පළමු කොටස මෙතැනින්
මම දොරත්, බිත්තියත් අතර කෙලවරට ගුලිවෙලා කල්පනා කරමින් හිටියා. අත් සෝදා ගත්තත්, රෝස පාත්තියේ තිබුණු කළු පාට පස්වලින් නියපොතු පිරිලා ගිහින් බව මම දැක්කේ එතකොටයි. කළුපාට නියතුඩුවලින් මම අරමුණක් නැතුව දොර ලෑල්ලට තට්ටු කරන්නට වුනා.
'ඩ්‍රම් පට් පට් ඩ්‍රම් පට් ඩ්‍රම් පට්'
නොහිතපු විදියට සිහින් කිරි කිරි හඬක් නගමින් දොර පියන විවර වුනා. දොරට හේත්තු වෙලා හිටි මම, මකුළු දැල් පදාසයකුත් ඔළුවේ ඔතාගෙන ඉදිරියට තල්ලු වුනා. ඒ වගේ අනපේක්ෂිත ඉදිරි තල්ලුවක් නිසා වෙන්න පුලුවන් හොඳම දේ විදියට එතනින් පහල තිබුන කෙටි පඩිපෙළකින් මාව පහලට පෙරලිලා ගියේ රෙදි බෝනික්කෙක් වගේ.
පඩි පෙළ කෙලවර වුනේ කුඩා ශාලාවකින්. ඒ දකින්නේ හීනයක්ද, නැත්නම් හැබෑවක්දැයි මට හිතාගන්න බැරි වුනා. මම ඇස් කණ්නාඩිය ගලවලා බැලුවත් වෙනසක් වුනේ නෑ. ඒ කාමරයේ කහ පාට ප්‍රතිදීප්ත විදුලි ආලෝකය යටතේ විශාල පළිඟු ගෝලිකාවක් කැරකෙමින් තිබුනා. ඒ අසල, උස ස්ටූලයකුත්, ඊට සවි කල දිග මේස ලෑල්ලක් හා ස්පර්ශ සංවේදී තිරයකුත්, පිටුපස දිග රාමුවකට සවි කල ස්විච්චි සහ බොත්තම් රැසකුත් ඇහැට අසුවෙන අතරේ මම මාවම කොනිත්තාගෙන බැලුවේ මේක හීනයක්දැයි සැක හිතුන නිසයි.
විශ්වාස කරනවානම් විශ්වාස කරන්න. ඒ ගෝලිකාවෙන් නිරූපණය වුනේ පෘතුවි ගෝලය. මම කවදාවත් භූගෝල විද්‍යාව විෂයට මහලොකු කැමැත්තක් තිබුනෙ නෑ තමයි, ඒත්, කොලපාටින් තිතක් වගේ ලකුණු කරලා තිබුන අපේ නගරය මම එක්වරම අඳුනගත්තා. ඒ සතුටටම මම ඒ ලුමිනස් කොලපාට තිතට ඇඟිල්ලෙන් පොඩි තට්ටුවක් දැම්මා.
එක්වරම තිරය මත දිගහැරුනේ අපේ කුඩා නගරය. හැම ගෙයක්ම, ගහක් කොලක්ම, කුඩා අතුරු පාරක්ම ඒකෙ ඉතා පැහැදිලිව සටහන් වෙලා තිබුනා. ඒත්, ඒ අතරේ කුහුඹුවන්ගෙ ප්‍රමාණයේ මිනිස් රූප රැසක් එහා මෙහා ඇවිදිනවා පෙනුනා. ඉතින්, මම තිරයට ඇහැ ලං කරලා බැලුවා. ඒ හැම රූපයකින්ම නිරූපණය වුනේ අපේ නගරවැසියෝ....!
ටික වෙලාවක් අර ස්විච්චි, බොත්තම් සහ යතුරු එක්ක ගැවසෙනකොට මට හෙමින් හෙමින් අවබෝධ වෙන්න ගත්තා මෙතැනින් මට ඒ අයගේ හැසිරීම් පාලනය කරන්න පුලුවන් බව. යකඩ ඉන්නක් ගිල්ලා වගේ තනි කෙලින් පාරෙ ඇවිදින, මූණෙ හිනා පොදක් නැති අපේ ෂෙරිෆ්ව පරීක්ෂණේකට යොදාගන්න හිතහදාගන්න මට අමාරු උනේ නෑ.
මම ෂෙරිෆ්ව තැපැල් කන්තෝරුව එහාපැත්තෙ තියෙන මෙගා මාර්ට් එකට යවලා චොකලට් ඩිලයිට් අයිස්ක්‍රීම් දෙකක් මිලදී ගත්තා. සතියක් තිස්සෙම මෙගා මාර්ට් එක ඉස්සරහින් එහා මෙහා ගිහින් තිබුනත් චොකලට් ඩිලයිට් එකක් කන්න තරමට මුදලක් සාක්කුවෙ ඉතුරු වෙලා තිබුනෙ නෑ. කොහොමින් කොහොම හරි ෂෙරිෆ් අයිස්ක්‍රීම් දෙකක් දෑතින් අරන් අපේ ගේට්ටුව ගාවට එනකොටයි මම දැක්කේ තාත්තා ඇස් දෙක නළලට අරන් මිදුල හරහා ගේට්ටුව අරින්න දුවනවා.
