ගෙවෙනකොට අවුරුදු පනහ හැට
කොණ්ඩ කැවුමත් යනව වයසට
කොණ්ඩෙ හැලුනම කොහොම එන්නද
පුරුදු විදියට කෑම මේසෙට
කොකිස්, අතිරස, අග්ගලා වුව
යාන්තම් පැනි බිඳක් තැවරුව
සීනි පැනිරහ කෑම තහනම්
ඩයබිටික් හැදුනාම තදටම
කොණ්ඩ කැවුමත් යනව වයසට
කොණ්ඩෙ හැලුනම කොහොම එන්නද
පුරුදු විදියට කෑම මේසෙට
කොකිස්, අතිරස, අග්ගලා වුව
යාන්තම් පැනි බිඳක් තැවරුව
සීනි පැනිරහ කෑම තහනම්
ඩයබිටික් හැදුනාම තදටම
කොන්ඩේ නැති කැවුම අතිරහ නේද...?
ReplyDeleteනෑ අනේ කොණ්ඩෙ හැලිලා රුයිතෙට කොණ්ඩෙ බැන්ද කොණ්ඩ කැවුං ගැන කිවුවෙ.
Deleteඒ කවුද එහෙම?
Deleteඔය අවුරුදු මේස වල තියෙන්නේ.
Deleteඅපි කියන්නේ හැඳි කැවුම් කියලා.. කොණ්ඩ කැවුම රහයි.. කොණ්ඩ නැති කැවුම අති රහයි.. ඉතින් කොණ්ඩේ නැති වෙන එක හොඳනේ එහෙනම්.. හැක්.
Deleteහැඳි කැවුම්? අහ්! වැඩේ දෙන්නෙ හැන්දෙනුයි කූරෙනුයි නිසා වෙන්ටැ?
Deleteඩයබිටික් හැදුනම සීනි හොදනෑ කිව්වට, පැණි හොදනෑ කියල නෑ. ( ඔන්න ඔහොමයි අපි හිත හදා ගත්තෙ ).
ReplyDeleteහැබෑව හැබෑව කම්මලේ. :D
DeleteThis comment has been removed by the author.
ReplyDeleteපැරාට දාන්න ගිය එක මෙතන වැටුනේ.:)
Deleteඅවුරුද්දක් එන්නේ අවුරුද්දකට සැරයයි
හැමදාම නොකන සිනී එක දවසක්
කෑවට අවුලක් නැහැ හිත හදාගෙන.
මාව හොල්මන් වෙලා ගියා බොලේ ඒ බරසාර කමෙන්ටුව දැක්කම!
Delete
ReplyDeleteනොකා හිටියෝත් බඩගින්නේ
කෑවොත් ලෙඩගින්නේ..
හපොයි !!!!
අද කාලෙනම් කැවත් ලෙඩ නොකෑවත් ලෙඩ නෙව බණ්ඩෝ...!
Deleteකොණ්ඩෙ නැති වුණාම කැවුම් රස නැද්ද
ReplyDeleteතෙල් කෑම එක්ක තරහ නිසා අපිනම් දන්නෑ ඔව්ව.
Delete:P
රහයි හැබැයි ටිකයි......
Deleteකොණ්ඩ ඉදිලා රැවුල පැහුණට
ReplyDeleteතාම කැමතියි කැවුම් කන්නට
කොණ්ඩ හොයලා කෙණ්ඩ පෙරළුණ
විටෙක දැන ගති 'සීනි වැඩි' බව.. ;)
කලා අත්දැකීමක්ද මන්දා ලීවෙ.
Deleteඇයි මේ පනහ පැන්න අපිට මේ කැවුම් කැවුම් කියන්නේ....තව අවුරුදු 25කින් විතර බස්සිටත් එහෙම වෙනවා කියලා හිතාහදාගත්තා ඕන්....!!!
ReplyDeleteඅපි ෆුල් ඔෆ්ෂන් හරිය....!!
තව 25 කින් 100 යි ද????
Deleteබස්සිගෙන්ම තමයි කුරුටු අහන්න වෙන්නේ...
Deleteබස්සිගෙන්ම තමයි කුරුටු අහන්න වෙන්නේ...
Deleteචෙෆාකිට දුක හිතිලා වගේ. ඔන්න වෙන කවියක් දැම්මා.
