Tuesday, February 10, 2015

කාර්ඩ්, වැලන්ටයින් සහ පඳුරු තැලීම්





මේ උදා වෙලා තියෙන්නෙ අවුරුද්දේ බොහොම වැදගත් කාලයක්. ඉස්කෝලෙ යන කාලෙනම් මගේ ඩිමාන්ඩ් එක ඉහල යන කාලෙ. කොහොමත් ඒ කාලෙ මං වැලන්ටයින් දවසට සතියකට විතර කලින් ඉඳන් හද්ද බිසී. එකා එකාගේ කාඩ් වලට මැසිම වගේ කවි ලියනවා, හද කම්පා වෙන පඬිවදන් ලියනවා එක විජ්ජුම්බරයයි . මගේ පූරුවේ වාසනාවට වෙන්නැති මගේ කවි බිසිනොස් හැකියාව යුනි එකේ කාටවත් මෙව්වා උනේ නෑ. 



ඔය වගේම ඩිමාන්ඩ් තිබුනා මගේ අතිජාත මිත්තර මලියාගේ මනරම් වැල් අකුරු ලිවීමේ හැකියාවට. කොහොමත් කොම්ප්ලිමෙන්ටරි සර්විසස් දෙකක් නිසා අපි දෙන්න ඉඳන් ඉන්නෙත් යාබද ඩෙස්ක් දෙකේ. මගෙ කඩෙන් කවිය ලියෝගෙන, මලියගෙ කඩෙන් අත් අකුරු හැඩගැන්වීම තමා සාමාන්‍යයෙන් සිද්ධ උනේ.


ඔය අතරෙ මාත් ලිව්වා කියාංකො එකෙක්ට කවියක්. මගේ අර වෙන්ඩකවියා ප්‍රතිභාව තව දුරුමිරිස් දාල අඹරලා  අතිවියත් ලෙස ව්‍යංගාර්ථ, උත්ප්‍රාස, අනුප්‍රාස දාල ලුණු වැඩිවෙච්ච හොද්දක් වගේ කවියක් ලිව්වා සාහිත්‍ය පංතියෙ උන්නු අහිංසකම කොල්ලට. උගේ වාසනාවට හා බස්සාගේ අවාසනාවට ඌට එදා ඒ  කවිය තේරුනේ නෑ. කොහෙ තේරුං යන්නද මටත් තාම තේරෙන්නෑ මං ඒකෙන් මොනාද කියන්න හැදුවෙ කියල.



ඒ කාලෙ ඔය DIY කන්සෙප්ට් එක කිසි වැදගැම්මකට නෑ. Handmade කිව්වම අපි "ඉතිං අපිට පාන්දෑ?" කියල අහන තත්වයක් තමා තිබුනෙ. කෝකටත් තෛලය වගේ කඩෙන් ගන්න තොරොම්බල් සුකුරුත්තම් කාඩ් අපිට හෙන වටිනව ඒ කාලෙ.


කියන්ඩ ගියේ DIY සහ හෑන්ඩ්මේඩ් ගැනනේ. මං හිතන්නේ කාර්ඩ් එකක වටිනාකම ආරෝහණ පටිපාටියට දැක්වුවොත් මෙන්න මේ වගේ,

කඩේ තොරොම්බල් > හෑන්ඩ්මේඩ් > DIY


ඔන්න ඔය සූත්තරේට දාලා කිරලා මැනල බලලා මාත් කාටහරි තෑග්ගක් දෙනකොට ඒකට DIY සුකුරුත්තමක් එකතු කරන්න අමතක කරන්නෙ නෑ.



ඉතින් මං හොඳටම දන්නවා එහෙම තෑග්ගක වටිනාකම. මට එහෙම තෑගි - මං කිව්වෙ කාර්ඩ් ලැබිල තියෙන්නෙත් අතේ ඇඟිලි ගානටත් වඩා අඩුවෙන්.



ආන්න ඒකයි මට අද මෙච්චර සතුටු. මේ බ්ලොග් එක හරහාම මාව අඳුනගත්තු නිසුපා අක්කා මට වැලන්ටයින්ස් ඩේ එක වෙනුවෙන් බසු කාර්ඩ් එකක් එවලා.  ඒ මදිවාට ඒක swing card එකක්. මං දෙවැනිවට ආසම කාඩ් ජාතිය. (මුලින්ම ආස බොක්ස් කාර්ඩ් වලට)







ඉතින් නිසුපා අක්කියා ඔයාට බොහොම ස්තූතියි. ඕං කාර්ඩ් හදෝගන්න උවමනා අය ඉන්නවනම් දැන් දන්නවනේ කාටද බිසිනොස් එක බාරදෙන්න ඕන කියලා.



මේ තියෙන්නෙ බසු ඇනිවසරියකට මං බස්සට හදා දුන්නු කාර්ඩ් එකක්. සිම්පල් pop - up card එකක් මේක නම්. නිසු අක්කා මේ වගේ පස් ගුණයක්වත් මහන්සි වෙන්න ඇති swing card එක වෙනුවෙන් නම්.








