Friday, October 24, 2014

බෝඩිම් කට්ට (tips for boarding life - 1)




මේ ලිපිය ලියන්නේ මගේ සූටි සුරතල් නංගියා වෙනුවෙන්.




අපේ සූටි සුරතල් නංගියා ජීවිතයේ ප්‍රථම වතාවට ගෙදරින් පිටවෙන්නයි ලකලෑස්තිය. මම වගේ ඇට්ටර ඇම්බැස්ටයෙක් නොවුන නිසාම උන්දෑ උපන් දා හිට මේ වෙනකම් නිදාගන්නෙ අම්මයි තාත්තයි මැද්දෙ. ඉතින්  පොර සත්‍ය වශයෙන්ම වුවමනා ප්‍රමාණයට වඩා බොහොම වැඩියෙන් හුරතල් වී ඇති නිසාත්, තනියම ජීවත්වීම කියන එක උන්දැට බිහිසුණු සිහිනයක් වෙන්න ඉඩ ඇති නිසාත් මම අපේ නගාත්, තව වසර තුන හතරක් ඇතුලතවත් තනිව ජීවත් වෙන්න හිතාගෙන ඉන්න ඒ වයසෙ අනිත් ඇච්චොත් වෙනුවෙන් පණ්ඩිත වාක්‍ය කිහිපයක් ලියල දාන්න හිතුව.



මට මුලින්ම කියන්න තියෙන්නෙ, හතර පහ වසරෙ ඉඳන්ම ගෙදරින් පිටවෙලා ජීවත්වීමේ “උණක්” තිබුන, යාලුවන්ගේ ගෙවල්වල සති ගණන්, මාස ගණන් ගත කල, තුන වසරෙදි වෙන් වුන කාමරේක තනියම නිදා ගන්න පුරුදු වුන මටත් uni ගිය පළවෙනි සතියෙ ඒ ජීවිතේ එපා වුනා.






ඔබ මොන සමාජ තරාතිරමක කෙනෙක් උනත්, ගෙදර ජීවිතය සුඛෝපභෝගීයි. තනියම ජීවත් වීම කට්ටක්. හැබැයි ඒ කට්ටෙ තියෙන්නෙ පුදුම රහක්.



ඔන්න එහෙනම් අද කියන්න යන්නෙ බෝඩිම් ජීවිතයේදී දැන සිටිය යුතු මූලිකම කාරණා කිහිපයක්. ඉඩ තියෙන විදියට තවත් ලිපි කිහිපයක් ලියන්නම් මේ ගැන.


කැම්පස් හොස්ටල් ජීවිතේට මේ උපදෙස් හරියටම ගැලපෙන්නෙ නෑ. මොකද ඒ සංස්කෘතිය සහමුලින්ම වෙනස්. ඒ ගැන වෙනමම කතා කරමු.






නාන කාමරය






#ගොඩක් වෙලාවට බෝඩිමක ඉද්දි ඔයාට වෙනවා බාත් රූම් එක ශෙයාර් කරගන්න. ඒ නිසා නාන/ඇඟ සෝදන ඒවට යන කාලය හැකි තරම් අවම කරගන්න. අනිත් අයට පෝළිමේ හිටගෙන ඔයාට බැන බැන බලන් ඉන්න සලස්වන්න එපා.


#රෑ නින්දට පෙර වොශ් දැමීම සහ උදේ ලෙක්චර්ස් යන්න කලින් විනාඩි දහයෙන් මූණ සෝදාගෙන පිටත් වීම තමයි වඩාත්ම ඵලදායක විසඳුම.


#ඔයාගේ සබන්, බොඩිලෝෂන්, ෂැම්පු වගේ දේවල් බාත් රූම් එකේ දාල යන්න එපා. සමහර විට අනිත් අය ඒව හවුලෙ පාවිච්චි කරන්න කැමති වෙන්න පුලුවන් ඔයාට නොදන්වා. (හොඳයි ටූත්පේස්ට් වගේ ඒවා බෙදා හදා ගන්න පුලුවනි, ඒත් ලිප් බාම් එකක් වගේ දෙයක් ශෙයාර් කරගන්න බැහැනෙ.) ඒ නිසා ඒ වගේ බෙදා ගන්න අපහසු ආලේපන වෙනම පසුම්බියක හරි බොක්ස් එකක හරි දාල තියාගන්න.


#වතුර උරා නොගන්නා පසුම්බි තියනව ඉතාම අඩු මිලට. එතකොට අර ආලේපන සෙට් එක අරන් යන්නත් පහසුයිනෙ.


#කාමර දෙක තුනක ඉන්න අය බාත් රූම් එක ශෙයාර් කරගන්නවානම්, ගෙදර අයිතිකරුවන් ඒක පිරිසිදු කරන්නෙත් නැත්නම් ඒකට කාලසටහනක් හදා ගන්න. එතකොට ඔයාට ක්ලීන් කරන්න වෙන්නෙ සති තුනකට හෝ මාසෙකට සැරයයි.





ආහාර





අහා මේක තමයි අපේ චූටි සුරතල් නගාටනම් වැදගත්ම මාතෘකාව. :P


කැම්පස් ජීවිතේ තමයි ඕනෑම ආහාරයක් සිරුරට පත්තියන් කරගැනීම පුරුදු වෙන්න තියන හොඳම අවස්ථාව. ඒක අපතේ යවන්න එපා.



#සයිවර් කඩ යනු ලාබෙට, රහට කෑ හැකි තැන් ය.


#ක්‍රීම් බනිස් වගේ ඇසුරුම් කල බනිස් ජාති කලින් දවසෙ අරගෙන පහුවදා උදේට කන්න පුලුවනි. උදේට ලෙක්චර්ස් නැති නම් කලින් දවසෙ ඒ බනිස් ගෙනත් තියාගත්තම කිසි ගින්නක් නැතුව දහය එකොළහ වෙනකම් නිදා ගන්න පුලුවනි.


#කොත්තු මී; 

කෑම කඩ වසා ඇති දිනවලදී ඉතා වැදගත් වේ. කොත්තු මී පැකට්ටුව කඩා නූඩ්ල් කේක් එක උතුරන වතුර බඳුනකට දමන්න. විනාඩි හතරක් තබා පෙරා ගන්න. යලිත් වරක් එයට උණු වතුර පුරවා විනාඩි දෙකකින් පමණ පෙරාගන්න. (දෙපාරක් වතුර යෙදීමෙන් බඩවැල් විනාස වීම තරමක් පමා වනු ඇත.) ඉන් පසු රසකාරක සහ චිලි පේස්ට් මිශ්‍ර කර කෑමට ගන්න.



#සැන්ඩ්විච්

බිත්තර දෙකක් තම්බා ගන්න. කැරට් අලයක් සිහින් කැබලි කපාගන්න. මේ දෙක එකට මිශ්‍ර කරන්න. සැන්ඩ්විච් පාන් පෙතිවල බටර් ස්වල්පයක් ගා ගන්න. (බටර්/මාජරින් සැශේ පැකට් ගන්න, කල් තියාගන්න අමාරු නිසා) ඉන් පසුව බිත්තර සහ කැරට් පිරවුම තවරා සලාද කොලයක් මැදට තියාගෙන සැන්ඩ්විච් හදා ගන්න. 



#තේ/කෝපි

තේ කුඩු බැහැර කිරීම කරදරයි. ටී බෑග්  වඩා පහසුයි. තම තමාගේ කම්මැලිකම අනුව ඒක තීරණය කරන්න.

නෙස්කැෆේ කියන්නේ නිදිවරාගෙන ක්‍රෑම දැමීමට අගනා උත්තේජකයක්. එනර්ජි ඩ්‍රින්ක්ස් වලින්නම් ඇති සෙතක් නැහැ. බොරු ඇඩ් එක විතරයි.



#අඩුම කුඩුම

හැමදාම එකම තැනින් කන්න වෙලානම්, ගෙදරින් ගේන චට්නි බෝතලයක්, චිලි පේස්ට්, අච්චාරු හෝ බැදුම් (මික්ස්ඩ් බයිට්.) බෝතලයක් බොහොම වටිනවා. ලුණු කුඩු ටිකක් උනත් පුංචි බෝතලයක දමා තියාගැනීමෙන් පාඩුවක් වෙන්නෙ නෑ.



