Friday, April 10, 2015
හිරු කිරණකට රවන එක
පහසුයැයි හිතනවද
හිරු කිරණකට රවන එක?
දිගැටි ඇහිබැම හැකිලීම වුව
රිදවන සුලුය නළලත
ඊට වැඩියෙන් බරයි හදවත
වසන්තාරම්භය අභියස
බුම්මගෙන ඉන්න පුලුවන්ද මල් මුවකට
මින්ට් සුවඳක් කැවුන, සුළඟ ගත වදිනකොට
බැලේ රැඟුමක් රඟයි සිතුවිලි නොදැනිම
ඒ වුනත් ඔබ කියන විදියට
හඳක් මෙන් ඉඟිමරනු නොහැකිය
උගුල්ලා හැඩ ඇඳපු දෙබැමට
ඔබ දන්නෙ නැතුවට
රොන් හාදු නීතියෙන් තහනම්ය
මුල් දුවනකොට පාලු හරිතාගාරෙක
~~~~~~~~~~~~~~~~~~~
ප.ලි.
අපේ නුවර කුමාරි ලිවුව මෙන්න මේ කවියට තමයි ඔය පිළිතුර ලිවුවෙ.
Subscribe to:
Post Comments (Atom)
බුදු අම්මෝ මේ කවිය! මිනීමරන තරම් ප්‍රවේගාත්මක , ඒ වගේම ඉලක්කෙටම තියපු හීයක් වගේ.....! එල එල... උඹ හරියටම කවිය කියෙව්වට මෙන්න මගෙන්
ReplyDelete'පටාස්'
( කම්මුල් පාරක් නෙවෙයි හලෝ... සැලුට් එක)
බුදු අම්මෝ සැලූට් එකේ සැර! අත වැදුන නං බෙල්ලත් ගැලවිලා යයි.
Deleteඋපයා ෆේස්බුකේ ඉන්නවද? කවි ප්‍රොෆයිලෙකින් එන්නකො අපි කවි ලියමු. බ්ලොග් වල දිගටම කවි ලියද්දි මුං අපිට බනිනවනෙ. අනික දවසට එක පෝස්ට් එකකට වඩා දැම්මොත් ඒත් බනිනවනෙ.
ඒ පැත්තේ ඉඩමක් නම් තියෙනවා. ඔක්කොම වල් බිහිවෙලා. යන්න වැඩි මනාපයක් නැහැ බස්සි. නාකද අපි දෙන්න මෙහෙම කවි ලියාගන්න එක? අනිත් උන් කොහොමත් බනින එකනේ. මෙලෝ යකෙක් කියවන්නේ නැති මගේ බහුබූත උඹ කියවල මදිවට මම හිතපු දේම හිතපු එකම මට ඇති.
Deleteකොහෙද මේ එකෙක්වත් කඟවේන්නු දැකල තියෙනවය? හුහ්.. කය්ය විතරයි. අර ඉවානයා පේන්නේ නැද්ද? අම්මප එදා සම්මාන උළෙලට ආවනම් මම ඌ සම්මානේ ගන්නකොටම දෙනවා හූවක් කුඩු වෙන්න... හෙක් හෙක්...
එහෙනං බැනුම් අහ අහා හරි දවස ගානෙ කවි ලියමු මේකෙත්. අනික "ඉතින් මට පාන්ද?" කියන රෙඩිමේඩ් උත්තරේකුත් තියෙන එකේ යකාටවත් බයවෙන්න ඕනෙ නෑ. නැද්ද?
Deletenice and deep..
ReplyDeleteThankz Oma... <3
Deleteමේක හරියන්නේ නෑ. තොපි දෙන්න ඉන්න පාරකවත් යන්න හොඳ නෑ .. අම්මප
ReplyDeleteමං කිව්වෙ. ඔය පේන්නැද්ද. කවියක් දාපු ගමන් බනින්න බලන් ඉන්නෙ. :(
Deleteඅඩෝව්... මෙව්වා කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනය කිරිලි. ගනින් 119 එකට. මෙහෙ ගෙම්බෝ බක බක ගානවා වැඩියි කියල complain කරන්න
Deleteමම බැලුවෙ කඟවේණෙක්ට කන්ට්‍රැක්ට් එක බාරදෙන්න මූට දෙකක් අන්නවන්න.
