Monday, March 23, 2015

හයිකු උණ (Haiku mania)







පහුගිය කාලෙ බස්සිට හැදුනා උණක්. මේ කියන්නෙ අර උපන්දා ඉඳන් තියෙන මොළේ උණ ගැන හෙම නෙමෙයි. ඒ තරම් දරුණු නැති, හයිකු උණක්.


ඉතින් බස්සි කලේ හයිකු කාව්‍ය කලාව ගැන විස්තර හොයා බලපු එකයි. එතනදි බස්සිට තේරුනා අපි බොහොම දෙනෙක් 'මිනි-කවි' සහ 'හයිකු' කියන දෙක පටලවාගෙන ඉන්න බව. හයිකු වෙනුවෙන්ම ලියැවුනු බොහෝ ලිපි වලත්, සිංහලෙන් ලියැවුනු හයිකු කාව්‍යවලත් මේ පටලැවිල්ල දුටු නිසාම මම හිතුවා හයිකු ගැන පොඩි සටහනක් තියන්න.


හයිකු කවි ඉපදෙන්නේ ජපානයේදි. ඉසා කොබයාෂි, බෂෝ, බුසොන්, ෂිකි ප්‍රසිද්ධ ජපන් හයිකු කවීන් කිහිපදෙනෙක්. 



හයිකු රීති


හයිකු ලිවීමේ මූලික රීති කිහිපයක් තියෙනවා.


1. හයිකුවකට ඇතුලත් විය යුත්තේ අක්ෂර දහහතක් පමණයි.

2. මේ අක්ෂර 5/7/5 වශයෙන් තුන් පෙලකින් සමන්විතයි.

3. බොහෝ ජපන් හයිකු ගොඩනැගෙන්නේ එකිනෙක හා බැඳුනු වස්තූන් දෙකක් ම්ල් කරගෙන.

4. ජපන් හයිකුවක තවත් ලක්ෂනයක් තමයි කවියට අදාල සෘතුව නිරූපණය වීම.



5/7/5 රීතියට යන්නේ අක්ෂරද? මාත්‍රා ද? 


අපි සිංහලෙන් හයිකු ලියනකොට මත් බෙදීම ගැන ගැටළුවක් ඇතිවෙනවා. හයිකු ඉපදුනේ ජපානයේ. ජපන්, ඉංග්‍රීසි වගේ භාෂාවන්වල ස්වර බෙදීම් නැහැ. බැඳි අක්ෂර (පණකුරු + ගතකුරූ තියෙන්නේ අපේ වගේ බොහොම සුළු හෝඩි ප්‍රමාණයක විතරයි. මත් බෙදීම් අපිට එන්නෙ සිදතයි එළු සඳැස් ලකුණයි හරහා.


උදාහරණයකට ඉංග්‍රීසි හෝඩිය ගත්තොත් ඒකෙදි ස්වර වෙන්නේ A, E, I, O, U විතරයි. මේ නිසා මත් වලින් හයිකු ලියන්න බැහැ. මොකද ඒක ලංකාවේ හෝ ඉන්දියාවේ කාව්‍ය ක්‍රමයක් නොවන නිසා.


මේ නිසා හයිකු ලිවීමේදී ගුරු, ලඝු, ප්ලුත මාත්‍රා වෙනසක් නැතුව තනි අක්ෂරයක් ගනන් ගැනීම කල යුතු වෙනවා.



මේ තියෙන්නේ බස්සි ලියූ හයිකු කිහිපයක්.

________________

හදවතට
කටු අනින හැටි
සඳ එළිය
________________

තියුණු කටු
රෝස පෙතිවලට
නොරිද්දන
________________

පනින්නෝම
පරිණාම සටන
දිනන්නෝය
________________

වැහි පිණිති
තුංග තුරු හිස්
සසලවත්
________________

ඇස් දෙකට
දෙහි ඉසිනු හැකි
සිනහවක්
________________



අහා බස්සි හයිකු ගැනත් හයිකුවක් ලීවා නෙව. මේ තියෙන්නේ ඒක;


කවි අවිය
මත් දහහතක
සැඟව ගති









82 comments:

  1. මේ ගැන දැනගෙන හිටියෙ නෑ..බෝම ස්තුතියි බස්සිට...

    ReplyDelete
    Replies
    1. සන්තෝසයි යමක් කියා දෙන්නට ලැබීම ගැන.

