හාදකම් කියන්නේ හරිම සුන්දර දෙයක්. නීරස ජීවිතේට හුස්ම පිඹින්නේ හාදකම්, අයාලේ පාවෙනකොට අරමුණක් පෙන්වන්නෙත් හාදකම්, සීතලම සීත සෘතුවක කෝපි දුමාරයක් වගේ හිත උණුහුම් කරන්නෙත් හාදකම්.
හාදකම් විවිධාකාරයි. පවුලත් එක්ක, නෑදෑයෝ, අසල්වැසියෝ එක්ක, නිතර මුණගැහෙන ගමන් සගයින් එක්ක ගොඩනැගෙන හාදකම් ස්වාභාවිකයි. ඒ අනිවාර්යයෙන්ම සිදුවිය යුතු දෙයක් විදියටයි හැඟෙන්නේ. ඒ ජාතියේ හාදකම් බොහොමයක් ස්වභාවයෙන්ම අපේ සම්, මස්, නහර තුලටම කිඳාබහිනවා. නිතර දෙවේලේ දකින්නට, කතාකරන්නට ලැබෙන නිසා ඒ හාදකම් බොහොම ප්‍රභලයි.
ඒ වගේම, කිසිම සැලසුමකට අනුගත නොවන, අහම්බෙන් වගේ අපේ හිස මතට, හරියටම කියනවානම් 'හිත මතට' කඩාවැටෙන හාදකම් ගැනත් ඔයාලට අත්දැකීම් නැතුවා වෙන්නට බැහැ. සමහර වෙලාවට එවැනි හාදකම් එක්වරම අපේ ජීවිතය ඉස්සරහ පැනනගිනවා. බූවල්ලෙක් වගේ අඬු විහිදලා අපිව වෙලාගන්නවා. බොහෝ කාලයක ඉඳන් දැන හඳුනනවා වගේ හැඟීමක් දනවනවා. ඒ එක්කම අපිට 'සාංසාරිකයි' කියන වචනේ නියම අර්ථය හමුවුනා වගේ හිතෙන්නට පටන් ගන්නවා.
කෝච්චියේදි අහම්බෙන් දකින මුහුණක්, මාස දෙකතුනකට පස්සේ ඔයාගේ හොඳම මිතුරිය බවට පත්වෙන්නට පුළුවනි. ටියුෂන් ක්ලාස් එකේදී අහම්බෙන් පැරණි සටහනක් පිටපත් කරගන්නට පොත ඉල්ලාගත්තු පිරිමි ළමයා ටික කලකින් ඔයාගෙ පෙම්වතා වෙන්නත්, වසර ගණනකට පස්සේ සැමියා වෙන්නත් පුළුවනි. අළුතෙන් පාසලට ආපු ගණිත ගුරුතුමිය ඉදිරි අවුරුදු විස්ස විසිපහ ඇතුලත ඔයාගෙ හොඳම හිතවතිය සහ ජීවන උපදේශකවරිය වෙන්න පුළුවනි.
අහඹු හාදකම් ඒ වගේ, පටන් ගන්නා මොහොතක් හෝ අවසාන වෙන මොහොතක් ගැන අනාවැකි කියන්නට බැහැ. කොයි අතට ගමන් කරාවිදැයි නිශ්චය කරන්නටත් බැහැ. එය හරියටම කුඩා මාලිමාවක් පමණක් අතැතිව, නම නොදන්නා සුන්දර පලාතක අතරමං වීම වගෙයි. ඉදිරි ගමන බොහොම සුන්දරයි. නමුත් පය පැකිලී බිම ඇද වැටෙන්නට, විෂ දලැති කෘමි සතෙකුගේ ප්‍රහාරයකට ලක්වෙන්නට, දෙඇස රතු වෙන්නට විතරක් නොවෙයි මංමුලා වෙන්නට පවා පුළුවනි. පෙර සැලසුමකට අනුගත නොවෙන ගමනක් කියන්නේ එහෙමයි.
