Saturday, March 12, 2016

නෙළුම් පිපෙන්නලු යන්නෙ!






නෙළුම් මල් පිපෙන්නලු යන්නෙ! එහෙමයි හැමතැනම කතාව පැතිරුනේ.


“නෙළුම් පිපෙන්නේ මඩේ නේද? ඉයැහ්!” තඩි හිමවළහෙක් මූණ හපුටු කරන් ඇහැව්වා. “ඇරත් මේ අයිස් කඳු දියවෙන අව්අස්සේ ඔය ජෝගි නටන්ඩ පුළුවන්යැ අපිට”


නාකි පෙන්ගුයිනයෙක් හැරමිටියෙන් හිම වළහගෙ ඇලපතට දෙපාරක් ඇන්නා. තුං පාරක් අහක තිබුනු හිම කුට්ටියකටත් ඇන්නා. ඉන් පස්සේ ටිකක් සැරට උගුර පෑදුවා.


“ඕයි. නෙළුම් කියන්නේ මඩේ මුල් ඇදලා හීන් දිග නැට්ටකින් උඩ ඇවිල්ලා වතුරකවත් නොගෑවි පිපිලා හුළඟෙ නටන මහ විස්වකර්ම මල් ජාතියක්.”


බ්ලොගර්, වර්ඩ්ප්‍රෙස් ජනතාව කලබලෙන්! පීසීවල, ලැප්ටොප්වල විතරක් නෙමෙයි ටැබ්වල, ස්මර්ට් ෆෝන්වල පවා නෙළුම් පිපෙන්ඩ අරං.


“මේ මොන මල උලව්වක්ද?!” උකුසු හොට කැබුසුවෙක් මූණ නොරොක් කරගෙන කියනවා. “ඔෆිස් ලැප් එකේ නෙළුං පිපුනොත් හෙම මගේ බ්ලොක්ගල් කරුමාන්තේ මුළු ඔපීසියටම නෝණ්ඩි වෙයි.”


ඒ අස්සෙ නාට්ටි. සංවාද, කොමඩි, ස්පීච් වගේ සුකුරුත්තං ගොඩක් ගැන තැන තැන කතා බතා ඇහෙනවා. බ්ලොක්ගල් කරුමාන්තේ කරන එව්වන්ගේ පොත් සල්පිලකුත් තියෙනවලු. බ්ලොගාලට තමන් ලිව්ව පොත් එතන විකුණන්න තියන්ඩත් කිසි තහංචියක් නැහැලු.


නිවේදක තැන ගෙන්නුවේ රුසියාවෙන්. ඌට කවුරුත් කිව්වේ ලව් පූසා කියල. වැඩේ වැඩි බර ඇද්දේ අජිත් ධර්මා. තව විසාල බැටෑලියන් එකක් උන්නා උන්දැගෙ පිටිපස්සෙන්. එයින් සියේට අනූවක්ම බ්ලොගාල.


නෙළුම් පූජාව මාර්තු විසිහයවෙනිදට දමාගත්තේ එදා සෙනසුරාදාවක් නිසා. මීඩියා මිනිස්ට්‍රියේලු වැඩේ සිද්ධ වෙන්නේ. දවල් දෙක වෙද්දි එතනට එන අයට බුල්ටෝ එක ගානේ දෙනව කියලත් කියනව. දෙකහමාරෙන් පස්සේ බුල්ටෝ බෙදන්නෙ නැති නිසා මමත් හිතන් ඉන්නෙ හරියට වෙලාවට එතෙන්ට යන්න.


ලැප්ටොප්වල මල් පිපෙන එක අවුල්ද? ඒ වුනාට මල් පිපුනම බ්ලොක් ගල් පැක්ටේරියම සුවඳයි. ඒ හින්දා අපිත් යං. ගිහිං බුල්ටෝ කාල ප්ලේන්ටි බීල එමු. වැඩි විස්තර මෙතනින් බලාගන්ට.


පින්තූරෙ උඩ කෙටුවොත් ෆේස්බුක් ඉවෙන්ටුවට යතෑකි.




45 comments:

  1. මේක කියෙවුවහම "නෙළුම් අජිත්"ගේ මූණට එන හිනාව මට මැවිලා පේනවා......

    ReplyDelete
    Replies
    1. උඹ ෆෝන් එකෙන් සිම් එක ගලෝලා ඩොන්ගල් එකට ගහලද? කෝල් කියක් ගත්තද?

