පහුගිය කාලෙ බස්සිට හැදුනා උණක්. මේ කියන්නෙ අර උපන්දා ඉඳන් තියෙන මොළේ උණ ගැන හෙම නෙමෙයි. ඒ තරම් දරුණු නැති, හයිකු උණක්.
ඉතින් බස්සි කලේ හයිකු කාව්‍ය කලාව ගැන විස්තර හොයා බලපු එකයි. එතනදි බස්සිට තේරුනා අපි බොහොම දෙනෙක් 'මිනි-කවි' සහ 'හයිකු' කියන දෙක පටලවාගෙන ඉන්න බව. හයිකු වෙනුවෙන්ම ලියැවුනු බොහෝ ලිපි වලත්, සිංහලෙන් ලියැවුනු හයිකු කාව්‍යවලත් මේ පටලැවිල්ල දුටු නිසාම මම හිතුවා හයිකු ගැන පොඩි සටහනක් තියන්න.
හයිකු කවි ඉපදෙන්නේ ජපානයේදි. ඉසා කොබයාෂි, බෂෝ, බුසොන්, ෂිකි ප්‍රසිද්ධ ජපන් හයිකු කවීන් කිහිපදෙනෙක්.
හයිකු රීති
හයිකු ලිවීමේ මූලික රීති කිහිපයක් තියෙනවා.
1. හයිකුවකට ඇතුලත් විය යුත්තේ අක්ෂර දහහතක් පමණයි.
2. මේ අක්ෂර 5/7/5 වශයෙන් තුන් පෙලකින් සමන්විතයි.
3. බොහෝ ජපන් හයිකු ගොඩනැගෙන්නේ එකිනෙක හා බැඳුනු වස්තූන් දෙකක් ම්ල් කරගෙන.
4. ජපන් හයිකුවක තවත් ලක්ෂනයක් තමයි කවියට අදාල සෘතුව නිරූපණය වීම.
5/7/5 රීතියට යන්නේ අක්ෂරද? මාත්‍රා ද?
අපි සිංහලෙන් හයිකු ලියනකොට මත් බෙදීම ගැන ගැටළුවක් ඇතිවෙනවා. හයිකු ඉපදුනේ ජපානයේ. ජපන්, ඉංග්‍රීසි වගේ භාෂාවන්වල ස්වර බෙදීම් නැහැ. බැඳි අක්ෂර (පණකුරු + ගතකුරූ තියෙන්නේ අපේ වගේ බොහොම සුළු හෝඩි ප්‍රමාණයක විතරයි. මත් බෙදීම් අපිට එන්නෙ සිදතයි එළු සඳැස් ලකුණයි හරහා.
උදාහරණයකට ඉංග්‍රීසි හෝඩිය ගත්තොත් ඒකෙදි ස්වර වෙන්නේ A, E, I, O, U විතරයි. මේ නිසා මත් වලින් හයිකු ලියන්න බැහැ. මොකද ඒක ලංකාවේ හෝ ඉන්දියාවේ කාව්‍ය ක්‍රමයක් නොවන නිසා.
මේ නිසා හයිකු ලිවීමේදී ගුරු, ලඝු, ප්ලුත මාත්‍රා වෙනසක් නැතුව තනි අක්ෂරයක් ගනන් ගැනීම කල යුතු වෙනවා.
මේ තියෙන්නේ බස්සි ලියූ හයිකු කිහිපයක්.
________________
හදවතට
කටු අනින හැටි
සඳ එළිය
________________
තියුණු කටු
රෝස පෙතිවලට
නොරිද්දන
________________
පනින්නෝම
පරිණාම සටන
දිනන්නෝය
________________
වැහි පිණිති
තුංග තුරු හිස්
සසලවත්
________________
ඇස් දෙකට
දෙහි ඉසිනු හැකි
සිනහවක්
________________
අහා බස්සි හයිකු ගැනත් හයිකුවක් ලීවා නෙව. මේ තියෙන්නේ ඒක;
කවි අවිය
මත් දහහතක
සැඟව ගති
මේ ගැන දැනගෙන හිටියෙ නෑ..බෝම ස්තුතියි බස්සිට...
ReplyDeleteසන්තෝසයි යමක් කියා දෙන්නට ලැබීම ගැන.
Deleteබස්සීගෙන් අළුත් පාඩමක් ඉගෙන ගත්තෙමි......ඒ වගේම තමා බස්සියෙ නුඹෙ හයිකුවත්......ලස්සනයි
ReplyDeleteතැන්කූ වැවා!
