තරයේත් පතුලටම උඹ කතා කරන්නෙ. මැනවින් විද්‍යාව හදාරපු එකේ හෙවනැල්ලත් හැම තැනම අපූරු රටා මවනවා. උඹනං යක්ස කෙල්ලෙක්! අම්මපා!

    ReplyDelete
    Replies
    1. හිහී....!

      ඔය මොලේ මඥ්ඥං වෙච්ච වෙලාවට ලියන ඒවනෙ මධුවො. ඉතින් ඒ තත්වෙටම පිස්සු තද උනාම තමයි තේරෙනව ඇත්තෙ. තැන්කූ තැන්කූ. විද්‍යාව කියන්නෙ ඉතින් අපි අවටම තියෙන දෙයක් නේ.

      Delete