වීසිකර දැමිය යුතු
කෝලම්කාර නානකාමර කැඩපත
කෝලම් රටා අඳින හද බිතු මත
හිසකෙස් අතර මුතු හාරිච්චි පළඳවන
හසරැල් විලට දඟ රන් මාළු අතහරින
ඇස තෙත් කරන සෙවණැලි අඳින - යලි මකන
මුසපත් හදට නියගින් අනින - සිහි කැන්දවන
කීතු කර දැමිය යුතු
කෝලම්කාර නානකාමර කැඩපත
අඳුරු ලප තියා නික්මෙන කොපුලත
හැත්තෑව දශකේ ප්‍රේම ගී සුගැයෙන
නැත්තේ සැකක්, සංවාද මණ්ඩපයන් මැවෙන
ඇත්තේ වචන වීදුරු මතින් දිය ඇලි ගලන
පත්තෑ හිසක් දැක තත්පරෙන් පොළවට වැටෙන
මිටිගුලි පහර දිය යුතු
කැබැලි කුඩු කුඩු කල යුතු
කෝලම්කාර නානකාමර කැඩපත
කුණු ගොඩට පිටුවහල් කල යුතු!!
කැඩපත මක් කොරන්නද වෙන දේකට...
ReplyDeleteමම කියන්න ඕන නෑ නේ...
ඒක තේරුනේ නෑනෙ :D
DeleteHik. . Be cooooooool...
ReplyDeletehaha sure bro! :D
Deleteඑන්නං ඈ...
ReplyDeleteහා ඈ!
Deleteඅපි නං දන්නෑලු ඕව... හිහි...
ReplyDeleteකවිය සුපිරි බස්සියෙ
ජයවේවා
තැන්කිව් තැන්කිව් මහියෝ!
Delete,ecacdfja nE''''' ysla'
ReplyDeleteja ya fja jd !!!
අණ්ඩර දෙමළ? :P
Deleteකවිය පට්ට...
ReplyDeleteතැන්කිව් විභී! කාලෙකින්!
Deleteමම නම් රැවුල කපන්න වත් ඔය කණ්නාඩියෙන් බලන්නේ නෑ..
ReplyDeleteනහය කැපෙයි ඈ!
Deleteහද බිතු එකින් එක මත
ReplyDeleteසවි කළ යුතු වේ ය
කැඩපත්..
නානකාමර කැඩපත
කුඩුසංසාර කරමින්..!!
හැකි කමක් ඇතිනම්
Deleteකියා දෙනවද මටත් සවිකරන හැටි කැඩපත්?
හද බිතක සේයා
අඳුරු සෙවණැලි විලස පායා
සිහින සුණු කරනු පිළිඹිබුකරන කැඩපත්?
වරෙක හුමාලයෙන්ද
ReplyDeleteවරෙක ජලබිඳුවලින්ද
වරෙක දන්තාලේප දුමාරයෙන්ද
විලි වසා ගත්
ලජ්ජාශීලී කැඩපත...
හිහී!
Deleteකැඩපත ලැජ්ජාවෙන් වාෂ්පවලින් මූණ වහගන්නව කියන කතාව මරු!
This comment has been removed by the author.
ReplyDeleteමිරර් මිරර් ඔන් ද වෝල්....
ReplyDelete;-)
කැඩපත හොඳ රන් කැඩපත මේ අහන්න
Deleteනයිට් ක්‍රීම් තැවරෙනකොට
කුරුළෑ ලප වියැකෙනකොට
හැඩයි නේද මගෙ ලවනත
මට කියන්න?
:)
ReplyDelete:D
Deleteමා හා තනියෙංම අඬන
ReplyDeleteහිනැහුනොතිං හිනා පුරන
මගේ දුකට හිනා නොවෙන
ආදරණීයම කැඩපත....
එහෙනම් ඒක ගලවලා දාලා කන්නාඩි මේසයක් තියාගත්තනම් නරකද මම අහන්නේ ?
ReplyDelete