Delete/ගෝලයාහට
ReplyDeleteපාර වැරැද්දෙව්
ඝන අඳුර//
නිකං හයිකු හයිකු වගේලුද? :P
++++++++++++
Deleteඅන්ධ වී ද
Deleteකුමාරිහාමි ගැන
ආලයකින්?
අදයි දැන ගත්තේ ගොඩක් දේවල්...
ReplyDeleteතැන්කූ මාතලන්!!
Deletethanks බස්සි මාත් දැනගෙන හිටියේ නෑ හයිකු ගැන මේ දේවල්,
ReplyDelete////උදාහරණයකට ඉංග්‍රීසි හෝඩිය ගත්තොත් ඒකෙදි ස්වර වෙන්නේ විතරයි. //// මෙතන අපැහැදිලියි
තැන්කූ ඔමා! ඔන්න සේරටම කලින් වැරැද්ද පෙන්වා දීම ගැන තෑන්ක් කරන්න ඔයාට රිප්ලයි කලා. එතන ඉංග්‍රීසි අකුරු ටික පස්සෙ ටයිප් කරන්න උන්නෙ. අමතක වෙලා.
Deleteඅලුත් දෙයක් ඉගෙන ගත්තා... ස්තුතියි...
ReplyDeleteයමක් කියාදෙන්නට ලැබීම මටත් සතුටක්!
Deleteමේ රීති දැනගෙන ලියන එක වටිනවා. අද එහෙම ලියන අය ගොඩක් අඩුයිනෙ.
ReplyDeleteඅහා! මට කුරුට්ටියාගෙන් අහන්න අමතක වුනානෙ. සැක්!
Deleteඔයාගෙන් පොඩ්ඩක් අහන්න මතක් වුනානම් මේ ලිපිය මීට වඩා විස්තරාත්මකව ලියන්න තිබුනනෙ. :(
වැරදි ඇතොත් පෙන්වා දෙන්නකො.
පිස්සු බම්ප් වෙයි ඈ! මට මරු අයිඩියා එකක් ආවා... හයිකු ඇප් එකක්! කොහොමද ඒක! :D
ReplyDeleteඒ කොහොම?
Deleteනිකම් අපිට හයිකු ලියන්න පුලුවන් නෝට් බුක් වගේ සීන් එකක්ද?
ඔව්.. ඉඩ තියෙන්නේ 17යි!
Deleteපේළි තුනයි
වැඩේ මොකෝ...?
අහා අන්න කරනවානම් පට්ට වැඩක්. සිම්පල් සහ ෆන්.
Deleteනොදන්න දෙයක් ගැන කියල තියෙන්නෙ... බොහොම ස්තුතියි අක්කා.
ReplyDeleteයමක් කියාදෙන්නට ලැබීම මටත් සතුටක්!
Deleteහයිකුවක
ReplyDeleteවගතුග කියයි
බස්සියක්.. :)
කළ්‍යාණට
Deleteආච්චී වැහීමෙන්
පිස්සුවෙනි
:P
අඩේ ඉතින් මේක කියවද්දී මතක් වුනේ අපිටත් හයිකුයි කවියි ඕන එකක් ලියපු කාලයක් තිබුනා නේද කියලා..
ReplyDeleteමහන්සි වෙලා විස්තර හොයලා දැම්මට තැන්කිවු..
හහා නැතුව නැතුව. කවියෙන් කතාවට මාරු වුන බ්ලොගියක්නේ වර්ණ.
Deleteඅලුත්ම දේවල් දැනගත්ත.... ස්තුතියි බස්සි...
ReplyDeleteඒක මට සතුටක් සජ්ජා!
Deleteහයිකු ගැන
ReplyDeleteමුලින්ම ලියයි
අපේ බස්සී
මෙන්න තව එකක්
කතරගම
යන අතරමග
කතර වැනි
මේක බලන්න
Deletehttp://madhumadhavi135.blogspot.com/2015/03/blog-post_22.html
මාතලං කියනවා ඔයා ගැනලු
බෝකෙරුවාද
Deleteඒපාර අපටත්
තව ලෙඩක්!
හරිම අපූරුයි මධූ!
Deleteසමහරු කියනවා මුල් දෙයින් සෑහෙන්න වෙනස් වුණු සිංහල බුද්ධාගම සහ සිංහල සුනාමි වගේ දේ තියෙනවා නම්, ඔය 5/7/5 සහ අනෙකුත් නීතිවලට යටත් නැති, සිංහල හයිකු තියෙන්න බැරි ඇයි ද කියලා!