නමුත් ඔයාගේ අතේ මාලිමාවක් තියෙන බව අමතක කල යුතු නැහැ. මේ මාලිමාව වෙන කිසිවක් නෙමෙයි. අපේ මොළය, බුද්ධිය, අත්දැකීම්වලින් ලබාගත් දැනුම. ඉතින් මාලිමාව හරි විදියට පාවිච්චි කලොත් අතරමග නතර වෙන්නට, අතරමං වෙන්නට තියෙන සම්භාවිතාවය බොහොම අඩුයි. මොළය කියන මාලිමාව අපි හැමෝටම උපතින්ම ලැබෙනවා. එය නිසි ආකාරයට හසුරුවන වගකීම තියෙන්නෙ අපේ අතේ.
ඉතින්, සැලසුම් සහගත හාදකම් වගේම අහඹු හාදකම්වලත් මිහිර විඳගන්න. හදවතින් රසවිඳින්න. ඒත් මොළය කියන මාලිමාව කිසිම විටක අමතක කරන්න එපා. ජීවිතේ සුන්දර සුවිසැරියක් වෙන්නේ එතකොටයි.
හදවතින් විඳින්න ,මොලයෙන් තීරණ ගන්න ... ඉස්සර ලක්බිම පත්තරේ එක්ක දීපු ටැබ්ලොයිඩ් එකක් තිබ්බේ රිද්ම කියලා අන්න එකේ මයිකල් ආන්ජලේ කියල නමකින් ලියපු තීරු ලිපි පේලියක් තිබ්බ මල්දෙවැට කියල. අන්න ඒක මතක් වුනා මේක කියවලා
ReplyDeleteආසාවෙන් කියවාපු තීරුවක් ඒක.
Deleteබැන්දට පස්සේ, දරුවන් ලැබුණාට පස්සේ අලුත් යාඋවෝ ලැබුණාට ඒ අය හොඳම යාලුවෝ වෙන්න නම් සහකරුවනුත් යාලුවන් වෙන්න, දරුවනුත් යාලුවන් වෙන්න ඕනෑ.
ReplyDeleteඒ කියන්නේ ගිය වසරෙන් පසු බස්සිගේ හොඳම යාළුවෙකු වෙන වනිතාවක ගේ සැමියාත් බස්සාගේ යාලුවෙක් විමට ඉඩ ඇති කෙනෙකු විය යුතුයි. නැතිනම් වැඩේ නැගලා යන්නේ නෑ!
එකඟයි!
Deleteකොහොමත් නිතර නිතර හමුවෙනකොට, කතාකරනකොට පවුල් පිටින්ම හොඳම යාළුවෝ බවට පත්වෙනවා නේද?
Choice - The whole thing
ReplyDeleteමුල්ම කොලම ලිව්වේ ඔන්න ඔය කියන choice එක ගැන.
Deleteහරියට අපි වගේ....;) මට මතක් උනා මම බස්සිව අදුන ගත්ත හැටි...ගෙම්බා ,වාසනා අක්කා...ඉදිකට්ටා....;(
ReplyDeleteමේක ලියද්දිත් උඹලව මතක් උනා ශානු අක්කෝ. සිරාවටම නේද? බ්ලොග් ලිවීමෙන් හම්බ කරපු හැබෑ යාළුවොන්ගෙ වටිනාකම කියල නිම කරන්න බෑ. උඹ, ඉවාන්, ඉඳිකට්ටා....(තව ඉන්නවා) මට බ්ලොග් ලෝකෙන් මුණගැහුනු පුදුම වටින යාළුවො.
Deleteඋඹ දන්නවද ශානු අක්කෝ ඔය අතරෙ ඉන්නවා අපිට මූණිච්චාවට යාළුකම් පෙන්නලා අනිත් මිනිස්සු එක්ක අපේ වැරදි කියා ඇවිදින අමුතු ජාතියෙ යාළුවො! මොළේ කියන මාලිමාව හරියට කැරකෙද්දි අන්න එහෙම එව්වන්වත් අඳුනගන්න පුළුවන් ලේසියෙන්ම.
