Friday, March 27, 2015

හිතත් බරවෙයි ඇසුත් උතුරයි සතුටට





පෙරේදා ඔපීසියේ වැඩ ගොඩක් අස්සෙන් යාන්තම් ඔලුව උස්සනකොටම ෆේස්බුකියට ආ මැසේජයකි.


"බස්සි, හෙට ඔයා එනවා නේද?"


මල හත්තිලව්වට ගහපු කලාබරේ කිව්වාය. ඒ අපේ දිලා නගා ය. බස්සි ගත් කටටම ඇහැව්වේ "කොහේ ද? මොකද්ද?" කියලාය. "නෙළුම් යායට" කී විට තරු පන්ති පිටින් පෙනෙන්නට වූයේ බස්සිගේ අන්දමන්ද මතක ශක්තියේ මහිම ඇස් පනාපිට පසක් වුන නිසා ය.


කොහොමින් කොහොම හරි එකට විතර ඔපීසියෙන් පැන්න මං තුමිය බසු සොයා ආවේය. බසුව වහ වහා ඔපීසියෙන් එළියට ඇද යං සුදෝ නාරාහේන්පිට කියා ගූගල් මැපේ සරණ ගියා ය. ගූගලයා මල් වට්ටිය වගේ හැඩට ආසිරි හොස්පිටිතාලය අසල පොට් එකක් පෙන්නුවේය. ඉතිං බස්සි වැඩ්ඩා සේ බස්සාට පාර කියන්නට විය.


මලා ය. එතන ඇති මීඩියා මිනිස්ට්‍රියක් නැත. එවර බස්සාගේ බැනුම් වරුසා මධ්‍යයේ ඉවානයා ඇමතුවේ ය. ඌ කියූ මග සළකුණු වලින් බසු මැප් එකේ සටහන් වූයේ 'ලංකා හොස්පිටල්' සහ 'දකුණට හැරෙන්න' යන වචන විතරමය.


ලංකා හොස්පිටිතාලය ලඟින් දකුණට හරවා නැවත වරක් බස්සාගේ ප්‍රසංසා මැද ඉවානයා ඇමතූ විට 'දෙවැනි කලර් ලයිට් එක ගාවින්' කියනවා ඇසුනේය. ඒ ගමන ආපහු හරවාගෙන වැරදියට කලර් ලයිට් ගණන් කර යළිත් වැරදි පාරකින් හැරෙන්න පාර පෙන්නුවේ ඉතා අභිමානවත් ලෙසය.


ඒ වනවිට මග සළකුණු කීමෙන් හෙම්බත් වූ ඉවානයා පාර අයිනට එන්නට තීරණය කර තිබුනේය. යාන්තම් ආමි කෑම්ප් එකක් ඉදිරියේ පෙරළෙමින් සිටි ෆුල් ඩීසන්ට් ලුකින් ගෝලාකාර චේගුවේරා කෙනෙක් දුටු කෙනෙහි අපි යාන්තම් නිවැරදි තැනට පැමිණ ඇති බැව් පසක් විය.


ඒ අස්සේ අර මහේෂ් ශාමිනයා කෝල් කොරලාය. අන්න අච්චර ජංජාලයක පැටලී වල්මත්ව උන් අසරණ මම ෆෝන් ආන්ස්වර් නොකල බව කියලා පෝස්ටුවකුත් දාලා ය. අපි නම් ඔව්වාට සැලෙන්නේ නැතිය.


කොහොම හරි මීඩියා දේවාලෙ ඇතුලෙන් මාව හලලා බස්සා ආපහු ඔපීසි ගියේ මග දිගටත් මට ප්‍රසංසා කරමින්ම වෙන්න ඕනෑය.


කා පාර්ක් එක ගාවදිම දකින්න ලැබුනේ ලොකු හිනාවක් එක්ක ජම්බෝල හැඩැති මාතලන් අංකල්ය. ගෝලාකාර චේ සහ මාතලන් එක්ක ඇතුලට ගියාම අපේ සැට් එක දැකගැනීමට ලැබුනේය.


