සිරිපාල වැඩට ගිහින් එනකොට සතියකට දෙතුන් සැරයක්වත් පිටකොටුවෙ ඉන්න වෙළෙන්දන්ට ඇන්දෙනවා. සිරිපාලගෙ ගෑණි සුමනාවතීට මේක හරිම හිසරදයක්. ඇයි දෙයියනේ මේ මිනිහා පේව්මන්ට් එකේ අයියලාගෙ ටෝක්ස් වලට අහුවෙලා පලක් නැති බඩු මුට්ටු ගෙදරට උස්සාගෙන එන්නෙ මාසෙ කන්න තියෙන තුට්ටු දෙක පූජා කරලා නෙව.
ඕං ඉතින් ගිය සඳුදත් සිරිපාල ගෙදර එනකොට තඩි පාර්සලයක් අමාරුවෙන් කුදලාගෙන ආපි.
"මොකක්ද මනුස්සයෝ ඔය අටමගල?" සුමනාවතී ගත් කටටම ඇහුවෙ වෙනදාට වඩා බරපතල විදියට සිරිපාල ගොනාට ඇඳගෙන ඇති බව පෙනුන නිසයි.
"මේකෙ ඉන්නෙ සුදෝ රොබෝ ටික්කෙක්. මූට පුලුවනි බොරුවක් කියාපු ගමන් ඒක අඳුනාගන්න."
සුමනාවතී ඉතින් 'අනේ මගෙ කට මොකටද' කියලා නොකියාම ගස්සාගෙන ගෙට ගියෙ මොනවා වුනත් මහන්සි වෙලා ආපු මනුස්සයාගෙ ඇඟට කඩා පනින්න බැරි නිසයි.
"කෝ තවම පුතණ්ඩිය ගෙදර ආවෙ නැද්ද?" සිරිපාල රොබෝ ටික්කගෙ කෑලි බෑලි ටික අටවන ගමන් ඇහුවා.
සිරිපාලගෙ කොලුවා නලින්ද පොත් මල්ලත් වනවනා ගෙදෙට්ට ගොඩවුනේ ඒ වෙලාවෙයි. රොබෝ ටික්කාව දැකපු ගමන ඌ පොත් මල්ල පුටුවක් උඩට විසික්කා කොරලා අත් දෙකත් ඉනේ ගහගෙන සිරිපාල ළඟට කිට්ටු වුනා.
"මොකෑ උඹ අද පරක්කු?" සිරිපාල කොලුවාගෙන් ඇහුවෙ රොබෝ ටික්කාව අටවලා සුවිච් එක ඔන් කරන ගමන්.
"රිවිශන් ක්ලාස් එකක් තිවුනනෙ තාත්තෙ."
රොබෝ ටික්කා බෲම් ගාල තත්පර දෙකට නලින්දයා ගාවට ගියා. යකඩ අතක් එලියට ඇවිත් දුන්න පටාර් ගාලා එකක් කනට. හොඳ වෙලාවට නලින්දයාව විසිවෙල ගිහින් වැටුනෙ සැටි පුටුව උඩට.
"හෙහ් හෙහ් හෙහ්. ඇත්ත කියාපන්. උඹ කොහෙද ගියෙ?" සිරිපාලයා ආයෙත් ඇහුවෙ අදනම් තමන් මොලේ කල්පනා කරලා ගෙනාපු බඩුවෙ වටිනාකම තේරුනු නිසයි.
"අපි සිරි පැරකුම් බලන්න ගියා තාත්තෙ." කොලුවා කන අතගගා නැගිටින ගමන් කිවුවා.
පටාර්! රොබෝ ටික්කා ඒ ගමන දුන්නු ශොට් එකට නලින්දයා බිමටම ඇදගෙන වැටුනා.
"වැඩිහිටියන්ට පමණයි එකක් බැලුවෙ." නලින්දයා බිම ඉඳගෙනම කෙඳිරි ගෑව.
