යන්නටම ගිහින් බව හොඳටෝම දැනෙනවා
හිත කෑලි කැඩී බිම වැටෙනවා
කොට්ටයක කමිසයක සුවඳ ඇහැ කෙවනවා
තවම ඔබ ඉන්න බව දන්නවා
හිත කෑලි කැඩී බිම වැටෙනවා
කොට්ටයක කමිසයක සුවඳ ඇහැ කෙවනවා
තවම ඔබ ඉන්න බව දන්නවා
සතියකට එක ගානෙ ගෙනා නවකතා පොත්
රාක්කෙන් එබී එබී බලනවා
සුදු නැපිය අන්දාපු මහත බෝනික්ක තව
පුස්තකාලේ මුරට ඉන්නවා
ගිහින් එන්නම් කියල කම්මුලක් අතගාපු
දිගු ඇඟිලි පහස තව දැනෙනවා
ගිය උපන්දිනේ මට දුන්නු සුදු ටී කමිසෙ
හත්දොහේ පිංකමට අඳිනවා
වතුර මල ළඟට නාගන්න එන බට්ටිච්චො
තාත්තා කෝ කියා අහනවා
ගියාමයි කිව්වාට නැහැනෙ මම රැවටුනේ
තාත්තා හැමතැනම ඉන්නවා
මාස දහ අටක පමණ කාලයක් පිළිකා රෝගී තත්වයකින් පෙළුන අපේ තාත්තා මේ මස 10 වැනිදා අභාවප්‍රාප්ත වුනා. බස්සිගේ දිගු නිහැඬියාවට හේතුව එයයි. ඒ අවස්ථාවට සහභාගි වුන සහ දුරකථන ඇමතුම් හා කෙටි පණිවුඩ මගින් ශෝකය ප්‍රකාශ කල බ්ලොග්/ෆේස්බුක් මිතුරන් හැමෝටම බොහොම ස්තූතියි!
බස්සී!!!! හාංකවිසියක් දැන උන්නේ නෑ.. දුක බෙදා ගැනීමට අවසර... සමහර බැඳීම් මරණයෙන් කෙළවර වෙන්නේ නෑ.. එතුමාට නිවන් සුව පතනවා!
ReplyDeleteස්තූතියි කලා!
DeleteThis comment has been removed by a blog administrator.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteතාත්තෙක් අහිමිවීම, විශේෂයෙන්ම දරුවන් සමඟ ඉතා හොඳ කිට්‍ටු සම්බන්ධයක් තිබුන තාත්තෙක්ගේ අහිමිවීම දරාගන්න අමාරුයි. මීට අවුරුදු දහනවයකට කලින් අප හැර ගිය මගේ තාත්තා මට දැනටත් නැති අඩුව දැනෙනවා. දුක කෙමෙන් තුනීවී යනවා තමයි. නමුත් ඒ බොහොම හෙමිහිට. ඒත් සමහර අවස්තා එනවා ඒ අඩුව ප්‍රභලව දැනෙන. "අනේ තාත්තා හිටියානම්... කියලා හිතෙන.
ReplyDeleteඒ කතාවනම් සහතික ඇත්ත ඩූඩ්.
Deleteබුකියේ එහෙන් මෙහෙන් එක එක දේවල් දැක්කත් හරියට හිතාගන්න බැරි උනා බුකි ආවට උදින්පල්ලෙන් බලලා ස්ටේටස් එකක් දාලා යන නිසා.දැන් තමා හරියට දැනගත්තේ.ඉතින් කැස්පර්ගේත් මගෙත් බලවත් කනගාටුව. :/ :/
ReplyDeleteස්තූතියි ඔයාටත් කැස්පර්ටත් දෙන්නාටම!
Deleteඔහුට නිවන් සුව පතමි!
ReplyDeleteස්තූතියි මධූ!
Deleteකියාගන්න වචන නෑ සහෝදරි.. ඔව් තාත්තා හැමතැනම ඉන්නවා. කොහේ නැතත් ඔහු දුක්විඳලා නිර්මාණය කරපු ඔහුගේ අපූරු නිර්මාණය වෙච්චි ඔයා තුළ ඉන්නවා. ඔහුට නිවන්සුව පතනවා!!!
ReplyDeleteස්තූතියි දිලා!
