Thursday, April 24, 2014

හැබැහින් දුටු සිහිනය


ඔන්න ඉතින් සුපින්වතුනෙ, බස්සි පෙරේද පාන්දර හතට ඇහැ ඇරිය. මොකටෙයි? සයිබරේ සිහින බක්මහ උළෙල බලන්ට යන්ට නෙව. ඕන් ඉතින් බස්සයි බස්සියි බත්තරමුල්ලට ඇවිත්, ටුක් ටුක් මල්ලියෙක් එක්ක ආවලු පැලවත්ත බුද්ධදාස ග්‍රවුන්ඩ් එකට.


 අපේ ගෲප් පොතෝව
 


ග්‍රවුන්ඩ් එකට යනකොට නමයයි කාලට ඇත්තේ
සූ ගාලා හැටක් විතර දුව පනිනව වත්තේ


බස්සා : මේ ඔයාට හොඳටම සුවර්ද ග්‍රවුන්ඩ් එක මේකමයි කියල?

බස්සි : ඔව් අනේ මම හරියට තැන කිවුව. වැරදුනොත් ඔයාගෙ ගූගල් මැප් එකේ අවුලක්ම තමයි.

බස්ස : මැප් එකේ වරදක් නෙමෙයි මැට්ටියෙ කෝ අඳුරන අය ඉන්නවද?

බස්සි : හම්මේ  අර සුදු පාට  ටී එක ඇඳන් ඉන්නෙ රජා නේද?


ගේට්ටුවෙන් ඇතුල් වුනේ
රජාව නෙත  ගැටුනු තැනේ
හෙමින් හෙමින් සෑම් අයිය
ඒ පැත්තට සැපත් උනේ

සුභ උදෑසනක් අයියේ ඔයා නේද සෑමා?
මං බස්සි, මේ බස්සා ඔබෙ සැපදුක් කෝමා?




වින්දිකයි සසිඳුයි - ටිකට් වෙලෙන්දෝ



සෑමා පෙන්නාපු තැනට
අපි දෙන්නා සැපත් වෙන්නෙ
වින්දික මල්ලියි, සසිඳුයි
එතැනදි ටී ෂර්ට් දෙන්නෙ

හල්ලෝ බස්සනේ ඔන්න මම අඳුනා ගත්තා
දොඩමළු විය අපේ නලින් මාමා දැනමුත්තා




 නලින් මාමා


ටී ෂර්ටුත් මාරු කොරන්
අපි එලියට පාත් වෙන්නෙ
ඒ වුනාට වැඩි දෙනෙක්ව
අඳුරන්නෑ අපි අලුත්නෙ

මල්ලි නංගි ඇයි අයිනක් ගහලා ඉන්නේ
අර පැත්තට එන්න නලින් මාම කියන්නේ



අනේ, ඕම ඉන්නකොට හයේ හතරෙ ඩයල් එකක් ඇවිත් බෝම ඩීසන්ට් පිට ශේක් හෑන්ඩ් කොරාපි.


හයේ හතරෙ ලොකු මල්ලි : මම ප්‍රියා! බස්සි නේද මේ?

 අඩි අටේ පොඩි මල්ලි - ප්‍රියා 



ඔන්න ටිකකින් එනව කෝල් එකක්.


"මචං මම ගාලුව. උඹල කොහෙද බන්?"

"අපි අවුරුදු උස්සවේ නකෝ. ටොපි ඩෙන්න එන්නෙ නැඩ්ඩ?"

"අඩේ අපි හට ඉතර ආව සූ ගාල දෙන්නෙක් විතර උන්නු නිසා අපි එහෙමම දියත උයනට පැන්න."

"වරෙන් නකෝ දැන් කස්ටිය ගොඩක් ඉන්නව. කලාස් එකත් කට් කොල්ල පාර්ක් ගානෙ රස්තියාදු වෙන්නැතුව."



හම්මේ ඔන්න ටිකකින් එනව අපේ නාඩි මලය සරමකුත් ගහගෙන. මූව හතර වසරෙදි දැක්කට පස්සෙ අදයි දැක්කෙ. හලෝ හලෝ කියල සතුටු සාමීචි අහවර කොරල පොර බස්සත් එක්ක අයි.ටී. බාසාවෙ කුනුහබ්බ දෙසාබාන නිසා මං අර යකඩ වැටට හේත්තුව දාල පාර බලන් උන්න.


ඔන්න එනෝ ගාලුයි දෝණියි අත් දෙක අල්ලගෙන නැළවි නැළවි.





ඔන්න ඉතින් අර ඕෂනික් ගේම්ස් එකේ ලස්සන අක්කිට බුලත් අත දුන්නෙ මම හරිය. එතන උන්නු අයගෙන් මම අඳුනගත්තෙ වින්දික මල්ලියි, හා පැටියයි, චතුරිකාවයි ඉතරයි. (සිරාවටම මගෙ බ්ලොග බලන්නෙ මොනතරම් අල්ප මාත්තර කට්ටියක්ද කියල දැනිල සැජ්ජ හිතුන මෙයා මට ඒ වෙලාවෙ.)


ඔන්න ඉතින් සීය දුවල, දිනපු අය තෑගි ගන්න වෙලාවෙ මට ඇස්.ඇම්.ඇස්. එකක් එනව.


"අඩෝ කොට බස්සි, උඹ ආවද? මම මේ උඹව කනෙන් අල්ලල බේරෙ වැවට උසුක්කා කොරන්න හිතන් එන්නෙ."


