"ඔයාට ඒක කියන්නම වෙනවා." මෙලීසා විසල් කරගත් දෑසින් ජෝෂුවාගේ මුහුණට එබුනාය.
"මගෙ ගැන පූර්ණ විශ්වාසය තියන්න ඔයාට පුලුවන් වෙන්න ඔන. එහෙම නේද? ඇරත්, මේ සිද්ධ වෙච්ච හැම දේකින්ම පස්සෙ." ඇගේ කටහඬ පොළඹවන සුළුය. කුතුහලයෙන් පිරිලාය. ජෝශුවා තවමත් සිතිවිල්ලේය, නිහඬවය.
"එහෙනම්. හොඳයි, ඔයාගෙ තීරණය ඒකනම්. මම මේ කියන්නෙ ඔයාගෙ අවසාන තීරණය මාව අවිශ්වාස කිරීම නිසා මට මුකුත්ම නොකිය අටු බකමූණෙක් වගේ බුම්මගෙන ඉන්න එකනම්" ඈ සෝෆාවට වැලමිට තබා වාරුගෙන කෙලින් වූවාය. "මම මෙතන තවත් තාවර වෙන එක තේරුමක් නෑ මම හිතන්නෙ."
මෙලීසා සිය රන්වන් කෙහෙ කැරලි දෙපසට පද්දවමින් නැගී සිටියාය. ජෝෂුවා කලබලයෙනි. ඔහුගේ උගුර ඇතුලෙන් පැටලිලි සහිත අපැහැදිලි හඬක් නික්මුණි.
"යන්ඩ එපා. මේ අහන්න. ඇත්තටම, මට ඔයාට කියන්න බැරි දෙයක් නෑ මේ ලෝකෙ. ඔයා දන්නවනෙ. ඒත්, ඒත් ප්‍රශ්ණෙ තමයි ඔයා මේ දේවල් අවිශ්වාස කරන්න තියෙන සම්භාවිතාව වැඩියි. මම කියන්නේ, කතාව හරි මැදදි කොට්ටයක් දෙකක් පොළවෙ ගහලා කේන්තිය ප්‍රකාශ කරලා නැගිටලා යන්න තියෙන සම්භාවිතාවය. එහෙම නොවෙනවනම්..."
"ඇත්තෙන්ම ජෝශුවා එහෙම වෙන්නෙ නෑ කියල මම ඔයාට අද හවස්වරුවට හය වතාවක් පොරොන්දු වෙලා තියෙනවා." මෙලීසා මද නොයිවසිල්ලෙන් පවසන්නී, දෙවුර හකුලා නොසන්සුන් බවක් පල කලාය.
"හොඳයි එහෙනම්. ඔයා පොරොන්දුව කඩ කරන්නෙ නැත්නම්." ජෝෂුවා බර හුස්මක් පහළ හෙලමින් සෝෆාව මත එරමිණිය ගොතාගෙන ඉදිරියටත් පසුපසටත් පැද්දෙන්නට වූවේය.
"ඔන්න අහගන්න!"
**********************
හැමදේම පටන් ගත්තෙ තාත්තට සේවා මාරුවක් ලැබීමත් එක්ක. අලුත් ගෙයක්, ඔව් ඒක ලොකු ගෙයක් තමයි, ඒත් කිසිම සිත් ඇදගන්නා සුළු බවක් නැහැ. අලුත් ඉස්කෝලයක්, වෙනස්ම නීති රීති ගොඩකුත් එක්ක. අලුත් යාලුවො, මම කියන්නෙ, පන්ති සගයො, මොකද එයාල එක්කෙනෙක්වත් මාව යාළුවෙක් විදියට බාරගන්න සූදානමින් හිටියෙ නැහැනෙ. කොහොමහරි, තාත්තගෙ කෙටි දැනුම් දීමකින් පස්සෙ අපි මේ ගෙදර පදිංචියට ආව.
