Friday, October 10, 2014

නිද්‍රාව (sleeping beauty)






සිහින් ඉඳිකටු තුඩකින්
හදවතේ ඉරි ඇඳුනා
සියුම් සීරුම් අතරින්
ලේ බිඳුවකුත් නැගුනා


වේදනාබර ස්වප්නයක් මැද
නිදි වගේ මං ඔහේ උන්නා
සී මැදුරු කවුලුවට එපිටින්
ඔබේ පෙම් ගී ඇහුනා
ඒත් මං ඔහෙ උන්නා
නෑහුනා වගෙ පෙන්නා


මදනලක කවි අමුණ අමුණා
ඔයා එතැනම උන්නා
ඔබේ කවි පද මුමුණ මුමුණා
නිදි වගේ මං උන්නා


විවර කල කවුලුවෙන් මෙපිටට
සුදු අසෙක් පිමි පැන්නා
කුමාරයෙකැයි කියන මිනිහෙක්
දෙතොල් සිඹිනව දැනුනා
තිගැස්මට ඇස් ඇරුනා


ඇස් අරින්නට  කලින් දෑතට
රෝස පොකුරක් දුන්නා
සුදෝසුදු දිගු වේල් පටකින්
හිසත්, මුහුණත් වැසුනා
මගුල් හේවිසි වැයුනා
සාද සැණකෙලි මැවුනා
යාන්තම් කෙඳිරියක් වාගේ
වියෝ ගීයක් ඇහුනා


ලුණු රසැති සීතල කඳුලු කැට
ඇස් අගිස්සෙන් පැන්නා
උඹේ ගී පදවැල් වසාගෙන
ඒ කඳුලු කැට මිදුනා

මං නිදාගෙන උන්නා


~~ @ ~~



72 comments:

  1. Replies
    1. මේ ජයග්‍රහණය වෙනුවෙන් ඔබතුමාට හෙටත්, අනිද්දාත් නිවාඩු ලබා දෙනවා. ඕ යේස් :D

      Delete
    2. හරි දැන් කොටම කොමෙන්ටුව මට දැනුන හැටියට

      //සිහින් ඉඳිකටු තුඩකින්
      හදවතේ ඉරි ඇඳුනා
      සියුම් සීරුම් අතරින්
      ලේ බිඳුවකුත් නැගුනා//

      වේදනා බර විවාහයක ආදරණීය පළමු රාත්‍රිය, අහෝ ප්‍රේමවන්තියක් නන්නාදුනනා සමියකුගේ සයනයේ විඳින පළමු රැය ගෙවෙන අයුරු, ඇය පතන්නේ කුමක්ක්ද නමුත් සිදු වන්නේ සිදු වුයේ කුමක්ද? ඇය හදවත විප්පයෝග දුකකින් පෙලෙන කල නාදුනන සැමියෙක් දඟ කරන හැටි සිරුර මත, දැනෙයි ඉන්දිකටුවෙන් අන්නිනාක් සේ හදවතට දුක, කිසිත් නොදන්නා සැමියාගේ ආලිංගන දැනේ සීරුම් වගේ ගතට, ඒ රිදුම් අතරින් නොනැගෙන්නේ කෙස්ලෙස නම් ලේ බින්දු පළමු රැයේදී? ඇයට සියල්ල තවමත් සිහිනයකි, ඇය ඉන් මිදේවිද?

      //වේදනාබර ස්වප්නයක් මැද
      නිදි වගේ මං ඔහේ උන්නා
      සී මැදුරු කවුලුවට එපිටින්
      ඔබේ පෙම් ගී ඇහුනා
      ඒත් මං ඔහෙ උන්නා
      නෑහුනා වගෙ පෙන්නා//

      ඇය පන පිටින් සිටින මල කඳක් වී අවසානය, විදිය යුත්ත විඳවන්නට යට උරුම වී ඇත, ඇය නාදුනන සැමියාට යටපත් වී ඔහේ මලාක් මෙන් සිටියි, ඇයට අහිමි වී ගිය පෙම්වතාගේ වදන් ඇසෙන්නා වගේ දැනෙයි, ඒ මතකයන් නෙතු අද්දර මැවී පෙනුනත් කුමන නම් පලක්ද? හැඟෙන දේ නොහැඟෙන සේ සිටින ඇයට මතකයන්ද රිදවනා කල යතාර්තයට මුහුණ දී සියල්ල අමතක කරනු විනා කුමක් නම් කරන්නද?