Deleteබස්සි මේ සිද්ධිය මම දැනගත්තෙ පහුවෙලා. ඔයාගෙ බ්ලොග් එකටත් ඇවිත් බැලුව. අමුත්තක් නෑ. කොමෙන්ට් එකක් දාන්න බයෙත් බෑ බොරුවක් නම් කියල.
ReplyDeleteඇත්තටම ඔබේ පියා ජීවමානයි. ඒ ඔබ තුලින් හා සදා ජීවමාන ඔහුගේ නිර්මාණ තුලින්
මිදුලේ සුදු වැලි තලයේ ගීතය ලියා ඇත්තේ ඔබේ පියා බව දැනගත් පසු ඔබගේ නිර්මාණ කුසලතාව ගැන මට පුදුමයක් නැහැ. අපේ බස්සි ඒ මහා කලාකරුවාගේ දුවක් බව දැන සතුටට පත්වුනා. කණගාටුව මම ඒ ගැන දැන ගත්තේ ඔහුගේ මරණයෙන් පසුවයි.
බස්සි කියන්නෙ හිත හොඳ කෙනෙක්. බ්ලොග් ලියන්න ආපු මුල් කාලෙම මම ඒක දැනගත්තා. ඔබේ පියාත් ඒ වගේම කෙනෙක් වෙන්න ඇති..
ඔබේ පියාගේ මරණය නිසා මගේ හදවතත් ශෝකයෙන් බර වෙලා.
ඔහුට නිවන් සුව පතනවා
ස්තූතියි යාලු! ඉඩක් ලැබුන ගමන් මේ පිළිබඳව බ්ලොග් අඩවියේ පල කලේ බොහෝ දෙනෙක් බ්ලොග් ලිපි පල නොවීම ගැන මැසිවිලි නැගූ නිසාමයි.
Deleteඔබේ පියාණන්නට හදපිරි ප්‍රණාමය...ඔබ වැනි දුවනියක් මේ ලෝකයට දායාද කලාට...ඔහු ලෝකයට සේවයක් කලා සේම තවත් විශාල සාහිත සේවයක් කරන්නට නුඹව මේ ලොවට බිහිකලා.....ඔහුට නිවන් සුව පතමි
ReplyDeleteස්තූතියි වැවා!
Delete:o :o :o . මේ කවුද කියලා දැනගෙන හිටියට ඔයාගේ තාත්තා කියලා දැනගෙන හිටියේ නෑ . ෆේස්බුක් එකේ පෝස්ට් එක ශෙයා වෙනකොට අපිත් ඒක ශෙයා කරා ගීත රචනාව ගැන දැක්කම , මොනවා උනත් අපිට ගීතයක් ලිව්ව කෙනෙක්නෙ කියලා .
ReplyDeleteබස්සි අක්කගේ තාත්තා ජීවමානයි . ඒක කවදාවත් වෙනස් වෙන්නේ නෑ . මිදුලේ සුදු වැලි තලයේ සිංදුව අපේ ප්‍රොෆෙසර් කෙනෙක් අපිට කියලා පෙන්නුවා පොසිල ගැන උගන්නනකොට . ඒ සිද්දිය අල්ලලා මම ඒ ගීතය ගැන ලියන්න හිටියේ . :) :) :)
තාත්තා නිහඬව කරපු සේවය ඉස්සරහටත් දුවට කරගෙන යන්න ලැබේවා කියලා වගේම බස්සි අක්කගේ තාත්තාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා .
ස්තූතියි වයලා මලයෝ....
Deleteමෙතුමා නැතිවුනා කියලා දාලා තියෙනවා දැක්කා බුකියේ.. ඒත් දැනගෙන හිටියේ නෑ බස්සිගේ තාත්තා කියලා.
ReplyDeleteඅපේ බලවත් කනගාටුව :( නිවන් සුව පතනවා තාත්තට.
තැන්කූ සිංදුවෝ...
Deleteමේ වෙනකන් කිසිදෙයක් දැනගෙන හිටියේ නෑ.. මේක දැක්කහම හුඟක් දුක හිතුනා.
ReplyDeleteඅවොතින් කවදම හරි යන්නත් වෙන නිසා එයත් නොකියාම නො එන ගමනත් යන්න ඇති. ඒත් ඒ සුවඳ , ඒ මතකයන් හැම තැනම, හැමදාම රැඳිලා තියේවි. සුබ ගමන් පියානනි. නිවන් සුව පතනවා !