හප්පොච්චියේ ඒ වදන් දැක්ක ගමන් මගේ හදවත උණු උනා. අපේ ඉවාන් ගෙඹිලූස මට බයේ කොටන ඇස්.ඇම්.ඇස්.! පවු දෙයියනේ අහිංසකය. ඉතින්  මං කිවුව;


"උඹ බය නැතුව වරෙන් නකෝ. ඊස්ටර් සන්ඩේ එක නිසා මම අද උඹව මරන්නෙ නෑ කියල තීරනේ කොලා."

 බය  උනාම මූ ඔහොම නියපොතු කනවලු - හූ ඈ!


ඔන්න බොලව් හැරෙන තැපෑලෙන් පොර ග්‍රවුන්ඩ් එකට ආපි. පරාණ බයේ ඉඳල තීන්නෙ.


හම්මේ අර සරන් ගැන්ග් එක මීටර් සීය දුවද්දි වගේම බනිස් කන්න ගොහිනුත් පස්ට ආතල් එකක් දුන්නෙ. මම එතන උන්නු අයගෙන් දන්නෙ නම් නාඩියාවයි, රජාවයි, තරියාවයි විතරයි.





කස්ටිය බනිස් කන අතරෙ ඔන්න පොඩි එකෙක් වගේ බෝල ඩයල් එකක් 'හායි බස්සි' කියපි. හම්මච්චියේ ඉවාන් පවුලුශා බ්ලොගිය කියවද්දි මට හිතෙන්නෙම මේක ලියනව ඇත්තෙ චේ වගේ කෙට්ටු, උස, මූණ පුරා රැවුල වවාගත්තු පොරක් කියලයි.



ඒකනම් මාරයි. වචන වලින් අපි තව කෙනෙක්ගෙ හිතේ අඳින රූපෙ ඇති ප්‍රභලත්වය!


මාතලන්ගේ බ්ලොග් එක කියවද්දි හිතුනෙ මෙයා මාතලන් ෆිල්ම් එකේ මාතලන් වගේ තලෙළලු, උඩු රැවුලක් ඇති, ආඩම්බර මූණක් තියෙන අංකල් කෙනෙක් වෙන්නැති කියලයි. හයියෝ ඒ හරිම ලෙන්ගතු, සුදු බෝල අංකල් කෙනෙක් නෙව. හලිම හොඳට කතා කලා. කස්ටියට තමන්ගෙ ෆොටෝ පබිලිස් කොරන්න නම් එපා කිවුවලු.


 කකා සමග මාතලන්


කතන්දර බ්ලොග් එක කියවද්දි හිතේ මැවුන කකා ටිකක් වලිබර, කැරළි කොණ්ඩයක් තියෙන, මධ්‍යම ප්‍රමාණයේ කෙනෙක්. ඒත් ඇත්තටම කකා හරිම ජොලිබර, දිලිසෙන තට්ටයක් තියෙන, සුදු, ටිකක් මහත අංකල් කෙනෙක්. අපිට කතන්දර පොතුත් දුන්නා. තව සුවීප් ටිකට් වගේ බෙදාගෙන යනව දැක්ක කොට්ට පොරේ අස්සෙ. බලද්දි බ්ලොගිය බලන්න කියල කාර්ඩ් එකක් ගහල.



 හොඳම හාද්ද


විචාරක තුමාගෙ බ්ලොග් එක කියවද්දි මට හිතේ මැවෙන්නෙ කොමාන්ඩෝ ෆිල්ම් එකක ඉන්න සෙබලෙක්ව.


 මාරයා සමග විචාරක


අපේ අටම් අයියත් හෙන ජොලි පොර. මුන්දෑ මාව දැක්ක ගමන් මගෙ උස දැකල බය උනා නෙව. හම්මේ දිගටම උඩ බලාගෙනමයි කතා කලේ.



 සුපිරිවිකී ඇඩ් එක


කුරුටු ගෑ ගී ලියන අපේ දිලිනියගෙ බ්ලොගෙන් සයිබරේ මානසික ලෙඩ්ඩුන්ට එරෙහිව ලොකු අභියෝග එල්ල උනාට මොකද හරීම අහිංසක පාට කෙල්ල.  හිනා පොඩිත්තත් බෝම සිරියාවයි. මනසින් දිවියට බ්ලොග් එක ලියන මීටර් සීය දුවල කප් එක උස්සපු අක්කා/ නංගි දිලිනියාගෙ ෆ්‍රෙන්තෙක් විය යුතුයි. ඩබල එකටමයි උන්නෙ.


 බනිස් කන්න දුවන දිලිනියා


"මේ බස්සි නේද?" කියලා මාව අඳුනගෙන ළඟටම ඇවිත් කතා  කලා විදානේ. හිතුවට වඩා  පොඩි එකෙක්. කෝරලේ හාමිනෙත් එක්කම ආපු කෝරලේ මහත්තයත් පොඩියි නෙව. තඩි සගලාස් දෙහෙකුත් දාන් ඇවිත් කතා කලා. මම හිතන් හිටියෙ කෝරලේ හෙනම වයස ඩයල් එකක් වෙන්නැති කියල.


