Monday, October 20, 2014

වචනයෙන් නොකියූ ආදරේ.....










“අන්න එනවා” මෙලීසා මගේ වැළමිටට ඇන්නේ නොහිතපු වෙලාවක. අතේ තිබුන ෆයිල් බෑග් එක මහ හඬක් නගාගෙන පේව්මන්ට් එකට වැටුනා.


“කලබල නොවී ඉන්නව මැට්ටි. මාත් එක්කම බිමට නැමුනු මෙලීසා විසිරුන කඩදාසි කිහිපය එකතු කරමින් කිවුවා. මම හිටියෙ ඉරට පොඩ්ඩක් ඉහළින් තිවුන වළාකුලක් උඩ ඇවිදිමින්. ඒ තරම් ගැබුරු හීනෙකින් ඇහැරෙන්න අමාරුයි.


මෙලීසා මගෙ අතින් අල්ලා ගත්තා. මගෙ අත්ල දහදියෙන් තෙත්ව ඇති බව මට හදිසියේම මතක් වුනා. ඉස්කෝලෙ හැමෝම ප්‍රතික්ෂේප කරපු මගේ තෙත් අත්ල මුල්වරට තදින් අල්වා ගත්තු මිතුරිය මෙලීසා.


“මළමිනියක් වගේ නේද?” මම හෙමින් මිමිණුවේ මෙලීසාගෙ අත්ල ගිනියම් වෙලා වගේ දැනෙන්නට වූ නිසයි. ඒ සාමාන්‍ය උණුසුම නම් මගේ අත්ල කොයිතරම් සීතලට දැනෙනවා ඇත්දැයි මට එක්වරම කල්පනා වුනා.


ඉර කෑලි කෑලිවලට පුපුරා ගිහින් රත්තරන් පාට වැස්සක් ඇදහැලෙන්න වුනා. ඔහු කහඉර උඩින් පාරෙ මෙහා පැත්තට එනවා මම බලන් හිටියෙ අපහසුවෙන්. ඒ දිස්නය විහිදෙන්නෙ ඔහුගෙන්ද? ගෙලට තරමක් පහළින් ගැටගසා තිබුන කෙහෙරැළි පිරිමදිමින් මම ඔහු දිහා බලා නොබලා උන්න.


“අපරාදෙ ඇයි මැට්ටියේ පෝනිටේල් එක උඩට ගැටහගන්නෙ නැත්තෙ?” මෙලීසා අහනවා.


“එයා ආස නෑ.” 


“මොක්-කක්?” 
මෙලීසා මා දිහා බැලුවෙ ඇස් ගෙඩි තඩි කරගෙන.


“එදා කිවුව. ක්ලාස් එකේ කාර්ඩ් මාර්ක් කරන්න පෝළිමේ ඉඳිද්දි. එයා හිටියෙ මට පිටිපස්සෙ. උඹල ක්ලාස් එක දෙදරන්න මෝඩයො වගේ හිනා උනේ මට.”


එයා ඇවිත් අපිට ටිකක් එහාට වෙන්න හිට ගත්තා.


“අඩේ මූ ඩෙනිම හෝදන් නෑ.”
මෙලීසා කියපු එක ඇහුන වගේ එයා ගැස්සිලා අපි දිහා බලනකොට මම හෙමිහිට ඒකිගෙ වැළමිට කෙනිත්තුවා.


කතාව ඇත්ත. ගිය සතියෙත්, ඊට කලින් සතියෙත් එයා ක්ලාස් ඇන්දෙ මේ ලා අලුපාට ඩෙනිම. කළු පාට බාට දෙක. රතුපාට බැගී ටී ෂර්ට් එක. බෙල්ලට වැටෙන අකීකරු කොණ්ඩෙ යාන්තම් ආණ්ඩුමට්ටු කරගන්න ඔළුවෙ හිරකරන් ඉන්න තද අළු පාට කැප් එක.


බස් එකක් නැවැත්තුවා.
එයා හිටි තැනින් හෙල්ලෙන්නෙවත් නැතුව බලන් ඉන්නව.


“මෙලියා අපි ඊගාව බස්සෙකේ යමු?”


“පිස්සුද යකෝ දැනටමත් දෙකහමාරයි. අදත් සර්ගෙන් නෝණ්ඩි වෙන්න වෙයි, යමන් යමන්.” මෙලීසා මාවත් ඇදගෙන දඩිබිඩියේ බස් එකට නැග්ගා.