Deleteලස්සනයි
ReplyDeleteThanks
Deleteඉස්සරවගේමයි. නියමයි. උස්කෘෂ්ටයි. සම්බාව්යයි.
ReplyDeleteතේරුනානම් මොනව කියන්න වෙයිද කියල හිතාගන්නත් බෑ
ඊස් ඇට් ඔලුව කොම්පීටරයේ හප්පා ගනිමින්!
Deleteමෙන්න ප්‍රා වෙනුවෙනුත් මම මාතලන්ට දුන්නු පැහැදිලි කිරීමම.
Deleteමේක උපේක්ෂාගෙ "නපුරු සුන්දරී" කවි පන්තියට පිලිතුරක්. ඒකෙ කියවෙන්නේ කොල්ල හිනාවෙනකොට ඔරවගෙන යන ලස්සන කෙල්ලෙක් ගැන.
මගේ කවිය තමයි ඒකට කෙල්ල දෙන පිලිතුර.
----------------------
"පහසුයැයි හිතනවද
හිරු කිරණකට රවන එක?
දිගැටි ඇහිබැම හැකිලීම වුව
රිදවන සුලුය නළලත
ඊට වැඩියෙන් බරයි හදවත"
ඔබේ සිනහව උදා හිරු කිරණක් වැන්න. ප්‍රබෝධය දනවන සුලුය. දීප්තිමත්ය. එහෙව් හිරු කිරණක් කොපුලක වැදී උණුහුමක් දෙන මොහොතක සිනාසීමයි ස්වාභාවිකව නැගෙන ප්‍රතිචාරය. මද සිනහව රැවුමකට පෙරළීම අසීරුය. රැවුමකට ඇහිබැම හැකිලීම නළලත රිදවයි. නළලත රිදුමටත් වඩා හදවතේ ඉපිලුම සඟවා ගැන්ම අසීරුය.
"වසන්තාරම්භය අභියස
බුම්මගෙන ඉන්න පුලුවන්ද මල් මුවකට
මින්ට් සුවඳක් කැවුන, සුළඟ ගත වදිනකොට
බැලේ රැඟුමක් රඟයි සිතුවිලි නොදැනිම"
මේ ජීවිතයේ වසන්තාරම්භයයි (යෞවනෝදයයි.) මල් පෙති විදාලන කාලයයි. අළුත් තණකොලවලින් නැග එන්නේ මින්ට් සුවඳකි. ඒ සුවඳ වසත් සුළඟ හා මුසුව ගත වෙලෙයි. (යොවුන් සිතුවිලි ඉල්පෙත්, මිතුරු කෙඳිරිලිද සවනත ගැටෙත්. - මේ ව්‍යංගාර්ථයකි.) එකෙනෙහිම සිතුවිලි ඉහිල්ව යන්නේ මටත් හොරෙන් ය. (බැලේ රැඟුම නිදහස් රැඟුමකි.)
"ඒ වුනත් ඔබ කියන විදියට
හඳක් මෙන් ඉඟිමරනු නොහැකිය
උගුල්ලා හැඩ ඇඳපු දෙබැමට"
නමුත්, මම නිදහස් යුවතියක් නොවෙමි. මා වැඩී ඇත්තේ දෙමාපියන්ගේ බලපෑමෙන් බලෙන් රිංගවන ලද රාමුවක් ඇතුලතය. එකී රාමුව තුල වැඩුන මට නිදහස් ඉඟිමැරුම් නුපුරුදු ය.