වැලන්ටයින් වෙනුවෙන් වැදගත් වෙයි කියල හිතෙනවා මං කලින් ලියාපු මේ ලිපි. පොඩ්ඩක් හොස්ස පොව්වලා බලාගෙනම ගියානං.




74 comments:

  1. ඩූ ඉට් යුවර්සෙල්ෆ් කරන්න පුලුවන්නං කඩෙං ගන්න සුකුරුත්තං වලට වැඩිය වටිනව විශේෂයෙන්ම ඔය වගේ අවස්ථා වලදි.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත ප්‍රසන්න අයියා!! මහන්සියයි කාලයයි තමා වැඩියෙන්ම වටින්නෙ

      Delete
  2. කාඩ් නම් හදන්නම් බොලේ දුසිමක් දෙකක්ම... වැඩේ කියන්නේ කාට දෙන්නද??

    ReplyDelete
    Replies
    1. ඈ බොලේ හදල තියේනම් මට එවපියකො අර නිසුපා අක්කි එව්ව වගේ...

      Delete
    2. ආකි : හැප් කිව්වේ.. අපිත් මාර රොමැන්ටික් එව්වෝ ඈ !

      බස්සි : ඔව්වා හදනකොට ආරක්ෂක තත්වය හොඳ වෙන්න ඕනේ. කොටින්ම මම වගේ එකියක් දුසිමක් හදනවා දැක්කහම සක්වල ගල උනත් සසල වෙන්ට ඉඩ තියෙනවා. නැද්ද? දැන් ඔයාට එකක් එවන්ට ඕනේ නම් මගේ බ්ලොග් එකේ තියෙන ෆෝම් එකෙන් මට ඔයාගේ ලිපිනය එවන්ටකෝ එහෙනම්. වැඩේ කියන්නේ ලැබෙනකොට පරක්කු වෙයි.

      මම ඔය DIY ජාතියේ ඒවාට තදබල පිස්සුවක් තියෙන එකියක්. මගේ අක්කගේ වෙඩින් කාඩ් ඔක්කොම මම හැදුවේ ස්වභාවික කොළ, කොක් මොට, කැකිරි ඇට , කොහු ලණු වලින්. තව යාලුවෙක්ගෙ වෙඩින් එකටත් මම හැදුව කාඩ් , ශේප් එක පුස්කොල පොතක් වගේ. ඇතුලේ ආරාධනාව ලිව්වේ අතින්, පරණ පුස්කොල පොත්වල තියෙන අකුරු වගේ. ඉන්ට මම ඒ ගැන පොස්ටුවක් දාන්නම්.

      Delete
  3. අපි ඉස්කෝලෙ යනකාලේ වැලන්ටයින් ට කියල වෙනම දවසක් තිබ්බෙ නෑනෙ. (ඒ කාලෙ දවස් 365 ම වැලන්ටයින් තමයි.)

    මටත් ඔය වගේ ඉල්ලීම් තිබ්බ ඔටෝ ග්‍රාෆ් වලට කවි/ පඬි වඳන් ලියන්න.. හැබැයි කටු කොලේක ලියල දෙන්නෝනෙ.. සුකුරුත්තං දා ගන්නේ උන් තමයි.. මොකද අත් වැඩ/ අත් අකුරු හරී..ඊ..ම ලස්සනයි. DIY ගැන ඉතින් හීනෙන් තමයි හිතන්න වෙන්නෙ ඒ නිසා.. හැක් හැක්

    ReplyDelete
    Replies
    1. //අපි ඉස්කෝලෙ යනකාලේ වැලන්ටයින් ට කියල වෙනම දවසක් තිබ්බෙ නෑනෙ. (ඒ කාලෙ දවස් 365 ම වැලන්ටයින් තමයි.)//
      ++++++++++++++++++++++++++++++++
      අනේද කියන්නේ කමියෝ ...ස්පෝට් මිට් කාලෙට මාසයක් විතර වැලා අපිත් එක්ක ඉන්නවා ..හැක් හැක්

      Delete
    2. සින්දු ඇනෝ : අන්න ස්පෝර්ට් මීට් කාලේ... දැන් මතක් වෙද්දි දුකායි.

      Delete
    3. කලා : ඒ ඔය පොඩි වට්නොට්, මල් වාස්, පේන්ටින් වගේ DIY ඒවත් කරන්න පුලුවන් අකුරු කැත උන්දලාට

      Delete
  4. //ඔය අතරෙ මාත් ලිව්වා කියාංකො එකෙක්ට කවියක්. මගේ අර වෙන්ඩකවියා ප්‍රතිභාව තව දුරුමිරිස් දාල අඹරලා අතිවියත් ලෙස ව්‍යංගාර්ථ, උත්ප්‍රාස, අනුප්‍රාස දාල ලුණු වැඩිවෙච්ච හොද්දක් වගේ කවියක් ලිව්වා සාහිත්‍ය පංතියෙ උන්නු අහිංසකම කොල්ලට. උගේ වාසනාවට හා බස්සාගේ අවාසනාවට ඌට එදා ඒ කවිය තේරුනේ නෑ. කොහෙ තේරුං යන්නද මටත් තාම තේරෙන්නෑ මං ඒකෙන් මොනාද කියන්න හැදුවෙ කියල.//

    ලෝකේ වාසනාවන්තම කොල්ලා සහ අවාසනාවන්තම කොල්ලා ගැන තියෙන මේ ජේදේ හරිම හැහුම් බරයි.....

