Thursday, October 1, 2015

සමනල්ලු යන්නේ කොහාටද?



සමනල්ලු යන්නේ කොහාටද? ඒ ගැන දැනගන්නටනම් ඔබ ‘මේ රහස් කවුළුවෙන් එබෙන්න’ම ඕනෑය.







මෙවර පොත් ප්‍රදර්ශනයෙන් ඩැහැගෙන ආ විවිධ වර්ගයේ පොත් හැට එකක් අතුරෙන් මගේ සිත පැහැරගත් නවකතාව කෞශල්‍ය කුමාරසිංහගේ ‘මේ රහස් කවුළුවෙන් එබෙන්න’. 



කතාව ගලායන්නේ සිංහල නවකතා කලාවට ආගන්තුක ‘පක්ෂි අක්ෂි’ දෘෂ්ඨි කෝණයකින්. අපි පිටත සිට නරඹන්නන් පමණයි. එයින්ම මේ කතාව සිනමා කෘතියක ආකෘතියක් ගන්නවා. මගේ අදහසනම්, සිනමා කෘතියකටත් වඩා එය හෙලිකොප්ටර් සවාරියකට සමානයි. කෞශල්‍ය අපිව හෙලියක නංවාගෙන ‘අළුත්’ කොළඹට ඉහළින් ඉගිලෙනවා. සිත් ඇද ගන්නා සිදුවීම් මතට අපත් රැගෙන පහත් වෙනවා. විටෙක ඉතාම සමීප රූප වලිනුත්, විටෙක දුර සිට දකින අපැහැදිලි පැනොරාමා රූපවලිනුත් ඔහු කතාව ගොතාගෙන යනවා.


කෞශල්‍යගේ රචනා ශෛලියේ මම ආසා කරන අනිත් දේ තමයි, ඔහු පාඨකයා එක්ක සෙල්ලම් කරන විදිහ. කතා නායකයා පදවන කියා ජීප් රථය ගැන පමණක් නොවෙයි. එය පදවන ‘තිවංක’ගේ ෂර්ට් එක, ටයි ගැටය, එමතුද නොව ඔහුගේ පිළිවෙලට කැපූ රැවුල සහ ඊට හේතුව මිල අධික උකු ආෆ්ටර් ෂේව් දියරයක්දැයි විමසමින් ඉන්න අතරේ ඔහු එක්වනම අපිව අහකට ඇදගෙන කියා ජිප් රථය පසුපසින් එන ලෑන්ඩ් රෝවර් රථය ගැන විස්තර කරනවා.


ඒ විතරක් නොවෙයි, ඔහු දිගින් දිගටම අපේ අදහස් විමසමින් පාථකයාව කතාව ඉදිරියට ඇදගෙන යන්න සක්‍රියව සම්බන්ධ කරගන්නවා. ඔහු පෙනෙන්නට නැතත්, අපිට මදක් නැවතී ඔහුගේ තොරක් නැති ප්‍රශ්නවලට උත්තර දෙන්නම හිතෙනවා. 


‘මේ රහස් කවුළුවෙන් එබෙන්න’ වෛවර්ණ නූල් සමූහයක් ආධාරයෙන් ඉතා සකසුරුවමට වියන ලද ගෙත්තමක් වගෙයි. එහි එකිනෙකට වෙනස් පැහැයෙන් හා හැඩයෙන් යුත් චරිත රාශියක් හමුවෙනවා. මේ හැම චරිතයක්ම, දැන හෝ නොදැන විවිධ අවස්ථාවන්හිදී ඔවුනොවුන් හා ගැටෙනවා. ඒ කියන්නේ අපි ජීවත්වෙන කොළඹ බොහොම කුඩා වපසරියක පැතිරුණ, නවීකරණයකල සත්වෝද්‍යානයක් වගෙයි කියන එකද?


කතාවක් කියද්දි වචනයෙන් කියන්නට අපහසු තැන් ඕනෑතරම්. ඒ හැඟීම් ගම්‍ය කරන්න සංකේත උපයෝගී කරගෙන ඇති ආකාරය අගෙයි. නිදහස් පියාසැරියක නිග්මනව උන් කිරිල්ලියගේ රත්තරන් අත්තටු සොරා ගන්නා පිරිමියෙක්, ඒ නිසා ඔහු සමග දීග කන්නට යන කිරිල්ලිය, ලිපේ ගින්දරෙන් අඟුරු පැහැ වුන කිරිල්ලියට හැමදාම හවස කුරුළු නැටුම නටන්නැයි බල කරන බේබදු සැමියෙක්. අන්තිමේදී කිරිල්ලිය තමන්ගේ රත්තරන් අත්තටු හොයාගෙන විලට ඉහලින් නික්මීම නිසා තනිවුන දූවරු දෙන්නා. . . . දීර්ඝ කතාවක් ඔහු හංස පියාපතක් තරම් සැහැල්ලුවට ගෙනහැර පානවා.