"අනේ අම්මප දැන් කාලෙ හැදෙන එවුන්. යකෝ මම ඒ කාලෙ ඔය වල් චිත්තරපටි බලනව තියා අහලාවත් නෑ දැනගං. ඒකට......" සිරිපාල වාක්‍ය ඉවර කරන්නත් කලියෙන් රොබෝ ටික්කාගෙන් පටාර් ගාලා කන රත් වෙන්න පාරක් වැදුනා.
කුස්සියේ හිටපු සුමනාවතී හිකි හිකි ගාලා සිරික්කිය දානවා සාලෙට ඇහුනා. "දෙන්නටම හොඳ වැඩේ.... අනේ සාදු!" සුමනාවතී හිනාව අස්සෙන් කිවුවා. "කොලුවට බැනලා වැඩක් තියේද? ඔහෙගෙම පුතා නෙව."
රොබෝ ටික්කා බෲම් කියාගෙන ගේ ඇතුලට ඇදිලා ගියා. කුස්සියෙන් ගේ හෙල්ලෙන්න පටාර් සද්දයක් ආවා.
හිකි.... හිකි... පව් අෆ්ෆා..
ReplyDeleteබඩු මාට්ටු...
Bora Diyaka Induwara
පෝස්ට් කරලා හැරෙන පරක්කුවෙන් මෙයා කියවලත් ඉවරයි නෙව!!! හ්ම්ම්... හ්ම්ම්ම්.... බඩු අතේ මාට්ටු!
Deleteඑහෙම තමයි අපි. කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියනවා නෙව. අසම්පූර්ණ මම සම්පූර්ණ මිනිහෙක් වෙන්න හීන දකිනවා.
Deleteඑල! එල!! ඒක අගය කලයුතු හීනයක්.
Deleteහැමෝටම බලාපොරොත්තු තියනවා නෙව. මිනිහෙක් තව මිනිහෙක් මරන්නෙත් තව දෙයක් ලබා ගන්ට නෙව. ආශාව තමයි මූලික. :)
Deleteහැමෝම හීන දැක්කට ඒ හීන හැබෑ කරගන්න පියවි ලෝකෙදි අඩියක් හරි ඉස්සරහට තියන උදවිය හරි අඩුයි නෙව. හීන ලෝකෙ ඉඳන් ජීවිතේම හීනෙ රසවිඳින උදවිය ඕනෙ තරම්.
Deleteනෑ.. හැමෝම අඩි තියනවා. ඒ අඩි අපි නොදකින්නේ අපේ මානය තුල ඒ ජීවිත දකිනවා අඩු නිසා. හැම මිනිහටම බලාපොරොත්තු තියෙනවා නෙව. ඒවා ඉෂ්ට කරගන්න හීන තියෙනවා. අනිත් හැමෝම නිදියද්දී අපි නිදිවර්ජිතව හීන දකිනවා. වෙනස එයාලගෙයි අපෙයි එතනයි.. :D
Deleteහැමෝම ඉස්සරහට අඩි තිවුවට තමන්ගෙ හීනෙ ඇතුලෙන් පියවි ලෝකෙට අඩිය තියල හීනෙ හැබෑ කරගන්න හදන අය අඩුයි. ගොඩක් වෙලාවට පියවි ලෝකෙදි තියන පියවර හීන ලෝකෙදි තියාපු පියවරත් එක්ක ඒකාත්මික වෙනවද......? අන්න එතනයි ගැටළුව.
DeleteThis comment has been removed by the author.
Deleteමමනම් එහෙම තියපු අඩි ඕනේ තරම් දැකලා තියෙනවා. හීනයක් ජීවිතයට ලං වෙනවා කියන්නේ ඒ ජීවිතේට ඕනෑකම ඇති වෙනවා. ඒ තුලින් ඔහු හෝ ඇය පියවි ලෝකෙට පය තියනවා.
