Tuesday, March 3, 2015

දොස්තර කානේෂන් සහ අභ්‍යන්තර මල් ගහණ







හිසරදේ. යාන්තම් කරකැවිල්ලකුත් එක්ක. ඒක කරකැවිල්ලක්මත් නෙමෙයි. අභ්‍යන්තර පද්ධතිවල පොඩි සෙලවීමක් වගේ. ඇඳුම් අල්මාරිය ගාව ඉඳන් අයන් බෝඩ් එක ගාවට යන අතරේ ලා රෝස පාට බිත්ති, භූමිදර්ශන සහිත බිත්ති සැරසිලිත් එක්කම අංශක දෙකතුනක් එහාට මෙහාට පැද්දුනා.


රත් වෙච්ච අයන් එක ගවුම් කොලරයට තියනකොටම ආවෙ උඳුනක කරවෙන ඉඟුරු පාන් සුවඳක්. වෙන වෙලාවකනම් ඒ සුවඳ කටට කෙල උණන තරම් ප්‍රණීත වෙන්න ඉඩ තිබුනා. ඒත් හිසරදයත්, කරකැවිල්ලත් එක්ක මුහු උනාම ඒ සුවඳට පුලුවනි බඩ ඇතුලේ ලොකු පෙරලියක් කරන්න.


ඉතින් මම පිම්මේ දුවගෙන ගියේ නානකාමරයට.

“ඔවෑක්! ඕක්!”

සාමාන්‍යෙන් ඊළඟට එළඹෙන්නේ අප්පිරියාවෙන් නහය හකුළුවා ගන්නා වෙලාව. ඒත් මේ වෙලාවෙ නානකාමරය පුරාම හමා යන්නට වුනේ අපූරු මල් සුවඳක්. ඒ මල් සුවඳ තත්පර කාලක් ඇතුලත මුලු නානකාමරයම වහ ගත්තා. එයාර් ෆ්‍රෙශ්නර් එකේ මින්ට් සුවඳ වේගයෙන් තුනී වේගෙන යනකොට මම ඇස් ඇරලා සින්ක් එක දිහා බැලුවා.


හත් දෙයියනේ! තද කහ තැඹිලි පාට දාස්පෙතියා මලක්!


ඇත්තටම මම දාස්පෙතියා මල්වලට ආස නෑ. කොටින්ම කිව්වොත් මට පේන්න බැරි තරමයි. මම කොහොමත් මල් වැවිල්ලට මනාපයක් පෙන්නුවෙ නෑ කොයියම්ම කාලෙකවත්. ඉතින් මම කලේ දාස්පෙතියා මලේ පෙති කෙලවරක් ඇඟිලි දෙකෙන් අල්ලලා කොමඩ් එකට දාලා ෆ්ලෂ් කරපු එක.


කහ තැඹිලි රවුමක් කැරකි කැරකි කොමඩ් එක ඇතුලට සර්පිලාකාර ගමනක යෙදෙන හැටි බලන් උන්නු මම දිග හුස්මක් පහලට හෙලුවා. හුස්මත් එක්ක නහයෙන් එළියට පැනපු තැඹිලි පාට රේණු අංශු සුදු ටයිල් කැට උඩ රටාවක් ඇන්දා.


මේක කොහොමත්ම ඔෆිස් යන්න සුදුසු තත්වයක් නෙමෙයි. ඒත් මල් වමනේ යාම? සමහරවිට බොස් කියාවි එයාගෙ ගෙදරට ඇවිත් මල් ටිකක් පැල කරල දෙන්න කියල. නොදන්වා නිවාඩු ගන්න එක කරන්න පුලුවන් දේකුත් නෙමෙයි. ලියමනක් යවන එක කෝල් කරනවට වඩා පහසුයි.


මං මේසෙ උඩ තිවුනු පබළු පෑන අරන් කුරුමිණි අකුරෙන් ලිව්වා “අසනීපයි, කරුණාකර නිවාඩු ලබා දෙන්න!” කියල. ඔව්, මං විස්මයාර්ථ ලකුණක් තිබ්බා. මොකද මේක සාමාන්‍ය තත්වයක් නෙමෙයි නෙ.  ලියුම අරන් ගිහින් බැල්කනියෙ වහල උන්නු අටු බකමූණගෙ දකුණු අණ්ඩෙ ගෝණි නූලකින් ගැටගැහැව්වා. වම් කකුලෙ ගැටගහන්නෙ පාර්සල් තැපැල් විතරයි. කොහොමත් උගේ වම් කකුල යකඩ වගේ හයියයි.


ඉන් පස්සෙ මම ජනෙල් කවුළු එකක් නෑර ඇරලා දැම්ම. මේ වගේ අවස්ථාවක හොඳම බෙහෙත වෙන්නෙ වාතාශ්‍රය. හොඳ පිරිසිදු වාතාශ්‍රය ආඝ්‍රාණය කරපු පැය කිහිපයකින් පස්සෙ මේ ලෙඩේ සලකුණක්වත් නොතියා අතුරුදහන් වෙන්න පුලුවන්.


මම මෙට්ටෙ උඩ බද්ධ පර්යංකයෙන් වාඩිවෙලා හොඳ ගැඹුරට හුස්ම ඉහළ පහළ යවන්න පටන් ගත්තා. මද උණුහුමක් එක්ක කහපාට ඉර එළිය මගේ ඉහට උඩින් වැටිලා තිවුනා. කණ්නාඩි මේසයෙ බිත්තර හැඩේ වීදුරුව ඇතුලෙන් මට මගේ ඡායාව පේනව.