හරිම කඩිමුඩියේ දුව ඇවිදින අතරේම බොහොම සුහදව වචනයක් දෙකක් කියා යන්නට නැවතෙන අජිත් ධර්මකීර්ති (කොළඹ ගමයා) අංකල්, නන්නත්තාර වී බලන් ඉඳලා ඉක්මනින්ම අලුත් යාලුවො ගොඩක් සෙට් කරගත්තු ගණ අඳුර සහ හිත හීලෑ නෑ මල්ලිලා ඩබල, සුදීකයියා, වෙනී මාමා, හුරුබුහුටි ප්‍රා ජේ, ගිටාරය කරපින්නාගත් මනා, රන් පාට සාරියකින් සැරසුනු සුන්දර දිලා, බට්ටිච්චියෝ දෙන්නෙකුත් මල් සූටික්කියෙකුත් එක්ක ආපු දම් ගුණේ අයියා, හිනා උතුරන මනෝ, රන්දිල් අක්කා, නැටුමකට වගේ අමුතු ඇඳුමක් ඇඳන් උන්නු අටම් අයියා, කම්මල අංකල්. ඕනමැන්ටල්, චුට්ටං කසුට්ටා, පුංචි කලාහිත සහ නම් මගහැරුණු තවත් බොහෝ දෙනෙක් එතන සිටියෝ ය.!!!


පැත්තකින් බලන් ඉන්නේ අජිත් ධර්මා අංකල් ය.


හොරෙක්, මං පහරන්නෙක් ලියන හොඳම බ්ලොග් අඩවිය


මලක් වගේ හැඩ පුංචි දිලා



රවි අයියා නැති වුනාට සම්මානයේ පොටෝ ඇත.



කරුවල ජයසූරිය මාමා අපිට සම්මානත් දුන්නේය. තිබුනු දේශණ අතරින් නාලක ගුණවර්ධනගේ දේශණ විලාසයට බොහොම කැමති හිතුනේය. වේදිකා නාට්ටි, සිංදු හෙම තිබුනු අතර දිලා ලියූ නෙලුම් යාය තේමා ගීය ගායනා කලේ අපේ ගිටාර් මනා ය.


පස්ස හරවං ඉන්නෙ බස්සි කියන එකී ය.


මට අර අභිරූපනයා එක්කනම් ගේමක් තියෙනවාය. ඒකා දම්ගුණේගේ පොඩි උන් දෙන්නාට විහිලු කරනවාට සමෝසමේ මටත් විහිලු පාර්ට් දාන්නේ මගේ කොටභාවය නිසාවත්දැයි සැකයක්ද තියෙනවා ය.


කොහොමින් කොහොම හරි ඒ ගත වුනේ අපූරුම සැඳෑවක් ය. බ්ලොග් කරුවන්ට මේ තරම් ඉහළ ඇගයීමක් ලබාදීම ගැන නෙළුම් යාය සංවිධායක මඬුල්ලට බොහොම ස්තූතිවන්ත වෙනවාය.


බස්සි ඊයේ වැස්සේ ගෙදර ආවේ මෙන්න මේ කවි දෙක බුකියේ පල කරන ගමන් ය.



සිනහ මල් පිරි සුහද අත් දිගුවෙනකොට
"බස්සි, බස්සී" කියකියා අමතනකොට
උරහිසට ආදරෙන් පහරක් දෙනකොට
හිතේ සමනල් තටු නටනවා එතකොට


