Wednesday, March 18, 2015

තාත්තා හැමතැනම ඉන්නවා








යන්නටම ගිහින් බව හොඳටෝම දැනෙනවා
හිත කෑලි කැඩී බිම වැටෙනවා
කොට්ටයක කමිසයක සුවඳ ඇහැ කෙවනවා
තවම ඔබ ඉන්න බව දන්නවා


සතියකට එක ගානෙ ගෙනා නවකතා පොත්
රාක්කෙන් එබී එබී බලනවා
සුදු නැපිය අන්දාපු මහත බෝනික්ක තව
පුස්තකාලේ මුරට ඉන්නවා


ගිහින් එන්නම් කියල කම්මුලක් අතගාපු
දිගු ඇඟිලි පහස තව දැනෙනවා
ගිය උපන්දිනේ මට දුන්නු සුදු ටී කමිසෙ
හත්දොහේ පිංකමට අඳිනවා


වතුර මල ළඟට නාගන්න එන බට්ටිච්චො
තාත්තා කෝ කියා අහනවා
ගියාමයි කිව්වාට නැහැනෙ මම රැවටුනේ
තාත්තා හැමතැනම ඉන්නවා


මාස දහ අටක පමණ කාලයක් පිළිකා රෝගී තත්වයකින් පෙළුන අපේ තාත්තා මේ මස 10 වැනිදා අභාවප්‍රාප්ත වුනා. බස්සිගේ දිගු නිහැඬියාවට හේතුව එයයි. ඒ අවස්ථාවට සහභාගි වුන සහ දුරකථන ඇමතුම් හා කෙටි පණිවුඩ මගින් ශෝකය ප්‍රකාශ කල බ්ලොග්/ෆේස්බුක් මිතුරන් හැමෝටම බොහොම ස්තූතියි!























107 comments:

  1. බස්සී!!!! හාංකවිසියක් දැන උන්නේ නෑ.. දුක බෙදා ගැනීමට අවසර... සමහර බැඳීම් මරණයෙන් කෙළවර වෙන්නේ නෑ.. එතුමාට නිවන් සුව පතනවා!

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. තාත්තෙක් අහිමිවීම, විශේෂයෙන්ම දරුවන් සමඟ ඉතා හොඳ කිට්‍ටු සම්බන්ධයක් තිබුන තාත්තෙක්ගේ අහිමිවීම දරාගන්න අමාරුයි. මීට අවුරුදු දහනවයකට කලින් අප හැර ගිය මගේ තාත්තා මට දැනටත් නැති අඩුව දැනෙනවා. දුක කෙමෙන් තුනීවී යනවා තමයි. නමුත් ඒ බොහොම හෙමිහිට. ඒත් සමහර අවස්තා එනවා ඒ අඩුව ප්‍රභලව දැනෙන. "අනේ තාත්තා හිටියානම්... කියලා හිතෙන.

    ReplyDelete
    Replies
    1. ඒ කතාවනම් සහතික ඇත්ත ඩූඩ්.

      Delete
  4. බුකියේ එහෙන් මෙහෙන් එක එක දේවල් දැක්කත් හරියට හිතාගන්න බැරි උනා බුකි ආවට උදින්පල්ලෙන් බලලා ස්ටේටස් එකක් දාලා යන නිසා.දැන් තමා හරියට දැනගත්තේ.ඉතින් කැස්පර්ගේත් මගෙත් බලවත් කනගාටුව. :/ :/

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔයාටත් කැස්පර්ටත් දෙන්නාටම!

      Delete
  5. ඔහුට නිවන් සුව පතමි!

    ReplyDelete
  6. කියාගන්න වචන නෑ සහෝදරි.. ඔව් තාත්තා හැමතැනම ඉන්නවා. කොහේ නැතත් ඔහු දුක්විඳලා නිර්මාණය කරපු ඔහුගේ අපූරු නිර්මාණය වෙච්චි ඔයා තුළ ඉන්නවා. ඔහුට නිවන්සුව පතනවා!!!