මානෙල් පාට අත්තටුවල කළු පාට ඉරි වැටුනු ලොකු සමනල්ලු තුන්දෙනෙක් ජනේලෙන් කාමරේට රිංගගත්තෙ ඔය වෙලාවෙයි. උන්ගේ බෙලි දිගයි. හීනියි. සපත්තු පොලිෂ් දාලා මැදලා වගේ ඉර අවුව වැටිලා කළු පාට දිලිසෙනවා. ඔලුව වටේ කැරකි කැරකි උන්නු සමනල්ලු තුන්දෙනා පෝලිමක් හැදුනෙ හිතාගන්න බැරි තරම් ඉක්මනින්. ඉන් පස්සෙ උන් එකා පස්සෙ එකා සීරිවට මගේ දකුණු කනෙන් ඇතුලට රිංගුවා!






සමනල්ලු පියෑඹුවේ පහළට. නහය යටින් උන් තටු ගහද්දි ආපු කිතියට ලොකු කිඹුහුමක් එක්ක මල් පෙති දාහතක් එලියට පැන්නා. මේක තවදුරටත් බලාගෙන ඉන්න සුදුසු තත්වයක් නෙමෙයි. මම වහාම ඩිස්පැන්සරියට කෝල් කරලා ගුප්ත විද්‍යා ශාකවේදිනී දොස්තර බාබන්ඩේසි කානේෂන්ව මුණගැහෙන්න වෙලාවක් වෙන්කරගත්තා.


හෙල්මට් දාගෙන කාර් එකේ යන මනුස්සයෙක් දිහා හැමෝම තම තමන්ගේ පියාසැරිය නවත්තලා හොට දික් කරන් බලා ඉඳිල්ල බලාපොරොත්තු වෙන්න පුලුවන් දෙයක්. ඒ නිසා මම ඒක සත පහකටවත් ගනන් ගත්තෙ නෑ. ඒත් ලොකුම ප්‍රශ්ණය උනේ ඩිස්පැන්සරියට ඇතුලුවෙලා හෙල්මට් එක ගලවාපු ගමන් කොහේදෝ යන මී මැස්සෙක් නහය ඇතුලට රිංගා ගත්තු එක. උගේ කුඩා කවාකාර තටුවල කම්පනයත් එක්ක නහයේ කාටිලේජ අනුනාද වෙන්න පටන් ගන්නකොට මම උන්නේ තනිකකුලෙන් උඩ පැන පැන.


දොස්තර කානේෂන් කණ්නාඩි කුට්ටමට උඩින් මගේ දිහා බැලුවා.
“හෝ හෝ හෝ….! අභ්‍යන්තර මල් ගහණයක්?”

වෙද නළාව දකුණු පෙණහැල්ලට තියල තද කල ගමන් දොස්තරාගෙ ඇස් දෙක නළල දක්වා ඉහළ ගියා. 


“මෙන්න මේ ටෝච් එක අල්ලන්න ළමයා!” ළඟ උන්නු නර්ස් යුනිෆොර්ම් ඇඳපු චින්චැට් කිරිල්ලියෙක්ට කියපු දොස්තරා සීරුවට කට ඇතුලට රිංගලා අන්නසෝත්‍රය දිගේ පහළට ඇවිදගෙන යන හැටි මට දැනුනා.


ටිකකින් ඔහු එළියට ආවෙ පාට පාට සීනියාස් මල් පොකුරක් කබා සාක්කුවෙ දමාගෙන. මල් පෙති විතරක් නෙමෙයි සමනල තටු කැබලිත්, විවිධ හැඩයේ තෘණ කොටසුත් කබායේ තැනින් තැන ඇලවිලා තිබුනා. දොස්තරා මේසෙ උඩ තිවුනු තෙත ටිෂූ කොලයකින් කණ්නාඩිය පිහදාන ගමන් මගෙ දිහා බලමින් ඇස් කැරකෙවුවා.


“මේක ලේසි පාසු ලෙඩක් නෙමේ. පෙණහලු පුරාම මල් පිපිලා!” දොස්තරා ඇහි බැම දෙක ඉහළ එසෙවුවා. “හිතනවා වැඩියි. දවල් හීන! ඒක තමයි මූලිකම හේතුව.”

“මේකට අපිට වල්නාශක මාත්‍රාවක් නිර්දේශ කරන්න පුලුවනි. නැත්නම් ඔයාට පුලුවන් හැමදාම ඔය මල් ගාල සුද්ද කර කර කොළවල ඔතලා පාරෙ යන මිනිස්සුන්ට බෙදා දෙන්න.”

නර්ස් කිරිල්ලිය පවුම් එකසිය දොළහක බිලක් මගෙ අතේ තිබ්බා. 






මල් පොකුරු බෙදා දීම ලේසි පාසු වැඩක් වුනේ නැහැ. “පිස්සෙක්!” කියලා තමයි බහුතරයක් දෙනා කිව්වෙ. බොහොම කලාතුරකින් එක්කෙනෙක් දෙන්නෙක් මල් අතට අරන් හැඩරුව වර්ණනා කලා. ඒ අයගෙනුත් සමහරු කියලා තිවුනේ “මල් බෙදන්නෝ එක්කෝ මත් කුඩු ගන්න අය නැත්නම් විකෘති මානසික තත්ව ඇති අය” කියලයි.


ඊට වඩා බලන්න වටින්නේ මල් බෙදන්නන් අතර තිවුනු තරඟේ! හොරකම, කකුල් පූට්ටු, මඩ ගැසීම් අඩුවක් නැතුව තිබුනා. උහුලගන්නම බැරි වුනේ මේ දේවල් ගැන හාංකවිසියක් නැතුව තව තවත් මල් පිපෙමින් හුස්ම හිරකරවන එක.