බස් එකේ වීදුරුවෙන් මට පේනව ඒ ඇස්. හරිම ගුප්තයි, වෙනස්වෙන සුළුයි. මේ වෙලාවෙ  මම ඒ ඇස් වලින් දැක්කෙ ළදරුවෙකුගේ ඇස් ඇතුලෙ තියන පිවිතුරුබව. මන්තරකාරයෙක්. බලා නොබලා ඉන්න එක කරන්න විදියක් නෑ එයාගෙ ඇස් දෙකෙන් මාව පටලවා ගත්තට පස්සෙ. 








“මහ නපුරෙක් ඒකා. උඹව රිද්දනව. උඹට තේරෙන්නෑ මැට්ටි.”


“ඇයි?” මම ඇහුවෙ හීනෙන් වගේ.


“පේන්නැද්ද බස් එකට නගින්නෙ නැතුව මග ඇරල ඉන්න හැටි. ලොකු ලයින්!” මෙලීසා එයාට එරෙව්වා. එයා ඉක්මනින් අහක බලා ගත්ත.


බස් එක මදින් මද ඉස්සරහට ඇදෙනවා. මගෙ හිතත් පුපුරලා ගිය ඉර වගේ කෑලි කෑලි කැඩිලා ගිහින් ඇස් අග්ගිස්සෙ එකතු වුනා.


බොඳවෙච්ච වීදුරු පටලයෙන් මම අන්තිම වතාවටත් බස් හෝල්ට් එක දිහා බැලුව. 

ඒත්, එයා කොහෙද?


“අරූ නම් දවසක මැරෙන්නෙ බස් එකක් පල්ලෙ වැටිලා බෙල්ල කඩාගෙන. උඹටත් මේ වඳුරටමනෙ හිත ගියෙ.” මගෙ ෆයිල් බෑග් එක බස් එකේ උඩ රාක්කයට දාන ගමන් මෙලීසා කියනවා.


හුළඟත් එක්ක දඟකරන කොණ්ඩ කැරළි එයාගෙ සුදුමැලි නළලට වැටෙනවා. ලොකු ටී ෂර්ට් එකත් හුළඟත් එක්ක තරඟෙට ඉගිල්ලෙන්න යනව. ඒ දිළිසෙන ඇස් ෆුට්බොර්ඩ් එකේ ඉඳන් දිගටම මා දිහා බලන් ඉන්නව.










ඇල්මෙන් බැල්මෙන් හෙමින් සීරුවෙන්..
වචනයෙන් දෙකෙන් දොඩමලු වෙමින්...
ඇදහැලෙනා දිග හැරෙනා 
ආදරේ...

තවමත් නොකියූ ආදරේ..
මගෙ ආදරේට ඔබෙ ආදරේ දෙනවානම්......

රහසින් සිහිනෙන්
නිදි ලොව නුඹව සෙයන්නේ...
සක්මන් කරමින් යලි යලි නුඹ ගැන සිතන්නේ....
කෝල බොළඳකම් සිත වටකරගෙන නැගෙන්නේ...
තවමත් නොකියූ ආදරේ..
මගෙ ආදරේට ඔබෙ ආදරේ දෙනවානම්......


දනින් වැටි මල් යායක් අතින් අරන්
මුවට උඩින් පැන හාදු වැස්සක් දෙන්නම්
දෙනෝදහක් සිටියත් අප දෙසම බලන්
දෑත් විදහා ආදරයෙන් රගන්නම්


වචනයෙන් නොකියූ ආදරේ
මගෙ ආදරේට ඔබෙ ආදරේ දෙනවානම්......
රහසින්වත් නොකියූ ආදරේ
මගෙ ආදරේට ඔබෙ ආදරේ දෙනවානම්......




ගායනය :- භාතිය ජයකොඩි හා සන්තුෂ් වීරමන්










97 comments:

  1. කියන්න ලැජ්ජයි බොලවු, මේ සිංදුව අහලම නෑනෙ! ඔක්කොටම කලින් සිංදුව අහලා ඉන්න ඕන.

    උඹ ලියලා තියෙන විදිහ පට්ට මචො, මම සාමාන්‍යෙන් bns ලට කැමති නෑ ඒ තරම්. ඒත් මේ සිංදුව අහලා බලන්න හිතුනා කියන්නෙ බස්සිගෙ දක්ෂ කම තමා.

    ReplyDelete
    Replies
    1. BnS ල උඹට කැමතිත් නෑ කීව .. උඹේ බ්ලොග් එක උං බලන් නෑලු :D

      Delete
    2. මදැයි. ඔන්න වීඩියෝ කෑල්ලක් එල්ලුව ප්‍රියෝ ඒකත් බලල ඉන්නකෝ...

      Delete
    3. පත්තරේ ඩයල් එක නේ. දෙන්නම මූට කැමති නෑල්ලු ද?