      //මදනලක කවි අමුණ අමුණා
      ඔයා එතැනම උන්නා
      ඔබේ කවි පද මුමුණ මුමුණා
      නිදි වගේ මං උන්නා//

      උඹට මතකද මන් උඹත් එක්ක හීන බලපු හැටි, අපිට කොහේ හරි වැරදුනාද කොහෙද? ඔව් උඹත් එක්ක හීන දැක්කට උඹ දැක්කේ වෙන හීනයක්, මම දැක්කේ වෙන හීනයක්, අපි දෙන්නට එකම හීනයක් දකින්න බැරි උනා, උමත් එක්ක හිටපු කාලේ උඹ හිටියේ උඹේ ලෝකේ, එත් මන් පුළුවන් විදියට උඹ දකින ලෝකේ දකින්න හැදුවා, එත් මට බැරි වෙලා අද

      //විවර කල කවුලුවෙන් මෙපිටට
      සුදු අසෙක් පිමි පැන්නා
      කුමාරයෙකැයි කියන මිනිහෙක්
      දෙතොල් සිඹිනව දැනුනා
      තිගැස්මට ඇස් ඇරුනා//

      උඹ නමට මගේ හදවතේ විවර කල දොරෙන් ඒ ඇසිල්ලේ ඇතුල් උනේ වෙන එකෙක්, ඔව් ඒ මම නාදුනන එකෙක්, මම බලාපොරොත්තු උනේ උඹම ඒ ඉඩ හිමි කර ගනී කියලා, ආගන්තුකයා මාව හිමි කරන ඉවරයි, අනේ මම දැකපු සිහිනයෙන් මම අවදි උනාට තාමත් මම ඉන්නේ සිහිනයකද?

      //ඇස් අරින්නට කලින් දෑතට
      රෝස පොකුරක් දුන්නා
      සුදෝසුදු දිගු වේල් පටකින්
      හිසත්, මුහුණත් වැසුනා
      මගුල් හේවිසි වැයුනා
      සාද සැණකෙලි මැවුනා
      යාන්තම් කෙඳිරියක් වාගේ
      වියෝ ගීයක් ඇහුනා//

      ඒ සියල්ලම හැටි ඉක්මනින් උනා වගේ, මම දකින්නේ නපුරු සිහිනයක්ද? මම කොහොමද ආගන්තුකයෙක්ගේ මනාලියක් උනේ, මොකද්ද මට ඇහෙන මගුල් බෙර සද්ද මේ, මම තාමත් ඉන්නේ හීනයකද? නෑ වෙන්න බැහැ මම හීනයක නෙවේ ඉන්නේ, මගේ හිත මුමුණනවා, ඔව් මගේ හිත කෙඳිරි ගානවා, වියෝ දුකෙන් මගේ හිත අඬනවා, ඔව් උඹත් අඬන හඬ මට ඇහෙනවා.

      //ලුණු රසැති සීතල කඳුලු කැට
      ඇස් අගිස්සෙන් පැන්නා
      උඹේ ගී පදවැල් වසාගෙන
      ඒ කඳුලු කැට මිදුනා

      මං නිදාගෙන උන්නා//

      දැන් සියල්ල වෙලා ඉවරයි වගේ, මගේ කොපුල් තෙමාගෙන කඳුළු එනවා, ඔව් මට දැනෙනවා මම ඉන්නේ සිහිනය නෙවේ, මගේ කදුළු වලින් උඹේ දුක සේදෙයිද? මම දන්නේ නැහැ? එත් මම මගේ දුක හෝදලා හැරියා, තවත් මම අවදියෙන් ඉන්නියක නෙවේ, දැන් දහවල සේම රැයත් මගේ ලෝකේ නිදි ලොවක්ම විතරයි, මම පන පිටින් ඉන්න මල කඳක් වෙලා ඉවරයි. වෙන දෙයක් වෙච්චාවේ, මම හිත හදා ගත්තා.