      Delete
    2. කමියා - මෙයා තාම අර මොකක්ද වචනෙක තේරුම අහනවලු ගැල්ලමයි දෙන්නෙක් ගෙන් ඔන්ලයින් ඉඳගෙන

      Delete
    3. ඒ මොකද්ද කසුට්ටා වචන තේරුම් අහන සීන්නෙක?

      Delete
  2. නෙලුම් පිපෙන්නලු යන්නේ.. හැබෑට? අපිටත් නෙලන්න එන්න පුළුවනියැ? ඔහේත් එනවායැ?

    ReplyDelete
    Replies
    1. නෙලන්න? කාටද කාටද? එතනෙ පයිට් සීනුත් තියෙනවැයි?

      Delete
  3. එන්නද මැණිකේ මාත් දියඹටා නෙලන්න ඒ නෙළුම් මල්?
    ඔහො ලස්සනයි ඔහො ලස්සනයි ඔහො ලස්සනයි ඔහො පිපිච්ච ඒ නෙළුම් මල්

    ReplyDelete
    Replies
    1. බොහො ඊස්තුතී - බොහො ඊස්තුතී - බොහො ඊස්තුතී
      රසිකත් ආවොත් මනකල්

      Delete
  4. හප්පේ ඔය තියෙන්නේ ලියලා . කොච්චර දුකක් වින්දද මේ වගේ පික්ෂු කතාවක් දා ගන්න. ඊමේල් ම සියකට වැඩිය. ඒ මදිවට අර පෝරිසාදය ඉවාන් පව්ලුෂා එකක් වත් කියවල නැත්ද කොහෙද? හාර්ට් අටැක් හැදෙන්න ඔන්න මෙන්න. මේ පෙත්තෙන් ටිකක් හරි ගියා.

    ReplyDelete
    Replies
    1. හැක හැක හැක .. ඔන්න මම බෙහෙත් එව්වා

      Delete
    2. හම්බෝ ඔයා හාට් ඇටෑක් හදාගත්තොත් විනාසයි.
      ඉවානයට පර්සියන් පූසො දෙන්නෙක් හම්බෙලා මේ දවස්වල බිසීලු. අන්තර්ජංජාලෙ පැත්ත පලාතෙ එන්නෑ.

      Delete
  5. ඒයි අන්න නෙළුම් විලේ උස අජියට මල පැනලා ඉන්නවා දැක්කා උඹත් එක්ක.. උඹ ඌට වඩා උසයි කියලා නෙමෙයි... කයි පද බඳින්න එන්නේ නැතෙයි කියාලා...

    ReplyDelete
    Replies
    1. වෙනස හීල්ස්වල

      Delete
    2. හහා! මම අජිස්ට වඩා උසයි තමා. ඇයි අවුල්ද ප්‍රා?

      ඒ මොකෝ මාතේ? කවි කිව්වේ අර කයි සංවාදෙද?

      Delete
  6. කමිය ගැන ලියල තියෙනවා වැරදියි නේද ? තඩි හිම වලහෙක් නෙවේ තඩි කළු වලහෙක්



    .....................අපි දිව්වා

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++

      මහා තඩි කළු වලහෙක් නෙමෙයිද බං

      Delete
    2. ගහකට ගහක් 26 වෙනිදා කිරුළපනදී හම්බවෙනවලු. සම්මාන උළෙල මෙහෙයවන්න එකෙක් දැම්මම හොයල තියා ගනිල්ලා.. තව දෙතුන් දෙනෙක් ඕනි ඉවානයා ගෙයි දේශකයගෙයි මළ කඳන් දෙක මෝචරියට යවන්න..

      Delete
    3. තව තුනක් හොයා ගත්තා නම් හරි සුදු වෑන් එකක දාලා කෑළෙකට ගෙනියමු

      Delete
    4. //නාකි පෙන්ගුයිනයෙක්// ??

      Delete
    5. මදැයි. මම මේ කමියට පොඩි සාදාරණයක් කොරන්න හිතුවෙ

      Delete
  7. ඔය මලදානේ ඉවර වෙනකං මගේ පොරපයිල් පින්තුරෙත් වෙනස් කරා

    ReplyDelete
    Replies
    1. මලදානේ කිව්වේ විදානයාත් පට්ටමකට තෝරලා ද????????? නෙලුම්යාය මිනුම් අධ්‍යක්ෂක වගේ එකකට නං විදානයා නියමෙට ගැලපෙනවා....... මලදානේ... නෑ නෑ විදානේ හොද කොල්ලා ඔය සද්දේ දැම්මාට.....