#වැදගත්ම දේ තමයි, “ආහාර යනු හෝම්-සික් සඳහා විකල්පයක් නොවෙයි.” කෑමෙන් සිදුවන්නේ “හෝම්-සික්” අඩු වීම නොව ඔබ ජිම්බතලයෙක් බවට පත් වීමයි.




ඇඳුම්





#බැගී ටී ෂර්ට්, අඳුරු පැහැ ඩෙනිම් සහ ෆ්ලිප්-ෆ්ලොප්ස් නිසා ඇඳුම් පිළිබඳ ගැටලුව සෑහෙන දුරට නිරාකරණය වනු ඇත. ඩෙනිම් යනු මාසයකට වරක් සේදීම ප්‍රමාණවත් රෙදි වර්ගයක් නිසා ඩෙනිම් කලිසම්, ඩෙනිම් ජැකට් සහ ඩෙනිම් ගවුම් ඔබේ ජීවිතය වඩවඩාත් පහසු කරනවා ඇති.


#සර්ෆ් එක්සෙල් ඇඳුම් වලට අහිතකරයි, නමුත් කාලයකට සැරයක් සෝදන බර ඩෙනිම්, ඩෙනිම් බෑග්, බෙඩ්ශීට් යනාදියට සර්ෆ් එක්සෙල් යෙදීමෙනුත් ජීවිතය පහසු වෙනව.


#යුනි ඉන්න කාලෙදි ඇඳුම් සෝදන්න හොඳම වෙලාව රෑ. පාඩම් කරද්දි නිදිමත බ්‍රේක් එක අරන් ඇඳුම් හේදුවනම් නිදිමත එහෙමම නැති වෙනවා. බාත් රූම් රශ් එකත් නෑනෙ ඒ වෙලාවට.


#ටී ෂර්ට්, ඩෙනිම් සම්බන්ධව ගජේ ගැසීම තමන්ගේ සහ අනුන්ගේ කැමැත්ත මත ගලපා ගන්න. සමහරු ගජේට කැමතිම නෑ. සමහරු මුදල් අගහිඟයක් නැතත් ගජේ ගැසූ ඇඳුම් මතම යැපෙනවා. සූත්තරෙන් ඔලුව බේරගෙන ඉන්න ඕනෙ. (ගජේ = ශෙයාර් කර ගැනීම.)








අදට ඔය ඇති නේද? මේ මාතෘකා තුනට අදාළව කියවන අයගේ අදහසුත් කමෙන්ට් විදියට එකතුවෙනවානම් තවත් වටිනවා.





107 comments:

  1. මේ ඔක්කම කෙල්ලන්ට ලියපුව නෙව...
    නැත්තං ඕක අගට බියර් කෑන් එකක් වගේ දෙයක් එකතු වෙන්නත් තිබ්බ...
    ඕ යේස්

    ReplyDelete
    Replies
    1. අන්න ඉවාන්ගෙ කමෙන්ට් එකේ තියෙනව කොල්ලන් සඳහා උපදෙස්.

      Delete
    2. බ්‍රෑන්ඩ් එක ගල්
      - ස්තුතියි -

      Delete
    3. බ්‍රෑන්ඩ් එක මෙන්ඩිස් ඕල්ඩ්...මෙන්ඩා, වරෙං බං...

      Delete
    4. බයිට් එක කඩල
      - ස්තූතියි
      (ප්‍රියෝ, රටකජු ටිකකුත් තිබුණනං නරකද අෑ??)

      Delete
    5. මදි පාඩුවට ගොලිප් එකක්
      -ස්තුතියි-

      Delete
    6. This comment has been removed by a blog administrator.

      Delete
  2. මාත් එක්ක බෝඩිමේ පහක් හිටිය. බැච් එකේ තුනයි ජොබ් කරන උන් දෙකයි
    නියම කොම්බිනේෂන් එක.
    පට්ට JVP කාරයෝ එකයි
    කිසිම දේශපාලන දර්ශනයක් නැති කිරි හොදි එකයි
    අල ගැන්සියේ (ධනවාදී අධිරාජ්‍යය ගැති, ලුම්පන්,දේශද්‍රෝහී) මමයි.
    ඒ දවස් වල අවුරුද්දකට එක පාරයි එක්සෑම්. මාස 10ක් දේශපාලන සහ සමාජීය වැඩ. ඉතුරු මාස දෙක ඉරාගෙන පාඩම්.
    පුදුමේ කියන්නේ ශිෂ්‍ය සටන් ඔක්කොටම වැකේෂන් පාඩම් කරන මාස දෙකේ.
    බස්සි, නංගිට උගන්නන්න දෙසපාලන මෙව්වෝ එක්ක ඉන්න විදියත්.

    බාත්රුම් පරශ්නයක් මතු උනෙම නෑ
    දිගටම නෑවේ බෝඩිමේ ළිදෙන්

    උදේට, දවල්ට වල කැන්ටිම සරනං
    රැට මල්ලිකා හෝටලය සරනං

    රෙදි ඔක්කොම ගෙදර අරන් යනවා සති දෙකකට වරක් හෝදන්න ( අන්තිම දවස් තුන නහය Switch Off)

    තිබුණ ලොකුම ප්‍රශ්නය ගිටාර් එක බේරාගැනීම
    කටුබැද්ද හන්දියෙන් බීල බීල බෝඩිමට එන බැචාලා (පිට බෝඩිම් වල එව්වෝ) ගිටාර් එක අරගෙන ඩ්‍රම් ගහනවා. හදවත එලියට පැනල ඇඳට වැටෙනවා. කොහොමටත් කම්බියකට දෙකකට වග කියනවා.







    ReplyDelete
    Replies
    1. හපොයි ගිටාර් එක , සමහරුන්ට අහුවුනාම වඳුරට දැලිපිහිය හම්බවුනාට වඩා හපන්

      Delete
    2. අපේ ඩයල් එක ඉන්නෙ තනියමනෙ. ඒ නිසා පළවෙනි ලිපියෙන්ම හුවමාරු න්‍යායවල් ඉදිරිපත් කරලා වැඩක් නෑ කියල හිතුනා අනේ.
      අම්මෝ අපේ හොස්ටල් එකෙත් දේශපාලන මෙවුවො එක්ක තමයි කනක් ඇහිලා ඉන්න නැත්තෙ. උන්ව පොඩ්ඩක් අවුස්සන එකත් හැබැයි ෆන්. සමහර එවුවො ඉන්නව උන්ගේ එකම තර්කෙ "උඹ ජෙප්පෙක් නොවෙන නිසා චේ ගෙ චරිතාපදාන කියවන්නෙ අහවල් දේකටද?" කියලා පට්ට පතුරු අරිනව. මාර ආතල් පොඩ්ඩක් අවුස්සන්න විතරයි ඕන.

      හොස්ටල් ජීවිතේ සුන්දරයි. නමුත් සෙට් වෙන යාලුවො අනුව තමයි ඒක තීරණය වෙන්නෙ.
      අපේ තිබුනෙ හෝල්. එක හෝල් එකක දා හතරක් හිටිය. සයන්ස්, ආර්ට්, කොමස් අපූරු සංකලනයක්. නමුත් ඒ නිසාම ගැටුම් වැඩියි.
      අනිත් උන් එක්ක ඉන්න ඕන නිසා අමාරුවෙන් ඇපීල් කරල හොස්ටල්ගත උනාට ඒකෙ හිටිය ගෑල්ලමයි දෙන්නෙක් මට මාර ගේම් ඇද්ද. ඒ වෙලාවෙ තමයි පළමු වතාවට කෙල්ලන්ගේ නපුරුකම දරුණුවටම අත්වින්දෙ.

      අන්තිමට ඔයින් මෙයින් සිමා එක්සෑම් එකකට කලින් සතියේ පොත් ටික අතුරුදහන් වීමත් සමගම මම බෝඩින්ගත උනා.

      Delete
    3. මගෙ යුනි යාලුවගෙ ගිටාර් එක අරන් ආපු දවසට මං ඒකට දෙන දස වද මෑන් කොහොම ඉවසා වදාරන්න ඇතිද කියල හිතුනා ඔයාල දෙන්නගෙම ගිටාර් ලව් එක දැක්කම. මාවත් මරන්න යනව ගිටාර් එකෙන් ඩ්‍රම් ගහනව කියල.