කමෙන්ටුවටත්, පෝස්ට් එක දුටු ගමන් අමතලා ශෝකය ප්‍රකාශ කලාටත් බොහොම ස්තූතියි නංගා...
Deleteකියන්ට නං කිසි දෙයක් ඔලුවට එන්නෙ නැති තරං හිත පුරා රජ කරන කෙනෙක් හදිසියෙං යන්න ගියොත් දැනෙන දුක නවත්තන්න හරි අමාරුයි ඊට අමාරුයි ඒ කෙනා ආයෙ එන්නෙ නෑ කියල හිතෙද්දි ඒත් අපේ හිත පුරාම එයාගෙ අඩි සටහන් තියෙනව බෝම අපූරුවට ක්‍රමානුකූලව ආදරෙන් ඒ ටික වත් ඇති කියල හිතෙන වෙලාවල් අනන්තයි බස්සි අක්කෙ...
ReplyDeleteඔබේ පියාණන්ට නිවන් සුව පතමි
ස්තූතියි මහියෝ....
Deleteසිරුරෙන් වෙන් වුණත් තාත්තා ඔයාගෙ හදවතේ මතකයන් අතර ඉන්නවා
ReplyDeleteඔයාගෙ කව් ගී තුළින් අපිටත් ඔයාගෙ තාත්තව දකින්න දෙන්න
බලවත් ශෝකය බස්සි වෙනුවෙන්
ඒ ආදරණිය කලාකරුවාට නිවන් සුව පතමි
ස්තූතියි වර්ණ....
Deleteඋඹලගේ තාත්ත වගේ මිනිස්සු මැරෙන්නැ , උඹලගේ දරුවන්ගේ දරුවන්ගෙත් දරුවන් විතරක් නෙමෙයි උන්ගේ දරුවන්ට දරුවො ලැබෙනකලුත් ඊට පස්සෙත් ජීවත් වෙනව.
ReplyDelete+++++++++++++++++++++++++++++++++++++++++++
Deleteසහතික ඇත්ත බං.
Deleteගුණ ගී වරුසා පැසසුම් ඝෝෂා
Deleteරැව් දෙන්නේ මරණින් පස්සේ
කී දොස් නැවතී එතුවක් පැවතී
හොඳ මතුවේ මරණින් පස්සේ...
නොතකා සිටි ඒ වටිනා ජීවිත
පොළොවේ සැඟවෙන දා
කළ මහ සේවා සත්ගුණවත් කම්
ගුවනේ රැව් දෙනවා...
මේ ඉර හඳ යට පුහුදුන් වූ අප
කාටත් වරදිනවා
යම් යම් තැන්වල සමහර සිතුවිලි
කාටත් පැටලෙනවා...
ගේය පද : කේ. ඩී. කේ. ධර්මවර්ධන
තනුව සහ සංගීතය : ස්ටැන්ලි එම්. ප්‍රනාන්දු
ගායනය : මයිකල් පීරිස්
ගුණ ගී වරුසා පැසසුම් ඝෝෂා
Deleteරැව් දෙන්නේ මරණින් පස්සේ
කී දොස් නැවතී එතුවක් පැවතී
හොඳ මතුවේ මරණින් පස්සේ...
නොතකා සිටි ඒ වටිනා ජීවිත
පොළොවේ සැඟවෙන දා
කළ මහ සේවා සත්ගුණවත් කම්
ගුවනේ රැව් දෙනවා...
මේ ඉර හඳ යට පුහුදුන් වූ අප
කාටත් වරදිනවා
යම් යම් තැන්වල සමහර සිතුවිලි
කාටත් පැටලෙනවා...
ගේය පද : කේ. ඩී. කේ. ධර්මවර්ධන
තනුව සහ සංගීතය : ස්ටැන්ලි එම්. ප්‍රනාන්දු
ගායනය : මයිකල් පීරිස්
තැන්කූ අටමෝ...! එදා රෑ තිස්සේ නිදිමරාගෙන ඇවිත් දුක බෙදාගන්න එකතු වුන අටමා, ඉවාන් සහ දමිත් තුන්දෙනාට බොහොම ස්තූතියි.
Delete:( පියෙක් නැතිවීම පවුලකට ලොකු අඩුවක්. . ඔබගේ පියාණන්ට නිවන් සුව ප්‍රර්ථනා කරනවා .. පව්ලේ සැමට ඉදිරි වැඩ කටයුතුවලට ශක්තිය ධෛර්යය ලැබේවා .