"ඔබ දන්නෙ නැතුවට
රොන් හාදු නීතියෙන් තහනම්ය
මුල් දුවනකොට පාලු හරිතාගාරෙක"
තවද, අදටත් මා වැඩෙන්නේ දැඩි රැකවල් මධ්‍යයේමය. දෑත දෙපා විලංගු ලූ සිරකාරියක් වැන්න. මුල් ඇත්තේ පැරැණි සිරිත් හා බැමි කරපින්නා ගත් සාම්ප්‍රදායික පවුල් පසුබිමක් තුලය. තවමත් මම ඉන් මුක්ත වූවක නොවෙමි. (හරිතාගාරය කොතෙක් නීරස වුව පැළයක වර්ධනයට අවැසි සියලුම සාධක සපයයි. නමුත් බාහිර පරිසරයෙන් වෙන්කර වර්ධනයට ඉඩ හරී.)
හරි මිස් මං පාඩම් කර ගත්ත.
Deleteප්‍රශ්න කීයකට උත්තර ලියන්න වෙයිද දන්නෙ නෑ නේද මේකෙන්?
ආයෙ නම් කවි දාන්නෙ නෑ බ්ලොගේ. ඕ යේස්. ලියන්නම හිතුනොත් ලියල දානවා ඉන්විසිබල් ඉන්ක් වලින්.
Delete------------------------------------------ *
Delete( *ඉන්විසිබල් නොතේරීම. ඕ යේස්.)
නුබ රවන හිරු කිරණට
ReplyDeleteසුද්දියන් පෙම් බදිනා කල
උනයි පට සෙලයම
නුබට හදවත සේම ඈට එය බරයි කියා
හවස් යාමෙට ගග අසබඩින් එන
තනමල් විල් සුවදට
පිටුපනු කෙලෙසද
නාස්පුඩු කිති කවන විට
පුසුබට දෙපා ඇදෙන නිසා
ඒ උනත් හිත දැඩියි
අත ගොලිෆ් ගද නිසා
ඒ වගේම
මෙන්තොල් මින්ට් රස නිසා
දැන් මම ස්විච්
කවි තේරෙන්නේ නෑ අපි උයා තරම් විදග්ග නෑ අක්කු.. කටට අපු ටික ඔහේ කෙටුවා ඔයාගේ කවිය එක්ක සම්බන්දයක් නම් නෑ...
පලවෙනි කවිපද හතරෙන්, අවසන් පදේ නුබ නොවෙයි 'නුඹ' වෙන්න ඕනේ නේද?
Deleteඅනිත් එක තමයි... මට හිතෙන්නේ මේ කවියත් මගේ මුල් කවියට පිළිතුරු කවියක් වගේ කියල... හික්... බලෙම්ම කියෝගන්නවා හික්..
Deleteමම විදග්ග කියන වචනෙ තේරුම දන්නෙත් නෑ. නිවැරදි අක්ෂර වින්‍යාසය දන්නෙත් නෑ.
Deleteඩොකා මලයා කාලෙකින්! ඔයාගෙ කවිය මරු!
උපේක්ෂ spelling මගේ අවුල් අප්පා..you කියන එකයි මට කියන්න ඕන උනේ..
Deleteබස්සි නිවාඩුව අඩුයි අක්කේ හැම එකම කියෝනව මම ඔයාගේ කමෙන්ට් දන්න බැරි වෙන එක ගැන සමා වෙන්න
***************************************************
ReplyDeleteමුල් යයි දිනෙක හරිතාගාරෙන් ඉවත
විදගනු රිසින් සිසිලස මදනල හමන
අතු අග පිපුන කැකුලු විකසිත වී දිනක
පුරවයි බමර මුවග නැගෙනා පවස......
****************************************************
කවි ලියන්ඩ චැහ්!!අයෙ ලියන්නැ
ඔයාගෙ කතාවත් ඇත්ත.
Deleteඑහෙම හිතන්න එපා මේ කමෙන්ට් එක ඇත්තටම ලස්සනයි!
ඔබ දන්නෙ නැතුවට
ReplyDeleteරොන් හාදු නීතියෙන් තහනම්ය
මුල් දුවනකොට පාලු හරිතාගාරෙක.........
මුල් දුවපු පාලුව
නහර වගේ ඇදිලා හැම තැනම
වල් වැදුණු දිවියකට
එලියක් නොපෙනෙන ගුහාවක
හැඩයක් කොහෙද
හරිතාගාරයක් කියන්නට......