      Delete
    4. පොත් මිසින් කරන්න තරම් දරුණු වුනාද? හම්මේ ඔව් සමහර කෙල්ලන්ගේ නපුරුකම් බැලුවාම අපිත් කෙල්ලොද කියලා හිතෙනවා. හැබැයි අපේ නම් කොල්ලොත් හිටියා කුහක වැඩ කරන. ඒ නිසා ඒක ලිංග බේදයෙන් තොරයි කියලා හිත හදා ගත්තා. :D

      Delete
    5. අම්මෝ කෙල්ලො තරමටම කුහක කොල්ලොත් ඉන්නබව මමත් දැනගත්තෙ කැම්පස් ගියාම තමයි.

      Delete
    6. හම්මේ දැන ගත්තු එක ගැන සතුටුයි... මං මලත් මගේ ගිටාර් එක ගෙනියන්නේ නැහැ එහෙනම්..

      Delete
  3. මට නම් කියන්න තියෙන්නේ බස්සියේ දැන් ඉන්න ලමයි නම් හරිම වාසනාවන්තයි....

    ReplyDelete
    Replies
    1. මමත් ඉල්ලන් පරිප්පු වගේ අවුරුද්දක් අතිශය දුක්ඛිත කැම්පස් හොස්ටල් කට්ට කෑවා.

      Delete
  4. එහෙම් ... එහෙම් .... මේ ගැන නම් ලියන්නම්කො පොස්ටුවක් දෙකක්ම... අප්පේ කොතරම් කාලයක්ද බොලේ?? කොතරම් බෝඩිම් ප්‍රමාණයක්ද?

    ගෑනු ළමයින් සම්බන්ධව තමයි මේ ඔක්කොම අදාළ වෙන්නේ. මොකද කොල්ලෝ නම් ගොඩක් වෙලාවට ඔය හේදීම් , මැදීම්, නෑවීම්, සුද්දකිරීම් වගේ දේවල් එක්ක වැඩි සම්බන්ධයක් නැති හින්ද.

    බාත්රුම් ෂෙයාර් කරන එක නම් මට එපා වෙලා තියෙන වැඩක්. අපිටත් කාලසටහනක් තිබ්බ. ඒ උනාට හොරට සුද්ද කරන එකීලා හින්ද පුදුම දුකක් මම පුද්ගලිකව වින්ද. අපේ ගෙදර බාත්රුම්වත් පිරිසිඳු නොකරපු අපි මුලින්ම ඒක ඉගෙන ගත්තේ බෝඩිමෙන්.

    අපේ එක කෙල්ලෙක් හිටිය බාත්රුම් එකේ බාගයක් වැඩේ ඉවර කරලා, කොමෝඩ් එක වහල එලියට ඇවිත් අනිත් වැඩටික කරනවා නිවිසැනසිල්ලේ. අපිට යන්නත් බෑ , පුදුම දුකක් ඒක නම්

    රෙදි හෝදන එකට අකමැති ( බෙඩ් ෂීට් වගේ ) බෝඩින් අයිතිකාරියෝ හිටියොත් නම් සති අන්තේ ගෙදර යනකොට රෙදි කරගහගෙන යන එක තමයි ගොඩක්ම හොඳ විදිය. වතුර බිල ගෙවන්නේ ඔබ නම්, අව්ලක් නැහැ.

    සමහර බෝඩින් අයිතිකාරියෝ/කාරයෝ අයන් කරන එක සීමා කරනවා. ඒ කියන්නේ දවසේ එක වෙලාවක් විතරක් පොදු ස්ථානයක තියෙන අයන් එකකින් අයන් කරන්න අණ දෙනවා. එහෙම නොකලත්, කලින් දවසේ එක වෙලාවක අයන් කරලා ( රෑ ) තියන එක කොකකත් හොඳයි. ( මම නම් ඇන්දේම අයන් නොකරන ඇඳුම්... මම කම්මැලියා)

    හීටර් ගහන්නේ පරිස්සමෙන්. ( මේ ගැන වෙනම පොස්ටුවක් මම ලියනවා)

    අපේ සැන්විච් එකත් බස්සිගේ සැන්විච් හැදිල්ල හා ගොඩක් දුරට සමානයි. මම නම් බටර් මිශ්‍රණයට හීනියට කපාගත් ගොටුකොල දානවා. පෝෂණ සැන්විච්

    නෙට් එකක් නම් පුතේ අමතක කරන්නම එපා

    ටේබල් ෆෑන් එකක් තිබීම කොළඹ වගේ පළාතකට නැතුවම බැහැ.

    මම සමහර බෝඩින් වලදී භූමිතෙල් ලිපකින් උයාගෙන කෑවා. පුළුවන් නම් ගොඩක් හොඳයි. හදිස්සියට රොටියක් හරි පුච්චගන්න පුළුවන්.

    කුණු බැහැර කිරීම නිවැරදිව කරන්න. හැමතැනම දාන්න එපා. මොකද ගොඩක් වෙලාවට විසිකරන්නේ ඉඳුල් ( කාල තිරි වෙන) ඉක්මනින් මීයෝ , කැරපොත්තෝ බෝ වෙනවා.

    ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න. යතුර පණ වගේ පරිස්සම් කරන්න. ඒ වගේම සමහර බෝඩින් වල ඉන්නවා අයිතිකාරයෝ අපි පිට වෙලා ගියාට පස්සේ අපේ කාමර වලට ඇවිත් ඇදල බලන. ඒ හින්ද ඒ ගැන දැනුවත් වෙන්න.

    තව පසුවට......

    ReplyDelete
    Replies
    1. අපේ බෝඩිමේ ඇන්ටි රැට ලයිට් දාගෙන නිදියනවා කියල හෙන බර බරයක් දැම්මා. එදා ඉඳන් කාමරෙන් පිට වෙනකොට ලයිට් නිවනවා. නිදාගන්න කොට ලයිට් නිවනවා. හරි හොඳ ළමයි. හැබැයි ලයිට් බිල තුන් ගුණයක් වැඩිවෙලා.

      මොකද දිග වයර් එකක් හොයන් ඇවිත් හීටර් එක ලිඳට දාල සතියක්ම ලිඳ උණු කරා.

      හීටර් එක කිව්වම මතක් උනේ. සිගරට් පත්තු කරන්න ගිනි පෙට්ටි ඕන නෑ හීටර් එක ගිනියන් කරලා පත්තු කරන්න පුළුවන්. හීටරේ පිච්චේන්නෙත් නෑ අවුරුදු හතරටම දෙකයි පාවිච්චි කරේ.

      Delete
    2. //අපේ එක කෙල්ලෙක් හිටිය බාත්රුම් එකේ බාගයක් වැඩේ ඉවර කරලා, කොමෝඩ් එක වහල එලියට ඇවිත් අනිත් වැඩටික කරනවා නිවිසැනසිල්ලේ.//
      ඊයා යකෝ... පෙර පිනකට එහෙම එකෙක්නම් සෙට් වෙලාම නෑ. අපේ ඩයල් එක මේ කමෙන්ට් එක දැකලා හීනෙන් බයවෙයිද දන්නෑ.

      හැබැයි අපේ එකෙක් හිටියා මගෙ ආලේපන සේරම උගේ වගේ පාවිච්චි කරන. මට රිටන් එක දෙන්නත් බෑ ඒකා ගාව තියෙන්නෙ කොල්ලා ගෙනත් දෙන නාහෙ ගල්ටික්වෙන සුවඳ විහිදෙන ඒවා. හිතලා බලපම් ඔන්න ලිප්ස්ටික්, ග්ලොස් එවුව මෙවුවා ගානව. මම ඉතින් කමක් නෑ ඒක ඔයා ගන්න කියනවා. ඒකත් තියාගෙන අලුතින් ගේන එක ආයෙ ගානව. අන්න එහෙම ඩයල් ඉන්නව.

      බාත් රූම් ක්ලීනින් ශෙඩූල් එක බාත් රූම් දොරේ ඇලෙවුවම බාගෙට හෝදල නම් කාටත් නම පේනවනෙ. එතකොට සේරම සද්දෙ දාල ආය හේදෙවුවම හරි.

      අම්මෝ අපේ එක බෝඩින් ඇන්ටියෙක් හිටිය වතුර මෝටරේ ඕෆ් කරනව වීක් එන්ඩ් එකේ.