උඹව දුටු එක සතුටකියි පැවසෙනකොට
දෙකම්මුල් අග හාද්දක් තැවරෙනකොට
බරැති ඇගයුම් දෙඅත් මත රැඳවෙනකොට
හිතත් බරවෙයි ඇසුත් උතුරයි සතුටට


~~~~~~~~~~~~~~~





81 comments:

  1. බස්සිගේ නවාතැන අප්ඩේට් වෙන සැනින් කියවන කෙනෙක් විදියට "බස්සිවත් බස්සවත්" හමු වෙලා කතා කරන්නට ලැබීම ලොකු සතුටක්. හදවතින්ම සුබපතනවා ඔබට...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අමිල!!

      Delete
    2. මමත් මෙතනටම ඇවිත් ලින්ක් වෙලා කොමෙන්ටු ගැහීමට හේතුව බස්සි දන්නවාය..;) හරිම සුන්දර අමතක නොවන සැන්දෑවක්..

      Delete
    3. හිහී... දනිමි දනිමි නංගෝ. හරිම සතුටුයි ඔයාලව මුණගැහිලා කතා කරන්න ලැබීම.

      Delete
  2. මමත් එතන සිටියෝය... බස්සත් ඒ ළඟ සිටියා දැක්කෝය... කතාකරන්නට හිතා හිටියත් අන්තිමට බස්සී අන්ත්‍රස්ධාන වෙලෝය....

    ReplyDelete
    Replies
    1. සජ්ජා ඇවිත් බව මටත් කවුරුහරි කිවුවාය. හැරිල බැලුවත් ඇන්ටෙනාවට අහුවුනේ නැත. පපර බෑන්ඩ් එක ටියුන් කර කර ඉන්න අතරේ අපි එලියට ඇවිත් එහෙමම යන්න ගියෝය. සමාව බාජනේකට දාන්ට ය.

      Delete
    2. එවේලේ බැරිවෙච්ච සුභපැතිල්ල ඔන්න දැන් මං කරනවෝ ය. ඉස්සරහටත් ලස්සන ලස්සන දේවල් ලියන්නට හැකියාව දයිරිය ශක්තිය ලැබේවායි පැතුවෝය..

      Delete
    3. බොහොම ස්තූති වේවා ය. සයිබර් අවුරුදු උළෙලේදී අනිවා හමුවෙමු ය.

      Delete
  3. ජය වේවා..!!!
    තවත් රස ලිපි තවත් ඉදිරියට අපිට ලැබේවා...!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ගස්ලබ්බෝ....!!

      Delete
  4. බස්සි ද මා මෙන්ම පට්ට කට්ටක් කා ඇති බව පෙනේ.... පෝන් එක ආන්ස්වර් නොකල එක ගැන ලිවීමට සිදුවීම සම්බන්දව නිල නොවන ලෙස සමාව ඉල්ලා සිටිමි.
    යලි යලිත් කීමට ඇත්තේ මෙවැනි සද් කාර්‍යයන් සිදුකිරීම ඉතා වටිනා බවයි..

    ReplyDelete
    Replies
    1. හික්ස්! පිස්සුද බොල සමාව ඉල්ලන්න!!! හයියූ සල්ලි කීවලු.

      ඔයාලා වගේ අලුත් බ්ලොගර්ලා මෙවැනි ඉවෙන්ට් වලට සහභාගී වීමට දක්වන ඇල්ම බොහොමත්ම අගය කරනවා.

      Delete
  5. යකෝ මාතලන්ට අංකල් කියල රවිට අයියා කියනවා.මොකද බස්සි ඒ?සම්මානයට සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා... මේ ආමන්ත්‍රණ මට හැමවෙලේම වරදිනවා. මාතලන් නම් අංකල් කිවුවට තරහක් නෑ. රවිව මම දැකලවත් නැති එකයි අවුල.

      Delete