      ඔහේ ලියවුන පද වැලක්
      මට දැනෙන හැටියක්
      මම එහි විඳපු රසයක්
      නොවේවි දැන් එය රහසක්

      Delete
    3. සොමියා උඹව කොහොම අගය කරන්නද කියලා මටනම් තේරෙන්නේ නෑ. මේ වගේ විචාරයක් ලැබුනම නිර්මාණ කාරියකට , කරුවෙකුට වෙනත් ඇගයීම් ඕනේ නෑ. උඹ මේ බ්ලොග් කලාව වර්ණවත් කරන අලුත්ම පුරුක

      Delete
    4. මේකට මේ ටිකත් එකතු කරන්න ඕන , කියනවද නොකියනවද කියලා හිත හිතා ඉඳලා සොමියා තරහා නොවෙයි කියලා දන්නා නිසා කියනවා , මේ වගේ Appreciation එකක් මුලින්ම වැටුනම කියවන අනික් අයත් මේ ඔස්සේ හිතන්න පෙළඹෙයිද කියන සැකය තමයි මට මුලින්ම ආවේ. නමුත් බ්ලොග් වල හංගලා කමෙන්ට් කරන්න බෑනේ . මේක ටිකක් පස්සේ වැටුනානම් හොඳද කියලා වෙලාවකට හිතුනා . මොකද ඉස්සෙල්ලම දිගඇරලම දුන්නම අනික් අය නොදැනුවත්වම මේක පස්සේ එල්ලෙයිද සොමියෝ ?

      Delete
    5. තැන්කු ඉවාන් අයියා ඔව් මේ කමෙන්ට් එක ටයිප් කරද්දීත් එකම තමා මටත් හිතුනේ, වෙලාවකට හිතෙනවා මම අනිත් අයගේ බ්ලොග් අල කරනවද කියලා, ඉවාන් අයියා කියන කතාව ඇත්ත, දැන් ඉතින් කරපු ගොන්කමට මොනවා කරන්නද? එත් ඉවාන් අයියා මම කියන එකට තරහා නොවෙනවානම් මම කියන්නේ ගොඩක් කමෙන්ට් කරන්න එන්නේ පොස්ට් එක කියවලා කුමන හෝ අදහසක් හිතේ ඇති කරගෙන, පස්සේ ඒ අදහස කමෙන්ට් එකක් විදියට පල කරන එකනේ කරන්නේ, ඒ නිසා එතරම්ම වෙන කෙනෙකගේ හිතේ ආපු මතයට බලපෑමක් වෙයිද කියලා හිතෙනවා, වඩා වැදගත් වෙන්නේ තමන් දෙයක් දකින විදියත් තමන් ඒ දේ රස විඳින විදියත් කියලයි මට හිතෙන්නේ, ඒ නිසා තමන්ගේ මතය හෝ කිස්යම්ම දෙයක් වෙනත් දෙයකින් වෙනස් කර ගන්න එක නෙවේ වෙන්න ඕනා. (ඔව් අයියේ මමත් වැරදි මෙතැනදී, මමත් වැරැද්දක් කරලා තියෙනවා මුලින්ම මේ වගේ මම දකින විදිය ලියලා දාලා, මොකද ලිපිය අයිති බස්සි අක්කාගෙන් අහන්නෙත් නැතිව මේ විදියට ලියලා දාන එක හරිද මන්දා, වෙච්ච වැරැද්දට ඉවාන් අයියා, බස්සි අක්කා වගේම අනිත් අයත් සමා වෙන්න) ජය වේවා!!! එහෙම තරහක් නැහැ හරිය :D