    ReplyDelete
  7. බස්සි මේ සිද්ධිය මම දැනගත්තෙ පහුවෙලා. ඔයාගෙ බ්ලොග් එකටත් ඇවිත් බැලුව. අමුත්තක් නෑ. කොමෙන්ට් එකක් දාන්න බයෙත් බෑ බොරුවක් නම් කියල.
    ඇත්තටම ඔබේ පියා ජීවමානයි. ඒ ඔබ තුලින් හා සදා ජීවමාන ඔහුගේ නිර්මාණ තුලින්
    මිදුලේ සුදු වැලි තලයේ ගීතය ලියා ඇත්තේ ඔබේ පියා බව දැනගත් පසු ඔබගේ නිර්මාණ කුසලතාව ගැන මට පුදුමයක් නැහැ. අපේ බස්සි ඒ මහා කලාකරුවාගේ දුවක් බව දැන සතුටට පත්වුනා. කණගාටුව මම ඒ ගැන දැන ගත්තේ ඔහුගේ මරණයෙන් පසුවයි.
    බස්සි කියන්නෙ හිත හොඳ කෙනෙක්. බ්ලොග් ලියන්න ආපු මුල් කාලෙම මම ඒක දැනගත්තා. ඔබේ පියාත් ඒ වගේම කෙනෙක් වෙන්න ඇති..

    ඔබේ පියාගේ මරණය නිසා මගේ හදවතත් ශෝකයෙන් බර වෙලා.
    ඔහුට නිවන් සුව පතනවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාලු! ඉඩක් ලැබුන ගමන් මේ පිළිබඳව බ්ලොග් අඩවියේ පල කලේ බොහෝ දෙනෙක් බ්ලොග් ලිපි පල නොවීම ගැන මැසිවිලි නැගූ නිසාමයි.

      Delete
  8. ඔබේ පියාණන්නට හදපිරි ප්‍රණාමය...ඔබ වැනි දුවනියක් මේ ලෝකයට දායාද කලාට...ඔහු ලෝකයට සේවයක් කලා සේම තවත් විශාල සාහිත සේවයක් කරන්නට නුඹව මේ ලොවට බිහිකලා.....ඔහුට නිවන් සුව පතමි

    ReplyDelete
  9. :o :o :o . මේ කවුද කියලා දැනගෙන හිටියට ඔයාගේ තාත්තා කියලා දැනගෙන හිටියේ නෑ . ෆේස්බුක් එකේ පෝස්ට් එක ශෙයා වෙනකොට අපිත් ඒක ශෙයා කරා ගීත රචනාව ගැන දැක්කම , මොනවා උනත් අපිට ගීතයක් ලිව්ව කෙනෙක්නෙ කියලා .
    බස්සි අක්කගේ තාත්තා ජීවමානයි . ඒක කවදාවත් වෙනස් වෙන්නේ නෑ . මිදුලේ සුදු වැලි තලයේ සිංදුව අපේ ප්‍රොෆෙසර් කෙනෙක් අපිට කියලා පෙන්නුවා පොසිල ගැන උගන්නනකොට . ඒ සිද්දිය අල්ලලා මම ඒ ගීතය ගැන ලියන්න හිටියේ . :) :) :)

    තාත්තා නිහඬව කරපු සේවය ඉස්සරහටත් දුවට කරගෙන යන්න ලැබේවා කියලා වගේම බස්සි අක්කගේ තාත්තාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා .

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වයලා මලයෝ....

      Delete
  10. මෙතුමා නැතිවුනා කියලා දාලා තියෙනවා දැක්කා බුකියේ.. ඒත් දැනගෙන හිටියේ නෑ බස්සිගේ තාත්තා කියලා.
    අපේ බලවත් කනගාටුව :( නිවන් සුව පතනවා තාත්තට.

    ReplyDelete
  11. මේ වෙනකන් කිසිදෙයක් දැනගෙන හිටියේ නෑ.. මේක දැක්කහම හුඟක් දුක හිතුනා.

    අවොතින් කවදම හරි යන්නත් වෙන නිසා එයත් නොකියාම නො එන ගමනත් යන්න ඇති. ඒත් ඒ සුවඳ , ඒ මතකයන් හැම තැනම, හැමදාම රැඳිලා තියේවි. සුබ ගමන් පියානනි. නිවන් සුව පතනවා !

    ReplyDelete
    Replies
    1. කමෙන්ටුවටත්, පෝස්ට් එක දුටු ගමන් අමතලා ශෝකය ප්‍රකාශ කලාටත් බොහොම ස්තූතියි නංගා...