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. විදානේ +++++++++
      සිරාවටම බං.. :P :P

      බුදු අම්මෝ බස්සියෙක් මගේ පස්සෙන් පන්නනෝ!! :D :D

      Delete
    2. මචං තනියා ,උඹේ හබියත් බොල්ග් පොස්ට් එකක් ලිව්වනම් ඔය ටිකම කියයි නේ :P

      Delete
    3. ඌට කලින් උගේ අක්කා ලියයි බං! මොකද මම පවුල් කන්නේ මිනිහට වඩා ඒ ගෑණි එක්ක..!

      Delete
    4. හහහා අනුවේදනීය සත්‍ය කතා බොල. මම බස්සට කොච්චරවත් කියනවා ලෝකෙ වාසනාවන්තම කොල්ලා එයා කියල. මේ මනුස්සයා පිලිගන්නේම නෑනෙ බන්.

      Delete
    5. තනියා : අනෙ දුප්! බොටත් ඔය ටිකම තමයි කියන්න තියෙන්නෙ අර ඉවාන් කියනව වගේ!!

      Delete
    6. ඉවාන් : තනියා ඉදල අරං එන්න කලින් හැංගියං!!

      Delete
    7. බස්සි: ඕවා හැමෝගෙම අනුවේදනීය සත්‍ය කතා බං..:)

      ඉවාන්: (හිරුට මුවාවෙන් ජැක්සන් තාලෙට ඉදලක් අතින් ගෙන ) ඉවා...න් ඉවා..න්...:@

      Delete
    8. මටත් පටාස් ගාලා හිත ගියේ ඔය කියමනටම තමයි. අර කොල්ලාටයි මේ කොල්ලාටයි ජයවේවා !

      Delete
    9. තනියා ... උඹ ඒ තාලෙට නම් කිව්වට කමක් නෑ. උඹත් ඒ වයසෙනේ හිකිස්......... :P

      Delete
  5. වැලන්ටයින් සාන්ත වැලන්ටයින්
    ඇයි ඔබ මේ අපෙ රටේ
    පෙම්වතුන්ට දිනයක් හදලා
    පෙබරවාරි මස 14 වේනිදා
    කාටත් සළකන පෙම්කරන
    අපට වේනම දීන මොකකටද
    වැලන්ටයින් ඔබ ආයිත් රොමෙට යන්ට
    වැලන්ටයින් ඔබ ආයිත් රොමෙට යන්ට

    ගායනය - නන්දා මාලනී

    ReplyDelete
    Replies
    1. සින්දු ඇනෝ මං අද ඇහුවේ ඒ සින්දුව! තරයේ හෙලා දකිනවා. ඔව්.

      Delete
  6. කලින් ලිව්ව පෝස්ට් කියවලා බැලුවා ඒ කාලෙම . මේ නරකද බස්සත් එක්ක ගිවිසුමක් ගහලා සුභපැතුම් පත් කර්මාන්ත සාලාවක් දැම්මනම් . සුජිකලා වෙසක් කාඩ් වගේ " මුකබානෝ " වෙසක් කාඩ් කියලා බ්‍රෑන්ඩ් එක මාකට් කරන්න පුළුවන් . හැක හැක හැක හැක

    ReplyDelete
    Replies
    1. මට මතක විදියට ඒ ලිපියෙන් තමා වයලා බස්සිගෙ නවාතැනට මුලින්ම ආවෙ. :)

      "මුකබානෝ" කියන එකෙත් අමුතු ගතියක් තියේ.

      Delete
  7. අනේ මොන වැලන්ටයින්ද බස්සිය

    ReplyDelete
  8. //ඌට එදා ඒ කවිය තේරුනේ නෑ. //

    Hmmmm. මං වගේ අහිංසකයො තව ඉන්නව එහෙනම්

    ReplyDelete
    Replies
    1. මාවත් ඒ ගොඩට දාගන්න... :) මේ වගේ තේරෙන්නේ නැති කවියක් ඉස්සර දවසක මටත් ලැබුණා...ඒක ලැබුණෙ මම ගෑල්ලමයෙක්ට කල ආදර යෝජනාවකට උත්තරයක් විදියට... බ්ලොග් එකක් ලියන්න ගත්තට පස්සේ මම ඒක සිංහලට පරිවර්තනය කරලා බ්ලොග් එකේ දැම්මා... ඒක කියවන අය නොයෙක් විදියට ඒ කවිය තෝරනවා...

      ප්‍රාටත් බස්සිටත් තෝරන්න හැකිනම් මෙතන තියේ ඒ කවිය...

      (ඉටැලික් වලින් තියෙන්නේ මම අතින් දැම්ම කෑල්ලක්...)