  6. අච්චර පැය ගණන් මාන්සි වෙලා පාර හෙව්වා.. තොපිට කියල දුන්නා.. තොපි එකෙක්වත් බලල නෑ. අන්තිමට ඔය ජඩමාදය කියන එක වැරදියට අරන් ඒකයි අවුල. භාවිතා කරන විදියට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියල කිව්ව නං ඕක වෙන්නෑ. මං මුලින් හිතුවේ ජනමාධ්‍ය අමාත්‍යංශය කියල. ඊට පස්සේ හිතුවා ප්‍රෙස් ඉන්සිටිටිටුට් කියලා. අන්තිමට තමා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව බව දැනගත්තේ. ඒ පාර උන්ට කෝල් කරාම එතැනයි කියල කන්ෆර්ම් උනා. ඒ පාර ඩෝ මම රූට් දැම්මා. මැප් දැම්මා.. කොයි බොලා ඒවා බලල නෑ නෙව.. රන්දිල් ඇන්ටි නං යන්නං ගොඩ ගියා මං හිතන්නේ.. මනෝජුයි.. හැක්..

    උඹ සම්මාන ගත්ත එක ගැන ඉතිං මට ඒ තරං සතුටක් නෑ.. (ඉවාන්ගෙන් අහපං) හැක්..

    ReplyDelete
    Replies
    1. මං දන්න පාරවල් කානු ආදිය පාර බ්ලොක්කරගෙන හදන මෑන් කෙනෙකුත් වැරදි මග නැගුමක යන්න ගිහින් යාන්තම් හරි පාරට ගත්ත.

      එතන ටිකක් වැනෙනබල් වගේ හිටපු හැම එකාගෙන්ම වගේ ඇහුව "ඔයා දේශකද කියල". ම්ම්ම්හ්හ්

      Delete
    2. ඇයි බං අර ප්‍රධාන දේශකයෝ තුන් දෙනාගෙන් ඒක ඇහුවේ නැත්තේ. හැක්.. අර කියපු පොර ගැන මට නිච්චි නෑ.. සෑහෙන්න බොන නහය දිග බුවෙක්ද?

      Delete
    3. නහය ගැන දන්නෙ නෑ ටිකක් බැරල් එකක් වගේ ex-gym පප්පෙක්. බස්සිට නම් හරි ලස්සනයිලු.
      සෑහෙන්න බොන තැන්වල ගැවසෙනව විතරයි

      Delete
    4. දේශා අච්චර පාරවලුත් කියාදීල නො ආපු එකට නම් බොහොම අමනාපයි මම. සයිබර් නිව් ඉයර් ෆෙස්ටිවලේටවත් යමු ඈ?

      Delete
  7. බස්සි ඇතුලු සියලු සම්මානලාභීන්ට සුබ පැතුම්.
    අවුරුදු දෙකක් විතර මාතලන් අංකල්ට වඩා වයස රවි අයියාට ටයිම් ට්‍රැවල් විශේෂ සුබ පැතුම්. ගනන් ගන්න එපා මාතලන් පාටට ඊරිසියාවට බස්සි කියන දේවල්.
    බස්සි ඔයිට වඩා හොඳ ෆොටෝ එකක් තිබුනෙ නැද්ද? අඟල් අටේ (ඉවාන්ට අනුව නම් දහයෙ ) හීල්ස් වත් පේන්නෙ නෑනෙ.

    ReplyDelete
    Replies
    1. එහෙමද! අර වාංපතුල් කතා එව්වා මෙව්වා කියවද්දි මට හිතුනෙ රවී පොඩි කොල්ලෙක් වෙන්ටෑ කියලයි.

      Delete
    2. බොහොම ස්තුතියි ප්‍රා! හෆූ අමාරුවෙන් සපත්තු වැහෙන ෆොටෝවක් දැම්මෙ. මුණගැහෙන්න ලැබීම ලොකු සතුටක්. සයිබර් අවුරුදු උත්සවේටත් එන්න හොඳේ....

      Delete
  8. බස්සිට මගෙන් සුබ පැතුම්.. කව්ද බස්සිට කොට ජිවිතේ කිව්වේ :P

    ReplyDelete
    Replies
    1. වැඩක් නැහැ කියලා .. මාත් හිතගෙන හිටියෙ බස්සි අක්කා කොටම කොට ඩයල් එකක් කියලනේ .. හි .. හී

      මං හිතන්නෙ ඕක ඉවාන්ගෙ රුසියන් කුමන්ත්‍රණයක් .....

      Delete
    2. අන්න බලන්න ලමයි. ඔය උඩ ප්‍රාගෙ කමෙන්ට් එහෙම කියවන්න එපා ඒක තනිකර පාඨකයා නොමග යැවීමක්. මං ඉතා හොඳ උසක් පෙන්නුම් කරන බව පැහැදිලියිනෙ දැන්?

      බොහොම ස්තූතියි දෙන්නටම!