      Delete
    6. උඹ කලේ වැරද්දක් නෙවෙයි. මට නිකම් හිතුනු දේ කිව්වේ බං. උඹේ කමෙන්ට් තමයි මෑත කාලීනව මං දැක්ක සංවිධානාත්මකම සහ රසවත්ම කමෙන්ට්. තරහ මරහ වෙන්න නෙවෙයි මේ වගේ සංවාද ගොඩ නැගෙන එක තමයි බලාපොරොත්තුව බ්ලොග් හරහා. ෆිට් තමා .... උඹ තරහා නොවෙන බව හොඳින්ම දන්නා නිසයි බය නැතුව කිව්වේ, :D

      Delete
    7. නෑ නෑ මන් ඉවාන් අයියා එක්ක තලාම තලායි :D :D :D

      සංවාද ගොඩ නැගෙන්න ඕනා, වාද විවාද තියෙන්න ඕනා, එත් ඒ හැම දෙයක්ම සුන්දර වෙන්නත් ඕනා, හිත් රදවාගෙන තරහා වෙලා ඉන්න අපි පොඩි එවුන්ය. නේද? අයියෝ මෙතන තරහා වෙන්න කිසිම දෙයක් වෙලා නැහැ අයියා, බස්සි අක්කත් අපිත් එක්ක තරහා වෙන එකක් නැහැ මේ ගැන. දවස සුබ වේවා.ඔබට ජය වේවා. :D

      Delete
    8. වෙන මොනවා කියන්නද සොමියා... උඹේ බ්ලොග් එක වහලා දාපන් බං...

      Delete
    9. මම කිව්වේ සොමියාට වෙන දෙයක්.. මේ සියළු විචාර එසැනින් තම බ්ලොග් කටුවේ දාන්න කියලයි. අපිට ඒක ආඩම්බරයක් නෙව...

      Delete
    10. ඔයා කවිය තේරුම් ගත් විදිය විස්තර කරන හැටි බොහොම අපූරුයි සොමියෝ...

      හැබැයි මුල් පද අටම, (විශේෂයෙන් මුල් පද හතරෙන් මම කියන්න හදන එක හිතපු නැති අර්ථයක් අරන් කියන්නෙ ඉතින් මගෙ කවිය පට්ට අසාර්ථකයි. තනි ඇහැට ඇඬෙනව. ඕ යේස්!)

      Delete
    11. දේශා කියන විදියට විචාරය බ්ලොග් එකේ දාල මෙතැන ඒකට ලින්ක් එක කමෙන්ට් කරනවනම් මමත් කැමතියි. හැබැයි මේ ලියන appreciations, විචාර එහෙමත් නැත්නම් critics හෝ discussions කියන මට්ටමට වර්ධනය කරගන්න පුලුවන් නම් තවත් අගෙයි. :)

      Delete
    12. මයෙ විචාරෙත් දාන්ඩදෑ ??? :D

      Delete
    13. මාත් ලියන්ඩ ඕන අත දිගඇරල එකක් !!!

      Delete
    14. ස්තුතියි බස්සි අක්ක, දේශක අයියා.

      කවියකට හරි පද වැලකට හරි විචාරයක් දෙන්න, එහි ගුණ දොස් දකින්න තරම් නිපුනයෙක් නෙවෙයි මම, මමත් තාම ඉගෙන ගන්නවා, විශේෂයෙන්ම කවියකට විචාරයන් එකතු කිරීම, කවියක් කියවගෙන යනකොට අපිට මුලින්ම දැනෙන රස තමයි යෙදු වචනත් එක්ක එකේ තියෙන ශබ්ද රසය, ඒකත් එකිනෙකට වෙනස් වෙනවා කියවන තාලය අනුව, අර්ථ රසය දකින්නනම් ඇතුලට බහින්න ඕන, එකත් වෙනස් වෙනවා බහින විදිය දකින විදිය අනුව. මේ මන් බැස්ස විදිය, මම දැකපු විදිය, ඒ විදිය හාත්පසින්ම වෙනස් වෙන්න පුළුවන් ඔබ යමක් සිතා ලියපු විදියෙන්, අන්න එතනයි කවිය විචාරයේ ඇතිවන ගැටලුව, ඒ නිසා දකින දකින කෝණ වලින් එක එක කතාවන් එකම කවියකට ගොඩ නගන්න පුළුවන්.

