Friday, October 16, 2015

රිවි රැසත් ගිරි හිසත් ඔබමයි - ඔබම පමණයි






බස්සිගේ පහ වසරේ ක්ලාස් මේට් කෙනෙක් ළඟදි චැට් එකක් දාලා අහනවා පිය ගුණ ගීයක් ලියල දෙන්න කියලා.


ඒ යාලුවා චූටි කාලෙ ඉඳන් හැදුනෙ තාත්තත් එක්ක. ඉතින් එයාගෙ තාත්තගේ උපන්දිනේ දවසේ තෑග්ගක් විදියට සිංදුවක් කරන්නයි එයාට උවමනා වෙලා තිබුනෙ.


ඉතින් මම කලබලෙන් සිංදුවක් ඩ්‍රාෆ්ට් කරලා යැව්වා. පුදුමයකට වගේ, එයා කිසිම වෙනස්කමක් නොකර ඒ සින්දුව ඒ විදියටම බාර ගත්තා.

මේ තියෙන්නේ ඒ සිංදුව.





දිවි නැවට මහ රුවල ඔබමයි
සවි ගෙනෙන දෙවි රුවද ඔබමයි
රිවි රැසත් ගිරි හිසත් ඔබමයි
ඔබම පමණයි
පියාණනි මගෙ ලොවම ඔබමයි


බිළිඳු මට කිරි පබළු ඇන්දූ
මුව පුරා හසරැලි පැළැන්දූ
මව් සෙනේ දුන් පිය නිරින්දූ
ඔබම පමණයි
පියාණනි මගෙ ලොවම ඔබමයි


රැකවරණ උඩු වියන් ඇතිරූ
මවු ගුණත් – පිය ගුණත් මහරූ
හදේ ගැඹුරේ රැඳුනු පිළිරූ
ඔබම පමණයි
පියාණනි මගෙ ලොවම ඔබමයි


ගායනය : මරීනා තමෙල්
ගේය පද : යශෝධා සම්මානි
සංගීතය : තරිඳු දිසානායක




86 comments:

  1. නියමයි. ගොඩක් පිය ගුණ ගී ලියවෙනවා මේ කාලේ . ඒක හොඳයි

    ReplyDelete
  2. රෑට අහල කොමෙන්ට් කොරන්නම්...

    පියවරුන්ට ගී ලියවෙන එක කොතරම් අපූරුද....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මාතලන්.

      සින්දුව අහලම අදහස් කියන්නකො.

      Delete
  3. ඔබට පියාගේ හැකියාව ලැබීම වාසනාවක්! තව ලියන්න

    ReplyDelete
    Replies
    1. තැන්කූ රොටියයියේ!
      ඔව්, මේ ලියන්නේ තාත්තා පිරැවූ තීන්තෙන් තමයි. :/

      Delete
  4. පදමාලාවේ තියෙන සරල සුන්දර ගතිය වෙනසක් ඕනේ නැහැ කියල හිතෙන්න ඇත්තේ. ගායනයත් හොඳයි. මියුසික් ගැන නම් කියන්න තේරෙන්නේ නැහැ.

    සින්දු ලියන එක ලේසි රාජකාරියක් නොවන බව දන්නා නිසාම මේ සිංදුවට ගරු කරනවා. නියමයි

    ReplyDelete
  5. පුදුමෙකට වගේ පදවැල් ටික සැට් වෙලා තියෙනවාය පබලු වැලක් වගේ.. හැක්.

    ReplyDelete
  6. ශහ්. බස්සිට නියමෙට සින්දුත් ලියතැහැකිනෙ. ගායනය සංගීතයත් ගැලපෙන විදිහට පාවිච්චි කරල තියෙනව. වීඩියෝව ගැන මම නොකියම ඉන්නම්.

    ReplyDelete
    Replies
    1. 'බසු ගීත' ලේබලය යටතේ බලන්න.

      මුකුත් නොකියම ඉන්න එපා. මේක ඇගේ පළමු ගීතය. ඔබේ අදහස් වටිනවා.

      Delete
  7. මව් ගුණ ගිතයක් ලියන්න ගියාම නම් කරුනු බොහෝ තිබුනත් පියවරුන් ගැන ලියන්න ගියාම කරුනු ගලපන එක අපහසුයි.
    බස්සි පියකුගේ ගුණය ගැන හොදින් දැනෙන විදියට ලියලා තිබෙනවා.මගේ පාසල් වැඩසටහන් වලදි මට මේ ගීතය ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මනෝ. අහන්නත් සතුටුයි ඒ ගැන.

