by Amy
Giacomelli
ගැබ්බර බැළලි විමලාය
ඇක්සයිස් ලැසි ගමන් යන
කානු ගැට්ටේ සීතලට නිදියන
ජෝතිගේ ගීයකට
තාලෙට වලිග කොන ගස්සන
හාල්මැස්සෝ කෑ හැකිද හැමදාම?
කෙලවල්ලො නැද්දැයි විමසන
පලා මැල්ලුම් දැක නහය හකුලන
ඇස් පියාගෙන හාල්මැස්සන්ම ඇහිඳින
"ඉස්පිරිතාල වියදම් සැරය
නර්ස් බැළලිය තරය නපුරුය
අනේ කන් දිග දොස්තරා සීදේවිය
ෆ්ලැනල් රෙදි දැන් හරි හිඟය"
සුදු මහත බලු තෙම
ඕපාදූප ගෝනියම අහගෙන නිදන
කලාතුරකින් යාන්තම් කන් සොලවන
"විසිදාහකින් චීස් කෑවැකි
සස්ටජන් පිටි ටිකක් බිව්වැකි."
දිගට දිගටම කියන
"ඒ උනත් රජතුමා නැතිකොට
ලස්සයක් හම්බුනත් මොකටද?"
කම්මුලේ අත තියන
බළල් සුසුමක් හෙලන
"බල්ලන්ට තේරේයැ මේ දුක!"
නැට්ට ගස්සා බනින
මහත බලු තෙම එක ඇහැක් ඇර
මලා වාගේ නිදනු දැක දැක
හොස්ස උස්සා රවන
ගැබ්බර බැළලි විමලාය
හවස තේ එක්ක කන්නට
කුප්පමේනිය අහුලන
හොද හොද සෙල්ලං එළීවෙන ජාමෙට බලනු හැකි වේවිය
ReplyDeleteඔව් ඔව්. බලන් ඉම්මු.
Deleteජෝතිගේ ගීයකට තාලෙට වලිග කොන ගස්සන විමලාය .. ෂෝක් ෂෝක්
ReplyDeleteකවි ටික කියවද්දී මතක් උනේ , අපේ ගෙදරත් ලෝඩ් එකක් බාල ගිය සතියේ.. පාට වර්ග හතරකින් පැටවූ පස් දෙනයි.
තැන්කූ වේවා මල්කොබා!!
Deleteඅලුත උපන් පැටවුන්ටත් විසිදාහ ලැබෙනවා.
මැක්සා.... උපමා උපමේය ඉස්තරන්.. ලියනා අත් සත්තරන්...
ReplyDeleteතැන්කූ වේවා මාතලන්!!
Deleteඅඩේ උඹලෑ බැළලිගේ නම විමලාද?
ReplyDeleteඅපේ ඔෆිස් එකෙත් ඉන්නවා බං බැළලියක්.එකී කොයි වෙලෙත් බඩින්.:)
හිත හොඳ ඇති බන්
Deleteහෙහේ,එහෙම වෙන්ට ඇති තමයි නේ බං.:D
Deleteඔව් බං. අපේ බැලලි විමලා. බල්ලා බොරලුගොඩ.
Deleteබැළලිගෙ අක්කා ඩොටී.
දැන් අහයි ගලපාත කෝ කියල. අපි ගලේ කියන්නෙ එහාපැත්තෙ ගෙදර ඉන්න අවුරුදු තුනක විතර පොඩි එකෙක්ට. ඒකා ගලයා වගේමයි.
මේක කලින් කියෙවුවා කොහේ හරි විමලා බැලලි ගැන,, ඔයාගේ එෆ් බි එකේද කොහෙද පට්ට
ReplyDeleteඔව් ඔමා. මේ ඒ කවිය පොඩ්ඩක් සංශෝධනය කරලා තව කොටස් දෙකතුනක් එකතු කරලා නැවත පල කිරීමක්.
Deleteපූසා හාල්මැස්සො ඇහිඳින්නෙ ඇස් පියාගෙන නම් තමයි.ඒ අස්සෙන් කතාවකුත් කියල නෙව.. අගෙයි..!
ReplyDeleteඔව්. බළල්ලු ඇත්තටම එහෙමයිනේ...
Deleteඅපේ ගෙදර පූසට මම දාපු නම පෙරේර. පස්සෙ මම යාළු වෙලා බැන්ද කෙනත් පෙරේරා. එයා අපේ ගෙදර ආ දවසක වැඩේ මාට්ටු උනා. වෙලාවට ඒ ගොල්ලන්ගෙ ගෙදරත් පූමි පෙරේර කියල බළල් නංගි කෙනෙක් ඉඳල.
ReplyDeleteහොඳ වෙලාවට එහෙත් පොඩි පෙරේරෙක් හිටියෙ. නැත්නම් මලා තමයි.
Deleteඅපේ කොරියන් විරෝධී යාලුවෙක් ගෙදර බල්ලට නම දාල තිබුනා චංගුමී කියලා.
උදාහරණ,උපමා ටිකනම් මරේ මරු......
ReplyDeleteබොහොම ස්තූතියි කසුට්ටෝ...