අන්තිමේදී මව් කිරිල්ලිය නැති නිසා පියා ඉදිරියේ කුරුළු නැටුම නටන්නේ ලොකු දූ. පුංචි දූ මුල්ලක ගුලිවී ඒ දිහා බයෙන් බලාගෙන ඉන්නවා. කෞශල්‍ය අර සැහැල්ලු හංස පියාපතේ තියුණු නාරටියෙන් අපේ පපුව මැදට අනිනවා.


ඇත්තටම සමනල්ලු යන්නේ කොහාටද? කූඩු කල කොළඹ සමනල්ලු හොයා යන්නේ එක් සිහිවිකල් මැහැල්ලක් පමණයි. විශ්වවිද්‍යාල පෙම්වත්තු පවා එකිනෙකාගෙන් සමනල්ලු යන්නේ කොහාටදැයි අහනවා පමණයි. සමනල්ලු හඹා යන්නට අපිට කොයින්ද වෙලාවක්?


ඉතින් අපි අපේ සමනල්ලු හිර කරනවා යතුරු රඳවනයක, නැත්නම් වීදුරු ගෝලිකාවක. ගමේ ඇත්තටම සමනල්ලු ඉන්නවා. ගමේදි සමනල්ලු අපිව හොයාගෙන එනවා. ඒත් ගමේදි පවා ඒ සමනල්ලු හඹා යන්නෙ සිහිවිකල් තරුණියක් පමණයි. ඒ හැරුණුකොට සමනල්ලු පියාඹන්නේ ජයන්තගේත්, නිර්මලීගේත් කවිවල විතරමද?


කතාවේ අකුරු පේළි ඇතුලෙ නැවත නැවතත්, බෝල්ඩ් අකුරෙන් ලියැවෙන ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා.


1. අපි ජීවත්වෙන මේ කෘත්‍රිම මානව උද්‍යානය එන්න එන්නම පුංචි වෙනවා. අපි හැමෝම, හැමවෙලේම, දැන හෝ නොදැන මුනගැහෙන තරමට ඒ වපසරිය කුඩා වෙලා.


2. ඒ නිසාම අපේ මානව සම්බන්ධතා, තම්බපු නූඩ්ල්ස් ගොඩක් වගේ පැටලිලි සහගත වෙලා. හිතාගන්න බැරි තරම් සංකීර්ණ වෙලා. තවදුරටත් ඒවාට ආදරය, විවාහය, මිත්‍රත්වය වගේ සරල ලේබල් ඇලවීමක් කරලා අත පිහදා ගන්න අමාරුයි.


අන්න ඒ වෙලාවෙ මට මතක් වුනේ මේ චාර්ට් එක.






සෙක්ස් කියන දේ නවකතාව ඇතුලෙ බොහොම විවෘතව සංවාදයට බඳුන් වෙනවා. ඒ නිසාම ‘නෙළුම් මලෙන් උපන් අය’ මේ කතාව කියවීමෙන් මානසික අවපාතයකට ලක්විය හැකි නිසා නොකියවා ඉන්න එක හොඳවෙයි කියලත් හිතෙනවා. ග්‍රවුන්ඩ් හොස්ටෙස් කේෂුගෙන්, ඩාන්සින් ටීචර් උවනිගෙන්, කැම්පස් කෙල්ල පද්මිගෙන්, එච්.ආර්. කන්සල්ටන්ට් තිවංකගෙන්, ගිටාර් ප්ලේයර් අසීගෙන්, කැරොකේ ක්ලබ් එක ඇතුලෙදි, එහෙමත් නැත්නම් හයිලෙවල් පාරෙදි තමන්ට තමන්වම මුණගැහෙන එක ලොකු ශොක් එකක්. නොකිව්වයි කියන්න එපා! මේ රහස් කවුළුවෙන් එබෙනකොට තමන්ට තමන්වම පේන එක දරාගන්න බැරි අයත් මේ පොත කියවිය යුත්තෙ අවදානමක් අරගෙන.


කතුවරයා අපිව කිසිම චරිතයක් ඇතුලේ කොටු කරලා තියාගන්නෙ නැහැ. අපි චරිතයෙන් චරිතයට පැන පැන යනවා. හැම චරිතයකම කවචය නිරීක්ෂණය කරනවා. හැසිරීමත්, වචනත් නිරීක්ෂණය කරනවා. චරිතවලට රහසෙ අපි ඔවුන්ගේ හැම ක්ෂුද්‍ර චලනයක්ම නරඹනවා. හැබැයි එක දෙයක් අඩුයි. ඒ තමයි අපිට නොපෙනෙන, ඔවුන්ගේ සිතිවිලි. වෙනත් නවකතාවල වගේ මෙතනදි කතුවරයා අපිට ඔවුන් හිතන දේ හැන්දකට අරන් කවන්නෙ නෑ. පාඨක අභ්‍යාසය තමයි අර රහසේ නරඹපු දේවල් මත අපි දැකපු කවච වල ඇතුල, අපිට වඩාත්ම සාධාරණයැයි හැඟෙන විදියට පුරවන එක.


