Friday, April 10, 2015

හිරු කිරණකට රවන එක







පහසුයැයි හිතනවද
හිරු කිරණකට රවන එක?
දිගැටි ඇහිබැම හැකිලීම වුව
රිදවන සුලුය නළලත
ඊට වැඩියෙන් බරයි හදවත


වසන්තාරම්භය අභියස
බුම්මගෙන ඉන්න පුලුවන්ද මල් මුවකට
මින්ට් සුවඳක් කැවුන, සුළඟ ගත වදිනකොට
බැලේ රැඟුමක් රඟයි සිතුවිලි නොදැනිම


ඒ වුනත් ඔබ කියන විදියට
හඳක් මෙන් ඉඟිමරනු නොහැකිය
උගුල්ලා හැඩ ඇඳපු දෙබැමට


ඔබ දන්නෙ නැතුවට
රොන් හාදු නීතියෙන් තහනම්ය
මුල් දුවනකොට පාලු හරිතාගාරෙක


~~~~~~~~~~~~~~~~~~~

ප.ලි.

අපේ නුවර කුමාරි ලිවුව මෙන්න මේ කවියට තමයි ඔය පිළිතුර ලිවුවෙ.



46 comments:

  1. බුදු අම්මෝ මේ කවිය! මිනීමරන තරම් ප්‍රවේගාත්මක , ඒ වගේම ඉලක්කෙටම තියපු හීයක් වගේ.....! එල එල... උඹ හරියටම කවිය කියෙව්වට මෙන්න මගෙන්
    'පටාස්'

    ( කම්මුල් පාරක් නෙවෙයි හලෝ... සැලුට් එක)

    ReplyDelete
    Replies
    1. බුදු අම්මෝ සැලූට් එකේ සැර! අත වැදුන නං බෙල්ලත් ගැලවිලා යයි.

      උපයා ෆේස්බුකේ ඉන්නවද? කවි ප්‍රොෆයිලෙකින් එන්නකො අපි කවි ලියමු. බ්ලොග් වල දිගටම කවි ලියද්දි මුං අපිට බනිනවනෙ. අනික දවසට එක පෝස්ට් එකකට වඩා දැම්මොත් ඒත් බනිනවනෙ.

      Delete
    2. ඒ පැත්තේ ඉඩමක් නම් තියෙනවා. ඔක්කොම වල් බිහිවෙලා. යන්න වැඩි මනාපයක් නැහැ බස්සි. නාකද අපි දෙන්න මෙහෙම කවි ලියාගන්න එක? අනිත් උන් කොහොමත් බනින එකනේ. මෙලෝ යකෙක් කියවන්නේ නැති මගේ බහුබූත උඹ කියවල මදිවට මම හිතපු දේම හිතපු එකම මට ඇති.

      කොහෙද මේ එකෙක්වත් කඟවේන්නු දැකල තියෙනවය? හුහ්.. කය්ය විතරයි. අර ඉවානයා පේන්නේ නැද්ද? අම්මප එදා සම්මාන උළෙලට ආවනම් මම ඌ සම්මානේ ගන්නකොටම දෙනවා හූවක් කුඩු වෙන්න... හෙක් හෙක්...

      Delete
    3. එහෙනං බැනුම් අහ අහා හරි දවස ගානෙ කවි ලියමු මේකෙත්. අනික "ඉතින් මට පාන්ද?" කියන රෙඩිමේඩ් උත්තරේකුත් තියෙන එකේ යකාටවත් බයවෙන්න ඕනෙ නෑ. නැද්ද?

      Delete
  2. මේක හරියන්නේ නෑ. තොපි දෙන්න ඉන්න පාරකවත් යන්න හොඳ නෑ .. අම්මප

    ReplyDelete
    Replies
    1. මං කිව්වෙ. ඔය පේන්නැද්ද. කවියක් දාපු ගමන් බනින්න බලන් ඉන්නෙ. :(

      Delete
    2. අඩෝව්... මෙව්වා කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනය කිරිලි. ගනින් 119 එකට. මෙහෙ ගෙම්බෝ බක බක ගානවා වැඩියි කියල complain කරන්න

      Delete
    3. මම බැලුවෙ කඟවේණෙක්ට කන්ට්‍රැක්ට් එක බාරදෙන්න මූට දෙකක් අන්නවන්න.

