Monday, March 2, 2015

කොයි තරම් අපූරුද? කවි හුළඟෙ පාවෙන එක







කොයි තරම් අපූරුද?
කවි හුළඟෙ පාවෙන එක


පුස්තකාලෙක ගාම්භීරෙට ඉන්න එක
ඇණයකින් ලී මිටක එල්ලී
පාර අද්දර නටන එක

කාරෙකක, බස් එකක, 
නැත්නම් පයින් හරි ගෙදරකට යන එක
ආදරෙත් එක්කම ඔතපු බත් මුලක
උණුහුමක් වැදී තෙත්  වෙන එක
කෑම මේසෙදි ඇස් කොනක දැවටෙන එක


යාන්තම් රිදුනට
කොයිතරම්නම් මිහිරිද
බැදුම් සුවඳක් කැවෙන එක

ඔන්න පොඩ්ඩක් රිදෙනවා ඇති
හාල්මැස්සෝ, කට්ට කරවල
ඔතනකොට
ඒ වුනත් පාඩුවක් නෑ නෙව
හාල්මැස්සෙක් උනත්
මුහුද පතුලේ මුතු වැවෙන හැටි කියනකොට


කොයිතරම් සතුටු ද
අලුත් කිරිකැටියෙක් බලන්නට
කෑම කවරෙක එතෙන එක
අකුරු උඩපැන නටනවා ඇති එතකොට


කොයි තරම් අපූරුද
දෙනෙත් පහසක් වැදෙන එක
සිහින් අතැඟිලි අකුරු මත දැවටෙන එක
පොතක පිටු මැද රහසේම සැඟවෙන එක


කොයි තරම් අපූරුද?
කවි හුළඟෙ පාවෙන එක!





46 comments:

  1. කොයි තරම් අපූරුද
    මේවා.... දැක්කා.....ම
    කවි ලියන්න බැරි උන්ගේ,
    ඇඟේ මාළු නටන එක....

    ReplyDelete
    Replies
    1. මාතලන් - මේවා කවිද ? මාතලන් කවි දැකලා නැද්ද? මේවට කවි කියන්නේ මොන පදනමෙන්ද? මාතලන්ටත් ඉතින් බස්සිලා මොනවා ලිව්වත් හොඳයි. කවි ඕනෙනම් අපි ලියලා පෙන්නන්නම් අපි නොලිය ඉන්නේ දැන් මේ බස්සිලා වගේ අලුතෙ ආපු උන් මේ බ්ලොග් අවකාශේ කන නිසා . නැතුව අපිට බැරි නිසා නෙවෙයි .

      මම ඇනෝ කෙනෙක් :P

      Delete
    2. ඉරීසියාව.........!! :P :P :P

      Delete
    3. හි හි අනිවා

      Delete
    4. ඉවාන් මහත්තයෝ මෙතන නිකන් මාතලන්ට බැන්නට ඇනෝලා ඔක්කොම දන්නවා තමුන් යහපාලන බයියෙක් කියලා :D

      Delete
    5. අහ් මේ ඉවාන් කියන්නෙ අර බදුල්ලටත් එහා ගමකින් ආපු. ඇනෝ විසින් නගා සිටුවපු බ්ලොග් ලියන්නා නේද? ඇනෝවා මේ පැත්තෙ නම් එන්නෙත් නෑ මං හිතන්නෙ. ආවත් ඉතින් මම ඇනෝ බ්ලොක් කරලනෙ.

      Delete
    6. යහපාලන බයියො නෙමෙ මැට්ටිස්! ටොයියෝ

      Delete
  2. කොයි තරං අපුරුද..
    දිනමිණක් යන දුර.. හැක්..

    ReplyDelete
    Replies
    1. ඊ පේපරේ තියනව කියලා ලින්ක් එක ලැබුනා. නැත්තන් මම හෙන කම්මැලී පත්තර බැලිල්ලට.

      Delete
  3. කොයි තරම් නම් අපූරුද
    අපේ බක්සියා මෙහෙම
    දිනෙන් දින ඉහලටම යන එක

    ReplyDelete
  4. කොයි තරං අපුරුද..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි හොඳේ :)

      Delete
  5. කොයි තරං අපුරුද..

    ReplyDelete
  6. කොයි තරං අපුරුද..මෙහෙම කවි ලියවෙන එක .. (Y)

    ReplyDelete
  7. හැමෝම මාව මෙන්ෂන් කල්ලා කිඹුහුම් යනවා බොලව්

    ReplyDelete
    Replies
    1. හැක්... ඒකෙත් හැටි නේද? මට මතක් උනේ අර 'ශ්‍රීමත්' කියල නමක් තියෙන බල්ලෙක් ඉස්සර නිවුස් යන වෙලාවට නගුට වනන එක... හි.. හි... අපහාසෙට ගන්න එපා හරිද? මතක් උන දේ හංගලා කියල පුරුද්දක් නැහැනේ. හි.. හි..