අන්න ඒ ක්‍රියාවලිය නිසා අන්තිමේ බාහිර නරඹන්නන් වෙච්ච අපි, චරිත ඇතුලට ගමන් කරනවා. අපිට ඒ චරිත ඇතුලට රිංගලා හුස්මක් දෙකක් අරන් බලන්න හිතෙනවා. අන්න එතැනිනුයි මේ කතාවෙ 'සහකම්පනය' ඉපදෙන්නේ.


කතාව අවසානයේ සුවිශාල පටලැවිල්ලක් ලිහල දාලා තිවංක – කේෂු – අසී – උවනි සෝෆාව මත වැතිරී ඉන්න දසුනෙදි අපි ඉබේම සැනසුම් සුසුමක් හෙලනවා. මේ චරිත හතර ඊගාවට ගන්නා පියවර අපැහැදිලියි. හැබැයි අපි එක දෙයක් දන්නවා.මින් ඉදිරියට ඔවුන් හතරදෙනා නිවෙස් බලා විසිර ගියත්, එතැන ෆෝසම් එකක් සිදු උනත් ඒ රූප රාමු දෙකෙන් කොයි එක වුනත් දරාගන්න පුලුවන් විදියට අපේ මනස සැහැල්ලු වී ඇති බව. ආගම කුමක්දැයි අල්පමාත්‍ර අදහසක් හෝ නොදැන, ඒ වෙලාවේ කවුළුවෙන් පිටත ඇහෙනවායැයි කියන යාතිකාව හිතට ගෙන එන ක්ෂාන්තියට සමාන හැඟීමක් ඒක.


ඒ සැනසිලිදායක අවසානය මට දැනෙන්නේ මහා පිපිරුම් මාලාවක අවසානයේ ඉතුරුවෙන ශූන්‍යත්වය වගේ. එහෙමත් නැත්නම්, මම කලින් කියාපු හෙලිකොප්ටර් රයිඩ් එක අවසානයේ හිස බමන ගතියෙන් යුතුව හෙමිහෙමින් ඉදිරියට ඇවිද යන්නා වගේ. 


හැබැයි මම මේ නවකතාවේ කැමතිම දේ තමයි, කෞශල්‍ය අපිට දෙන්නේ 'ඉනික්බිති සියල්ලෝම සතුටින් විසිර ගියහ' පන්නයේ අවසානයක් නොවෙන එක. මම කලිනුත් කිව්වා වගේ වෛවර්ණ නූල් සමූහයක් ඉතා විශිෂ්ඨ ලෙස මුහු කරපු මේ ගෙත්තම අන්තිමේ නූල් කෙලවරවල් ගැටගහල අපිට 'පිටවීමේ දොර' පෙන්වන්න ඔහුට උවමනාවක් නෑ. ඒ වෙනුවට ඔහු ගොතා අවසන් නොකල නූල් පොටවල් රැසක් අපි අතට දීලා රහසේම නික්ම යනවා.


මම වැඩියෙන්ම කැමති අන්න ඒ නික්මනට!


ඉතින් ඇත්තටම සමනල්ලු යන්නේ කොහාටද? මම හිතන්නේ සමනල්ලු අපි ළඟට එන එකක් නැහැ. අපි සමනල්ලු හඹා යා යුතුයි. ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ඉහලම මහලෙන් පහලට, නැත්නම් නෙළුම් කුළුණ දිගේ ඉහළට, විජේරාම හන්දියේ ඒ අතට - මේ අතට, ක්‍රෙස්කැට් එකේ එස්කැලේටර් දුවන දිශාවට විරුද්ධ අතට, අපි සමනලුන් හඹා යා යුතුයි. 






71 comments:

  1. මං මේ ගැන මීට කලිනුත් රසවත් විස්තරයක් කිවේව්වා.. දැං ඉතිං බලනකං තිබහයි තමා. තැන්කුයි බස්සියෝ

    ReplyDelete
    Replies
    1. තිබහ දැනෙන්නම තමයි ලිව්වෙ දේශා. විදර්ශන එකේ තිබුනා. මම ගත්තෙ 'සම පොත්' කුටියෙන්. කතෘ ප්‍රකාශනයක් මම හිතන්නෙ. 'ආත්ම ප්‍රකාශන' කියල තිබුනෙ.

      Delete
  2. මමත් මේ පොත අරගෙනත් ආය තියල ආව සල්ලි මදි උන නිසා.. ඊළඟ පාරවත් ගමු.

    ReplyDelete
    Replies
    1. කියවන්න දෙන්න තිබුනා, මට ඉතින් ඔයාව මුණගැහෙන්නෙ නෑනෙ.

