නිශා අහසේ - නැගී තරු වැල්
සිනා සැලුවත් කොයිතරම්,
වලා සළු මැද - දිලෙන පුරහඳ
කෙසේ උන් හා සමකරම්,
අනේ පුරහඳ - වනේ විල මැද
විකසිතවු කුමුදිනිය මං,
ඔබේ දසුනෙන් සැනහුනෙම්,
කෙසේ ගගනත පියමනිම්,
සෙනේ සඳකැන් විදාලන් විල් දිය මතින්,
සිහිල විඳගමි හදවතින්,
අමාවකනම් එපා මොහොතක්වත් ඉතින්.....!
වලා සළු මැද - දිලෙන පුරහඳ
කෙසේ උන් හා සමකරම්,
අනේ පුරහඳ - වනේ විල මැද
විකසිතවු කුමුදිනිය මං,
ඔබේ දසුනෙන් සැනහුනෙම්,
කෙසේ ගගනත පියමනිම්,
සෙනේ සඳකැන් විදාලන් විල් දිය මතින්,
සිහිල විඳගමි හදවතින්,
අමාවකනම් එපා මොහොතක්වත් ඉතින්.....!
අමාවක දා - කළුවරයි ලොව
ReplyDeleteනොමැති දා මෙන් - නුබ මගේ ලොවේ
නුබේ සෙනෙහෙට - හුරුවූ දෙනෙතින්
ලොව දකින්නද - කොයි ලෙසින්
අදමයි මේ පැත්තේ ආවේ .. ලස්සන කවි .. කවි කියන්නේ මගේ ජිවිතේ .. චුටි ආරාදනයක් තියේ .. නිවාඩුවේ එන්න අපේ පැත්තේ
http://nethukadulu.blogspot.com/
ස්තූතියි යාලුවේ. ඔයාගෙ කවි ලස්සනයි. ඔන්න බස්සි කඳුලු දියවරේ පදිංචි වුනා.
ReplyDeleteතේරුණේ යාන්තමට යැයි සිතේ......:/
ReplyDeleteබුකියේ දි සෙට් වූ වෙලාවක තේරුනේ කොහොමදැයි විමසා බලමු. :)
Delete