Sunday, November 1, 2015

එතුමා ඇත්තටම අපිට කිරි දුන්නේය!





2010 අවුරුද්ද ඇරඹුණා පමණි. අපි කැළණිය සරසවියේ ෆ්‍රෙෂාලා වීමු. ඒ පොද්දන් (raggers) වූ ආර්ට් ෆැකල්ටියත්, අලයන් (anti-raggers) වූ සයන්ස් ෆැකල්ටියත් අතර ගිනි පුපුරු හුවමාරුවෙමින් පැවති සමයකි.


එදා මහ වලියකි. නවකවදයට විරුද්ධවය. මුලින් ෆැකල්ටි දෙක අතර ගල් පහරවල් හුවමාරු වෙයි. ඉනික්බිති හූ හඬය. පොලිස් මාමලා ෆැකල්ටි දෙක මායිමේ තාර පාර දිගේ අත්බැඳගෙන අලස බැල්මෙනි.
එක්වරම කිරි බවුසරයක් කන්ද නැගගෙන ආවේය.


"නවකවදේට විරුද්ධව කෑගහලා පුතාලට මහන්සිත් ඇති. බොමුද සීතල කිරි වීදුරුවක්?" පොලිස් මාමෙක් ඇසුවේ මහත් දයාවෙනි.


"වීදුරු මදිවෙයි වගේ. හෝස් එකෙන්ම දීලා දාපල්ලා."
ලොකු මාමෙක් ඕඩර් දුන්නේය.


කෙල්ලෝ වහවහා දිවගොස් අතට අහුවෙන බාල්දි, බේසම් සහ පනිට්ටුවලට වතුර එකතු කලේ කිරි බීමෙන් පසුව කටවටේ ඇඳෙන කිරි රැවුල් පිහදාගන්නය. ඉදිරිපෙල ඉන්න කොල්ලන්ට ටැප් හොයාගෙන දුවන්න වෙලාව මදි නිසා වතුර බාල්දි පුරවා ඉදිරියට යවන්නට සිදුවිය.


එක්වරම හෝස් ගා කිරි වහින්නට විය. අධිපීඩන හෝස් බටයකින් එල්ල කල කිරි වැස්ස මැද්දේ පැන්සලක් තරමේ "ට්‍රොනිකා" බිම ඇදවැටුනේ රෙදි බෝනික්කෙකු පරිද්දෙනි. අනිත් උන් වහවහා ඌව කැන්ටිමට ඔසවාගෙන ගියහ.


"පෙරේතකමට ඔහොමත් කිරි බොනවද බං? හුස්ම හිරවෙනකල්?" ප්‍රථමාධාර දෙන එවුන් ඌට ඇනුම්පද කියන්නටද විය.


දවල්ට කන්න දෙනවාද නැද්දැයි පොලිස් මාමලා සාකච්ඡාවකි. බඩපුරා කිරි බී උස්මුරුත්තාවට ඇවිත් තිබුන බැවින් අපි කෑම එපා වූවන් ලෙස පැත්ත වැටී සිටියෙමු.


නමුත් හවස් වෙද්දී යලිත් තත්වය උණුසුම් විය. පහරදීම්ය. කෑකෝගැසීම්ය. හූ හඬය.


"ළමයි මහන්සි වෙනවා. ආයෙ කිරි වේලක් දෙමු." ඕඩර් එක ලැබුනා පමණි. මූණකට හෝදාගෙන කිරි බොන්න හිතමින් අපි වතුරකරාම වෙත ඉගිලුනෙමු.


හුටා! වතුර කපලාය.


ඉනික්බිති ෆැකල්ටිය සිසාරා කිරි වහින්නට විය. අපි බිම පෙරලෙමින් කිරි බිව්වෙමු. තව බොන්න තව බොන්නැයි කියමින් දාරක ස්නේහනයෙන් මඩනා ලද පොලිස් මාමලා අපිට තවතවත් කිරි පෙවූහ.


