කැම්පස් එකේ මාස හයකට සැරයක් අනිවාර්යෙන්ම අහන්න දකින්න ලැබෙන දෙයක් තමයි "ක්‍රෑම". මේක හැදිලා තියෙන්න Cramming කියන ඉංගිරිසි වචනෙන්. Cramming කියන්නෙ පාඩම් කිරීම කියන එකම නෙමෙයි. මේකෙන් අදහස් කරන්නෙ සියලු ලෞකික ආශා අතහැර අධ්‍යාපනය සමග සමාධිගත වීම වගේ බරපතල සීන් එකක්!!
කැම්පස්වල විභාග කාලෙට කරන ක්‍රෑම් වර්ග හතරක් තියෙනවා.
නේචර් ක්‍රෑම :
මේ ක්‍රෑමට පරිසරයෙන් ලොකූ බලපෑමක් තියෙන බව නම අහපු ගමන් තේරෙනවා. අහලා දැකලා ඇතිනෙ සමහර පොරවල් ඉන්නවා උන්ට ගහක් යට ඉඳ ගත්තෙ නැත්තම් පොතක අකුරක්වත් මතක තියාගන්න පට්ට අමාරුයි. ඉතින් අවුවට තෙමි තෙමි, වැස්සට වේලි වේලි එලිමහනේම ඉඳගෙන ක්‍රෑම දාන එක තමයි නේචර් ක්‍රෑමට අයිති වෙන්නෙ.
ගරිල්ලා ක්‍රෑම :
මේ ජාතියෙ පොරවල් ඉස්සරත් ඉඳලා තියෙන වග බස්සි දැනගත්තෙ කාලාන්තරයක් තිස්සෙ කැම්පස් සංස්කෘතියෙ පැවතීගෙන එන 'ගරිල්ලා ක්‍රෑම' කියන වචනෙත් එක්කයි. ගරිල්ලා සටන් ක්‍රමයේ පදනම 'සැඟවී සිට පහරදීම'. මේ ක්‍රෑම පදනම් වෙලා තියෙන්නෙත් ඊට සමාන 'සැඟවී සිට නෝට් සොරකම් කර පාඩම් කිරීම' කියන තියරිය මත. 'ගරිල්ලා ක්‍රෑම අද වෙනකොට ඒ ලෙවල් පන්ති දක්වාම අති සාර්ථකව ව්‍යාප්ත වෙලා තියෙන ක්‍රෑමක්.
බොග ක්‍රෑම :
නම ඇහුවම නම් 'චීයා... ජරායි' කියල කියන අයත් ඇති. ඒත් මේකත් ඉතා ප්‍රසිද්ද ක්‍රෑම් වර්ගයක්. එක්සෑම් එකේ රස්නෙ දැනෙන කොට සටහන් මිටිය තුරුලු කරගෙන කනබොන එකත් නිදියන එකත් කරන එක සාමාන්‍යයයි නෙව. මේ ක්‍රෑමට අනුව වැසිකිලි යනකොටත් සටහන් මිටිය කරේ තියාගෙන යන්න ඕනෑලු.
බස්සිත් රසවත් කතන්දර පොතක් අතට අහු වුන වෙලාවට නම් මේ ක්‍රෑම අත්හදා බලලා තියෙනවා.
මෙන්ඩිස් ක්‍රෑම :
මේ ක්‍රෑමට නම වැටිලා තියෙන්නෙ සරසවියක ඇත්තටම සිදුවුන සිදුවීමක් මත;
රෝහණ වීරසූරිය කියන්නෙ ඒ කාලෙ පේරාදෙනිය සරසවියෙ ඉගෙනගත්තු වෛද්‍ය ශිෂ්‍යයෙක්. මෙයාගෙ රූමා තමයි මෙන්ඩිස්. රෝහණ වීරසූරිය සහෝදරයා ඒ කාලෙ ආණ්ඩුවත් එක්ක ඇතිවුන සරසවි අරගල වලදී මුල් තැන අරගෙන වැඩ කරපු ශිෂ්‍ය නායකයෙක්.
ඒ පේරාදෙනිය සරසවියෙ වෛද්‍ය පීඨයෙ වර්ෂ අවසාන විභාගෙ කාලෙ. මෙන්ඩිස් කාමරේට වෙලා ක්‍රෑම දානවා. එක පාරටම හොස්ටල් එකේ කොරිඩෝව දිගේ දුවගෙන ආපු ශිෂ්‍යයෙක් දඩාස් ගාලා දොර ඇරගෙන මෙන්ඩිස් පාඩම් කරමින් හිටපු කාමරේට එබුනා.
"මචං රෝහණව මරා දාලලු." ඔහු හති දමමින් මෙන්ඩිස්ට කිවුවා.
මෙන්ඩිස් හෙමින් සීරුවේ පොතේ තවත් පිටුවක් පෙරලුවා.
"පොඩ්ඩක් හිටපන් බං. මම මේ අන්තිම පිටු දෙකත් ගොඩ දාලම එන්නම්......"
