Monday, February 15, 2016

හෘද ගීතය




ඒ ශාරදයේ මැදියමකි. දෙනෙතු පිය විවර කල නමුත් ස්වප්නය පහලට ගලායමින් පවතියි. මිහිදුම පොරෝණාවක් මෙන් මා වසා වැතිරගෙනය. සිහිනයෙන් සවන් විත පුරා ඇදහැළුණු සුමධුර සංගීත රාවය එකදු ස්වර බිඳීමකුදු රහිතව, එකදු ස්වරමාන ගැටීමකුදු නොමැතිව, දියපෙතක් සා සුනම්‍යව මා වටා ගලා යයි. මම ආයාසයෙන් ගෙල වමට, දකුණට, නැවතත් වමට පෙරල පෙරලා බැලීමි. මේ පියවියයි.


ඒ සංගීත රාවය ‘එන්න, එන්නැයි’ අඬගසන්නාක් වැනි. ‘ඔට්ටු දෙන්නම් මා අල්ලාගන්නැයි’ පවසා පෙනෙන නොපෙනෙන මානයේ සැඟව ඉන්නාක් වැනි. ‘පැමිණ මා උරා ගන්නැයි, වැළැඳ ඒ තුල ගිලිගිලී යන්නැයි’ පොළඹවන්නාක් වැනි. ‘පොද වැස්සක්ව සිහින් දිය තුඩු කොපුල් මත ඇන අස්වසන්නෙමැයි' පිළිණ දෙන්නාක් වැනි.


මම බරැති ලොම් බ්ලැන්කෙට්ටුව තුලින් ලිස්සා දෙපතුල් රතු සිමෙන්ති පොළව මත්තේ තද කලෙමි. දුහුල් රෑ ඇඳුම පවා සසල වන තරම් ආවේගශීලිව ශීතල මා වෙලා ගත්තෙන් හීගඩු නැගෙන්නටද, රෑ ඇඳුම වෙව්ලුම්කන්නටද වී.


ඒ හඬ හඹා යා යුතු!


වළා පෙරහන්කඩින් පෙරි පෙරී ඇදහැලෙන සඳ එළිය ගෘහෝද්‍යානය මත ඇතිරූ රිදී ඇතිරිල්ලක් වැන්න. සිසිරය ලඟ ලඟම එන බැව් සන් කර වරින් වර ශීතල සුලං කැරලි නිරාවරණය වූ උරබාහු මත කෙලිසෙල්ලමට මෙන් හැපී දඟ පා, කෙහෙ කැරැල්ලක් අවුස්සා ඉහළ නැගෙයි. තුරු පත්හි සිරිසිරිය පවා සංගීත රාවය තුල කිමිද සැඟවී අතුරුදන් වූවා වැන්න.  හාත්පස ඒ සා නිශ්චලය.  ඒ සා නිදහස් ය.


උද්‍යානයේ වම් අන්තයේ පැන නැඟි සුවිසල් ඕක් ගසකි. ඒ අභ්‍යන්තරයෙන් විහිදෙන ආලෝක දහරකි. සඳ ඕක් පත් අතර සැඟවගෙන ය. ඕක් පත් අගිස්සෙන් කිරණ විහිදුවමින්ය. රිදී ඇතිරිලි වියන ඇරඹෙන්නේ එතැනිනි. ස්වර ඇල්ල උපදින්නේද එතැනිනි.


අඳුරට හුරුපුරුදු වූ දෙනෙතු මත ඕ එක්වරම ප්‍රාදුර්භූත වූවාය. ඕ තෝමෝ ඕක් අත්තක් මෙන් සිහින් ය. හැඩ ඇතිය. ඕක් කඳ පාමුලින්, ඈ තුලින්, බුබුළු දමමින් නැගී ආයේ වීණා නාදයකි. නටු අගින් ගිලිහුන ඕක් පත් ඈ වටා සර්පිලාකාරව සුළි කැරකෙමින් රඟන්නට වූයේ කුඩා සමනලුන් අහිනක සිරි කැඳවමිනි.