 කෝරලේ මහත්තයා හාමිනේ සමග



බොරලු මල්ලි  පාන්දර තුනේ ඉඳන්ලු ආවෙ. යකූ මූ මට  බතල බස්සි කිවුවට මූත් බතලයි තමා. රෙපා මහත්තයත් හිටිය  ඒ එක්කම. (බොරලුවෝ පොටෝවක් එවපියකූ )


නලින් මාම කෙන්ජිත් එක්ක කතා කර කර ඉඳිද්දි අහම්බෙන් එතනට කඩන් පාත් උන මටත් කෙන්ජිට කතා කොරන්න ලැබුන. කෙන්ජි අයිය නාවට බ්‍රසීල් පෙම්වතියවයි, ජපන් කෙල්ලොම අටදෙනෙකුයි එවපු එකම මදැයි.


 මේ නමදෙනා තමයි බක්මහ උළෙල වර්ණවත් කොලේ.



වැව් ඉස්මත්තව හම්බුනේ කණා  මුට්ටි ගහන්න පෝලිමේ ඉඳිද්දි. කොහෙද අපේ රජා එක පොලු පාරෙන් මුට්ටි දෙකකට නෙලුව නෙව.





අරුනිවත් දැක්ක අවුරුදු කීපෙකට පස්සෙ





වෙනි අයිය හොම්බ දිග කැමරාවක් එල්ලන් පොටෝ ගහපු එකමයි කොලේ. අපිවනම් මතක නැතුවත් ඇති.





මාරයා අයිය කොට්ට පොර ගහන්ඩ නැගල සද්දයක් දැම්මලු "කොයි ඔය ඇනෝල එකා එකා වරෙව්!!!" කියල.



 අඩෝව්! ඇනෝ එන  උන් වරෙව්!!



බස්සයි බස්සියි කකුල් බැඳන් දුවන්න, බෝතලේට වතුර පුරවන්න හෙම ගියා. "නාඩියාගේ පුනීල තියරිය" පවුලූශා ප්‍රායෝගිකව ඇප්ලයි කල නිසා අපි නාඩි ගුරාවත් පරද්දල දින්නලු.


 බස්සි,බස්සා,දෝණි,ගාලු,ඉවාන් සහ රනා අයියා


අවුරුදු උත්සවේදි දැනුන දෙයක් තමයි බුකියෙ ෆේක් චරිතයක් වී සිටීම සහ ජනයාට ප්‍රිය වීම අනුලෝමව සමානුපාතික බව. බලමු මේ පළවෙනි වතාවනෙ. බ්ලොගිය ඇරලත් මාස නමයයි නෙව. මං සහභාගි උන පළවෙනි ඉවෙන්ට් එක නෙව. මීළඟ වතාවෙ මිතුරු කවය තව ප්‍රසාරණය වේවි.




සාශා කටර් එක ආවෙ නෑනෙ යකූ. අර සිංදුවයි, වයලයි ඩබලවත් බලාගන්ට ඕනෙ. රන්දුවත් නෑ. වාසනා අක්කිත් නෑ. රමාල් මල්ලිගෙ යාලුවෙක් ඇක්සිඩන්ට් වෙලා කිවුව ඉන් පස්සෙ ඌ බුකියෙත් නෑ. තව ගොඩක් උන් ආවෙ  නෑනෙ. නාපු උන් කෝම හරි වරෙල්ල ඊගාව වතාවෙ.


ංවිධායක මණ්ඩලේ හැමෝටම ඉත්තූතියි! වැඩේ හොඳට කෙරුනා. වේලාසන යන්න උන එක ගැන දුකයි. ඊගාව ඉවෙන්ට් එකටනම් දවස පුරා සහභාගි වෙනව.

133 comments:

  1. මාතලන් වෙස්මූණ එක්ක නිකං Fire Fox වගේ

    ReplyDelete
    Replies
    1. වෙනී මාමගෙ වැඩ තමයි ඔය.

      Delete
    2. //කතන්දර බ්ලොග් එක කියවද්දි හිතේ මැවුන කකා ටිකක් වලිබර, කැරළි කොණ්ඩයක් තියෙන,...//

      කකා, කරුණාකරල මෙතෙන්ට දාන්න අර තට්ටෙන් සොමිය දෙන පෝස්ටුවෙයි වලියට බර නෑ පෝස්ටුවෙයි ලින්ක් දෙක. මේ යෝදිට පිස්සු!

      Delete
    3. සිරාවට මන් හිතුවෙ කකාටත් රාජ්ට වගේ කොණ්ඩයක් තියෙන්නෙ කියල. අර ලින්ක් දෙක දෙන්නෝ....

      Delete
    4. http://kathandara.blogspot.com/2010/07/blog-post.html

      http://kathandara.blogspot.com/2009/11/blog-post_19.html

      Delete
    5. ඔහෝ මේ තියෙන්නෙ. තැන්කුයි රාජ්!

      Delete
  2. හි හි... //වචන වලින් අපි තව කෙනෙක්ගෙ හිතේ අඳින රූපෙ ඇති ප්‍රභලත්වය!// මම බස්සි ගෙ මූණ දැකල තියෙද්දිත් (කලින් profile pic එක) මවාගෙන හිටියෙ සෑහෙන කෙට්ටු මූණක් නොවැ... තොප්පියෙන් ඇඳින්නෙ!

    ReplyDelete
    Replies
    1. මාත් එහෙමයි නොවැ

      Delete
    2. මේ ඒ තොප්පිය නෙමෙයි බොලව් ඒකෙ දාගෙන ඉන්නෙ වින්ටර් හැට් එකක්නෙ.

      Delete
    3. එහෙමත් එකක් ද? ඒත් ඒ වගේ ම නොවැ හැටි :-))

      Delete
    4. ඔන්න මාත් දිලිනිව දැක්කලු....