      Delete
    2. නාසා ඒකෙ රොකට් එකක දාල එව්වා නම් මම මෙහෙන් ගන්නම්. :D

      Delete
    3. වතුර හලන්න එහෙම එපා පොතේ. හරිද! :P

      Delete
  3. විස්තරේත් එක්ක පොත කියවන්න ආස හිතුනා. හොයා ගන්න බලන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. කියවලා ඔෆිස් එකේදී හීනෙන් කෑගහන්න ......:P

      Delete
    2. ස්තූතියි තුශ්!

      ඔය ඉවානයා කියන එව්වා ගණන් ගන්න එපා. ඔයා කියවන්න අනේ. ;)

      Delete
  4. මට හිතෙන්නේ මේ පොත කියවන්න් ඕන කියලා , බය වෙන්න් දෙයක් නෑ පොත් ප්‍රදර්ශනේ වට්ටමටම හො ඊටත් වැඩියෙන් වට්ටම් අරං මරදානෙන් මේ ඕන පොතක් ගත්ත හැකි. ඒ නිසා ආපහු පොත් ප්‍රදර්ශනේ එනකං බලං ඉන්න ඕනේ නෑ .

    මේ මචං උඹ ආපහු අර කවි හැන්දෑවක් වගේ එකකට එද්දී ඕක අරං වරෙන් වෙන කාට හරි දෙන්න , ඒ අතරේ මම කියවලා අපහු දෙන්නං ,අර එදා ආච්චිගේ කොලම කියෙව්වා වගේ හැක හැක

    ReplyDelete
    Replies
    1. මලා! මට කියන්ඩ අමතකම උනා. ඊගාව පොයෙට්‍රි රීඩින් එක හෙට. මම යනවා. මම හෙට පොත අරගෙනත් එනවා කැමීලියාට දෙන්න. එනවද?

      ආච්චිගෙ කොලම වගේ පැයෙන් කියවන්නනම් බැරිවෙයි මචෝ. පිටු 268ක් තියෙනවා. අනික හෙමින් කියෙව්වෙ නැත්තම් පොඩි පොඩි ඩීටේල් මගඇරෙනව එතකොට රහ අඩුයි. (මෙහෙම කියන්නෙ දවසට පොත් පහ-හයක් කියෝන මැසිමක්)

      ආච්චිගෙ කොලම - 2 ඇවිත්. (සංහිඳ ප්‍රකාශනයක්)

      Delete
  5. කිවපු පොත් අතර හරිම අපුරූ තැනකට මාව ඇදන් ගිය පොතක්...කෞෂල්‍ය අයියා රහස් කවුලුවෙන් එබෙන අපිට අපේම ප්‍රතිබිම්බ පේන්න හයිකරපු රහස් කන්නාඩියක් තියනවා.....හරි පරිස්සමට කියෙව්වොත් හැමෝටම ඒ කන්නාඩිය පෙනෙයි විතරක් නෙමෙයි ඒ කන්නඩියෙන් ඔයාවම පෙනෙයි...

    ReplyDelete
    Replies
    1. අන්න එහෙම පේන එක දරාගන්න බැරි අයට අවදානමක් ගන්න එපා කියල කිව්වෙ ඒකයි මල්ලි.

      මේ පොතේ තියෙන්නෙ බොහොමයක් ගත් කතුවරු ටච් කරන්න නොහිතන පැත්තක්. ඔන්න මේ දැන් කමෙන්ට් එක ලිය ලියා ඉන්න අතරෙ 'මෙහෙම පොත් වලටද විචාර ලියන කාලෙ අපරාදෙ නේද?' කියලා චැට් එකක් පොප් අප් වෙනවා. ඒ කියන්නෙ පොත පට්ටම හිට් එකක්.

      Delete
  6. කියවන්නම වෙනවා එහෙනම්

    ReplyDelete
  7. පොතක් ගැන ලියැවුණු ලස්සනම, ගැඹුරු තරමට සැහැල්ලුවෙන් කියවන්න හැකි අපූරුම සටහනක්... විචාර කලාව වෙනස් මඟකට කැන්දනවට ස්තුතියි නංගි...

    ReplyDelete
    Replies
    1. විචාරයක් කියනවට වඩා පාඨක සටහනක් කියලා කිවුවොත් ගැලපෙනව නේද? බොහොම ස්තුතියි තරූ අක්කේ.

      ඔයාට කියන්න, මං වෙලාවකට මොනතරම් 'ක්‍රේසි ෆෑන්' කෙනෙක් වෙනවද කිව්වොත්, ඔය සමහර නිර්දය විචාරකයො එක්ක යකා නගිනවා. හිහී! මෛත්‍රී භාවනාව කරකර තමා විචාර කියවන්ඩ වෙන්නෙ. ;)

      Delete
    2. ඇත්තටම විචාරයක් නෙවෙයි.. කියවීමක්... විචාරය කිරීම අයිති සාහිත්‍ය විචාරයෙහි කෙළ පැමිණි අයට.. අපි කරන්නෙ අපේ රසවිඳීම සම්බන්ධ කියවීම අකුරු කරන එක..