උඹේ කවි නෙමෙයි කෝකත් රහයිනෙ ඉතිං
ස්තූතියි නිශ්මන් අයියේ!
Deleteමගෙ කවියට අයියා එකතු කරපු කොටසත් ගොඩක් රසවත්.
කොච්චර ලස්සනද කිවුවොත් ලියන ඒවා කාටවත් තේරෙන්නෑ මට පේන්නෙ. යාන්තම් එක්කෙනෙක්ට දෙන්නෙක්ට තේරුනොත් මිස. ඒ කියන්නෙ ඉතින් පට්ට අසාර්ථකයි කවියෙක් විදියට මම.
මේ බස්සි.. යාන්තම් එක්කෙනෙක්ට දෙන්නෙක්ට? හුහ්... එන්ට එපා ඔව්වට හරිද? මම ලිව්වොත් බනින්නවත් , තේරෙන්නේ නැහැ කියන්නවත් කොමෙන්ටු දාන්නෙත් නැතුව හෙමීට හොරාට බ්‍රව්සරේ වහල දුවනවා කට්ටිය. ඒ අතින් නම් බස්සියෝ හැරෙන්නවත් බැහැ මගෙත් එක්ක.... උඹේ අව්ලක් නෙවෙයි අනේ... දෝසෙ තියෙන්නේ මුලේ...
Deleteමේ ඇත්තමයි කියන්නෙ- මං නම් නොතේරෙන කවි වලට තේරෙන ඒවට වඩා කමෙන්ට් දානවා.
DeleteKeep it up Your High(10")ness !
I like your poetry!
තේරුනේ නැත...
ReplyDeleteමේක උපේක්ෂාගෙ "නපුරු සුන්දරී" කවි පන්තියට පිලිතුරක්. ඒකෙ කියවෙන්නේ කොල්ල හිනාවෙනකොට ඔරවගෙන යන ලස්සන කෙල්ලෙක් ගැන.
Deleteමගේ කවිය තමයි ඒකට කෙල්ල දෙන පිලිතුර.
----------------------
"පහසුයැයි හිතනවද
හිරු කිරණකට රවන එක?
දිගැටි ඇහිබැම හැකිලීම වුව
රිදවන සුලුය නළලත
ඊට වැඩියෙන් බරයි හදවත"
ඔබේ සිනහව උදා හිරු කිරණක් වැන්න. ප්‍රබෝධය දනවන සුලුය. දීප්තිමත්ය. එහෙව් හිරු කිරණක් කොපුලක වැදී උණුහුමක් දෙන මොහොතක සිනාසීමයි ස්වාභාවිකව නැගෙන ප්‍රතිචාරය. මද සිනහව රැවුමකට පෙරළීම අසීරුය. රැවුමකට ඇහිබැම හැකිලීම නළලත රිදවයි. නළලත රිදුමටත් වඩා හදවතේ ඉපිලුම සඟවා ගැන්ම අසීරුය.
"වසන්තාරම්භය අභියස
බුම්මගෙන ඉන්න පුලුවන්ද මල් මුවකට
මින්ට් සුවඳක් කැවුන, සුළඟ ගත වදිනකොට
බැලේ රැඟුමක් රඟයි සිතුවිලි නොදැනිම"
මේ ජීවිතයේ වසන්තාරම්භයයි (යෞවනෝදයයි.) මල් පෙති විදාලන කාලයයි. අළුත් තණකොලවලින් නැග එන්නේ මින්ට් සුවඳකි. ඒ සුවඳ වසත් සුළඟ හා මුසුව ගත වෙලෙයි. (යොවුන් සිතුවිලි ඉල්පෙත්, මිතුරු කෙඳිරිලිද සවනත ගැටෙත්. - මේ ව්‍යංගාර්ථයකි.) එකෙනෙහිම සිතුවිලි ඉහිල්ව යන්නේ මටත් හොරෙන් ය. (බැලේ රැඟුම නිදහස් රැඟුමකි.)