ඉතින් මම තීරණය කලා ග්ලයිපොසේට් බෝතලයක් බීලා මල් යාය එක පාරම මරා දාන්න. දොස්තරා නියම කරන ශේෂ මාත්‍රා මට පත්තියම් නොවන බව ස්ථීරයි. කොහොමත් හිත ඇතුලේ මල් පිපෙන එක සාමාන්‍ය තත්වයක් නෙමෙයි.



~ මොලේ Crack උනු piKsu බස්සියෙක් ~




87 comments:

  1. හා හා හා හා හා නියමයි බස්සි ඔයාගේ මේ ටයිප් එකට ලියපු කතා ටික ඔක්කොම එකතු කරලා කවදාහරි පොතක් කරන්න ,,ලස්සන සුරංගනා කතා පොතක් වේවි...

    ReplyDelete
    Replies
    1. අයියෝ පොත් ලියන එක ගොඩාක් ලොකු වැඩක්. අපි තවම පොඩි ළමයි වෙමු.

      තැන්කූ ඔමා!!

      Delete
  2. actually this is a good difference ...in this democratic republican country sri lanka, this is a good fairy tale...you know, a little bit like err pony tale hahh....hah hah....however is it how much fair to poisoning mild flowers!! bit confusious ...hahhh hahh....otherwise there are poison flowers you know!! like in "Pushpe aiya"s stall....just a one shot sniff !!* swirls fairies and angles and .... every heaven around you so next time ,keep in alert about that..however i suppose this is an enormous attractive one..no doubt ,o yeas.......

    ReplyDelete
    Replies

    1. Thanks a lot Madhawa! Its my pleasure that you enjoyed reading this. I didn't get the "pony tale" remark though.

      Hahaha yar I've heard that such 'flowers' could do wonders. Many ppl mention that 'folwer sniffs' after going through bassi's magical realism attempts.

      Delete
  3. බස්සට කියන්න වහාම බමුණන් කැදවන්න කියල මහමයාදේවිත් දැක්කෙ ඔයවගේ අපබ්බ්‍රංස හීනයක් 

    ReplyDelete
    Replies
    1. හිහි.. ෆේස්බුකියෙත් මේ කතාව අරභයා ඔහොම මඩ ප්‍රචාරයක් දියත් වෙනවා. අපි නම් සැලෙයි ඔව්වට.

      Delete
  4. හරිම මාන්දමික තත්ත්වයක්! වහාම ඔය මොනවා හරි "බෝතලයක්" ම ගහලා දාන්න එක පාරම!

    ReplyDelete
    Replies
    1. හිහිහි ඔන්න ඔයා කියන හින්දම බීල දානව ඈ!

      Delete
  5. අම්මපා බස්සි මේක නම් සුරංගනා ලෝකයක්.....

    ReplyDelete
  6. ඔය කොඅල වල ඔතලා කරන "මල්" බිස්නස් එක හොඳ ප්‍රොෆිටබල් බිස්නස් එකක්.. මතකෙයි අර රොකට් රෝහිණි කියලා මම "ලියලා ඉවර කළ කතාව". ඒකෙත් ඉන්නේ මල් විකුණන අක්කා කෙනෙක්.

    මට දුක මල් ගහන එකෙකුටවත් මෙච්චර ලස්සන එකක් ලියා ගන්න බැරි එක. මලක් ගැහුවටත් වඩා ආතල්. චෙෆාකී මේක දැක්කොත් ඒක සනාත කරයි.. මගෙත් මෂ්තිකය පොඩ්ඩක් හෙල්ලුනා.. අංගොඩ යන්නම වෙනවා...

    ReplyDelete
    Replies
    1. හිහිහි... බොහොම ස්තූතියි මාතලන්!!
      අර "ඉවර කල" රොකට් රෝහිණී කතාවත් ඉවර කලානම් හොඳයි නේද?

      Delete
  7. " ~ මොලේ Crack උනු piKsu බස්සියෙක් ~ " ලිව්ව කෙනාව හරියටම විස්තර ඇතුව දාල තියෙනවා...

    බඩ පිපුන කිව්වහම මලක් කෑවද ඇහුව වගේ කතාවක්.. :)

    ReplyDelete
    Replies
    1. //බඩ පිපුන කිව්වහම මලක් කෑවද ඇහුව වගේ කතාවක්// අහා ඒක මරු කතාව!

      තැන්කූ මල්කොබා!

      Delete
  8. නියමයි බස්සියෝ ....මල් ගැන කවර කතාද ?

    සිරිලක අපගේ... සිරි සැප දේ... ගහන අයයි ඒවා දන්නේ.....
    මත් පැන් වගෙ නෑ... වැඩි වියදම් නෑ... පොඩි ගානයි මේකට යන්නේ.....
    ඉස්සර වගෙ නෑ... දැන් දුන්කොලෙ නෑ... සුදු කොලයක ඔතලයි බොන්නේ.....
    බිව්වට වෙරි නෑ... කලබලයක් නෑ... කට්ටිය පාඩුවෙමයි ඉන්නේ.....
    මල් ඔතනෝ..මල් ඔතනෝ..
    වට පිට බල බල, මල් ඔතනෝ.....//
    මල් ඔතනෝ..මල් ඔතනෝ..
    ඇට නැටි ඇහිදල,මල් ඔතනෝ.....//

    පුන් සඳ පායල ඇති රැයක,,,
    ගඟ ලඟ ඇති පොඩි අතු ගේක,,,
    නැති කරගන්නට දුක ශෝක,,,
    හැමදාමත් කරනව මේක,,,
    මල් ඔතනෝ..මල් ඔතනෝ..
    වට පිට බල බල, මල් ඔතනෝ.....//
    මල් ඔතනෝ..මල් ඔතනෝ..
    ඇට නැටි ඇහිදල,මල් ඔතනෝ.....//

    ගායනය - පොඩි ළමයා (දීපාල් සිල්වා )
    https://www.youtube.com/watch?v=JJfni0oKSN8

    ReplyDelete
    Replies
    1. "මල් මල් හීනය සීතල උදයේ
      පැල්පත් මීදුම මැද රැදිලා
      නිල්වන් අහසේ පින්බර යුගයක
      රන්වන් රන්වන් හිරු නැගිලා...