ReplyDeleteස්තූතියි මල්කොබා!!
Deleteමගේ ඇස් වල කඳුළු බස්සි , :( ඒ ගීතයේ පද රචකයා ඔබේ පියා බව මේ වෙනකල් දන්නේ නෑ,, ඔයා එක්ක ,ඔයාගේ නිර්මාණ ඇතුලේ ඔයාගේ තාත්තා හැමදාම ඉඳීවි ,,
ReplyDeleteස්තූතියි ඔමා! තාත්තාගෙ බ්ලොග් අඩවියේ ලින්ක් එක මම එවන්නම්. ඒකෙ ඇති තාත්තා ලියූ තවත් ගීත.
Deleteපියාට සුභ ගමන්...
ReplyDeleteපියාගේ මෙහෙවර ඉදිරියට ගෙනයාමයි ඔහුට කරනා උපහාරය..
සහභාගීවීමට නොහැකි වීම ගැන හදවතින්ම කනගාටුයි...
ස්තූතියි මාතලන්! දුරකතන ඇමතුම් හරහාත් ඔයා ශෝකය ප්‍රකාශ කල බව බස්සාගෙන් දැනගන්න ලැබුනා.
Deleteකණගාටුයි යශෝ තාත්තාගේ මරණයට සහභාගී වෙන්න නොහැකි වීම ගැන නැවත වතාවක්.
ReplyDeleteදැන් මෙතැනින් එහාට ජිවිතේ ගොඩක් දුර උඹලාට යන්න තියෙනවා.ඒ දුර ගමන යන්න තාත්තා ලගින් හිටියේ නැතත් තාත්තාගේ ආශීර්වාදය අඩු නැතුව යශෝලාට අඩු නැතුව ලැබේවි.
ගොඩක් ස්තූතියි මනෝ...
Deleteකාලයක් ඉතාම ආසාවෙන් රසවින්ද ඒ ගීත රචකයාට බ්ලොග් ලොවට නව ආරක් පෙන්වන අප සොයුරියගේ ආදර පියාට නිවන් සුව පතමි
ReplyDeleteසියක් උල්පත් මවා දී
නිසලවම හිදිනා
නමක් නැති මහ කන්ද ඔබ
අපච්චී.....
ඔබෙන් දිය ලැබ සාර වූ
තුරැණු කෙත්වතු දෙස බලා
නොපෙනෙනා තරමින් සිනාසී
නිසලවම හිදිනා
අපච්චී ....
මෙහෙවරට ආවැයි සිතා
වෙහෙස නෙබලා වෙහෙසෙනා
තෙත් ගුණය මෙත් ගුණය සගවා
අකම්පිත වත පා
අපච්චී....
සියක් උල්පත් මවා දී
නිසලවම හිදිනා
නමක් නැති මහ කන්ද ඔබ
අපච්චී.....
ගායනය - කසුන් කල්හාර
තැන්කූ වේවා මැලේ....
Deleteඔබේ පියානන්ට නිවන් සුව...
ReplyDeleteනොදුටු මිතුදමක් වෙනුවෙන් බොහෝ දුරක් ගෙවා එහි පැමිණියාට බොහොම ස්තූතියි මල්ලි!
Deleteනංගි, ඉවාන් පණිවිඩය දුන්නත් කෙටි පණිවිඩයකින් ශෝකය ප්‍රකාශ කරන්නට විතරයි පුළුවන් කමක් තිබුණේ..පහුගිය දවස් කීපය හුඟක් කාර්යබහුල වුණ නිසා පැමිණෙන්නට නොහැකිවීම ගැන හුඟක් කණගාටුයි..හුඟ දෙනෙක් දැනටමත් කිව්වා වාගේ ඔයාගේ නිර්මාණ තුළ ඔහු හැමදා ජීවමාන වෙන බව විශ්වාසයි.නමුත් පෘථග්ජන අපට දයාබරයෙක් භෞතික ශරීරයෙන් වෙන්වීම දරන්නට හුඟක් අමාරුයි..දුක පිටකරන්න හැමදාම වගේ ලස්සන නිර්මාණ හරහා..ඔබ වැනි දුවක ලැබීම ගැන ඔහු සංසාරය පුරාවට ආඩම්බරවනවා නොඅනුමානයි..
ReplyDeleteඑතුමාට නිවන් සුව!
