Tuesday, November 17, 2015

ඔහොම වෙලා මදි ඔයාට!



නිමිත්ත :
ඉල් මහ විරු සමරු තුනක් - පුවතක්





උගුරු දණ්ඩ කකියනකං
මූණ කට්ට කළුවෙනකං 
කඳුළු පැනල ඇස්ගෙඩි ලොවිගෙඩි වෙනකං
වටරවුමේ වටේට විප්ලව කලාට
ඔහොම වෙලා මදි ඔයාට!


හඳ එළියෙන් පාප්ප කලවං කරද්දි
හඳට යන්න රතු ඉනිමංපෙති බඳිද්දි
ෆයිනල් එක ඇණ ගනිද්දි
ඉර නැත්තං හඳට වැලේවැල් නැතිබව
මං කිව්වා.
(මාස දෙකක් අහක බලං උන්නෙ ඔයා)


හැම අකුරම එක සමාන රතුපාටට
පේන්නෙ ඇස් දෙක රවටන හඳ එළියට
පනස් අටක් ප්‍රභේද තියෙනව ඔයාගෙ 'තනිපාට'ට
(වෙනස් වෙනස් නම් එක්කම)
ඔයා දන්නෙ නැතිවුනාට


පාටක් නැති ඉල් වැස්සට
රතු තීන්ත හේදෙනකොට
කාටත් හුරු උණු කඳුලක
අත් අල්ලං දියවෙමු අපි
පාට පාට හීන එක්ක
හැමදාටම!




66 comments:

  1. කලර් බ්ලයින්ඩ් මහත්තයෙක්ව මතක් වුනා

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. අපොයි මං කවුද එතුමාව නම් කරන්න. නානාප්‍රකාර විවිධාකාර වයිවර්ණ යාලුවෝ ගෝලයෝ එතුමාට ඉන්නව. දැන් මග එනවා ඇති. බස්සි ලියලතියෙන්නේ පොලිටිකල් කලර් ස්පෙක්ට්‍රම් එකක් ගැන නිසා එයට එතුමා බ්ලයින්ඩ් නොවන බව ප්‍රකාශකරමින් මගේ වචන ස්වල්පය මෙයින් හමාර කරල මං මාරු වෙන්නම්.

      ප ලි. මට මේ කවි තේරුනා ( මං හිතන්නෙ ). නියමයි.

      Delete
    3. ඕන් තොප්පිය දා ගත්තා....මේකා එක්ක බෑ බස්සි...අපි පොලිටිකලි බ්ල්යින්ඩ්ලුනේ....
      මට මතක් උනේ රතුපාට විතරක් පෙනිච්ච දැනිච්ච කටුබැද්දේ ඉඳන් ගල්කිස්සට එනකම් වම් පැත්තේ තිවුන බස් හෝල්ට් වල අපේම අතින් ලියවුන පෝස්ටර් ගහපු කාලයක් අපටත් තිබුනානේදැයි කියලා....ඒ උනාට අනිත් ඒවා ගානට බැලන්ස් කරපු නිසා කලර් විතරක් නෙවෙයි පොලිටිකලුත් බ්ල්යින්ඩ් වෙලා වැඩේ ෂේප් කරගත්තා...ඔන්න ඇත්ත...

      Delete
    4. //.ඒ උනාට අනිත් ඒවා ගානට බැලන්ස් කරපු නිසා ...//

      errr... ahem....hmmmm... bye !

      Delete
    5. ප්‍රාගේ ප.ලි. යට බොහොම ස්තූතියි!

      Delete
    6. ඔය රතුපාට විතරක්ම පෙනීම ඉතින් ලංකාවෙ බොහොමයක් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට පොදුයිනෙ චෙෆා. මට අවුල අර නිමිත්ත. රතු පාටින් දැකීම අවුලක් නෑ, ඒත් ඒ ඇතුලෙ ගැට්ටවල් හදාගන්න එකනම් පට්ටම අවුල්.