"මේ, එන්න ඇතුලට මහත්මයා. ඒත් මොකද මේ අවේලාවෙ?" තාත්තගෙ කටහඬ ඇහෙද්දි මට දෙලෝ රත් වුනා. කලබලේට තාත්තව පාලනය කරන යතුරු හොයන අතරේ ෂෙරිෆ්ගේ කමිසෙ අයිස්ක්‍රීම් තලියක්ම තැවරුනේ මගේ අත්වැරැද්දෙන්.
තාත්තව නිදන කාමරේට පිටත් කරලා, මගේ චොකලට් ඩිලයිට් දෙක කාමරෙන් තියපු ෂෙරිෆ්ව පරෙස්සමට ගේට්ටුවෙන් එළියට යැව්වට පස්සෙ මම ඒ දෙන්නවම මගේ පාලනයෙන් මුදා හැරියා. ෂෙරිෆ් කමිසයේ තැවරුනු අයිස්ක්‍රීම් තලිය දිහාත්, ගුරු පාර අයිනෙ තිබුන ලොකු මැයිමාර ගහේ අතු දිහාත් මාරුවෙන් මාරුවට බලන හැටි දැක්කමනම් මට හොඳටෝම හිනා ගියා.
පහුවදා දවසම මම කල්පනා කලේ මේ අලුත් වාසනාවෙන් ප්‍රයෝජනයක් ගන්නෙ කොහොමද කියලයි. කොයිතරම් බර කල්පනාවක හිටියද කිවුවොත්, රසායන විද්‍යාව පාඩම ඉවරවෙලා මිස්ටර් හන්ටර් මගේ නම කියල තුන් පාරක් කෑ ගහනකම් මට ඇහුනෙත් නෑ. හැබැයි, එයා මගේ ව්‍යාපෘති වාර්තාව මූණට දමා ගහපු එකයි, පහුවදාට අලුතෙන්ම වාර්ථාවක් ලියාගෙන එන්න කියපු එකයි තමයි මට උහුලගන්න බැරි ලැජ්ජාවක් වුනේ.
මම දැක්ක, ලකුණු අනූ හයක් එක්ක රත්තරන් පාට පෑනකින් අති විශිෂ්ඨයි කියල ලියපු වන්යාගෙ වාර්ථාව. ඉතින්, විය යුතු පරිද්දෙන්ම මම කලේ වන්යා ලවා මගේ වාර්තාව ලියවාගෙන ගෙදරටම ගෙන්වා ගන්න එකයි. වාන්යාගෙ උදව්වෙන් මාස තුනක් යනකොට මම ඉස්කෝලෙ දක්ෂම ශිෂ්‍යයා බවටත් පත් වුනා.
සති කිහිපයක් යද්දි, පෝසත් නාකි ස්මිත් ගැන මට දැනගන්න ලැබුනෙ ඉස්කෝලෙ සගයන්ගෙන්මයි. ස්මිත් කිසිම කෙනෙකුට තමන්ගේ ගේ ඉස්සරහ පාරේ විනාඩි පහක් නැවතිලා ඉන්නවත් ඉඩ නොදෙන බවත්, උන්දෑ උතුරන්න සල්ලි තියෙන නාකි හොල්මනක් බවත් කියකියා ගමේ ගොඩක් දෙනෙක් අවලාද කියනවා මට ඇහිල තිබුනේ වරක් දෙවරක් නෙමෙයි. ඔය අතරේ එක සිකුරාදාවක නාකි ස්මිත් බස්තම ඇන ඇන මහ හදිස්සියකින් ඉස්කෝලෙට එනව මම දැක්කා.
මිනිහ කෙලින්ම ආවෙ ඔයා ගාවට. ඔයාගෙ අතේ තිබුන බාගයක් කාපු ලොකු රතු ඇපල් ගෙඩිය උදුරගෙන ඒ යකා නාකි අත් දෙක ඒ මේ අත විසි කර කර කෑ ගහනවත්, ඔයා කඳුළු පුරෝගෙන පන්ති කාමරේට දුවනවත් මම පිට්ටනිය කෙලවරට වෙලා බලන් හිටියා. ඒ වෙනකොටත් මම දැනගෙන උන්නා ඒ ඇපල් ගෙඩිය ඔයාගෙ ආදරවන්තයා ගිල්බර්ට් හොරකම් කරගෙන ඇවිත් තිබුනේ ස්මිත්ගේ ඇපල් වත්තෙන් බව. මං කියන්නේ, ඌ කොන්ද නැති හාල්පාරුවෙක්. නැද්ද? ඌට තිබුනා නියම පිරිමියෙක් විදියට ඔයා වෙනුවෙන් ඉදිරිපත් වෙන්න. නැද්ද?