මම ටෙක්ස්ට් එක දැක්කා අක්කේ. එදා අවසන් කටයුතු තිබුන දවස නිසා මට පැහැදිලිව රිප්ලයි එකක් යවන්නවත් හැකියාවක් තිබුනෙ නැහැ. රැකියාවේ කාර්යබහුලත්වය මට හොඳින්ම තේරෙනවා. ඒක හිතන්න එපා.
Deleteමෙතුමා ගැන දැනගෙන හිටියත් බස්සිගේ දයාබර පියතුමා කියල දැනගත්තෙ බුකියෙන්.
ReplyDeleteඑතුමන්ට නිර්වාණ සම්පත්තිය ලැබේවා !!!!!
බොහොම ස්තූතියි කම්මල් අයියා!
Deleteමගේ සාතිශය සංවේගය!!!
ReplyDeleteස්තූතියි රවී!
Deleteපියාණන්ගේ මරණය දැනගත්තේ ඔබෙගේම පෝස්ට් එකෙන්...
ReplyDeleteඔහුට නිවන් සුව පතනවා...
බස්සිගේ පියා “මිදුලේ සුදු වැලි තලයේ” සිංදුව ලියු බව දැනගත් විට ලොකු සතුටක් ඇති උනා. ඔබගේ හැකියාවන් උපතින්ම එන දෙයක් වෙන්න ඇති...
ඔබගේ පියතුමා සිදුකල පරිදිම ඒ හැකියාව තවත් මුවහත් කරගෙන හොඳ දෙයටම යොමු කරන්න...
බොහොම ස්තූතියි ලොකු පුතා!!
Deleteබස්සි.. සමාවෙයං කතාකරන්නවත් බැරි උණාට. සමාවෙයන් ආයෙත්……
ReplyDeleteඒක අවුලක් නෑ පත්තරේ...
Delete''උඹලගේ තාත්ත වගේ මිනිස්සු මැරෙන්නැ''
ReplyDelete.
copyed by atampahura
ඔහුට නිවන් සුව පතනවා...
ReplyDelete(Texted & vibered PB earlier to convey my condolences)
බොහොම ස්තූතියි ප්‍රා!
Deleteඔහුට නිවන්සුව පතනවා බසියෝ !!!!
ReplyDeleteපිතු සෙනෙහේ පිදු පියකු නොමැති ලොව
දූ දරුවන් හිනැහී ඇතිදෝ
උන්ගේ සිත රැඳි තනිය මකන්නට
මවුනට කවදා හැකි වේදෝ
හිරු මඬලක් සේ කිරණ බෙදාදී
නුග සෙවණක් සේ සිසිල සදා දී
ජිවිතයේ බර උරින් දරා
පියවරුමයි ලොව මහ සයුරක් වී
ලොවම නිවා ලන්නේ
මෙත් මුදිතා ගුණ සිතෙහි දරා
පෙරුම් පුරා එන සසර පුරා
අම්මාවරු මතු බුදු වන්නේ
පියවරුමයි ලොව බුදු වන මවුනට
ඒ විවරණ දෙන්නේ
ගී පද: කුමාරදාස සපුතන්ත්‍රී
සංගීතය: රෝහණ වීරසිංහ
ගායනය: දීපිකා ප්‍රියදර්ශණී
බොහොම ස්තූතියි සින්දු ඇනෝ....
Deleteතාත්තාගේ අඩුව කවදා නම් පුරවන්නද, ඒ අඩුව ඇතුව ජීවත් වන්නට ශක්තිය ලැබේවා... ඔහුට නිවන් සුව ලැබේවා...
ReplyDeleteහ්ම්ම්ම්... ස්තූතියි සජ්ජා..!
Deleteඔබේ ආදරණීය පියාණන්ගේ අභාවය ලංකා නිව්ස් වෙබ් වෙබ් අඩවියෙන් දැනගත්තත් සම්බන්ධ කරගන්නට ක්‍රමයක් තිබුනේ නෑ.පියාණන්ට නිවන් සුව පතමි.
ReplyDeleteබොහොම ස්තූතියි හැලපතුමා!
Deleteඉවානුත්, අටමාත්, දමියාත් මාහට දැනුම්දුන්නත් අසනීපව සිටි බැවින් මාහට මේ දුක බෙදා හදාගන්න එන්න බැරි උනා බස්සි...
ReplyDeleteඔහු සැමදා අප අතර ජීවත්වන්නෙක්..ඔබ ඔහුව ඉදිරියට ගෙනයන බැව් අප දන්නෙමු...