      Delete
  12. කියන්ට නං කිසි දෙයක් ඔලුවට එන්නෙ නැති තරං හිත පුරා රජ කරන කෙනෙක් හදිසියෙං යන්න ගියොත් දැනෙන දුක නවත්තන්න හරි අමාරුයි ඊට අමාරුයි ඒ කෙනා ආයෙ එන්නෙ නෑ කියල හිතෙද්දි ඒත් අපේ හිත පුරාම එයාගෙ අඩි සටහන් තියෙනව බෝම අපූරුවට ක්‍රමානුකූලව ආදරෙන් ඒ ටික වත් ඇති කියල හිතෙන වෙලාවල් අනන්තයි බස්සි අක්කෙ...
    ඔබේ පියාණන්ට නිවන් සුව පතමි

    ReplyDelete
  13. සිරුරෙන් වෙන් වුණත් තාත්තා ඔයාගෙ හදවතේ මතකයන් අතර ඉන්නවා
    ඔයාගෙ කව් ගී තුළින් අපිටත් ඔයාගෙ තාත්තව දකින්න දෙන්න
    බලවත් ශෝකය බස්සි වෙනුවෙන්
    ඒ ආදරණිය කලාකරුවාට නිවන් සුව පතමි

    ReplyDelete
  14. උඹලගේ තාත්ත වගේ මිනිස්සු මැරෙන්නැ , උඹලගේ දරුවන්ගේ දරුවන්ගෙත් දරුවන් විතරක් නෙමෙයි උන්ගේ දරුවන්ට දරුවො ලැබෙනකලුත් ඊට පස්සෙත් ජීවත් වෙනව.

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. ගුණ ගී වරුසා පැසසුම් ඝෝෂා
      රැව් දෙන්නේ මරණින් පස්සේ
      කී දොස් නැවතී එතුවක් පැවතී
      හොඳ මතුවේ මරණින් පස්සේ...

      නොතකා සිටි ඒ වටිනා ජීවිත
      පොළොවේ සැඟවෙන දා
      කළ මහ සේවා සත්ගුණවත් කම්
      ගුවනේ රැව් දෙනවා...

      මේ ඉර හඳ යට පුහුදුන් වූ අප
      කාටත් වරදිනවා
      යම් යම් තැන්වල සමහර සිතුවිලි
      කාටත් පැටලෙනවා...


      ගේය පද : කේ. ඩී. කේ. ධර්මවර්ධන
      තනුව සහ සංගීතය : ස්ටැන්ලි එම්. ප්‍රනාන්දු
      ගායනය : මයිකල් පීරිස්

      Delete
    3. ගුණ ගී වරුසා පැසසුම් ඝෝෂා
      රැව් දෙන්නේ මරණින් පස්සේ
      කී දොස් නැවතී එතුවක් පැවතී
      හොඳ මතුවේ මරණින් පස්සේ...

      නොතකා සිටි ඒ වටිනා ජීවිත
      පොළොවේ සැඟවෙන දා
      කළ මහ සේවා සත්ගුණවත් කම්
      ගුවනේ රැව් දෙනවා...

      මේ ඉර හඳ යට පුහුදුන් වූ අප
      කාටත් වරදිනවා
      යම් යම් තැන්වල සමහර සිතුවිලි
      කාටත් පැටලෙනවා...


      ගේය පද : කේ. ඩී. කේ. ධර්මවර්ධන
      තනුව සහ සංගීතය : ස්ටැන්ලි එම්. ප්‍රනාන්දු
      ගායනය : මයිකල් පීරිස්

      Delete
    4. තැන්කූ අටමෝ...! එදා රෑ තිස්සේ නිදිමරාගෙන ඇවිත් දුක බෙදාගන්න එකතු වුන අටමා, ඉවාන් සහ දමිත් තුන්දෙනාට බොහොම ස්තූතියි.

      Delete
  15. :( පියෙක් නැතිවීම පවුලකට ලොකු අඩුවක්. . ඔබගේ පියාණන්ට නිවන් සුව ප්‍රර්ථනා කරනවා .. පව්ලේ සැමට ඉදිරි වැඩ කටයුතුවලට ශක්තිය ධෛර්යය ලැබේවා .