      Delete
    2. හැබැයි බීටලේට එක තේරුනා නම් , අපිට බීට්ල්ව හොයාගන්න බැරිවෙන්න තිබ්බා

      Delete
    3. හයියෝ ප්‍රා! එකම වර්ගයේ වෙන්නෝන. කතා අඩුයි. කවි තේරෙන්නැති ලෙඩේ හෝ තේරුනත් තේරෙන්නෑ වගේ පෙන්නන ලෙඩේ තියෙනව.

      Delete
    4. ආදරයේ අකුරු හතර...
      ගුලි කරලා එකට තබා…
      කිටි කිටියේ මිරිකාලා…
      වෑස්සෙනා අමෘත බිඳ…
      මල් කෙමියක තවරාලා…
      පොහොට්ටුවක සඟවාලා…
      ගල් උමගක ඇතුළු කොනක…
      වැහිදිය පිරි විල් පතුලක…
      ගල් සිදුරක සිර කරලා…
      යකඩ දොරින් උමග වසා…
      යදම් වැලින් අගුළු දමා…
      ඒ මත කටු පඳුරු වවා…
      සිර කෙරුවෙමි ගිරි දුර්ගෙක…
      ඉතින් සොයනු නැති කියලා…

      ආදරය කියන හැඟීම එකට කැටිකොට මිරිකා එහි හරය පෙරා ගතිමි. එය අධි සාන්ද්‍රිත අමෘතයක් වැන්න. මිහිරිය. ඒ අමා බිඳ හදවතේ ගැඹුරුම තැනක සැඟවීමි. හදවත ඕනෑම ආයාචනයකින් සුසරව දොර හැරිය හැකි තැනක් විය නොහේ. එබැවින් හද ගලක් කර යතුරු දැමීමි. (දැන් දොර අරින්න පුලුවන් යතුර හොයාගත්ත දක්ෂයාට විතරයි.) බැල්මකින්වත් අනුබලයක් නැති කතාබහද, හැසිරීමද කටු පඳුරු ගහණ ගිරි දුර්ගයක්ම වැන්න.


      ඈත එපිට කුමාරවරු…
      විර කතා වල රජවරු…
      අමෘත බිඳ සොයනු රිසින්…
      දහස් ගණන් සෙබළ මුලින්...
      තව සමහරු කල්ලි පිටින්…
      ඉද හිට තනි තනිව ඉතින්…
      ගල් උමගයි හොයන්නේ…
      අසලටවත් නොඑන්නේ…
      නොමැති කිසිත් බියක් සිතට…
      සුවසේ මා හිඳින්නේ…

      නොවෙක් කුමාරවරු ද, රජවරු ද තම සුරුකම්, විරුකම් කියාපාමින් හද අමා බිඳ සොයත්. සමහරු පැමිණෙන්නේ ආධාරකරුවන් පිරිවරාගෙනය. (කොල්ලො කොහොමත් එහෙමයි.) කලාතුරකින් අයෙක් තනිව පැමිණේ. නමුත් ඔවුන් එකෙකුටවත් හද දොර යතුර තබා හෘද ගල්ලෙනවත් සොයා ගැන්මට නොහැකි වී. සියල්ලෝම ගිරිදුර්ගයේ සරා පරාජිතව ආපසු හැරී යත්.


      නමුත් දිනෙක හිටිහැටියෙම...
      සූර වීර කුමාරයෙක්…
      සොරකම් කර මන්තරයක්…
      සුරංගනා කතාවකින්…
      මග සලකුණු අනුව යමින්…
      ගිරි දුර්ගය තරණය කර...
      උමගට මග සොයාලා…
      ගන සැරේට වවා තිබුණු …
      කටු පදුරුත් කපාලා...
      මහන්සියක් නැතුවම වැඩි…
      යදම් කඩා දමලා...
      උමං දොරේ යතුරු හිලට...
      රන් පැසකින් ගත් යතුරක්...
      දමන තුරා නොදිටිමි මම...
      ඔහු පැමිනුණු දුර නිහඬව…
      මම පැරදෙන බව නිසැකව…

      එසේ නමුත් එක් අනපේක්ෂිත දිනක බීට්ල් කුමාරයා පැමිණ මගේ හෘද ගල්ලෙනේ ද්වාර විවර කලේය. මගේ නෙත් හැරුනේද ඒ මොහොතේමය. බීට්ල් කුමාරයාගේ දස්කම් ගැන තවත් වර්ණනා කරන්නේ කෙලෙස! ඔහු කටු කොහොල් ගහන ගිරි දුර්ගය කිසිදු අපහසුවකින් තොරවම තරණය කර ඇත. ඔහු නම් සුරංගනා ලොවත් සමහ සම්බන්ධකම් ඇත්තෙක්ම විය යුතු. සොඳුරු මිනිසෙක්ම විය යුතු. සාමාන්‍ය කොලුවෙක් නොව මහ රජවරු පවා පරාජය කරවූ හද දොර යතුර බීට්ල් සොයාගත්තේ එබැවිනි.

      ඔව්. බීටලයාගේ යතුරෙන් මගේ හද විවර විය!!!