      Delete
  8. බස්සි අක්කා බුකියේ දැමූ ස්ටේටස් එක සහ මේ ලිපියේ අන්තරගතය නිසා කියවා රසවිඳීමට නොඉවසිල්ලෙන් සමනල්ලු සොයා කඩ සාප්පු පිරන්න තීරණය කරමින් සිටිමි.

    ReplyDelete
    Replies
    1. මල් හතයි - කොල පහයි ඈ!

      Delete
  9. බස්සි බස බස ගාලා අලුත් පෝස්ටි එකක් දාලා නොවැ.

    ලගදි ගෙනාව පොත් එහෙන්මියි තවම කියවලා ඉවරකරන්න බැරි උනා.දැන් මෙ පොතත් එක්ක තවත් පොතක් එකතු වෙනවා.බස්සිගේ ලියවිල්ල නිසයි කියවන්න ආස හිතුනේ.

    ReplyDelete
    Replies
    1. සීතල දවස්වලට කැෆේන් පාවිච්චිය වැඩි නිසා වෙන්නෝන බසබස ගාලා ලියවෙනව හිතන්නත් කලින්. බස්සෙකේ යනගමන් ලිව්වෙ. තැන්කිව් මනෝ!

      මගේ ලියවිල්ල නිසා කියවන්න හිතුනෙ? හා හා එහෙනම් ඔය පොත් ගැන ඇඩ්වර්ටයිස් කරගන්න ඕනෙ අය සේරම ටිකට් අරන් පෝලිමට එකතු වෙන්න.

      Delete
  10. මේ පොත කියවලා නෑ. එත් ඔබේ විවරණයත් එක්ක කියවන්නම ආසාවක් ඇති වුණා.

    ReplyDelete
    Replies
    1. රන්ජන් අමරරත්න මේ පොතට විචාරයක් ලියල නැද්ද නලින් අයියේ?

      Delete
  11. potha kiyawamin inne....rasai...... maath widinawa me hegeem melesama

    ReplyDelete
  12. කියන විදිහට නම් පට්ට පොතක් වෙන්නැති. ආසා හිතුනා. බලමු කියවගන්න.

    ReplyDelete
  13. පොත බලන්න ඕන නෑ බන්..මේ විචාරය මදැයි!....පොත කියෙව්වොත් සමහරවිට මේ විචාරය ගැන හිතේ ඇතිවෙච්චි උත්කර්ෂය නැතුව යයි කියල හිතල පොත නොකියවන්න තීරණය කලා....

    ( විහිලුවක් පමණක්මි...පොත කියවීමට අදිටන් කොට ගතිමි )

    ReplyDelete
    Replies
    1. මේක විචාරයක් නෙමෙයි රවි අයියෙ! දෙයියෝ සාක්කි. මේක මේ පාඨක සටහනක් නෙව.

      කොහොමහරි, තවත් කෙනෙක්, තවත් වැඩිපුර පොතක්, මගේ සටහනක් නිසා කියවනවා කියන්නෙ, මටත් අනුමෝදනා විය හැකි පිනක්.

      මම හිතන්නෙ මං මේ බ්ලොගියෙ විචාරයකට වඩාත්ම කිට්ටුවෙන් යන සටහනක් තිබ්බෙ සමනල සංධවනිය'' ගැන විතරයි.

      Delete
  14. මමත් මේ පොත ගත්තා ඇත්තටම හරිම රසවත්. ඇත්තටම බස්සි කිව්වා වගේම මේතරම් කල් කියවපු පොත් වල නැති පැත්තක් මේ පොතේ කියනවා.
    සුරංගනා ලෝකෙක ගස් වටෙ කැරකි කැරකි හීන මවන ආදර කතා අතරෙ "මේ රහස් කවුළුවෙන් එබෙන්න" පොත කියවලා අපිටත් අපිවම බලාගන්න පුලුවන් නම් ඒක හුගක් වටිනවා.

    ඒත් මගෙ අක්කට මේ පොත දුන්නම නම් එයා ඒක ටිකක් කියවලා අත ඇරල දැන්මා. මොකද එයලා හුරු වෙලා ඉන්නෙ අර "Happily ever After" ප්‍රේම කතා වලට විතරක් නිසා.

    ReplyDelete
    Replies
    1. පොත් කියවන්නෝ උනත් එකිනෙකාට වෙනස්. සමහරු ස්පොන්ජ් වගේ ඕනෙම පොතක් කිසිම විරෝධයකින් තොරව උරාගන්නවා. තවත් අය බ්ලොටින් පේපර් වගේ. තුනී ෆේෂල් ටිෂූ වගෙයි සමහරු.

      Delete
  15. පොත කියවීමට නිරායාසයෙන්ම ආශාවක් ඇති වුනා. ඊටත් වඩා මේ මනරම් විචාරයට නැත්නම් හඳුන්වාදීමට හිත බෙහෙවින්ම ඇදිලා ගියා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි තිලක අයියේ!