මට ඒ සැබෑ ඕක් පත්‍රදැයි අතගා බලන්නට ඕනෑ විය. එ'තුල යම් මායාමය බලයක් ගැබ්ව ඇත්දැයි දිව ගා බලන්නට ඕනෑ විය. වෙණ නද හා අනුනාද වෙමින් පොපියන ඇගේ රත් දෙතොල යන්තම් සපා බලන්නට ඕනෑ විය. වියරු සුළඟක් වන්ව සසැලෙන ඇගේ කිරි පැහැ බාහුව මත මුදු චුම්භන සතක් පතිත කරන්නට වුවමනා විය. 


නමුත්;
මගේ දෙපා අකීකරු ඕක් මුල්වලින් තදින් වෙලාගෙනය. 
විළුඹ වටා සිහින් මුල් විලංගු ලා ගෙනය.


පත් මතින් පෙරී ආ සඳ දිය ඇගේ මුහුණ මත ඇදහැලෙන්නට වූයෙන් ඇගේ දෙකොපුල් සුදුමැලිවන'යුරු, දෙබැම වේදනාවෙන් ඇඹරෙන'යුරු පැහැදිලිව පෙනෙන්නට විය. වීණාවෙන් උපන් හැඟීම් ඈ වතෙහි චිත්‍රණය වන බව ඒකක්ශණයෙන් මට පසක් වන්නට වී. පිළිවෙලින් සතුටද, ප්‍රමෝදයද, තැතිගැන්මද, අධිකතර ශෝකයද, රාගය සහ ක්‍රෝධයද ඈ වතෙහි ඇඳී මැකී යන්නට විය. මම මදක් ඉදිරියට, ඕ වෙතට, නැමී ගෙල දිගු කලෙමි.


ඈ වයමින් උන්නේ සිය හදවතයි. ලය හරහා තදින් ඇද ගැටගසන ලද රුධිර නාල, ස්නායු පොදිති දහස් ගණනක් හරහා වියරුවෙන් මෙන් ඒ මේ අත ගමනේ යෙදුනු ඈ සුරතෙහි වීණා අළුව වෙනුවට කිටිකිටියේ සිරව තිබුනේ මුවහත් පන්හිඳකි.


එහි රුධිරයද, කඳුළුද විය. 
සෙම්, සොටු සහ කෙළ පිඬු ද විය. 
පන්හිඳ වැදී ඉරීගිය මස් වැදැලිද විය.


ඕක් පත් කුඩා සමනලුන්ව ඇගේ හෘද සංධවනියේ ස්වර ඛණ්ඩ සිය පියාපත් මත රුවාගෙන සර්පිලාකාරව ඉහළට, ඉහළට, තවද ඉහළට එළැඹ ගත්හ. උතුරට, දකුණට, නැගෙනහිරට සහ බස්නාහිරට ඉගිල ගියහ. වයඹට, නිරිතදිගට සහ ගිනිකොණ දෙසට ඉගිල ගියහ. නමක් නැති, නිමක් නැති දිසාවන් සොයසොයා ඉගිල ගියහ.


ඉනික්බිති වැසි වසින්නට විය. ගල්, බොරළු, වැලි වසින්නට විය. සමනල්ලු එකා දෙන්නා මියෙන්නට, පියපත් සිඳී ඇදවැටෙන්නට විය. 


වීණා නාදය අනවරතව, වඩ වඩා සුනම්‍යව නැගී ආයේය. ඕක් තෙම වඩ වඩා පත් හලා ඒ මත පියපත් පැළැන්දීය. සමනල්ලු වඩ වඩා ඉහළට, වළාකුළු මතුයෙන් තවද ඉහලට ඉගිල යන්නට විය. 


ශීතල තවද දැඩි විය. කඳුළු පොඩිති මිදීමෙන් චන්ද්‍රකාන්ත පාෂාණද, රුහිරු බිඳිති මිදීමෙන් පද්මරාගද, සෙම් කැටිති මිදීමෙන් පුෂ්පරාගද උපනි. 