      Delete
    4. ඒකනෙ බං මම උන්ට කැමති නැත්තෙ! :D

      Delete
  2. බස්සියේ,bnsලා marktn exctve කෙනෙක් හොයනවලු.application එකක් දැම්මනම් හරි.මමත් කවදාවත් අහල් නැති සින්දුව ඇස්සෙවුවෙ බස්සි තමා

    ReplyDelete
    Replies
    1. @ dimuthu somnas

      අහ්, ඒ තනතුර දැනටමත් බස්සිට ලැබිලා ඉවරයි, මේ පොස්ට් එකේ මුඛ්‍ය පරමාර්ථය ඔය සිංදුව ප්‍රමෝට් කරන එක තමා.
      ඕ යේස් ..

      Delete
    2. ආයෙ අමුතුවෙන් මාර්කටින් එක්සෙකටිව්ලා මොකටද! එයාලගෙ පට්ට marketing strategy නෙ තියෙන්නෙ. අන්න ඒව තමයි ඉගෙනගන්න තියෙන්නෙ BnSගෙන්.

      Delete
  3. ලස්සන කතාවක් ...

    හිතේ තියෙන දේවල් කියාගන්න බැරිවීම ( විශේෂයෙන්ම " ආදරේ " ) ලොකු පීඩනයක් , දුකක් ... බස්සි ඒක හොදට දන්නවා වගේ. හික්ස් ....

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ සඳරු!!
      මම හිතන්නෙ ලංකාවෙ ගෑණුළමයි බොහොමයක් ඒ ගැන හොඳට දන්නවා ඇති.

      Delete
  4. මම භාතිය සන්තුෂ්ලාගේ ගීත අතරින් කැමති කීපයකට විතරයි. හැබැයි මම උන් දෙන්නට කැමති ලංකාවේ කළා කාරයෝ හිඟන්නෝ කියලා තිබ්බ මතවාදය වෙනස් කරන්න පෙරමුණ ගත්ත නිසා. දැන් කට්ටිය රිඟින් ටෝන් ගැනයි අරවා මේවා බයිලා කියා කියා එල්ලෙන්න එයි , ඒක ගැනත් අහන්න තියෙන්නේ රිඟින් ටෝන් වැඩෙත් උන් දෙන්නා කරනකම් කාටවත් හිතුනේ නැත්තේ ඇයි. ඕක ප්‍රවීණ කියන කෙනෙකුට හිතුනනම් එත් මේ සන්තාසියම තමා . වෙනසක් නෑ.

    ReplyDelete
    Replies
    1. //උන් දෙන්නට කැමති ලංකාවේ කළා කාරයෝ හිඟන්නෝ කියලා තිබ්බ මතවාදය වෙනස් කරන්න පෙරමුණ ගත්ත නිසා. //

      අනිවාර්යයෙන්ම.
      කලාකාරයො කියන්නෙ හම්බවෙන සල්ලි බීලා නාස්ති කරන, ගෙයක් දොරක් හදාගන්න විදියක් නැති අමුතු ජීවීන් කොට්ඨාශයක් කියල තිබුන ලේබල් එක BnSලා, ඉරාජ්ලා වෙනස් කලා. අනික මටනම් එයාලගෙ හොඳ සින්දු නැතුවා නෙමෙයි. වෙලා තියෙන්නෙ පාට කණ්නාඩි දාගෙන බලන අයට කොයි දේත් පේන්නෙ ඇදේට.

      තව දෙයක්. ගොඩක් අය මේ වගේ සින්දු බොළඳයි කියලා බැහැර කරනව. ඒත් හිත නිදහස් කරලා පොඩ්ඩක් අහල බලන්න. හිත ඇතුලෙ හිරවෙලා හිටපු අවුරුදු දාහතරෙ, පහළොවේ පොඩි එකා එළියට ඇවිත් නිදහසේ හිනාවෙන, නටන හැටි පෙනේවි එතකොට.

      Delete
  5. මටනං ඕව තේරෙන්නෑ අෆ්ෆා.. :3

    අඩේ මේ සින්දුව අහල නෑනෙ කලින්..

    ReplyDelete
    Replies
    1. අන්න සංචා මට පින් දෙනෝ ලස්සන සිංදුවක් ඇස්සෙවුවට. :P

      Delete
  6. // අඩේ මූ ඩෙනිම හෝදන් නෑ.//

    ඉතිං අපි හෝදන්නෙත් නෑ තමා බං :D . !!!!

