Thursday, March 19, 2015

ගැබ්බර බැළලි විමලාව




by Amy Giacomelli




ගැබ්බර බැළලි විමලාය
ඇක්සයිස් ලැසි ගමන් යන
කානු ගැට්ටේ සීතලට නිදියන
ජෝතිගේ ගීයකට
තාලෙට වලිග කොන ගස්සන


හාල්මැස්සෝ කෑ හැකිද හැමදාම?
කෙලවල්ලො නැද්දැයි විමසන
පලා මැල්ලුම් දැක නහය හකුලන
ඇස් පියාගෙන හාල්මැස්සන්ම ඇහිඳින


"ඉස්පිරිතාල වියදම් සැරය
නර්ස් බැළලිය තරය නපුරුය
අනේ කන් දිග දොස්තරා සීදේවිය
ෆ්ලැනල් රෙදි දැන් හරි හිඟය"
සුදු මහත බලු තෙම
ඕපාදූප ගෝනියම අහගෙන නිදන
කලාතුරකින් යාන්තම් කන් සොලවන


"විසිදාහකින් චීස් කෑවැකි
සස්ටජන් පිටි ටිකක් බිව්වැකි."
දිගට දිගටම කියන
"ඒ උනත් රජතුමා නැතිකොට
ලස්සයක් හම්බුනත් මොකටද?"
කම්මුලේ අත තියන
බළල් සුසුමක් හෙලන


"බල්ලන්ට තේරේයැ මේ දුක!"
නැට්ට ගස්සා බනින
මහත බලු තෙම එක ඇහැක් ඇර
මලා වාගේ නිදනු දැක දැක
හොස්ස උස්සා රවන


ගැබ්බර බැළලි විමලාය
හවස තේ එක්ක කන්නට
කුප්පමේනිය අහුලන





52 comments:

  1. හොද හොද සෙල්ලං එළීවෙන ජාමෙට බලනු හැකි වේවිය

    ReplyDelete
  2. ජෝතිගේ ගීයකට තාලෙට වලිග කොන ගස්සන විමලාය .. ෂෝක් ෂෝක්

    කවි ටික කියවද්දී මතක් උනේ , අපේ ගෙදරත් ලෝඩ් එකක් බාල ගිය සතියේ.. පාට වර්ග හතරකින් පැටවූ පස් දෙනයි.

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා මල්කොබා!!
      අලුත උපන් පැටවුන්ටත් විසිදාහ ලැබෙනවා.

      Delete
  3. මැක්සා.... උපමා උපමේය ඉස්තරන්.. ලියනා අත් සත්තරන්...

    ReplyDelete
  4. අඩේ උඹලෑ බැළලිගේ නම විමලාද?
    අපේ ඔෆිස් එකෙත් ඉන්නවා බං බැළලියක්.එකී කොයි වෙලෙත් බඩින්.:)

    ReplyDelete
    Replies
    1. හිත හොඳ ඇති බන්

      Delete
    2. හෙහේ,එහෙම වෙන්ට ඇති තමයි නේ බං.:D

      Delete
    3. ඔව් බං. අපේ බැලලි විමලා. බල්ලා බොරලුගොඩ.
      බැළලිගෙ අක්කා ඩොටී.

      දැන් අහයි ගලපාත කෝ කියල. අපි ගලේ කියන්නෙ එහාපැත්තෙ ගෙදර ඉන්න අවුරුදු තුනක විතර පොඩි එකෙක්ට. ඒකා ගලයා වගේමයි.

      Delete
  5. මේක කලින් කියෙවුවා කොහේ හරි විමලා බැලලි ගැන,, ඔයාගේ එෆ් බි එකේද කොහෙද පට්ට

    ReplyDelete
    Replies
    1. ඔව් ඔමා. මේ ඒ කවිය පොඩ්ඩක් සංශෝධනය කරලා තව කොටස් දෙකතුනක් එකතු කරලා නැවත පල කිරීමක්.

      Delete
  6. පූසා හාල්මැස්සො ඇහිඳින්නෙ ඇස් පියාගෙන නම් තමයි.ඒ අස්සෙන් කතාවකුත් කියල නෙව.. අගෙයි..!

    ReplyDelete
    Replies
    1. ඔව්. බළල්ලු ඇත්තටම එහෙමයිනේ...

      Delete
  7. අපේ ගෙදර පූසට මම දාපු නම පෙරේර. පස්සෙ මම යාළු වෙලා බැන්ද කෙනත් පෙරේරා. එයා අපේ ගෙදර ආ දවසක වැඩේ මාට්ටු උනා. වෙලාවට ඒ ගොල්ලන්ගෙ ගෙදරත් පූමි පෙරේර කියල බළල් නංගි කෙනෙක් ඉඳල.

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවට එහෙත් පොඩි පෙරේරෙක් හිටියෙ. නැත්නම් මලා තමයි.

      අපේ කොරියන් විරෝධී යාලුවෙක් ගෙදර බල්ලට නම දාල තිබුනා චංගුමී කියලා.

      Delete
  8. උදාහරණ,උපමා ටිකනම් මරේ මරු......

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කසුට්ටෝ...