      Delete
  2. බස්සීගෙන් අළුත් පාඩමක් ඉගෙන ගත්තෙමි......ඒ වගේම තමා බස්සියෙ නුඹෙ හයිකුවත්......ලස්සනයි

    ReplyDelete
  3. /ගෝලයාහට

    පාර වැරැද්දෙව්

    ඝන අඳුර//

    නිකං හයිකු හයිකු වගේලුද? :P

    ReplyDelete
    Replies
    1. ++++++++++++

      Delete
    2. අන්ධ වී ද
      කුමාරිහාමි ගැන
      ආලයකින්?

      Delete
  4. අදයි දැන ගත්තේ ගොඩක් දේවල්...

    ReplyDelete
  5. thanks බස්සි මාත් දැනගෙන හිටියේ නෑ හයිකු ගැන මේ දේවල්,
    ////උදාහරණයකට ඉංග්‍රීසි හෝඩිය ගත්තොත් ඒකෙදි ස්වර වෙන්නේ විතරයි. //// මෙතන අපැහැදිලියි

    ReplyDelete
    Replies
    1. තැන්කූ ඔමා! ඔන්න සේරටම කලින් වැරැද්ද පෙන්වා දීම ගැන තෑන්ක් කරන්න ඔයාට රිප්ලයි කලා. එතන ඉංග්‍රීසි අකුරු ටික පස්සෙ ටයිප් කරන්න උන්නෙ. අමතක වෙලා.

      Delete
  6. අලුත් දෙයක් ඉගෙන ගත්තා... ස්තුතියි...

    ReplyDelete
    Replies
    1. යමක් කියාදෙන්නට ලැබීම මටත් සතුටක්!

      Delete
  7. මේ රීති දැනගෙන ලියන එක වටිනවා. අද එහෙම ලියන අය ගොඩක් අඩුයිනෙ.

    ReplyDelete
    Replies
    1. අහා! මට කුරුට්ටියාගෙන් අහන්න අමතක වුනානෙ. සැක්!
      ඔයාගෙන් පොඩ්ඩක් අහන්න මතක් වුනානම් මේ ලිපිය මීට වඩා විස්තරාත්මකව ලියන්න තිබුනනෙ. :(

      වැරදි ඇතොත් පෙන්වා දෙන්නකො.

      Delete
  8. පිස්සු බම්ප් වෙයි ඈ! මට මරු අයිඩියා එකක් ආවා... හයිකු ඇප් එකක්! කොහොමද ඒක! :D

    ReplyDelete
    Replies
    1. ඒ කොහොම?
      නිකම් අපිට හයිකු ලියන්න පුලුවන් නෝට් බුක් වගේ සීන් එකක්ද?

      Delete
    2. ඔව්.. ඉඩ තියෙන්නේ 17යි!
      පේළි තුනයි
      වැඩේ මොකෝ...?

      Delete
    3. අහා අන්න කරනවානම් පට්ට වැඩක්. සිම්පල් සහ ෆන්.

      Delete
  9. නොදන්න දෙයක් ගැන කියල තියෙන්නෙ... බොහොම ස්තුතියි අක්කා.

    ReplyDelete
    Replies
    1. යමක් කියාදෙන්නට ලැබීම මටත් සතුටක්!

      Delete
  10. හයිකුවක
    වගතුග කියයි
    බස්සියක්.. :)

    ReplyDelete
    Replies
    1. කළ්‍යාණට
      ආච්චී වැහීමෙන්
      පිස්සුවෙනි
      :P

      Delete
  11. අඩේ ඉතින් මේක කියවද්දී මතක් වුනේ අපිටත් හයිකුයි කවියි ඕන එකක් ලියපු කාලයක් තිබුනා නේද කියලා..

    මහන්සි වෙලා විස්තර හොයලා දැම්මට තැන්කිවු..

    ReplyDelete
    Replies
    1. හහා නැතුව නැතුව. කවියෙන් කතාවට මාරු වුන බ්ලොගියක්නේ වර්ණ.

      Delete
  12. අලුත්ම දේවල් දැනගත්ත.... ස්තුතියි බස්සි...

    ReplyDelete
  13. හයිකු ගැන
    මුලින්ම ලියයි
    අපේ බස්සී

    මෙන්න තව එකක්
    කතරගම
    යන අතරමග
    කතර වැනි

    ReplyDelete
    Replies
    1. මේක බලන්න
      http://madhumadhavi135.blogspot.com/2015/03/blog-post_22.html
      මාතලං කියනවා ඔයා ගැනලු

      Delete
    2. බෝකෙරුවාද
      ඒපාර අපටත්
      තව ලෙඩක්!

      Delete
    3. හරිම අපූරුයි මධූ!