    ReplyDelete
    Replies
    1. එකනේ බං කවුද ඩෙනිම් හෝදන පිස්සා :P

      Delete
    2. ඇයි යකෝ අපිත් හෝදනවා කියලද හිතන්නේ....!! :D

      Delete
    3. මොකාද යකෝ ඩෙනිම හෝදන මෝඩයා! :D

      Delete
    4. නැතිද මට නිදහසක්
      අද දිනේවත් ඉන්න
      එන්න බෑ කියන්නේ
      කෙලෙසදෝ
      දුප්පත් උඹට මං
      සත් දිනක් එක දිගට
      ඉන්නෙ මං උඹ සමග
      දුකක් නෑ මා ඔන්න
      එක් වරක් හෝදන්න

      ගත්තේ මෙතනින් -
      ඩෙනිම කතා කරයි

      තව එකක් දැක්කා මුණු පොතේ ....

      "මගේ දුප්පත් එකම ඩෙනිම.. උබ මට මහ මෙරක්. අම්මපා.. උබයි බාටා සෙරෙප්පු කෑලි දෙකයි නැත්තම් මං ගමනක් ගිහිනුත් ඉවරයි" (Miyunu Dilshan)

      Delete
    5. යකෝ හෝදන හින්දම අම්මට අහු වෙන්න තියෙන්නෙත් නැහැ, රෙදි මල්ල වගේ බෑග් එකයි, මාස දෙක තුනක් පට්ට ගහලා යටි පතුල විලුඹ ළඟ නුල් ගියපු ඩෙනිමයි ටී එකයි ගංජා බාටා දෙකයි බ්‍රැඩ්මන් කැප එකයි මුණ පුරා රැවුලයි බෙල්ල පහලට කොන්ඩේ තියෙන කොට අම්මට මාව හිපියෙක් උනාට මට මාව මන්ම තමා.

      හෙක් අපි හෝදයි ඩෙනිම් :P

      Delete
    6. // රෙදි මල්ල වගේ බෑග් එකයි, මාස දෙක තුනක් පට්ට ගහලා යටි පතුල විලුඹ ළඟ නුල් ගියපු ඩෙනිමයි ටී එකයි ගංජා බාටා දෙකයි බ්‍රැඩ්මන් කැප එකයි මුණ පුරා රැවුලයි බෙල්ල පහලට කොන්ඩේ //

      ඔක්කොමත් හරි. අපරාදෙ රෙදි මල්ල වගේ බෑග් එක තමයි මැච් වෙන්නෙ නැත්තෙ. පොත් දෙකක් අතේ රෝල් කරන් යන්න තිබුනෙ.

      Delete
    7. මොක කලත් පොත් වලට ගරි සත්කාර පුදන්න ඕනාම නැත්තන් හරියන්නේ නැහැ :D, රෙදි මල්ල කිව්වේ අර සාදුලා ළඟ තියෙන්නේ, ආන් ඒ ජාතියේ එකක්.

      Delete
    8. අදයි දැනගත්තේ මට හරි නොගියෙ මොකද කියල සොමියෝ... :D

      Delete
    9. අපේ අම්මා පොඩි කාලේ ඉඳන්ම හිල් වෙන්න ටොක්කක් අනිනවා බලු කනක් හරි තිබ්බොත්, ඒ බය යුනි ගියා කියලා වෙනස් උනේ නැහැ. :D

      Delete
  7. එතකොට භාතිය සන්තුස් කියන්නේ දෙන්නෙක් ???

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. නෑ.. නෑ.. හතර දෙනෙක්

      Delete
    2. එක්කෙනෙක් බං. පස්සෙ දෙන්නෙක් උනා! :D

      Delete
    3. //එක්කෙනෙක් බං. පස්සෙ දෙන්නෙක් උනා!//

      මට මැරෙන්න හිනා යකූ. දකින උන් හිතයි මට පිස්සු කියල

      Delete
  8. BnS මන් කැමතිම යුවලක් ගැන කැමතිම බ්ලොග් එකක ලියවිලා එල බස්සි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ෂැගියෝ....

      Delete
  9. මුන් දෙන්නගෙ සමහර සින්දුවලට මමත් කැමතියි. මෙක නම් කලින් අහල නැ. ලස්සනට ලියල

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ දමිත්!!

      Delete
  10. මෙලීසා....නැතුව කනට හුරු පුරුදු නමක් තිබුනා නම් මම කැමතියි...ඕ යේස්....

    ReplyDelete
    Replies
    1. කටට හුරු පුරුදු නම ප්‍රසිද්ධියේ ලිවුවනම් මෙලීසා මාව හමගහයි.

      Delete
  11. සිංදුව නම් අහලා නෑ. කතාවනම් මරු. මට අතීතයේ කාපු කටු මතක් වුනා. :D

    ReplyDelete
    Replies
    1. සිංදුව අද අහල බලන්නකෝ....

