Saturday, February 6, 2016

කෝලම්කාර නානකාමර කැඩපත





වීසිකර දැමිය යුතු
කෝලම්කාර නානකාමර කැඩපත
කෝලම් රටා අඳින හද බිතු මත


හිසකෙස් අතර මුතු හාරිච්චි පළඳවන
හසරැල් විලට දඟ රන් මාළු අතහරින
ඇස තෙත් කරන සෙවණැලි අඳින - යලි මකන
මුසපත් හදට නියගින් අනින - සිහි කැන්දවන


කීතු කර දැමිය යුතු
කෝලම්කාර නානකාමර කැඩපත
අඳුරු ලප තියා නික්මෙන කොපුලත


හැත්තෑව දශකේ ප්‍රේම ගී සුගැයෙන
නැත්තේ සැකක්, සංවාද මණ්ඩපයන් මැවෙන
ඇත්තේ වචන වීදුරු මතින් දිය ඇලි ගලන
පත්තෑ හිසක් දැක තත්පරෙන් පොළවට වැටෙන


මිටිගුලි පහර දිය යුතු
කැබැලි කුඩු කුඩු කල යුතු
කෝලම්කාර නානකාමර කැඩපත
කුණු ගොඩට පිටුවහල් කල යුතු!!



25 comments:

  1. කැඩපත මක් කොරන්නද වෙන දේකට...

    මම කියන්න ඕන නෑ නේ...

    ReplyDelete
  2. අපි නං දන්නෑලු ඕව... හිහි...
    කවිය සුපිරි බස්සියෙ
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. තැන්කිව් තැන්කිව් මහියෝ!

      Delete
  3. ,ecacdfja nE''''' ysla'

    ja ya fja jd !!!

    ReplyDelete
  4. Replies
    1. තැන්කිව් විභී! කාලෙකින්!

      Delete
  5. මම නම් රැවුල කපන්න වත් ඔය කණ්නාඩියෙන් බලන්නේ නෑ..

    ReplyDelete
  6. හද බිතු එකින් එක මත
    සවි කළ යුතු වේ ය
    කැඩපත්..

    නානකාමර කැඩපත
    කුඩුසංසාර කරමින්..!!

    ReplyDelete
    Replies
    1. හැකි කමක් ඇතිනම්
      කියා දෙනවද මටත් සවිකරන හැටි කැඩපත්?

      හද බිතක සේයා
      අඳුරු සෙවණැලි විලස පායා
      සිහින සුණු කරනු පිළිඹිබුකරන කැඩපත්?

      Delete
  7. වරෙක හුමාලයෙන්ද
    වරෙක ජලබිඳුවලින්ද
    වරෙක දන්තාලේප දුමාරයෙන්ද
    විලි වසා ගත්
    ලජ්ජාශීලී කැඩපත...

    ReplyDelete
    Replies
    1. හිහී!
      කැඩපත ලැජ්ජාවෙන් වාෂ්පවලින් මූණ වහගන්නව කියන කතාව මරු!

      Delete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. මිරර් මිරර් ඔන් ද වෝල්....

    ;-)

    ReplyDelete
    Replies
    1. කැඩපත හොඳ රන් කැඩපත මේ අහන්න
      නයිට් ක්‍රීම් තැවරෙනකොට
      කුරුළෑ ලප වියැකෙනකොට
      හැඩයි නේද මගෙ ලවනත
      මට කියන්න?

      Delete
  10. මා හා තනියෙංම අඬන
    හිනැහුනොතිං හිනා පුරන
    මගේ දුකට හිනා නොවෙන
    ආදරණීයම කැඩපත....

    ReplyDelete
  11. එහෙනම් ඒක ගලවලා දාලා කන්නාඩි මේසයක් තියාගත්තනම් නරකද මම අහන්නේ ?

    ReplyDelete