එදා ඔයාගෙ රතු වෙලා ඉදිමිච්ච මූණ දැක්කම මට බොහොම කණගාටු හිතුනා. මේ.... මේ... ඒක ආදරයක් කිව්වත් වැරැද්දක් නෑ. අඳුර වැටුනට පස්සේ මම ස්මිත් ලව්වා එයාගෙ උද්‍යානයෙ තියෙන රතුම රතු, ලොකුම ලොකු ඇපල් ගෙඩි පහක් කඩාගෙන, පෙට්ටියක අහුරලා අපේ ගෙදරට ගෙන්වා ගත්ත. දකිනකොට කටට කෙළ ඉනුවත්, ඒ එකක්වත් නොකා මම පරෙස්සම් කලේ ඔයාට ඇපල් පෙට්ටිය තෑගි කරන්න. හැබැයි ඉතින් ඔයා පහුවදා මගේ ඇඟට කඩාපැනලා ඇපල් පෙට්ටිය පොළවෙ ගහපු හේතුවනම් මට තවමත් හිතාගන්න අමාරුයි.
කොහොමත්, ඒ වගේ සිදුවීමකින් පස්සෙ ඕනෙම කොල්ලෙක්ගේ ආත්ම ගරුත්වය තරමක් සසල වෙන එක පුදුමයක් නෙමෙයි. මම ස්මිත් ලව්වා සල්ලි මිටියක් ගෙන්නවාගත්තෙ ඒ නිසයි. මතක් කරල බලන්න. ඔයාට අයිස්ක්‍රීම් අරන් දෙන්න, බීෆ් බර්ගර් අරන් දෙන්න, පැණි දාපු අල තීරු අරන් දෙන්න මම කොයිතරම් නම් උත්සාහ කලාද! ඔයා ඒ එකකටවත් කැමති වුනේ නෑ නෙව. හිස්ටීරියාව හැදුන බැළලියෙක් වගේ මගේ ඔලුවට කඩන් පැන්න මිසක.
මට වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ. මට සිද්ධ වුනා ඔයාව මගේ පාලනය යටතට ගන්න.
ඔයා යාලුවොත් එක්ක කණ්ඩායම් ඇගැයීම කරමින් හිටපු හැන්දෑවක මම බොහොම සුළුවෙන් වැඩේ පටන් ගත්තා. ඕපදූපකාර රිබේකා විලියම්ස්ව ඔයා ගාවින් වාඩි කරවලා, ඔයාගෙ අතින් පොතේ අන්තිම පිටුව පිරෙන්න ලොකු හදවත් රූපයක් ඇතුලේ 'මම ජෝෂුවා සමග පෙමින්' කියලා ලියෙව්වේ මම. ඒ ගැන හැමෝම විහිළු කරද්දි ඔයා ඒ පිටුව සෙන්ටිමීටරේ කෑලි වලට ඉරලා දැම්මත්, රිබේකාට පින්සිද්ද වෙන්න පහුවදා වෙනකොට ලැව් ගින්නක් වගේ ඒ ආරංචිය මුලු ඉස්කෝලෙ පුරාම පැතිරිලා තිබුණා.
ඔයාව අපේ ගෙදරට ගෙන්න ගන්න සිද්ධ වුනේ ඉන් පස්සේ. ඔහොම ඔරවන්න එපා මෙලීසා. ඒක වුනේ ඔයාගෙ වරදින් නෙව. ඔයා ඒ කාලෙ මට යාලුකමින් සැලකුවෙ නෑ කොයියම්ම දවසකවත්. ඉතින් මම තීරණය කලා ඔයාව අපේ ගෙදරට ගෙන්නවා ගන්න.
පළවෙනිම දවසේ ඔයාට මල් වත්තේ රෝස පඳුරු අතරේ ඇවිදින්න සලස්වලා මම එතැනට ආපු වෙලාවෙ ඔයා මාව අඟුරු වෙලා යන තරමට ඔරවලා ආපහු යන්න ගිය නිසයි ඊගාව වතාවෙ මගෙ පුස්තකාල කාමරේ ඔයා ආසම විද්‍යා ප්‍රබන්ධවලින් පුරවලා ඔයාව එතනට ගෙන්වා ගන්න සිද්ධ වුනේ. පොත් කියවන්න තිබුණු උවමනාවටම ඔයා මගෙ යාලුවෙක් වුනා. මමත්, දවස ගානෙම ඔයාව අපේ ගෙදරට ගෙන්නවා ගත්තා. ඒ කිසිම දවසක, ඔයා අපේ ගේ ඇතුලට ඇතුල් වෙනකල්ම මම පේන්න නොහිටි බව කල්පනා කරල බැලුවොත් ඔයාට මතක් වෙයි.