      බස්සි අක්ක කියපු මේ කාරණයත් එක්ක මම එකඟ වෙන්නේ නැහැ, (විශේෂයෙන් මුල් පද හතරෙන් මම කියන්න හදන එක හිතපු නැති අර්ථයක් අරන් කියන්නෙ ඉතින් මගෙ කවිය පට්ට අසාර්ථකයි.) සාර්ථකද අසාර්ථකද කියන එකනම් තීරණය වෙන්නේ දාගන්න ෆිල්ටර් එක මත, අසාර්ථකයි කියලා දකින තුරාවට අසාර්ථකයි, සාර්ථකයි කියලා දකින තුරාවට සාර්ථකයි. එත් කවියකුගේ සර්ථක අසාර්ථක භාවය රඳා පවතින්නේ නම් යොදා ගන්න වචනත් එක්කයි. කියන්න හදපු එකම හැම කවියකින්ම එලියට එවි කියලා හිතන්න අමාරුයි, ඉතින් කිව්වා කතාව සැඟවිලා නොකී කතාවක් එලියට එන්නේ නම් දකින විදියෙන්ම මිසක් ලියපු එකේ අඩු පාඩුවක් නිසා නෙවෙයි. මොකද හැමෝටම පෙනෙන්නේ එකක් උනාට දකින්නේ ඒ දේම නොවෙන නිසා. ඒ නිසා මේ මම දැකපු විදිය අක්කගේ නිර්මාණය, මේ විදියටන නැතිව තව කෙනෙක් තව විදියකට දකීවි. ඒ නිසා දකින විදිය මත අසාර්ථකයි කියලා හිතන්න එපා, ලියන දෙක සාර්ථක බව තියෙන්නේ ඒ දී කියවන ය අතරේ රැඳෙන විදියට, ඒකට මුලින්ම බල පාන්නේ ශබ්ද රසය. ස්ලලිහිනියේ ගුත්තිලයේ කවි වගේම කවි පොතක් නූන සද්ධර්ම රත්නාවලියේ සමහර කොටස් මතකයේ තියෙන්නේ ඒ ශබ්ද රසය නිසාම නේද?

      දේශක අයියයි බස්සි අක්කයි කිව්ව විදියටයි කරගෙන යන එක තමා හොඳ කියලා හිතෙනවා. එහෙනම් ජය වේවා!!!

      Delete
    15. පත්තර මල්ලි විචාරයක් දානවානම් මාත් දානවා.

      Delete
  2. ලුණු රසැති සීතල කඳුලු කැට
    ඇස් අගිස්සෙන් පැන්නා
    මේසය මතට වැටුනා
    මේස ලුණු ඉන් හැදුනා...:D

    ReplyDelete
    Replies
    1. මුහුදේ පතුලට කිඳුනා
      මුතු බෙල්ලෙකු පිට රැඳුනා
      දවස් ගණන් එහි තිබුනා
      ඒ කඳුලින් මුතු හැදුනා

      වගේද??

      (පදරචනය - ප්‍රේමකීර්ති ද අල්විස්. ඉතුරු විස්තර ටික අපේ සිංදු ඇනෝ දාවි නේද?)