    ReplyDelete
  16. මගේ ඇස් වල කඳුළු බස්සි , :( ඒ ගීතයේ පද රචකයා ඔබේ පියා බව මේ වෙනකල් දන්නේ නෑ,, ඔයා එක්ක ,ඔයාගේ නිර්මාණ ඇතුලේ ඔයාගේ තාත්තා හැමදාම ඉඳීවි ,,

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔමා! තාත්තාගෙ බ්ලොග් අඩවියේ ලින්ක් එක මම එවන්නම්. ඒකෙ ඇති තාත්තා ලියූ තවත් ගීත.

      Delete
  17. පියාට සුභ ගමන්...

    පියාගේ මෙහෙවර ඉදිරියට ගෙනයාමයි ඔහුට කරනා උපහාරය..

    සහභාගීවීමට නොහැකි වීම ගැන හදවතින්ම කනගාටුයි...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මාතලන්! දුරකතන ඇමතුම් හරහාත් ඔයා ශෝකය ප්‍රකාශ කල බව බස්සාගෙන් දැනගන්න ලැබුනා.

      Delete
  18. කණගාටුයි යශෝ තාත්තාගේ මරණයට සහභාගී වෙන්න නොහැකි වීම ගැන නැවත වතාවක්.
    දැන් මෙතැනින් එහාට ජිවිතේ ගොඩක් දුර උඹලාට යන්න තියෙනවා.ඒ දුර ගමන යන්න තාත්තා ලගින් හිටියේ නැතත් තාත්තාගේ ආශීර්වාදය අඩු නැතුව යශෝලාට අඩු නැතුව ලැබේවි.

    ReplyDelete
  19. කාලයක් ඉතාම ආසාවෙන් රසවින්ද ඒ ගීත රචකයාට බ්ලොග් ලොවට නව ආරක් පෙන්වන අප සොයුරියගේ ආදර පියාට නිවන් සුව පතමි
    සියක් උල්පත් මවා දී
    නිසලවම හිදිනා
    නමක් නැති මහ කන්ද ඔබ
    අපච්චී.....


    ඔබෙන් දිය ලැබ සාර වූ
    තුරැණු කෙත්වතු දෙස බලා
    නොපෙනෙනා තරමින් සිනාසී
    නිසලවම හිදිනා
    අපච්චී ....


    මෙහෙවරට ආවැයි සිතා
    වෙහෙස නෙබලා වෙහෙසෙනා
    තෙත් ගුණය මෙත් ගුණය සගවා
    අකම්පිත වත පා
    අපච්චී....

    සියක් උල්පත් මවා දී
    නිසලවම හිදිනා
    නමක් නැති මහ කන්ද ඔබ
    අපච්චී.....

    ගායනය - කසුන් කල්හාර

    ReplyDelete
  20. ඔබේ පියානන්ට නිවන් සුව...

    ReplyDelete
    Replies
    1. නොදුටු මිතුදමක් වෙනුවෙන් බොහෝ දුරක් ගෙවා එහි පැමිණියාට බොහොම ස්තූතියි මල්ලි!

      Delete
  21. නංගි, ඉවාන් පණිවිඩය දුන්නත් කෙටි පණිවිඩයකින් ශෝකය ප්‍රකාශ කරන්නට විතරයි පුළුවන් කමක් තිබුණේ..පහුගිය දවස් කීපය හුඟක් කාර්යබහුල වුණ නිසා පැමිණෙන්නට නොහැකිවීම ගැන හුඟක් කණගාටුයි..හුඟ දෙනෙක් දැනටමත් කිව්වා වාගේ ඔයාගේ නිර්මාණ තුළ ඔහු හැමදා ජීවමාන වෙන බව විශ්වාසයි.නමුත් පෘථග්ජන අපට දයාබරයෙක් භෞතික ශරීරයෙන් වෙන්වීම දරන්නට හුඟක් අමාරුයි..දුක පිටකරන්න හැමදාම වගේ ලස්සන නිර්මාණ හරහා..ඔබ වැනි දුවක ලැබීම ගැන ඔහු සංසාරය පුරාවට ආඩම්බරවනවා නොඅනුමානයි..
    එතුමාට නිවන් සුව!

