Friday, April 17, 2015

මහ දාංගල්කාරයෙක් නෙව මේ ඉර! (Anti-අවුරුදු කවි)






නිස්කාංසුවෙ එකලස්ව ඉන්න බැරුවට
රාශියෙන් රාශියකට
බට්ටො පනිනවද මන්දා
මේ ඉර!

 

රතිඥ්ඥා සද්දෙට
ගොලුවෙලා වෙන්නැති කොවුල් නද
ඒත් අඩුවක් නම් දැනෙන්නෑ
"කොහෙක්" අඬවයි රූප පෙට්ටිය

 

කුරුලෑ ගෙඩි වලට
කැවුම්, අතිරස, කොකිස් අගුණය
කාබයිට් කහ කෙසෙල් ඇවරිය
මකයි සුදු කිරිබතක පාලුව

 

එරබදු ගමේ නෑ දැන්
ගිහින් රට රස්සාවට
නිවාඩුත් නැතුවැති
රතු ගවොම් ඇඳ ගමට එන්නට

 

ඉන්න බැරිවද එකතැන!
මොකට එහෙමෙහෙ පනිනවද
මහ දාංගල්කාරයෙක් නෙව
මේ ඉර!





26 comments:

  1. අනිවා බස්සි.... මේ ඉර තමයි ඔක්කොට ම මුල.... ඉර දගලන්නැතුව හිටියා නම් අහවරයි නෙවැ

    ReplyDelete
    Replies
    1. ඔව් අප්පා... දාංගල්කාර ඉර!!

      Delete
  2. එරබදු මෙහෙ ඉන්නෝ මං එක්ක... යන්න බැලූ ගමරට

    ReplyDelete
    Replies
    1. හී! ඒ ටික ලියද්දි ඔමාලවත් මතක් උනාලු මට.

      Delete
  3. ඕකාට අච්චු කරන්ඩ ඕනේ.....
    එතකොටවත් හැදෙයි...

    ReplyDelete
    Replies
    1. අනිවා! අච්චු කරන්ඩම ඕනෙ.

      Delete
  4. ඉර ඉරවමු?

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. ආ විදානේ..... කාලෙකින් මේ පැත්තේ.... :P

      Delete
  5. ඉර හැමදාම හවසට මාරු වෙන නිසා මට නම් හැමදාම අවුරුදු...

    ReplyDelete
  6. රස්තියාදුවේ ගොස් මාසෙකට සැරයක් විතරක් පේන්න එන හඳ වාගේම ඉරත් හරි හරියට අකීකරුය.

    කොහා නැතිවට කාරි නැහැ බස්සියෙක් ඉන්නවනේ, ගුප්ත හඬ වෙනුවට මිහිරි රස මවන ... .☺ ☺

    ReplyDelete
    Replies
    1. බස්සි කොහා වගේ සිංදු කියන්න ගියොත් සඳරු ඔය කියාපු කතාව ගැන බොහෝම දුක් වෙයි. :P :P

      Delete
    2. කවුද ඉතින් බස්සිට කිව්වෙ සිංදු කියන්න ( ගයන්න ) කියලා ..
      ඔයා ලියන්න. අපි තාලයක් දාගෙන මුමුණලා රසවිඳින්නම් ... ☺ ☺

      Delete
  7. මීන රාශියෙන් පැදුරටත් නොකියා ඇවිදින්
    මේශේ උඩ මාසයක් කන්න තිබුණු
    ඔක්කොම කාලා පැනලා ගියා
    මේ බඩජාරි ඉර!

    ReplyDelete
  8. සූර්යයා මීන රාශියෙන් මේශ රාශියට සංක්‍රමණය වීම නිසා උදාවන අවුරුදු කාලයේ ගැට කපන්නන්,වංචා කරුවන්,බීමත් රියදුරන් සහ කල කෝලාහල වැඩි බැවින් වහා ක්‍රියාත්මක වන පරිදි 2015 වසරේ සිට සූර්යයාට මීන රාශියේ සිට මේශ රාශියට සංක්‍රමණය වීම තහනම් කරන අතර අනෙකුත් රාශි දහය අතුරින් කැමති රාශියකට සංක්‍රමණය වීමේ නිදහස අහිමි කර නොමැති බවද මෙයින් නිවේදනය කරමු.
    -ජෝන් බාස් ගේ යහ පාලන පොලීසිය-
    (බුකියෙන් උස්සන ලදී)

    ReplyDelete
    Replies
    1. නිර්මාණශීලී කතාවක්. ෆුල්ෆේස් හෙල්මට් කේස් එකට හදාපු එකක් වෙන්ටැ.

      Delete
  9. එක ඉරක් මත යැපෙන්නේ නැතුව එක එක ජාතියෙ ඉරි කෑලි හොයා ගත්තනම් හරි

    ReplyDelete
    Replies
    1. ඇයි හැබෑටම තනි ඉරක් මත යැපෙන්නෙ? ලස්සන ලස්සන ජ්‍යාමිතික හැඩතල අටෝරාසියක් තියෙද්දි?

      Delete
  10. මීන රාශියෙන් මේස කිහිපයකට තමා ඔය ඉර එන්නේ!

    ReplyDelete
    Replies
    1. මීන වගේම මේෂත් ගිනි ගණන් නෙව මෙහේ.

      Delete
  11. ඉර නං කිසිම වැඩක් නැති එකෙක් තමයි.

    අර එක පාරක් මෙහෙම දෙබසකුත් ගියා මතකද?

    'ඉරද හඳද වැඩියෙන් වටින්නේ?'
    'ඕකෙ ආයෙ අහන්නත් දෙයක් තියෙනවෑ. හඳ තමයි'.
    'ඇයි එහෙම කියන්නේ?'
    'ඇයි බං ඉර පායන්නේ එළිය තියෙන වෙලාවට. හඳ එහෙමද? හඳ පායන්නේ කළුවර වෙලාවට. කොච්චර ප්‍රයෝජනයක්ද ඒක!'

    ReplyDelete
    Replies
    1. ඩූඩ් ඉඳලා ඉඳලා දීල යනව ඉතින් කොරවෙලා යන කමෙන්ටුවක්! :D

      Delete
  12. ඉරට අනංමනං කියන්ට එන්ට එපා මට තරහ යනවා... :P
    ඉර නිසානේ බොල අවුරුද්දට සැරයක් වත් අපිට රතිඤ්ඤා ටිකක් වත් පත්තු කරන්ට ලැබෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ඉන්ටකෝ රතිඥ්ඥා ගැනත් ලියන්න.

      Delete