Saturday, September 26, 2015

නික්මන





වැහි බිංදු නිය තුඩින්
තට්ටු කරන්නෙය කවුළුවට
ආචාරශීලීය 'චිටිචිටි චිචිටි' නද


මේ වගේ වැසි විය
ඔබ පැමිණ ගිය හැමදාම
ආවොතින් යායුතු බව
නොගොස් එන්නට බැරි බව
'චිටිචිටි චිචිටි' නදින් දොඩමින්

නෑ ඒ ඔබේ කටහඬ!


"
මං කැමති මීදුමට නික්මෙන්න.
පෙනී නොපෙනී ලැගුම්ගෙන
එලි තිතක් මෙන් නිවි නිවී දිදුලන්න.
නත්තල් ගහේ එල්ලූ - පොඩි විදුළි බුබුළු අර නිවෙන්නේ, දිලෙන්නේ
ඒ වගේ!
"


මං ගැයුවෙ නික්මන ගැනයි
ඒ දීර්ඝම සැඳෑ සාදය අවසන
දෙව්දාර රිකිලි අග
ඔංචිලි පැද්දෝහ සිඟිති පිණි බිඳු
ඔබේ ඇස් මරකත මැණික් මෙනි - ඇතුලතිනි දිලෙන්නේ...


ඉනික්බිති සමුගැනීමය.
බලාගෙන යද්දි මාෂා
පළමු හමුවේ, පළමු තත්පරෙත්
හුවමාරු උනේ සමුගැනීමේ හාදු ය.
චෙරි රසැති ඔබේ මුදු දෙතොලගින්
මගේ ගීතයක පුන ගැයුම නික්මෙයි

ඒ කියන්නේ
කවමදාවත්
මං අහන්නේ
කවමදාවත්
අපි අපිව හමුවුනේ නැතුවද?


වැහි මීදුමට එපිටින්
ඔබේ තාරුකා නෙත්‍ යුග දිසෙයි
නත්තල්ගහේ එල්ලූ විදුලි එලි මෙන්
ඔබ නිවෙයි - යලි දිලෙයි
ඒ කමටහන් කරමි
මමද නිවෙමින් දැල්වෙමි.


එන අයට නොගිහින් බැරිය
ගියොත් ආපසු එන්නෙය
මගේ අදිටන
ගිහින්, නෑවිත් ඉන්නය!





31 comments:

  1. ගියොත් යලි එන්නට හැකිය
    නොගිහින් එන්නට බැරිය
    ලොව ඇත්තේ යාම් සහ ඒම් පමණි....

    ReplyDelete
    Replies
    1. මම කැමතිම කියමනක් සුදු පූසෝ.

      Delete
  2. අපුරු පදවැලක් බස්සියෝ.....
    මලගිය ඇත්තෝ ...... ආපහු ආවද.....?

    ReplyDelete
    Replies
    1. ආපහු එන්නෙ නැතිබවයි කවියෙන් කියන්නෙ නිහිංසා.

      Delete
  3. ලස්සනයි නංගෝ....
    මලගිය ඇත්තා මලවුන්ගෙ අවුරුදු දාට ආපහු ඇවිත්ද?හිතට දැනුනා

    ReplyDelete
    Replies
    1. ආපහු එන්නෙ නැතිබවයි කවියෙන් කියන්නෙ නම් අක්කියෝ. තැන්කූ හොඳේ!!.

      Delete
  4. Replies
    1. මෙන්න දවසේ පළමු ජයග්‍රාහකයා!

      Delete
  5. බස්සි සෑහෙන දක්ෂියෙක් නොවැ.කවියේ පද පේලියකින් දහසක් අර්ථ.හැමෝටම එහෙම කවි හදන්න බැ.ජයෙන් ජය පතනවා

    ..///'චිටිචිටි චිචිටි' //...

    කසිභාරද්වාජ සූත්‍රයේ තියනවා ..චිචිචිටායති,චිටිචියාති..කියලා.ඒ වචන දෙකත් එක්ක මට එක්වරම මතකයට ආවා ඒ සුත්‍රයේ ඔය කොටස.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මනෝ.
      මේ නම් පාන්දර තුනට විතර වැස්සත් එක්ක ඇහැරුනු වෙලාවෙ මට වැස්සෙ සද්දෙ ඇහුන විදිය.