      Delete
    2. හොට් පෝස්ට්,
      හොට් කමෙන්ට්,
      හොට් රිප්ලයි,
      ‍හොට් ටිය
      (Hot Tear :D)

      Delete
  3. මෙතෙක් කල් නිදි වගේ උන්නානම්
    හෙටත් ඒ විදියටම හිටහං

    ReplyDelete
    Replies
    1. හෙටත් නිදි තමයි. ඉරිදනෙ. නිවාඩුනෙ. :P

      Delete
  4. ඒ කියන්නෙ යථාර්තය මේකද?

    ReplyDelete
  5. පද ටික ලස්සනයි මචෝ.

    කඳුළු ඇත්තටම ඇයි ලණු රස??

    ReplyDelete
    Replies
    1. උඹ "ලණු" කාල තියේද..? :D
      මංනං හැමදාම කනව..

      Delete
    2. අපි ලණු කාල නැති නිසා දන්නෑ බං :P

      Delete
  6. බස්සි.....

    \\ඇස් අරින්නට කලින් දෑතට
    රෝස පොකුරක් දුන්නා
    සුදෝසුදු දිගු වේල් පටකින්
    හිසත්, මුහුණත් වැසුනා
    මගුල් හේවිසි වැයුනා
    සාද සැණකෙලි මැවුනා
    යාන්තම් කෙඳිරියක් වාගේ
    වියෝ ගීයක් ඇහුනා\\\
    මේන් මේ ටික කවිය ඇතුලේ තියෙන තැන ගැන තව හිතන්න පුලුවන්ද..?
    උඩ ඉඳන් එනකොට මේ ටික අත ඇරලා කියවලා..
    මේ තරමටම ඔබ්වියස් නැති පද හතරක් මුලට ඇමිනුවොත්,
    මේ පද අටෙන්ම කියන අරුත හඟිස්සන්න...


    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... තව ගොඩක් හදාගන්න තැන් තියෙනව චෙෆාකි. ගොඩක් ස්තූතියි. :)

      Delete
  7. කවිය පුරාම දැනෙන සියුම් වේදනාවකුයි තරහකුයි මිශ්‍ර වෙච්ච පිලිකුලක් එක්ක හොදින් රසවින්දා බස්සියෝ..අම්මපා රිප්ල්‍යි කයියක් ලියන්න ආස හිතුනා.
    මේ ඒක නෙමේ බොලා බුකියෙ මැසේජස් බලන්නැතෙයි????

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සාශෝ...

      අලේ ලියහං ලියහං. මම ගොඩක් කැමතී රිප්ලයි කවි ලියන සීන් එකට.ගොඩක් අය කරන්නෙ කවිය කියවල ඒකම වෙන වචන වලින් ලියන එක. රිප්ලයි කවි ලියවෙන එක වටින්නෙ එතනදි. මම ගිය තැනට වඩා ඔයා අඩියක් ඉස්සරහට යන නිසා. ඒකට මම තව පිලිතුරක් ලිවුවොත් තව ටිකක් ඉදිරියට යනව. අන්න ඒ සංවාද පට්ට රහයි.

      මේ ඔයා සුවර් එකට වෙන එකෙක්ට මැසේජ් කොරල වගේ. මට ඇවිත් තිබුනෙ නෑ නෙව. Yashodha Sammaniව හොයල බලන්න.

      Delete
  8. දැන් ඉතින් කුමක් කරන්නද
    දෙන දෙයක් කා
    වෙන දෙයක් බලාගෙන
    සිටින්නම්
    මුලු ජීවීතේම..

    ReplyDelete
    Replies
    1. ස්ලීපින්ග් බියුටි කියන එක කොහෙන්ද ආවේ ඔළුවට..

      Delete
    2. ඩිස්නි ෆිලුම බැලුවා ආයෙ. මට හිතුන සුවර් එකටම ඩිස්නිට වැරදිලා මේ සීන් එක වෙන්න ඇත්තෙ මෙහෙම තමයි කියල. ;)

      Delete
  9. මේ මංගල රාත්‍රියද බස්සියෝ......

