ඉස්කෝලෙ කාලෙ ඉඳන්ම බස්සි පුරුදු වෙලා හිටියෙ නිවාඩු කාලය එනකම් ඇඟිලි ගනින්නයි. හැමදාම උදේ පාන්දර නැගිටලා, ලෑස්ති වෙලා, ඉස්කෝලෙ යන එකයි, උදේ ඉඳන් හවස් වෙනකම් ඉස්කෝලෙයි, ක්ලාස් වලයි පුටු රත් කරකර ඉගෙනගන්න එකයි මොන දුකක්ද කියලයි බස්සි හිතුවෙ. ඒ කාලෙ කවුරු හරි එකෙක් බස්සිට මෙන්න මෙහෙම පචයක් කියාල තිවුන.
'ඔහොම කට්ට කාගෙන ඉගෙන ගන්න වෙන්නෙ ඉස්කෝලෙ යනකම් විතරයි. මොන ගේමක් හරි දීලා ඒ-ලෙවල් ගොඩ දාගෙන කැම්පස් එකට රිංග ගත්තාට පස්සෙ කිසි අවුලක් නෑ. කැම්පස් වල නෑ නෙ හෝම් වර්ක්, ක්ලාස් වර්ක්. ෆන් එකේ හිටියෑකි අවුරුදු තුන හතරක්. මරු ජීවිතේ ඒකනම්....'
අනෙ අම්මප ඕක කියාපු එකාව මට දැන් අහු වුනානම් එහෙම බලාගන්න තිවුන!
කැම්පස් එකේ හෝම් වර්ක්, ක්ලාස් වර්ක් නෑ. ඇත්ත, ඒකෙ තියෙන්නෙ එසයින්මන්ට්, ලෙක්චර්ස් සහ ලැබ් වර්ක්. ඒ අතින් බැලුවම අර කතාව තරමක් දුරට සාධාරණයි.
කොහොමින් කොහොම හරි බස්සිට පොඩි කාලෙ ඉඳන් අධ්‍යාපනය කෙරෙහි පැවතුන නොනැසෙන උනන්දුව නිසා බස්සි කැම්පස් ජීවිතේ පළවෙනි අවුරුද්ද ගෙවන්නෙත් නිවාඩු කාලෙ එනකම් දවස් ගැනගැන.
ඒත් දැන් තත්වය වෙනස්. කාලය වෙනස් - තාලය අලුත්.
මෙච්චර කාලයක් නිවාඩුවට කැම්පස් එකේ දාලා යන්න අමාරු වුන එකම දේ මිතුරු බැඳීම්. ඒත් දැන් ඊට හාත්පසින්ම වෙනස් පුදුමකාර විදියට බලගතු බැඳීමක් බස්සිව කැම්පස් එකට හිර කරනවා.
ඒ බැඳීමෙන් දුරස් වෙලා ගවු ගානක් ඈතට යන්න හිත හදාගන්න එක ලේසි නෑ. වෙනදා අන්තිම පේපර් එක ලියලා එක්සෑම් හෝල් එකෙන් එලියට බහිද්දි ඇතිවෙන සැහැල්ලුව එදා හිතේ අහලකවත් තිවුනෙ නෑ.
බස්සත් එක්ක බේස් කැන්ටිමේ වාඩිවෙලා ඉන්නකොට බස්සිගෙ මූණෙන් පුරුදු හිනාව අතුරුදහන් වෙලා ගිහින් තිවුනා.
"ඇයි බස්සියෝ...?" බස්සා ඇහුවෙ හේතුව නොදැන නෙමෙයි.
"මුකුත් නෑ."
"මම හැමදාම කතා කවුලුව ලඟට එන්නම්." බස්සා මගේ අත්ලෙ රටාවකට ඇඟිලි තුඩු දුවවමින් කිවුවා.
"කටහඬ අහන්නවත් වෙන එකක් නෑ...."