      Delete
    3. අර අයන් නීති දාන ඇන්ටිලාගේ ඇස් වසා ඇබිත්තං ට්‍රැවල් අයන් එකක් සඟවා තබා ගත හැකියි. නැත්තම් සතිය මැද හදිසියේ ප්‍රසන්ටේෂන් වගේ එකක් වැටුනොත් අබ සරණයි!
      ඩෙනිම් ඇඳුම් හැකිතාක් ඇඳීමත්, ටී ෂර්ටුත් නිසා අයන් සම්බන්ධව ඇන්ටිලාගේ ගෑස් බැලීම මගහැර සිටීමට පුලුවන්.

      ජීවන කිවුව වගේම බෝඩිම් ඇන්ටිලාගේ නපුරුකම්වලට රිටන් එක දෙන විට නිවුටන්ගේ තුන්වෙනි නියමය අසත්‍ය බව මනාව පැහැදිලි වේ. රිටන් එක දෙන්නේ ලොරි සයිස් එකෙන් බැවිනි.
      හැබැයි බොහෝම හොඳ බෝඩිම් ඇන්ටිලාද සිටිත්.

      උයාගෙන කන එක හොඳයි උපයෝ. මාත් දැන් උයනවා. හැබැයි අපේ එකාට කිචන් නෑ. හොට් ප්ලේට් එක ඔන් කරලා ඕකා අමතක වෙලා ඒක උඩ ඉඳගන්නත් බැරි නෑ මගේ සහෝදරී නෙ.

      අනිවා නෙට් එක නැත්නම් ඩෙංගු මාරයා ගැන හිත හදාගෙන ජීවිතාශාව අතහරින්න වෙනව.

      Delete
    4. තව එකක් මතක් උනා මැගී නුඩ්ල්ස් හදන්නෙම තේ හදන ජෝගුවට හීටර් එක ගහල.

      කලින් හොට් ප්ලේට් එකක් තිබුනා. කැම්පස් එකේ බෝට් යාඩ් එකේ බාබ කිව් එකකට ගෙනිහිල්ල එක බොල්ගොඩ ගඟට වැටුන.

      Delete
    5. ///මැගී නුඩ්ල්ස් හදන්නෙම තේ හදන ජෝගුවට හීටර් එක ගහල///
      වෙන මොනවද ඉතිං!!! අවම බඩු ප්‍රමාණයකින් උපරිම ප්‍රයොජන!!!

      හීටරේ පිච්චුණාම අලුත් හීටරයක් ගන්නකල්, අයන් ඒක හොට් ප්ලේට් ඒකක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. හැබැයි ඉතිං ඒකට වෙනම හැකියාවක් පුහුණුවක් නොතිබුණොත් අඩිය අල්ලනවා. වැරදිලා හරි ප්ලාස්ටික් ජෝගුවක් හෙම තිබ්බොත් ඔක්කොම ඉවරයි!!

      Delete
    6. ජීවන : අපිත් එහෙමයි අනේ මැගී හදන්නෙ. හුහ්! ලිපේ තියල මැගී හදයි මේ අපි!

      Delete
    7. පිරේ : බෝඩිමට තියෙනව පොදු අයන් එකක්. රොටි පුච්චන්න තමන්ගෙම අයන් එකක් ගන්න පුලුවන් කාලෙක ඉතින් ලිපකුයි රොටි තැටියකුයිත් ගත්ත. ඒ නිසා අයන් උඩ රොටි පිච්චීම නම් කරන්න වෙන එකක් නෑ. හික්ස්!

      අහල තියෙනව සමහර හෝටල් වල ඉන්න ඉන්දියන් කාරයො ඔහොම අයන් එකේ රොටි පුච්චනව කියල.

      Delete
    8. කියන්න ලැජ්ජයි අක්කෙ මට රොටි හදන්න බෑ. පදම වරදිනවා!! ඒ නිසා අයන් ඒකෙනුත් කරන්නෙ කොත්තුමී හැදිල්ලම තමයි! වතුර උණු කරගන්න හීටරේ පිච්චුණාම ඉතිං වෙන කරන්න දෙයක් නෑනෙ!! :( :(

      Delete
    9. //හීටර් එක කිව්වම මතක් උනේ. සිගරට් පත්තු කරන්න ගිනි පෙට්ටි ඕන නෑ හීටර් එක ගිනියන් කරලා පත්තු කරන්න පුළුවන්. හීටරේ පිච්චේන්නෙත් නෑ අවුරුදු හතරටම දෙකයි පාවිච්චි කරේ.//
      අපේ කාලේ ලයිට් බල්බ් එක ට පත්තර කොලේ ඔතලා අපි සිගරට් පත්තු කලේ. ඕකුන් සී. එෆ්. එල්. හැදුවේ ඒ වගේ නරුම වැඩ දැකලා වෙන්නැති.

      Delete
    10. ලයිට් බල්බ් එකට පත්තර ඔබලා? :O
      සී.එෆ්.එල්. හදාපු එකමයි කාරිය! නැත්නම් ගෙවලුත් ගිනි තියයි මේ ගොල්ලො. :D

      Delete
  5. අපිනම් ඕක පොඩ්ඩක් වෙනස් කරගෙන ඉන්නේ

    1. ඩෙනිම් තුනක් තබා ගන්න - එතකොට මාසෙට් එක ගානේ ඇඳලා ,ටර්ම් එක ඉවර වෙනකොට ගෙදර ගිහින් අම්මට දෙන්න පුළුවන් හෝදන්න .

    2. බෙඩ් ශීට් එක සහ කොට්ට උරය මාස එකහමාර බැගින් හොඳ පිට සහ කණපිට පාවිච්චි කලාම එකත් ටර්ම් එක ඉවර වෙලා ගෙදර ගිනියන්න් පුළුවන්.
    (තව එහෙම හතර පැත්තට අඳින්න පුළුවන් ඒවා තියෙනවා දන්නෝ දනිති ඒවා . විදානයා නිට්ටඹුව කැලේ ඉන්නකොට තාම එහෙමලු අඳින්නේ )

    3. ටීෂර්ට් පමණක් අඳින්න , එතකොට අයන් එකක් දකින්නවත් ඕනේ නෑ කෙමකටවත් .

    4. සබන් පුළුවන් තරම් අනිකාගෙන් උස්සන්න බලන්න .

    5. කිරිපිටි , සීනි වැනි දේවල් වරදීමකින්වත් බෝඩිමට නොගෙනෙන්න. අනිකා ගෙනාවම තමන්ගේ වගේ බොන්න .

    එක නෙවෙයි උඹ දන්නවද ,මගේ එක ටීෂර්ට් එකක් තිබ්බා එක කෙල්ලෝ බරගානක් එක්ක ලව් කරලා ඇති. බෝඩිමේ හිටපු හැම එකාටම කෙල්ල බලන්න යන දවසට එක ඕන , ඒ ටීෂර්ට් එක ගිනස් රෙකොර්ඩ් එකක් තියලා ඇති කෙල්ලෝ එකක් ලව් කරලා . ඕ යේස් .

    ReplyDelete
    Replies
    1. ඩෙනිම් තුනක් අවශ්‍ය නැත . මාස තුනකට එක ඩෙනිමක් හොදටම සෑහේ .අත්දැකීම් ඇත .ඕ යේස්
      අනිත් ටිකනම් ටක්කෙටම හරිය

      Delete
    2. ඩෙනිම තමයි ජාමෙ බේරන්නෙ නේ? ආපෝ උඹට ටර්ම් එකකට ඩෙනිම් තුනක් ගානෙ ඕනද? ලැජ්ජාවෙ බෑ!!

      ටී ෂර්ට් සම්බන්ධ වැකිය "කොල්ලන්ට පමණයි" එකක් නොවේ. අපි තාම ඔපිස් යන්නෙත් එහෙමයි.

      උඹට ඒ ටී ෂර්ට් එක කවදාවත් අඳින්න නොලැබෙන හින්දා වෙන්ටැ හැමදාම වියෝ ගී!

      Delete
    3. ඒකනෙ ලකියෝ. ඩෙනිම් තුනක් ටර්ම් එකට! අවුරුද්දට දොලහක්! මූට අමු කැවිලද මන්දා!!