      නිසුපා අක්කත් දැකල අහල ඇතිනෙ, මේව ගෑල්ලමයින්ට පොදු සීන් නෙ ප්‍රසිද්ධියෙ නොකීවට

      Delete
  12. පාසල් කාලයට මතකයෙන් අැදී ගියෙමි. ඒ කෙල්ලත් මං ගැන මේ වගේ හිතුවද දන්නෑ. අපරාදේ :( :(
    (සිංදුව නං අැල්ලුවෙ නෑ. කතාව නියමයි) සිරාවටම කෙල්ලෙක් ගේ අැහින් මේ ටොපික් එක දිහා බැලුවෙ පලවෙනි පාරට. අක්මාවටම වැදුනා!!!
    (පාසල් කාලයට මතකයෙන් අැදී ගියෙමි. ඒ කෙල්ලත් මං ගැන මේ වගේ හිතුවද දන්නෑ. අපරාදේ :( :( දැං ඉතිං too late වෙන්න අැති. හොයාගන්නවත් නෑ. කොටින්ම, පදිංචියත් මාරු කරලා :( )

    ReplyDelete
    Replies
    1. අක්මාවටම දැනුන එක ගැන බොහෝම හැපි. හප්පේ පිරේත් ඕවගේද? ෆුට්බෝඩ් යන්න එපා දැක්කනෙ සිරා අයියගෙ මලයට වෙච්චි වැඩේ.

      Delete
    2. දැං ෆුට් බෝඩ් යන්වා තියා බං බස් වල යන්නෙත් මාසෙකට සැරයක් වගේ උපරිම වුණොත්!! නවාතැන් පහසුකම් (??) දීලා තියෙන නිසා සහ, ගෙදර යන්න අත්‍යාවශම නම් විතරක් යන නිසා බස් වල යැවෙන්නෙ නෑ. ඒ නිසා බය නොවී හිටු.

      ඒ කාලෙ නං ඉතිං පොර කාගෙන දුවගෙන ගිහිං යාන්තමට දොරේ කොහෙ හරි කොණක් අල්ලගෙන යන්තං එල්ලෙනවා. කොහෙද ඉතිං, අපේ අක්කව දැකලා වැරදියට වටහගෙන අහක බලාගත්ත දවසෙ ඉඳං ඒ ලමයා අතුරුදහං වුණානේ!!! :(
      ඉං පස්සෙ පදිංචියත් වෙනස් කරලා
      (කොට මොඩල් අක්කලා ඉන්න මල්ලිලාට සිද්ධ වෙන ලොකු අසාධාරණයක් මේක. කාට කියන්නද ඉතිං)

      Delete
  13. කතාව ලස්සනට ගලාගෙන ගහිල්ල තිබ්බ අපරාදෙ සින්දුව නැතිව කතාව දිගටම තිබුන නම් කියල හිතුන

    ReplyDelete
    Replies
    1. මේව දිගටම ලිවුවොත් මෙගා වෙනව හංසියෝ... ඒකයි සිංදුවක් දාල ඉවර කලේ

      Delete
  14. එතකොට කවුද මේ මෙලිසා...

    ReplyDelete
    Replies
    1. මොනාලිසාගෙ පුංචි අම්මගෙ හස්බන්ඩ්ගෙ වයිෆ්ගෙ දුව!

      Delete
    2. මං හිතුවේ ඇලිසාගේ බාප්පාගේ හොර කසාදේ ගෑනිගේ බාල කෙලි කියලා!

      Delete
    3. මෙලීසා කියන්නෙ අපේ ආච්චිගෙ නැන්දගෙ බාල දුවගෙ පුංචම්මා.

      Delete
  15. අහෝ දුකකි ඉරකි තිතකි වගෙ කතාවක් මතක් වුනා මට. මක් කරන්න ද, කාලය කෙතරම් නපුරු ද කියන්න තමයි වෙන්නෙ.

    සිංදුව අසා නැත. බස්සිගෙ සටහන මාව තරමක අතීතයට අරන් ගියා. කුමාර කරුණාරත්න ගෙ මොකක්දෝ පොතක තියනව, මේ සටහනේ අර්ථය එන කතාවක්. ඒකෙ නම් කෙල්ල දිනනවා :)

    ReplyDelete
    Replies
    1. ඔන්න කාලෙකින් කෙබරයක් අදින්න හදනවා :P

      Delete
    2. // කාලය කෙතරම් නපුරු ද //

      සහතික ඇත්ත චන්දන අයියේ.

      කුමාර කරුණාරත්න... ම්හු. කියවා නෑ වගේ.

      Delete
  16. ගීතය අහලත් නෑ. මගෙ හිත යන්නෙත් නෑනේ...(((

    ReplyDelete
    Replies
    1. එහෙම තමා කුරුට්ටියෝ.... එක එක්කෙනාට එක එක චොයිස්!