හෘද ගීතය එකදු ස්වර බිඳීමකුදු රහිතව, එකදු ස්වරමාන ගැටීමකුදු නොමැතිව, දිගින් දිගටම රැලි සරැලි නංවන්නට විය.






68 comments:

  1. මලය ගිරේ මධු ගීත කලාවයි..
    තෙබුවන රැකුමෙහි ඉසිඹු වෙලාවයි..
    වන රේඛාවේ.. රණ මොනරාණෙනි ..
    තරුද නොපායන රාත්‍රියයි..

    ක්‍රිෂ්ණා...ක්‍රිෂ්ණා...ක්‍රිෂ්ණා....

    ReplyDelete
    Replies
    1. මම මේ සින්දුවට පිස්සු වැටිලා උන්නා කාලයක්.. හි හි..... හේතුව ??? .හික්. හික්...

      Delete
    2. මමත් ආසම සින්දුවක්... :)

      Delete
    3. මම නම් තාමත් පිස්සු වැටිලා ඉන්නේ.. කවදාවත් ඒ පිස්සුව සනීප වෙන එකක් නෑ.. මොන හේතුවකටවත්.. :)

      Delete
    4. matath thadin a pissuwa thiyaanwa. saneepa karaganna onath na.

      me thawa raada krishna geethayak,
      https://www.youtube.com/watch?v=SWMteAGlJxE

      Delete
    5. මමත් ඕකට පට්ට ලයික්.ඔය සිංදුවේ තබ්ලා පාර්ට් එක මාරයි.නන්දා මාලනියන්ගේම තව සිංදුවක් තියනවා "වෙඬරු හොරා" කියලා රෝහණ බැද්දගේ ශූරිනෙක්ක කියන.ඒකත් පට්ට ජොලි.

      අදින් පසුව නුඹට පමනි වයන්නේ මේ සුර මුරලිය
      වෙඬරු නෙමෙයි සොරා ගත්තේ කියන්න මොනවද කොමලිය

      හරි හරි දන්නවා අනේ බලමු බොළඳ ළඳුනගෙ හිත
      ඉක්මන් කර ගෙදර යන්න දෙන්නකො මට මගෙ හදවත

      https://www.youtube.com/watch?v=IVinzbiZqWc

      Delete
    6. ඔහ්.. 'වෙඬරු සොරා' ගීතය...

      මගේ අම්මේ.. මම හිතන් හිටියේ මේ සින්දුවට මෙතරම්ම මැරෙන්න හදන්නේ මම විතරයි කියලා.. ඒ සින්දුව මට මාරම රොමැන්ටික්.... මම ඒ සිංදුවට විෂුවල් හදලා ඇති ඉහේ කෙස් ගානට!! මගේ පොස්ට් එකකත් ලිව්වා මම ඒ ගැන

      Delete
    7. https://www.youtube.com/watch?v=mq8d2pjjtOY

      මෙන්න මේකෙ තියෙනව ක්රිෂ්ණ බබා වෙඬරු හොරකම් කරන හැටි..))

      Delete
    8. උපේස්සා/වැස්සි...නෑ..නෑ...වැසි දැරිය-
      ඔය රධා,ක්‍රිශ්නා සීන් එකේම තව සිංදුවක් තියනවා චන්ද්‍රලේඛා මහත්මිය කියන සුනිල් ආරියරත්නයන්ම ලියපු.එකපාරක් අහලා තියනවා.හොයාගන්න බෑ මුල මතක නැති නිසා.දන්නවනම් ඒකේ ලින්ක් එකක් එවන්න සුදූ....

      Delete
    9. මරනවා..හරිය?? වැස්සි නෙමේ වර්ෂා..)))

      සුනිල් සර්ගෙ පොත් දෙක තුනක් තිවුණ වගේ මතකයි.හොයාගන්න පුළුවන් වුණොත් කටුසු ලින්ක් එක සපයන්නම්..))

      Delete
    10. ජගත් වික්‍රමසිංහගේ 'සොඳුරු වනපෙත එකළු කරවන' කියා සිංදුවකුත් තියෙනවා. ඒකත් ලස්සනයි.