එදා රෝහණ වීරසූරියගෙ නම ශිෂ්‍ය වීරයෙක් විදියට ඉතිහාසගත වුනා වගේම මෙන්ඩිස්ගෙ නමත් සරසවි ඉතිහාසයට එකතු වුනා.
ප.ලි.
රෝහණ වීරසූරිය සොහොයුරාට උපහාරයක් විදියට එයාගෙ පින්තූරයක් මේ පෝස්ට් එකට එකතු කරන්න හිතාගෙන හෙවුවත් ගූගල් දෙයියන්ටවත් බැරිවුනානෙ එකක් හොයාල දෙන්න. පින්තූරයක් තියෙන කුරුල්ලෙක්/කිරිල්ලියෙක් ඉන්නවානම් ලින්කුවක් එවුවොත් බොහෝම පින්!!!
අපි නම් පාඩම් කරනවා අඩුයි නේ (අඩුයි කියන්නේ නෑ තමා )ඒක නිසා ඔය එකක් වත් වැඩක් නෑ :D
ReplyDeleteඅපිත් නම් ඔය එකක්වත් නෑ තමයි. ඔව්වා එකක්වත් නැතුව එක්සෑම් ගොඩ දාන උන් ඕනෑ තරම් කැම්පස් වල ඉන්නවා.
Deleteඅපේ තව තියෙනවා "ජංගම ක්‍රෑම" කියල එකකුත්..... exam ලංවුනාම ඔය එහෙන් මෙහෙන් සටහන් ටික බලාගෙන exam ගොඩ දා ගන්න හදනවා. බහුතරය පෙන්නන්නේ නම් "ජංගම ක්‍රෑම" දානවා කියලයි.... දන්නෝ දනිති !!!
ReplyDeleteකැම්පස් වලට හොඳටම සෙට් වෙන්නෙ ජංගම ක්‍රෑම තමයි නේද? ලක් එක තියේ නම් පේපර් එකට එන ටිකම ගානට ගොඩ දාගන්න පුලුවන්. හැබැයි සෙනසුරා ලබපු දවසක් වුනොත් සොරිම තමා. ආයෙ ඇණ ෂුවර් ඇන්ඩ් ෂොට්.
Deleteඇත්ත තමයි යාලු, බොග ක්‍රෑම දාන එවුන් ජංගම ක්‍රෑම දැම්මයි කිය කියා නයි අරින හැටි දැක්කම හිනා යනව.
හ්ම්ම්ම්ම්ම්..... මම මොනවා කියන්නද මන්දා. ගොඩක් දවසකින් ආවේ මේ පැත්තට.
ReplyDeleteබොර දියක ඉඳුවර
ඒක තමයි නේද? එක්සෑම්ද මේ දවස්වල?
Deleteමෙන්ඩිස් ක්‍රෑම නම් මරු , ඔය කියන්නේ රෝහණ විජේවීර ගැන නෙමේ නේද ..
ReplyDeleteනෑ නෑ. මෙයා මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්. මෙයාව ඝාතනය කලේ 1978 - 1979 කාලෙ.
Deleteබස්සී අළුත් ඉතිහාසයක් ලියන්න යනවා වගේ!
Deleteපහත මගේ කමෙන්ටුව බලන්න.
බස්සි සරසවි ඉතිහාසය ගැන කියන්නේ කටින් කට පැවතෙන විදියටයි සහෝ. මෙන්ඩිස් ක්‍රෑම ගැන ඔබට පේරාදෙනි සිසුවෙක් විදියට වෙනම කතාවක් තියේනම් ඒකත් කියලාම ගියානම් වඩාත් හොඳයි නේද?
Deleteමම හිතන විදියට කැම්පස් ජීවිතේ තමයි ආතල් ම කාලේ :D
ReplyDeleteසහතික ඇත්ත ධාරා. හැබැයි මටනම් ඉස්කෝලෙ කාලෙ ඊටත් වඩා ආතල් අප්පා....!!
Deletesahathika etta yasho!! iscole kale thamaii the most aaathal period!!! nt cmpz life!!...... iscole eunta tharam manussakam me hoyagannath amaarui ban...! ekai etta kathawa..!
Deleteඅපේ කැම්පස් එකේ නම් ක්‍රෑම දානවා නෙවෙයි කියන්නේ බොග දානවා කියලා. ඒ වගේම අපේ කැම්පස් එකේ පරම සත්‍ය වලින් එකක් තමයි බොගාට ක්ලාස් නැත කියන එක.
ReplyDeleteඅපේ කැම්පස් එකෙත් ඔය හා සමාන කතාවක් තියෙනවා. ඒ තමයි;
Delete"හැන්ඩියාට කෑල්ලක් නෑ - වැඩ්ඩාට ඩිග්‍රිය නෑ"
එයාලගේ පොටෝ නැහැ දැන් හොයන්න යශෝද...