      Delete
    7. ඔය ඔක්කෝම සාමාන්‍ය මිනිස්සුනේ බස්සි..ඉතින් ගැට්ටවල් නැතිවෙන්නේ කොහෙමෙයි...මොන තරම් තියරි දැම්මත් උනුත් රෑට බත් ටිකක් කාලා නිදාගන්න ඈයෝ වෙච්චි..උන්ටම ඕක අමතක වෙනෝ ඉතින් කයිය ගහන කොටනම්...දැන් ඇමතියෙක් වෙලා ඉන්න එකෙක් අපිත් එක්ක හිටියා ඔය කිව්ව කාලේ..ඌ ඒ දවස් වල හිනා වෙන්නේ නෑ රටේ ප්‍රශ්න වැඩියි කියලා..ඒක ඇහුවාම අපිට දෙපැත්තෙන්ම හිනා....!

      Delete
    8. කැම්පස් එකට ගිය ගමන් රතු පාට පාවිච්චි කරන්නේ තමන්ගේ වාසියට මිසක් ශිශ්‍ය වර්ගයාට හොඳක් කරන්න නෙමේ. ඔක්කොම වියදම කම්කරුවගෙන්, ගොවියගෙන්, එකතු කරගන්න බදුවලින් කෙරෙනකුට, තව උන්ට ණයට හරි සල්ලි දීල හරි ඉගෙන ගන්න තියෙන මාර්ග වහන්න විතරයි රතුපාට ඕන වෙන්නෙ. ආණ්ඩුවෙන්ම දාපු පෞද්ගලික වෛද්‍ය විද්‍යාල එපා කියල රට ගිනි තියපු උන් පෞද්ගලික ඉස්පිරිතාල වල ලක්ශෙ දෙක ගන්නව එක ශල්‍ය කර්මෙකට. නම් වලින් කිව්වැහැකි. උන්ට නිකන් උගන්නත් ඕන, ඉවර උනාම රස්සාවලුත් ආණ්ඩුවෙන් දෙන්න ඕන. කාර් පර්මිටුත් ඕන. බදු ගෙවන්නත් බැහැ. ලංකාව ඉන්න අගාදයට හේතුව පලමුව දේශපාලඥ්ඥ්යො නම් දෙවෙනුව යුනිවසිටි ලමයි. Free Education කියන්නේ මිසක් Free access to Education නොමිලේ අධ්‍යාපනේ නෙමෙයි කියල කවද තේරෙයිද? මැද පෙරදිග බැලමෙහෙවර කම් කර කර දුක් විඳින ගෑණු ඉන රටක් වෙලා තියෙන්නෙ ඔය අධ්‍යාපනය හරිහස්සන්න දෙන්නෙ නැති කැම්පස් යන කාලකණ්නි නිසා තමයි.

      Delete
    9. ඔච්චර ගනන් ගන්න එපා ලෑන් අපි කියන ඒවා....

      Delete
    10. ඊයේ රෑ හීනෙනුත් චෙෆ් මහත්තයව පෙනුනා.. පරිස්සමින් පුතෝ.. නිව්න්නට සභාපති කම ලැබුනනේ???

      Delete
    11. චෙෆා මචං උඹ දන්නවනේ වෙන රටවලත් ශිෂ්‍ය ව‍යාපාර තියෙනවා. උන් පාරට බහින්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, එහෙම නැත්නම් ග්‍රීසියෙ වගේ දුප්පතුන්ගේ පහසුකම් කප්පාදු කරනකොට. ඒ කියන්නේ ආර්ත්මාර්ථකාමී අරමුණු වලට නෙමෙයි පොදු අරමුණු වලට. අපේ වුන් පාරට බහින්නේ කැම්පස් ඇවිල්ල ධනපති පන්තියට යන්න ටිකට් එක ලැබුණම තව වුන් ඒ පාරේ එන එක අඩුකරගන්න. පෞද්ගලික විශ්ව විද්‍යාලයක් දැම්මම ඒකට අව්ශ්‍ය ප්‍රමිතිය හදන්න එහෙම නෙමෙයි උන් ඉල්ලන්නෙ. උපාධි කඩේ වහන්න - නිදහස් අධ්‍යාපනය අනතුරේ කියල. උන් දන්නව ඒ ලෙවල් කරන 250,000 කට නිකන් උසස් අධ්‍යාපනය දෙන්න බැහැ කියල. ඔය පෝසත් එක රටක් වත් ඒක කරන්නෙ නැහැ. හිතල බලපන් අද රට තියෙන තත්ත්වයට මුන් වගකියන්න ඕනෙද නැද්ද කියල. ලෑන් හෙවත් ඉයන් :)

      Delete
    12. මොනව කරන්නද ඉයන් ඉතින්. ඒ මිනිස්සුන්ව පාවිච්චි වෙනවා. එච්චරයි.