හැමදාම කඩින් කඩ වැහි. මම හිතන්නේ මේ පලාතට ඉර එළියක් වැටෙන්නෙම නැද්ද කොහෙද. ඉර එළිය නැත්නම්, අඩුම තරමේ වැහි නැතුව හිම පතනයක්වත් තිබුනනම් හිත හදාගන්න තිබුනා. ඒත් හැමදවසක්ම ගෙවිල ගියේ වැහියි, තෙතයි, මඩයි එක්ක. ඒ මදිවට මට යාලුවො හොයාගන්න බැරි වුන නිසා, තාත්ත හැමදාම උදේට එයාගෙ ගොම කොලපාට කාර් එකෙන් මාව ඉස්කෝලෙට ඇරලවීම අමාරුවෙන් වුනත් ඉවසන්න සිද්ධවෙලා තිබුනා.
තාත්ත නම් කවදත්, ඕනෑම වෙනසක් දරාගත්තෙ බොහොම නම්‍යශීලීව. මේ විසාල ගෙදරවත්, අලුත් රැකියාවවත්, ලිස්සන වංගු සහිත පාරවල්වත්, අසාමාන්‍ය විදියට අධික බඩු මිලවත් එයාව සසල කලේ නෑ, එකම එක දෙයක් ඇරෙන්න.
ඒ තමයි අපේ වල් වැදුනු ගෙවත්ත.
ඉතින් අපි දෙන්නා තීරණය කලා මෙහෙ පදිංචියට ආපු පළවෙනි සති අන්තයේම ගෙවත්ත පිරිසිදු කිරීමෙන් පටන් ගන්න. දණක් උසට වැවුනු පඳුරු ගොන්න යට තිබුනෙ බොහොම මිල අධික රෝස මල් වගාවක්. ඒවා අමුතු හැඩේ මැටි පෝච්චි ඇතුලෙන් පිටතට වැඩිලා වල් පඳුරු අතරෙන් හුස්ම ගන්න ඉඩක් හොයමින් උන්නා.
වල් ගහනය මෙල්ල කරන්න සම්පූර්ණ සෙනසුරාදාවක්ම වැයවුනා. ඉයෑක්! මගේ අත්ල තරම් විශාල ගොලුබෙල්ලො වල් පඳුරු යටට වෙලා ඇස් ගෙඩි ඩොගිත්තාගෙන අපි දිහා බලාගෙන උන්නෙ තරෙහෙන් පිපිරෙමින්. හරියටම උන්ගෙ නිවාස සංකීර්ණය විනාශ කරන්න ආපු ත්‍රස්තවාදියො දෙන්නෙක් දිහා බලනව වගේ පිලිකුලෙන් සහ වෛරයෙන්. තාත්ත නම් කවදත් වගේ ඒ ගැන පැන්සයක්වත් මායිම් කලේ නෑ. ඒත්, මේ වැහි අඳුරයි, ලිස්සන සුළු සීතලයි නිසාද මන්දා, මගෙ හිතටනම් මහ අමුතු බයක් වගේ හැඟීමක් දැනෙමින් තිබුනා.
ඉරිදා උදේ අපි රෝස පෝච්චි පිළිවෙලකට අහුරන්න පටන් ගත්තා. සමහර රෝස මල් පීරිසි තරම් විසාලෙට වැඩිලා තිබුනෙ කොහොමද කියලා අපි කතා වුනේ පුදුමෙන්. මොකද, ඒවට කාලාන්තරේකින් මිනිස් අත්වලින් සාත්තුවක් ලැබුන බවට කිසිම සලකුණක් තිබුනෙ නැහැ. අපි නොනවත්වාම වැඩ කලා පැය ගානක්. ඉර අව්ව නැති එකේ එකම වාසියත් එච්චරයි. මහන්සිය අඩුවෙන් දැනීම.
අන්න ඒ අතරෙ තමයි මට ඒක හම්බුනේ!