      Delete
  2. ඒක හරි අපුරැ බවකින් යුක්තයි....උබ ලියන හැම කතාවක්ම රස විදින්න පුළුවන් එකම දේ නැති නිසා....විවිධ විවිධ අලුත් දේ එකතු වෙන නිසා :)

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ කිඹුලියෝ...

      Delete
  3. මාත් නිකන් එහෙම දෙයක් අහනවා වගේ දැනෙන්නේ...
    මරු බස්සි අක්කේ...ජයවේව!!

    ReplyDelete
    Replies
    1. අන්න එහෙමනම් මගෙ ලිවිල්ල සාර්ථක වෙලා වගේ. ඔයාලට මියුසික් එකක් අස්සවන්නයි, සීතල දනවන්නයි මට ඕනෙ කලේ.

      Delete
  4. මට මේක දැනුනේ මියුසික් එකක් වගේ.
    ඒ කියන්නේ වචන නොපෙනී ගොහින් ඒ අතරේ බටනලාවක් එක්ක එන සද්දයක් වගෙයි.

    බස්සියෝ... මට කියල දීපන්කො මේවා ලියන විදිහ. නැත්තම් මට මේ ජාතියෙන් දෙක තුනක් සතියකට පේන්න සලස්සාපන්කෝ! මට හිතුනා මම ලියපු කහපාට පෝසට් එක හැබෑවටම ලියන්න පුළුවන් උඹට නේද කියල...

    මෙව්වට නියමයි කියන්න මට පිස්සුය? මේවාට කියන්නේ ' අති විශිෂ්ඨයි ' කියල

    ReplyDelete
    Replies
    1. //වචන නොපෙනී ගොහින් ඒ අතරේ බටනලාවක් එක්ක එන සද්දයක් වගෙයි.//
      වැඩේ ගොඩ. මට ඕනෙ කලෙත් ඒකයි. සන්තෝසේ බැරුවා ඉතිං. තැන්කිව් ඈ!

      දෙක තුනක් සතියකට?! ඈ බොල අපේ බොස්ට හාට් ඇටෑක් හැදෙයි මේ ඉල්ලීම දැක්කොත්.

      කහපාට පෝස්ටුව කෙල්ලෙක් ගැන කියලාමයි මම හිතුවෙ. අපරාදෙ උඹට තව දිගට ලියලා ඒ ඇහැල ගහ කෙල්ලෙක් කරන්ට තිබුනා.

      Delete
    2. Upeksha, wicharayak liyanna ehema adhahasak nathei.?

      Delete
    3. සෙනරත් විචාරෙන්මයි ගොඩ යන්න හදන්නෙ :P

      Delete
    4. බස්සි:

      ඇත්තම කිව්වොත් මම ඒ පෝස්ටුව කම්මැලි වෙලා ලියන්නේ නැතුව මැදදීම දැම්මා. තව ගොඩක් දේවල් ලියන්න හිතාගෙන හිටියේ. පස්සේ හිතුනා ඔක්කොම ලිව්වේ නැති එකම හොඳයි කියලා. ලිව්වා නම් මම ලියන්නේ කොටු කොටු ඒවා! හි හි..

      සෙනරත්:
      මම ලියන්නේ විචාර නෙවෙයි නේද? ගොඩක් වෙලාවට ලියවෙන්නේ ලිහිල් බසින් ලිවීමක් වගේ. විචාරයක් ඊට වඩා ඉදිරියෙන් නේද තියෙන්න ඕනේ? මම ආසා විචාර ලියන්න. වෙලාවක් ලැබුනොත් දාන්නම්. හිතේ තියෙනවා දැන් දෙක තුනක්ම.

      Delete
  5. ඒ සංගීත රාවය කියන්නෙ අලුතින් එන ඉරිද පත්තරයක්ද??