      Delete
    2. නොදකින් ( රසිකලොජිස්ට් ට අනුව මෙය නැවත නොදකීවා කියන තේරුම ඇති යෙදුමක්) බල්ලෙක් නේ මතක් වුණේ ඈ ,, ඒකත් මරු කතාව

      Delete
    3. තේරුනේ නෑනෙ අෆ්ෆා... මට නිකං මඤ්ඤං වගේ!

      Delete
    4. ඈ බස්සියේ නුඹ බබාද... මෙතන හැම එකාම අපූරුයි අපුරුයි කියලා කමෙන්ට් දාලා දැක්කේ නැද්ද

      Delete
    5. මලලසේකරයි. මගෙ මොලේ මලකඩ කාල වගෙ!

      Delete
    6. ඔමා : මම දහම් පාසලේ 6 වසරේ ඉගෙනගන්නකොට අපිට හිටපු එක ගුරු ස්වාමින්වහන්සේ නමක් ඔය 'නොදකින්' 'ඉඳකින්' කියන වචන දෙකේ වෙනස සහ අර්ථයන් පැහැදිලි කරලා දුන්නා මට අද වගේ මතකයි. ඒ හින්දා ඔබේ නොදකින් කියවිල්ල මට තේරෙනවා.. හි.. හි....

      බස්සි : ඕක වැදගත් , බුද්ධිමත් ලෙඩක්.. නෑ.. නෑ ... සෞඛ්‍ය තත්වයක්....

      Delete
  8. කොයි තරම් අපුරුද මෙහෙම හරි කොමෙන්ට් එකක් දාන එක.... හික්ස්.....

    හුළගේ පා කරන්නෙ නැතුව තව කවි ලියන්න . ජය වේවා..

    ReplyDelete
    Replies
    1. තැන්කූ කොබා! අනිවා ලියනවා. බ්ලොග් ලෝකෙ කවි පෝස්ට් වලට වැඩි කික් එකක් නැති හින්දා මෙතන කවි දාන්නෙ අඩුවෙන් ඉතින්.

      Delete
  9. අපූරුයි.. අපූරුයි..... සයිබරයේ සඳහන් වෙනවාට වඩා මුද්‍රිත යමක සටහන් උනහම පොඩි කික් එකක් තියෙනවා නේද? හි.. හි.. සුබපැතුම්

    ReplyDelete
  10. තීන්තෙන් හැඩ උන
    අලුත් පත්තර සුවඳ
    හිත පුරා රොද බැන්ද
    අකුරු හැමටම කියන...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ගස්ලබ්බෝ....

      Delete
  11. ඒ වගෙම අපූරුය
    ලක්ෂිගෙන කමෙන්ට් කවි වැටෙන එක
    බස්සිගේ හිත සොම්නසින් නටන එක

    ReplyDelete
  12. ගල් ටිකක් වැඩිවෙන්න
    සෝඩා පොඩ්ඩක් එක්ක
    පදමට දමපු ෂොට් එකක්
    වගේ... බස්සිගේ කවි ටික

    ReplyDelete
    Replies
    1. කවියකින් මත්වෙන්න
      ඉහලටම පාවෙන්න
      හීනවල කිමිදෙන්න
      ඇහැකි අය හරිම දුලබයි ඔන්න!

      තැන්කූ කම්මල්!!!

      Delete
  13. සුබපැතුම් බස්සි.
    පැදිපෙළ අනගියි
    ජය!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි යාලූ....

      Delete
  14. පත්තරේ පල වුන එකටත් වඩා ටීකාව ලස්සනයි.. මේක මං සෑහෙන්න කලින් දවසක මූණු පොතේ දැක්කා වගේ මතකයි..

    ReplyDelete
    Replies
    1. මූණු පොතේ දාපු එක එඩිට් පාරක් දාලා මේ පල කෙරුවෙ. ගොඩක් ස්තූතියි කලා!

      Delete
  15. කොයි තරම් අගේද
    උඹේ ඔය කවි පද
    කොයි තරම් මිහිරිද
    කවියේ ඇති රස කඳ.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි මනෝ....!

      Delete
  16. අපූරුයි අපූරුයි... මේක කලින් බුකියෙදි කියෙව්වා..
    බස්සිට ජය!

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි මහේෂ්....!

      Delete
  17. මරු ඈ....

    (මාත් කයියක් ගෙටගන්න ඕන.....)

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. තැන්කිව් ඈ...!
      (ටියුබ් ලයිට් භාවයෙන් පෙළෙමි.)

      Delete
  18. කොයි තරම් අපූරුද
    ඔහොම කවි ලියන එක.

    ReplyDelete
  19. පෝස්ටු සේරම ආසාවෙන් කියෙව්වත්, මාස කිහිපයක් තිස්සෙ ඇවිත් ගියත් කොමෙන්ටුවක් නොදැම්මෙ මගේ බ්ලොග් එකක් අටවගන්නකම්. මමත් බ්ලොග් ලෝකෙ පැලපදියම් උනා. ඉඩ පාඩු ඇති වෙලාවක ඇවිත් යන්න එන්න...
    http://camarawenehalokaya.blogspot.com

    ReplyDelete