ඇත්තමයි, අප්පච්චිගේ ඒ විසල් ස්නේහයේ මහිමයෙන් අපේ ඇස්වලින් දොඹගෙඩි සයිස් කඳුළු ගලායන්නට විය. අන්තිමේ ඇස් ගොරොක්මද මෙන් රතුවී, ඉදිමී, තඩිස්සි වී තිබුණේ මූණ හෝදන්නට වතුර බිංදුවක්වත් නැතිවූ හෙයිනි.


පහුවදා, ගම්‍ රටවල් බලාකියාගෙන එන්න අපිට සති තුනක අනපේක්ෂිත නිවාඩුවක්ද ලැබුණි.


එතුමා 2010දී අපිට කිරි දුන්නේ එහෙමය. කිරි උස්මුරුත්තා වී නොහිටියානං අපිට එදා දවල් කෑමත් අනිවා ඩෙෆා සෙට් වෙන්න තිබුන බව සහතිකය!


අළුත් ආණ්ඩුව වෙනසක් නොකර පෙර පරිද්දෙන්ම ළමයින්ට සලකන එක ගැන පට්ට සන්තෝසය. කැලේ මාරුවුනා කියලා කොටියාගේ පුල්ලි මාරුවිය යුතු නැත. ජාතියේ ජීවනාලිය දරුවන්ය. උන්ට පැණි බේරෙන්න කිරිපොවන එක කොයි ආණ්ඩුවෙත් යුතුකමය.




57 comments:

  1. මොනවා කියන්නද කියලා කල්පනා කළේ...........
    //ජාතියේ ජීවනාලිය දරුවන්ය. උන්ට පැණි බේරෙන්න කිරිපොවන එක කොයි ආණ්ඩුවෙත් යුතුකමය.//
    මොනා උනත් කියන්න ඕනි දේ ලස්සනට සුපිරියට ලියලා තියෙනව බස්සි අක්කේ.............නියමයි.

    ReplyDelete
    Replies
    1. කිව්වට වැඩක් තියේද කියන එකයි සුවර් නැත්තෙ මල්ලි.

      Delete
    2. හෙහ්.... සැක කරන්න දෙයක් නෑ..... කොච්චර කිව්වත් ඔච්චර තමයි..... ඒකනං සුවර්..........

      Delete
  2. මොන ආණ්ඩුව වුනත් ජීවනාලියට මෙහෙම සලකන එක ෆුල් මාවල්ස් ය...

    ReplyDelete
    Replies
    1. මුතු ඇටේ ලයිප් එක කවදත් පුල් මාවලස්ය

      Delete
  3. ඇට්ටි හැලෙන්න දීල තියනව බස්සියේ හැමදාමත් වගේ

    ReplyDelete
  4. .....//"නවකවදේට විරුද්ධව කෑගහලා පුතාලට මහන්සිත් ඇති. බොමුද සීතල කිරි වීදුරුවක්?"//.....

    මේ පොලිසියේ මාමලා ඒ වෙලාවට දක්වන සෙනෙහස දැක්කම මටනම් පව් කියලා හිතෙනවා.අපි වෙනුවෙන් නේද අප්පා මෙච්චර මහන්සි වෙන්නේ.කැලනි කැමිපස් හිටපු අපේ ලොකු අප්පොච්චගේ පුතාට උද්ඝෝෂණ වෙලාවේ වෙහස මහන්සිය යන්න කියලා කොන්ද මැදටම පතබාලා මාස්ජ් කරලා තිබුනා.යන්තම් කොදු ඇට නොකැඩි බේරුනා.පේරේ හිටපු අපේ මලයගේ දතකුත් ගලවලා දීලා තිබුනා.ඔය පොලු දෙක දෙක ගේන්නේ හිස් අතින් එන්න හොදනැති හින්දා....