ඒක මහ අමුතු හැඩේ මල් පෝච්චියක්. බයොලොජි ලැබ් එකේ වීදුරු බරණියක දාල තියෙන රෝස පාට මොළගෙඩියෙ හැඩේ මල් පෝච්චියක්. ඒකෙ තිබුනා බොහොම සියුම් කැටයම් දාස් ගානක්. ඇත්තටම දකින මුල් අවස්ථාවෙ ඒ කැටයම් අළු දුඹුරු පාට පෙඳ පාසිවලින් වැහිල තිබුනෙ. මම ඒක ඔසවන්න උත්සාහ කලත්, ඒක පසට මුල් ඇදලා වගේ, එහෙමත් නැත්නම් විසාල කාන්දමකින් අල්ලගෙන ඉන්නව වගේ මහ බරට දැනුනා.
"මේක හොලවන්නවත් බැහැනෙ." මම තාත්තට ඇහෙන්න කෑගැහුවා. දරුණු සාප කිරීමකුත් එක්ක.
"ජෝශුවා, ඔය විදියෙ වචන වලට ඇබ්බැහි වුනොත් ඔයාගෙ දිව වේළිච්ච ඇකේසියා කොලයක් වගේ ඇඹරිලා, ඇකිලිලා යාවි." තාත්තා කිවුවා. කොහොමත් එයා ඒවගේ කතා කියන්න දස්සයි. මොකද, එයාම කියන විදියට, එයාට තාම මාව පේන්නෙ නැපිය ඇඳගෙන ඉස්තෝප්පුව පුරා බඩගාපු 'හිංචි පිංචි ජෝ පැටියා' විදියටලු.
"ඔය මල් පෝච්චිය එහෙමම තිබුනාවෙ. ඒක එතැනට ගැලපෙනවා.හැබැයි, ඒක බදාගෙන ඉන්න ජරා පෙඳ පාසි තට්ටුවනම් අපිට සූරලා අයින් කරන්න වේවි." තාත්ත කිවුවේ තවත් මරාලයක් මගෙ ඔලුවට අත අරිමින්.
මම පරණ වයර් බුරුසුවක් අරගෙන පෝච්චිය වටේ මදින්න ගත්තා. අර සියුම් කැටයම් පැහැදිලිව දිස්වෙන්න ගත්තේ එතකොට. පිරමීඩ හැඩේ මාලිගා, ඒව ඇතුලෙ ඉන්න ඔළුව දිග රජවරු, පෙට්ටි හැඩේ බළල්ලු විතරක් නෙමෙයි, ඉලිප්සාකාර ආකාශ වස්තුත් ඒ අතර තිබුනා. හීනි රේඛා ලක්ෂ ගානක් නිසා මට ඒ පෝච්චිය පෙනුනෙ අර කිලුටු රෝස පාට මොළගෙඩිය වගේමයි. වතුර බාල්දි දෙකක් ඉවරවෙද්දි අර ඝනකම පෙඳ පාසි තට්ටුව සුඹුලක්වත් ඉතිරි නොවෙන්න සෝදලා අරින්න පුලුවන් උනා.
එතනින් නැගිටලා යන්න හදනකොටයි මගේ කකුල වැදිලා ඒ මල් පෝච්චිය බිමට පතබෑවුනේ.
ඔව් ඔයා අවිශ්වාස කරන එක සාධාරණයි. ඒත්, මට කරන්න පුලුවන් වුන එකම සාධාරණ උපකල්පනය වුනේ අච්චර බරට දැනෙන්න ඇත්තෙ මේ දැන් සෝදලා ඇරපු ඝනකම, ජරා පෙඳ පාසි තට්ටුව කියන එකයි.