අද සිද්ධ වුන දේ ගැන කියනවනම්, ගිල්බර්ට් මට දිගින් දිගටම ඇනුම්පද කිව්වා මම ඔයාට අල්ලස් දීලා යාලුකම් පවත්වන බවට. ඇත්ත ආදරයක් හැම වෙලාවෙම ද්වීපාර්ශ්වික විය යුතු බවත්, ඒ නිසා මම දවස ගානෙම ඔයාට අරන් දෙන තෑගිබෝග හිලව්වට ඔයාගෙන් මට ප්‍රසිද්ධියේ හාදුවක්වත්, නැත්නම් අඩුම තරමේ හදවත් හැඩේ චොකලට් පෙට්ටියක්වත් ලැබෙන්න ඕනෙ කියල කීවෙ විලියම්. ඉතින් මට සිද්ධ වුනා ඔයාව කඩේ යවලා චොකලට් පෙට්ටියක් මිලදීගන්න. හැබැයි ඔයා ඒක මට දෙන්න ඕනෙ පියවි සිහිකල්පනාව ඇතුව. එහෙම නොකලානම්, එයාල කියාවි ඔයා දුන්නු තෑග්ගක් කියලා මම බොරු මවාපෑමක් කරන බව.
**********************
"ඕක තමයි කතාව." ජෝෂුවා දෙපා දිගහැර, ටීපෝව මත වූ උස් වතුර වීදුරුව එක හුස්මට හමාර කර මෙලීසා දෙසට විමසුම් බැල්මක් හෙලීය.
මෙලීසාගේ කන්පෙති දෙකත්, දෙකොපුලත් බීට් අලයක් මෙන් රත් පැහැ ගැන්වී තිබිණි. ඈ යටිතොල දත් පේලි අතරේ ඒ මේ අත පෙරළමින් විකන්නට වූවාය.
"මං කිව්වනෙ. ඔන්න ඔයා මාව අවිශ්වාස කරන්න පටන් අරගෙන." ජෝෂුවා නොපහන් ස්වරයෙන් තෙපලේය. "මේ සිද්ධ වෙච්ච හැමදේකටම පස්සෙ, අවිශ්වාසයක් නිසා ඔයා මගෙත් එක්ක තරහ වෙනව කියන්නෙ නම් ලෝක අපරාදයක්!"
මෙලීසා තවම සිතිවිල්ලෙනි. අවසන, සෝෆාවෙන් බිමට පිනූ ඈ හඬ අවදි කලාය.
"මට ඒක බලන්න ඕනෙ.කරුණාකරලා." ඈ මිහිරි මදහසක් සමග ජෝෂුවා වෙත තවද ළං වූවාය.
"අනිවාර්යයෙන්ම ආදරිය! ඔයාට නොපෙන්වන රහසක් මගෙ ගාව නෑ."
ඉනික්බිති, අඳුරු බරාඳය කෙලවරින් 'ඩ්‍රම් පට් පට් ඩ්‍රම් පට් ඩ්‍රම් පට්' හඬක්ද, සිහින් කිරි කිරි හඬක්ද නැඟුනි. දීප්තිමත් කහ පැහැ ප්‍රතිදීප්ත පහනේ ආලෝකයෙන් මෙලීසාගේ උරබාහු බටර් පැහැයෙන් දිළිසෙන්නට විය. පළිඟු ගෝලිකාවෙන් තිරය මතට ඇදගත් කුඩා නගරයේ මිනිස්සු, තැන් තැන්වල විකාරරූපී රංගනයන් දක්වන්නට වීම වැඩි දෙනෙක්ගේ අවධානයට යොමු වූයේද නැත. සිය හිස ඇපල් ගසක තදින් හප්පා ගත් ගිල්බර්ට්, නළලෙහි සීරුම් තුවාල රැසක් සමහ කොරගසමින් නිවසට ඇදෙනු දක්නට ලැබීමත් හුදු අහම්බයක් පමණක්ම විය.
මෙලීසා හිස ගස්සා උස් ස්ටූලය මත හරි බරි ගැහී හිඳගත්තාය.
"එතකොට ජෝෂුවා, මේ මෙතැන ඉන්නේ ඔයාද?"
ජෝෂුවා හිස සැලීය. මෙලීසා ඒ කුඩා රූපයට නියතුඩින් ඇන්නාය.
**********************
"ජෝෂුවා, ඔය උණුවතුර බේසම මෙතනින් තියනවා." මෙලීසා සිය දෙපා ලී බංකුවක් මත රැඳවූයේ යතුරු පුවරුවෙන් දෑත ඉවතට නොගනිමිනි.
"ඔතන දණගහගෙන මගෙ කකුල් දෙක මසාජ් කරනව."
"ආන්න හරි. අන්න එහෙම. යන්තමට. ඔය විළුඹ ගාව රවුමට මසාජ් කරනව. ආන්න හරි!!!"
චාටර් ලියැවිල්ලක් නේද?