    අපේ පවුලේ මමත් එක්කම උපාධි කාරයෝ ගොඩයි.මට උන් ඔක්කොම එක්ක තරහක් තියෙන්නේ.රටේ අනිත් උපාධිකාරයෝ එක්කත් තරහයි...මේ තරම් දක්ෂතා හැකියාවන් බුද්ධිය තිබුනා කියලා ඔය මහලොකු වැඩ කරන්න යන්න ඕනද.පොලොසියේ මාමාලටත් කරදරයක් නොවි ආණ්ඩුවලටත් කරදරයක් නොවි කාටවත් කරදරයක් නොවි ඔය ඉගෙන ගැනිල්ල පැත්තක තියලා,අම්බරුවෝ වගේ ඇතිවෙනකම් ගෙදරට වෙලා රස්තා පාරක් ගහගෙන ඉදලා,පස්සේ ඒකත් ඇතිවුන කාලේක ත්‍රිවිල් කට්ටක් පාරට දාගෙන ගංජා ටිකක එහෙට මෙහෙට ඇද්දත් ලොකු ගානක් හොයාගන්න පුලුවන්නේ.අනික එතකොට රටට බරක් වෙන්නෙත් නැ.ඒ විරතක්ද ඉංජිනේරැවෝ,ඩොක්ටර්ස්ලා වෙලා මොන කෙං ගෙඩියක් කරන්නද ?..මේක තේරෙන්නේ නැනේ අප්පා මේ ලමයින්ට...ඒකනේ පොලෝසියෙන් කිරි පොවන්නේ...බිව් මව් කිරි කටින් එන්න දෙන්නේ...

    ReplyDelete
    Replies
    1. අවම බලය පාවිච්චිකර ගහන්නේ දණහිසෙන් පහලටය. මේ ඇම්බැට්ට කොලු කුරුට්ටෝ ඒ වෙලාවේ ඔලුවෙන් හිටගෙන ඉඳලාය. උතුර දකුණ මාරු වූ අහිංසක පොලිස් මාමලා දණිහෙන් පහළ තිබුන ඔළු කටු කුඩුවෙන්න නෙලා ඇත.

      Delete
  5. //අලුත් ආණ්ඩුව වෙනසක් නොකර පෙර පරිද්දෙන්ම ළමයින්ට සළකන එක ගැන පට්ට සන්තෝසය. කැලේ මාරුවුණා කියලා කොටියාගේ පුල්ලි මාරුවිය යුතු නැත. ජාතියේ ජීවනාලිය දරුවන්ය. උන්ට පැණි බේරෙන්න කිරිපොවන එක කොයි ආණ්ඩුවෙත් යුතුකමය.//
    මුං කොටි නොවේ සුනඛයෝය.

    ReplyDelete
    Replies
    1. සුනඛයෝ පොලීසියයි. මම මේ කියන්නේ උන්ට අණ දෙන ඇත්තෝ ගැනය.

      Delete
    2. අණ දෙන එවුනුත් එකයි. අණ පිලිපදින වුනුත් එකයි.

      Delete
  6. කැළණිය කැම්පස් උනාට ඒකෙන් වෙන්ව ඉන්න උන එකෙන් සැහෙන්න පාඩුයි අප්ප. බස්සිල අම්බානක කිරි බොන සීන් එහෙම සේරම මිස් වෙලානි. තව මිස් උන දේවල් බොහෝයි

    ReplyDelete
    Replies
    1. අපරාදෙ. ආවනම් ඔයාලටත් කිරි බොන්න තිබුනා.

      Delete
  7. යහපාලන
    සුමුදු ආදරයේ
    හරස්කඩ

    ReplyDelete
  8. නියමයි මස්සිනේ දෙන එක සුපිරියට දිලා තියෙනවා.
    ජයවේවා....!

    ReplyDelete
  9. මේක අපෙයි පොලීසියෙයි පෞදගලික ප්‍රශ්ණයක්. මේකට අත දාන්න එන්න එපා. තමුසෙලට කොහේ තියෙන මොන අයිතියක්ද එහෙම කරන්න? අපි කොහොමත් ලඟදි බඳින්නයි ඉන්නෙත්. ඕවා මේ පරණ පින්තූර වගයක්.

    ReplyDelete
  10. / එදා මහ වලියකි. නවකවදයට විරුද්ධවය. මුලින් ෆැකල්ටි දෙක අතර ගල් පහරවල් හුවමාරු වෙයි. ඉනික්බිති හූ හඬය. /

    ඔන්න ඉතිං ඔය තියෙන්නෙ නිධාන කථාව, තමන්ගෙ ප්‍රශ්න තමන්ට කතාකරල සුහදව විසඳගන්ට බැරිවුනාම පිට එවුංගෙං ගුටිකන්ට වෙනවයි කියල කියන්ටත් දෙයක්ය? අහක යන නයි කතාව අහල ඇතිනෙ නේද?