බිම පෙරළුන මල් පෝච්චිය යට ඇති තඹ පාට දිලිසෙන යමක් මගෙ ඇහැට අහු වුනා. ඒ කණ්නාඩියක්. ඇස් කණ්නාඩියක්. තාත්තා ඒ වගේ දේවල් කුණු බාල්දියට විසිකරල දාන්න තත්පරයක්වත් පමා නොවෙන බව අත්දැකීමෙන් දන්න නිසත්, දැනටමත් අපිට ගෝනි දෙකක් පුරවලා කුණු තොගයක් තියෙන නිසාත් මම ඉක්මනටම ඒක කලිසම් සාක්කුවට ඔබා ගත්තා.
ඉරිදා හවස් වරුවෙන් වැඩි කොටසක් වැය වුනේ මාගලක් තරම් දිග, එපාකරපු රසායන විද්‍යා ව්‍යාපෘති වාර්තාවක් ලියන්න. මට මේ ඉස්කෝලෙ පේන්නම බැරි දේවල්වලින් එකක් තමයි ඔය කියන ව්‍යාපෘති. ඔලුවට උඩින් පරෙයියෙක් පියෑඹුවත් ඒකටත් වාර්තාවක් ඉල්ලාවි. අනික මගෙ ව්‍යාකරණයි, අක්ෂර වින්‍යාසයයි ගොඩ දාන්න බැරි තරම් අවුල්.
කොහොමහරි. මගෙ කුරුමිණි අකුරු පුලුවන් උපරිමේටම දිග ඇදලා ලියලා පිටු එකොළහමාරක් පුරවලා ඉවරවෙලා තමයි මම අර ඇස් කණ්නාඩිය අතට ගත්තේ.
ඒක ඇහේ දාගෙන බලද්දි කාමරේ පේන්න ගත්තෙ අඳුරු නිල් පාටකින්. හරියට වතුර යට ඉන්නවා වගෙයි. මම ඒක දාගෙන කාමරේ වටේට කැරකි කැරකී ඇවිද්දේ මම වතුර යට දර්ශනවලට පුංචි කාලේ ඉඳන් අසීමිත ආසාවක් දක්වපු හින්දයි. ඒ අතරෙ ඇහැ ගැටුන දෙයක් නිසා තව පොඩ්ඩෙන් මම කකුල පැටලිලා ඇදගෙන වැටෙනවා.
ඒ මගේ පාඩම් කාමරේ දොර. ඒකෙ විසාල රිදී පාට අකුරෙන් 'පිටවෙන්න' කියල ලියල තිබුනෙ ඊතල සලකුණක් එක්ක.
මම, ඕනැම සාමාන්‍ය මනුස්සයෙක් කරන විදියටම, කණ්නාඩිය ගලවල දොර දිහා බැලුවා. දොරපියන ඕක් පාටට, බුම්මගෙන, කෙලින් හිටගෙන උන්න, රිදී පාටක් ගැනවත්, අකුරු ගැනවත්, ඊතල සලකුණක් ගැනවත් හාංකවිසියක් දන්නෙ නැහැ වගේ. ඉතින් මම ආයෙම කණ්නාඩිය ඇතුලෙන් බැලුවා. තද නිල් පාට දොරපියනේ රිදී පාට අකුරු බැබලෙනවා.
ඉතින් මම කාමරෙන් පිට වුනා.
පඩිපෙල පහළට කුඩා ඊ හිස් තුනක් යොමු වෙලා තිබුනා. මම දිග පිමි දෙකකින් පඩිපෙල පහලට පැන්නෙ නොයිවසිල්ලෙන්. එතන තිබුන දෙගාරාවෙදි 'වමට හැරෙන්නැ'යි ලියවෙලා තිබුනේ වමට ඇලවුනු අකුරෙන්. එතනින් ඉදිරියට තිබුන පටු බරාඳය කෙලවර වෙනකම් ඇවිදගෙන ගිය මට හමුවුනේ දොරක්.