ජීවිතය මාලිමාවක් වගේ හැබැයි අපේ උතුර හැම අතටම කැරකෙනවා
ReplyDeleteඅනිවාර්යයෙන්ම ලොකූ! වෙලාවකට මාලිමාවටත් වෙරි.
Deleteජීවිතය මාලිමාවක් වගේ හැබැයි අපේ උතුර හැම අතටම කැරකෙනවා
ReplyDeleteඅනිවාර්යයෙන්ම ලොකූ! වෙලාවකට මාලිමාවටත් වෙරි.
Deleteබෂ්ෂිගේ ටියුෂන් පොත කවුරුහරි ඉල්ලන් ගිහින් වගේ (තිතක්)
ReplyDeleteතේරුනේ නැහැ නෙ.
Deleteබිඟුන් මේනක ගමගේ, නිරෝෂ් මෛත්‍රී, ශාලික, සචිත්‍ර මාධ්‍ය සගයෝ
ReplyDeleteඑක් හවසක විනාඩියකට මුණගැහුණ එවුං බැඳුන තරං!!
ඉරිසියයි ඕයි! උඹට වටින හාදකම් ගොඩනැගෙන තරම්!
Deleteරස්සාවේ ස්වභාවයත් හේතුවක් වෙන්ටැති නේ?
මාලිමාව හරි විදියට පාවිච්චි කලොත් අතරමග නතර වෙන්නට, අතරමං වෙන්නට තියෙන සම්භාවිතාවය බොහොම අඩුයි. +++++++++
ReplyDeleteස්තූතියි!
Deleteඅහඹු හාදකම් ගොඩයි. අත්දැකීමුත් ගොඩයි :)
ReplyDeleteඅනිවා හංසියෝ!
Deleteමෙයටම අදාල නැතත් මතක් වූ කතාවක්
ReplyDeleteඑක්තරා ආයතනික පුහුනුවකදී තමන් ගේ රෝල් මොඩල් එක කවුදැයි ඇසු පැනයට අ යෙක් පිලිතුරැ දුන් නේ ඒ ඔහු ගේ බිරිඳ බවයි
හේතුව හැටියට කී වේ "මම ව ගේ එ කෙක් ඉන්න කොච්චර ඉවසීමක් ඕ නේද" කියායි
පස් සේ ඔහූ අනියම් සබඳතාවක් නිසා පවුල අවුල් කරගත්තා
කතා වේ එක මොරාල් එකකට වඩා ඇත
හිහී! අනිවාර්යයෙන්ම ඒ කතාව එක එක පැත්තට පෙරලා බලන්න පුළුවන්.
Deleteමාලිමාව පිස්සු කෙලින වෙලාවල්ද නැතුවා නොවේ....
ReplyDeleteමැග්නටික ආකර්ෂණයක් ක්‍රියාත්මක වෙන විට එවැනි අවාසනාවන්ත සිදුවීම්වලට මුහුණ දෙන්නට සිදුවේ
Deleteසුන්දර හාදකම් තමා ජීවිතේ ජීවත් කරවන්නෙ... අසුන්දර හාදකම් ඇණයක් වෙනව වගේ ම..))
ReplyDeleteඅසුන්දර එව්වට මමනම් 'හාදකම්' කියන්නෙ නෑ නංගා. එක්කෝ 'ඇණ'. නැත්නම් 'පරාල ඇණ'. එහෙමත් නැත්නම් 'මැක්කො'.