      එපා කියන්නට කලියෙන්…
      හරියට ගැලපෙන යතුරින්…
      උමගේ දොර විවර කලා…
      වසර ගණන් හිරකරාපු…
      ආදරයේ අමෘත දිය…
      ගලා ගියා උතුරාගෙන…
      ගස් වැල් ගල් පෙරළාගෙන…
      මගේ පුංචි කුමාරයගේ…
      පළමු හාදුවටත් කලින්…
      ඔහුයි මමයි ගිලිගියා…
      ආදරයේ සැඩ පහරේ…
      ලොවේ හොඳම කිමිදෙන්නොත්…
      ඉතින් අපව සොයනු නොහේ...

      මම එපා කියන්නේ කෙසේද? සිතිවිලිද නැවතුනු අනපේක්ෂිත තත්පරයක් තුල බීට්ල් කුමාරයා මගේ හද විවර කර අවසන් ය. වසර ගණන් දහසකුත් ආදර ආයාචනයන් අභිමුව නොසෙල්වුනු ආදර අමෘතය බීට්ල් කුමාරයා වෙනුවෙන්ම උතුරා ගලා යයි.

      පළමු හාදුවටත් කලින් මේ තරම් ආදරයක්? මෙපමණ ආදරයක් මගේ හද ගල්ලෙනේ සැඟව තිබුනාදැයි මමවත් නොදැන සිටියෙමි. දැන් ඒ ගැන හිතන්නට කාලයකුත් නැත. ඉතිරිව ඇත්තේ බීට්ල් කුමාරයා සමග ආදර අමා දියේ ගිලී මියැදීමම පමණි.

      ලොවේ හොඳම කිමිදෙන්නෝ (ආදරයේ කූටප්‍රාප්තියට පත් වූ අය.) ඔවුන්ටවත් අපව දැන් සොයා ගත නොහැක. මගේ ආදරය ඒ සියල්ලටම වඩා ගැඹුරු බැවිනි. ඔවුන්ට අනුමාන කල හැකි පමණටත් වඩා ගැඹුරු බැවිනි.

      Delete
    5. බීටලේ මේ කවියෙන් පස්සෙ සිද්ද වෙච්ච දේ දැනගැනීමේ කුතුහලයෙන් මගේ හදවත පිරී ඉතිරී යයි. වහාම කියන්න. වහාම!!

      Delete
    6. ඔව් වොව්... කියන්නයි කිව්වේ!!

      බස්සි: හරි පුදුමයිනේ බස්සියෝ, මමත් ඔය කවිය ඔය විදියටම සරල බසින් ලිය ලියා හිටියේ. මගෙත් තේරුම ඕකම තමයි. අප්පේ බීටලේ හෙන මැන්ටලේ නේ!

      Delete
    7. ඔව් මූ ගොබ්බ වැඩක් කරල නම් එහෙම හොයාගෙන ගිහින් මරල හංගලා එමු. උපයෝ ඔයත් එනව නේද?

      Delete
    8. කුචු කවා මරමු. මරණේ උනත් තියෙන්න එපෑ ජොලියක්. එනවා එනවා.. එක පයින්ම එනවා. මට ෂුවර් බීටලේ මෙලෝ රහක් නැතුව ඉන්න ඇති ඔය ලියුමට. ඔන්න එතකොට තමයි ඉතින් මට බෙරේකට තඩි බාගෙන බාගෙන බාගෙන යන්න හිතෙන්නේ ( වෙන ඉතින් මක්කා කරන්නද නේද?) ගුටි වගේ එව්වා බැරිද බස්සියෝ ඇටැච් කරන්න මෙතැන ? ( දැන් මේකත් හරියට කිරිහාමිගේ කතාව වගේ. වැරැද්ද කලාද දන්නෙත් නැතුව දඬුවම දෙන්නයි හදන්නේ, ඇලිස් ඉන් වොන්ඩලන්ඩ් කතාවේ හාරත රැජිනත් ඒ වගේ නේද? මුලින්ම හිස ගසා දානවා, පස්සේ තමයි නඩුව අහන්නේ!! හි.. හි.. )

      Delete
    9. බීටලේගෙ අර කෙලි පොඩ්ඩ පව් ද මංදා ???

      Delete
    10. හහ් හහ් හා... :D මෙතන වෙලා තියෙන දේවල්... කුචුකවලා මරන්න කලින් මගේ පැත්තෙනුත් නඩුව අහන්න... :) මෙහෙමයි...මේ කවිය කියවද්දී බස්සිට, උපේක්ෂාටත් නැති හෝම් ඇඩ්වාන්ටේජ් එකක් මට තිබුණා... ඒ මේ සීන් එකේ මම හිටිය නිසා, ආශ්‍රිත සිදුවීම් සේරම මම දැනගෙන ඉඳීම...අපි යාළුවෝ කීපදෙනෙක් වීක්එන්ඩ්එකක්ම මේ ගැන තර්ක කලා මට මතකයි... කොටින්ම මේ කවිය ඇනලයිස් කරන්නම බොන්නත් සෙට්වුනා...ලස්සන දවස්... :D නෙගටිව් පැත්තේ හිටිය එක යාළුවෙකුට තිබුණ ගැටළුව ඇයි මේ "අකුරු හතර" මෙච්චර අමාරුවෙන් හංගන්නේ කියන එක... මට තිබුණ ගැටළුව "පළමු හාදුවටත් කලින්..." කියන්නේ ඇයි කියන එක...