      Delete
    4. ඉවාන්, අර ටී ෂර්ට් එක තාම තියෙනවද බං? මේ ඉරිදා මට පොඩි ගමනක් තියෙනවා. දියන්කො! :D

      Delete
    5. හුම්...හුම්... වැඩිය පහලට යන්ට බෑ, මගේ අනුජාත, නොදුටු මිත්‍ර, හඩු වස්ත්‍රධාරී, අනස්නාන, පරපෝෂිත ඉවානයගේ මොකක්ද එකේ මගේ මෙව්වා එක එල්ලනවා.
      //කෑමෙන් සිදුවන්නේ “හෝම්-සික්” අඩු වීම නොව ඔබ ජිම්බතලයෙක් බවට පත් වීමයි.//
      මේකට කියන්නේ ආත්ම වර්ණනාවද, ආත්මාවමානයද නැත්තං ආත්මාභිමානයද?
      දවාල්ට එන්නං. එතකොට බස්සි දොයිනෙ.

      Delete
    6. අපේ එකෙක් ඉන්නවා ඌට හොස්ටල් එකේ කොහේ තිබ්බත් සබන් කෑල්ලක් උගේ වගේ අරගෙන එන්න පුළුවන්. ඒ නිසා රුම් එකට සබන් වලින් අඩුවක් නෑ

      Delete
    7. ඇඩෝව් විසිටර් V - කවුද බොල හඩු වස්ත්‍රධාරී.. ඔය බස්සි ඉරිසියාවට කියන හරුප ඕ යේස්

      Delete
    8. ඉවාන් අයිය ගෙ කමෙන්ටත් එක මලූ ........අයිඉ........ හික්....හික්.....

      Delete
  6. 1 රෙදි සේදීමේදී දවස් පහේම රෙදි එකවර සේදීමෙන් රෙදි සේදීමට ඇති කම්මැලිකම මගහැරෙනු ඇත .ඒ නිසා රෙදි සේදීම සෙනසුරාදා දිනවලට යොදාගන්න .
    2 ලැප්ටොප් බාවිතය පවතින්නේනම් පාස්වර්ඩ් දමා තමා අනන්‍යතාව ආරක්ෂා කරගැනීමට කටයුතු කරන්න .
    3 කෑම පිලිබදව සැලකිලිමත් වීම අවශ්‍ය නොවේ . ඕනේ කඩේකින් ඕනෙම මල ජරාවක් කෑවත් දිරවනවාය .
    4 යට ඇදුම් හැර වෙන ඕනෙම ඇදුමක් ෂෙයාර් කරගත්තට අවුලක් නැත .
    5 සපත්තු සෙරෙප්පු යනු පොදු දේපලය.අවසරයකින් තොරව භාවිත කල හැක.
    6 බෝඩිමේ තමන්ට වෙනම යතුරක් තබා ගත යුතුය . මෙය අතවශ්‍ය වේ .
    7 කාමරයක් ෂෙයාර් කරගන්නේනම් හෙඩ්සෙට් එකක් අනිවාර්යෙන් ලග තබාගන්න .

    ReplyDelete
    Replies
    1. //කාමරයක් ෂෙයාර් කරගන්නේනම් හෙඩ්සෙට් එකක් අනිවාර්යෙන් ලග තබාගන්න//

      මේක නම් තනියම රූම් එකක ඉද්දිත් වැදගත්. කාලයක් තිබ්බා මගෙ රූම් එකට එහාපැත්තෙ රූම් එකේ හිටියෙ සංගීත අක්කෙකුයි නැටුම් අක්කෙකුයි. හවස හතට පටන් ගන්න ගායන වාදන නවත්තන්නෙ රෑ එකට විතර. සිකුරාදට පාන්දර දෙකහමාර, තුන වෙනකම් වයලින් එකේ පැය ගානක් එකම සිංදුව ගහනවා ගහනවා. මට සෙනසුරාද පාන්දර ක්ලාස්. නිදාගන්නම නෑ. හම්මෝ ඒ කාලෙ හෙඩ් සෙට් තියාගෙනත් වින්ද දුකක්. අන්තිමට හොඳ ඉයර් ප්ලග් දෙකක් ගෙන්න ගත්තා. ඒක අරන් මාස දෙකක් යද්දි අරුන් දෙන්නා බෝඩිමෙන් ගියා කියන්නකෝ.

      Delete
    2. අපොයි මට මලත් එකෙක් එක්ක වත් මගේ දේවල් ෂෙයාර් කර ගන්න බැහැ.. :( අය්යෝ සල්ලි.. මං එහෙනම් බෝඩින් වෙලා හමාරයි

      Delete
  7. හොස්ටල් සහ බෝඩිම් ජීවිතයේ රඟ හොඳාකාරවම දනිමි. අපේ හොස්ටල් එකේ හිටිය කෙල්ලෙක්.... හම්මේ ඒකිගෙ වැඩ. අනේ මන්ද ඉතින්.... ලෝකෙටම එකයි වගේ... බැරි වෙලාවත් අපේ ඇඳුමක් එහෙම රෙදි වේලන වෙලාවෙ එයාගෙ රෙද්දකට ගෑවිලා තිබුනොත් ඒක බිමදාල පයිනුත් පාගලයි පස්ස බලන්නෙ.

    (@ රහසින්.. ඔන්න කාටවත් කියන්න එපා බස්සි අක්කෙ, ඉවසල ඉවසල බැරිම තැන හොස්ටල් එකෙන් යන තැනටම අපි වැඩ සෙට් කරලයි පස්ස බැලුවෙ ).

    අපිත් ඉතින් ඔය හුවමාරු සංකල්පය යොදාගත්ත. හොස්ටල් ඉන්න කාලෙ.
    බෝඩිම් ජීවිතේ නම් තාම තියෙනව. වෙලාවට කෑම නම් ලැබෙනව. නෑම එන වෙලාව අනුව. රෙදි මදින එකේ අවුලක් නෑ. ඒත් හැම වෙලේම නෑ. ශෙයාර් කරගන්න කවුරුත් නෑ. රූම් එකේ ඔන්ලි මී. ඉතින් ගෙදර වගේ ඉන්නව.

    ReplyDelete
    Replies
    1. ආපෝ මටත් හොස්ටල් එකේදි තිබුන ලොකුම හිසරදේ තමයි ඇඳුම් අතුරුදහන් වීම. ඒවානම් මාරු වෙනව වෙන්න බෑ. වරුවක් කඩවත කිරිබත්ගොඩ ඇවිදලා ඇවිදලා ගන්න ටී ෂර්ට් සතියක් යනකොට අතුරුදහන්. මමත් හොස්ටල් කට්ට නම් ඉල්ලන් කෑවා. බෝඩිම්වල තව ටිකක් හරි ඔලුව බේරගෙන ඉන්න පුලුවන්. දුෂ්කරතාවය අනුව පෙලගැස්සුවොත්;

      කැම්පස් හොස්ටල්> බෝඩිම් > ඇනෙක්ස්> යාලුවන්ගේ ගෙවල්> home sweet home
      --> දුෂ්කර ක්‍රියා අඩුවෙන අතට

      Delete
  8. කොත්තු මී කන ගමන් මී පාසානම් ස්වල්පයක්ද ශරීරයට අහිතකර නොවන ආකරයට ගෙන පුරුදු වන්න. මන්ද.... කොත්තු මී කා කැන්සර් සැදුන දිනකදි, මී පාසානම් අහුරු පිටින් කෑමෙන්. පිලිකාව්ද අනෙක් සියළුම රෝගද නිවාරණය වනු ඇත.

    මේ කෙල්ලන්ට නේ... කොල්ලන්ට උපදෙසක්... ඕනම නම් කෙල්ලන්ටත් පුළුවන්..

    ජොකා ග්ලවපු විගස, අන් අයට ඇස නොගැසේහා, අත නොගැසෙන තැන්ක තබන්න.

    දවස් දෙකක් ජොකා නිශ්පාදනය කර ඇති ආකාරයට අඳින්න

    දවස් දෙකක් පසුපස ඉදිරියට එන ආකාරයට අන්දින්න

    දවස් දෙකක් කනපිට හරවා ඉදිරිපස ඉදිරියට තියෙන ආකාරයට අඳින
    .
    තව දවස් දෙකක්, කනපිට හරවා තිබියදීම පසුපස ඉදිරියන එන සේ අඳින.

    ජොකා අනවශ්‍ය දිනකදි, ජොකා සෝදා වේලෙන්න දමා, කපුටන්ට හා බල්ලන්ට ළඟා නොවන ස්තානයක් වනා ආරක්ෂා කරන්න.