      Delete
  8. Replies
    1. කවි වගේ නෙමෙයි නේද E de B M?
      ගද්‍යාබාධිත අපටත් තේරෙනව. හොඳට වදිනව

      Delete
    2. තැන්කූ තැන්කූ ඩබලටම!!

      Delete
  9. පිය ගුණ ගී හරි අඩුයි අප්පා....... අපිටත් හරි නින්දාවක් මේ අඩුව. සම්මානිට සම්මානයක් දෙන්න වටිනවා මේ වැඩේට.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි බණ්ඩා! :)

      Delete
  10. එල ද බ්‍රා
    පොඩි මෙන්ඩත් එක්කම අහන්නම්

    ReplyDelete
    Replies
    1. යා යා! ආඩම්බරෙන් අහපං.

      Delete
  11. උපේක්ශා අක්කා කිව්ව වගේම සින්දු ලියන එක ලේසි දෙයක් නෙමෙයි...ලස්සනයි බස්සි අක්කේ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මල්ලි!

      Delete
  12. මේකෙ මොනා කපන්න කොටන්නද නියමනෙ බස්සි. තාත්තෙක් විදිහට මටත් මේ සින්දුව හොදට දැනුන.

    ReplyDelete
    Replies
    1. තාත්තෙක් විදියට දැනුනා කියන රෙකමන්ඩේෂන් එක මට මාරම වටිනවා. ස්තූතියි අයියේ!

      Delete
  13. මවු පිය ගුණකද නමි කොතෙක් ලීව්වත් අවසන් කරන්න බැරි තරමට උතුම්ය.කවියෙකින්ත වත් එක කියා නිම කරන්න බැරි තරම්. ගොඩක් ලස්සනයි මස්සි.
    අපේ පැත්තටත් වේලාවක් තියනවානම් ඇවිත් යන්න http://aseniwesi.blogspot.com
    ජයවේවා...!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අසෙනි. ඇවිත් යන්න එන්නම් අනිවාර්යයෙන්ම!

      Delete
  14. අක්කේ... උඹට හරි යන්නේ ඔය ඩයලොග් මඟුල නෙවෙයි බං! පැන අතට ගනින්

    ReplyDelete
    Replies
    1. පෑන නෙමෙයි කී බෝඩ් එක. හී!
      බලමු ඈ. හැමෝමත් කියන එකේ.

      Delete
  15. ලස්සනයි බස්සි. දුලබ, ඒ වුනත් සරල වචන ලස්සනට ගලපලා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සිතූ!

      Delete
  16. ලස්සනම ලස්සනයි බස්සි අක්කේ............ පද මාලාවෙ වචන පට්ටෙටම ගැළපෙනවා............... සුපිරි.............

    ReplyDelete
    Replies
    1. අප්පේ! තැන්කූ තැන්කූ ආර්යන්!

      Delete
  17. සුපිරි.

    දැන් තියෙන ප්‍රශ්ණෙ ඉස්සර වගේ කොන්දේසි විරහිත ආදරයක් දක්වන්න පියෙකුටත් අමාරුයි අර සමහර පිම්පියෝ කරන වැඩ නිසා.

    මේ මෑතකදි මගෙ හිත සසල කලේ කම්මලයා දාලා තිබ්බ කමෙන්ට් එකක් දුව ගැන. ඒ දරුවා ඉස්කෝලෙදි අහලා තියෙන කතාවක් නිසා තාත්ත ලඟට එන්නත් බයක් දක්වනවලු. ඒක කියවපු මම තනියෙම දුක්වුනා මිසක් කම්මලයගෙන් වත් ඇහුවෙ නෑ ඒ ගැන. ඒක ඒ තරම් කණගා‍ටුදායකයි. ඒ තරම් හදවත් පාරවන සුළුයි.

    ReplyDelete
    Replies
    1. ඩුඩ් ,
      මොකද්ද මන්ද, මටත් ඒ කම්මලයාගේ වචන ටික පපුවේ ඇමිනුන කටුවක් වගේ, තාමත් රිදෙනවා. මමත් තනියෙන් කොච්චර සුසුම්ලැවද කියල මම විතරයි දන්නේ. කාට කියන්නද? මොකද බ්ලොග් එකේ තිබ්බ කියන්නය?

      Delete
    2. මම ඒ කමෙන්ටුව හරහා ගිහින් නෑ වගේ.

      ඇත්තටම, අපිත් දවසක් කතා උනා ඔය ගැන. මාධ්‍ය පහුගිය කාලෙ ට්‍රයි කලේ දූවරු බිලිගන්න පියවරුන්ගේ රැල්ලක් නිර්මාණය කරන්න නෙව. ඒ මිනිස්සුන්ට තමන්ගෙ ගෙවල්වලින්ම ඕකට විපාක ලැබෙයි කියලයි අපි කතා උනේ. ලොකු කම්පාවක් ඇති උනා ඩූඩ්ගෙ මේ කතාව දැකලා.