Deleteඅපේ ගෙදර පූසන්ට දාන්නෙත් අමුතු නම්...අපේ තාත්තා තමයි මේ නම් දාන්නෙ..මම රට පැටවෙන්න සති දෙකකට කලියෙන් මැරුන කලු බළලගෙ නම සේනක..දැන් ඉන්නවා අයියා මලෝ දෙන්නෙක්...ඒ දෙන්නා මාතුපාලයි ජෝතිපාලයි
ReplyDeleteවෙනදා වගේම ගොඩාක් රස වින්දා..කාටවත් හසුනොවෙන පුංචි දෙයක් ඔබ අලංකාර කරලා ඉදිරිපත් කරන විදිය තමයි හරිම අපූරු...දවසක කවි පොතක් පළ කරන්න බස්සි...
හිහි... මාත් දාන්නෙ එහෙම විකාර නම් තමයි. මං චූටි කාලෙ ආසම බෝනික්කො දෙන්නෙක් උන්නා. එකෙක් බුංජප්පු, අනිකා ජෙනට් පැට්ට්‍රොනිලා.
Deleteපූසොන්ට දාපු නම් ලිස්ට් එක ඊට වඩා විකාරයි. මගඩියා, ප්‍රචණ්ඩා, දුම්බා, අලබිංදා, මනමාලි, චීටා, පෘල්ලි (ආර් සවුන්ඩ් එක එන්නෙ ඌ අර කාටුන් එකේ සිල්වෙස්ටර් වගේ නිසා), විමලා, ඩොටී, ෂාරුක්
ස්තූතියි සිරා අයියේ... කවි පොතක් පල කරාවි. දැන්ම නෙමෙයි. කවි ගැන ගොඩාක් හැදෑරීම් කලාට පස්සෙ.
අඩේ උඹටත් මරු අදහස් නේ බං පහල වෙන්නේ..
ReplyDeleteහෙහෙ.. තැන්කූ ආර්චියා!
Deleteකෙසේද බස්සියෙ දනගත්තේ
ReplyDeleteබැලලිගෙ විස්තර ඉඳ අත්තේ
බස්සී හිටියත් අතු මත්තේ
Deleteකන් පහලට හැරවී ඇත්තේ
ගැබ්බර බැළලි විමලාය
ReplyDeleteහවස තේ එක වෙනුවට
කොත්තමල්ලිම බොන
සස්ටජන් නෙව බොන්න ඕන.
Deleteබලමු ඉස්සරහට මස් දෙන්න පුළුවන් වෙයිද නැත්තං අර කිරි පිටි පාට කුඩු ජාතියම ගන්න වෙයිද කියල
ReplyDeleteහිහි පූෂො මෂ් වලට වඩා ආස මාලු වලට නේද?
Deleteපට්ට
ReplyDeleteඒත් අනික් අයට තේරුණ උපමා උපමේය මට නං තේරුන්නෑ අක්කන්ඩි
ඒකට සොරි වෙන්ට ඕන...
ඒකට කමක් නෑ මහියො. රස වින්දා නම් ඒ ඇති.
Deleteඅයියෝ විමලා.. සිවාස් එකක් වත් ගහන්න විදියක් නෑ දැං
ReplyDeleteඒක නම් බලුතුමා විමලට කිව්ව කතාවක් වගේ....
Deleteමටනම් විමල පුසගැන දුකේ බැ
ReplyDeleteමටත් දුකයි, ඌ හෙන කෙට්ටු වෙලා.
Deleteඊයා....පූසෝ නම්....
ReplyDeleteඑත් කවි ටික නම් පට්ට...
හිහිහි... තැන්කිව් රූපේ!
Deleteකලිං කියලවලා තියෙනවා.. එෆ්.බී. එකේද? බස්සීගෙ මේ අමුතු කවි වල අමුතුම ඉට්ටැයිල් එකට මං කැමතියි.. හිතන්න දේවල් ඉතුරු කරන කවි කොහොමත් අමුතුයි..ලස්සනයි..
ReplyDeleteබොහොම ස්තූතියි කලා!
Deleteඔව් එෆ් බී එකේ. දෙපාරකට දාපු කවි දෙකක් එකතු කරල මේ දාල තියෙන්නෙ. අනික බලූ ගැන තිබුන කොටස අයින් කරලා.
මරු උපමා..... නියමයි...
ReplyDeleteතැන්කූ සජ්ජා!! :)
Deleteබලමු අපි මොකක් වෙයිද කියලා නේ...
ReplyDeleteබලා ඉඳිල්ලක් තමයි දැන්නම් තියෙන්නෙ ඈ...
Deleteඑල ද බ්‍රා කයිය හැබයි මට පිස්සු වගේ
ReplyDeleteඒ පිස්සු වගේ ගතිය ඉතින් බොට හැමදාම තියෙන එකනෙ මෙන්ඩෝ...
Deleteහි.හි... ඔයාටත් හිතෙන දේවල් .. නියමයි !
ReplyDeleteතැන්කූ තුශා!
Deleteනියමෙට ගලපලා තියනවා
ReplyDeleteබොහොම ස්තූතියි තරිඳු!
Deleteනියමයි... අපේ භාෂාවෙන් කියනවා නම් පට්ට.....
ReplyDeleteකැමරාවෙන් එහා ලෝකය
තැන්කිව් හොඳේ....
Deleteබැලලියක් ගැන බස්සියෙක් ලියපු කවියක්. රෑට විතරක් ඇවිත් ඔය ඔක්කොම දැක්කෙ කොහොමද?
ReplyDeleteබළල්ලුත් නිශාචරයිනෙ නිල්මානෙල්.
Delete