    කාන්තාවක් නම් සෝද, වේලෙන අතර තුර කාළය තුල බළලුන්ගෙන් ප්‍රවසම් කොර ගත යුතුය.

    ReplyDelete
    Replies
    1. ඔන්න අර මං උඩ හංගලා කියපු එක මෙයා දිග ඇරලම දීලා

      Delete
    2. //කොත්තු මී කන ගමන් මී පාසානම් ස්වල්පයක්ද ශරීරයට අහිතකර නොවන ආකරයට ගෙන පුරුදු වන්න. මන්ද.... කොත්තු මී කා කැන්සර් සැදුන දිනකදි, මී පාසානම් අහුරු පිටින් කෑමෙන්. පිලිකාව්ද අනෙක් සියළුම රෝගද නිවාරණය වනු ඇත.//

      මාතලන් බොස් නම් කියයි. පෝය දාසට හතර දිබ්බාගෙ තියන සේරෝම කඩවල් වැහුවම, ඒ උනාට ගෙදර යන්නත් බැරුව වැඩවල හිරවුනාම, කැන්සර් වලට "කැන් සර්" කියල කොත්තු මී පවා හිත හදාගෙන කන්න වෙනව.

      හාෆෝ.... දෙවෙනි කතාව! ^_^

      Delete
    3. දෙවෙනි කතාව සම්බන්දයෙන් ප්‍රශ්නයක් ඇත. එක්කෝ ඕනේ නෑ. :3

      Delete
    4. අපි නම් දන්නෑ මාතලන්ගෙන්ම තමයි අහන්න වෙන්න.

      Delete
  9. හා උඹට නංගියෙකුත් ඉන්නව නේ .. මතක් කලා කියන්ට :D

    ReplyDelete
    Replies
    1. ඉවාන් එක්ක කතා කරලා මටත් දැං "ට" යන්නමයි කියවෙන්නෙ … සොරි ඈ,

      ප්‍රින්ටිං මිෂ්ටේක් .. සොරි ඈ

      Delete
    2. කියන්ට කියන්ට පත්තර අයියා ඉවාන්ට දුක හිතෙයි නැත්නම්...

      Delete
  10. 1. ඇඳ මෙට්ට, ඇඳ ඇතිරිලි, පැදුරු,ලොකු කාඩ්බෝඩ් කැබැල්ලකින් (ඔය ෆ්‍රිජ් එකක් වගේ දෙයක් පක් කරලා තිබුන) රී ප්ලේස් කර ගත හැකි අතර කොට්ටය හා කොට්ට උර රෙදි මල්ලෙන් රී ප්ලේස් කර ගන්න. පොරෝනාවක අවශ්‍යතාවය සරමෙන්ම ඉටු කර ගත හැකිය.

    2. මතක ඇතිව තමන්ගේ තෙත රෙදි වනා ගැනීමට කොහේ හෝ ගැටගසා ගැනීමට හා නැවත වෙලුනු පසු හකුලා ගැනීමට හොඳ ලනු කෑල්ලක් ගන්න. සනීපාරක්ෂාව ගැන තකන්නේ නම් යට ඇඳුම් වැඩිපුර තබා ගන්න.

    3. නෙට් එක මදුරු කොයිල් එකකින් විසඳ ගන්න, හොඳම දේ නෙට් එකේ අවශ්‍යතාව බෝතලයකින් නැති කර ගැනීම හා කාඩ් කුට්ටමක් තබා ගැනීමයි. සින්දු කීම හා උඩු බිරීමද රාතියේ හොර පොල් කැඩීමට යාමද හොඳ විසදුම්වේ. හොරාට රෑට කැම්පස් එකට පැනීමද හොඳ දෙයකි.

    4. ඩෙනිම් දෙකක් හා ටී ෂර්ට් දෙකක් පමණක් සෑහේ. බාටා දෙක පරිස්සන් කර ගන්න. නැතිනම් අහු උන දෙකක් දාගෙන යන්න. ගජේ ගසන්නන් සමේ රෝග තිබේදැයි හොදින් සොයා බලන්න, ගජ නොගසා සිටීම ඇඟට ගුණය.

    3. වැසිකිලි අවශ්‍යතා උදෑසනම කැම්පස් එකට ගොස් ඒකෙන් සපුරා ගන්න. එවිට පෝලිම් අල සිටීමට සිදු නොවේ, සැශේ ටූත් පේස්ට් එකක් ළඟ තබා ගැනීමෙන් කැම්පස් වොෂ් රූම් එක තුලදීම ඇඟිල්ලෙන් දත කට මුණ සෝදා ගත හැකිය. දත් බුරුසුවක අවශ්‍යතාවයද පැන නොනගී.

    4. නෑම සහ යට ඇඳුම් සෝදා ගැනීම දිනපතා රාත්‍රී කාලයේ සිදුකර ගැනීමෙන් සනීපාරක්ෂාව සලසා ගත හැකිය.

    5. උදෑසන ආහාර කැන්ටිමෙන් ගත හැකි අතර දහවල කාගේ හෝ පත් පතකට සෙට් වී හෝ නැතිනම් කැන්ටිමෙන් හෝ මුදල් නොමැති නම් වතුර බද පුරා බීමෙන් පුරවා ගත හැකිය, රාත්‍රී ආහාරයද සවස කැන්ටිමෙන් ලබාගෙන නික්මීම නිසා ආහාර ගැටළු මතු නොවේ.

    6. කොණ්ඩා රැවුල් වැවීම මගින් සරීර නඩත්තුව සඳහා යන මුදල් ඉතිරි වේ. ඊවයෙන් අනෙකුත් අවශතා සපුරා ගන්න.

    7. බෝඩිමේ එවුන් වතුර සහ අනෙකුත් දේ පාලනය කරන්නේ නම් රාත්‍රී ආලෝක කටයුතු සඳහා රී චාර්ජබල් ලයිට් එකක් ගැනීම හොඳය. හවස කැම්පස් එකෙන්ම නා ගන්නේ නම් තවත් හොඳය. එවිට බෝඩිමේ නාන කාමරය භාවිතයෙන් වැලකී සිටිය හැක. අවශ වන්නේ පොඩි තුවා කෑල්ලක් පොඩි සබන් කෑල්ලක් පමණි.

    8. හදිසි අවස්තාවකදී ගැනීමට පැනඩෝල්, පිරිටන් අමොක්සලින් හා තම අවශ්‍යතාවන්ට ගැලපෙන බහෙත් ජාති ළඟ තබා ගන්න, විශේෂයෙන් තුවාල ප්ලාස්ටර් දෙක තුනක් තබා ගැනීම වැදගත් වේ.

    9. උයාගෙන කන්න සෙට් වේ නම් කාල සටහනක් සාදා ගන්න, ඔබට බතක් පරිප්පුවක් උයා ගැනීමට හැකිවීම වැදගත් වේ, බුමිතෙල් ලිප මල වාතයක් වන නිසා කෙසේ හෝ පොඩි ලාෆ් ගෑස් සිලින්ඩරය හා ගෑස් ලිපක් ගැනීම වටී, සාම විටම එළවලු අවශ්‍යතා මග හැර සෝයාමීට්, පරිප්පු, අල, බතල, කඩල , මන්නොක්ක, මගින්ද මස් මාළු අවශ්‍යතාවද සෝයාමීට් මගින් මෙන්ම බිත්තර මගින්ද පිරි මසා ගන්න. තේ සාදන්නේ නම් පිටි නොබී කහට බොන්න.

    10. තමන් විඳින්නේ දුකක් බව නොසලකා ගන්න තිබෙන සෑම ෆන් එකක්ම අරගෙන හොඳින් ඉගෙන ගන්න.