    ශිෂ්‍යයින්ට තමන්ගෙ ප්‍රශ්න විසඳගන්ට බැරුව ගල්යුගයට ආපහු ගියහම පොලිසිය හිතන්ට ඇති මේ අනුංගෙ වලි බේරන්ට ඕක මැද්දට ගිහිල්ල අපි මොකටද නිකං ගල් පාරවල් කන්නෙ? මෙහෙ ඉඳලම දීල අදිමු වතුර පාරක් කියල. :)

    ReplyDelete
    Replies
    1. ඇන්ටිරැගර්ස්ලාට තැන තැන අල්ලාගෙන ගහද්දී, ෆැකල්ටියට ගල් ගහද්දී, එවකට හිටි ඩීන් තුමා යුනියන් ලීඩර්ස්ලාට කිට්ටු කර "මෙහෙම ගහද්දි නිකම් බලා ඉන්නවදැයි" අහද්දී වෙන හොඳ දෙයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද?

      ඇරත් රවී, වතුර?? වතුර???
      අපි ඒවාට කිව්වේ කඳුළු ගෑස් කියලාය. වතුර!

      Delete
    2. තව දෙයක්.
      මේ ගැන මාස ගණනක් තිස්සේ පැමිණිලි කර තියෙද්දිත් බකන්නිලාගෙන හිටියෙත් ඔය කියන පොලිස් උත්තමයෝම තමාය.

      Delete
    3. කවුද බොලේ ඒ ඩීන්? පොරත් ශිෂ්‍ය කාලේ වලියට බර එකෙක් වෙන්න ඇති!

      Delete
    4. ආ මේ කියන්නේ අර නාථ දෙවි නියෝජිත නලින්ද සිලුවා නේද?
      https://web.archive.org/web/20101208211048/http://www.kln.ac.lk/science/web/index.php/contact-us

      Delete
    5. අඩේ..සමාධිය භජනය කරන සේක්වා! කිරි මාමගෙ කතාව මම අදනෙ දැනගත්තෙ සික්... ඒ අනුව කලින් කමෙන්ට් එක මෙලෙස සංශෝධනය කරමි.

      මරු..කිරි මාමා චිරාත් කාලයක් දිනේවා!!!...එහෙම කිරි දුන්නු මනුස්සයටනේද බොලා පිටුපෑවෙ? සික් අන්තිමයි....:)

      Delete
    6. රසික :
      හහා... එයා තමයි. ආන්දෝලනාත්මක රිසර්ච් එකකට දෙයියෙක්ව ගාවලා සේරම විහිළුවක් කරලා තමනුත් විහිළුවක් වෙච්ච එක්කෙනා.

      Delete
    7. රවි :

      කිරිමාමගෙ කතාව නෙවැ නිමිත්ත. ඔය උඩම පින්තූරෙ තියෙන්නෙ.

      Delete
  11. මේ හැම දේම ගැන නැවත සිතා හා බැලිය යුතු කාලයයි.

    ReplyDelete
  12. http://sinhala.lankanewsweb.net/featured/nelum-yaya/item/1373-2015-11-01-23-49-06

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අජිත් අයියෙ.

      Delete
  13. පොලිස් මාමලා ඔලු පලන වෙලාවේ මමතුමා විශ්ව විද්‍යාල ප්‍රතිපාධන කොමිසම ඇතුලේය. එලියට බහින කොට දෙවන ලෝක යුද්ධය පැවැත්වෙමින් තිබුනි. සහෝදර ප්‍රේමයෙන් යුතුව පොලිස් මාමාලා සිසුන්ගේ ඔලු පැලුහ. තනි තරුවක් මගෙන් ඇහුවේ තෝත් පිකට් කලා නේද කියාය. යන්තම් රාජකාරී හැදුනුම්පත පෙන්වා මාරයාගෙන් ගැලවී ආවෙමි. මගේ අදහස දෙපාර්ශවයම වැරදි කරුවන් බවයි.