      Delete
  18. ලිවීම නම් නියමයි නේ...
    ඒකනේ ඔයාට ම කිව්වේ අර තරඟේ ගැන...
    දැම්ම ද අයදුම් පත්‍රයක්???

    නැද්ද ඇන්ඩි මට්ටමේ කතාවක් එහෙම???

    ReplyDelete
    Replies
    1. මේ දවස්වල වෙන වැඩක් වෙනුවෙන් සම්පූර්ණ කාලයම කැප කරලා නිසා අරකට අයදුම් කලේ නෑ. ඒත් ගොඩක් ස්තුතියි ඔයාට ඒ තරඟය දැක්කම මාව මතක් උනාට.

      ඇන්ඩි මට්ටමේ කතාවක් ලියන්න කාලෙ හරි වගේ නේද! බලමු.

      Delete
  19. තාත්තා කෙනෙක් ගැන හරිම සුන්දර විදිහට පද රචනා කරල තියෙනවා. ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සිතිජ ඉම!

      Delete
  20. තාත්තා කෙනෙක් ගැන හරිම සුන්දර විදිහට පද රචනා කරල තියෙනවා. ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සිතිජ ඉම!

      Delete
  21. හරිම අපූරුයි... උපන්දින තෑග්ගක් විදිහට මෙහෙම දෙයක් ලැබෙනකොට තාත්තට කොයිතරම් සතුටු හිතෙයිද...

    ReplyDelete
    Replies
    1. ඒකනෙ, ඒ තාත්තා දුවලා හතරදෙනෙක් එක්ක තනිකරල දාල අම්මා යන්න ගියාටත් පස්සෙ, පුදුම කැපකිරීමක් කලා ඒ දූවරු වෙනුවෙන්. ඒ කතාව ගලපන්න අපහසු නිසා මෙතන නොලිව්වෙ. ස්තූතියි තුශ්!

      Delete
  22. ෂෙහ්....ඉතාම අනර්ඝයි.....මේ...කොහෙන්ද මේක අහන්න පුලුවන්?

    ReplyDelete
    Replies
    1. ඇයි රවී අයියෙ අර සින්දුව දාල තියෙන්නෙ.

      Delete
    2. ප්‍රසන්න,

      අඩේ මම කමෙන්ට් එක දානකොට එතන හිස්නෙ තිබ්බෙ. මම ඒත් කල්පනා කලා මොකෝ මෙතන මෙච්චර ස්පේස් එකක් කියල.......සමහරවිට ලෝඩ් වෙන්න වෙලා යන්න ඇති….:)

      Delete
    3. සින්දුව ලෝඩ් වෙන්න පමා වෙන්නැති!
      ස්තූතියි රවි අයියේ!

      Delete
  23. නියම සින්දුවක්. ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. තැන්කූ ප්‍රසන්න අයියේ!

      Delete
  24. පද වැල් සරල උනත් තාත්තා කෙනෙක්ගේ ආදරය සරල වෙන්නේ නැහැ.හරිම ලස්සනයි යශෝ.

    ReplyDelete
  25. මමත් පොඩි කාලේ ඉඳන් හැදුනේ අප්පච්චි ගාව. පියගුණ ගීත බොහොම අඩුයි. මේ උත්සාහය හොඳයි. තව දෙක තුනක් ලියන්න අක්කේ!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අඟහරු මල්ලි!

      Delete
  26. මේ සින්දුව අහුනට පස්සෙ තාත්තගෙ මූණේ තියන හිනාව ගැන තමා මම හිතුවෙ. තාත්තගෙ උපන්දිනේ දවසට මේ වගේ දෙයක් දෙද්දි තාත්තගේ ඇස් නම් සතුටු කඳුළු වලින් පිරෙන එක නොඅනුමානයි :)

    ReplyDelete
    Replies
    1. ඒකනෙ. තාත්තා කෙනෙකුට දෙන්න පුලුවන් හොඳම තෑග්ගක් නේද!

      Delete
  27. තාත්තා කෙනෙක්ට තමන්ගෙ දූ සිගිත්ත දුකක් දුන්නත් සතුටින් බාර ගන්නව...එහෙව් එකේ තාත්තා මේ සින්දුව ඇහුවම චිත්ත සන්තානය තුල මොන තරම් සතුටක් නම් ඇති කර ගනීවිද

    ReplyDelete
    Replies
    1. ඔව් සිතිජ. ඒ තාත්තා ගොඩක් සතුටු වෙන්න ඇති!