ReplyDeleteඔබේ දක්ෂතා විවිධයි. අවාසනාවකට මගේ රස විඳීමේ හැකියාව සීමා සහිතයි.
ReplyDeleteවෙලාවක් ලැබුණු විටක ඉයන්ගෙ අඩවියටත් ඇවිත් යන්න
ReplyDeleteඅනිවාර්යයෙන්ම ඉයන්! ස්තූතියි....
Deleteමේ ලියවිල්ල ගැන කියනවනම් උඹ මේ ලියන රටාව ගැන වෙලාවකට පුදුම හිතෙනවා. මොකද මෙහෙම හිතන්න එක්කෝ පිස්සු වෙන්න ඕන නැත්තන් ගංජා ගහල වෙන්න ඕන නැත්තම් කන පැලෙන්න බීලා ඉන්න ඕන කියලා මිනිස්සු හිතන නිසා . ඒ මොකකවත්නතුව නිර්මානශීලී මිනිසු බිහි වෙන්නේ නැතෙයි කියලා හිතන මිනිස්සුන්ට උඹ හොඳ කනේ පාරක් දෙනවා. මට මේක කියලා ඉවර වුනාම මෙතනින් එහාට කතාවක් ලියන්න හිතුනා ලියලා එවන්නද?
ReplyDeleteඒයි එව්වා හරි නැහැ හරිද මිත්‍රයා.. ලිව්වා නම් දාහන්කො උඹේ බ්ලොග් එකේ...
Deleteඅලේ .... දාහන්කො...
හිහී! උඹ ඔය කිව්ව කතාව මම නොතේරෙන්න දීලා ඇරියා "ඩොක්ටර් කානේෂන් සහ අභ්‍යන්තර මල් ගහණ" කතාවෙ.
Deleteඅනිවාර්යයෙන්ම ලියහන්. (මේ පිස්සු උපයට කියවන්න බ්ලොගේ දාන්න කලින්, මුලින්ම මට කියවන්න එවහන් ඈ?)
//"ඔතන දණගහගෙන මගෙ කකුල් දෙක මසාජ් කරනව." //
ReplyDeleteඅම්මෝ.. ප්‍රා ජේ එන්න කලිං මං යනවා … :D
ස්...ස්....ස්..... ප්‍රා නැතිවුනාට මේ අපි ඉන්නවා හැක හැක
Deleteහැක හැක! පව් වැඩේ අප්පා...
Deleteෂහ් නියමයි බස්සියෙ. බොහෝ දෙනා නොසිතන ආකාරයකට ඔයා මේ කතාව අරගෙන ගියා. මේ වගේ නවකතාවකුත් ලියලා දැම්මනම් අපි නොබල ඉන්නව ද?
ReplyDeleteඉන්නකෝ, ඔයාට කියවන්න අද හවසම තව කතාවක් ලියල දානව! :)
Deleteජෝෂුවාට හම්බ වෙන්න කලින් ඔය බෝලෙ අයිතිකාරයා මහත උඩු රැවුලක් තිබුණ පරණ නගරාධිපති තුමාද? (මමම නේද මේ කමෙන්ට් එක දාන්නේ?)
ReplyDeleteඔයාම තමයි කමෙන්ට දාන්නෙ ඉකෝන්. මොකද දැන් අපිට සුදු වෑන් ආතල් එක නෑනෙ.
Deleteමම ඔයාගේ පරන පෝස්ටි කියවන්න යනවා.ඔයා නියමෙට කතා ලියනවා බස්සි.මම මගේ දූට කතා හදලා කියනවා.දූ මට වඩා හොදට කතා හදලා මට කියලා දීලා තියනවා.ගෑණු ලමයි කතා හදන්න හරි දක්ෂයිනේ.(මම කීවෙ රටිටුන්ට හදන කතා එහෙම නෙවෙයි හොදේ)
ReplyDeleteඅපේ තාත්තත් මං පොඩිකාලෙ හැමදාම කතන්දර හදලා කිව්වා. ඉතින් මමත් පටන් ගත්තා තාත්තට කතන්දර හදලා කියල දෙන්න. ඒත් මගෙ කතන්දර ටික කියලා ඉවරකරන්න කලින් තාත්තා වළාකුළුවල පදිංචියට ගියා. :(
Delete(:
Deleteමෙලීසට ඕක කරගන්න ගෝලෙ සහය නැතිව නිකන්ම පුලුවං.. අපරාදෙ..
ReplyDeleteඕකනෙ කියන්නෙ..
සුපිරියි හොඳේ..
මේ.. කෝ අර පොඩි එවුන්ට ලියනවයි කියපු එක හැබෑට?
ජයවේවා..!!
අෆ්ෆා! ඒකත් ලියන්න ඕනෙනෙ. අනේ සොරි පැපෝ! වේටින් ලිස්ට් එකේ ලියන්න ඕනෙ දේවල් මහ තොගයක් තියෙනවා. ඉක්මනටම ලියන්නම් ඒක.