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්. ඒක පෙරලද්දි අර greeting cardsවල වගේ මියුසික් එකක් ඇහෙනවා. :P

      Delete
  6. කොහේද බං මේ වචන තියෙන්නේ... උඹ පොතක් බලා ගෙන නේද ලියන්නේ... ඇත්ත කියහන්.. නැත්නම් නඩු දානවා...

    ReplyDelete
    Replies
    1. හිහී! මේ පොත් කියෝලා ඔළුවෙ පැල වෙච්චි එව්වයෙන් එන අස්වැන්න වෙන්ටැති කියලයි මටත් හිතෙන්නෙ...

      Delete
  7. වීනාවී උරතලයේ රැදෙන්න
    සත්සර රැව් නඟන්න..වීනාවී
    කොවුලාන රන් ස්වරයෙන් ගයන්න
    මා හද පිරි මදින්න..කොවුලාන

    තරු මල් හිස අහසට - නිල් සළු නිලි යහනට
    නිදන්න යාවි තරින්ඳු...
    කඬුපුල් මල් යායට - පෙම් බැද ගෙන සුවදට
    නොනිදයි මගෙ බඹරින්දු...

    වීනාවී....//

    නියගින් තනින් තනට - ඇන හදවත සොයන්න
    අවසර දෙයිද එ ලන්ඳු...
    මා හද මට නැතිවිට - කවුරුද කියන්න මට
    දුක සැප අසන නිරින්ඳු...

    වීනාවී....//

    ගායනය - කසුන් කල්හාර
    සංගීතය - එච්.එම්. ජයවර්ධන

    https://www.youtube.com/watch?v=_nhA-Rgx3qs

    ReplyDelete
    Replies
    1. අෆෝ උඹත් ඉඳල ඉඳලා ආවෙ සින්දුවක් කියල යන්ඩද? :/

      Delete
    2. කියල වැඩක් නෑ ! අල්ලලා ගස් බැඳලා දිමිගොටු දාන්න ඕනේ

      Delete
    3. @ඉවාන්,

      මගේ සිංදුව හොරකම් කරලා...:O :D

      Delete
    4. දෙන්නම ආසා එකම සින්දුවට වෙන්ටැති ඉතින්. ;) <3

      Delete
    5. @ පොඩ්ඩි - ඔයාගේ හිතත් එක්කම නේ :D

      Delete
    6. වඳුරාගේ සිරිත දුටුදේ හොරකම් කිරීමය

      Delete
  8. appe bassi akkiyo.. menna katha.. eelanga basu potha ketikatha pothak unoth maru..))

    ReplyDelete
    Replies
    1. බලමු නේද?

      කවි පොතක් කරලා ෆේස්බුකියේ සමහරුන්ගෙන් අහගන්න එව්වයෙ තරමට, කතාපොතක් කලොත් කොහොමට තියේවිද!! හිතෙනකොටත් බයයි අෆ්ෆා. :D

      Delete
    2. පල ඇති රුකට නොවැ ගල් ගහන්නෙ... ඕං ඕවායිං සැලෙන්න එපා අක්කණ්ඩි.අපේ පියාණෝ ළඟදිත් දේශනේකදි අරන් තිබුණා පුලුවන්ද මතකයෙන් පහරන්න කවිය.

      Delete
    3. බස්සි අක්කේ මුහුණු පොතේ ඔය බැනපුව මාත් දැක්ක මේ පෝස්ටුව ලියන ගමනුත් මම ඒක කල්පනා කලා.එතන නම් තිබ්බේ තනිකර ඉරිසියාවයි කුහකත්වයයි.ඕවට නම් සැලෙන්නඑපා අක්කේ.. මම හිතන්නේ නැහැ ඔයාට තියන මේ නිර්මාණශීලි අදහස් ඔය බයින හැමෝටම ඇති කියල.ඊළඟ පාර කෙටිකතා එකතුවක් එළිදක්වන්න. :)

      Delete
    4. වැසි දැරිය :
      තැන්කූ හොඳේ මගෙ කවි සර්ට පෙන්නුවාට. :)

      Delete
    5. හංසි :
      හිහී! පිස්සු අප්පා සමහරුන්ටනම්. කොහොමත් මූණුපොතෙන් ටික කාලෙකට අයින් කරලා එයාල මට ලොකු උදව්වක් කලේ. ඒකෙන් මට කෙටිකතා හෙම ලියන්න වැඩි වෙලාවක් යොදවන්න පුළුවන් උනා.