      Delete
  9. ගූගල් බලා ආවා නම් මාත් කන්නේ ඔය පරිප්පුවමය. බේරේ ගෙදර නලියාගෙන හරි තැන් අසාගෙන ලෝකල්චේ ගුවේරාගෙන් කොන්ෆෝම් කොරගෙන නියමිත ඉස්තානයට හරියටම ආවේය. ඔය විදියටම ගූගල් එකෙන් බලාගෙන මළ ගෙද්‍රක ගිය හැටි වෙනියාද කොහෙද කළකට කලින් ලියලා තිබුනේය.

    හොඳම බ්ලොගර් සම්මානය දුන්නේ වැරදි එකෙකුටය. නියම සුදුස්සා බස්සිමය...

    ReplyDelete
    Replies
    1. මාතලන් සමග සම්පූර්ණ වශයෙන් එකඟය

      Delete
    2. මාතලන්ගෙන් මේ ලැබුනු සම්මානය ( ඇගයීම ) ත් වටිනවා නොවෑ ..

      Delete
    3. හොඳම බ්ලොගර් සම්මානය ලැබිය යුත්තේ ඒකට අදාල කැපවීම සහ දක්ෂතාවය දෙකම ඉහලින්ම තියෙන කෙනෙකුටය. ඒ අනුව නියම සුදුස්සා වන මාතලන් ට සුදුසුම සම්මානය ලැබී ඇත.

      Delete
  10. බස්සියෝ උඹට සුබම සුබ සුබම සුබ සුබම සුබ CONGRATULATION එකක් වේවා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි විභියෝ....

      Delete
  11. ජනමාධ්‍ය අමාත්‍යාංශයයි කිව්වම මාත් මුළින් ටපලවා ගත්තේ කිරුළ පාරක් ගැනත් එකෙක් කියා තිබුණු හෙයිනි. ඒත් ඒ යන්න පෙරය. අන්තිම මොහොතේ බුකියේ ඔය දේශාගේ ඇඩ්වටීස්මන්ට් එක දුටු නිසා නිවැරදිව තැන නම් හොයා ගත්තේය. මා එතනට යනවිට පටං ගන්න තියා හිතලාවත් නැත.. ඒක එහෙම උනේ දුර කතර ගෙවාගෙන උදේ හිට ඇවිත් නොරිස් කැනල් හරියේ බාර් එකක නැතිවෙමින් සිටි කටුස්සා එයින් මුදා ගැනීම සඳහායි. අවසානයේ ඌවත් පටවාගෙන පැය ගානකට කලින් ඉස්තානයට ගොස් දවල්ට කන්ඩත් නැතුව සාටර් වෙවී හිටිය මට කියන්ඩ දෙනවා කියූ කවිය කියා ගන්ඩ දුන්නේද නැත. ඒකනම් එක අතකින් හොඳය.. අවසානයේ අච්චර උදවු කරාපු මට කටුස්සා කොතරම් ප්‍රති උපකාර කෙරුවේද යත් අවසානයේ පාන්දර තුනටත් මං පිටකොටුව බස්ටෑන්ඩෙකේය.. මුගේ මෙසේ රෙදි ලිහාත් මදිය. කෙසේ නමුත් නෙළුම් යාය හා බ්ලොග් කරුවන් එසේය.. බස්සීට කතා කරත් සුභ පැතීමට නොහැකි විය. පසුව බුකියෙන් සුභ පැතූ නිසා අලුතෙ කිරීමට දෙයක් නැතිය..

    උඹට නගේ සුභ අනාගතයක් ඇත්තේය. ඊලඟ පාර හොඳම බ්ලොග් එක වෙයන්ය.. ජය ශ්‍රී ය!.

    ReplyDelete
    Replies
    1. කලා අහලා තිවුනු විදියේම පොඩි එකෙක් බව දැක්ක ගමන් තේරුනේ ය. හමුවීම ලොකු සතුටක්ය. හෆූ අර අභිරූපනයා මදිවට උඹ එතන කවිත් කියන්න ගියා නම් වෙන්නේ විනාසයක් ය. අනික නාලක ගුණවර්ධනයන්ගේ අපූරු කතාවවත් අහගෙන ඉන්න තරම් ඉවසීමක් නැති ජඩමාද්දිය කාරයෝ උඹ ඔතන කවිත් කිවුවානම් මයික් ස්ටෑන්ඩ් සේරම උගුල්ලන්න තිබුනේය. උඹට තරහා ගිහින් උන්ට ගහන්නත් තිබුනේය. අපිට වලි බේරන්නත් වෙන්නේය.

      බොහොම ඉස්තූතියි ය. සයිබර් නිව් ඉයර් උස්සවේටත් අනිවා වරෙන් ය.