      Delete
    2. ගීය මෙලෝ රහක් නැත. ඒත් ඒ ගීයට බස්සිගෙන් ලැබුණු අරුත නම් අක්මාවද පසාරු කරන්නට සමත් විය!!
      ඔන්න තත්වෙ!!

      Delete
  17. පුල් රොමෑන්ටික්.. ආන් උඹේ කලින් පෝස්ට් එක ලංකා නිව්ස් වෙබ් එකේ තියෙනවා.. ප්‍රොක්සියකින් හරි බලන්න... කොන්ග්‍රැට්ස්..

    ReplyDelete
    Replies
    1. සුභ පැතුම්.. මාතා ලින්ක් කටුවක් වත් දීපං බං..

      Delete
    2. http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/14163-science-behind-break-up

      මේ යක්කු අර ගොං ගෙම්ලුෂාව ප්‍රෙමසා්ට් කරන්නද කොහේද මේක දාලා තියෙන්නේ.. හැක්..

      Delete
    3. අහා අර ගෙඹිලූෂාට ඇපත් නැතිවෙන්න නෙලපු පෝස්ට් එක නෙව! අන්න ඒක තමයි ලොකුම සතුට ඕ යේස්!! තැන්කූ මාතලන්!!

      Delete
    4. තැන්කූ දේශා.... :D

      Delete
    5. යකෝ ඒ ලූෂා ගේ පොස්ට් එකකුත් තියෙනව ලංකා නිව්ස් වෙබ් එකේ ..

      මෙන්න බලාපියව්

      Delete
    6. ලූෂාගෙ ත්‍රීවීලර් එකත් පාක් කරලනෙ ලංකා නිවුස් වෙබ් එකේ. මරු ඈ! ^_^

      Delete
  18. BnS ල කරපු දේවල් වලට හුගක් අය අමනාපයි. ඒත් උන් තමා මේ ට්‍රෙන්ඩ් එක ගෙනාපු අය.. අවුල කියන්නේ සිංදුව මාත් අහල නෑ.. හැක්

    ReplyDelete
    Replies
    1. අමනාපේ නෙමෙයි බං ඒකට බොහෝම ලස්සන වචනයක් තියෙනවා හින්ගල බාසාවේ.. ජැලොසි කියලා...

      Delete
    2. ඒ අමනාපයනම් පදනම් විරහිතයි කියල මම හිතන්නෙ දේශෝ.... මාතලන් කියල තියෙනව වගේ ඕකට ප්‍රධානම හේතුව ජෙල. අනික අසීමාන්තික නොස්ටැල්ජියාව.

      Delete
    3. //නොස්ටැල්ජියාව//
      හෑ.. ඒ මොකක්ද බස්සියේ..! බසු භාශාවේ වචනයක්ද?

      Delete
  19. ඔහැක්... කෝ ඉතුරු ටික...
    සිංදුවක් දාල පොල්ලෙන් ගහන්න වගේ නවත්තල...
    අයි හේට් නවත්තන කතාස්...
    ඕ යේස්...

    ReplyDelete
    Replies
    1. වට් ටු ඩූ මෙන්. මෙහෙමවත් ලියන එක ගැන සතුටු වෙන්නකො ඉතින්. දීස් ඩේස් අපි බොරු බිසී නෝ. දිග කතා ලියන්න හිතෙන්නෑ. ඕ යේස්...

      Delete
  20. සින්දුව නම් මෙලෝ රහක් නෑ.. කතාවනම් එල..

    ReplyDelete
    Replies
    1. හික්ස්! මම ආසා සිංදුවක් ^_^
      උන්නු තැනම හිටගෙන නටන්න හිතෙනවා ඕක ඇහෙද්දි.

      Delete
  21. මාත් මේ සින්දුව් ඇහුවේ ඊයේ රෑ යාලුවෙක් කියපු නිසා .මමත් B & S ට වැඩිය මනාප නැ .පොස්ටුව පංකාදුයි .

    ඔබ නෑසූ කතාවක් කියන්නම් ළඳේ
    අසා ඉන්න දෙසවන් යොමා
    රෑ සීනෙන් වගේ දුටුව දසුනක්ය ඒ
    බලා ඉන්න දෙනුවන් අයා //

    මගේ සිත ගත් ළඳේ
    පුන් පෝදා හඳෙන්
    රුව අරගත් ඔබ
    මට කියන්න කවුරුදෝ ඔයා //

    කළුවර අහසේ
    ලස්සන සඳ සේ
    යාවෙමු රහසේ
    නිරතුරු පැතු සේ

    ඔබ නෑසූ කතාවක් කියන්නම් ළඳේ
    අසා ඉන්න දෙසවන් යොමා
    රෑ සීනෙන් වගේ දුටුව දසුනක්ය ඒ
    බලා ඉන්න දෙනුවන් අයා