ReplyDeletehttp://kathandara.blogspot.com/2012/08/pygmy-poems.html
!
වෙන්න පුලුවන්. සමහරු යහපාලනේ හොඳයි කියද්දි තවත් සමහරු රාජපක්ෂ රෙජිමය හොඳයි කියන්නේ.
Deleteඔන්න මාත් එකක් හදලා බැලුවා...
ReplyDeleteසිතුවමට
පණක් ලැබදුන්
පින්සලක්
හරිද ?
වෙස් මුහුණු
Deleteඅතර හැංගුණු
පල් හොරෙක්
හපොයි හයිකු උණ බෝ වෙලාද මන්දා එක එක ඒවා හිතෙනවා.. හරිද දන්නේ නෑ... :(
Deleteශා! මරුනේ තුශානි!
Deleteමහ දවල්
ReplyDeleteකවි ලියන හැඩ
බස්සියක්
කල්පෙකින්
Deleteතිසරගෙන් අද
කමෙන්ටක්
මට ලියන්න
ReplyDeleteබැරි හැටියක් මේ
හයිකු
ඒ වුනාට ඔය අගේට ලියා තියෙන්නෙ -කවි නොහොත් කුදුගොත් කවියක්.
Deleteමම හිතන් හිටියෙ හයිකු දන්නෙ අපේ කකා විතරයි කියල. තැන්කූ බස්සි හයිකු ගැන කියල දුන්නට.
ReplyDeleteකකාගේ හයිකු ලිපිය කියෙව්වෙ ඊයේ. ඒක මගෙ ලිපියට වඩා විස්තරාත්මකයි.
Deleteබස්සිගෙ හයිකු ටික නම් නියමයි!
ReplyDeleteජය!
ගොඩක් ස්තූතියි වර්ණ!
Deleteදැන ගතිමි
ReplyDeleteහයිකු ගැන මම
මේ ලිපියෙන්
තැන්කූ බස්සියෝ මේ ලිපියට....
රන්දුට කලින් එෆ් බී එකෙන් හයිකු උණ බෝ වෙලත් තිවුනා නේද?
Deleteගොඩක් වැදගත් කරුණු ටිකක්. හයිකු ගැන නොදත් දේ බොහොමයක් මේ ලිපියෙන් විසඳුනා. ඒ වගේම බස්සියගේ බසු හයිකු ටිකත් පට්ටයි.
ReplyDeleteගොඩක් ස්තූතියි දිලා.
Deleteඅන්න සදක්
ReplyDeleteදෙන්න එයට මිටක්
දැං එය අවානක්..
මේක ජපන් හයිකුවක සෘජු සිංහලපරිවර්තනයක්...
(ලේඛකයා හෝ මුල් කවියේ නම මතක නැත නමුත් කාලෙකට කලිං කියවූ හයිකුවකි)
ජපන් වල 5/7/5 සිංහලට හරි යන්නෙ නෑ... ඒත් සිංහලෙන්ම හයිකුවක් ලියනව නං ඒක ඒ විදියට වෙන්න ඕන නේද
(මට මතක විදියට)
5/7/5 රීතිය සිංහලට ගලපන හැටි මම ලිපියේ කීවා නෙ. හැබැයි ඉතින් ඒ මගෙ අදහස විතරමයි. මම නම් හිතන්නෙ "හයිකුවක්" නම් ඒ රීතියට අනුගත විය යුතුයි. නැත්නම් ඒක "mini-කවියක්" හෝ "කුදුගොත් කවියක්" විනා "හයිකුවක්" නෙමෙයි.
Deleteනියමයි හොදේ... හයිකු ද බයිකුද මන්දා මටත් ලගදි අවසානෙට කවියක් ලියන්න වුනා................ සිඩ්නි අහස කදුළැල් සැලුවා|sobs filled sydney sky
ReplyDeleteලස්සන කවියක්!
Deleteහැබැයි ඔය රීතිය සිංහල වලදි වෙනස් වෙනවා.. ආරිය රාජකරුණා මහත්තය කිව්වා.. මොකද ජපන් අක්ෂර හා සිංහල අක්ෂර අතර වෙනස ඒකට බලපාන නිසා..