      Delete
    2. මාත් වෙනස් කොරන්නෝනැ :D

      Delete
  8. සාධූ..සාධූ..සධූ...! පිපියන් හැඩට රුවට...!
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අනිවා! සාදුකාර දීපල්ලා.
      පැපෝ එනවනෙ?

      Delete
  9. මොකද්ද අප්පේ ඒ මල් කතාව? මට නම් මාර්තු 26 වෙනිදා ඕපන් යුනි ඒකෙ එක්සෑම්. ඒ නිසා යන්න ලැබෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. මාර්තු 26
      හවස 2.30 onwards
      මීඩියා මිනිස්ට්‍රි එකේ
      නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙල

      Delete
  10. නෙළුම් පිපෙනවා බලන්ට එන්නයි ඉන්නෙ.. පාස්කු දවස්ම වෙච්චි එක තමයි අවුල.. මක් කරන්නද ඉතින්...

    ReplyDelete
    Replies
    1. තරූ අක්ක නැතුව කොහොමෙයි නාට්ටිය කරන්නෙ.
      :P

      Delete
    2. ඒකනෙ... නාට්ටිය ඉවර වුණාම හැමෝම ඇවිත් මට සුබ පතන්න ඕන හරිය...

      Delete
  11. නෙලුම් පිපෙනවා...ඔයෙස්...මාත් එනවා බලන්ට...

    ReplyDelete
    Replies
    1. යේ යේ!
      එදාට අඳුනගමු ඈ!

      Delete
  12. මල් ටිකක් මටත් කඩල තියන්ඩෝ...

    ReplyDelete
    Replies
    1. අනේ කසුන් ඔයත් එන්ටකෝ

      Delete
  13. දහසක් මල් පිපේවා ! නෙලුම් මලුත් පිපේවා !!

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම!
      තව තව මල් පිපේවා.

      Delete
  14. My best wishes goes to all the awesome people those who write fantastic blogs.

    I enjoy reading most of their work.
    Even I fail to write a comment, my heart& soul goes to their total dedicated work.
    Bcs they do this work for silent readers like us

    Congratulations!

    ==Adrian Channa from Toronto==

    ReplyDelete
  15. ආසයි විඳ ගන්න නෙලුම් මල් සුවඳ.

    ReplyDelete
    Replies
    1. දෙන්නත් එක්කම එන්න...

      Delete
    2. දෙන්නත් එක්කම එන්න

      හෙහේ තරු අක්කේ.

      "මේ මොකද ඔය හැම තිස්සෙම ෆෝන් එකේ මුණ ඔබාගෙන කියවන්නේ"

      "මේ කතාවක් කියවනවා"

      "මොන කතාද ෆෝන් එකේ තියෙනේ"

      "මේ බ්ලොග් කියලා එකක්"

      "බ්ලොග්......?මම දන්නා බ්ලොග් එකක් නැහැ.මාව හම්බ වෙන්න ආවත් ඔය කරන්නේ හැමතිස්සෙම ඕක දිහා බලාගෙන කියවන එක"(ඉහි ඉහි ඉහි,හරියට යං හැල්ලේ සුරංගගේ පුංචි අම්මා වගේ ඔන්න අඬනවා)

      "බ්ලොග් කියන්නේ......."

      "අනේ මේ මට ඔව්වා දැන ගන්න ඕනේ නැහැ"

      ***********************
      "මේ 26අපේ බ්ලොග් ලියන අයගේ වැඩක් තියෙනවා ?යමුද ගිහින් එන්න"

      "අනේ මේ මට වැඩ නැතුවද ඔය විකාර ගමන් යන්න."

      Delete
    3. පව් අප්පා අහිංසක මනෝජ්

      Delete
    4. මාත් කල්පනා කළේ මේ කොල්ලට වෙච්චි දෙයක්.. හැබැයි ගෑණු ළමයි නම් හරිම නිවුණු පාටයි.. කොටින්ම මං මුණගැහුණු වෙලෙත් වචනයක්වත් කතා කළේ නැහැ. දැන් තමයි තේරෙන්නෙ එතැන තිබිල තියෙන්නෙ බ්ලොග් අවුලක්නෙ...

      දැන් ඉතින් කවදහරි අහගන්න වෙන්නෙ ‘ඔයා කසාද බැන්දෙ බ්ලොග් ද? මාව ද? කියල තමයි..

      Delete
  16. සුබ පැතුම්..

    ReplyDelete
  17. රට පිට නිසා එන්ඩ වෙන්නෑ...

    ReplyDelete