'ඩ්‍රම් පට් පට් ඩ්‍රම් පට් ඩ්‍රම් පට්' කියලයි ඒ දොරේ ලියල තිබුනෙ. කිසිම පැහැදිලි විසඳුමක් නැතිව හිස් වෙච්ච ඔළුගෙඩිය වෙහෙසවමින් මම එතනට වෙලා විනාඩි ගානක් අරමුණක් නැතිව හිටගෙන ඉන්න ඇති. 'ඩ්‍රම් පට් පට් ඩ්‍රම් පට් ඩ්‍රම් පට්' මම සිහින් හඬින් කිව්වේ 'අලි බබා සහ හොරු හතලිහ' කතාව මතක් වෙලා. වෙනසක් වුනේ නැති නිසා මම දොරට අත තද කරගෙන තරමක් ඉහල හඬකින් ආයෙමත් 'ඩ්‍රම් පට් පට් ඩ්‍රම් පට් ඩ්‍රම් පට්' කිවුවේ බොහොම පැහැදිලි උච්චාරණයකින්.
ඒත් දොර ඇරුනේ නෑ. මේ මොන විකාරයක්ද කියල හිතමින් මම දොරත්, බිත්තියත් අතර කෙලවරට ගුලිවෙලා කල්පනා කරමින් හිටියා. අත් සෝදා ගත්තත්, රෝස පාත්තියේ තිබුණු කළු පාට පස්වලින් නියපොතු පිරිලා ගිහින් බව මම දැක්කේ එතකොටයි. කළුපාට නියතුඩුවලින් මම අරමුණක් නැතුව දොර ලෑල්ලට තට්ටු කරන්නට වුනා.
~ මතු සබැඳි ~
ඔන්න මං ආස ජාතියේ කතාවක්. නියමයි. :D
ReplyDeleteඉතිරි කොටස හෙට පළකරන්නයි බලාපොරොත්තුව. ස්තූතියි සිතූ!
Deleteහොල්මන් ෆිල්ම් එකක් පටන් ගන්නද යන්නේ?
ReplyDeleteනෑ නෑ චූටි. මං හොල්මන්වලට බයයි.
Deleteසවුන්ඩ් ලැයික් අ ට්‍රාන්ස්ලේෂන්..
ReplyDeleteor an own creation influenced by many stories read?
Deleteමේ බී...
DeleteNo Dhesha its not a translation. This may sound like a translation due to the influence of several translations read over the years (as Pra Jay said).
Deleteහරි හරි කතාවක්. දාන්න දාන්න ඉතුරු ටිකත් ඉක්මනට ම දාන්න.
ReplyDeleteඑල එල! ඉතිරි කොටස හෙට.
Deleteබස්සි ස්ටයිල් ඉස්ටෝරියක ඇරඹුම..
ReplyDeleteඇත්තටම පාසි බැඳිලා තිබ්බේ මොලේද?
ජ ය වේ වා !!1
හිහී! හෙට ඉතිරි කොටසත් කියවලාම බලමුකො විදානේ!
Deleteනියම ආරම්භයක්.
ReplyDeleteමමත් දැන් අර දොර ගාවට වෙලා ඇස්ගෙඩි ඩොගිත්තාගෙන , කන්දෙක උස්සගෙන බලන් ඉන්නවලු ඈ .....
මාත් ඇස් දොගිත්තගෙන ඉන්නේ අර වැස්ස වැහැලා ඉවරවෙන්නේ කවදද බලන්න :d
Deleteබොහොම ස්තූතියි උපයා.
Deleteකෙටිකතාවක් අනේ. එක පෝස්ටුවකට දිග වැඩි නිසා කෑලි දෙකකට කැඩුවා. ඉතිරි කොටස කියවලා මට බනීද දන්නෙත් නෑ මෙයාලා.
ඔමායටනම් වැස්ස වැහැල ඉවරවෙනකම් සෑ......හෙන කාලයක් බලාගෙන ඉන්න වෙයි මං හිතන්නෙ. මොකද උපයා කිවුවනෙ ඒක ගොඩක් දිග කතාවක් කියලා.