      Delete
    5. ශානු අක්කා මම තමයි අමාරුවෙන් මූ ඉන්න ෆොටෝවක් හොයා ගත්තෙ.

      Delete
  3. උඹ මාත් එක්ක කතාකලේ නැහැනේ ඒ වුනාට බතලි.. :/

    ReplyDelete
    Replies
    1. මට ඉතාලියෙ අවුරුදු උත්සව වලට එන්න බැරිඋනා ඉදිකට්ටෝ.

      Delete
    2. අනේ පල යන්න.. අපි ආවා..

      Delete
    3. එහෙනන් ඔයා අර ජපන් කෙල්ලෙක් එක්ක කොහෙහරි යන්න ඇති අනිවා. හිටු සිහිනට කියන්නම් කේලම!

      Delete
    4. මේ බතල බස්සි මගේ කෝල් එකත් මිස් කරා ඉදිකටු මල්ලි

      Delete
    5. හයියූ පරණ පුරුදු නම්බර් එකෙන් ගන්න එපැයි කිඹුලියේ. හමගානව මන් ටූ

      Delete
  4. ෂහ් නියමයිනේ ඊලග පාර ප්‍රසාරණය වෙයි....

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. කියන්න බෑ බොලාල ඊගාව පාරත් එනවද?

      Delete
    2. එදාට අැනෝ එනෝ...

      Delete
    3. ඇනෝ ඇවිත් බොට මාරයාගෙන් ගුටි කන්ඩ වෙයි.

      Delete
  5. මං නැතිව කෑලි නවය විතරක් දාල මේකි ......
    හැමෝම පෙන්නුවලින් පස්සෙ මෙතැන ගෝවින්දගේ මුණ කාල....

    ReplyDelete
    Replies
    1. මම ගිය වෙලාවෙ ඉදන් හෙවුවට, මම දැක්කෙ නෑ නොවැ ඔය ටිකව. :o

      Delete
    2. කෙන්ජී මාමේ මුන්ට කෑලි ටික දැක්කාම සෙරම අමතක වෙලා ;))))

      Delete
    3. කෙන්ජි ආවෙ නෑ ඔය බොරු. ඔය නවදෙනා ඉතරයි ආවෙ.

      Delete
    4. මන් දැක්ක ප්‍රියා ජප්පියෙක් එක්ක බිත්තර අල්ලනවා :P

      Delete
  6. කතන්දර කොහෙද අනේ මහත. ඇත්ත කියහන් බස්සා උඹට බාලයි නේද? පව් අනේ ඌ.. අහිංසකයි රටක් වටියි..

    ReplyDelete
    Replies
    1. හයියූ මාතලන් අන්කල් බස්ස එදා ලොකු ටී ශර්ට් එකක් ඇදන් උන්නු නිසා වෙන්ටැ. මම අවුරුද්දයි මාස පහක්ම බාලයි ඕන්.

      Delete
    2. හයියු බතල බස්සි නාකි පාටයි ද?? පසන් අයියා පවු

      Delete
    3. ඔව් පොඩි කෙල්ලෙක් ඉන්නවනම් හොයල දීපල්ල බස්සට. පව්නෙ

      Delete
    4. අඩොව් ගෝවින්ද....මේ පොඩි කෙල්ලට අපහස කරන්න එපා....
      අපේ ඉක්කොලේට එහා පැත්තෙ ගෑල්ලමයි ගෙ ඉක්කොලේට ගිය ළදරියක් ......
      මං ගිහිල්ල 20 වසරකට පස්සෙ ....

      Delete
    5. මොකද මූන වහගෙන හිටියේ.

      Delete
    6. කෙන්ජිට 80 ක් ලු

      Delete
    7. @කෙන්ජි
      අන්න එදත් අදත් අපිව ඩිෆෙන්ඩ් කරන සහෝදර පාසලේ අ‍යියලා. ජයවේවා!!

      Delete
    8. මාතලන් පැපරාසි එක්ක ඇග්‍රිමන්ට් එකක් ගැහුව මූන වහල ඕන එකක් කොරගන්න කියල.

      Delete
  7. ඇයි යකෝ මාතලංට විතරක් ඔය වගේ සැලකිලි.. මං දානවා උගේ උපතේ ඉදලම පොටෝ බ්ලොග් එකේ. හිටපියව්.. හැක්...

    ReplyDelete
    Replies
    1. ඉතින් අනිත් අය තමන්ගෙ ෆොටෝ දාන්න එපා කිව්වෙ නෑ.

      Delete
  8. අඩේ පට්ට පට්ට... ලැජ්ජාවෙ බැරුව ඕයි.. කොහෙන්ද ඔය චායා හොයා ගත්තෙ....

    ReplyDelete
    Replies
    1. බුකිය පීරලා හොයාගත්තුව බන්.

      Delete
  9. එන්න විදිහක් තිබුනේ නෑ... කට්ටිය දැක්කහම නම් හුඟක් ආස හිතුනා... බලමුකො ඊලඟ සැරේ...

    ReplyDelete
  10. හැක්. උත්සවේට ආපු කොටම කොල්ලා වෙච්චි මට හයේ හතරෙ ලෙස හදුන්වා අවමන් කි‍රීම තරයේ හෙළා දකිමි.