      Delete
  9. මම දවසක් උඹේ කතාවකට කිවුවා මතකද උඹ බර අඩි බොහොම කලබලෙන් තියනවා, ඒක සුමට කර ගනින් කියලා.
    අද අන්න ඒ සුමට බව මම දැක්කා. කියන්න වචන නෑ. හෘද ගීත රාවය මැවුවේ උඹ උනාට ඒ අතර ඉදියේ අපි. මම රසවිදි උඹේ හොදම කෙටි කතාව. සතුටුයි..

    ReplyDelete
    Replies
    1. හප්පේ! මම හිතන්නෙ කෙටිකතා ලියන්න පටන් ගත්තට පස්සෙ (අවුරුද්දකටත් වැඩියි දැන්. ඉස්සර ලිව්වෙත් මාස දෙකකට එකක් විතර.) උඹ වැරැද්දක් නොපෙන්නා හොඳක් විතරක්ම කිව්ව එකම කතාව මේ. නිකං අවුල් වගේ බං. උඹ වැරැද්දක් නොකියද්දි.

      තැන්කුයි දිනේෂ් අයියෙ. උඹ සහ ඉවානයා තමයි මට කෙටිකතා ලියන්න තල්ලුව දුන්නෙ. ඒක මම ඕනෙම තැනක, මුලින්ම කියනව. ඒ තල්ලුව නැත්තම් මම මලාට කෙටිකතා ලියන එකක් නෑ.

      Delete
  10. තේරුනේ නම් නැද්ද කොහෙද අක්කා..

    ReplyDelete
    Replies
    1. ආයෙ, හෙමින්, සේප් එකේ කියවලා බලන්නකො මලයෝ.

      Delete
  11. සිංහල භාශාවේ වචන, අදහස් ගලන උල්පත උඹේ ගෙවල් පැත්තේ නේද තියෙන්නේ?
    පට්ට...

    ReplyDelete
    Replies
    1. නෑ කසුට්ටෝ මං ඒ උල්පතේ ඉඳන් අපේ ගෙවල් පැත්තට හීනි දිය අගලක් හදාගෙන තියෙනවා. බාසාව වනසනවා කියලා සමහරු මට තග දාන වෙලාවට උන්ට උත්තර නොදී හෙමීට ඒ වතුරට බැහැලා පොඩි සෙල්ලමක් දාල එනවා. :)

      Delete
  12. මට ඇල්ප්ස් කඳු වැටිය පාමුල තිබෙන විශාල පොකුණක් මතක් වුනා. ඒ වටේම ලොකු ගස් තිබුනේ. ඕක් ගස් වගේම විශාල ඒවා. අරුම පුදුම නිහඬතාවයකින් වෙලිලා තිබුනේ පරිසරයම. ලස්සන සිතුවමක් භාෂාවෙන් ඇඳල තිබෙනවා බස්සි .

    ReplyDelete
    Replies
    1. සිතුවමක් මවන්න තමයි මටත් උවමනා උනේ අජිත් අයියෙ, වචන අතුරුදහන් කරලා.
      එහෙනම් මගෙ වැඩේ සාර්ථකයි. :)

      Delete
  13. හැමමෝම කියන්න වගේ හොද ලිවිල්ලක් වෙන්ට ඇති.
    හැබැයි මටනම් තේරුම් ගන්න පොඩ්ඩක් අමාරුයි.

    ReplyDelete
    Replies
    1. ආයෙම නිවීහැනහිල්ලෙ කියෙව්වනම් තේරුම් යාවි. හැම ලියවිල්ලම කනට ගැහැව්වා වගේ එකපාර ඔළුවට වදින්නෙත් නෑ නෙව සිංහ මචන්.