      බ්ලොග් වල හැමදෙයක්ම ලියනන්ත් බෑනේ... ඒ හින්දා දිග කතාවක් කෙටියෙන් කිව්වොත්, සමහරවෙලාවට ඇත්ත ප්‍රබන්ධ තරම් ලස්සන නෑ... අවසන් ප්‍රථිපලය කොහොමවුනත් ඒවා ගැන ඉතින් දුකකුත් නෑ... කතාවකුත් තියෙන්නේ සතුටින් ගතවුන දවස් කවදාවත් නාස්තිවෙන්නේ නෑ කියලා... හැමෝටම ස්තූතියි මේගැන අදහස් බෙදාගන්න කාලය වැයකලාට.... :)

      Delete
    11. අමතකවුනා... විශේෂයෙන්ම බස්සිට ගොඩක් ස්තූතියි මේ පුදුම ලස්සන පැහැදිලි කිරීමට...

      Delete
    12. මම මේ කවියට බීට්ල් මොකද කලේ කියල හොරෙන් අහගන්න බීටලේව ෆේස්බුකියෙ හොයනව.

      Delete
    13. හත්වලාමයි! බීටල් මේ වහෙන් ඔරෝ කියන්නේ කෙල්ලට කණුවක් දුන්න කියන එක නේද? මුලින්ම දඬුවම! ඊට පස්සේ තමයි නඩුව අහන්නේ.. නැද්ද බස්සි..??

      නෙගටිව් හාදයට කලගෙඩියක් විතර ඔළුගෙඩියේ අලගෙඩියක් තරම්වත් මොලයක් තියෙනවා නම් තේරෙන්න එපෑ නිකම්ම අකුරු හතරට වඩා මාර කික් එකක් නැද්ද ඔහොම කවියක කියල. නැත්තම් ඔයාල සෙට් වෙලා බොනවද ඔය කවිය මාතෘකා කරගෙන අමුවෙන්ම ලියල තිබ්බ නම්? අනේ අනේ.... සුරංගනා කතාවල ඔහොම ගුහාවල රිංගලා නිද්‍රාවෙන් ඉන්න කුමාරියන්ට හාදුවක් නැතුවම බැහැනේ ඔය නිද්‍රාවෙන් මිදෙන්ට? බලන්න අර ස්නෝ වයිට් ළමය? The frog and Princes / Beauty and the beast එකේ Princes ? එයාල ගොඩගියේ ඔයා හාදුවලින් නේ.. අනේ මන්ද මෙලෝ රහක් නැහැ මෙයා නම්!!!

      ඇත්තම කියන්න බීටලේ මේ කතාව සහතික ඇත්ත.
      [සමහරවෙලාවට ඇත්ත ප්‍රබන්ධ තරම් ලස්සන නෑ... ] :((

      ඒ උනාට කුචි කවා මැරවීමට බාධාවක් නැතිය!

      Delete
    14. අනිවා මැරවිය යුතුමය.
      එක්කෝ ඕනෙ නෑ කකුල් දෙකෙන් හන්දියක එල්ලලා පැය හතරක් කුචි කවමු. මොකද බීටලයා වර්තමාන වයිෆ්ගේ ලව් ඉට්ටෝරිය ගැන හද සසලවෙන බර්ත්ඩේ පෝස්ටුවක් හෙම ලියලා තියෙනවත් නෙ.

      Delete
  9. කාඩ් ගැන කියවලා දැනගත්තා. එතකොට පඳුරු තැලීම? ඒක වෙන්නෙ පඳුරු අස්සට රිංගන කපල්ස් නිසාද?

    ReplyDelete
    Replies
    1. ලියන්න කලින්නේ මාතෘකා දැම්මෙ

      Delete
  10. මමත් ෆොටෝෂොප් වලින් ට්‍රයි කරලා බලන්න ඕන

    ReplyDelete
  11. කාඩ් හදලා නම් නෑ.. කඩ් ගහලා නම් තියෙනවා..

    අපිත් හොඳ වැලන්ටයිලා තමයි කොල්ලෝ කාළේ...

    ReplyDelete
    Replies
    1. අෆ්ෆා... මං හිතුවෙ තාමත් එහෙමයි කියලා. අර ගයේෂා අක්කිව බලන්ඩ යූ ටර්න් ගහලා හැරිලා ආවා කියද්දි හෙම මට හිතුනෙ වැලන්ටයින්ම වෙන්ටෝනෑ කියලනෙ. හික්ස්!!