    ReplyDelete
    Replies
    1. අංක දැමීමේ කිසිදු ගැටලුවක් වී නොමැත 3 හා 4 අවශ්‍යතාවයන් එලෙසින්ම සම වේ. :D

      Delete
    2. බොහොම දිග ලැයිස්තුවක් නෙව. තැන්කූ තැන්කූ සොමියෝ

      Delete
  11. අර සැන්විච් හදන කොට ලුණු කුඩු ගම්මිරිස් කුඩු ටිකක් එකතු කර ගත්තනං කටට රහට කන්ඩ පුළුවං වෙයි නේද? අපිට බෝඩින් තිබ්බෙ නෑ..අපිට තිබ්බෙ 'මෙස්' නෙ.. උපදෙසක් දෙනවනං ඉතින් මෙස් වලට අදාලව තමයි.. ක්ලීනින් කරන එක අනිවාර්යයි.. රෑ අටට බලන්න එනකොට බාත් රූම් එකේ බිම පොඩ්ඩක් හරි වතුරවත් තිබුනොත් ක්ලීන් කරපු එකාව කොමඩ් එකේ ඔලුවෙන් හිටෝල ෆ්ලශ් කරනව.. හිකිස්..
    අපිට තිබ්බ ලොකුම කරදරේ මෙහෙමයි මං හිතන්නේ.. පළවෙනි නිවාඩුව යන්න කලින් දවසේ මං මගේ රූමගෙං ඇහුව හෙට ගෙදර ගිහින් මොකද කරන්නේ කියල..
    "හුහ්.. ඔක්කොටම කලින් මං කඩේකට ගිහිල්ල තනියෙං සිගරට් එකක් බීල ඉන්න ඕනි"
    හෙහ් හෙහ්.. මාත් එක්ක ඉන්නකං ඌට කවදාවත් තනියෙං ඒක කරන්න හම්බුනේම නෑ..
    නංගිගේ ඉදිරි කටයුතු සාර්ථක වේවා!

    ReplyDelete
    Replies
    1. ලුණුකුඩු, ගම්මිරිස් කුඩු දාන්න අමුතුවෙන් කිවුවෙ නෑ ඉතින් ඒව කොහොමත් දානවනෙ.
      අම්මෝ එහෙනම් මෙස් වල ජීවිතේ අති බිහිසුණුයි නේ...!!

      Delete
    2. ඔව්.. පුහුණු කාලේ මෙස් එක අති බිහිසුණුයි.. ෆීල්ඩ් එක අති සුන්දරයි.. ඊට පස්සේ මෙස් එක අති සුන්දරයි.. ෆීල්ඩ් එක අති බිහිසුණුයි.. ඕක ත්‍රීකුණාමලයේ නාවික හා සාගරික විද්‍යාපීඨය (දැන් විශ්ව විද්‍යාලය ) ඉස්සරහ තඩි ගලක ලියලා තිබ්බ මෙන්න මෙහෙම.. More you sweat on TRAINING, Less you bleed in WAR!

      Delete
    3. පුහුණු කාලේ මෙස් එක අති බිහිසුණුයි!!! ඒ වුණාට රසවත් මතකයන් කොච්චර නං තියෙනවද?? නේහ්??
      කාණු වල ගැඹුර, සරඹ පිටියේ දිග පළල වගේ දේවල් මැනපු හැටි හෙම කෝමද?? අාසයි නේහ්??

      Delete
    4. අහද්දිත් මෙව්වා වෙනවා කල්‍යාණ මිත්‍රයෝ

      Delete
  12. අපි නම් ඔය බෝඩින් වල නොහිටිය හින්දා අපිට ඔය බෝඩින්කාරයන්ට තියෙන දැවෙන ප්‍රශ්න නැහැ.
    හැබැයි යශෝ තියෙන එකම ප්‍රශ්නේ මෙතන //සර්ෆ් එක්සෙල් ඇඳුම් වලට අහිතකරයි//කියන එක.යකෝ අපි රෙදි හෝදන්නේම ඔව්වා දාලා නේ.ඔය ඩෙනිම් වගේ බර ඒවා විතරක් නෙමේයි ඔෆිස් අඳින ෂර්ට්,කලිසම් පවා හොදන්නේ සර්ෆ් එක්සෙල් දාලානේ.පොඩ්ඩක් කියහන් කෝ ඇයි අහිතකර කියලා.

    ReplyDelete
    Replies
    1. සර්ෆ් එක්සෙල් වලට ඇඳුම් දිරනවා. බූල් බූල් වගේ මතුවෙනවා.

      Delete
  13. මටත් ආසයි බෝඩිම් ගත වෙන්න! එක්කො වෙන දෙයක් වෙන්න මම යනවා බං ආණ්ඩුවෙ බෝඩිමට. තව කෑමති උන් ඉන්නවා නම් වරෙල්ලා. :D

    ReplyDelete
    Replies
    1. මේක කියෝනකොට ඕක තමයි බං මටත් හිතුනෙ. දැං යන්න තියෙන එකම බෝඩිම ඒක තමයි. :D

      Delete
  14. පෝස්ට් එකයි කමෙන්ට්ස් ටිකයි දැක්කාම මේ ළමයා බයවෙයි.

    ReplyDelete
    Replies
    1. අද නිකම් උන්දැ මොන්ටිසෝරි ගිය පළවෙනි දවසට වඩා පොඩ්ඩයි වෙනස්.

      Delete
  15. බෝඩිමට යනකොට ස්ටේපල් කටු පැකට් එකක් එක්ක ස්ටේපල් මැෂින් එකක් ගෙනියන්න කියන්න

    ReplyDelete
    Replies
    1. අහා ඔව් නේද! තැන්කූ!! ඇයි සෙලෝටේප්.

      Delete
  16. හොස්ටල් ජීවිතේදී නම් කැමති අකමැති කෙසේ වෙතත් ගජේ ගැසීමට සිදු වෙන එක අනිවා..කොල්ලෙක්ට කෙල්ල අරන් දුන් ෂර්ට් ටී ෂර්ට් ගජේ ගසනවානම් ප්‍රවේසම් විය යුතුය නැති නම් උන් දෙන්නා මරාගනු ඇත.

    ReplyDelete
    Replies
    1. හැක්! ෂැගියගෙ ටී ෂර්ට් එක නාඩියා ඇඳන් ගිහින් කෙල්ලගෙන් ගුටි කන්න උනා වගේ සීන්කෝන් එකක්වත් උනාද ඈ? :P :P

      Delete
    2. අපෝ අපිනං අදියි ඕකාගේ හඩු ෂර්ට් !!

      Delete
    3. මට හිතා ගත හැකි සීන් කොන් එක.. අය්යෝ ෂාගියෝ !!!

      Delete
  17. අන්න අක්කලගෙ යුතුකං !!! අගනා උපදෙස් ටිකක්!!!!!!!! :) අපේ බෝඩිං වල හැටි ඔය කට්ටිය කියල තියන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒකනේ චන්දන අයියේ. කමෙන්ට් කියෝලා අපේ එකා බයවෙලා අම්බානක!

      Delete
  18. හම්මේ හොස්ටල්! තාම රහ විදිනවා! :D
    අර පත්තරේ කිව්වා වගේ නංගි මතක් කළා කියන්ට ඈ! ;) :D

    ReplyDelete
    Replies
    1. හා හා අර චූටි හරිත අයියා මතක් කලා කියන්නංකෝ

      Delete
  19. පරක්කුයි එ් නිසා පෝස්ට් එකක්ම දාන්නං

    ReplyDelete
    Replies
    1. පෝස්ට් එක පට්ට! ජයවේවා ඈ!!

      Delete
  20. උස්සනවා ඉස්සෙනවා පිස්සු කෙලිනවා නට් වෙනවා අාතල් විතිරමයි තියෙන්නෙ. මෙතුවක් කල් රස වින්දා. දැනටත් විඳිනවා!!!
    හැබැයි ඉතිං අාතල් තේරෙන්නෙ නැති අල කේස් වලට නං බෝඩිං ජීවිතේ වහක්!! විඳින්න නොදන්නවුන්ට වෙන්නෙම විඳවන්න!! ඒ නිසා පොඩ්ඩිටත් විඳින්න හුරු කරවහං අෑ!!

    ReplyDelete
  21. හම්මියෝ බෝඩිං ජීවිතේ ගැන දෙන්නංකො පෝස්ටුවක් ඇටිටි හැලෙන්න :D

    ReplyDelete
    Replies
    1. ඇට්ටි හැලෙන්න දෙනවා තියා මේ ළමයාව දකින්නවත් නැහැ.

      Delete
    2. සහතික ඇත්ත අරූ අයියේ මේ සාශා ඇකඩමික් පටන් ගත්තම නිකං ඉත්තෑවා ශිශිරතරණය පටන් ගත්තා වගේ. දකින්නවත් නෑ.

      Delete
  22. ලිපිය කියෙව්වා...ගන්න කෙනෙක් යමක් උකහා ගනියි...මට නම් ගන්න දෙයක් නෑ සුදෝ...බොට ජය !