      Delete
  16. පොත හොයාගෙන කියවන්නම්. තව පොත් විචාර හැටක් එන්න තියෙනවාද?

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ නෑ. දීඝ නිකාය, අංගුත්තර නිකාය, විස්මිත මහ සයුර, මානව ගෙනෝම ව්‍යාපෘතිය ගැන එහෙම විචාර කියවන්න උවමනාවක් නෑනෙ?

      මේ මාසෙම පොත්වලට සම්බන්ධ ලිපි පල කරන්නයි හිතුවෙ ඉයන්. ම්ම්ම්... දැනට හිතාගෙන ඉන්නවා ටිම්රාන් කීර්තිගෙ "යන්නං චන්දරේ", චින්තන ධර්මදාසගෙ "තිත්ත තොල්" පොත් දෙක ගැනත් පොඩි සටහනක් තියන්න.

      Delete
  17. මම මේ ලිපිය බලාපොරොත්තු උනා, හැබැයි මේ බ්ලොග් එකෙන් නෙමේ. දිගට නියපොතු වවල එකෙන් රළු යකඩයක් හුරනකොට දැනෙනවා වගේ වේදනාවක් දැනුන... නැ එහෙම එකක් ෆිල්ම් එකක දකිනකොට දැනෙන හැඟීම වගේ එකක්. මොකද මම ඕක කරලා බලල නැ.

    ReplyDelete
    Replies
    1. දැනෙන්න ලියවෙන පොත් හරි අඩුයි නේද?

      ඔයා ඔය කියන සද්දෙ මට දරාගන්න අමාරුම එකක්. ස්නායු දුර්වලකමක් වෙන්නැති.
      ෆිල්ම්වල නෙමෙයි ළමයෝ, ඒ වේදනාව දැනෙන්නෙ කනට. :)

      //හැබැයි මේ බ්ලොග් එකෙන් නෙමේ.//
      බලාපොරොත්තු උනේ පොත් ගැන ලියවෙන බ්ලොග් එකකින්ද? මටත් එවන්නකො ලින්ක් එක.

      Delete
    2. කනට ඇහෙන සද්දෙ නෙමෙයි. නියපොතු ගලවෙන්නම එනව වගේ දැනෙද්දී දැනෙන හැඟීම ගැන මම කතා කරන්නෙ. මට මතක් වෙන්නෙ අර හොරර් ෆිල්ම් වල කෙල්ලව බිම දිගේ ඇදගෙන යද්දි නියපොතු වලින් එයා බිම හරි දොරක් හරි අල්ලගනන ට්‍රයි එකක් දෙනව එතකොට එතනත් හිරෙන ගමන් නියපොතු ගැලවිලා යන්නෙ.

      නෑ නෑ එහෙම බ්ලොග් එකක් නම් දන්නෙ නෑ. ඒත් මගේ ඩෙනිමේ ඩුඩ් අයිය වගේ කෙනෙක්ගෙන් එයි කියල හිතුවෙ.

      මේ එකනෙමේ ලියන්නකො අර දමනය වගේ තව කතාවක්.

      Delete
  18. සමනලුන් සොයා නුගේගොඩ සරසවියට ගියත් සමනලුන් එතැනින් පලාගොසින්ය.
    හෙට දින සමනලුන් සොයා මරදානේ දඩයමේ යමි...

    ReplyDelete
    Replies
    1. නුගේගොඩ සරසවියේ සේවකයන්ගේ පුස්පාට් දැකීමෙන් සරසවිය තිත්ත වී ඇත. නොගිහින්ම බැරි උනොත් මිස යන්නෙ නැත.

      උදා :
      "හැටේ වත්තේ මග්ද්ලේනා තියෙනවද?"
      -- 'හිහික්! මොන ලේනා?'

      "පොත් ගත්තනම් කවුන්ටරේට යන්න එපායැ මෙතන ටැග් ගැහෙන්නෙ නැතුව. මලවදයක් මේ මිනිස්සු."

      "ආදරණීය වික්...|"
      -- 'පොත ඉවරයි'
      ඒත් එක්කම පේන්නේ රාක්කයක බැබලි බැබලී ඉන්නා වික්ටෝරියාය.

      මේ පාර බුක් ෆෙයා එකේදිත් සරසවිය පැත්ත බලන්නවත් හිතුනෙ නෑ.

      Delete
    2. සහතික ඇත්ත. උන්ට කස්ටමර් කෙයා අලුතෙන් උගන්නලම ගන්න ඕනේ. යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර උන් දෙන්නේ.

      Delete
    3. ඉන්ටවිව් කරන්නෙවත් නැද්ද මන්දා රස්සාවට ගන්නකොට. අනික ඒක නුගේගොඩ සරසවියට ආවේණික සීන් එකක් නෙමෙයි. ශාඛා කීපෙකදිම මම ඔය අවුල දැක්කා.