      Delete
  2. ප්‍රතිගාමී කවි ලියපු බස්සියෝ!!

    විප්ලවේ කොරාම බලාගමුකො හිටන්!!!

    වටරවුම වටේට විප්ලව කරන එවුන් මෙරිගෝ රවුන්ඩ් එකෙන් කැරකිලා ඔළුව කොළොප්පන් වුණ දවසට විප්ලවේ වෙයි

    ReplyDelete
    Replies
    1. බුදු අම්මෝ ප්‍රගතිගාමී සහෝදරයෙක් ඇවිත්!
      ඒ වුනාට මම හිතන්නෙ රතු පාට වෙනවටත් වඩා අවර්ණ වීම වටිනවා. නැද්ද?

      මං කියන්නෙ උඩුවා, වටරවුම තුන්පැත්තෙන් විප්ලව තුනක් කරගෙන ඉස්සරහට එද්දි තමතමන්ගෙම ඔලුගෙඩි එකට හැප්පිලා වැටෙයි. ලොක්කො ටික මතුමහල්තලවලට වෙලා ශපාන් එකේ බලන් ඉඳීවි.

      Delete
    2. අපේ විප්ලව අයියල පරෙස්සං අනෙක් විප්ලව අයිය තෝරගන්න සටන්පාඨෙ මඟාරින්න... හැප්පෙන්නෙම නෑ...

      Delete
    3. බස්සි (Yash), දැන් දෙපාරක් විප්ලව කරලා ලක්ෂයකට කිට්ටුවෙන්න ද්වියලෝකයට යවපු විජේවීර සහෝදරයා, බැරිවෙලාවත් බලයට ආවනම් වෙන දේ කෙටියෙන්
      https://www.youtube.com/watch?v=1-SI8RF6wDE

      මේ තමයි පොල් පොට් සහෝදරයා ඔය වාමාංශික ස්වර්ගරාජ්‍ය වසර 4 කින් ගෙනාපු ආකාරයයි

      Delete
    4. මම විප්ලවයට විරුද්ධ නෑ. මේ විකාර වැඩ නිසා ප්‍රධාන අරමුණෙන් කැලේ පනින එකටයි විරුද්ධ.

      Delete
  3. පී‍ර‍ පෙ‍න‍ බු‍බු‍ලු‍ සි‍නා‍ සි‍සී‍
    සි‍හි‍ල්‍ ම‍ද‍ ප‍ව‍න‍ මා‍ ස‍ත‍ප‍යි‍
    බ‍ලා‍පො‍රො‍ත්‍තු‍වෙ‍ ස‍රුංග‍ලේ‍
    පාවී පාවී යයිමහ රෑ
    ඔබේ ලොවට සිහිනය ලංවී මහ රෑ..
    කළුවර සලු පැළඳූ
    හිම වැටෙනා මහ රාත්‍රියේ
    කිරි සුවඳක් දැවටී
    බිළිඳුන් දෙදෙනෙක් ගුලිවී
    '' ඒ වුශී දන්නවද වැඩක්''
    ඒ බිළිඳුන් දෙදෙනා
    වයසින් අවුරුදු විසි ගනනක්
    ලාලල ලාලාලා..

    මොකද මුරණ්ඩු වීලා සහෝදරයා
    නරක ලමයෙකු වීලා නීති කඩලා
    එකම අයියගෙ හිත රිදවන්නේ
    සහෝදරයා.........

    නා‍ට්‍ය‍ය‍ - පු‍ත්‍ර‍ ස‍මා‍ග‍ම‍

    ReplyDelete
  4. ...පාට පාට හීන එක්ක හැමදාටම!..

    මේ විප්ලවයත් කිරීමත් දියවෙලා යන පාට ස්වල්පයක් වගේයි නේද ?

    ReplyDelete
    Replies
    1. දැන් කෙරෙන 'සමහර' විප්ලවනම් එහෙම තමා මනෝ.