Deleteඅාස්මිත් දැන් නැති තරම්.... අැත්තම කතාව නම් අපේ කුස්සියේ උන්දැලෑගේ පිරිහීම තමා..... නැතුව මේ පිරිමි අපේ අවුලක් යෑ.... අපිනම් ඒදාටත් වැඩිය හොදට අවුරුද්දට වැඩ අල්ලනවා.... කොච්චර අල්ලනවාද කිව්වොත් අායෙම සිහිය ඒන්න් දවස් තුනකින් විතර.. ඒ සිහිය අැවිල්ලා බලද්දි තමා දන්නේ ඉන්නේ පිටිපස්සේ කානුවේ කියලා... බොරුනම් විදානෙගෙන් අහන්න//////
ReplyDeleteකෝ හැබෑට විදානේ?
Deleteමේක කියෙව්වහම මට මතක් වුනේ මම හදපු කැවුම්. ඒවත් වයසට ගිහින්ද කොහෙද හි.. හි...
ReplyDeleteමම හැදුවත් එච්චරම තමයි තුශ්. :)
Deleteඇයි මේ පනහ පැන්න අපිට මේ කැවුම් කැවුම් කියන්නේ....තව අවුරුදු 25කින් විතර බස්සිටත් එහෙම වෙනවා කියලා හිතාහදාගත්තා ඕන්....!!!
ReplyDeleteඅපි ෆුල් ඔෆ්ෂන් හරිය....!!
චෙෆා මාර විදියට අස්පට් ගිහින් නේ කවියට.... අයියෝ එහෙම හිතලවත් නෙමෙයි ලිවුවෙ. සොරි වෙන්න ඕනෙ!
Deleteමම නෙමෙයි බස්සියෙ මගේ ලැප පිච්චු කෙලිනවා වෙන්න ඕනි....දෙපාර දෙපාර වැටිලා කමෙන්ටුයි..ඒවට දාපු රිප්ලයි කෑලියි..හපොයි..මේකත් එහෙම වෙයිද...
Deleteදුක හිතෙන්නේ නැද්ද අවුරුද්ද පටන් ගත්ත ගමන් මෙහෙම වෙනකොට...
ඒකනෙ අෆ්ෆා මගෙ හද කම්පා උනා චෙෆාකි ඩබල් ඩබල් දුක් වෙනවා දැකලා. ඒ හින්දා මම දුකටම අන්න තව පෝස්ට් එකක් දැම්ම.
Deleteමට කොන්ඩ කැවුම් උයන්නත් එදන්නත් පුළුවන්, ආච්චි අම්මා කියලා දුන්නේ,, අපේ අම්මට පුළුවන් අතිරස සහ අනිත් ඒවා විතරයි, කැවුම් උයන එක ලේසි නැහැ හරියට භාවනාවක් වගේ, බලන් ඉද්දි හිතෙන්නේ ලේසියි කියලා,, ඒත් ගින්දර පාලනය කරගෙන අඩු වැඩි කර කරා කැවුමක් උයන එක ඇත්තටම වෙනමම කලාවක්,,
ReplyDeleteබස්සු ගේ කවිත් වෙනම කලාවක්
එහෙනම් මටත් කියාදීහන්කො.
Deleteමම හදන කැවුම් වල කොණ්ඩෙ හැලිලා විතරක් නෙමෙයි ඒවට හන්දිපත් රුදාවත් හැදිලා.
හබුන් කාලා තව ටිකක් උස ගිහින් වරෙන් කියාදෙන්නම්
Deleteමට භාවනා කොරන්නනං පුලාන් ඒ කියන්නෙ කැවුං උයන්ඩ ඉගෙනගන්න ලේසි වෙයි නේ?
Deleteහැබැයි ඇස් වහන්න බෑ පුතෝ
Deleteකොණ්ඩ කැවුම් කවිය අපුරුයි.... අවුරුද්දට නම් කැවුම් දැකලම එපා වෙනවා... තව ටික දවසක් ගියාම තමයි හිතෙන්නෙ අනේ ඒ කැවුම් දැන් තියේ නම් කියල... නේද බස්සී...
ReplyDeleteඒකනෙ රසී අක්කා. ඕක තමා මේ සීසනල් කෑම වල අවුල. ඇති දාට අප්පිරියයි. නැති දාට පුදුම රහක්!
Deleteසරල කවියත් ඇතුළෙ අනිත්‍ය ගැන සරල කතාවක්
ReplyDeleteජයවේවා බස්සි...
බොහොම ස්තූතියි වර්ණ කුලකය!
Delete