      ගායනය - නන්දා මාලනී

      Delete
    2. බොහොම ස්තූතියි සින්දු ඇනෝ!

      සකුරාමල් පිපිලා සින්දුවත් ගැලපෙනව නේද?

      Delete
  9. චා චා චා..... හදාගත්තද ඔයත් ඒ ලෙඩේ?? දැන් ඉතින් මක්කා කොරන්නද...

    එකක් කියන්නම්, ඔය දොස්තරා කියන ජාතියේ එව්වා බොන්නේ පරිස්සමෙන්. උන්දා එකපාරක් දුන්නනේ දම් කැට පොහොර කෝප්පයක් මට...! මොකවත් හින්ද නෙවෙයි එදා උන්දැගේ බාබන්ඩේසි ටික පස්වලට යටවෙලා වැඩි නිසා මැරෙන්න ගොහිං තිබ්බ හින්ද හිටියේ සිහිකල්පනාවක් නැතුව. මටත් කෝප්පයක් දීල, උන්දැත් කෝප්පයක් බිව්වා. පස්සේ තමයි ආරංචි උනේ උන්ද කොහොමත් උන්දැගේ නමේ මුලට බාබන්ඩේසි කොටසක් එකතු කරගන්න ඒ දවස්වල පාඩම් කළා කියල.

    ඔක්කොමත් හරි, ඔය සමනල්ලු එක්ක නම් වැඩි බජනයක් තියාගන්න එපා. උන් හරි ජේත්තුකාරයෝ වගේ පෙනුනට කටකතා පැට්ටේරි!! උන් කටුස්සන්ට ගිහින් කිව්ව ගමන් තමයි ඔයා පස්සේ කටුස්සෝ දුවන් එන්න හදන්නේ. මොනම විදියකින්වත් ගැලවෙන්න බැහැ උන්ගෙන්. දාස්පෙතියා තියෙනවා කිව්වොත් උන් හයිවේ එක දිගේ උනත් එයි දිවි පරදුවට තියල..

    මෙව්වා මම කිව්වා කියල කාටවත් කියනවා එහෙම නෙවෙයි හරිද? අර දොස්තරාට විශේෂයෙන්! මොකද මගේ පලතුරු බීම කඩෙන් තමයි එයා හැමදාම ඩ්‍රින්ක් එක දාල ගෙදර යන්නේ... පව් නේ?

    ReplyDelete
    Replies
    1. මෙන්න අනික් ඩයල් එක..බොලා දෙන්නට බැරිද සුරංගනා කතා සීරිස් එකක් ලියන්න අපිවත් කැරකිලා යන විදියේ? ;)

      Delete
    2. ඔන්න කිව්වා... ඔය කිව්වේ! මම මොකද්ද කරපු වැරැද්ද? මම හරී ඉ..ඉ..ඉ..ඉ..ඉ.ඉ....ඊ අහිංසකයි, පොඩියි, කොටයි. වැරද්දක් උනා නම් අර ඉන්නේ ඉවාන් කොන්ඩේ ගහක්වත් ඔලුවේ නැතුව ගෙලේ පුපුවේ මොකද්දෝ විජ්ජුම්බරයක් කරගෙන... අන්න එයාව මගුල් ඇතා ලව්වා පාගවන්න...

      (රහසින්) බස්සියෝ... වැඩේ පොඩ්ඩක් අල උනා.. බැරිද පොඩි සප් එකක් දෙන්න?

      Delete
    3. මේ ඉන්නේ අභ්‍යන්තර මල් ගහණය අසාධ්‍ය වෙච්ච තවත් එකෙක්. මම නම් හිතන්නෙ උපයෝ ඩොක්ටර් කානේෂන් හොඳ මනුස්සයා. අර චින්චැට් කිරිල්ලි ඔලුවෙ බිත්තර දාපු දවසට තමයි මනුස්සයගෙ පොඩ්ඩක් නුහුගුණ ගති මතුවෙන්නෙ.

      Delete
    4. හැක්. තනියා අපි ලියන්නං. උඹට පුලුවන්ද ඒවා "දිල් පීචං ක්‍යා හේ" වගේ මහා සිනමා කෘති බවට පත්කොරන්න?

      Delete
    5. ආයෙත් අහලා..මොකෑ බං බැරි...ලියලා දීහල්ලා බලන්න...අර ඉවාන්ටත් චරිතයක් ඕනේ කියන එකේ ඔය දොස්තරාගේ චරිතේවත් දෙන්ට බැරුවයැ..:P :P
      (බුදු බස්සියෝ මාව බේරගන්! අන්න අරූ මාව මරන්න එනෝ!! ) :D :D

      Delete
    6. කවුද කවුද අපේ නුවර කුමාරිවම මඟුල් ඇතා ලව්වා පාගවන්න හැදුවේ??
      (රහසින්) මේ හින්නිකිත්තර හූනු පැටික්කියෝ පාගවනවද බං අලි ලව්වා...අපරාදේ උගෙ පැස්ටෝල් ටික..!
      (හයියෙන්) නැද්ද මං අහන්නේ?? :P :P

      Delete
    7. අඩෝ තනි නංගී ... උඹ ඉතිං මට චරිත නැතුව චිත්‍රපටි හැදුවොත් පහුවදාම ස්වර්ගේ ට්‍රිප් එකක් යන්න ලාස්තිවෙයන්

      Delete
    8. ඉවාන්: බය වෙන්න එපා.. ඔයාව චරිත එකකට නෙවෙයි, දෙකකටම ගන්නවා.