Deleteමේක ලියන්න කතා වස්තුව ඔළුවට ආව හැටි ගැන අහන්න යන්නෑ. මොකො උඹේ වයර් මාරු වෙලා කියලා කියන්න දැන් සාක්ෂි තියෙන නිසා..
ReplyDeleteහිහී!
Deleteමම ඉස්සර ඉඳන් දැනගෙන උන්නා මගේ අවුල තියෙන්නෙ ඔළුවෙ බව. මේ ටිකේ මැරෙයි කියලා බයට හිටු කියල ලියාගෙන ලියාගෙන යනව.
නියමයි! කතාවෙ අන්තිමට එනකංම මං හිතාගෙන හිටියෙ මේක පරිවර්තනයක් කියල.
ReplyDeleteතැන්කූ පරිකල්පන!
Deleteමේක, අවුරුදු ගානක් තිස්සේ පරිවර්තන පොත්වල ගිලී සිටීමෙන් ඇතිවූ අතුරු ආබාධයක්!
පලවෙනි කොටස පබ්ලිෂ් වෙලා තියෙනවා දැක්කෙත් නෑ.. දෙවෙනි කොටස කියවන්න කලින් ගිහින් එකත් කියෝලා අවා..
ReplyDeleteමේ වගේ ඒවාට තමයි මං හිතන්නේ ෆ්ලෑශ් ෆික්ෂන් (Flash Fiction) කියන්නේ.. වචන දාහකින් විතර හෝ ඊටත් අඩුවෙන් පුර්ණ පරිකල්පිතයක් ගොඩනගනවා අසුරු සැනකින්.. :)
ඔය අමාරු ඩිස්ක්‍රිප්ෂන් නැතුව ඕනිනම් කෙලින්ම 'බස්සි ස්ටයිල්' කියල කියන්නත් පුළුවන්.
එළ යැ!
බොහොම ස්තූතියි කලණේ!
Deleteමම ඉතින් සාහිත්‍යට අදාල ටෙක්නිකල් පැත්ත වැඩියෙ දන්නෙ නෑ. මෙහෙම හොඳා කියල හිතුන, ලිව්වා. :)
ඔන්න ඕක තමා ගෑනුන්ට රහස් කියන්න එපා කිය්නෙ උංදලා ඒකෙං අයුතු පරයෝජං ගන්නව
ReplyDeleteහොද වැඩේ ජෝෂුවාට.. මැටි අලයක් නෙ හිකිස්
පට්ට පට පට ඈ මල් හැත්තැවයි...
ජයවේවා
සිරාවටම ජෝෂුවා බහුතරයක් කොල්ලො වගේම මැටි අලයක් මහියො. හික්ස්!
Delete:P
තැන්කූ හොඳේ!
කෑවා නේද ජෝෂුවා වැඩේ!
ReplyDeleteඕකනේ කියන්නේ මැට්ටෙක්ට මොකක් දුන්නත් වැඩක් නැහැ කියල. ලෝකේ ඉන්න උන් ඔක්කොටම කොරන්න යන්නේ අර මෙලිසා වගේ තමන්ට යමක් කරගන්න දන්නේ නැහැනේ ලැබෙන දේකින් , නැද්ද?
මේ කතාවට මම කැමතියි. නමුත් පළවෙනි කොටසේ තිබ්බ රිද්මයත් කුතුහලයක් දෙවැනි කොටසේදී මොකද්දෝ එකක් නිසා බිඳිලා වගේ. හිත වෙනස් වෙන්න යමක් උනාද? ( හෙක්... මම මේ වෙඩිමක් කියනවා මගේ ඇහේ පරාලයක් තියාගෙන... හෙක්...) මම එහෙම කිව්වේ මට ඔය වගේ කතා ලියනකොට මැද්දෙන් එකෙක් ඇවිත් හැක්කපටස් එකක් දැම්මොත් ලියන්න ගිය දේ නෙවෙයි ලියවෙන්නේ. මට ඔහොම වෙලා තියෙනවා කිහිප සැරයක්. ඒ නිසා ලියාගෙන ලියාගෙන යනවා හෙට මැරෙයි සයිස් එකෙන් කවුරු මොනවා කිව්වත් අහන්නේ නැතුව. හැක්...
මම කිව්වේ අසාර්ථකයි කියල නෙවෙයි. හරිද?
තැන්කූ වේවා උපයෝ!
Deleteපළවෙනි කොටසේ තිබුන රිද්මය දෙවැනි කොටසෙදි කුඩු වෙලාද? වැඩේ තියෙන්නෙ උපයා මම මේක එක හුස්මට ලියාගෙන ගිය කතාවක්. අර මැරෙන්න ලං වෙලා ලියනව වගේම. ඒත් පෝස්ට් එක ප්‍රිවිව් කරල බලද්දි මට හිතුනා කතාව දිග වැඩියි කියල. ඒකයි කොටස් දෙකකට කඩලා පෝස්ට් දෙකක් විදියට දැම්මෙ. ඉතින්, රිද්මයේ අවුලක් තියේනම්, කිසිදු බාහිර බලපෑමක් නොවෙයි සුවාමීනි, එය මගේම මැටිභාවය නිසා සිදුවෙච්ච දෙයක්.