      Delete
  12. බුකියෙ ෆොටෝ වලින් දැකල තිබ්බට බස්සිව හැබැහින් දැකල තිබ්බෙ නෑනෙ.මටත් සුභ පතන්න බැරිවුණා එවෙලෙ නම්. ආ ඒ විතරක් නෙමෙයි බස්සත් හම්බවුනානෙ :D. බසු කපල් එක එක්ක හමු වෙලා කතා කරන්න ලැබීම සතුටක්. ලබන අවුරුද්දේදී හොඳම බ්ලොගය සඳහා සම්මානයත් ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනව. ඔන්න මම බුකියෙ ෆොටෝ එකකුත් ටැග් කළා :D. ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. මනාගේ ගායන හැකියාව අපූරුයි. තව සිංදුවක් දෙකක් කියන්න තිබුනානම් හොඳයි නේද?

      සුභපැතුමට බොහොමත්ම ස්තූතියි හොඳේ...

      Delete
  13. අනේ මන්දය.......
    නියම කතාව අපේ සිකුර කියල තිබ්බය......
    මාතලන් ලොක්ක .........පුක උඩ දාගෙන රට හදන්න කියන & ලියන කතා ඇහැව්වම......
    මෙතෙන්ට ගිය එක ගැනත් දුකය.......
    පව් උඹ මචෝ.......

    ReplyDelete
    Replies
    1. මම ගියේ අජියා නිසාමයි මචෝ... ඌ මාර කට්ටක් කෑවේ මේ වැඩේට.. නැත්නම් මම ඔය පැත්ත පලාතේ යන්නේ නෑ... කරු දන්නවා නම් මම ඒ යකා ගැන ලියලා තියෙන ඒවා.. ගහනවා සම්මානෙන් ඔළුවට...

      Delete
    2. එතනට නොයා කොහොමද අජිත් ධර්මා ඒක වෙනුවෙන් උපරිමයෙන්ම කැපවුනා. අනික ඒකෙන් බ්ලොගර්ලා ගැන ගොඩක් අය දැනගත්තා.

      විවේචන එල්ල කිරීම පහසුයි. ඒත් ප්‍රායෝගිකව යමක් කිරීම තමයි වැදගත්.

      Delete
  14. බස්සි නංගිටත්, ජය ලැබූ අන් සැමටත්, බේලොග් ලෝකයටත් ආදරයෙන් සුබ පැතුම්...

    හමුවෙමු දවසක...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි තරුරසී අක්කේ...!

      Delete
  15. කට්ටියටම ඔන්න මගෙනුත් සුබ පැතුම්.. ෆේස්බුක් එකේ ලයිව් අප්ඩේට් දැක බලා ගත්තනෙ... හි හි

    ReplyDelete
    Replies
    1. ෆේස්බුක් එකේ කට්ටිය ලයිව් විස්තර කියෙව්වද? මම දන්නෑනෙ ඒක.

      තැන්කූ හිරූ අක්කේ...

      Delete
  16. හද පත්ලෙන් නැගෙන උණුසුම් සුභ පැතුම් බස්සියෝ. තෑගි ගන්නකොට මොක නැතත් මූණයි තෑග්ගයි පෙන්නන්න උගන්නල නැද්ද ඉලව්වෙ. බොලාගෙ මූණ බලන්න අර මූණත්තහඩු පොතේ ලගින්න වෙලාවක් නෑ බං. ලගින්නෙ කෝමෙයි එකවුන්ට්ම හැටක් විතර තියේනෙ.

    ReplyDelete
    Replies
    1. අපි මූණ පෙන්නන්නෑ මධූ.. හැංගිලා ඉන්නෙ
      ගොඩක් ස්තූතියි ඔයාටත්!

      Delete
  17. මේ තැන හොයාගන්ඩ බැරි වුණ එක මං හිතන්නෙ පොදුවෙ ඔක්කෝටම එකයි වගේ....අපිත් තුන්හතරවතාවක් එතැන පහුකරගෙන ගිහිං තමා අදාල තැනට සේන්දු උනේ....අන්තිමේට තුන්රෝද රියදුරාත් බොගක් අටව ගන්න කතාවක් ඇහුණා.....