      පළවෙනි චරිතය : ISIS සටන්කාමියෙකුට. ඇඳුම : ඇස්දෙක ඇරුණුකොට ඔක්කොම ඔතාගෙන ඉන්න ඕනේ.
      දෙවෙනි චරිතය : වෙඩිතියන දර්ශනයකදී. නෑ නෑ .. ඔයා නෙවෙයි වෙඩි තියනේ ප්‍රධාන නළුවා. ඔයාට තියෙන්නේ කිලෝමිරටයක් විතර ඈතින් ඉඳන් ඒ වෙඩිල්ලට මැරිලා වැටෙන්න. ඇඳුම: ඔයා ආස ඕනේ ඇඳුමක් ඇඳන් එන්න...

      Delete
    9. (වලිබර ටෝන් එකෙන්) ආ...ඉවාන් අයියා...(ෂේප් ටෝන් එකෙන්) උඹට චරිත නොදී හදන චිත්‍රපටි තියෙනවද බං මෙහේ? :D හැබැයි ඔන්න ඔය නුකූ කියන ජාතියේ ඇඳුම් අඳින්න වෙයිද දන්නේ නෑ..මේ ටිකේ උඹ ඔය ටිකක් අත පය දික් කරලා ඇවිදලා එහෙම පුරුදු වෙයන් පුටුව උඩට වෙලා නොඉඳ...රාත්තල් 30-40ක් වත් අඩු කරගන්න එපැයි..:P

      Delete
    10. //ඇඳුම: ඔයා ආස ඕනේ ඇඳුමක් ඇඳන් එන්න...//
      ඔහොම කියන්න එපා යෝදියේ මේ යකා නිරුවස්තරෙන් ආවොත් එහෙම..! :P

      Delete
    11. නු.කු. - උපේක්ෂා - මොනවද යකෝ ඒ චරිත . අඩු ගානේ ඇඟිල්ලක් පෙන්නන්න ඉඩ දීපං; මගේ ඇඟ කිලිපොලා යන ත්‍රාසජනක සටන් ජවනිකා පෙන්නන්න එක අවස්තාවක් ලබා නොදීම ගැන දැඩි විරෝධය .

      Delete
    12. තනියා - යකෝ රාත්තල් 30 ක් අඩු කරොත් මගේ බර ඍන වෙයි . හිතුවද උඹ වගේ පීප්පයක් කියලා මම .

      නිරුවස්තරෙන් ආවොත් මට වැඩි දුරක් එන්න වෙන්නේ නෑ. ඒ තරං ඉල්ලුම හැක හැක හැක හැක :P

      Delete
    13. හැයි ? එව්වා චරිත නෙවෙයිද? මෙව්වා සබ්බාය්ය චිත්තරපටි. ත්‍රාසය කිව්වා නේද? ත්‍රාසය තමයි වැඩිපුර තියෙන්නේ... එකනේ වෙඩි කන්න වෙනවා කිව්වේ.. නැත්තම් ඉන්න පුළුවන් ගහකට... නැත්තම් ජිරාෆ් කෙනෙකුට? දෙබස් පොඩ්ඩයි.. පොඩ්ඩක් කියන්නේ ඇත්තෙම නැති තරම්...

      නිර්වස්තරෙන් ආවොත් එන්න වෙන්නේ නැහැ කිව්වේ...?? මස් කඩේට දක්කන් යන්න කට්ටිය පෝලිමට දුවන් එයි නේ? නිකන් මොකටද නගර තදබදේ වැඩි කරන්නේ.

      Delete
    14. ඉවාන් :"උඹේ" ඇඟ කිලිපොලා යයි තමයි වෙඩි කන්න වුණාම..! :P :P :P

      Delete
  10. හපොයි මෙන්න මේක කියව කියව ඉන්නකොට දාස් පෙතියා පෙත්තක් මගේ නහයටත් ගියා. මගේ පෙනහළු වලත් මල් පිපෙයිද දන්නෑ... :O

    සුපිරියි ඈ....

    ReplyDelete
    Replies
    1. ඔයාට එක පෙත්තයි. මාට මේක කියවල මල් පෙති හිර වෙලා මල පහත් ගියා ..

      Delete
    2. බයවෙන්නෙපා තුශ්! මං ඔයාට ඩොක්ටර් කානේෂන්ගේ කන්ටැක්ට්ස් එවන්නං. :D

      Delete
  11. පියල් උදය සමරවීර ගේ "මල් මාමා"මතකද යශෝ?
    මල්,මල් ලෝකේකට එක්කන් ගියා එළ ඈ.

    අර උඩින්ම අපුර් කරලා තියෙන යෝජනවා මම ස්ථිර කරනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මනෝ...!!!
      උඩ කමෙන්ට් එකේ මම ඒකට උත්තරෙත් දුන්න... හිහිහි

      Delete
  12. හපොයි , මම හිතුවේ උඹට පොඩ්ඩක් හරි මොලේ හොඳට ඇති කියලා , උඹට තනිකර පිස්සු, මොලේ හොඳට තියෙන එකෙකුට මේවගේ කතා ලියන්න බෑ යකොව් , අනිවා උඹට පිස්සු උඹට පිස්සු උඹට පිස්සුඌඌඌඌ...................