      Delete
  3. ඉස්සරවගේමයි. නියමයි. උස්කෘෂ්ටයි. සම්බාව්යයි.

    තේරුනානම් මොනව කියන්න වෙයිද කියල හිතාගන්නත් බෑ

    ReplyDelete
    Replies
    1. ඊස් ඇට් ඔලුව කොම්පීටරයේ හප්පා ගනිමින්!

      Delete
    2. මෙන්න ප්‍රා වෙනුවෙනුත් මම මාතලන්ට දුන්නු පැහැදිලි කිරීමම.

      මේක උපේක්ෂාගෙ "නපුරු සුන්දරී" කවි පන්තියට පිලිතුරක්. ඒකෙ කියවෙන්නේ කොල්ල හිනාවෙනකොට ඔරවගෙන යන ලස්සන කෙල්ලෙක් ගැන.

      මගේ කවිය තමයි ඒකට කෙල්ල දෙන පිලිතුර.

      ----------------------
      "පහසුයැයි හිතනවද
      හිරු කිරණකට රවන එක?
      දිගැටි ඇහිබැම හැකිලීම වුව
      රිදවන සුලුය නළලත
      ඊට වැඩියෙන් බරයි හදවත"

      ඔබේ සිනහව උදා හිරු කිරණක් වැන්න. ප්‍රබෝධය දනවන සුලුය. දීප්තිමත්ය. එහෙව් හිරු කිරණක් කොපුලක වැදී උණුහුමක් දෙන මොහොතක සිනාසීමයි ස්වාභාවිකව නැගෙන ප්‍රතිචාරය. මද සිනහව රැවුමකට පෙරළීම අසීරුය. රැවුමකට ඇහිබැම හැකිලීම නළලත රිදවයි. නළලත රිදුමටත් වඩා හදවතේ ඉපිලුම සඟවා ගැන්ම අසීරුය.

      "වසන්තාරම්භය අභියස
      බුම්මගෙන ඉන්න පුලුවන්ද මල් මුවකට
      මින්ට් සුවඳක් කැවුන, සුළඟ ගත වදිනකොට
      බැලේ රැඟුමක් රඟයි සිතුවිලි නොදැනිම"

      මේ ජීවිතයේ වසන්තාරම්භයයි (යෞවනෝදයයි.) මල් පෙති විදාලන කාලයයි. අළුත් තණකොලවලින් නැග එන්නේ මින්ට් සුවඳකි. ඒ සුවඳ වසත් සුළඟ හා මුසුව ගත වෙලෙයි. (යොවුන් සිතුවිලි ඉල්පෙත්, මිතුරු කෙඳිරිලිද සවනත ගැටෙත්. - මේ ව්‍යංගාර්ථයකි.) එකෙනෙහිම සිතුවිලි ඉහිල්ව යන්නේ මටත් හොරෙන් ය. (බැලේ රැඟුම නිදහස් රැඟුමකි.)

      "ඒ වුනත් ඔබ කියන විදියට
      හඳක් මෙන් ඉඟිමරනු නොහැකිය
      උගුල්ලා හැඩ ඇඳපු දෙබැමට"

      නමුත්, මම නිදහස් යුවතියක් නොවෙමි. මා වැඩී ඇත්තේ දෙමාපියන්ගේ බලපෑමෙන් බලෙන් රිංගවන ලද රාමුවක් ඇතුලතය. එකී රාමුව තුල වැඩුන මට නිදහස් ඉඟිමැරුම් නුපුරුදු ය.