ReplyDeleteඒ අක්ෂර වෙනස ගැන මම හිතන මැටි අදහස තමයි ලිපියෙ ලීවෙ. //මම නම් හිතන්නෙ "හයිකුවක්" නම් ඒ රීතියට අනුගත විය යුතුයි. නැත්නම් ඒක "මිනි-කවියක්" හෝ "කුදුගොත් කවියක්" විනා "හයිකුවක්" නෙමෙයි.//
Deleteආරිය රාජකරුණා මහත්මයගෙ අදහස වෙනස් නේ. එතුමා ලියන හයිකුවල 5/7/5 රීතිය යෙදෙන්නෙ නෑ නේද?
මළ මඟුල,
ReplyDeleteවිකාරයක් නෙව,
මේ හයිකුව,
විහිලුවට හොඳද? Just in lighter vein... :D
එහෙම හරි හයිකුවක් නේ.
Deleteතැන්කූ රවී!
මමත් සැහෙන්න දේවල් දැනගත්තා ...... ඔය හයිකු එකක් ලිස් කරලා උනත් ගන්න පුලුවන්ද :)
ReplyDeleteඔය කිව්වේ ඉතින්! :3
Deleteබස්සිටත් මේනියාවක් හැදිලද .. හ්ම්ම් හ්ම්ම්
ReplyDeleteඒකෙන් නරකක් වුනා යැ ඉතින්. හ්ම්ම් හ්ම්ම්
Deleteසිහිනයෙන්
ReplyDeleteබියවී අවධි වූ
බස්සියෙක්...
තිත් තුන නිසා ඔට්ටු නැහැ කියල එහෙම කියන්නේ නැහැ ඕං...
තිත් රීති ගැන නම් දල්ලෑ... හික්ස්!
Deleteඅදනෙ දැනගත්තෙ හයිකු කවි ගැන. මම හිතන් හිට්යෙ හයිකු කවි කියන්නෙ චූටි කවි වගයක් කියල. ඔහොම රීතියක් ගැන දැනගෙන හිටියෙ නෑනෙ
ReplyDeleteඇයි අර උඩ තියෙන කවි දිග වැඩිද ? හික් හික්
Deleteසිඳු අක්කෝ "හයිකුව" ජපන් කාව්‍ය සම්ප්‍රදායක් නිසා 5/7/5 රීතියට අනුගත විය යුතුයි. නැත්නම් ඒක "මිනි-කවියක්" හෝ "කුදුගොත් කවියක්".
Deleteහැබැයි ඔය සේරම චූටි චූටි කවි.
මෙන්න මම ලියූ චූටි කවියක්.
Delete.
මං
කවි
ලියනවා
කවි
මාව
ලිහනවා
.
නමට බයවෙලා හිටියේ.දැන් මමත් හයිකෝ හර ඊස්ට් හරි කවියක්
ReplyDeleteඑලද බ්‍රා මෙන්ඩෝ! ලියමු එහෙනම් ඈ!
Deleteකවි
ReplyDeleteනොතේරේ
හයිකු?
හෙහ්
මා දුටු සුපිරිම mini-කවියකි.
Deleteමම හිතන් හිටියේ හයිතු කියන්නේ කෑමක් කියලා....
ReplyDeleteතෑන්කූ ටීචර්....
කොලවල ලියලා ගැඹුරු තෙලේ බැදලා කෑමට ගතෑකි ලු. :P
Deleteසමහරුන්ට, සමහර ලෙඩ හැදෙන එකත් හොඳයි වගේ නේ .... හි ..හී
ReplyDeleteබස්සිට හයිකු උණ හැදුන නිසානේ අපි රහ පෝස්ට් එකක් රසවින්ඳේ ...
කොට ශරීරයක්
තුළ සැඟවුනු
රස සාගරයක්
හිහි... එහෙමෙයි සඳරු? තැන්කූ ඈ! :)
Deleteගැටගැසුනු
ReplyDeleteඅකුරු හරඹය
රසවත්ව
අපූරුයි ගස් ලබ්බෝ....
Deleteකුමට අවි
ReplyDeleteගෙන සැවොම සවි
ලියමු කවි
දැනගතිමි
ReplyDeleteහයිකුවක තතු
නිසි ලෙසින
බොහොම ස්තූතියි ...
ReplyDeleteහයිකු ගන හොය හොය හිටපු වෙලාවක.. නිධායක් වගේ...
ReplyDeleteහයිකු ගන හොය හොය හිටපු වෙලාවක.. නිධායක් වගේ...
ReplyDelete