      Delete
  28. බස්සි , මේ ගීතයේ වෙනස් කමක් කරන්න අවශ්‍ය වෙන්න අන්තිව ඇති, මොකද මේ ගීතය ඔයා ලියලා දුන්නා වුනාට ,මේක උඹේ හිතේ ගැඹුරින්ම ලියවෙච්ච ගීතයක් නිසා . ජයවේවා , ගීතයත් ගායනයත් සංගීතයත් ත්‍රිත්වයම ලගන්නා සුළුයි

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ ලව්පූසෝ!!

      Delete
  29. නන්දාගේ සිංදුව වගේ නෙ බං...

    “ඔබම පමණයි.. ඔබ අනන්තයි...“

    ReplyDelete
  30. බස්සියා වචන ටික නම් පුදුම ලස්සනක්.... හඩ,සංගීතය නියමෙට ගැලපෙනවා.... තව ,තවත් ගීත රචනයේ යෙදෙන්න ලැබේවායි සුබ පැතුම්!!!

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ ශානු අක්කියෝ!!

      Delete
  31. කලබලෙන් ලියලා මෙහෙමත් ලස්සන නම් නිවී සැනසිල්ලෙ ලිව්වොත් කොහොමද?
    හදපිරි සුභපැතුම් බස්!

    ReplyDelete
    Replies
    1. නිවී සැනසිල්ලේ ලියන්න වෙන්නෙ ඉතින් නාකිවෙලා මහළු නිවාසෙකට ගිය කාලෙක තමයි අනේ. :D

      Delete
  32. බොහොම අපූරුයි බස්සියෝ...

    සුබ පැතුම් එක හිතින්ම....

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ විභියෝ!!

      Delete
  33. නිර්මාණෙකට මූඩ් එක එන වෙලාවයි මාරයා එන වෙලාවයි කියන්න බෑ කියනවානෙ.කිසි කලබල ගතියක් පෙනෙන්නෑ.. නියමයි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. බස්සෙකේ එන වෙලාවටනම් කලබලේ ඉන්නෙ මම නෙමෙයි, බස් ඩ්‍රැයිවර්නෙ. :)

      බොහොම ස්තූතියි පැපෝ!

      Delete
  34. This comment has been removed by the author.

    ReplyDelete
  35. 1. ගී පබැඳීම අමාරුයි මම දන්නවා. ඒත් බස්සි ගැන මම දන්න පුංචි ප්‍රමාණය අනුව මීට වඩා දෙයක් කරන්න බස්සිට පුළුවන් කියල හිතෙනවා.( අවංකව හිතෙන දේ ).
    2. ගායනය හොඳයි. එත් තනුව වෙනස්වුනා නම් වඩා පද රචනයේ හැඩතල මීට වඩා එලියට ගන්න පුළුවන් කියලා හිතෙනවා.
    3. අහල නැති අය අහල බලන්න කසුන් මලයගෙ අප්පච්චී ගීතය. මෙතනනට කොටලා අහන්ඩ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චානා!
      ගොඩක් සතුටුයි ඔයාගෙ අදහස කෙලින්ම කියපු එක ගැන. එතකොට තමයි වැරදෙන තැන් හදාගෙන ඉස්සරහට යන්න පුලුවන්.

      මට සින්දු ලිවීම කියන්නෙ එපාවෙන සහ ඉතාම අමාරු වැඩක්. සමහරුන්ටනම් ඒ හැකියාව ඇඟේම තියෙනවා.

      Delete
  36. දෙකම හොඳයි බස්සි ළමයෝ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අජිත් අයියේ!

      Delete
  37. මේ ගායිකාව දන්නා කෙනෙක් නම් නෙවි. කටහඬ ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. මේ ඇගේ පළමු ගීතය. වෘත්තීයෙන් ගායිකාවක් නෙමෙයි. මේ ගීතය කලෙත් එයාගෙ තාත්තට උපන්දින තෑග්ග විදියට දෙන්න.

      Delete
  38. Replies
    1. මේ සහයෝගය අපිට ගොඩාක් වටිනව.

      Delete
  39. හරිම ලස්සනයි බස්සි. පද ගැලපීම ගැන කියන්න දෙයක් නෑ.

    ReplyDelete
  40. හරිම ලස්සනයි. මම ෆෝන් එකෙන් කථා කරනකොට පුතා මොන්ටිසෝරියේ කියලාදෙන සිංදු කියනවා.ඔයාගේ හැම පොස්ට් එකක්ම වගේ කියෙවුවා කොමෙන්ට් කරන්ඩ වෙලාව අඩුයි.
    සිංහල බ්ලොග්ගල

    ReplyDelete