    දෙයයම්පා බොට මතක නැත්ද මම මුලින්ම ඩබලට කතාකලේ උඩ බලාගෙනනෙ.… හරි හරි පඩි පෙලේ යට පඩියක හිටි නිසා හරි මම උඩ බලන්නෙ කතා කලේ. :D

    ඇත්තම කියන්න කුරුළු ජෝඩුවව ඩෝං ගාලා හදුන ගත්තා. :)

    ReplyDelete
    Replies
    1. ඇත්තට අඩි අටේ මල්ලිත් කතා කලේ උඩ බලන් නෙව. මුන් ඉතින් කියනො මන් කොටයිලු.

      හරි සතුටුයි අනිත් අය මන් වෙනස් කිව්වට බොලා ඩෝන් ගාල අදුරගත්තු එක ගැන.

      Delete
    2. ප්‍රියා ගැන විස්තරේට ලයික් ඈ බස්සියේ . "හයේ හතරේ හි හි "

      Delete
    3. හයේ හතරෙ කියන එකට වඩා හරියනව බන් අටේ දහයෙ කිව්වනම්. ඒ උනාට එච්ච‍ර උස එකා මන් එක්ක කතා කලේ උඩ බලාගෙනලු හොදේ .

      Delete
    4. @ ප්‍රියා
      /උත්සවේට ආපු කොටම කොල්ලා වෙච්චි මට/
      මෙව්වා කටක් අැරල කියන්න පුළුවන් කථාද බං..

      Delete
    5. @ බස්සි, නැතුව බොල. සිරාවටම මතක නැත්ද? මම මුලින්ම කතා කලෙ පහල පඩියක ඉදලනෙ. :p

      @ ඔමා, මම එච්චර උස නැතෝ. අපෙ ඉස්කෝලෙත් මම ටමා කොටම කොලුවා.

      @ විදානෙ, ඇයි මතක නැත්ද බොල බොට. හැක්. ;)

      Delete
    6. විදානේ තාම බෙල්ලට වින්ටර්ජිනෝ ගානවලු ප්‍රියා එක්ක කතාකොරල.

      Delete
    7. සහතික අැත්ත බොල

      Delete
  11. ඇයි මේ මාතලන්ගෙ මූන වහල? එච්චරටම කැතද!!! මෙහෙම හරි මේ අදිසි මිතුරන්ගෙ රූප ටික බලාගත්තෙක ලොකු දෙයක්. හිතේ මවාගෙන තිබුන රූප එකෙකුටවත් නෑ.

    ReplyDelete
    Replies
    1. හිතේ මැවෙන මූනු, පිටට පේන මුනු හැබෑවටම නිතර දකින උදවියටත් නෑ. ඒ නිසා පරිස්සමෙන්.

      මාතලන් ෆොටෝ දාන්න එපා කියල ඉල්ලපු බව ආරන්චි උන නිසයි මේ. අනිත් අය එහෙම ඉල්ලීම් කල බවක් මම දන්නෙ නෑ.

      Delete
  12. පංකාදු සටහන බස්සියේ.....එදින ඔබ සැම වින්දනයක් ලැබුවේනම් එයයි අපේ සතුට...

    ReplyDelete
    Replies
    1. සිහින උලෙල හැබැහින් දකින්නට ඉඩ සලසා දුන්නාට නලින් මාමා ඇතුලු සoවිධායක මඩුල්ලට බොහොම පින්.

      Delete
  13. :D ඇත්තටම බස්සි අක්කව ඒ කාලේ දක්කටත් වඩා කොට වෙලා නේ..

    හෆ්ෆේ අවුරුදු දෙක තුනකට පස්සේ හරි කොහම වුනත් හමුවීම නම් බොහොම සතුටක්... :)

    ReplyDelete
  14. කෝරාලයව මට මිස් උනානේ

    ReplyDelete
    Replies
    1. හවස් වෙද්දි යන්න ඇති.

      Delete
    2. අටං
      උඹ කකාගෙ යටි කයට අත තියාගෙන මොකද කරන්නෙ?

      බස්සි,
      නැද්ද ඒ ෆොටෝවෙ යට ටික?

      Delete
    3. රාජ්,
      වෙනි ෆොටෝ දාල තියෙන්නෙ සම්භාව්‍ය කොටස් අයින් වෙන්න ක්‍රොප් කරල.

      Delete
  15. බොලාට අංකල්ලා නේ සෙරම අපි අවම සීයලා වෙයි බොලාලා අංකල් කියනවා නම් ....කකා නම් ජොලි පොරක් වගේ ....මාතලන් නම් මහත පොරක් ..මං හිතන් උන්නෙ දිලිනි පොඩි එක්කෙනක් කියලා ....ඔතන වයසින් අඩු උන් හිටියෙම නැත්ද ????ඈ ...18 ,20 වයසේ
    පොඩිපාටට ඉන්නෙ බස්සා විතරයි සිරාවටම ...ප්‍රියා මං හිතුවට වඩා සයිස් පොරක් ..එල එල කෙන්ජි මාමා දැන් පෙන්න නැත්තෙ මේ කෙල්ලො වෙන්න ඇති නේ ;))))

    ReplyDelete
    Replies
    1. සහෝදර අයියා ආශ්‍රයට කැමති නිහඩතාවය වගේ සූටි නගාලවනෙ ඉතින්. ඒකයි නේද මේ රහස?

      ඔව් බස්ස පොඩිපාටයි, මන් නාකි පාටයි. සන්තෝසද? :D


      අපි අන්කල්ල කියන අය ඔයාට සීයල වෙන්නෙ! ඔයා කැම්පස් එක කියල කියන්නෙ ඔයා යන මොන්ටිසෝරියට වෙන්ටැ එහෙනම්.