      "ඔබ දන්නෙ නැතුවට
      රොන් හාදු නීතියෙන් තහනම්ය
      මුල් දුවනකොට පාලු හරිතාගාරෙක"

      තවද, අදටත් මා වැඩෙන්නේ දැඩි රැකවල් මධ්‍යයේමය. දෑත දෙපා විලංගු ලූ සිරකාරියක් වැන්න. මුල් ඇත්තේ පැරැණි සිරිත් හා බැමි කරපින්නා ගත් සාම්ප්‍රදායික පවුල් පසුබිමක් තුලය. තවමත් මම ඉන් මුක්ත වූවක නොවෙමි. (හරිතාගාරය කොතෙක් නීරස වුව පැළයක වර්ධනයට අවැසි සියලුම සාධක සපයයි. නමුත් බාහිර පරිසරයෙන් වෙන්කර වර්ධනයට ඉඩ හරී.)

      Delete
    3. හරි මිස් මං පාඩම් කර ගත්ත.
      ප්‍රශ්න කීයකට උත්තර ලියන්න වෙයිද දන්නෙ නෑ නේද මේකෙන්?

      Delete
    4. ආයෙ නම් කවි දාන්නෙ නෑ බ්ලොගේ. ඕ යේස්. ලියන්නම හිතුනොත් ලියල දානවා ඉන්විසිබල් ඉන්ක් වලින්.

      Delete
    5. ------------------------------------------ *


      ( *ඉන්විසිබල් නොතේරීම. ඕ යේස්.)

      Delete
  4. නුබ රවන හිරු කිරණට
    සුද්දියන් පෙම් බදිනා කල
    උනයි පට සෙලයම
    නුබට හදවත සේම ඈට එය බරයි කියා

    හවස් යාමෙට ගග අසබඩින් එන
    තනමල් විල් සුවදට
    පිටුපනු කෙලෙසද
    නාස්පුඩු කිති කවන විට
    පුසුබට දෙපා ඇදෙන නිසා

    ඒ උනත් හිත දැඩියි
    අත ගොලිෆ් ගද නිසා
    ඒ වගේම
    මෙන්තොල් මින්ට් රස නිසා
    දැන් මම ස්විච්

    කවි තේරෙන්නේ නෑ අපි උයා තරම් විදග්ග නෑ අක්කු.. කටට අපු ටික ඔහේ කෙටුවා ඔයාගේ කවිය එක්ක සම්බන්දයක් නම් නෑ...

    ReplyDelete
    Replies
    1. පලවෙනි කවිපද හතරෙන්, අවසන් පදේ නුබ නොවෙයි 'නුඹ' වෙන්න ඕනේ නේද?

      Delete
    2. අනිත් එක තමයි... මට හිතෙන්නේ මේ කවියත් මගේ මුල් කවියට පිළිතුරු කවියක් වගේ කියල... හික්... බලෙම්ම කියෝගන්නවා හික්..

      Delete
    3. මම විදග්ග කියන වචනෙ තේරුම දන්නෙත් නෑ. නිවැරදි අක්ෂර වින්‍යාසය දන්නෙත් නෑ.

      ඩොකා මලයා කාලෙකින්! ඔයාගෙ කවිය මරු!

      Delete
    4. උපේක්ෂ spelling මගේ අවුල් අප්පා..you කියන එකයි මට කියන්න ඕන උනේ..

      බස්සි නිවාඩුව අඩුයි අක්කේ හැම එකම කියෝනව මම ඔයාගේ කමෙන්ට් දන්න බැරි වෙන එක ගැන සමා වෙන්න

      Delete
  5. ***************************************************
    මුල් යයි දිනෙක හරිතාගාරෙන් ඉවත
    විදගනු රිසින් සිසිලස මදනල හමන
    අතු අග පිපුන කැකුලු විකසිත වී දිනක
    පුරවයි බමර මුවග නැගෙනා පවස......
    ****************************************************
    කවි ලියන්ඩ චැහ්!!අයෙ ලියන්නැ

    ReplyDelete
    Replies
    1. ඔයාගෙ කතාවත් ඇත්ත.

      එහෙම හිතන්න එපා මේ කමෙන්ට් එක ඇත්තටම ලස්සනයි!

      Delete
  6. ඔබ දන්නෙ නැතුවට
    රොන් හාදු නීතියෙන් තහනම්ය
    මුල් දුවනකොට පාලු හරිතාගාරෙක.........