ReplyDeleteහ්ම්ම්ම්..... ඒක නෙවෙන්නම්. මමත් සෑහෙන්න මහන්සියක් ගත්තා ෆොටෝ එකක් හොයා ගන්න.
Deleteරෝහණ වීරසූරිය කියා අය එදත් ඉන්න ඇති, අදත් ඇති. නමුත් ඔබට පොඩ්ඩක් ටැපලිලා වගේ පේනවා.
ReplyDeleteවීරසූරිය කියන පේරාදෙනියේ ශිෂ්‍යා පොලීසියෙන් මැරුවේ 1976 නොවැම්බරයේ සිරිමා බණ්ඩාරනායක අගමැති කාලේ. වීරසූරිය කලා පීඨයේ බවයි මා අසා තියෙන්නේ. විකිපීඩියාවේ කියන්නේ වෛද්‍ය පීඨ කියායි.
පද්මසිරි අබේසේකර කියා පේරානෙියේම වෛද්‍ය පීඨ ශිෂ්‍යයෙක්ව මරා දැමුණා 1984 දී ජූලි මාසයේ පමණ. ඉන් දින දෙකකට පසුව රෝහණ රත්නායක නම් කොළඹ විශ්ව විද්‍යාලයේ සිසුවෙක්වත් මරා දැමුණේ. ඔහු නීති පිඨයේ.
මේ සියළු මරණ පොලීසියෙන් සිදු කළ මරණයි.
ඉන් පසුව නම් විශ්ව විද්‍යාල සිසුන් සිය ගණනක් මරා දැමුණා.
මා පේරාදෙනියේ හිටියේ. වීරසුරිය, අබේසේකර ගැණ අසා දැන සිටියත් ඔය කියන මෙන්ඩිස් කතාව නම් අහලාම නෑ.
බස්සි සරසවි ඉතිහාසය ගැන කියන්නේ කටින් කට පැවතෙන විදියටයි සහෝ. විකිපීඩියා එකේ ලාංකීය සරසවි ඉතිහාසය තියෙනවද කියලා නම් බස්සි බලන්න ගියෙ නැහැ තවම. මෙන්ඩිස් ක්‍රෑම ගැන ඔබට පේරාදෙනි සිසුවෙක් විදියට වෙනම කතාවක් තියේනම් ඒකත් කියලාම ගියානම් වඩාත් හොඳයි නේද?
Deleteනොදන්නා දෙයක් කියා දුන්නාට තුති. ඔබත් සරසවි සිසුවෙක් විදියට දන්නවා ඇති අපි සරසවි ඉතිහාසය ගැන ඉගෙන ගන්නේ ලිඛිත මූලාශ්‍ර වලින් නොවෙන වග. කටින් කට පැවතෙන කතා එකිනෙකට වෙනස් වීම ස්වාභාවිකයි. බස්සි සටහන් කලේ සීනියර් බැච් එකෙන් තෙල බෙදද්දී දැනගත් කතාවක්. අපි ඒ කතන්දර ජූනියර් බැච් එකටත් කියාදුන්නා. ඒ නිසා "වැරදීමක් කකා. සමාවෙන්න!" කියලා මම ලිපිය වෙනස් කරන්නෙ නම් නෑ...!
මෙන්ඩිස් ක්‍රෑම ගැන අසා ඇත්නම් ඔබත් කුතුහලය ඇති සරසවි සිසුවෙක් විදියට ඒ නම හැදුනු හැටි ගැන සීනියර්ලාගෙන් අහන්ට ඇති නෙව. පේරාදෙනියේ සිසුන් කියන විදියට මෙන්ඩිස් ක්‍රෑමට වෙනස්ම කතන්දරයක් ඇති කියලා මම හිතනවා. අනේ ඒකත් පහලින් ලියා යනවානම් ගොඩක් පින්.
මේ ඔබේ පිළිතුර අදයි දැක්කේ.
Deleteමගේ කමෙන්ටුවේ අදහස වුනේ
1. රෝහණ වීරසූරිය නම් සිසුවෙක් පේරාදෙනියේ ඔය ඔබ කියන විදියට 1978-79 කාලයේ මිය ගොස් නැති බව කියන්නත්,
2. වීරසූරිය නම් ශිෂ්‍යයා පොලිස් වෙඩි පහරකින් මිය ගොස් ඇත්තේ 1977 දී බවත්.
3. පද්මසිරි අබේසේකර නම් වෛද්‍ය පිඨ ශිෂ්‍යයා එලෙසම මිය ගියේ 1984 දී බවත්,
3. ඉන් දින දෙකකට පසුව රෝහණ රත්නායක නම් කොළඹ නීති පීඨ ශිෂ්‍යා එලෙසම පොලිසියෙන් මරා දැමූබවත්,
කියන්නටයි.
ඔබේ මේ ලිපියට අදාල වුනත් ඔය කියන ක්‍රෑම් කතන්දරේ මා දන්නේ නෑ. එය මට හොය බලා නිවරද කරන්නට තරම් වැදගත් කරුණක් නොවේ.