    ReplyDelete
    Replies
    1. මගේ අදහසත් එයම තමා. මට ඕනෑ වුනේ එදත් අදත් උද්ඝෝෂණවලට කිරි බෙදිල්ල සිදුවුන බව කියන්නටයි.

      Delete
    2. පොලීසිය පන්න පන්නා පහරදුන්නේත් අත්අඩංගුවට ගත්තේත් පොලිසියට ප්‍රතිප්‍රහාර එල්ල කල උන් පමණක් බව මම නිරික්ෂණය කලෙමි. සමහරක් සිසුවියන් හට ජලය ලබාදීමටත් කාරුණික විය

      Delete
  14. තුශානිත් ඉන්නේ ඒ අවටම හින්දා ඔය සිද්දිය මටත් හොඳට මතකයි... වදින්නම දීලා තියෙනවා.. නියමයි..

    ReplyDelete
    Replies
    1. හෙහ්! මුන් විතරක් නෙමෙයි අපිත් කිරි බිව්වා. අන්න ඒකයි පොයින්ට් එක.

      Delete
  15. ඔ..යෙස් යුතුකම් අපි වෙලාවට ඉෂ්ට කරනවා..

    ReplyDelete
    Replies
    1. දවල් කෑම මිස් උන එක තමයි අපරාදෙ.

      Delete
  16. මල් මසුරන් ලිවිල්ල නස්සියෝ..

    සත්තරන් වගේ ඉස්තරන්.. අම්මාපා...

    ReplyDelete
    Replies
    1. තැන්කූ බොස්. බුකියේ ලියා අමතක කරන්නට හිටි ලියවිල්ලක් බ්ලොගියට ගේන්න හිතුනේ මාතෙ දැක්කමයි.

      Delete
  17. කැලණියට කිරි, ගමට කැකිරි?

    ReplyDelete
    Replies
    1. කැම්පස් වැහුවම අවන්හල්, සිල්ලරකඩ, බෝඩින්හවුස්, පොත්සාප්පු හැම එකකටම කැකිරි තමා.

      Delete
  18. තාරා - හැරල්ඩ්, මෙව්වා එකේදී කාපුවා.. සබරේ අපිට ටොයිලට් ගිහිං හෝදගන්නවත් වතුර ඉල්ලලා කාපුවා තාම මතකයි. ඒ වගේම තමයි පඹහින්න පොලිස් මුරපොල, පඹහින්න පොලීසිය දක්වා උසස් කිරීමට අප විසින් කල මෙහෙය අපමනයි!!!


    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. //පඹහින්න පොලිස් මුරපොල, පඹහින්න පොලීසිය දක්වා උසස් කිරීමට අප විසින් කල මෙහෙය අපමනයි!!!//

      හප්පේ ආඩම්බර නොවී පුළුවනෑ!

      කිරි සලාකෙ කැළණියට බෙදලාම ඉවර වුනා කියල අන්තිමට කැම්පස් එකට කිව්වනෙ පොලීසියට ගෙවන්න කියල.

      Delete
  19. ඔය වැදගත් අමාත්‍යංශ ටික වැඩිය ජනාකීරන නොවෙන පැත්තකට අරන් ගියානම් ඔය කිරි බීමයි, කිරි බෙදිල්ලයි සාමාන්‍ය ජන ජීවිතයට කරදරයක් නැති විදිහට කරගන්න තිබුන. රැකියාව ඉවර වෙලා ගෙදර යන්න මරදානේ ස්ටේෂන් එකේ හිටපු අපිටත් , චන්ද්‍රිකාගේ කාලේ ජනබල මෙහෙයුම වෙලාවේ බෙදපු කිරි නොමිලේම ලැබුනා.. කොයිතරම් සංවේදී අවස්ථාවක්ද කියනවනම් සියලුම දුම්රිය මගීන් ගෙවල්වල ගයේ අඬ අඬා .. අහෝ මෙහෙමත් රටක්..