      Delete
    2. අම්මපා ඩෝන් ගිහින් වගේ හැක් එල එල ..................බොලා තව නාකි වෙයි ...
      අර නිහඩතාවය කියන එක මතක් කරන්න එපා ...අම්මපා මොකා වුණත් හම්බුනොත් මුණ දෙනවා ගලවලා අතට .....
      හරි හරි අපිත් වයසක ඩැල් තමා ...අයේ ඉතිං ඔකට පුෂ්පයන් විකසිත කරගන්න ඕන ඈ ...

      වලියට බර බස්සි
      අපි දිව්වා ඕන් අයේ එන්නෑ නෑ
      .ජයවේවා!!!!

      Delete
    3. අනේ මොන්ටිසෝරි ලමයින්ගෙ කතා වලට අපි වගෙ වසයක ඩෑල් තරහ ගන්නෙ නෑ පුතේ. තව නාකි වෙන්න දෙයක් නෑ ලු මගේ නම්.

      Delete
    4. @ බස්සි
      /සහෝදර අයියා ආශ්‍රයට කැමති නිහඩතාවය වගේ සූටි නගාලවනෙ ඉතින්/
      පට්ට එකෙත් සුපිරිම එක

      Delete
    5. මම සයිස් පොරක් නෙමේ බොලවු… හරි අහිංසක චුට්ටන් කොලු බට්ටෙක්. හැක්.

      සහෝ උඹට වයසට යන්න ඕන්නම් නිහඬතාවෙ නඟාව දවසට හත් පාරක් මතක් කරපන්. දවස් හතෙන් හැරමිටියෙන් තමා ගමන. ;D

      Delete
    6. මූ කොතනත් ඔය සුට්ටන් බට්ටා කතාව කියන නිසා අපි දෙන්න එදා ඩයල් එක දැක්කම හොම්මන් උනා හැක්!

      නගා ආවෙ නෑනෙ අප්ප නැත්තම් සහෝදර අයියත් එනවනෙ.

      Delete
  16. නොවැලැක්විය හැකි හේතුවක් නිසා බතල බස්සි අක්කව බලාගන්ට බැරි උනා නොවැ...ගේට්ටුවේදී අනිවා මුණගැහෙමු

    ReplyDelete
  17. ටිකට් වෙලෙන්දෝ. හම්මේ

    ReplyDelete
    Replies
    1. ඕශනික් ගේම්ස් එකේ අක්ක ටිකට් ගන්න එයි කියල බලන් උන්නු කතාව මන් කිව්වෙ නෑලු හොදේ.

      Delete
  18. මම තකහනියක් ෆුඩ් සිටි ගිහිං ගෙනාව ඇපල් ගෙඩි දෙක වතුරේ. අන්තිමට ගෙදර ගෙනත් පොඩි එකීට කැව්වා.

    ReplyDelete
    Replies
    1. කොහෙද ඉතින් මෙයාල බෝතලයක් දකින්න ඇති ඒකනෙ හිටිගමන් අතුරුදහන් උනේ.

      Delete
  19. මටත් උවමනාව තිබුනා බස්C ළමයාට කතා කරන්න. කෝ ඔය දෙන්නා ගිහිල්ලා අපි එනකොට.

    ReplyDelete
    Replies
    1. එකනේ අරූයියා,අපි එනකොට ඔයාලා ගොහින්ලා...

      Delete
    2. ඒකනෙ අරූ මන් කිව්වෙ නැවේ එද්දි ලේට් වෙයි ප්ලේන් එහෙක එන්න කියල. කෝ ඇහුවයැ.

      Delete
    3. හෑ මනෝ ගමේ අවුරුදු ඉවරවෙලා පහුවදා පාන්දරද ආවෙ?

      Delete
  20. ඕවා දකිද්දී ඩුකයි ඉදගෙන ;(

    ReplyDelete
    Replies
    1. පව් ඈ හිටගෙන. විජය කුමාරය පොතෝ ගන්ට ඇතිනෙ බලන්න.

      Delete
    2. අපූර්වී
      බලාගෙන අකුරු වරද්දන්නෙ ඉඳගෙන!

      Delete
    3. ෆෝන් එකෙන් ටයිප් කලේ ඉදගෙන , දකිද්දී පබ්ලිෂ් වෙලා ඉවරයි අයියේ හි හි

      Delete
  21. ඇත්තටම මට හුඟක් අය මිස් වෙලානේ ....

    ReplyDelete
    Replies
    1. ඔයත් ආවද ජෝනා? සැක්. මන් ඇදින්නෙ නෑනෙ.

      Delete
  22. මේක අසාධාරණයි.. ආවනං එක්කෝ බෝඩ් එකක් එල්ලං ඉන්න ඕන මමයි බස්සි කියලා.. ආවා ආවා කිව්වට මං දැක්කේ නැහැනේ.. දැන්වත් දාහං බලන්න හිටපු තැනක පොටෝ කෑල්ලක්...

    ReplyDelete
    Replies
    1. අයියූ මන් හිතුව මාර අන්කල්ට අපිව මීටර් නැතුව ඇති කියල. ඔයාව දැක්කෙත් අර අට්ටාලෙ උඩ ඉද්දි නෙව. මන් අර කොණ්ඩෙ දිග තොප්පි දාපු එකී අනේ.