    ReplyDelete
    Replies
    1. උඹට සීරියස් කමෙන්ට් එකක් දාන්න බැරිවුනානේ .

      //""ඊට වඩා බලන්න වටින්නේ මල් බෙදන්නන් අතර තිවුනු තරඟේ! හොරකම, කකුල් පූට්ටු, මඩ ගැසීම් අඩුවක් නැතුව තිබුනා. උහුලගන්නම බැරි වුනේ මේ දේවල් ගැන හාංකවිසියක් නැතුව තව තවත් මල් පිපෙමින් හුස්ම හිරකරවන එක.""//

      මේකේ තව අඩුයි මල් බෙදන්නන් අතරේ තියෙන ඉරිසියාව , කුහකකම , ලොක්කන් වීමේ ආසාව , ලොක්කෙක් කියා හිතාගෙන සිටීම, ලොක්කෝ ලඟින් ආශ්‍රය කිරීමේ දොළ දුක , තමන්ගේ වත්තේ පිපෙන මල් තමා හොඳම මල් කියලා හිතාගෙන සිටීම , අනුන්ගේ මල් වතු වලට තමුන්ගේ හරක් ලිහා දැමීම වගේ දේවල් ..

      හැබැයි ඔය දවල් ඔක්කොම එක්ක ඒ දේවල් ගැන හාංකවිසියක් ගණන් ගන්නේ නැතුව හුස්ම හිරවෙන්න තරම් මල් පිපෙන එක ගැන ආඩම්බර වෙයං. ගොඩක් වෙලාවට වෙන්නේ පිපෙන මලුත් පරවෙලා යන එක.

      // “මල් බෙදන්නෝ එක්කෝ මත් කුඩු ගන්න අය නැත්නම් විකෘති මානසික තත්ව ඇති අය” කියලයි.""// හැබැයි එකනම් ඇත්ත මචෝ. දැන් බලපන් උඹවුනත් අන්තිමටම මොලේ අප්සට් ඩයල් එකක් නේ . හා බොරුද ?

      Delete
    2. ඉවාන් නෙවෙයි නේද ඔය දොස්තරයා? මොකද මූ ඔය බාබ්න්ඩේසියට වඩා මොළේ හෙලවිච්ච ඩයල් එකක් නේ (දුවන ගමන්) :P :P :P

      Delete
    3. හෙක් හෙක් අඩෝ තනිච්චි ,උඹත් වරෙන් මගෙන් බෙහෙත් ගන්න වෙලාවක. යකෝ ආයේ නෑ ... කිරිගහට ඇන්නා වගේ සනීපයි. ලෙඩා මලත් බඩ සුද්දයි ... ඕ... යේස්

      Delete
    4. ඇයි හත් ඉලව්වේ ඔළුවේ අමාරුවලට බඩ විරේක කොරලා හරි යනවයැ! :P

      Delete
    5. තැන්කූ වේවා ඉවානෝ...!
      රිප්ලයි ඩිලේ වීම ගැන මාගේ බලවත් කණගාටුව!!

      Delete
    6. අනිවා තනියෝ... ඕකා බාබන්ඩේසිට හපන්. ඔලුවෙ අමාරුවට අක්මාවට බේත් දෙයි.

      Delete
  13. හිත ඇතුලේ ඉවරයක් නෑ මල් පිපිනෙවා.. ඕකට හොඳම විසඳුම පිපින මල් සේරම මේ වගේ කොළවල ලියල ලියල අපට අලෙවි කරන්න.. කකුල් මාට්ටු ගනන් ගන්න එපා.. මල් විනාස වෙන්න කැලෑ වදින්න දෙන්නත් එපා.. මොකද මෙහෙම නොකඩවා මල් පිපෙන්නේ කාලෙකට විතරයි.. ඒ කාලෙ ගියාම නිකම්ම මල් වරනවා.. එතකොට හිතෙනවා අපරාදේ ඒ කාලේ හිතෙ නොකඩවා පිපුණු මල් වනපොත් කරානම් කියලා.. දැන් මේ අපිට හිතෙනවා වගේ.. අනික හැමෝගෙම ඔහොම හිත් මල් පිපෙන්නෙත් නෑ.. පිපුණට හැමෝටම මෙහෙම කොලවල ලස්සනට ඔතල විකුණන්න තේරෙන්නෙත් නෑ.. මේකත් මටනම් ඒ වගේ කොළයක ඔතල දුන්නු ලස්සන මල් මල් තෑග්ගක් වගේ.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. තැන්කූ කලා.... කතාව තේරුම් ගත්තු බව මට ඒත්තු ගැන්වෙන කමෙන්ට් එකක් මම මුලින්ම දැක්කෙ ඔයාගෙන්. ඔය උඩ ඉවානයගෙ සිරා කමෙන්ටුව වැටුනෙත් පස්සෙ නේ. ඉතින් මේ කමෙන්ට් එක දැක්ක වෙලේ බොහොම සතුටු හිතුනා. රිප්ලයි තමා ප්‍රමාද උනේ.

      Delete
  14. මල් පිපෙන්නෙ කාට..කාට
    ළමයින්ටයි පාට පාට ...