    මුල් දුවපු පාලුව
    නහර වගේ ඇදිලා හැම තැනම
    වල් වැදුණු දිවියකට
    එලියක් නොපෙනෙන ගුහාවක
    හැඩයක් කොහෙද
    හරිතාගාරයක් කියන්නට......


    උඹේ කවි නෙමෙයි කෝකත් රහයිනෙ ඉතිං

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිශ්මන් අයියේ!
      මගෙ කවියට අයියා එකතු කරපු කොටසත් ගොඩක් රසවත්.

      කොච්චර ලස්සනද කිවුවොත් ලියන ඒවා කාටවත් තේරෙන්නෑ මට පේන්නෙ. යාන්තම් එක්කෙනෙක්ට දෙන්නෙක්ට තේරුනොත් මිස. ඒ කියන්නෙ ඉතින් පට්ට අසාර්ථකයි කවියෙක් විදියට මම.

      Delete
    2. මේ බස්සි.. යාන්තම් එක්කෙනෙක්ට දෙන්නෙක්ට? හුහ්... එන්ට එපා ඔව්වට හරිද? මම ලිව්වොත් බනින්නවත් , තේරෙන්නේ නැහැ කියන්නවත් කොමෙන්ටු දාන්නෙත් නැතුව හෙමීට හොරාට බ්‍රව්සරේ වහල දුවනවා කට්ටිය. ඒ අතින් නම් බස්සියෝ හැරෙන්නවත් බැහැ මගෙත් එක්ක.... උඹේ අව්ලක් නෙවෙයි අනේ... දෝසෙ තියෙන්නේ මුලේ...

      Delete
    3. මේ ඇත්තමයි කියන්නෙ- මං නම් නොතේරෙන කවි වලට තේරෙන ඒවට වඩා කමෙන්ට් දානවා.

      Keep it up Your High(10")ness !
      I like your poetry!

      Delete
  7. Replies
    1. මේක උපේක්ෂාගෙ "නපුරු සුන්දරී" කවි පන්තියට පිලිතුරක්. ඒකෙ කියවෙන්නේ කොල්ල හිනාවෙනකොට ඔරවගෙන යන ලස්සන කෙල්ලෙක් ගැන.

      මගේ කවිය තමයි ඒකට කෙල්ල දෙන පිලිතුර.

      ----------------------
      "පහසුයැයි හිතනවද
      හිරු කිරණකට රවන එක?
      දිගැටි ඇහිබැම හැකිලීම වුව
      රිදවන සුලුය නළලත
      ඊට වැඩියෙන් බරයි හදවත"

      ඔබේ සිනහව උදා හිරු කිරණක් වැන්න. ප්‍රබෝධය දනවන සුලුය. දීප්තිමත්ය. එහෙව් හිරු කිරණක් කොපුලක වැදී උණුහුමක් දෙන මොහොතක සිනාසීමයි ස්වාභාවිකව නැගෙන ප්‍රතිචාරය. මද සිනහව රැවුමකට පෙරළීම අසීරුය. රැවුමකට ඇහිබැම හැකිලීම නළලත රිදවයි. නළලත රිදුමටත් වඩා හදවතේ ඉපිලුම සඟවා ගැන්ම අසීරුය.

      "වසන්තාරම්භය අභියස
      බුම්මගෙන ඉන්න පුලුවන්ද මල් මුවකට
      මින්ට් සුවඳක් කැවුන, සුළඟ ගත වදිනකොට
      බැලේ රැඟුමක් රඟයි සිතුවිලි නොදැනිම"

      මේ ජීවිතයේ වසන්තාරම්භයයි (යෞවනෝදයයි.) මල් පෙති විදාලන කාලයයි. අළුත් තණකොලවලින් නැග එන්නේ මින්ට් සුවඳකි. ඒ සුවඳ වසත් සුළඟ හා මුසුව ගත වෙලෙයි. (යොවුන් සිතුවිලි ඉල්පෙත්, මිතුරු කෙඳිරිලිද සවනත ගැටෙත්. - මේ ව්‍යංගාර්ථයකි.) එකෙනෙහිම සිතුවිලි ඉහිල්ව යන්නේ මටත් හොරෙන් ය. (බැලේ රැඟුම නිදහස් රැඟුමකි.)