Deleteඉතිහාසේ ඕනේ තරම් නිදසුන් තියෙනවා. පියවි ලෝකේට නොගැලපුන අවස්ථා වලදී මිනිස්සු තනි වෙනවා. නැහැ හීන මග ඇරෙනවා. ඒ මග ඇරුන තැන් වලදී හැමදේකින්ම පලා යනවා. ආදරය වැනි කාරණා වලදී.. :D
ඔයා කියන කාරණය එන්නේ බහුතරයක් නැත්නම් සුළුතරයට විතරයි. සමස්ථය එහෙම නෑ. මිනිස්සු දිහා බලද්දී ඒ ජීවිත වලට එබෙද්දි ගොඩක් දේ දකින්න පුළුවන්. අපි වගේමයි. ක්‍රියාව දැක්ම විතරයි වෙනස්. අරමුණ සමාජ පිහිටීම අනුවයි ඒ වෙනස. මන්දා මගේ හැගීම
හීනයක් ඇතුලෙන් පියවි ලෝකෙට පය තියන කෙනා බොහෝ වෙලාවට දිනනවා. ඇත්ත. එහෙම තියාපු අඩි සළකුණු ඈත ඉතිහාසයේ වගේම මෑත ඉතිහාසයෙත් තියෙනවා. හැබැයි මම කියන්නෙ ඒක මානවයන්ගේ ප්‍රතිශතයක් වශයෙන් බැලුවොත් ඉතාම සුළුතරයක්. ඇත්තේම නෑ. දැක්කේම නෑ කියල මම කියල නැහැ.
Deleteඔයා කියන විදියට තමන්ගේ ෆැන්ටසියෙන් පියවි ලෝකය දිනන බහුතරයක් ඇත්නම් ලෝකය මීට වඩා අපූරු තැනක් වේවි. මේකත් මගේ පෞද්ගලික හැඟීම. මම හරි හෝ වැරදි වෙන්න පුළුවන්.
මලයා අපි මෙතන වෙනම පෝස්ට් එකක්ම ලියාවි මෙහෙම ගියොත්!!! මේක ගැන වෙනම ලිපියක් ලියන්න වටිනව හලෝ. සෑහෙන්න බොන්න ඕනෙ ප්‍රශ්ණයක්. සිරාවට තවත් ගැඹුරට හිතල බලල සටහනක් දාන්න හිතෙනව.
ඇදෙ පට්ට කතාව හිනා යනවා ලෙසට මාරු ඈ
ReplyDeleteහිනා ගිහින් අකුරුත් මාරු වෙලාද මන්දා. තැන්කූ ඈ. මගේ කතාවක් නෙමෙයි. මම කලේ කඩ්ඩෙන් සිංහලට අනුවාදය කොරාපු එක විතරයි හොඳේ.
Deleteලකාවේ විදියට හොඳට ගලපලා තියනවා..
ReplyDeleteස්තූතියි සිතූ!!
Deleteඅන්තිමේ දී හරි බඩුවක් හම්බ වෙලා වගේ :D
ReplyDeleteඒක නෙවෙන්නම්....!! මදැයි වෙළෙන්දෙකුට අහු නොවී ගෙනාපු බඩුවෙ රඟේ...
Deletehttp://campusapi123.blogspot.com/
ReplyDeleteඅනුන්ගෙ බ්ලොග් වල තමන්ව මාර්කට් කරගත්තට මම තරහා නෑ. ඒත් වචනයක් දෙකක් කියලා එහෙම කරන එක නේද යුතුකම? මාර්කටිං ඉගෙනගත්තු කෙනෙක් විදියට දෙන උපදෙසක් මේක. බ්ලොග් එක අයිතිකරුවාට වචනයක් කතාකරලා ෂේප් එකේ තමන්ගෙ බ්ලොග් එක විකුණගන්න. නැත්නම් පේව්මන්ට් එකේ බලෙන් බඩු විකුනන අයගෙ මාර්කටිං වල තත්වෙට වැටෙනවා නෙව.
Deleteහික් ..හික්. .. අනේ පව් ඒ කියන්නේ ළමයා තාත්තාගේ නෙවේ ...
ReplyDeleteනෑ නෑ තාත්තා ළමයගෙ නෙමෙයි. :P
Deleteඅනේ පවු 3 දෙනාම කෑවා නේහ්........ මම හිටියා නම් මමත් කනවා එකක්
ReplyDeleteපරෙස්සමෙන් මයික්. සිරිපාලගෙ ගෙවල් පැත්ත පලාතෙ නොගිහින් ඉන්න එක ඇඟට ගුණයි වගේ...!
Delete