    ඔක්කොම හරි බස්සගෙ කකුලෙ පණිවිඩ ගැට ගහල යවනවටනම් මම විරුද්දයි

    ReplyDelete
    Replies
    1. තැන්කූ කම්මල! බස්සා ඉතින් කිසි විරුද්ධත්වයක් පෙන්නුවෙ නෑ අෆ්ෆා.
      රිප්ලයි ඩිලේ වීම ගැන මාගේ බලවත් කණගාටුව!!

      Delete
  15. සැහ්..මේක කියෝල මගෙත් පපුව නිකං කිති කැවෙනව වගේ.

    ReplyDelete
    Replies
    1. එහෙනම් වහාම යන් ඩොක්ටර් කානේෂන් මුණගැහෙන්ට.
      රිප්ලයි ඩිලේ වීම ගැන මාගේ බලවත් කණගාටුව!!

      Delete
  16. ලගදි නේද එන්ගේජ් උනේ......... ඒක තමා රෝග ලක්ශනේ........ වල්නාශක ගහන්න එපා ..... පිස්සුද....? කතාව මාර ලස්සනයි. බස්සි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නිහිංසා අක්කේ.
      මඩ පිළිබඳ බලවත් විරෝධය!
      රිප්ලයි ඩිලේ වීම ගැන බලවත් කණගාටුව!!

      Delete
  17. මල් පොකුරම පැනලා තියෙන්නේ ඒකයි එහෙනම්. ඒත් ඇයි මේ වොෂ් බේසින්/සින්ක් එකට වමනේ දාන්නේ? අපි නම් කෙලින්ම ටොයිලට් එකට වමනේ දාන්නේ. මොනවද ඕක් ගාලා දාලා ෆ්ලෂ් කරන එකයි තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මදැයි ඩූඩ් ඉඳලා ඉඳලා අල්ලගෙන තියෙන එක. මටවත් ඒක ගැන එච්චර හිතුන්නෑ නෙව. ඒ උනාට හරිම සතුටුයි ඒ පුංචි නොගැලපීම පේනවා කියන්නේ කතාව මාර උනන්දුවෙන් කියෝලා නෙ.
      රිප්ලයි ඩිලේ වීම ගැන මාගේ බලවත් කණගාටුව!!

      Delete
    2. සිරාවටම අහන්නේ. සින්ක් එකේ පොඩි සිදුරුවලින් වමනේ ලොකු කෑලි රිංගවන්න යන වෙලාවේ ටොයිලට් එකට ඕක් ගාලා දැම්මම වැඩේ නිවාරනයි තීන්දුයි. මීට පස්සේ වමනේ දානකොට බලන්නකෝ වෙනස.

      >>රිප්ලයි ඩිලේ වීම ගැන මාගේ බලවත් කණගාටුව!!<<
      මාත් එහෙම තමයි. වෙලා නෑ ළමයා.

      Delete
  18. ඕක වුනේ උදේ නේද?

    ReplyDelete
    Replies
    1. හරියටම බ්‍රහස්පතින්දා උදේ. :P

      Delete
  19. (හිනාවෙමින් )හෆොයි මේ මොකොද බොලේ වෙලා තියෙන්නෙ..?
    අහ්..කකුල් මාට්ටු ගැන ගණන් ගන්න එපා..මොකද ඔය තරම් කකුල් මාට්ටු වැටෙන්නේ ඔය පිපෙන මල් වල සුගන්ධය දරාගන්න බැරි නිසා ..දැන් පිපෙන පිපෙන මල් වලට සාධාරණයක් කරන්ට. නිරපරාදේ පරවෙන්ට දෙන්න එපා..තව තව මල් පුබුදන්න දිගින් දිගටම ශක්තිය රැක ගන්ට ඒක ලොකු රුකුලක් වෙයි.හැබැයි අර බස්සගේ කකුලේ ලියුම් ගැට ගහල යවන එක නම් ඒ තරම් හොඳ මදි..ජයවේවා !!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දිලා!! හිහී... බස්සා ඉතින් බෑ නොකිය වැඩේ කරල දෙනව නේ.

      Delete
  20. පිස්සු හැදෙනවා කියවද්දි
    නියම ලිපිය
    ජය!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි වර්ණ කුලකය!
      රිප්ලයි ඩිලේ වීම ගැන මාගේ බලවත් කණගාටුව!!

      Delete
  21. මල් කඩන්න පටන් ගන්න.

    ReplyDelete
    Replies
    1. මේ කරන්නේ ඒක තමා යාලු!

      Delete
  22. උඹ නම් පික්සු බස්සියෙක්ම තමයි නගා..මම දැක්කා ඕකට බුකියේ මඩක් වැදිලා තියෙනවා මාත් ඉතින් නොසණ්ඩාල කතාවක් ලියන්න හදලා ආයෙත් හරි නෑ කියලා මකලා දැම්මා.. හැක් හැක්..

    උඹේ කතාව සුරංගනා වුණාට ඒකේ සැඟවිච්ච ලොකු කතාවක් තියෙනවා..උඹ ඒක ලිව්ව විදියට මම පට්ට ලයික්..තවතවත් මල් පිපේවා කියා ප්‍රාර්ථනා කරනවා..! :) :)

    ReplyDelete
    Replies
    1. ///""මාත් ඉතින් නොසණ්ඩාල කතාවක් ලියන්න හදලා ""// හෑ.... උඹ එහෙම නැති කතාවලුත් කියන්න දන්නවද ? :O

      Delete
    2. අඩෝ! හිටුකෝ මම නොසණ්ඩාල තිර පිටපතක් ලියලා ඒකේ කෙල්ලෝ සෙට් වෙන්නේ නැති වේලී වේලී ඉන්න චරිතයක් දෙනවා බොට..:P :P :P

      Delete
    3. අඩෝ එම කරන්න එපා මචං , අපි ඉතිං යාළුවොනේ .. උඹ මට අනංග චරිතයක් දීපං.... ගනුදෙනු පස්සේ බේරගමු.. කොහෙද උඹට විහිළුවක් වත් තේරෙන්නේ නෑනේ .. ෂෙක් අම්මප

      Delete
    4. තැන්කූ වේවා තනියා අක්කි! ඔයා හොඳා......යී! නැත්නම් මට මුන්දලාත් මඩ ගහන්ඩ ගනී ඒක අල්ලගෙන.
      රිප්ලයි ඩිලේ වීම ගැන මාගේ බලවත් කණගාටුව හොඳේ!!