    ReplyDelete
    Replies
    1. ඇත්ත. විශ්වවිද්‍යාල ටිකයි, යූජීසී එකයි වෙනම සිටි එකකට ගෙනිච්චානම් කොයිතරම් පහසුද? එව්වා කොයි කාලෙ කෙරෙයිද කියන්නනම් බෑ. හැම මගුලම තියෙන්නෙ කොළඹ අස්සෙ නෙ.

      Delete
  20. සෙද්ද මම කියෙව්වා බුකියෙදි !

    එලෑ

    ෂෙයාර් කලෙත් එලම නිසා

    ReplyDelete
  21. හීනියට කන අතගාලා තියනවා.. පට්ට. උපරිමයි.

    ReplyDelete
  22. ඉතිං ආණ්ඩුව වෙනස් වෙලායැ. ඒ ආණ්ඩුවෙ උන්න උංම මේ ආණඩුවෙත් ඔය අගේට ඉන්නෙ...

    ReplyDelete
  23. වාර්තා පොත් අලුත් නොවුනට, හිටපු එතුමා ඔය කිරි කතාව කියපු දවස ගිනස් වාර්තාවක්ලු.
    එක දවසක වැඩිම යට‍ ඇඳුම් ප්‍රමාණයක් ඉරුන කියන්නෙ එදා!

    ReplyDelete
  24. ලොක්ක සද්ද නැතුව හිටිය නං ඉවරයි.. කිරි ටෝක් එකක් දීල සරම කඩල මූණ වහගත්ත වගේ වැඩක් උනේ...

    ReplyDelete
  25. අක්කේ එතුමා උඹලට කිරි පෙව්වා, අපිට බලාපොරොත්තු කඳු පෙව්වා. අපේ අන්ගෙවල් වලත් රතු ලේ ගලන බව උන් ලෝකෙටම පෙන්නලා දුන්න.

    ReplyDelete
  26. කැලනියට කිරි ජපුරට කැකිරි. අපිත් එක වසරෙ ඉන්න කාලෙ සති දෙකක්ම අකුලගෙන ගෙදර යන්න වාසනාවන්ත උනා මතකයි. එදත් කිරි මාමල කොයි වෙලාවෙද කිරි බෙදන්නෙ කියල බලං උන්නෙ අර තඩි වාහනෙත් තියාගෙන.


    බස්සිත් මගෙ බැචෙක්නෙ බලාගෙන යනකොට.

    ReplyDelete
  27. Dear Bassi. ....

    Thanks again for another episode about "Mahinda Mamage Milk Delivery" & "Ranil/Srisena Joint Venture of Milky Business".

    SriLanka will never reform.

    In 1988-89 period we were young students of schools in Southern Province. I was one of the witness of Army + Police brutality during that period.

    My father had his memory about 1971 uprising and he used to tell me about the stories of "Premawathie Manamperi" & Rohana Wijeweera movement.

    History will be repeated and happening again.

    That's what I believe. ....

    By the way many of my foreign friends got shocked after seeing photos of beating young students by Srilankan Police in public.

    That shouldn't be done.

    Minister of higher education need to address the issue in a very sensitive manner.
    Since he is another idiotic minster/sinister of Srilankan Government. ....what can we expect from him????

    Keep on writing Bassi

    We are reading ur blog.....don't stop....writing.

    ==Adrian Channa==

    ReplyDelete
  28. Dear Bassi. ....

    Thanks again for another episode about "Mahinda Mamage Milk Delivery" & "Ranil/Srisena Joint Venture of Milky Business".

    SriLanka will never reform.

    In 1988-89 period we were young students of schools in Southern Province. I was one of the witness of Army + Police brutality during that period.

    My father had his memory about 1971 uprising and he used to tell me about the stories of "Premawathie Manamperi" & Rohana Wijeweera movement.

    History will be repeated and happening again.

    That's what I believe. ....

    By the way many of my foreign friends got shocked after seeing photos of beating young students by Srilankan Police in public.

    That shouldn't be done.

    Minister of higher education need to address the issue in a very sensitive manner.
    Since he is another idiotic minster/sinister of Srilankan Government. ....what can we expect from him????

    Keep on writing Bassi

    We are reading ur blog.....don't stop....writing.

    ==Adrian Channa==

    ReplyDelete