      Delete
  5. මනුස්සයෙකුට ඇහේ රුදාව හදා ගන්නේ නැතුව පහසුවෙන් කියවන්න පුළුවන් විදිහට මේ අටමගලේ හැදුවොත් මේ අකුරු වගේ ළාවට පේන සංඥා වගේ මොනවද මන්ද එව්වා ටික මක්කැයි කියල අපිටත් කියවල බලන්න තිබුනා...

    ReplyDelete
    Replies
    1. //ඇස් දෙක රවටන හඳ එළියට

      පනස් අටක් ප්‍රභේද තියෙනව//

      Delete
    2. දැන් හරි...
      කලින් මට පෙනුනේ සුදු පාටට හුරු බැක් ග්‍රවුන්ඩ් එකේ සුදු අකුරු. දැන්නම් ඇස්දෙක ටිකක් කිචි කැවෙනවා වගේ උනත් කියව ගන්න ඇහැකි...
      හරි කියෙව්වා, එතකොට දැන් මේ මොකක් ගැනද කියන්නේ... ;(

      Delete
    3. //ඔයාගෙ 'තනිපාට'ට

      (වෙනස් වෙනස් නම් එක්කම)

      ඔයා දන්නෙ නැතිවුනාට//

      Delete
    4. ඕනෙනම් ස්ක්‍රීන් ෂොට් එකක් එවන්නත් පුලුවනි ලොකූ. නැත්නම් අලුත් ටැබ් එකක ආයෙ ඕපන් කරල බලන්න.

      Delete
    5. ප්‍රා ඉතින් ලොකුපුතාගෙ කණ්නාඩිය මිස්ප්ලේස් උන එකත් ජෝක් එකට ගන්නවනෙ.

      Delete
    6. පිස්සුද බංස්ලා,
      මට බලන්න බැරි දේවල් කීපයක් තියෙනවා...
      ළඟ ඉරි තියෙන ෂර්ට් දිහා බලන්න බැහැ, ඇස්දෙක පේන්නේ නැතුව වගේ යනවා...
      කළු පසුබිමේ සුදු අකුරු බලන්න බැහැ...
      සුදු පසුබිමේ කළු අකුරුත් අමාරුයි, වර්ඩ් එක්සෙල් වලත් ගොඩ වෙලාවට පේජ් කලර් එක ඇහැට ප්‍රිය පාටකට හරවා ගන්නවා...
      එහෙව් මටනේ උඹල මේ කෝචොක් දාන්නේ...

      Delete
    7. මාර සීන්ස් එකක්නෙ ඒක!
      ඔහොම තමා බං. අපේ ඇස්වලත් මොන මොන සංකූලතා තියෙනවද කියල දෙයියො තමයි දන්නෙ ඉතින්.

      Delete
    8. ඇත්තම කිව්වොත් මටත් මේ කලු පසුබිමේ සුදු අකුරු මාරම අවුලක්. සාමාන්‍යයෙන් එහෙම මට අවුල් වගෙ බ්ලොග් මම කියවන්නෙම නෑ. ඒත් මේ යෝදි ලියන එව්ව නොකියව බැරිහින්දම බැරි මරගාතෙ කියවනව....:)

      Delete
    9. අනේ ඉතින්, බස්සො ඉන්නෙ කළුවරේනෙ. ඒකයි බ්ලොග් එක කළුපාට කරල තියෙන්නෙ නමට ගැලපෙන්න.

      රවි එහෙනම් කවි බ්ලොග් එක ටිකක් වැඩිපුර කියවන්නකො. ඒක කවුරුත් බලන්නෙම නැති ගානයි.

      Delete
  6. බස්සි සහෝදරී...,ඇත්තටම සහෝදරීගෙ මතය නිවරදියි.පශ්චාත් නූතනවාදී සුළු ධවල ධනේශ්වරවාදී කඳවුරුවල පිලිකනුවල ඔඩොක්කු කුක්කන්ගේ ඊනියා රැවටිලි සහගත වාග් ප්‍රපංචයන් හමුවේ මං මුලාවන සහෝදර ලෝහිත රුධිරය කැකෑරී...ඛෑ.හ්..ඛෑහ්.... හ්ම්ම්... (මට වතුර ටිකක් දියල්ලා.. {සූර පප්පා එරීනා වොයිස් එකෙන්}නෝනාවරුනි මහත්වරුනි..මුන් මට වතුර දෙන්නෙ නෑ..)
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. තව පොඩ්ඩෙන් මට ග්‍රස්තික නියුරෝසියාව හැදිල මැරිල වැටෙනව!