      Delete
  12. බස්සියෝ සිරාවට උඹ හොඳ කලා ඇහැක් සහ ඉවසීමක් (කාඩ් හැදිල්ලට :P) තියෙනවා...මං වගේ දඩිබිඩිස් උන්ට නම් ඔය වැඩේ කොරන්න ටිකක් අමාරුයි...ඉස්සර නම් අම්මටයි තාත්තාටයි උපන්දිනවලට කාඩ් හැදුවා ඇඬෙන එව්වා ලියලා එහෙම...එච්චරම තමා...කොල්ලොන්ට නම් කාඩ් හැදුවේ නෑ..මොකද එව්වා හදන්න ඕන හොරෙන් නිසාත් අපේ ගෙදර සූක්ෂම කැමරාවලට අහුනොවෙන්න කරන්න බැරිකම නිසා නිකං නොනා පාඩුවේ හිටියා..:D

    හැබෑටම පඳුරු තැලීම ගැන මක්කවත් ලියලා නෑ නෙහ්? :P

    ReplyDelete
    Replies
    1. අනේ මගේ ඉවසීම. හැබැයි පේපර් ක්විලින් සහ ඔය අනිත් කඩදාසි සුකුරුත්තම් හැකියාව නම් ලාවට පිහිටා තියේ.

      මැහුම් ගෙතුම් හැකියාව නං බින්දුවට පොඩ්ඩක් අඩුයි.

      Delete
  13. අතින් හදලා දෙන එව්වා හොඳ උනාට ඉන්න ඔක්කොටම දෙන්නනම් විස්සක් විසිපහක් හදන්න වෙනවනේ.......... ඒ නිසා මේ පාරත් කඩෙන් අරන් තමයි දෙන්න වෙන්නේ

    ReplyDelete
    Replies
    1. හම්මේ ඉතින් කාට හරි හෑන්ඩ්මේඩ් කාර්ඩ් ඕඩරයක් දුන්නනං මොකද?

      Delete
  14. කිව්වත් වගේ වැලන්ටයින් ළඟ ළඟ එනවා නේ , මේ සැරේ වර්ල්ඩ් කප් පටන් ගන්න නිසා වැලාට ඉල්ලුම අඩුවෙයි .

    උඹත් උසේ හැටියට නෙවෙයි වැඩ නේද ? මචං කාඩ් එක ගැන ........................... එක්කෝ ඕන නෑ............ :P

    ReplyDelete
    Replies
    1. මොන පික්සු ද? Red festival කියලා සුපිරි වැඩක් කෙරෙනවා එදාට. එනවැයි?

      Delete
  15. අපි ඉතිං මූදට කිලෝමීටරයක් තියා අමුඩෙ ගහන උන් විදියට..මගේ වෙඩිමෙ කේක් පෙට්ටි / ආරාධනා පත්‍ර ඕ‍ඩරේ නිසූ ට දීලා සෑහෙන කාලයක් දැන්...

    මම තමයි අපේ පන්තියෙ හිටිය අතුඅකුරු ලස්සන නිසඳැස් බුවා...කෙල්ලන්ට ලව් ලෙටර් ලිවීමත්...අනුන්ගෙ ඔටෝග්‍රාප් වලට නිසඳැස් ලිවීමත්..පාට් ටයිම් එකේ කරපු කාලයක් තිබුනා මට...ඒ කාලෙ මගේ කවි ගඟුල බොහොම සාරවත්...විනාඩි දෙකට නිසඳැස රෙඩි...අද නම් පැය ගානක් තැටඹුවත් කවියක් ලියාගන්න බෑ බොල....

    ReplyDelete
    Replies
    1. හහහා මගෙත් තිබුන නෙව රෙඩිමේඩ් සඳැස් සෙට් එකක්. පොඩ්ඩක් වචන එහා මෙහා කරන්න විතරයි තියෙන්නෙ. හැබැයි වැඩේ හරි අමාරු බව පෙන්නලා නළල අතගගා තමා ලියන්නෙ ඉතිං.

      වෙඩින් කාර්ඩ් හැදිල්ල මම මේ පණ්ඩිතකොමට තනියෙන් කරන්න ගිහින් අනාගෙන නාගෙන ගාගෙන ඉන්නෙ. මේ දවස්වල හීනෙනුත් පේන්නෙ රිබන්, කෝඩ්, හාෆ්පර්ල්ස්, පබලු එව්ව මෙව්වා.

      Delete
  16. අනේ මං නම් මලාට ඔවුවා හදන්න ගිහින් නෑ.. හැබැයි හදපුවා හම්බුවෙලා නම් තියෙනවා..

    ReplyDelete
    Replies
    1. ඒකනේ. අනේ ඉඳිකට්ටල හදන කාර්ඩ්.

      Delete
  17. මගේත් ඔය කාඩ් හැදිලි නැහැ.අනිත් එක ඔය වැලන්ටයින් සැමරිලිත් නැහැ.හැබැයි යශෝට හම්බු වෙච්චි මේ කාඩ්නම් හරිම වටිනවා.මොකද ඒ තමන් වෙනුවෙන්ම නිර්මාණය වෙලා තියෙන නිසා.

    ReplyDelete
    Replies
    1. එකක් මට ලැබුන එකක්. අනික මම හදපු එකක්.