    ReplyDelete
    Replies
    1. කියවන ගොඩක් අයට එහෙම හිතෙනවා වගේ නිහිංසා. :)

      Delete
  10. ෂෝක් කවි පොඩ්ඩ !! ලස්සනයි බස්සි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චන්දන අයියේ.... :)

      Delete
  11. සරල පද වැල් ටිකක් වුනත් ඒ ඇතුලේ තියෙන ගැඹුරු හිතන්න කොයි තරම් නම් දේවල් ඉතිරි කරලා තියෙනවද කියලා හිතුනා..

    කවි ටික ලස්සනයි බස්සි..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තුශානි නංගා...

      Delete
  12. කුමාරයෙක් ඇවිත් ඇහැරවනකන් නිදාගෙන හිටියොත් ඔකතමයි වෙන්නෙ.

    ReplyDelete
  13. //ඇස් අරින්නට කලින් දෑතට
    රෝස පොකුරක් දුන්නා
    සුදෝසුදු දිගු වේල් පටකින්
    හිසත්, මුහුණත් වැසුනා
    මගුල් හේවිසි වැයුනා
    සාද සැණකෙලි මැවුනා
    යාන්තම් කෙඳිරියක් වාගේ
    වියෝ ගීයක් ඇහුනා// ++++++++++ ගෑනු ළමයින් ගෙ ඛේදවාචකය!

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත කුරුට්ටියෝ

      Delete
  14. බස්C උඹ නම් මහ පිස්Cයෙක් ළමයෝ....හරිම සතුටුයි.. එන්න එන්නම මුවහත් වෙනවා. හරිම ආඩම්බරයි!!!!!!!!!!!!! වැඩිහිටියෝ හැටියට අපි ඔයාලාට ආශිර්වාද කරනවා!!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අරූ... කමෙන්ට් එකෙන් තේරෙනව කවිය වටහාගෙන බව. :D :)

      Delete
  15. සපා කෑ විටකවත් නොරිදුනු
    මහද ඉදිකටු තුඩට රිදුනා
    ගලා ගිය ලේ ගඟුල් නොපෙනුණි ,
    වගක්වත් ඒ ගැන නොසිතුනා
    සියුම් සීරුම් වලින් මතුවුණ
    ලේ බිඳුව ගැන මහද තැවුනා

    නිදාගෙන ඔහේ වැටී සිටියට
    හිතට බොරුකළ නොහැකි වුවා ..
    නිදාගෙන සිටි නමුත් හදවත
    නිර්වින්දනය නොවී තිබුනා

    ReplyDelete
    Replies
    1. මේක දැක්කම මට මතක් වෙන්නෙ සෝමරත්න දිසානායකගෙ "සුදු කාසි හිඟන්නෙක්" පොතේ එන කවියක්.

      මුවහත් කිණිසි පහරක පපු ඇට මත්තේ
      යන්තම් දෙන කෙනිත්තිල්ලක නියපොත්තේ
      රිදවන අදහසින්නම් ඔබ කර ඇත්තේ
      සම වේදනාවකි දෙතැනම මට ඇත්තේ


      මොන හේතුවකටද මන්දා පොඩි කාලෙ කියෝපු ඔය කවිය මේ කමෙන්ට් එක දැක්කම මතක් උනා එකපාරටම.

      Delete
  16. තාමත්
    ඉඳිකටු තුඩ
    හදවතේ දුවනවද,
    ලේ බිංදු මතු කර...

    ReplyDelete
    Replies
    1. ~ස්මරණ ඉඳිකටු තුඩ~

      විටින් විට
      සිහින් සීරුම් නගන
      සුසුමකට
      ඉඩක් දී
      නතර වෙන

      Delete
  17. අතුරු කතාවක්..