Deleteඅඩේ කෝ දෙවැනි කොටස...
Deleteයකෝ මම තාම අර දොර ඉස්සරහ බන්.. පව් නැද්ද..?
හොදා
ReplyDeleteතැන්කූ වැවා!
Deleteහොදා
ReplyDeleteමේක මමත් කැමති ආකාරයේ කතාවක් වෙන්න තියෙන සම්භාවිතාවය වැඩියි. මම ආසම ෆැන්ටසිය තමයි අදිසි මිනිසෙක් වෙන්න. මට සැබෑ ජීවිතේ කරන්න ආසාවෙන් ඉන්න නමුත් ලැබිය හැකි ප්‍රතිඵලය දරුණු නිසා නොකර ඉන්න හුඟක් දේ කරන්න.
ReplyDeleteරෑට කලු ඇඳල හිනා නොවී ට්‍රයි කරල බැලුවද?
Deleteමොකටද බං ප්‍රාජේ කලු අඳින්නේ? :D
Deleteමම ඩූඩ්ගෙ බලාපොරොත්තු සුනු විසුනු කරයිද මන්දා. මේක අර වයස කන්ට්‍රෝල් කරන මැසිමෙ කතාව (the pink bow tie වගේ මතක) තියෙන්නෙ, ඒ ස්ටැයිල් එකේ විකාරයක්.
Deletesend me your e-mail address... soon....
ReplyDeletesammani.premaratne@gmail.com
Deleteඅඩේ ඔන්න මාව කොයිල් වෙන්නම ලියපු කතාවක් .මං පට්ට ආසයි.:) ඉතිරිය දැනගැනීමට නොඉවසිල්ලෙන් ඉමි.
ReplyDeleteහෙට ඉතිරි කෑල්ලත් කියවලාම ඉන්නකෝ දිලා.
Deleteවාව්! නියමායි! ඇඟ ලොමු දැහැගැන්වෙන ජාතියේ අද්භූත කතාවක් වගෙයි..
ReplyDeleteමම හොල්මන් කතාවලට පට්ට බයයි අනේමන්දා!
Deleteතෑන්ක්ස් මං ආස ජාතියේ කතාවක්
ReplyDeleteවෙල්කම් ඔමා!
Deleteකොටස් දෙකයි. හෙට ඉතුරු කොටස.
ශා ශා.. ශා.....
ReplyDeleteතැන්කෝ තැන්කෝ!!
Deleteයකෝ මේකේ ඉන්න එවුන්ට දාලා තියෙන නම් ටික.. හා හා අනික් එක දාපං ඉක්මනට..
ReplyDeleteනම් ටික අවුල්ද? සහනුයි, වින්ධ්‍යා (කැමීලියා)යි තමා නම් දෙක යෝජනා කලේ. ගිහින් උන් ඩබලට බැනපන් නම් අවුල්නං :P
Deleteමං හිතන්නේ මේ ආකෘතියෙන් කතාවක් ලියන්න පුළුවන් උඹට විතරයි, මෙහෙම පරිකල්පන හැකියාවක් ලියන්න පුළුවන් වුනු පලියට ලැබෙන්නේ නෑනේ. බලමු ඉවර වුනාම
ReplyDeleteහෙහේ! බලමු බලමු. හෙට විචාරයක් ලියපං.
Deleteමට කතා කියවන්න වෙලාව අඩුයි.ඔන්න ඔයාගේ කතාව කියවලා බැලුවා.