ඒ සංවේදි මිනිසාට නිවන් සුව පතමි.
බොහොම ස්තූතියි! ඔව්, ඉවාන්ගෙන් දැනගන්නට ලැබුනා චෙෆාකි අසනීපෙන් බව.
Deleteඔබේ පියාට නිවන් සුව බස්සි .
ReplyDeleteබස්සි මේක දැක්කද දන්නේ නැහැ.
පියාගේ බ්ලොග අඩවිය:
http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/16135-2015-03-10-19-17-03
ඔබේ ලිපිය
http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/16134-2015-03-10-18-59-17
බොහොම ස්තූතියි අජිත්! තාත්තාගේ ලිපි වලට නෙලුම් යායෙන් ලබාදුන් අගයකිරීම අපිට ගොඩක් වටිනවා!
Deleteඔබේ පියාට නිවන් සුව ප්‍රාර්ථනා කරනව...
ReplyDeleteස්තූතියි පරිකල්පන!
Deleteදැන් නෙවෙයි දරුවෝ, ඔයා ඔයාගේ අම්මා තාත්තාගේ වයසට ආවම, ඒ අඩුව දැනටත් වඩා තදින් දැනෙනවා. අදත් මම නිදියහනේදී රහසින් කඳුළු සලමින්, මගේ තාත්තට කියනවා, 'තාත්තේ...... හීනෙන් හරි ඇවිත්, මටතියන ප්‍රශ්න වලට විසඳුම් කියලා දෙන්න' කියා.
ReplyDeleteසහතික ඇත්ත විචාතුමා. ඒ අඩුව කවදාවත් මකන්න පුළුවන් වෙන එකක් නැහැ.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඔබේ ආදරණීය පියාගේ නික්ම යෑම පිළිබඳව කණගාටුව ...! ( මිනිස් කය මියැදුනත් ගුණ සුවඳ ජීවමානයි ... සහෝදරී ...! )
ReplyDeleteඔහුට සුභ ගමන් ...!
බොහොම ස්තූතියි සඳරු!
Deleteඔබේ පියාට නිවන් සුව
ReplyDeleteඔබේ පියාට නිවන් සුව
ReplyDeleteබොහොම ස්තූතියි යාලු!
Deleteනිවන් සුව පතමි!
ReplyDeleteස්තූතියි කකා! කමෙන්ටුවටත්, මූණුපොතේ මේ පිළිබඳව පෝස්ටුවක් දැමීම වෙනුවෙනුත්!
Deleteබස්සි...........................
ReplyDeleteඔහු මැරෙන්නේ නැහැ.... නොමියෙන මිනිසුන් ඉන්නේ අතලොස්සයි... ඒ සුන්දර තාත්තත් නොමියේවි.... ඒ තාත්තාගේ දුව හැටියට ඔබට දුක්වීමට අවශ්‍ය නැහැ.... අාඩම්බර විය හැකියි...........
ස්තූතියි කු.ගෑ.ගී.ප.!
Deleteබොහොමත්ම කනගාටුයි අභාවය ගැන.
ReplyDeleteස්තූතියි උකුස්සෝ!!
Deleteඔබගේ පියා ඔබගේ මෙන්ම අපගේ සිත් තුල සැමදා සිටීවි.
ReplyDeleteඅෆ්ෆා! මකසි, මකලා වෙලා! මං ඒක දැක්කෙ දැනුයි!
Deleteබොහොම ස්තූතියි මකසි! (මකසි කියන නමට මම වඩා කැමතියි. මකලා කියද්දි නිකම් මැකිලා ගිහින් වගේ නිසා අවුල්. තරහ නෑ නේද?)
අවුලක් නැහැ මකසි කියලාම කියන්න
Deleteබොහොම කණගාටුදායක ආරංචියක් බස්සි... ඔහුට නිවන් සුව පතනවා. ඒ වගේම මේ ශෝක කාලයට මුහුණ දෙන්නට ඔබට ශක්තිය ධෛර්යය පතනවා.
ReplyDeleteබොහොම ස්තූතියි තිසර!!