      ඒ සූත්‍රයේ "චිචිචිටායති - චිටිචියාති" කියලා කියවෙන්නෙ තෙල් පුපුරන විදියද?

      Delete
  6. තේරෙන්නේ නෑ. මට කාව්‍යමය රසස්වාදයක් ද මොකක්ද එකක් නැති නිසා වෙන්නැති.

    ReplyDelete
    Replies
    1. මට තේරෙන්න ලියාගන්න බැරුව ඇති.

      Delete
  7. Replies
    1. බොහොම ස්තූතියි රවි!

      Delete
  8. මස්ඉඹුල මහත්මයට පින්සිද්ධ වෙන්න වෙනදාටත් වැඩිය මම කවියට ප්‍රේම කරන්න පටන් අරන් :) .. කවිය ලස්සනයි අක්කේ.අර දමනය කතාවේ දෙවෙනි කොටස කියෙව්වේ නෑ තාම :( ඉවාන් අය්යත් කතාවක් ලියල වගේ කතා දෙකම හෙමිහිට කියවල කමෙන්ටුවක් දාන්නම් :)

    ReplyDelete
    Replies
    1. මසිඹුල අයියාව බුක්ෆෙයාරයෙදි මුණ ගැහුන. බොහොම සරල, සැහැල්ලු චරිතයක්.

      අන්න තුශානි දමනය කතාවට හතරවෙනි කොටසකුත් ලියනව. ඔයාට කියවන්න කතා ගොඩයි දැන්!

      Delete
  9. ගිහිං නෑවිත් ඉන්නට බැරිය
    වෙන තැනකට හරි ආපහු එන්න වෙනවාමය

    ReplyDelete
    Replies
    1. එහෙම නෑවිත් ඉන්න
      ඇතුලතින් දැල්වෙන්න
      ඇහැකි සමහර කෙනෙක් ඉන්නේය.

      පහන් නිවිලා යන්නෙ.
      හිම කෙඳිති පෙනී නොපෙනී යන්නෙ.
      ඒ වගේ!

      Delete
  10. නෑවිත් ඉන්න හැකි ආපහු එන්න හිත හදා ගන්න කම් විතරයිනේ.

    ReplyDelete
    Replies
    1. කමෙන්ට්ස් ටිකත් සුට්ටක් කියවන්නකො මනෝ.
      ඔයා කියන කෝණයෙනුත් මේ දිහා බලතැකි. වෙනස් දැක්මක්.

      Delete
  11. යෑම් ඊම් අතර සැරිසරද්දී....

    මගේ අදිටන
    ගිහින්, නෑවිත් ඉන්නය!

    කිව්වම හිත පත්ලඑම දැනුණා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දසත! :)

      Delete
  12. කියෙව්වා.

    ගිහින් එන්නම්.

    ReplyDelete
    Replies
    1. පරිස්සමෙන් ගිහින් එන්ඩ!

      Delete
  13. මගේ අදිටන
    ගිහින්, නෑවිත් ඉන්නය!

    මට සැරටම වැදුනේ මෙන්න මෙතන. බුද්ධාගමට අනුව නම් නිර්වාණ සම්පත්තිය ගැන යි මේ කියවෙන්නේ නේද ? අනගි යි බස්සියේ

    ReplyDelete
  14. නෑවිත් ඉන්නත් එපා.. ඇවිත් නවතින්නත් එපා.. පරිස්සමට ඇවිත් යන්න.. :)

    ReplyDelete
    Replies
    1. එහෙම අවුලක් නැද්ද කළණේ? :)

      Delete
  15. නෑවිත් ඉන්නත් එපා.. ඇවිත් නවතින්නත් එපා.. පරිස්සමට ඇවිත් යන්න.. :)

    ReplyDelete
  16. මගේ අදිටන
    ඉන්න, යළිත් නොමයන්න
    නොහැකි මුත්....

    ලස්සනයි
    ජයවේවා බස්!
    කෝ ලොසින්ජර?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි වර්ණ මල්ලි.

      මේ ටිකේ ආයෙම බිසී. :(

      Delete