    ReplyDelete
    Replies
    1. මම ටෙක්ස්ට් එක දැක්කා අක්කේ. එදා අවසන් කටයුතු තිබුන දවස නිසා මට පැහැදිලිව රිප්ලයි එකක් යවන්නවත් හැකියාවක් තිබුනෙ නැහැ. රැකියාවේ කාර්යබහුලත්වය මට හොඳින්ම තේරෙනවා. ඒක හිතන්න එපා.

      Delete
  22. මෙතුමා ගැන දැනගෙන හිටියත් බස්සිගේ දයාබර පියතුමා කියල දැනගත්තෙ බුකියෙන්.
    එතුමන්ට නිර්වාණ සම්පත්තිය ලැබේවා !!!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කම්මල් අයියා!

      Delete
  23. මගේ සාතිශය සංවේගය!!!

    ReplyDelete
  24. පියාණන්ගේ මරණය දැනගත්තේ ඔබෙගේම පෝස්ට් එකෙන්...
    ඔහුට නිවන් සුව පතනවා...

    බස්සිගේ පියා “මිදුලේ සුදු වැලි තලයේ” සිංදුව ලියු බව දැනගත් විට ලොකු සතුටක් ඇති උනා. ඔබගේ හැකියාවන් උපතින්ම එන දෙයක් වෙන්න ඇති...
    ඔබගේ පියතුමා සිදුකල පරිදිම ඒ හැකියාව තවත් මුවහත් කරගෙන හොඳ දෙයටම යොමු කරන්න...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ලොකු පුතා!!

      Delete
  25. බස්සි.. සමාවෙයං කතාකරන්නවත් බැරි උණාට. සමාවෙයන් ආයෙත්……

    ReplyDelete
    Replies
    1. ඒක අවුලක් නෑ පත්තරේ...

      Delete
  26. ''උඹලගේ තාත්ත වගේ මිනිස්සු මැරෙන්නැ''
    .

    copyed by atampahura

    ReplyDelete
  27. ඔහුට නිවන් සුව පතනවා...

    (Texted & vibered PB earlier to convey my condolences)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ප්‍රා!

      Delete
  28. ඔහුට නිවන්සුව පතනවා බසියෝ !!!!

    පිතු සෙනෙහේ පිදු පියකු නොමැති ලොව
    දූ දරුවන් හිනැහී ඇතිදෝ
    උන්ගේ සිත රැඳි තනිය මකන්නට
    මවුනට කවදා හැකි වේදෝ

    හිරු මඬලක් සේ කිරණ බෙදාදී
    නුග සෙවණක් සේ සිසිල සදා දී
    ජිවිතයේ බර උරින් දරා
    පියවරුමයි ලොව මහ සයුරක් වී
    ලොවම නිවා ලන්නේ

    මෙත් මුදිතා ගුණ සිතෙහි දරා
    පෙරුම් පුරා එන සසර පුරා
    අම්මාවරු මතු බුදු වන්නේ
    පියවරුමයි ලොව බුදු වන මවුනට
    ඒ විවරණ දෙන්නේ


    ගී පද: කුමාරදාස සපුතන්ත්‍රී
    සංගීතය: රෝහණ වීරසිංහ
    ගායනය: දීපිකා ප්‍රියදර්ශණී

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සින්දු ඇනෝ....

      Delete
  29. තාත්තාගේ අඩුව කවදා නම් පුරවන්නද, ඒ අඩුව ඇතුව ජීවත් වන්නට ශක්තිය ලැබේවා... ඔහුට නිවන් සුව ලැබේවා...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්... ස්තූතියි සජ්ජා..!

      Delete
  30. ඔබේ ආදරණීය පියාණන්ගේ අභාවය ලංකා නිව්ස් වෙබ් වෙබ් අඩවියෙන් දැනගත්තත් සම්බන්ධ කරගන්නට ක්‍රමයක් තිබුනේ නෑ.පියාණන්ට නිවන් සුව පතමි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි හැලපතුමා!

      Delete
  31. ඉවානුත්, අටමාත්, දමියාත් මාහට දැනුම්දුන්නත් අසනීපව සිටි බැවින් මාහට මේ දුක බෙදා හදාගන්න එන්න බැරි උනා බස්සි...