Deleteවචනයෙන් කියන්ට බැරි තරම්, කණගාටුයි බස්සි...යාලුවෙක් අතේ පනිවිඩයක් එව්වා. හම්බ වෙන්ට ඇති කියලා හිතනවා. :(
ReplyDeleteබොහොම ස්තූතියි පොඩ්ඩි අක්කේ! ආ අපේ ගෝලාකාර යාලුවා නේද? එයා පාර වරද්දගෙන පැයක් විතර වැරදි පාරක ඇවිදලා යාන්තම් අපේ ගෙදරට ඇවිත් ශෝකය ප්‍රකාශ කලා. ආපු ගමන්ම ඔයාගෙ පණිවිඩේ තමයි මුලින්ම කීවෙ.
Deleteපියා ඇරඹූ දේ ඉදිරියටම ඔබ රැගෙන ගියොත් එයයි පියාට කෙරෙන ලොකුම ආචාරය...! එතුමාට නිවන් සුව ලැබේවා..!!
ReplyDeleteබොහොම ස්තූතියි ගස්ලබ්බා!
Deleteබොහොම කණගාටුයි බස්සි. තාත්තාට නිවන් සුව ලැබේවා..!!
ReplyDeleteස්තූතියි සමාධි!
Deleteඔබේ පියාගේ නික්ම යාම පිලිබඳව මගේ කණගාටුව !! ඒ වගේම එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. ඔබේ පියා ඔහුගේ නිර්මාණ තුලින් සදාකාලයටම අප හදවත් තුල ජීවත්වෙනවා.
ReplyDeleteස්තූතියි උපුල්!
Deleteමට තාමත් මොනවා කියාගන්නද කියල හිතාගන්න බෑ බස්සි.. ඒකයි මෙච්චර දවසක්ම සද්ද නැතුව හිටියෙ... හරිම දුකයි.... ඔයාගෙ තාත්තට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා....
ReplyDeleteමොනව කරන්නද හිරු අක්කෝ... :) තැන්කූ හොඳේ..!
Deleteබොහොම කණගාටුයි බස්සි..!
ReplyDeleteඑක අතකට උඹලට සතුටු වෙන්න පුලුවන්, මොකද අහවල් ගීය ලිව්ව කෙනා කීවට වඩා මිනිස්සුන්ට දුක දැනුනෙ, ඒ නැති උනේ "බස්සිගෙ තාත්ත" කිව්ව නිසයි. තාත්ත කෙනෙක්ට දරුවෙක්ට දෙන්න පුලුවන් ලොකුම ගරුත්වය ඒක.
බොහොම ස්තූතියි ඉන්දික අයියේ!
Deleteඒ වචනවලින් හිතට ලොකු හයියක් දැනුනා.
ඔබේ පියතුමාට නිවන් සුව පතනවා...පියෙකු සහ දියණියක අතර තියෙන සබඳතාව ගැන දළ අවබෝධයක් තියෙන නිසා ඔබේ හිත පෙළන දුක ගැන මට හිතාගන්න පුලුවන්. සියලු දේ අනිත්‍යයි බුදුන් ඒ ගැන දේශනා කලේ වසර 2600 කටත් කලියෙන්...මේක තමයි අපේ ජීවිත වල යථාර්ථය.
ReplyDeleteස්තූතියි සිරා අයියේ...!!
Deleteමේක මට කවදාවත් අමතක නොවෙන කවියක් මචන්! මං එදා කිව්වා වගේම, මායි මගෙ අම්මවයි දෙන්නවම ඇඬෙව්වා උඹ! <3 <3 <3
ReplyDeleteබොහොම ස්තූතියි මචෝ...! එදා මම හිතුවෙවත් නැති විදියට, පැය එකොළහක විතර අසීරු ගමනකින් පස්සෙ උඹ අපේ දිහා ආපු එක මාරම විදියට හිතට වැදුන. :)
Deleteබස්සි නන්ගී,
ReplyDeleteමම මේ පැත්තේ ආවේ හුඟක් කාලෙකින්. අද තමය් මේ දුක්බර ආරංචිය දැක්කේ. කවදාවත් දැකල නැතත් ඔයාගේ තාත්ත ගැන බොහෝ දේවල් දැනගෙන හිටිය ඔයාගේ ලිපි වලින්. ඔයා ගැන තාත්ත බොහොම ආඩම්බර වුනාට සැකයක් නැහැ. ඉතාම කනගාටුය්. ඔබේ පියාට නිවන් සුව ලැබේවාය් පතමි.
ගොඩක් ස්තූතියි නිශාදි අක්කා!!
Deletehttps://www.youtube.com/watch?v=A9bQTKPqyW4&hd=1
ReplyDelete