      Delete
  14. සමහරු කියනවා මුල් දෙයින් සෑහෙන්න වෙනස් වුණු සිංහල බුද්ධාගම සහ සිංහල සුනාමි වගේ දේ තියෙනවා නම්, ඔය 5/7/5 සහ අනෙකුත් නීතිවලට යටත් නැති, සිංහල හයිකු තියෙන්න බැරි ඇයි ද කියලා!
    http://kathandara.blogspot.com/2012/08/pygmy-poems.html

    !

    ReplyDelete
    Replies
    1. වෙන්න පුලුවන්. සමහරු යහපාලනේ හොඳයි කියද්දි තවත් සමහරු රාජපක්ෂ රෙජිමය හොඳයි කියන්නේ.

      Delete
  15. ඔන්න මාත් එකක් හදලා බැලුවා...

    සිතුවමට
    පණක් ලැබදුන්
    පින්සලක්

    හරිද ?

    ReplyDelete
    Replies
    1. වෙස් මුහුණු
      අතර හැංගුණු
      පල් හොරෙක්

      Delete
    2. හපොයි හයිකු උණ බෝ වෙලාද මන්දා එක එක ඒවා හිතෙනවා.. හරිද දන්නේ නෑ... :(

      Delete
    3. ශා! මරුනේ තුශානි!

      Delete
  16. මහ දවල්
    කවි ලියන හැඩ
    බස්සියක්

    ReplyDelete
    Replies
    1. කල්පෙකින්
      තිසරගෙන් අද
      කමෙන්ටක්

      Delete
  17. මට ලියන්න
    බැරි හැටියක් මේ
    හයිකු

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට ඔය අගේට ලියා තියෙන්නෙ -කවි නොහොත් කුදුගොත් කවියක්.

      Delete
  18. මම හිතන් හිටියෙ හයිකු දන්නෙ අපේ කකා විතරයි කියල. තැන්කූ බස්සි හයිකු ගැන කියල දුන්නට.

    ReplyDelete
    Replies
    1. කකාගේ හයිකු ලිපිය කියෙව්වෙ ඊයේ. ඒක මගෙ ලිපියට වඩා විස්තරාත්මකයි.

      Delete
  19. බස්සිගෙ හයිකු ටික නම් නියමයි!
    ජය!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි වර්ණ!

      Delete
  20. දැන ගතිමි
    හයිකු ගැන මම
    මේ ලිපියෙන්

    තැන්කූ බස්සියෝ මේ ලිපියට....

    ReplyDelete
    Replies
    1. රන්දුට කලින් එෆ් බී එකෙන් හයිකු උණ බෝ වෙලත් තිවුනා නේද?

      Delete
  21. ගොඩක් වැදගත් කරුණු ටිකක්. හයිකු ගැන නොදත් දේ බොහොමයක් මේ ලිපියෙන් විසඳුනා. ඒ වගේම බස්සියගේ බසු හයිකු ටිකත් පට්ටයි.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි දිලා.

      Delete
  22. අන්න සදක්
    දෙන්න එයට මිටක්
    දැං එය අවානක්..

    මේක ජපන් හයිකුවක සෘජු සිංහලපරිවර්තනයක්...
    (ලේඛකයා හෝ මුල් කවියේ නම මතක නැත නමුත් කාලෙකට කලිං කියවූ හයිකුවකි)
    ජපන් වල 5/7/5 සිංහලට හරි යන්නෙ නෑ... ඒත් සිංහලෙන්ම හයිකුවක් ලියනව නං ඒක ඒ විදියට වෙන්න ඕන නේද
    (මට මතක විදියට)

    ReplyDelete
    Replies
    1. 5/7/5 රීතිය සිංහලට ගලපන හැටි මම ලිපියේ කීවා නෙ. හැබැයි ඉතින් ඒ මගෙ අදහස විතරමයි. මම නම් හිතන්නෙ "හයිකුවක්" නම් ඒ රීතියට අනුගත විය යුතුයි. නැත්නම් ඒක "mini-කවියක්" හෝ "කුදුගොත් කවියක්" විනා "හයිකුවක්" නෙමෙයි.

      Delete
  23. නියමයි හොදේ... හයිකු ද බයිකුද මන්දා මටත් ලගදි අවසානෙට කවියක් ලියන්න වුනා................ සිඩ්නි අහස කදුළැල් සැලුවා|sobs filled sydney sky

    ReplyDelete
  24. හැබැයි ඔය රීතිය සිංහල වලදි වෙනස් වෙනවා.. ආරිය රාජකරුණා මහත්තය කිව්වා.. මොකද ජපන් අක්ෂර හා සිංහල අක්ෂර අතර වෙනස ඒකට බලපාන නිසා..