    බස්සී මගේ සුබ පැතුම්......ජය වේවා......

    ReplyDelete
    Replies
    1. වැවා ආවද? කතා කරන්නවත් බැරිවුනා අපරාදෙ...

      Delete
  18. මේ සුභාශිංසන බොක්කේ ගැඹුරුම තැනින්. You guys deserve them.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඩූඩ්!!

      Delete
  19. Replies
    1. බොහොම ස්තූතියි ශ්‍රීනාත්!

      Delete
  20. කිසිම ලාභයක් නැතුව හිතේ සතුට වෙනුවෙන්ම නොකඩවා බ්ලොග් ලියන්න මම හිතන්නෙ ලොකු ඇම්මක් තියෙන්න ඕනේ... ඒක කීබෝඩ් වලින් එහාට ගෙනිහින් මේවගෙ ප්‍රායොගික ලෝකෙට ගේන්න මම හිතන්නේ ඊටත් වඩා ලොකු ඇම්මක් තියෙන්න ඕනේ... මිල කරන්න බැරි ඒ ඇම්ම දිගටම තිබේවා...!

    බස්සි ඇතුලු සම්මාන දිනූ හැමෝටම උණුසුම් සුභපැතුම්..!!!

    ReplyDelete
    Replies
    1. තැන්කූ බීටලේ...

      ඒක ඇත්ත බීට්ල්. ඒ කැපවීම අගය කල යුතුමයි. විවේචන කිරීම පහසුයි, ඒත් මේ වගේ ලොකු අදහසක් යථාර්තයක් බවට පත් කිරීම ගොඩාක් වටිනව.

      Delete
  21. සුබ පැතුම්..

    ReplyDelete
  22. සුබ පැතුම් බස්සිට...හොරෙන්ම ඇවිත් බුකි බිත්තියේ කවි...බ්ලොගයේ කවිත් කියවල යනවා...හරිම රහයි බස්සියේ....ජය වේවා

    ReplyDelete
    Replies
    1. බුකියෙන් බ්ලොගට ආවාට ගොඩක් ස්තූතියි මලින්ත!

      Delete
  23. අන්න අරෙහෙ ඕනය නං පතුරු ඇරල තිබ්බ
    සුභ පැතුම් ලැබුණා වූ සම්මානෙට
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
    Replies
    1. එයද කියෙව්වෙමි..
      ඇත්තක්ද තිබේ...

      Delete
    2. විවේචනය කල යුතුයි. හැබැයි ඕනයාගේ විවේචනය ගැන මටත් විවේචන තිබේ.

      Delete
  24. සම්මානයකුත් හම්බුවෙලා පාටියක් දුන්නේ නෑනේද???
    කෝ එදා ගියපු අය හරියට ඒ වැඩේ කරලා නෑනේ?

    ReplyDelete
    Replies
    1. ගැහැණු ළමයින්ගෙන්, අමද්‍යප අයගෙන් බොන පාර්ටි ඉල්ලන එක හරි නෑ කියන මතයේ ඉන්න වැදගත් බ්ලොගර්ලා සෙට් එකක් එතනට ආපු නිසා බස්සිට පාර්ටි දෙන්න උනේ නෑල්ලු රූපේ.

      Delete
  25. බස්සි .. ඔබට ලැබුනු සම්මානයට හෘදයාංගාම සුභ පැතුම් ...!
    තව තවත් රස , විශිෂ්ඨ නිර්මාණ බිහිකරන්න හැකිවේවා ...!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සඳරූ!

      Delete
  26. සුබ පැතුම් !!

    //නැටුමකට වගේ අමුතු ඇඳුමක් ඇඳන් උන්නු අටම් අයියා//
    කලිසම පැලුනට පස්සෙ වෙන්නැති දකින්න ඇත්තෙ

    ReplyDelete
    Replies
    1. දෙකක් දාගත්තනං නටලම් පෙන්නයි :D

      Delete
    2. කලිසම පැලුන සීන් එක තමා නොකියා කීවෙ... හෙහෙ

      Delete