      Delete
    2. මං දැක්කෙත් නෑ මැටි බස්සිව....

      Delete
    3. හිරු අක්කා ආව බව දන්නෙත් ඔයාගෙ පෝස්ට් එක කියෙව්වට පස්සෙ.

      Delete
  23. තෝ පොස්ටුවෙන් බාගයක් මට අපහාස කොරලා .බතල කොට බස්සි ..තෝ ඊලනග පාරනම් ඉවරයි ,මම බසු පිහාටු වලින් තොප්පියක් මහනවා අම්මපා ...
    ඇඩේ මේ පොටෝ කොහෙන්ද බං හොයාගත්තේ .... මමනම් උඹව දැක්ක ගමන් අඳුරගත්තා ,මොකද මම හොම්බ තලන්නමනේ හිටියේ ..හොඳ වෙලාවට උඹ මට වැඳලා බේරුනේ .... :P

    ReplyDelete
    Replies
    1. මම ගෙඹි හමෙන් පර්ස් එකක් මහගන්න ඉදිකටු නූලුත් අරන් ආවෙ අම්මපා. ටොට අභය දානය දුන්නට මට හොද වැඩේ.
      උඹ කොච්චර බයේද උන්නෙ කියන එකට පොටෝ සාක්කි. ඕව මන් ගත්තුව නෙමෙයි හොම්බ දිග කැමරා වල තිබුන සාක්කි.

      උඹ අර බනිස් ලණුව ගාව දණගහගෙන වැදගෙන ඉන්නව දැක්කම බඩපපුව හෝස් ගාල ගියා බන්. :P

      Delete
  24. කොහොමත් අපේ නලිය ...සංවිධායක මඩුල්ලට.....සහ දිරි දුන් ආයතන වලට මගේ ප්‍රණාමය.....!!
    හොද විස්තරයක් සැපයු.... පිස්සු.....බස්සිට ත් කියූ....thnx .....

    ReplyDelete
    Replies
    1. සoවිධායක මඩුල්ලෙ නම් දැම්මෙ නෑ කාවහරි මගඇරුනොත් කියල බයේ. නම් ලැයිස්තූවක් ඇති කෙනෙක් වෙත්නම් එයාලගෙ නම් ටික දාන්න. මොකද එයාල තමයි සිහින උලෙල හැබෑවක් කලේ.

      Delete
  25. සුපිරියටම නැගල ගිහිල්ල තියෙනවා. මගෙනුත් සුබපැතුම්.

    ReplyDelete
  26. ඔන්න අද තමයි බස්සියෙක්ගේ ෆෝටෝ එකක් දැක්කේ.

    අර මාතලං ගොයියා කඩවසම් බුවෙක්ද? දැන්නම් මූණට ඇසිඩ් ගහලා ෆ්ලේවින් දාලනේ තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඩූඩ් ලන්කාවට එන කාලෙට ගෙට් ටුගෙදර් එක සෙට් උනානම් හරි. එතෝට ඩූඩ්ගෙ ෆොටෝවකුත් දැම්මැකි මේ වගේ.

      මාතලන් සුදූයි බෝ...ලයි සන්ග්ලාස් දානව ඔලුවට කෙස් ටික බේරගන්න.

      Delete
  27. මං සයිබර් බක්මහ උළෙල ඇස් දෙකට දැක්ක වගේ.... නියමයි බස්සියෝ......

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නිහoසා. ඊගාව වතාවෙ ඔයත් එන්න හොදේ.

      Delete
    2. බොහොම ස්තූතියි නිහoසා. ඊගාව වතාවෙ ඔයත් එන්න හොදේ.

      Delete
  28. බතල බස්සි මන් ටෝ හමගානවා >:( .... අක්සේප්ට් කරපන් රිකුව රියල් එකේ එකේ ඇති ඕනි තරම් ගනීම් ඕනි එකක් B| . මේ මට අර බුල බුල තොප්පිය ඕනි :(

    ReplyDelete
    Replies
    1. බුල බුල ටොප්පිය බස්සගෙ. බස්සගෙම්ම ඉල්ලගනිම්. බොරලු ටෝ හමගාම්න මාව. හම්මේ බස්සට කියල ගස්සෝනව ඩැනගනිම්.

      Delete
  29. බස්සා නම් අහිංසකයි රටක් වටියි තමා.. ;)
    මොකද්ද යකෝ මේ දොඩම් ගෙඩි දෙකේ කතාව!!!

    ReplyDelete
    Replies
    1. හම්මේ වැරදුනා. දොඩම් ගෙඩි දෙකක් තරම් උස නෑ ඔන්නම් එකහමාරක් ඉතර ඇති.

      Delete
  30. මමත් එක්ක කවුරුවත් කතාකලේ නැහැනේ එදා

    ReplyDelete
    Replies
    1. මකසියා එන්න එපැයි. එක්කො කෙන්ජි වගේ කෝල් කරන්නවත් එපැයි.

      Delete
  31. පොටෝ එක්ක්ම කතාව යනවා. කවියක්දමන්දා ;)

    ගාලුවා ඇතුලු පිරිසක් මිස් වීම දුකයි. ඌව මම දැකලවත් නැහැනෙ බොල. ඒත් ඒකා මට බැන්නා තෝ මාත් එක්ක කතා කලේ වත් නැහැ නේද කියල >.<

    ReplyDelete
    Replies
    1. හම්මේ ගාලුවගෙ ලැජ්ජ නහර කපල නෑ සෑමෝ. ඌ ඇඹරි ඇඹරි උන්න මිස කා එක්කවත් වැඩි කතාවක් නෑ.