    ඔහු සැමදා අප අතර ජීවත්වන්නෙක්..ඔබ ඔහුව ඉදිරියට ගෙනයන බැව් අප දන්නෙමු...

    ඒ සංවේදි මිනිසාට නිවන් සුව පතමි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි! ඔව්, ඉවාන්ගෙන් දැනගන්නට ලැබුනා චෙෆාකි අසනීපෙන් බව.

      Delete
  32. ඔබේ පියාට නිවන් සුව බස්සි .
    බස්සි මේක දැක්කද දන්නේ නැහැ.
    පියාගේ බ්ලොග අඩවිය:
    http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/16135-2015-03-10-19-17-03
    ඔබේ ලිපිය
    http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/16134-2015-03-10-18-59-17

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අජිත්! තාත්තාගේ ලිපි වලට නෙලුම් යායෙන් ලබාදුන් අගයකිරීම අපිට ගොඩක් වටිනවා!

      Delete
  33. ඔබේ පියාට නිවන් සුව ප්‍රාර්ථනා කරනව...

    ReplyDelete
  34. දැන් නෙවෙයි දරුවෝ, ඔයා ඔයාගේ අම්මා තාත්තාගේ වයසට ආවම, ඒ අඩුව දැනටත් වඩා තදින් දැනෙනවා. අදත් මම නිදියහනේදී රහසින් කඳුළු සලමින්, මගේ තාත්තට කියනවා, 'තාත්තේ...... හීනෙන් හරි ඇවිත්, මටතියන ප්‍රශ්න වලට විසඳුම් කියලා දෙන්න' කියා.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත විචාතුමා. ඒ අඩුව කවදාවත් මකන්න පුළුවන් වෙන එකක් නැහැ.

      Delete
  35. This comment has been removed by the author.

    ReplyDelete
  36. ඔබේ ආදරණීය පියාගේ නික්ම යෑම පිළිබඳව කණගා‍ටුව ...! ( මිනිස් කය මියැදුනත් ගුණ සුවඳ ජීවමානයි ... සහෝදරී ...! )

    ඔහුට සුභ ගමන් ...!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සඳරු!

      Delete
  37. ඔබේ පියාට නිවන් සුව

    ReplyDelete
  38. ඔබේ පියාට නිවන් සුව

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි යාලු!

      Delete
  39. Replies
    1. ස්තූතියි කකා! කමෙන්ටුවටත්, මූණුපොතේ මේ පිළිබඳව පෝස්ටුවක් දැමීම වෙනුවෙනුත්!

      Delete
  40. බස්සි...........................

    ඔහු මැරෙන්නේ නැහැ.... නොමියෙන මිනිසුන් ඉන්නේ අතලොස්සයි... ඒ සුන්දර තාත්තත් නොමියේවි.... ඒ තාත්තාගේ දුව හැටියට ඔබට දුක්වීමට අවශ්‍ය නැහැ.... අාඩම්බර විය හැකියි...........

    ReplyDelete
  41. බොහොමත්ම කනගාටුයි අභාවය ගැන.

    ReplyDelete
  42. ඔබගේ පියා ඔබගේ මෙන්ම අපගේ සිත් තුල සැමදා සිටීවි.

    ReplyDelete
    Replies
    1. අෆ්ෆා! මකසි, මකලා වෙලා! මං ඒක දැක්කෙ දැනුයි!

      බොහොම ස්තූතියි මකසි! (මකසි කියන නමට මම වඩා කැමතියි. මකලා කියද්දි නිකම් මැකිලා ගිහින් වගේ නිසා අවුල්. තරහ නෑ නේද?)

      Delete
    2. අවුලක් නැහැ මකසි කියලාම කියන්න

      Delete
  43. බොහොම කණගාටුදායක ආරංචියක් බස්සි... ඔහුට නිවන් සුව පතනවා. ඒ වගේම මේ ශෝක කාලයට මුහුණ දෙන්නට ඔබට ශක්තිය ධෛර්යය පතනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි තිසර!!