ReplyDeleteකතාවෙ තියනව නේද.. මුකුත්ම නොකිය අටු බකමූණෙක් වගේ බුම්මගෙන ඉන්න එකනම්... කියලා කෑල්ලක්.ඔය බස්සි බස්සට කියන වෙන නමක්ද.මම එහෙම ඇහුවෙ අපේ මායියත් රත්තරනේ කියන ඉහලම තැන ඉදලා පහලට එනකමි මට සැහෙන නමි ගොඩක් පාවිචි කරනවනේ ආදරේ සහා වරදේ ප්‍රමානය අනුව.
බස්සි පහලින් තියන පාරේ ගිහින් මෙ පෝස්ටි එකත් කියවලා එන්නකෝ වෙලාවක් ලැබුනම
Deleteපුංචි දියනිය,අදයි නුඹෙ උපන් දිනය
බස්සා කියන්නෙ බස්සි දාපු නමක් තමයි මනෝ. ඒ නම ලැබුන හැටිත් කලින් ලිපියක කියල තියෙනවා.
Deleteඔයාගෙ ලිපිය කියෙව්වා, ඒක ඉතාම සංවේදියි!
ඉක්මනට ඉතිරි කොටස දානවලු සුබ ආරංචියක් ... ඩ්‍රම් පට් පට් ඩ්‍රම් පට් ඩ්‍රම් පට්.. :D
ReplyDeleteහිහී! මේ අර 138 බස්වල කටඇරගෙන දොයියන ගෑල්ලමය නේද?!
Deleteහැඃ ??? මක් කිව්වා? ඔව් වෙන්නැති... කොහෙද වටේ උන් නිදාගන්නවද ඩ්‍රම් ගහනවද බලන්න මම ඇහැරලා ඉන්න එකක්යැ...
Deleteඑන්න මෙයා වාඩිවෙන්න... අපි ඉතින් එකම බෝට්ටුවේ කට්ටිය නොවැ
ඔව් ඔව් අන්න අර ගෑල්ලමය තමයි හැබැයි ඉතින් කට ඇරන් බුදියන්නේ නෑ දැන්. වස ලජ්ජවෙ බෑනෙ :D කොහොම නිදාගත්තත් දැන් කමක් නෑ මේ ඉන්නේ තවත් කෙනෙක් මං වගේම ;)
Deleteතව ටිකෙන් එක තැනක පෙඳ පාසි වගයක් අයින් කරන්න ගිහින් මාතලන් මිය යන්නත් ඉඩ තිබුනා.. ඉවානයයි තව එකෙකුයි තමයි කතාව දන්නේ... වෙලාවක ඒ ගැන ලියන්නම්...
ReplyDeleteමේවා නම් මට එච්චර දිරවන්නේ නෑ.. ඒත් ඉතින් මේ ජාතියේ ඒවා කියෙව්වේ නැත්තෙ ඇයි කියලා හිතෙන්න ලියලා තියෙනවා...
තැන්කූ මාතලන්. හැමෝගෙම ටේස්ට් එකට ගැලපෙන්න ලියන්න එපායැ.
Deleteවෙලාව නෑ කියල කල්දාන්නෙ නැතුව පෙඳපාසි කතාව ඉක්මනටම ලියන්න හොඳේ!
ආවා ආවා........මාත් ආවා.
ReplyDeleteඉතිරි කොටසත් කියවන්න සැදී පැහැදී බලා ඉන්නවා.
අනේ!! මෙලිසා පොත් කියෝන කෙනෙක් නම් අනිවාර්යෙන් ජෝෂුවා ව විස්වාස කරයි.මේ ,මම දැනටම විශ්වාස කරලා ඉවරයි :)
බස්සි ස්ටයිල් කතාවක්.. නියමයි..
ReplyDeleteදැන් ඉතින් හිත හිත ඉන්න එපැයි දොර කොහොම ඇරෙයිද කියලා .. හපොයි...
ඉක්මනට ඉතුරු ටිකත් ලියන්න..
අද තමා කියවනං පටන් ගත්තේ. ඇරඹුම නම් පෙනෙන විධිහට රහස් ගවේෂණයක් වගේ.
ReplyDelete