      Delete
    4. කුරැණැගල සමුද්‍රා පොත් කඩ දෙකෙන් පහල එකේ ඔහොමම තමයි.උන් අහක බලාගෙන අපිත් එක්ක කතා කරන්නේ.හරියට අපි පොත් හිඟමනේ ඇවිත් වගේ.ගුණසේන එකෙත් ටිකක් ඔහොමයි.මරදානේ ගොඩගේ එකේනමි ඊට වඩා වෙනස්.

      Delete
  19. ගන්න ඕනි මේක. ප්‍රදර්ශනේදි මඟ හැරුණා. ඒත් ළඟදිම ගන්න ඕනි...

    ReplyDelete
    Replies
    1. විදර්ශන එකේ ඇති රන්දු.

      Delete
  20. 'සාහිත්‍ය වසර' අරඹමින් කල මනරම් විචාරයට මගේ ආචාරය! පොත කියවන්නම හිතුනා.. හැකි උනොත් හෙට කවි කියවන තැනට එන්නම්.. ජය!

    ReplyDelete
    Replies
    1. ඇහ්! මේ සාහිත්‍ය වසරද? මම නං මේ පෝස්ට් එකක් දාල සැමරුවේ "සාහිත්‍ය සෝඩා බෝතලයේ අවසාන පෙණ බුබුලත් ඊයේ දවසෙන් (සැප්.30) අතුරුදහන්වීම."

      හෙට එන්න. අපිත් එනෝ!

      Delete
  21. දැන් ඔහේට පොත් එවාවි හැම එකාම .....

    ReplyDelete
    Replies
    1. මාතලන් දේශපාලන තීරු ලිපි එකතුවක් පොතකට ගත්තු දවසටත් එවන්න හොඳේ.

      Delete
  22. ලබන පාර ගන්න පොත් ලැයිස්තුවට තවත් නමක් එකතු කරගත්ත :)

    ReplyDelete
  23. මට වුනේ මාර වැඩක්. මම මේකට ගහපු කමෙන්ට් එක එකක් දිග වැඩිවුනා. අනික ඒකෙන් බ්ලොග් පෝස්ට් එකක් ලියන්න පුලුවන් බව වැටහුනා. ඒක නිසා ඉස්සෙල්ලම ඒක සේව් කරා to do list එකට.
    ඔය තව කාටවත් පොත් recommend කිරිල්ලත්, තව කාගෙවත් recommendations ඉල්ලාසිටීමත් මට නම් විකාරයක් වගේ පේන්නේ අවංකවම කිව්වොත්. මම කැමති තනියෙම ගවේශණය කරන්න.

    නමුත්... ඔව්, නමුත් මේ විස්තරය කියෙව්වට පස්සෙ මට හිතුනා මේ පොත කියවන්න. සාමාන්‍යයෙන් මට පොත් විචාරයක් කියවලා එහෙම හිතිලම නෑ. මම පොත් විචාරයක් කියෙව්වොත් ඒ කියවන්නේ මම කියවපු පොතක් ගැන විතරයි. ඔව් චිත්‍රපටිත් එහෙමයි.

    මේ පොත මට පේනේ Zoom in - Zoom out කතාවක් වගේ. ඒ කියන්නෙ අලුත්ම ආරක් වගේ.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ඒකත් නිකං මම මේ පෝස්ට් එක ලිව්ව වගේ.

      පොත කියවලා ඉවර වෙලා පසුවදන කියවන අතරෙ මට කෝල් එකක් එනවා. ඒකට ආන්සර් කරලා ෆෝන් එක අහකට විසි කරද්දි කන්පෙත්තෙ වැදිලා ෆේස්බුක් ඇප් එක ඕපන් වෙනවා. ඒ ගමන මම පොතේ ආතල් එක ෆේස්බුකේ ස්ටේටස් අප්ඩේට් එකක දානවා.

      ඒකට පට්ට කමෙන්ට් ගොඩක් වැටෙනව. ඔය අල්ලපනල්ලෙ එක්කෙනෙක් දෙන්නෙක් එතනට කතෘව ටැග් කරනව. ඉතින් මගෙ හැපි ඩබල් වෙලා මම කතෲතුමාට කියනව මේ ෆේස්බුක් දාපු පේලි දෙක නෙමෙයි, මම මේකට බ්ලොග් පෝස්ට් එකක් ලියනව කියල.

      ඔය අස්සෙ දෙන්නෙක්, ඔව් එයින් එක්කෙනෙක් පොත් ලියන්නෙක්, මට ඉන්බොක්ස් කරනව ඔය වගේ විකාර පොත් ගැන ලියලා කාලෙ නාස්ති කරගන්නවට වඩා නරකද 'හොඳ' 'සාහිත්‍යමය වටිනාකමක්' ඇති පොතක් ගැන ලිව්වොත් අරක මේක.