      Delete
  7. මොනා කියන්නද... නව ලිබරල්වාදේට විරුද්ධ වීම ලුනේ..

    ReplyDelete
    Replies
    1. කෑලි තුනකට කැඩුනම සනීප ඇති නේ එයාලට?

      Delete
  8. නියමයි........ ලේබල් දෙකනම් ලෙසටම ගැළපෙනවා මේකට...........

    ReplyDelete
  9. අැන්දිම සහ අැඳීම

    ReplyDelete
  10. චන්දය දෙන්නන්ට දඬුවම මරණය ..
    ටී 56..
    මෙවන් දෑ තාපවල බිත්තිවල ලියු එවුන් විප්ලව කලේ කුමටද කියාවත් ඔවුන් ටයරය උඩ මියයනතුරුම දැන උන්නේ නැත... විප්ලවය කාලානුරූපීව වෙනස්විය යුතුයයි නොසිතන වර්ණ අන්දතාවයෙන් පෙලුනාවූ ගොබ්බ විපලවවාදීන් සම හරක් තවමත් ඉල්ලන්නේ එදා ටයර් උඩ දැවුනා වූ විප්ලවයයි. විප්ලවයෙන් එලවා දැමු එවුන් කිඹුල් කඳුළු හෙලමින් මස් කටුවලට ඉව ඇල්ලීම දකිනා කල හිතට දැනෙන්නේ විප්ලවය ඇතුලේ යම් විප්ලවයක් සිදුවෙමින් පවතින සෙයකි.

    ReplyDelete
    Replies
    1. විප්ලවය ඇතුලෙ පර්සනල් ඇජෙන්ඩාවන්ට අනුව ක්ෂුද්‍ර විප්ලව අටෝරාසියක් අටවගන්න එක තමයි හේතුව.

      Delete
  11. අනේ අපොයි...ඔය පුවත එන්ගලන්තේ වෙන්න ඇත් ලංකාවේ කවදද ඔහොම පුවත් කිව්වේ :)

    ReplyDelete
    Replies
    1. අනිවා ශානු අක්කේ! එංගලන්තෙ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ!

      Delete
  12. රෙඩ් රෙඩ් වයින්.. එක එක විදියයි..

    ReplyDelete
  13. ඔය වයසට විප්ලව කරන්න ආසයිනේ යශෝ.එක නිසා විප්ලවාදී වෙන්නත් එක්ක ඔය විදියේ වැඩ වලට යොමු වෙනවා.

    කොහොම වෙතත් ඔය "ඉල් මහා සැමරුම්"තුනක් තියන එක විහිළුවක්.එකම අරමුණක් වෙනුවෙන් බෙදී ක්‍රියා කරනවාට වඩා සාර්ථක වෙන්නේ එක්ව ක්‍රියා කිරීමයි.කොහේද ඉතින් අර පැරා කියලා තියෙනවා වගේ මේ ගොල්ලෝ හැමෝම හිතන්නේ තමන් හරි අනිත් උන් වැරදියි කියලානේ.

    ReplyDelete
    Replies
    1. ඒ සමරු තුනේ අවුල තමයි නිමිත්ත මනෝ!

      Delete
  14. අර මාතලන් කියනවා වගේ මේ අම්මට සිරි ලංකාවෙ කලටි පොල් ගැන ජහ මනයා විදිහට අපි ලියන කවිත් නිකං විහිළු වගේ.....

    ReplyDelete
    Replies
    1. ඔහොම වෙලා මදි බස්සිට....

      Delete
    2. කොමඩි ගැන කොමඩි කවි නැතුව වෙන මොනවා ලියන්නද ජෙනේ?