    ReplyDelete
    Replies
    1. මේ මතු පරම්පරාව වෙනුවෙන් නේ සිරා අයියේ :D

      Delete
  23. අත්දැකීමන්ම දැන් මේවා පසක් කරගෙන ඉන්නේ . ලබන අවුරුද්දේ එන්න ඉන්න ෆස්ට් ඉයර්ස්ලට මේවා උගන්නල ගන්න අපි ආදරයෙන් මග බලාගෙන ඉන්නවා . :p :p

    ReplyDelete
    Replies
    1. අන්න ඒක බොහොම වටිනවා වයලෝ

      Delete
  24. This comment has been removed by the author.

    ReplyDelete
  25. මලාට බෝර්ඩිමක ඉදලා නම් නෑ. :D. ( මොකට බෝර්ඩින් වල ඉන්නද තාම ඉස්කෝලේ නේ.ඉස්කොලෙටත් ගෙදර ඉදන් පයින් යන දුර. ) ඒ කොහොම වෙතත් අපේ ගේ වටේටම තියෙන්නේ බෝර්ඩින්.අපේ section එකෙන් බාගයක්ම ඉන්නේ ඔය බෝර්ඩින් වල.ඉතින් අපේ ගෙදර නිකම් supply station එකක් වගේ ඔය පොඩි පොඩි වැඩ වලට.campus ඉන්න අක්කලා අයියලා ගාව නම් ලැප් ඇති නේ.එත් ඉතින් ඉස්කෝලේ යන අපේ උන් ගාව ලැප් නෑ නේ.ඉතින් ගෙදර ඉන්න මට සිද්ද වෙලා තියනවා ලැප් එක හොදට පරිස්සම් කරගන්න ඒ නිසා..මම හොද වයිරස් ගාර්ඩ් එකක් හෙම දාගෙන ඉන්නේ.නැත්තම් ගහන ගහන පෙන් වල වයිරස් ලැප් එකට එනවා.කොචර පරිස්සම් කලත් වැඩක් උනේ නෑ 12000 වියදම් කරලා display එක ආයි දන්නා උනා. :D.
    අන්තර්ජාල සම්බන්දය්තාවය ගැන කියනවා නම් මාසෙට 35 gbත් මදි තත්වයක් උදාවෙලා තියනවා.

    ගේ වටේට බෝර්ඩිම් තියන එකේ වාසි විදිහට ලියාගන්න බැරි උන නොර්ට් හොයාගන්න හෙම කිසි අවුලක් නෑ.
    ඉස්සර නම් බොර්ඩිම් වල සෙට් එක්ක ඇවිදින්න බැරි වෙන ගානට සෙල්ලම් කළා.එත් දැන් නම් ඒක නවත්තලා මගේ ලකුණු තත්වේ ඉතා ඉහල මට්ටමක තියන නිසා.

    තව කියනවා නම් වල බහින උනුයි වැඩ කරන උනුයි එක බෝර්ඩිමේ ඉදියම වැඩ කරන උන්ටත් වැඩ කරන්න නෑ.උන්ට මුකුත් කියන්න විදියකුත් නෑ කිවුවොත් ගුටි කන්න වෙන්නේ.( මේ ලගදි එකක් කෑවා අපේ පන්තියේ ).
    ඔන්න ඔහොමයි මම ඉතින් දැකලා තියන බෝර්ඩිම්.

    පසුව ලියමි
    බස්සි ආක්කගේ බ්ලොග් පොස්ට් එකක් මෙන්ම මේකේ කොමෙන්ට් කියවීමද පට්ට ආතල් වැඩකි.

    හෙට GIT.එත් තාම සයිබරේ.අපි කැපෙනවා මොනා හරි පාඩම් කරන්නත් එපයි :D

    ReplyDelete
    Replies
    1. සිරාවටම මටත් මේකෙ කමෙන්ට් ටික මාර රහයි.

      හිහිහි... මට හිතාගන්න පුලුවනි අපේ කැම්පස් එක ළඟම පදිංචි වෙලා උන්නු බැචාල මොන දුකක් විඳින්න ඇතිද කියල. චාමික මල්ලි යුනි යන්න කලින් මේ උපදෙස් ටික කියවලා යන්න හොඳේ.. විශේෂයෙන් අර කමෙන්ට් උපදෙස් ටික.

      කොහොමද පේපර් එක? ඕක ලේසියි අනේ.

      Delete
    2. වටේ ඉදපු දෙතුන්දෙනාගේ ඒවත් එක්ක පේපර් නම් 3ක් විතර ලිවුවා පැය 3 ට :v :v :v

      යුනි ගියොත් නම් මාර වටිනවා.:D එත් යයිද කියන එක තම ප්‍රශ්නේ :v

      Delete
  26. අපෝ ආයේ නම් මෙකි ගිය පාරක වත් යන්නේ නෑ. කොල්ලොත් මීට වඩා පිරිසිදුයි. :)

    ReplyDelete
    Replies
    1. //කොල්ලොත්...පිරිසිදුයි// ???
      අයියෝ ඔයා උඩ කමෙන්ට් ටික කියෝලා නෑනේ........

      Delete
  27. දීලා තියෙන උපදෙස් වැල දැක්කාම ආයේ එකතු කරන්න දෙයක් නෑ. නමුත්...

    අයන් එකෙන් රොටි පිච්චීම කරගන්නා ආකාරය
    ගඳ සුවඳක් සේ හඳුනා ගැනීමට නාසය පුහුණු කරගන්නා ආකාරය
    facewash වලට ගම්මිරිස් හෝ මිරිස් කුඩු මිශ්‍ර කලයුතු ප්‍රමාණය

    පිළිබඳව ගූගල් කර සොයාගන්න.

    ReplyDelete
    Replies
    1. ගඳ සුවඳක් සේ හඳුනා ගැනීම ගැනනම් ඩූඩ් මට ගුරු මුෂ්ඨි නැතුවම උගන්නන්න පුලුවන් අපේ නගාට. :D

      Delete
  28. බස්සියා ඔයා සැණකෙළියේ සම්මානේ ගන්නවා කියල මම මුල ඉඳන්ම දැනන් හිටියේ.හදපිරි උණුසුම් සුබපැතුම් අක්කියෝ...හැමදාමත් ඔබට ජයෙන් ජය පතනවා.!!!!! [පමා වෙලා ආවේ...වැඩ වැඩියි බොහොම මේ දවස් වල :) ]

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දිලා!! මාත් මේ දවස්වල එරිලා ඉන්නෙ වැඩ තොගේක. රිප්ලයි කරන්නත් සෑහෙන පරක්කු උනා කමෙන්ට් වලට. ඒ ගැන සමාව බාජනේට දාන්න ඈ...

      Delete
  29. අපිනං බෝඩිං වල ඉඳල නැති හින්ද ඔය සම්බන්ධ අත්දැකීම් නොමැත.
    මේ ටික කියෙවුවට පස්සෙ බෝඩිමක ඉන්න ආසාවක් ඇතිඋනා.

    ReplyDelete
    Replies
    1. ප්‍රියා එක්ක අර ආණ්ඩුවෙ බෝඩිමේ ගජේට ඉන්න යන අදහසත් නරකම නෑ නේ?

      Delete
  30. එකින් එකට රිප්ලයි කරන්න බැරි තරමටම වැඩ කන්දක් ගොඩගැහුනා! රිප්ලයි පමා වෙන එකට සමාවෙන්න! හෙමින් සැරේ උත්තර කොටන්නම් හොඳේ....

    ReplyDelete
  31. හම්මේ මේක කියෙව්වම බෝඩින් අත්දැකීම් රැසක් ඔළුවට ආවා. උපදෙස්නම් සෑහෙන්න හම්බ වෙලා තියෙන්නේ. අපේ නගානම් මට වඩා අන්ඩපාලයා.

    ReplyDelete
    Replies
    1. අපේ නගා නමට උපාසක. වැඩ ඉතින් මොකට කියනවද. :D

      Delete
  32. බොහොම ස්තුතියි බස්සි !
    ගෙදර බත් පිඟානට කිසි දෙයක් සම කරන්න බැහැ......
    රස්නේ කාලෙට හොඳ ඩ්‍රින්ක් බෝතලයක් හරියට වටිනවා

    ReplyDelete