  27. කැතයි වැඩේ ගෙම්බා සම්මානේ ගන්නවා පොටෝ එකක් දාලා නැ

    ReplyDelete
    Replies
    1. ඇයි මං ගන්න එකත් නෑ ..

      බස්සි මචං !! බාගෙට වැඩ කරන්න එපා .. අපේ පොටොත් දාන්න ඈ

      Delete
    2. අම්මපා උබට කියන්න පත්තරේ........ ඕකට සම්මාන දෙන තැනකින් මටනම් සම්මානයක්වත් එපා..... ලබන අව්රුද්දෙ හරි මට එතනින් සම්මානයක් දෙයිදෝ කියන බයට තමයි මම දැන් වැඩිය බෝග ලියන්නෙත් නැත්තේ

      Delete
    3. ෆොටෝ එකක් ගත්තා. කැමරාව මදි ගෙම්බගෙ සම්පූර්ණ ඡායාරූපයක් ගන්න. අර ප්‍රා කියන්නැගෙ ගෙම්බා ex-gym පප්පෙක් වෙලා.

      Delete
  28. අඩෝව්

    ඕක පෙබරවාරියෙ දැම්මනං .. චැහ් :D

    අර ඉවානයා ආපු එකෙන් වැඩේ තියෙන රෙෂ්පට් එක නැතුව ගියා ඕං..අම්මපා . ඕක යන පාරක වත් යන්න හොඳනෑ .තූ නෙදකිං !!!

    කුජීතයි - ළමය ගෙදර :D

    ReplyDelete
    Replies
    1. හෆූ පත්තරේ ආපු පයින්ම ආපහු ගියායැ? මං හිතුවෙ තාම ලංකාවෙ කියල.

      Delete
  29. හමුවීම ලොකු සතුටක් යශෝ.බස්සවත් හඳුනා ගත්තා නොවැ.ආයෙමත් දවසක හමුවෙමු
    ඉතින්.

    ReplyDelete
    Replies
    1. මනෝ ලොකු පොලිටිකල් පොරක් කියලා හිතුවෙ. අනේ සූටි කොල්ලෙක් නෙව. සයිබර් අවුරුද්දෙදි හමුවෙමුකො.

      Delete
  30. සම්මානෙට සුභ පැතුම් දුවේ !!!!!!!! අඩමානෙට අඩිය තියපු බස්සි වයර්වෙකක පැටලිලා ස්ටේජ් එක උඩින් පියාඹයි කියල මම හිතුවෙ
    ගූගල් දෙයියො මාවත් නොමග අරන් ගියා. අමාරුවෙන් පාර හොයා ගත්තෙ.
    බස්සාව සහ බස්සීව හදුනා ගැනීම සතුටක්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කම්මල මාමා....!! හමුවීම සතුටක්!
      ඔව් අෆ්ෆා අර මීඩියා කාරයො වයර් වපුරලනෙ තිබුනෙ ස්ටේජ් එක උඩ. මාත් පට්ට බයේ උන්නෙ පියාඹන්න වෙයි කියල.

      Delete
  31. උණුසුම් සුභ පැතුම් නගේ..
    මූණුපොතෙත් සුභ පැතුවා නේද? මේ දවස්වල වයර් ෂෝට්..කොටින්ම සම්මාන උළෙල සිහියට ආවේ උඹේ චෙකින් එක දැක්කමයි..එතකොටත් මම හිතන්නේ සමාන උළෙල ඉවරයි..හී හී..
    තවතවත් අපූරු නිර්මාණ කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා!
    අර මූණු පොතේ කුරුටු ගාන එව්වත් පස්සේ හරි බ්ලොගේ පළ කරන එක තමා හොඳ නේද?:D

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි තනියා අක්කා!!!

      මූණු පොතේ දාපුවා බ්ලොගේ දානකොට මේ බ්ලොග් රසිකයෝ කොකු දානවනෙ. ගොඩක් අය මූණු පොත එක්ක තරහයි අෆ්ෆා. ඒ නිසා බ්ලොගට වෙනමයි බුකියට වෙනමයි ලියනවා.

      Delete
  32. මගෙනුත් සුභපැතුම්
    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි වර්ණ!!

      Delete