"ඒ වුනත් ඔබ කියන විදියට
හඳක් මෙන් ඉඟිමරනු නොහැකිය
උගුල්ලා හැඩ ඇඳපු දෙබැමට"
නමුත්, මම නිදහස් යුවතියක් නොවෙමි. මා වැඩී ඇත්තේ දෙමාපියන්ගේ බලපෑමෙන් බලෙන් රිංගවන ලද රාමුවක් ඇතුලතය. එකී රාමුව තුල වැඩුන මට නිදහස් ඉඟිමැරුම් නුපුරුදු ය.
"ඔබ දන්නෙ නැතුවට
රොන් හාදු නීතියෙන් තහනම්ය
මුල් දුවනකොට පාලු හරිතාගාරෙක"
තවද, අදටත් මා වැඩෙන්නේ දැඩි රැකවල් මධ්‍යයේමය. දෑත දෙපා විලංගු ලූ සිරකාරියක් වැන්න. මුල් ඇත්තේ පැරැණි සිරිත් හා බැමි කරපින්නා ගත් සාම්ප්‍රදායික පවුල් පසුබිමක් තුලය. තවමත් මම ඉන් මුක්ත වූවක නොවෙමි. (හරිතාගාරය කොතෙක් නීරස වුව පැළයක වර්ධනයට අවැසි සියලුම සාධක සපයයි. නමුත් බාහිර පරිසරයෙන් වෙන්කර වර්ධනයට ඉඩ හරී.)
පිං සිද්ද වේවා...
Deleteමරු ඈ :). ඔන්න මම හයිකුවක් ලියනව හරිද :D.
ReplyDeleteකොයිතරම්
අපූරුද බස්සි
මේ හැකියාව
ජය වේවා!!!
ගොඩක් ස්තූතියි මනා!!
Deleteඑක කාලයක් තිබ්බා පිළිතුරු ගී කියලා ජාතියක්. ඒකෙන් කෙරෙන්නේ එක ගායකයෙකුගේ ගීතයකින් නඟපු ප්‍රශ්ණෙකට පිළිතුරු දෙන එක. මට එකක් වත් මතක් වෙන්නේ නෑ හොඳ වෙලාවට.
ReplyDeleteඅප්පේ! හොඳ වෙලාවට නේන්නම් මතක් නොවුනෙ.
Deleteමරු............................ සුපිරි උත්තරයක්
ReplyDeleteස්තූතියි කුරුටු!!
Deleteමේ චිත්රෙත් ඇන්දෙ බස්සිද??
ReplyDeleteබස්සිගේ චිත්තර හැකියාව දැක්කනම් සජ්ජා ඔහොම අහන්නෙ නෑ අෆ්ෆා.
Deleteපරක්කු උනත් කියෙවුවා හලි..
ReplyDeleteඑල ඈ...
Deleteමට හිතා ගන්න බැරි මේ ගොඩක් උන්ට 'කවි' නොතෙරෙන්නේ කොහොමද කියල.. මටනම් අර උඹ දෙපාරක්ම දාපු පැහැදිලි කිරීම මේ වචන ටිකත් (කවියක් යැයි නොකිය ඉමුකෝ) එක්ක බැලුවම 'මෙලෝ රහක් නෑ' නගේ.. බ්ලොගේ ආයි කවි නොදාන්වානම් දාන තැනක් ගැන ඉඟියක් දීපන්..
ReplyDeleteබුකියේ නම් දවසට කවි හතර පහක් වුව පල කෙරෙන දවස්ද ඇත. හිහී...!
Deleteමටත් ඒ පැහැදිලි කිරීම මෙලොව රහක් නෑ අෆ්ෆා...
අනේ මට නම් මුකුත්ම තේරුනේ නෑනේ?....
ReplyDeleteඅර තහනම් කතාව නම් තේරුනා වගේ...
ඇයි අනේ උඩ කොමෙන්ට්වල මම දීර්ඝ ගැටපද විවරණයක් දාල තියෙනවනේ
Delete