      ගේම නං ගේම!
      මම ඒ මැසේජ් දෙක කියෝපු ගමන් මේ ලිපිය ලියනවා.

      Delete
    3. මම ටෝක්ස් දුන්නට මාත් ආස නෑ සමහරු පොත් විචාරන විදියට. මේකනම් විචාරයක් නෙමෙයි, පොඩි පාඨක සටහනක්.

      හිහී! මට ෆිල්ම් කෙරුවාව කම්මැලියිනෙ ඩූඩ්. මම ආස ෆිල්ම් එකක හරි කතාව කියෝල, මම කැමති විදියට ඔලුව ඇතුලෙ ෆිල්ම් එකක් හදාගෙන බලන්න.

      Delete

  24. මේ පොත අහම්බෙන් හරි හම්බුනොත් අනිවා කියවනවා!!!
    රත්නපුර සරසවියත් අරවගේ ඉතින්...

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. සරසවි අයිතිකාරයා මේ කමෙන්ට්ස් දැක්කොත්? වැරදිලාවත් දැක්කොත්?

      Delete
  25. ඕකනේ බැරි ඉතිං. අවුරුද්දක් පෙරුම් පුරලා හිටියත් ගන්න වෙන්නේ පොත් ටිකක් විතරයි. ඒත් තමන් ගත්ත පොත් හැරුනාම අනිත් හැම පොත ගැනම වගේ අගේ කරලා කට්ටිය කතා වෙනවා. ඉතින් ගත්ත පොත් ගොඩ දිහා බලලා මම හූල්ලනවා

    ReplyDelete
    Replies
    1. තමන් අගේ කරන්නෙ තමන් ගත්ත පොත් ගැනනෙ.
      ඉතින් මම නම් මම ගත්ත පොත් රසවිඳලා ඒ ගැන අනිත් අයට කියනවා. හූල්ලන්නෙ නැතුව. ඔයත් ඒ දේම කරන්න. අපිට හීල්ලෙන විදියට. :)

      Delete
  26. නියම ඔත්තුවක් බස්සි....හොදම දවසේ ඇවිත් තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ශානු අක්කෝ!
      (රිද්මා අක්කිව කඩේ යවන්නද යන්නෙ මේ පාරත්?)

      Delete
  27. දිගම දවස හොදම දවස කියනව නෙ හෙක් පොතක් අතේ තියං ඉන්න දවස තරං දිග දවසක් මට ලොවෙත් ෑ
    ඔය පොත මේ පාර ගත්ත ඊළගට කියවන්න ඉන්නෙ ඒක... බලන්නං කියවලම මොකක් හරි දොඩන්නං..
    සටහන අගෙයි කියවන්න ආස ඇති කරනව ඒත් වෙන පෙතක් පැත්තකිං තියන්නෙ කෝමද
    ඒක පත් සිදුණු වසන්තයලු
    හෙහ්

    ReplyDelete
    Replies
    1. මම ඊගාවට කියවන්න ඉන්නෙ පත් සිඳුණු වසන්තය ලු.

      මේ රහස් කවුළුවෙන් එබුනට පස්සෙ කියෙව්වෙ 'අසමජ්ජාති ආදරය'ලු. ඊට කලින් කියෙව්වෙ 'තිත්ත තොල්' ලු. ඒ පොත් තුනම හොඳ උනාට 'වැදුනෙ' මේ පොතලු.

      Delete
  28. මේ පොත දැකලත් ගන්ට හිතුනේ නැත්තේ මොකද මන්දා?ආයෙත් පාරක් ලැබුනොත් උත්සහාකරලා බලන්නම් මමත් "සමනල්ලු"යන්නේ කොහේද හොයා ගන්ට.

    ReplyDelete
    Replies
    1. කියවලාම බලන්නකො මනෝ.

      Delete
  29. හෆොයි බස්සියේ මො කක්ද මේ කල අපරාදේ
    මං ඉතින් තවත් පොතක් කියවන්න එපැයි මේ කරපු වැඩෙන්

    ReplyDelete
    Replies
    1. පොත් කියවන එක අපරාදයක්යෑ අනේ. :P

      Delete
  30. ඔයා පොත් හැට ගානක් අරන් නේ... දැන් මේ පොත ගන්නම වෙනවානේ. අනිත් ඒවා ගැනත් විචාරයක් දෙනවද?

    ReplyDelete
    Replies
    1. නෑ නෑ. බයවෙන්න එපා. වැඩියෙ ලියන්න වෙන්නෙ නෑ.
      ඔක්තෝම්බර් කියන්නෙ පට්ට බිසී මාසයක්. :/

      Delete
  31. ඔය Frendship + Sex වලට කියන්නේ Fuck buddys කියල ලංකාවේ නැති උනාට වෙන රටවල නමි එහෙම උන් අනන්ත ඉන්නව උන් එවා වැඩිය ගනන් ගන්නෙ නැ

    ReplyDelete