    ReplyDelete
    Replies
    1. ඒ අක්ෂර වෙනස ගැන මම හිතන මැටි අදහස තමයි ලිපියෙ ලීවෙ. //මම නම් හිතන්නෙ "හයිකුවක්" නම් ඒ රීතියට අනුගත විය යුතුයි. නැත්නම් ඒක "මිනි-කවියක්" හෝ "කුදුගොත් කවියක්" විනා "හයිකුවක්" නෙමෙයි.//

      ආරිය රාජකරුණා මහත්මයගෙ අදහස වෙනස් නේ. එතුමා ලියන හයිකුවල 5/7/5 රීතිය යෙදෙන්නෙ නෑ නේද?

      Delete
  25. මළ මඟුල,
    විකාරයක් නෙව,
    මේ හයිකුව,

    විහිලුවට හොඳද? Just in lighter vein... :D

    ReplyDelete
    Replies
    1. එහෙම හරි හයිකුවක් නේ.
      තැන්කූ රවී!

      Delete
  26. මමත් සැහෙන්න දේවල් දැනගත්තා ...... ඔය හයිකු එකක් ලිස් කරලා උනත් ගන්න පුලුවන්ද :)

    ReplyDelete
  27. බස්සිටත් මේනියාවක් හැදිලද .. හ්ම්ම් හ්ම්ම්

    ReplyDelete
    Replies
    1. ඒකෙන් නරකක් වුනා යැ ඉතින්. හ්ම්ම් හ්ම්ම්

      Delete
  28. සිහිනයෙන්
    බියවී අවධි වූ
    බස්සියෙක්...

    තිත් තුන නිසා ඔට්ටු නැහැ කියල එහෙම කියන්නේ නැහැ ඕං...

    ReplyDelete
    Replies
    1. තිත් රීති ගැන නම් දල්ලෑ... හික්ස්!

      Delete
  29. අදනෙ දැනගත්තෙ හයිකු කවි ගැන. මම හිතන් හිට්යෙ හයිකු කවි කියන්නෙ චූටි කවි වගයක් කියල. ඔහොම රීතියක් ගැන දැනගෙන හිටියෙ නෑනෙ

    ReplyDelete
    Replies
    1. ඇයි අර උඩ තියෙන කවි දිග වැඩිද ? හික් හික්

      Delete
    2. සිඳු අක්කෝ "හයිකුව" ජපන් කාව්‍ය සම්ප්‍රදායක් නිසා 5/7/5 රීතියට අනුගත විය යුතුයි. නැත්නම් ඒක "මිනි-කවියක්" හෝ "කුදුගොත් කවියක්".

      හැබැයි ඔය සේරම චූටි චූටි කවි.

      Delete
    3. මෙන්න මම ලියූ චූටි කවියක්.

      .
      මං
      කවි
      ලියනවා

      කවි
      මාව
      ලිහනවා
      .

      Delete
  30. නමට බයවෙලා හිටියේ.දැන් මමත් හයිකෝ හර ඊස්ට් හරි කවියක්

    ReplyDelete
    Replies
    1. එලද බ්‍රා මෙන්ඩෝ! ලියමු එහෙනම් ඈ!

      Delete
  31. කවි
    නොතේරේ
    හයිකු?
    හෙහ්

    ReplyDelete
    Replies
    1. මා දුටු සුපිරිම mini-කවියකි.

      Delete
  32. මම හිතන් හිටියේ හයිතු කියන්නේ කෑමක් කියලා....
    තෑන්කූ ටීචර්....

    ReplyDelete
    Replies
    1. කොලවල ලියලා ගැඹුරු තෙලේ බැදලා කෑමට ගතෑකි ලු. :P

      Delete
  33. සමහරුන්ට, සමහර ලෙඩ හැදෙන එකත් හොඳයි වගේ නේ .... හි ..හී
    බස්සිට හයිකු උණ හැදුන නිසානේ අපි රහ පෝස්ට් එකක් රසවින්ඳේ ...

    කොට ශරීරයක්
    තුළ සැඟවුනු
    රස සාගරයක්

    ReplyDelete
    Replies
    1. හිහි... එහෙමෙයි සඳරු? තැන්කූ ඈ! :)

      Delete
  34. ගැටගැසුනු
    අකුරු හරඹය
    රසවත්ව

    ReplyDelete
  35. කුමට අවි
    ගෙන සැවොම සවි
    ලියමු කවි

    ReplyDelete
  36. දැනගතිමි
    හයිකුවක තතු
    නිසි ලෙසින

    ReplyDelete
  37. හයිකු ගන හොය හොය හිටපු වෙලාවක.. නිධායක් වගේ...

    ReplyDelete
  38. හයිකු ගන හොය හොය හිටපු වෙලාවක.. නිධායක් වගේ...

    ReplyDelete