    සිව් මහල් ප්‍රාසාද දොරකඩ
    මං ඔහේ පියමැන්නා...
    හිත අරං ගිය චන්ද්‍ර කුමරිය
    නිසා නෙත ඉකි බින්දා..
    ඇහෙන දැවටෙන මානේ නැතුවද
    හිත සිවුරුහං ගැයුවා..
    සුදු අසෙකු මත පලා යන පෙම
    සැලී නුවන'ග දිලුනා.. :'(

    ReplyDelete
    Replies
    1. මෙන්න බොලේ කලා අඬනව. ඉවානයා මෙයාට ලේන්සුවක් යවන්න.

      Delete
    2. මූට සාමන්‍ය ලේන්සුවක් යවලා මදි , ලොකු ටෙන්ට් රෙද්දක් වගේ ලේන්සුවක් තමා යවන්න් වෙන්නේ

      Delete
    3. ලේන්සු දුන්නම තරහ වෙනවලු. ඔය බස්සිගේ ප්ලෑනක් උඹවයි මාවයි කොටවන්න. ඉවාන් උඹ ඕවට අහු වෙන්න එපා. :D

      Delete
  18. දුක කමයි බස්සියේ!!! ජීවිතේ හැටි!!!
    (මේ දවස් වල පොඩ්ඩක් අවුල් බං වැඩ ගොඩත් ඒක්ක. ඒකයි මේ short n sweet)

    ReplyDelete
    Replies
    1. මේං මේකා ජීවත් වෙනවා !!!

      අපි තුන් මාසෙ දානෙත් දුන්නා … චැහ්

      Delete
    2. අෑ!!!!!!!!
      මං තුං මාසයක් මේ පැත්තෙ නෑව්ත් උන්නද බොලව්????
      (ඩිංගිත්තක් බිසි බං. ඒකයි අවුල. ඉඳහිට ගොඩවෙනවා බං. ඒත් බ්ගෙට කෙටිල්ල හරි නෑ වගේ නිසා කොටන්නෙම නැතුව කැපෙනවා. ෆ්‍රී වෙලාවට පරණ අඩුපාඩුත් පිරිමහන්නංකෝ, බලං හිටාල්ලා)

      Delete
    3. තැන්කූ පිරේ! එක්සිබිශන් බිසීය වෙන්න ඇති නේද පහුගිය කාලෙ.

      Delete
    4. ඒ විතරක් නෙවෙයි බං!!!
      ගොඩාක් වැඩ ගොඩ ගැහිලා!!!!
      තවම ඉවරත් නෑ!!!

      Delete
  19. මට ඉරිසියැයි බොල...
    බෝගේ පද ගැලපිල්ලට...

    අර සම්මානෙට සුභපැතුම්....

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. හික්ස්! ඒකද උඹ කවි බ්ලොගියෙ මට මරණ තර්ජන කරන්නෙ?

      තැන්කූ ඈ...

      Delete
  20. අපූරු නිර්මාණයක් බස්සි.

    හැඟවුනු අරුත් දුන්නු සොමීට විශේෂ ස්තූතිය.:)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පොඩ්ඩි අක්කා...!

      Delete
  21. ඔබ ලද සම්මානයට අපගේ උණුසුම් මෙව්වා එක.
    බොලා තමා කෙල්ලො බස්සියො දවසකටවත්.

    ReplyDelete
  22. අලේ මල්ලා කයි නං..... ඔන්න කියෙව්වා... හැබැයි විචාරය නං කරන්න යන්නෙ නෑ..

    ReplyDelete
    Replies
    1. අයියූ ඔයත් ලියන්නෙ ලස්සන කවි. >_<
      තැන්කූ හොඳේ... අච්චරක් කලබල අස්සෙ කියවපු එකම වටිනවනෙ.
      :)

      Delete
  23. එල ද බ්‍රා...
    මගේ ඇගේ පලු දාලා...මට කවි ඇලඡික්.

    ReplyDelete
  24. සොමියා හොයලා දුන්නට පස්සේ හැගිච්චා හොයන්න දෙයක් නැහැ යශෝ මේකේ.
    උඹේ මේ කවිය මට රහයි...:)

    ReplyDelete