      Delete
  14. හද ගැහෙන රාවය,මියුරු ගීයක්ව සවනට..:)

    ReplyDelete
  15. ළයාන්විත බට ලී නාදයක් වගේ ලිවිල්ලත් හිතට දැනෙන්නෙ.. උපේක්ෂා කියන්න වගේ විශ්ෂ්ඨයි..

    කළණෙ ඒ සින්දුවට මාත් මාර කැමතියි.. නන්දා මාලනීගෙ තව සින්දුවක් තියෙනවා හරිම ආදරණීය, ශෘංගාරාත්මක ඔය රාධා ක්‍රිෂ්ණා ප්‍රේමය ගැනම කියවෙන.. මතකෙට එන්නෙම නැහැනෙ..

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි තරූ අක්කේ!

      බලාගෙන යද්දි ඒ සින්දුවට අපි හැමෝම කැමැත්තෙන් ඉඳලා තියෙන්නෙ. :D

      Delete
    2. ඒ සින්දුවේ ලින්ක් එකද පහල දාල තියෙන්නේ?? ඒක රාධා - ක්‍රිෂ්ණ ආදරය නෙවෙයි කියලයි මට හිතෙන්නේ. තරු රසි පදමාලාව ආයෙත් බලන්නකෝ . මට වැරදිලාද මන්ද

      Delete
    3. https://www.youtube.com/watch?v=RFwd2eqiBl8 මෙන්න හරි ලින්ක් එක.. වැරදීමක් වෙලා වගේ..

      Delete
  16. https://www.youtube.com/watch?v=EUm7YJfLI6E

    ReplyDelete
    Replies
    1. තැන්කෝ ලින්ක් එකට <3

      Delete
    2. 'යමුනා ගංතෙර' ගීතය කියලයි මම හිතුවේ...

      Delete
    3. ගොවිඳුනි මේ සිරි යහනේ
      විරහී වැළහින්නකි මා
      රති කෙලි රමණී
      සිහි කර පැරණී
      යමුනා නදිය ද කැළඹේ....

      පියයුරු මඬලේ තැවරුණු දෙතොලේ
      සුවඳින් සැනහෙන් මිහිරේ
      හී සර මෙන් හද දවමින්
      තුනු සිදුරින් එයි සඳ කැන්
      ගෝනන් නැළවෙන මේ රෑ
      වියොවින් කැළඹෙයි රාධා

      වස්දඬු රාවේ හඬ අනුරාගේ
      පැතිරේ දෙසවන් පෑරේ
      මද රදගෙන් ලැබ රිදවුම්
      තුනු සපුවෙන් නැත ගැළවුම්
      සළෙලුන් වෙහෙසන මේ රෑ
      වියොවින් කැළඹෙයි රාධා...

      ගායනය - නන්දා මාලනී
      පද රචනය - සුනිල් ආරියරත්න
      සංගීතය - එම් මෝහන්රාජ්

      Delete
  17. මේ ලියවිල්ලට නම් හොඳටම හිත ඇදිල ගියා.හරිම ලස්සන නිර්මාණයක් බස්සි අක්කෙ.හරි නිර්මාණශීලි අදහස් පිරිච්ච හිතක්නේ තියෙන්නෙ ^_^ වෙලාවකට හිතෙනවා කොහොම මේ අදහස් ඔලුවට ආවද කියල.රහ ලියවිල්ලක් ..ඉහලින්ම ලයික් :)

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි හංසියෝ...
      ඔව්වා ඉතින් ඔළුව බිත්තියේ, උළුවස්සෙ නැත්නම් ඇඳවිට්ටමේ හැප්පුනාම එන අදහස් වෙන්ටැති. හිහී

      Delete
  18. වදන් පෙළහර <3

    ReplyDelete
    Replies
    1. තැන්කූ දිනේෂ් මලයා... :)

      Delete
  19. බස්සි අක්කා ලියපු කතාවලින් ආසම එකක් මේකත් <3

    ReplyDelete
  20. ලියහන්... තව තවත් ලියහන්..
    ජයවේවා..!!

    ReplyDelete