මේ, එව්වයින් වැඩක් නෑ. උඹ දැන් බොහොම හෙමින් අර වැස්ස ලියන්නෙ. අදවත් දාන්නකො අප්පා 17වෙනි කොටස.
කියෙව්වා... ඉවානයා කියලා තියෙන දේම තමයි කියන්න තියෙන්නේ...
ReplyDeleteහෙහේ! තැන්කූ හොඳේ...
Deleteපලවෙනි කොටස කියවද්දී මොකක්දෝ මෙව්වා එකක් තිබ්බා...... මේ කොටසේ ඒ මෙව්වා එක මෙව්වා වෙලා.........කොහොම උනත් අගේයැ.........
ReplyDeleteමෙව්වා කියන්නෙ කොව්වාද කියලා කිව්වානම් මෙව්වා එකට තව improvements එව්වා ටිකක් මෙව්වාකරගන්න තිබුන නෙ.
Deleteමගෙ පළවෙනි ප්‍රශ්ණය වුනේ මේක පරිවර්තනයක්ද කියලා අහන එක. නමුත් මට හිතුනා බසු මැතිණිය ඒකට කොතන හරි උත්තරයක් දීලා ඇති කියලා. ඉතින් මම පලමුකොටසට ගිහින් කමෙන්ට් කියවනකොට දැනගත්තා ඒකට උත්තරය.
ReplyDeleteඇත්තෙන්ම rag doll, heart shaped chocolate box වගේ යෙදුම් නිරන්තරයෙන්ම මගෙ ඔලුවට ආවා ඇතැම් තැන් කියවනකොට. මේක පරිවර්තනයක් නෙවෙයි කියලා හිතෙන්නේ නෑ කියවනකොට.
ඒ සමහරවිට අර ඉහත යෙදුම් නිසාත්, චරිත සහ පරිසරය නිසාත් වෙන්න පුලුවන්.
මොකද හුඟදෙනෙක් ලාංකික ලේඛකයෝ ලංකාවේ පුංචිබණ්ඩලාට, සමන්ලාට දයාවතීලාට, වෙල්යායට, හේනට, කොළඹ ගෙන්දගම් පොළොවට, ගාමන්ට් සහ පංසලට සීමා වෙන්න ඕනෙ කියන පූර්ව නිගමනයට එළඹිලා ඉන්න නිසා වෙන්නැති. ඒ නිසාම කෙනෙක් මේක බටහිර චින්තනය ඔලුවෙ පුරෝගෙන ලියපු සංකර නිර්මාණයක් කියලා කිව්වොත් මම පුදුම වෙන්නේ නෑ.
බටහිර චින්තනය ඔලුවෙ පුරෝගෙන ලියපු සංකර නිර්මාණයක් කියන්නේ ඩූඩ්ගෙ අදහස නෙමෙයි නේද? ඒක දැක්කම මං නිකන් ගැස්සිලා ගියා!
Delete:D
හරි හරි. ඔන්න දැනුයි ඩූඩ් කියන කතාව තේරුනේ. :)
Deleteමේකනෙ වැඩේ, ඔය වගේ වචන සිරිලංකාව වගේ දූපතක, පොඩි නගරෙක, වටේටම ගෙවල් ගොඩාරියක් විතරක් පේන ජනේලයක් අයිනෙ ඉඳන් ලියන කෙටිකතාවක් වගේ ලියැවිල්ලක් ඇතුලට රිංගන්නෙ, ඒ ලියන එකා, අවුරුදු විසිහයක් තිස්සේ කියවපු, තවමත් කියවන අටෝරාසියක් පොත්, පත්තර සහ සඟරා කෑලි නිසයි. ඒකෙ සම්පූර්ණ වැරැද්ද ඒ කතා ලියන එකාට අවුරුදු දෙකේ ඉඳන් අවුරුදු දොලහ වෙනකම්, සතියට දෙපාරක් අලුත් පොත් හෝ සඟරා ගෙනත් දුන්න හොඳම හොඳ තාත්තෙක්ගෙ. (අවුරුදු දොළහෙන් පස්සෙ පොත් ලැබුන හැටි වෙනම පෝස්ට් එකක ලියන්න වෙනව.)