      Delete
  32. බස්සට තියෙන්නෙ කැරලි ගැහුනු කොණ්ඩයක් කියලනේ ලවු සීන් එකේ දි උෘව ඉස්සෙල්ලම දැක්ක දවසෙ බස්සි කියන්නේ.... ඒ කැරලි කොයි....... බස්සි ඉදගෙන මොනව හරි කොලැයි....

    ReplyDelete
    Replies
    1. මන් එක්ක අවුරුදු හතරක් ගෙවලම බස්සගෙ කැරලි කොණ්ඩෙ දිගඇරිලලු හිහිහී...

      නෑ මෙයා බස්සගෙ කොණ්ඩෙ දිග නිසා යටින් කොණ්ඩෙ රැලි හැදෙනව. ‍රැලි කිව්වෙ හෙයා කර්ල්ස් නෙමෙ.

      ඔයාට ආදර අන්දරේ විස්තර මතක බව ඇහුවම මම සතුටින් පිනා ගියාලු හොදේ.

      Delete
  33. අනේ අර බොරලුවා කීනවා වගේ ටෝව හම ගහන්න වටිනවා...කෝල් එක මිස් කලාට....අපසාදේ....ඒ මේ ගෙම්බා සෑහෙන ප්‍රශ්නෙක වගේ උඹ ඒකව බය කොරාද ....හිකිස්...දවසක අපිත් එන්නම්කෝ

    ReplyDelete
    Replies
    1. අනේ සමාව බාජනේකට දාපන් අක්කෝ. දන්න නොම්මරෙන් කතා කොලන්න එපැයි ටෝ නම්. ගෙම්බගෙ බය මූනෙන් පේනව නේද?

      Delete
    2. හැක් තෝ ආවේ නැනේ ..එහෙනම් ඉස්ටු දානවා ග්‍රවුන්ඩ් එක මැද්දේ /

      Delete
    3. කිඹුල් ඉස්ටු ද?

      Delete
  34. හපො ගෙම්බි අපි එන්න කලින් ගිහින්නෙ.වැඩක් නැ.

    ReplyDelete
  35. වේලාසනින් ගිය එක හෙලාදකිනවා, අක්කෙ මට උබත් එක්ක කතා කරන්න හම්බුනෙ නෑ සොරි ඇ, ආයෙත් දවසක හමුවෙමු :)

    ReplyDelete
    Replies
    1. මොනා කොරන්නද මල්ලි වැඩ ගොඩක් තිබුන නෙව. අනිවා ඊගාව ඉවෙන්ට් එකට නම් දවස පුරා සහභාගිත්වය දක්වනව!

      Delete
  36. නියම පොටෝ කතාව බස්සිගෙ... ඊළඟ සැරේ එන අයට ගෙඹි හම් පර්සුයි, මනුස්ස ඉස්ටුයි, බසු පිහාටු තොප්පියි ලාබෙට ගන්න පුළුවන් වෙයි වගේ... :D

    ReplyDelete
    Replies
    1. මනුස්ස ඉස්ටු නෙමෙයි මියුරු ඒ හදන්නෙ කිඹුල් ඉස්ටු අපේ කිඹුල් ශානුගෙන්. බසු පිහාටු තොප්පි නම් ගන්න වෙන එකක් නෑ. හැබැයි පර්ස් එකක් නම් මහල දෙන්නම් අනිව!

      Delete
  37. Replies
    1. හොඳ...........ම වැඩේ!! සාදු සාදු!!

      Delete
  38. අනේ නගේ උඹ විතරයි බං මෙහෙම ලිපියක් ලිව්වෙ...ෆොටෝ වල ඉන්නෙ මොක්කුද කියලා කියන්නෙ නැතුව අපි කෝමෙයි දන්නෙ...ඔතනින් සමහර දෙනා මට ගම්පහදි මුලිච්චි වෙලා තියෙනවා....බොලාවත් දැක්කෙ අද නොවැ....

    ReplyDelete
    Replies
    1. මම මුන්ව අඳුරගන්න බැරුව වැටුන අමාරුවෙ අනිත් අය වැටෙන එකක් නෑනෙ මෙහෙම එකක් කියෙව්වම. ඉවාන් තමයි ගොඩක් අයව අඳුන්නල දුන්නෙ. ගෙම්බා උනාට හොඳ එකා. නැත්තම් මම එකෙක්වත් හොයාගන්න බැරුව හූම්ම්ම් හූම්ම්ම් ගගා ඉන්න තිබුන. :)

      Delete
  39. සැහ් මට එන්ට බැරි වුණානෙ :(

    වැඩක් නෑ ඉස්සරහට තිබ්බත් එන්නෙ නෑ. ඕං කිව්ව :/

    ReplyDelete
    Replies
    1. මන් කිවුවයි කියල හිතාගනිම්කො. :P

      Delete
    2. ඇයි මොකද ආ??

      Delete
  40. Replies
    1. හ්ම්ම් හ්ම්ම්ම්...........

      Delete
  41. මේ පැත්තට ආවේ අදයි බස්සියේ, :D

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා ශම්මියෝ....

      Delete
  42. දකින්න ඇති අඳුර ගන්න බැරි වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. මමනම් අඳුරගත්ත. කතාත් කලා අනී ඔයා නේද දුවලා එක උනේ.

      Delete