    දිගු දෙනුවන් සාරා
    මුව හසරැල් පුරා
    මට ආදරෙයිද
    ඔබ කියන්න කාටවත් හොරා //

    ආයෙත් හමු වී
    දළු මල මම වී
    රේණුව ඔබ වී
    ඉමු අපි සැඟවී

    ඔබ නෑසූ කතාවක් කියන්නම් ළඳේ
    අසා ඉන්න දෙසවන් යොමා
    රෑ සීනෙන් වගේ දුටුව දසුනක්ය ඒ
    බලා ඉන්න දෙනුවන් අයා //


    ගායනය - රෝයි පීරිස්

    ReplyDelete
    Replies
    1. හිත ගාව දඟ කලා
      නෙතු ගාව හිනැහුනා
      පැතුමකට ඉඟි කලා
      හදක ආරාධනා...

      සන්සුන් වු කල්පනා විජිතයේ පාවුනා
      ඔබේ සෙනෙහස ගෙනා මිහිරි ආරාධනා
      මල් පිපුණු තාරකා විමානේ තනි වුණා
      හැඟුම් මන්මත් කලා සුසුම් ආරාධනා...

      සිනිඳු මල් පෙති පුරා බඹර ගී ලියැවුනා
      සිවු නෙතක් ළං කළා ඔබේ ආරාධනා
      කුරුළු ගී පාවුනා නිල් ගුවන් ගැබ පුරා
      වසත් කල ළං කළා සෙනෙහෙ ආරාධනා..

      පද රචනය - කුසුම් පීරිස්
      සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක

      Delete
    2. පළවෙනි සිංදුව අහල තියෙනව. අහන් ඉද්දි හිත නැටවෙන සිංදුවක්.

      දෙවනි එක නම් අහල නෑ අහන්න ඕන.

      සින්දු දෙකටම බොහොම ස්තූතියි සිංදු ඇනෝ....

      Delete
    3. මල් මන්දහාසින්ම කීවේ වදනින් නොකී ආදරේ
      ඇයි දැයි නොතේරේ මා මෙලෙස බැඳුනේ
      ළඳුනේ ඔබේ ආදරේ

      මා හා මේ ලෙසේ නෑ කවුරුවත් බැඳී මෙසේ
      හේමන්තයයි ගෙවී ගියේ
      එන්නේ වසන්තයයි ද මේ ...

      ගැයුම - ජගත් වික්‍රමසිංහ

      Delete
    4. ස්තූතියි ඉන්දික! අහලා පුරුදු නැති සිංදුවක්. අහල බලන්න ඕන

      Delete
  22. කතාව නම් එළ.....!! මේ දිහා කෙල්ලෙක්ගෙ ඇහින් බලන නිසා තවත් කික්.....!! ඕ.... යේස්....!!!!

    ReplyDelete
    Replies
    1. හහා... තැන්කූ තැන්කූ නිමෝ.... :D

      Delete
  23. පට්ට කතාව බස්සි අක්කා, මීට කලුන් ලිව්ව කදු සින්දුවේ කතාව තරම් කික් එකක් ආවේ නම් නැහැ, ඒ ඉතින් අර බී & එස් ජෙලස් නිසා නම් නෙවේ, මටනම් කන් දෙකට නිවනක් වගේ තියෙන ඕනා සින්දුවක් එකයි, ඒක දදෙමල උනත් අහන් ඉන්න පුළුවන් නම් රහයි නොතේරුණත්.

    කතාව හදිස්සියේ ලියලද මන්දා තව ආලවට්ටන් ටිකක් දාල සීන් එක ගෙනියන්න එපයි, අපි ඉතින් මෙගා රසිකයෝනේ :D, පුදනකොටම කැපී යකා කියලා ඔහොම බස් වල නග්ගලා යැව්වම හරිද? ඊටම හරියන ඇම්බැට්ටියෙක්නේ යාලුවට ඉන්නේ :p
    අරම කොල්ලෙක්ට රවනවද මන් අහන්නේ? ඔය බැල්ම ඒකිට බැල්මක් උනාට දවා අලුකරන වන සුළුයි ඌ යේස් අත්දැකීමෙන් කියන්නේ, එවෙලාවට තමා අහන්න හිතෙන්නේ නංගි ^&*^% බලන්නේ කියලා :D

    ReplyDelete
    Replies
    1. සින්දුව ඇහුවේ දැන්, මොන සිද්දියක්ද මන්දා මට වැදුනේ නම් නැහැ, ඇත්තමයි, එක්කෝ මෙලදීය අවුල්, ඔක්කටම වඩා අර විශිල් පාර පට්ට පජාතයි, මෙවුන්ට ඕක ඔයිට වැඩිය මුද් කරලා කියන්න බැරිද අම්මපා අක්මාවට දැනෙන්න :D

      Delete
    2. එක එක්කෙනාගෙ අක්මාවේ කම්පන සංඛ්‍යාත එකිනෙකට වෙනස් නෙ සොමියෝ.