"අනේ මැට්ටියේ! ඇයි ගෙදර ගියාම ඔයාගෙ කන් බීරි වෙනවද? මම කෝල් කරල කතා කරන්නම්, ඔයා අහගෙන ඉන්න."
ඒ අදහස නම් හොඳයි වගේ.
"මට දිගම දිග මැසේජ් එවන්නත් ඕනෙ." බස්සි තවත් ඉල්ලීමක් ඉදිරිපත් කලා. ඒකනම් කරයි කියලා තමයි බය!!
"එවන්නම්කො. ඕකත් වැඩක්ද?"
"ඉරිදට මාව බලන්න ක්ලාස් එක ළඟටත් එනවද?" ඒ ඉල්ලීම නම් ඕනෑවට වඩා වැඩියි කියල බස්සිට හිතුනෙ ප්‍රමාද වෙලා. ඇයි හත්දෙයියනේ පැය පහක් හයක් රස්තියාදු වෙලා ඇවිත්, ක්ලාස් එකේ ඉන්ටවල් වෙලාවට විනාඩි පහළොවක් කතාකරලා යන එක කොරන්න පුලුවන් කාරියක් නෙවෙයි නෙ.
"බලමුකො." බස්සා ඒකටත් බෑ කීවෙනම් නැහැ.
බස්සි මූණට එළියක් කාන්දු වුනා. තාත්තා ගේට්ටුව ගාවට ආවාම බස්සා බස්සිට යන්න දීල ඈතට වෙලා බලාන හිටියා. අතවනලා සමුගන්න අවසරයක් නොලබාම බස්සි බස්සාගෙන් ඈතට ඉගිල්ලිලා ගියා.
:'( මේක කියවලා මම පිස්සෙක් වෙනවා ළඟදීම. අනේ සුදු කොඩි පෙනුනත් කමක් නෑ.. ගොක් කොළ පෙනුනත් කමක් නෑ..
ReplyDeleteදැන් දැන් හීනෙන් එක එක විකාර පේනවා..
:/
ඒ මොකෝ ඒ? ඇයි මේක අවුල්ද??
Deleteඅවුලක් නෑ. ඉක්මනට කිරිල්ලියක් එක්ක කූඩු තනන්න ඕනේ.. ^_^
Deleteආ මේ ලව් සික් සීන් එකක් නෙව. මං බය වුනා කතාවෙ අවුලක් කියලා. හැබැයි කූඩු හැදුවම ඉන් පස්සෙ බොර දියට එබෙන එක අමතක කරලා මල් කඩ කඩා ඉඳීවිද මංදා....
Deleteබොර දිය කියන්නේ මගේ නිශ්චල හා චංචල දේපලක්. එච්චරයි මම වවා ගත්තු දෙයකට තියෙන්නේ. මම ඉන්නේ බොර දියේ.ඉතිං මගේ ලෝකේ බොර දිය. ජීවිතේට කෙනෙක් එයිද එයාටත් බොර දියේ මුල් අදින්න වෙනවා. :D
DeleteThis comment has been removed by a blog administrator.
Deleteඅයියෝ දැන් මටත් හිතිලයි තියෙන්නේ
ReplyDeleteමොනාද අප්පේ ඔයාට හිතුනෙ ෆාති අක්කෝ?
Deleteමම හිතුවේ නිවාඩු කාලේ කිවම බස්සි නිවාඩු යන්නවත්ද කියලා..
ReplyDeleteදැන් දැන් මේ බස්සෝජෝඩුවගේ ලව් සින් වැඩි වගේ ...ඒකත් හොදා ,
ජයවේවා !
බස්සි නිවාඩුවක් ලැබුන ගමන් පියාඹගෙන එන්නෙ මේ බ්ලොග් නවාතැනට. ඒ නිසා නිවාඩු අරන් වෙන කොහෙවත් යාවි කියල හිතන්න එපා.
Deleteනරක් වෙලා තියෙයි. ලව් සීන් කොහෙද අනේ නිවාඩු කාලෙ.... පාළුවෙ මග බලා ඉන්නවා මිසක්.