      Delete
  15. නියම මාතෘකාව බස්සි අක්කා . පදවැලත් කදිමයි .
    අනේ අපේ රතු අයියලා ටිකටත් ඔය ටික කියාගන්ට තිබුණා නම්. කොහෙද පැහැදිලි කරන්ඩ බෑනෙ. දේශනා අහගෙන ඉන්න වෙනවනේ.
    ඔව්වට ගියාම ඉතිං ගැලවීම බොරු. දුප්පත්කම හා වෙනත් අසාධාරණකම් වලට ලක් වුණ ජීවිත ගැලවුම්කාර සිහිනයක හිර කරනවා උන්ට අමුතු දර්ශනයක් කියා දීලා. ඉන්පස්සේ ඉතිං අබිං කෑවා වගේ තමා.
    ජීවිතය ගැන යතාර්තවාදීව හිතනවා කියලා ෆැන්ටසියක ජීවත් වෙන්නට උගන්වලා අහිංසක ජීවිත මුලා කිරීමට හදවතින්ම නැගෙන විරෝධය !

    ReplyDelete
  16. මම මේක බුකියේ වින්දා...

    බුකියේ ගොනාට ඇඳලා ඉන්න සම හරක් කියන කතා ඇහුවාම මටත් චෙෆකිට වගේ පඩ යනවා හිටු කියලා...

    මේ රතු පාට උන් කටුස්සෝ වගේ සෙට් එකක්.. මොකෝ මුන් එකෙක්වත් උතුරු කොරියාවේ යන්න දඟලන්නේ නෑ.. අඩුම ගානේ මාළු බාන්න හරි දකුණු කොරියා තමයි යන්නේ...

    ReplyDelete
  17. ශිෂ්‍ය ව්‍යාපාරයේ මූලික හරයන් ගර්හාවට ලක් කරමින්, ඇති පාරිශුද්ධ වූ අපේ සහෝදරයින්ගේ රුධිර ගංගා ගලා ගිය මේ භුමිය මත සිට සමාජවාදී කොමියුනයක් ගොඩනැගීමේ අපේ පරම අභිලාෂයන්ට පටහැනිව යමින් , ජාතික විමුක්ති සටනේ තීව්‍රතාවය හීන කරවමින් , අපගේ කාඩර්වරුන්ගේ චිත්ත ධෛර්යය බිඳ හෙලීමේ බටහිර කුමන්ත්‍රණයේ දේශීය ඒජන්ත වරියට එරෙහිව නැගීසිටිමු

    ReplyDelete
  18. අච්චරට මෙච්චරනන් මෙච්චරට කොච්චරද කියලා කට වහගෙන හිටු බස්සියෙ.. :/

    ReplyDelete
  19. නියම කවිය බස්සි.දැන් පේන විදියට විජේවීර අයිති ඔය කොයි කට්ටියටද?මල ගිය ප්‍රාන කාරයෝ කීය ගානේ සම සමව බෙදාගෙන එයාලට පුන්‍යානුමෝදනා කරන්නද මේ හදන්නේ.ජාති ජාතිත් මෙවන් අකල් වියෝවන් නොවේවා කියල.නෑනේ තමන්ගෙ පිරිස් බලේ පෙන්නන්නනේ හදන්නේ.මුන් ඔක්කෝටම පිස්සු.ඒ පිස්සු ගැන කවි ලියන උඹටත් පිස්සු.කියවන අපිටත් පිස්සු.එංගලන්තෙ මහ පිස්සු රටක්.නැතෙයි???????
    අපේ බොසා කොටි 2ට කැඩුවා.පොදු පෙරමුන හෙල උරුමයත් රතු ගොයියලත් කැඩුවද මන්ද?රටත් ඒ විදියට කඩාවිද කියල බයේ බෑ

    ReplyDelete
  20. උන් පව් බං.... අනුකම්පා කරන්න ඕන මිනිස් කොට්ඨාශයක්....

    ReplyDelete
  21. Bassiyoo

    Libermann nitroso test reminded me few things with your post today.

    Before we enter to our higher educational institution.....we are so much neutral.
    At the higher educational Institute we be come Red....
    After the education and coming out of that institute.....we become Green or Blue.....

    Thanks for this nice post Bassiyoo

    =Adrian Channa from Toronto===

    ReplyDelete
  22. Bassiyoo

    Libermann nitroso test reminded me few things with your post today.

    Before we enter to our higher educational institution.....we are so much neutral.
    At the higher educational Institute we be come Red....
    After the education and coming out of that institute.....we become Green or Blue.....

    Thanks for this nice post Bassiyoo

    =Adrian Channa from Toronto===

    ReplyDelete