      Delete
  44. වචනයෙන් කියන්ට බැරි තරම්, කණගාටුයි බස්සි...යාලුවෙක් අතේ පනිවිඩයක් එව්වා. හම්බ වෙන්ට ඇති කියලා හිතනවා. :(

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි පොඩ්ඩි අක්කේ! ආ අපේ ගෝලාකාර යාලුවා නේද? එයා පාර වරද්දගෙන පැයක් විතර වැරදි පාරක ඇවිදලා යාන්තම් අපේ ගෙදරට ඇවිත් ශෝකය ප්‍රකාශ කලා. ආපු ගමන්ම ඔයාගෙ පණිවිඩේ තමයි මුලින්ම කීවෙ.

      Delete
  45. පියා ඇරඹූ දේ ඉදිරියටම ඔබ රැගෙන ගියොත් එයයි පියාට කෙරෙන ලොකුම ආචාරය...! එතුමාට නිවන් සුව ලැබේවා..!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ගස්ලබ්බා!

      Delete
  46. බොහොම කණගාටුයි බස්සි. තාත්තාට නිවන් සුව ලැබේවා..!!

    ReplyDelete
  47. ඔබේ පියාගේ නික්ම යාම පිලිබඳව මගේ කණගාටුව !! ඒ වගේම එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. ඔබේ පියා ඔහුගේ නිර්මාණ තුලින් සදාකාලයටම අප හදවත් තුල ජීවත්වෙනවා.

    ReplyDelete
  48. මට තාමත් මොනවා කියාගන්නද කියල හිතාගන්න බෑ බස්සි.. ඒකයි මෙච්චර දවසක්ම සද්ද නැතුව හිටියෙ... හරිම දුකයි.... ඔයාගෙ තාත්තට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා....

    ReplyDelete
    Replies
    1. මොනව කරන්නද හිරු අක්කෝ... :) තැන්කූ හොඳේ..!

      Delete
  49. බොහොම කණගාටුයි බස්සි..!

    එක අතකට උඹලට සතුටු වෙන්න පුලුවන්, මොකද අහවල් ගීය ලිව්ව කෙනා කීවට වඩා මිනිස්සුන්ට දුක දැනුනෙ, ඒ නැති උනේ "බස්සිගෙ තාත්ත" කිව්ව නිසයි. තාත්ත කෙනෙක්ට දරුවෙක්ට දෙන්න පුලුවන් ලොකුම ගරුත්වය ඒක.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඉන්දික අයියේ!
      ඒ වචනවලින් හිතට ලොකු හයියක් දැනුනා.

      Delete
  50. ඔබේ පියතුමාට නිවන් සුව පතනවා...පියෙකු සහ දියණියක අතර තියෙන සබඳතාව ගැන දළ අවබෝධයක් තියෙන නිසා ඔබේ හිත පෙළන දුක ගැන මට හිතාගන්න පුලුවන්. සියලු දේ අනිත්‍යයි බුදුන් ඒ ගැන දේශනා කලේ වසර 2600 කටත් කලියෙන්...මේක තමයි අපේ ජීවිත වල යථාර්ථය.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිරා අයියේ...!!

      Delete
  51. මේක මට කවදාවත් අමතක නොවෙන කවියක් මචන්! මං එදා කිව්වා වගේම, මායි මගෙ අම්මවයි දෙන්නවම ඇඬෙව්වා උඹ! <3 <3 <3

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මචෝ...! එදා මම හිතුවෙවත් නැති විදියට, පැය එකොළහක විතර අසීරු ගමනකින් පස්සෙ උඹ අපේ දිහා ආපු එක මාරම විදියට හිතට වැදුන. :)

      Delete
  52. බස්සි නන්ගී,
    මම මේ පැත්තේ ආවේ හුඟක් කාලෙකින්. අද තමය් මේ දුක්බර ආරංචිය දැක්කේ. කවදාවත් දැකල නැතත් ඔයාගේ තාත්ත ගැන බොහෝ දේවල් දැනගෙන හිටිය ඔයාගේ ලිපි වලින්. ඔයා ගැන තාත්ත බොහොම ආඩම්බර වුනාට සැකයක් නැහැ. ඉතාම කනගාටුය්. ඔබේ පියාට නිවන් සුව ලැබේවාය් පතමි.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි නිශාදි අක්කා!!

      Delete
  53. https://www.youtube.com/watch?v=A9bQTKPqyW4&hd=1

    ReplyDelete