      Delete
    3. //මීට කලුන් ලිව්ව කදු සින්දුවේ කතාව// ඒ මොකද්ද අනේ?

      Delete
    4. අර කඩු සින්දුව හලෝ, කාගේද මට මතක නැහැ, අර ඇත දෙක පුච්චා ගන්තේ ලැබ එකේදී :p

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. http://bassigenawathana.blogspot.com/2014/05/blog-post_11.html

      :D

      Delete
  24. අවුරුදු ගානක් පරණ අතීතය මතක් උනා.
    මං ගැනත් එහෙම හිතුවද දන්නේ නෑ එයා.
    අහලා බලන්න ඕනේ හෙට හම්බුනාම .
    සිංදුව නම් සෙට් උනේම නෑ.

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ ලකියෝ.... ^_^
      අහලම බලන්නකෝ එහෙනම්

      Delete
  25. අනේ මං දන්නේ නැහැ. අපේ රටේ ගොඩක් අය හිතාගෙන ඉන්නෙ, අපි පරන සිංදුම අහා අහා ඉන්න ඕනෙ කියලා. අලුත් එකක් අහන්න ඕනෙනම් ඉතින් කසුන් කල්හාර ගොයියගෙ සිංදු විතරයි කැප. අනිත් අලුත් අයගෙ ඒවා අහන එක දේශ දෝහි, සංස්කෘත විරෝදි, මහා අපරාද.

    පේන්නේ නැත්ද ඔය මූනු පොතෙයි, බලුකිරි එකෙයි "පොරවල්" දෙන ටෝක්..!

    බොහොම ස්තූතියි බස්සි. සිංදුවත් ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ඒ පොර ටෝක් ගැනනම් ඉතින් කතා කරල වැඩක් නෑ ඇල්බන් අයියේ. අලුත් ගායකයින්ව විවේචනය කියන එක කොයි යුගයෙත් තිවුනා. ඒ කාලෙ ජෝතිපාලවත් විවේචනය කලාලුනෙ.

      Delete
  26. මා නතර වෙලා...
    කතා කරන ඔය නිල් දෙනෙත ලඟ..
    හිනාවක් නැති හිනා වත ලඟ...
    මා නතර වෙලා...//

    ගත විඩාමැයි.. හිත බරක්මැයි..
    නින්ද දුර රෑ යාමයේ..
    සතුට ලඟ නෑ පැන ගිහින්...
    විල්ලූද කටු මැද සයනයේ...

    සසර දුව යන රිය සකක්මැයි..
    අඳුර විනිවිදි ප්‍රේමයේ...
    පතා එන මුදු අරුම සෙනෙහස...
    නිසා හිත බෝ දුක් තියේ..

    (කතාවක් කියවල හිතට වැදුනොත් ඒක මට දැනිච්ච විදිය එවලේම පොඩි වචන දෙක තුනකින් ලියන්න මට පුදුම පිස්සුවක් තියෙන්නේ.. ඉතින් දැනෙන විදියට කතාවක් ලියුවට බස්සි නගා ට තැන්කූ..)

    ReplyDelete
    Replies
    1. අපූරු පද ගැලපුමක් කල්‍යාණ මිත්‍රයෝ.... බොහොම ස්තූතියි.

      Delete
  27. බස්සියෝ බස්සියෝ..
    උඹ මාවත් අතීතෙකට ගෙනියනවා...:)
    ඒ ගැන වෙලාවක ලියන්න හිතන් ඉන්නවා...බලමු බලමු...
    උඹ නියමෙට ලියලා තියෙනවා..තව කොටසක් තියෙන හැඩයි..ඉර ගැන ලියමු..;)

    ReplyDelete
    Replies
    1. ඉර තමයි ඉර. උඹ නාඩි සාස්තරේවත් දන්නවද යකූ මේ පෝස්ට් අතරෙ සමානකම් හොයන්නෙ?
      එල එල! ඒ ලියන්න හිතන් ඉන්න ඒවා ඉක්මනට ලියල දාපන් හොඳේ....

      Delete
  28. ඇත්තටම කෙල්ලෝ මෙහෙම කතා වෙනවද මචං?

    ReplyDelete
    Replies
    1. නැතුව යකූ. බොරුනම් මිසිස් මෙන්ඩිගෙන් අහල බලපන්.

      Delete