      Delete
  9. අපේ ගෙදර පූසන්ට දාන්නෙත් අමුතු නම්...අපේ තාත්තා තමයි මේ නම් දාන්නෙ..මම රට පැටවෙන්න සති දෙකකට කලියෙන් මැරුන කලු බළලගෙ නම සේනක..දැන් ඉන්නවා අයියා මලෝ දෙන්නෙක්...ඒ දෙන්නා මාතුපාලයි ජෝතිපාලයි

    වෙනදා වගේම ගොඩාක් රස වින්දා..කාටවත් හසුනොවෙන පුංචි දෙයක් ඔබ අලංකාර කරලා ඉදිරිපත් කරන විදිය තමයි හරිම අපූරු...දවසක කවි පොතක් පළ කරන්න බස්සි...

    ReplyDelete
    Replies
    1. හිහි... මාත් දාන්නෙ එහෙම විකාර නම් තමයි. මං චූටි කාලෙ ආසම බෝනික්කො දෙන්නෙක් උන්නා. එකෙක් බුංජප්පු, අනිකා ජෙනට් පැට්ට්‍රොනිලා.

      පූසොන්ට දාපු නම් ලිස්ට් එක ඊට වඩා විකාරයි. මගඩියා, ප්‍රචණ්ඩා, දුම්බා, අලබිංදා, මනමාලි, චීටා, පෘල්ලි (ආර් සවුන්ඩ් එක එන්නෙ ඌ අර කාටුන් එකේ සිල්වෙස්ටර් වගේ නිසා), විමලා, ඩොටී, ෂාරුක්

      ස්තූතියි සිරා අයියේ... කවි පොතක් පල කරාවි. දැන්ම නෙමෙයි. කවි ගැන ගොඩාක් හැදෑරීම් කලාට පස්සෙ.

      Delete
  10. අඩේ උඹටත් මරු අදහස් නේ බං පහල වෙන්නේ..

    ReplyDelete
    Replies
    1. හෙහෙ.. තැන්කූ ආර්චියා!

      Delete
  11. කෙසේද බස්සියෙ දනගත්තේ
    බැලලිගෙ විස්තර ඉඳ අත්තේ

    ReplyDelete
    Replies
    1. බස්සී හිටියත් අතු මත්තේ
      කන් පහලට හැරවී ඇත්තේ

      Delete
  12. ගැබ්බර බැළලි විමලාය
    හවස තේ එක වෙනුවට
    කොත්තමල්ලිම බොන

    ReplyDelete
    Replies
    1. සස්ටජන් නෙව බොන්න ඕන.

      Delete
  13. බලමු ඉස්සරහට මස් දෙන්න පුළුවන් වෙයිද නැත්තං අර කිරි පිටි පාට කුඩු ජාතියම ගන්න වෙයිද කියල

    ReplyDelete
    Replies
    1. හිහි පූෂො මෂ් වලට වඩා ආස මාලු වලට නේද?

      Delete
  14. පට්ට
    ඒත් අනික් අයට තේරුණ උපමා උපමේය මට නං තේරුන්නෑ අක්කන්ඩි
    ඒකට සොරි වෙන්ට ඕන...

    ReplyDelete
    Replies
    1. ඒකට කමක් නෑ මහියො. රස වින්දා නම් ඒ ඇති.

      Delete
  15. අයියෝ විමලා.. සිවාස් එකක් වත් ගහන්න විදියක් නෑ දැං

    ReplyDelete
    Replies
    1. ඒක නම් බලුතුමා විමලට කිව්ව කතාවක් වගේ....

      Delete
  16. මටනම් විමල පුසගැන දුකේ බැ

    ReplyDelete
    Replies
    1. මටත් දුකයි, ඌ හෙන කෙට්ටු වෙලා.

      Delete
  17. ඊයා....පූසෝ නම්....
    එත් කවි ටික නම් පට්ට...

    ReplyDelete
    Replies
    1. හිහිහි... තැන්කිව් රූපේ!

      Delete
  18. කලිං කියලවලා තියෙනවා.. එෆ්.බී. එකේද? බස්සීගෙ මේ අමුතු කවි වල අමුතුම ඉට්ටැයිල් එකට මං කැමතියි.. හිතන්න දේවල් ඉතුරු කරන කවි කොහොමත් අමුතුයි..ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කලා!

      ඔව් එෆ් බී එකේ. දෙපාරකට දාපු කවි දෙකක් එකතු කරල මේ දාල තියෙන්නෙ. අනික බලූ ගැන තිබුන කොටස අයින් කරලා.

      Delete
  19. බලමු අපි මොකක් වෙයිද කියලා නේ...

    ReplyDelete
    Replies
    1. බලා ඉඳිල්ලක් තමයි දැන්නම් තියෙන්නෙ ඈ...

      Delete
  20. එල ද බ්‍රා කයිය හැබයි මට පිස්සු වගේ

    ReplyDelete
    Replies
    1. ඒ පිස්සු වගේ ගතිය ඉතින් බොට හැමදාම තියෙන එකනෙ මෙන්ඩෝ...

      Delete
  21. හි.හි... ඔයාටත් හිතෙන දේවල් .. නියමයි !

    ReplyDelete
  22. නියමෙට ගලපලා තියනවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි තරිඳු!

      Delete
  23. නියමයි... අපේ භාෂාවෙන් කියනවා නම් පට්ට.....

    කැමරාවෙන් එහා ලෝකය

    ReplyDelete
  24. බැලලියක් ගැන බස්සියෙක් ලියපු කවියක්. රෑට විතරක් ඇවිත් ඔය ඔක්කොම දැක්කෙ කොහොමද?

    ReplyDelete
    Replies
    1. බළල්ලුත් නිශාචරයිනෙ නිල්මානෙල්.

      Delete