      Delete
  18. පිස්සු හැදෙයි සද බබලයි කීවලු...
    වැලන්ට ට හෙල්ප් කොරන්ට ගිහිං අම්බානෙක ඇදෙගෙන නාල නං තියේ...
    ආ.... තව මටවත් උස්සගන්න බැරි පත සයිස් චොකෝ එක්කුයි අවුරුද්දක් තිස්සෙද කොහෙද ලියාපු පත සයිස් සී ආර් විස්සක් විතර සයිස් ලියුමකුයි තිබුණ... ඒ ලියුම කියවල මට ජබර කලන්තෙයි උණුඩක පුච්චෙ ගලපටලෙයි අරකයි මේකයි ඔක්කම හැදුන හක්ද ඒ ලව් එක එතනිංම හබක් වුනා...
    හය්යෝ පේම පුරාණෙ

    ReplyDelete
    Replies
    1. හම්මේ ඉතින් වෙනදා මෙන්ම පික්සු උතුරන කොමෙන්ටෙකක්.
      කවුද හැබෑට උඹට චොකෝ දෙන්න ආපු මැටි කෙලී?

      Delete
  19. හා හා.....කවි ලියපු එක හොඳයි අක්කේ.මම ලියුම් පිටින් වෙන කොල්ලන්ට ලියල දීලා තියනවා..ඔන්න යාළුවා ඇවිල්ලා කියනවා අනේ මචෝ මට මේ දේ කියාගන්න ඕනි කියලා.එතකොට ඉතින් ඒ දේ කියලා මම ලියල දෙනවා.දවසක් සර් කෙනෙක්ටත් මට්ටු උනා මාව.හැබැයි ඒ වෙලේ අර යාළුවො මාව බේරාගත්තා.

    අක්කා හදපු කාඩ් සහ නිසුපා අක්කගේ කාඩ් දෙකම හරිම ලස්සනයි ඔන්න..ආස හිතෙනවා දැක්කම

    ReplyDelete
    Replies
    1. තැන්කිව් නංගියෝ.
      ඔයා හිතල බලන්ඩ ඔහොම එක එකාට ලියපු කවි පොතක් පිටින් අම්මට අහු උනාම සහ ඒ සේරම මම මගෙ කොල්ලොන්ට ලිව්ව කියල වසර ගණනාවක සැකයක අතුරු ආබාධ වලට ලක්වීමේ ආතල් එක? මගෙ කවි පොත අළු විය.

      Delete
  20. අවුලක් නෑ.. තව කල් තියනවා.... ;)

    ReplyDelete
  21. මගේ යාළුවෙක් ඉන්නවා, පොර වෙඩින් ඇනිවසරි එකට වයිෆ්ට කාඩ් එකක් දෙනවා. දවස් දෙක තුනකට පස්සේ එක් අරං බුක් කේස් එකේ දාලා තියලා, ආයේ ලබන අවුරුද්දේත් ඒකම දෙනවා.

    ඒකත් එක්තරා ආකාරයක DIY තමයි! +Recycling!

    ReplyDelete
    Replies
    1. පරිසර හිතකාමී වැඩක් නේ. ගස් කැපීමට එරෙහි එක්කෙනෙක් වෙන්ටැ.

      Delete
    2. අන්න පලෑන්!!! "සදාකල් ඔබ මගේ" තියරියක් නේහ්!!!

      Delete
  22. අපිට ඉතින් කාඩ් හදල දෙන්න කවුරුවත් නෑනේ මෙයා :D. ඔය වල්ඩ් කප් මැච් එකක් බලන් ඔන්න ඔහෙ ඉන්නව. බස්සිටනම් ඉතින් මේ පාරත් වැලන්ටයින් සුපිරියටම තියෙයි නොවැ ;). ජය වේවා කිව්ව එහෙනම් :D.

    ReplyDelete
  23. හැබෑව බං අක්කෙ!! DIY පාරක් දැම්මම මාරම වටිනවා. අපේ එකෙක් මේ පාර වැලා-ගිෆ්ට් එකට සුපිරි ප්ලෑනක් ගැහුවා, තව අවුරුදු ගානකට පස්සෙත් අලුත් වෙන්න පොඩි අයිටම් කෑලි ටිකක් හංගලා හෙම!!

    පිරේටත් ඉතිං හැම මලඉලව්වම DIY තමයි, හැබැයි තවම මගෙං තෑගි ලබන්න කවුරුවත් නැති නසා මේ දවස් ටිකේ වෙන වෙන කපල් වලට Photoshop සහයොගෙ දෙන්න විතරයි අහු වුණේ!!! ඔයාට වගේ කවි හැකියාවක් මට නොලැබීම මට මේ කාලෙ හරිම සතුටු දායක දෙයක්!!! නැත්නං ලියලම මැරෙනවා!!!

    ReplyDelete
  24. මම නම් ඉතින් කාඩ් හදල නෑ..
    හැබැයි මටත් කාඩ් දෙක තුනක්ම හම්බුනා...
    ලස්සන කාඩ් ටික....
    ඇත්තටම කඩෙන් ගන්නවට වඩා තමන්ම හදන එකේ
    අමුතු ලල් එකක් තියෙනව නේ... මාත් හදල බලන් ඕනි...

    ReplyDelete
  25. මන්නම් හිතන්නේ කඩෙන් ගන්න ඒවාට වඩා හෑන්ඩ් මේඩ් ඒවා තමයි වටින්නේ

    ReplyDelete
  26. කාඩ් හැදුවට කමක් නැ කුඩු කර ගන්නෙ එහෙම නැ . :D

    ReplyDelete