Delete//අහඹු හාදකම් ඒ වගේ, පටන් ගන්නා මොහොතක් හෝ අවසාන වෙන මොහොතක් ගැන අනාවැකි කියන්නට බැහැ. කොයි අතට ගමන් කරාවිදැයි නිශ්චය කරන්නටත් බැහැ. එය හරියටම කුඩා මාලිමාවක් පමණක් අතැතිව, නම නොදන්නා සුන්දර පලාතක අතරමං වීම වගෙයි.// මට හිතෙන්නේ අහඹු හාදකම් කියන එකට හරියටම හරියන උපමාවක් මේක. කිව්වත් වගේ මොළය කියන මාලිමාව කිසිම විටක අමතක නොකර ඒ මිහිර විඳ ගන්න එකයි කරන්න ඕනේ.
ReplyDeleteඒක තමයි තුශ් අමතක නොකලයුතුම දේ! :)
Deleteහාදකම්වලදි මොලේට වඩා හදවත ඉස්සර වෙන එකට මොනවා හරි කරන්න විදියක් නැද්ද? මාතලන් කිව්ව වගේම මාලිමාව අවුල්.. හදවත ඉතින් තැවුල්...
ReplyDeleteතරූ අක්කගෙත් මාලිමාව අවුල් වෙනවනම් ඉතින් ස්වභාවයෙන්ම මඥ්ඥං අපි ගැන කියන්න දෙයක් නෑනෙ.
Deleteසමහර දවස්වල නම් මාලිමාව පිට පොට යනවා!
ReplyDeleteඔව් ඔව්! කාටත් එහෙම අවස්ථා එනවා ඉතින්. :)
Deleteමාලිමාව අප්සෙට් වෙනව නේද මැග්නට් එකකින්?
ReplyDeleteමැග්නට් ඇක්ෂන් කියන්නෙ වෙනමම කතාවක් ඉතින්.
Deleteස්තුතියි බස්සි අක්කේ ඔබෙ ඔවදනට....
ReplyDeleteමේ කමෙන්ටුව දැක්කම මට මම වයසක ආච්චියෙක් වගේ හිතෙන්නෙ ඇයි!
Deleteඔය මාලිමාවල් විකුනන්න තියෙන්නේ කොහේද?අඩුමගානේ කුලියට ගන්න තැනක්වත්....
ReplyDeleteඔය කිව්වේ!
Deleteමං බොට කිව්වා කියල හිතාගංකො.
මට කියන්න තියෙන්නෙත් උඩින් රසිකලොගිස්ට් කියල තියෙන දේ ම තමයි බදින්න පෙර ඕනෑම අහඹු හාදකමක් හරියන්න ඉඩ තිබුනත් බන්දයින් පස්සේ ගෙදර අනික් අයත් අහඹු මිතුරන් සමග හාද වුණේ නැත්නම් හාදකම් වැඩිදුර යන්නේ නෑ..
ReplyDeleteඔව් ඔව්. ඒ කතාව ඇත්ත. ඒකනෙ මාලිමාව යූස් කරන්න කියන්නෙ.
Deleteමාලිමාව පාවිච්චි කරන්න ඕනේ තැනදී හදවතත් එක්ක සහයෝගෙන් වැඩ කරන්න පුළුවන් නම් අවුලක් නැහැ.එත් සමහර වෙලාවට එහෙම කරන්නත් බැහැනේ.
ReplyDeleteඅපෝ! මොලෙයි හදවතයි කියන්නෙ ජම්මාන්තර හතුරො නෙව මනෝ.
Deleteජීවිතේ වැඩි හරියක් තියෙන්නේ අහඹු හාදකම්. වැඩිය ඕන නෑ අද වෙනකන් දැකලා නැති උඹයි මායි ගනින්කෝ ඉතින්.
ReplyDeleteඅන්න ඒකනෙ! මම එදත් කිව්වෙ උඹ වෙලාවට රට ඉන්නෙ. තෝ මෙහෙ හිටියනම් කොට්ටාව සිට නුගේගොඩ දක්වා කලාපය නිකං යුද්දෙ කාලෙ පුදුකුඩුඉරිප්පු වගේ වෙයි.
Deleteහෑම හමුවීමක්ම අහඹු නොවන අහඹු හමුවීමක් කියල තමා මටනම් හිතෙන්නෙ.
ReplyDelete