      Delete
    5. ඉවානයාට දෙමු ගෙඹි චරිතයක්?

      Delete
    6. එහෙනම් මචං හවහට ටිකක් දුවල පැනලා එහෙම සික්ස් පැක් එකක් හදන් වරෙන්...අර ගෙඹි කුමරාගේ චරිතෙට..කමක් නෑ බං ගෙඹි වුණත් කුමාරයෙක් නේ! :D

      Delete
  23. විරුද්ධාභ්‍යසයෙන් ලිව්ව එකක් වගේ පෙනුනේ. මල් බෙදන බස්සි මල් බෙදන් මාතලන් මල් ගහන දේශකයා , මලේ මල් නැති අපි ..සැහෙන කාලෙකින් ගොඩ වුනේ , බිසී වැඩියි නේ බස්සි --

    ReplyDelete
    Replies
    1. කතාව තේරුම් අරන් වගේ පේනවා. ඔයාලත් නිතර මල් බෙදනවානෙ. මල් උනාම එක එක හැඩේ, එක එක සුවඳ. :)
      රිප්ලයි ඩිලේ වීම ගැන මාගේ බලවත් කණගාටුව හොඳේ!!

      Delete
  24. http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/16034-2015-03-03-21-12-48

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි! මේ සහයෝගය මටත්, අනිත් බ්ලොග් මිතුරන්ටත් ගොඩාක් වටිනවා!!

      Delete
  25. උඹට මොකක් හරි අසනීපයක් තියෙනවා කියලා මම ඒ කාලේ ඉදන්ම දැනන් හිටියා.. ඒත් ඒක මෙහෙම එකක් කියලා හිතුවෙ නෑ..

    මොනා උනත් ඔළුවට ආව අදහස නම් මරු.. හැබැයි ඉතින් හැමදාම සුරංගනා ලෝකේ හිර වෙන්න එපා..

    ReplyDelete
    Replies
    1. තැන්කූ ඉඳිකටු අයියා!! මේක සුරංගනා කතාවක්මත් නෙමෙයි මචෝ...

      Delete
  26. උඔට වගේම උඔ ආශ්‍රය කරන අපිටත් පිස්සු මචං..
    ගල් බෝතයක් බිපං හරි යයි.

    ReplyDelete
    Replies
    1. එහෙම හරියයිද එක බෝතලේකින්? හික්ස්!
      තැන්කූ මෙන්ඩෝ!!

      Delete
  27. අපේ කරුමෙට බොලාගේ ඇඟවල් ඇතුලේ පිපුනත් පිපෙන්නේ සත පහකට වැඩක් නැති මල්
    පුංචි පැකට් වල දාල ගාණකට විකුණන්න පුළුවන්, දැක්කත් හඳේ හාවා බලන්න පුළුවන් මල් ජාතිය හැදුනොත් හෙණ ගහනවද... ;)

    ReplyDelete
    Replies
    1. //අපේ කරුමෙට බොලාගේ ඇඟවල් ඇතුලේ පිපුනත් පිපෙන්නේ සත පහකට වැඩක් නැති මල්//
      +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
      අපිටනම් ඔහොම වෙන්නේ "මල්" පුජා කලාම නැද්ද ලොකු පුතේ ..පාට පාට ලෝකයක් , අමුතුම ආලෝකයක් .
      හැක් හැක්

      Delete
    2. එහෙම මල් පිපුනොත් අර රත්තරන් බිත්තර දාන පාත්තයට වගේ මටත් මාර ඩිමාන්ඩ් තියෙයි නේද ලොකුපුතා?

      Delete
    3. ඒක දැක්ක ගමන් සින්දු ඇනෝට ගිය ජොලිය බලාපල්ලකූ!! :P

      Delete
  28. මේක නම් ගොඩාක් ලස්සනයි...මට සෑහෙන්න රහයි...බොලා හිතන විදිය...පුංචි දෙයක් උනත් විස්තර කරන අපූරුව ඒ වචන...මේවා තමයි බොලාගෙ අනන්‍යතාවය.

    // ලියුම අරන් ගිහින් බැල්කනියෙ වහල උන්නු අටු බකමූණගෙ දකුණු අණ්ඩෙ ගෝණි නූලකින් ගැටගැහැව්වා. //

    බකමූණා කිව්වෙ අහ වලාද බොල ?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සිරා අයියේ!!
      බකමූණා අහවලා නෙමෙයි. අහවලා බස්සා නෙව. අටු බස්සි කිව්වොත්නම් ඉතින් මම වගේ එකෙක්. අටු මීන්ස් කොට නේද?.
      රිප්ලයි ඩිලේ වීම ගැන මාගේ බලවත් කණගාටුව හොඳේ!!

      Delete
  29. බස්සියේ ටො මේ පාර නම් පොතක් කල යුතුමයි.. නැත්තම් >_< මන් ටෝගේ පොස්ට් ටික අරන් ගහනවා පොතක් :3

    ReplyDelete