මං හිතන්නෙ ලංකාවෙ පුංචිබණ්ඩලා, සමන්ලා, දයාවතීලා, වෙල්යායවල්, හේන්, කොළඹ ගෙන්දගම් පොළොව, ගාමන්ට් සහ පංසල් ගැන මට වඩා බොහොම හොඳට ලියන්න දක්ස අය ඕනෑතරම් ඉන්නව. කාලයක් යද්දි, මේ පොලව උඩ තෙම්පරාදු වෙනකොට මටත් ඒව ගැන දැනෙන්න ලියන්න පුලුවන් වෙයි. එතකන්, පුලු පුලුවන් විදියට රෙදි බෝනික්කොයි, හදවත් හැඩේ චොකලට් පෙට්ටියි, මේපල් කොලයි, ලැවැන්ඩර් මල් සුවඳයි, පැණි දාපු අල තීරුයි එක්ක ඔට්ටු වෙනවා. මං අහන්නෙ, එව්ව ගැනත් සිංහලෙන් ලියන්න කවුරු කවුරු හරි ඉන්න එපායැ. නැද්ද?
නැතුව. පරිකල්පනයට මායිම් නෑ. සාගර, මහාද්වීප විතරක් නෙවෙයි, ග්‍රහලෝක, ගැලැක්සි පවා මායිම් කරගන්න හොඳ නෑ.
Deleteඅරක මගෙ අදහසක් නොවෙයි, මම බොහෝවිට බැට කාපු අදහසක්. මම සිංහලයෙක්නම් මම අනිවා සම්භාව්‍යත්වයේ ප්‍රතිමූර්තීන් වන අමරදේවටයි, නන්දාමාලනීටයි, ගුණදාස කපුගේටයි, සුගතපාල ද සිල්වටයි, මාර්ටින් වික්‍රමසිංහටයි by default කොන්දේසි විරහිතව කැමති වෙන්න ඕනෙමයි. මම කරුමෙටවත් සංකරත්වයේ ප්‍රතිමූර්තිය වන මයිකල් ,මැඩෝනාටයි, බ්‍රැඩ් පිට්ටයි, නිකොලස් ස්පාර්ක්ස්ටයි කැමතිවුනොත් ඒ ගැන ලැජ්ජාවෙන ගමන් ඒක රහසක් හැටියට තියාගන්න ඕනේ. ... දන්නවනේ ඉතින්... :D
සමහර විට, 'ඔබේ රසවින්දනය ඉහලයි. මම තවම එතැනට ළඟාවී නැහැ' වෙන්නත් පුලුවනි.
ReplyDeleteමට හිතුනා දොරට තට්ටු කර කර ඉන්නකොට ඒක ඇරෙයි කියලා හි.. හි..
ReplyDeleteහපොයි... ජෝෂුවාට වෙච්ච දෙයක්.. අපරාදේ මෙලීසාට ඒක පෙන්නුවේ... එහෙම නොවුන නම් කොයි තරම් දේවල් කරන්න තිබුනද...
නියමයි බස්සී...
බොහොම ස්තූතියි තුශ්!!
Deleteකිසිසේත්ම වෙන්න බැහැ.
ReplyDeleteඋඹට මොලේ අමාරුව වැඩි වෙන තරමට අපිට කියවන්න ලැබෙන දේවල් විවිධයි.. ප්‍රසාරණාත්මකයි. කොට බක්සි..
ReplyDeleteඑක එක පොත් මතක් වෙනවා. ඩුඩ්ට වගේ එක එක වචන මතක් වෙනවා..මාත් හීන ලෝකේකට තල්ලු වෙලා යනවා..
දේශා හරියටම උපකල්පනය කරල නෙව මගේ මොලේ අමාරුව වැඩි වේගෙන එන විත්තිය. තැන්කූ වේවා හොඳේ!
Deleteමේ සාහිත්‍ය මාසෙවත් හාන්ස්ගෙ හරි ග්‍රිම්ස්ලගෙ හරි සුරංගනා කතා ටිකක් ට්‍රාන්ස්ලේට් කොරල බ්ලොගේ දාපියකො. ඇයි වදේ! :P
බස්සි ලස්සනට ගොතලා තියෙනවා. මේ වගේ රැකියා කරන්න වෙන අය ගැන තියෙන්නෙ හරිම දුකක්. කිසිම කෙනෙකුට පවුලක් රකින්න බඩගින්නක් නිවා ගන්න කල යුතු නොවූ දෙයක්. මොවුන්ට අපහාස කරන අය සහ කරදර කරන අයනම් කරගන්නේ පටිසන් දෙන පාප කර්ම. සමහර විට ඊලඟ භවයෙම ඒ වගේම තත්ත්වයකට වැටෙනවා වගේ. මෙවන් කෙනෙක් හමු උනොත් පුළුවන් උදව්ව්වක් කරන්න කිසිම ප්‍රයෝජනයක් ලබා නොගෙන.
ReplyDeleteහරිම රසවත් මේ කතාව.... ලියන්න බැරි වුනාට කියවනවා මම හැමෝම ලියන කතන්දර.. සුබ පැතුම්!!!
ReplyDeleteබස්සා පව්! බොට වටිනවද ඔහොම කට්ටකම් කරන්න.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteදිගටම කියවන්න හිතෙනේ කතාවක්.
ReplyDelete