      "ඒ වුනත් ඔබ කියන විදියට
      හඳක් මෙන් ඉඟිමරනු නොහැකිය
      උගුල්ලා හැඩ ඇඳපු දෙබැමට"

      නමුත්, මම නිදහස් යුවතියක් නොවෙමි. මා වැඩී ඇත්තේ දෙමාපියන්ගේ බලපෑමෙන් බලෙන් රිංගවන ලද රාමුවක් ඇතුලතය. එකී රාමුව තුල වැඩුන මට නිදහස් ඉඟිමැරුම් නුපුරුදු ය.

      "ඔබ දන්නෙ නැතුවට
      රොන් හාදු නීතියෙන් තහනම්ය
      මුල් දුවනකොට පාලු හරිතාගාරෙක"

      තවද, අදටත් මා වැඩෙන්නේ දැඩි රැකවල් මධ්‍යයේමය. දෑත දෙපා විලංගු ලූ සිරකාරියක් වැන්න. මුල් ඇත්තේ පැරැණි සිරිත් හා බැමි කරපින්නා ගත් සාම්ප්‍රදායික පවුල් පසුබිමක් තුලය. තවමත් මම ඉන් මුක්ත වූවක නොවෙමි. (හරිතාගාරය කොතෙක් නීරස වුව පැළයක වර්ධනයට අවැසි සියලුම සාධක සපයයි. නමුත් බාහිර පරිසරයෙන් වෙන්කර වර්ධනයට ඉඩ හරී.)

      Delete
    2. පිං සිද්ද වේවා...

      Delete
  8. මරු ඈ :). ඔන්න මම හයිකුවක් ලියනව හරිද :D.

    කොයිතරම්
    අපූරුද බස්සි
    මේ හැකියාව

    ජය වේවා!!!

    ReplyDelete
  9. එක කාලයක් තිබ්බා පිළිතුරු ගී කියලා ජාතියක්. ඒකෙන් කෙරෙන්නේ එක ගායකයෙකුගේ ගීතයකින් නඟපු ප්‍රශ්ණෙකට පිළිතුරු දෙන එක. මට එකක් වත් මතක් වෙන්නේ නෑ හොඳ වෙලාවට.

    ReplyDelete
    Replies
    1. අප්පේ! හොඳ වෙලාවට නේන්නම් මතක් නොවුනෙ.

      Delete
  10. මරු............................ සුපිරි උත්තරයක්

    ReplyDelete
  11. මේ චිත්රෙත් ඇන්දෙ බස්සිද??

    ReplyDelete
    Replies
    1. බස්සිගේ චිත්තර හැකියාව දැක්කනම් සජ්ජා ඔහොම අහන්නෙ නෑ අෆ්ෆා.

      Delete
  12. පරක්කු උනත් කියෙවුවා හලි..

    ReplyDelete
  13. මට හිතා ගන්න බැරි මේ ගොඩක් උන්ට 'කවි' නොතෙරෙන්නේ කොහොමද කියල.. මටනම් අර උඹ දෙපාරක්ම දාපු පැහැදිලි කිරීම මේ වචන ටිකත් (කවියක් යැයි නොකිය ඉමුකෝ) එක්ක බැලුවම 'මෙලෝ රහක් නෑ' නගේ.. බ්ලොගේ ආයි කවි නොදාන්වානම් දාන තැනක් ගැන ඉඟියක් දීපන්..

    ReplyDelete
    Replies
    1. බුකියේ නම් දවසට කවි හතර පහක් වුව පල කෙරෙන දවස්ද ඇත. හිහී...!

      මටත් ඒ පැහැදිලි කිරීම මෙලොව රහක් නෑ අෆ්ෆා...

      Delete
  14. අනේ මට නම් මුකුත්ම තේරුනේ නෑනේ?....
    අර තහනම් කතාව නම් තේරුනා වගේ...

    ReplyDelete
    Replies
    1. ඇයි අනේ උඩ කොමෙන්ට්වල මම දීර්ඝ ගැටපද විවරණයක් දාල තියෙනවනේ

      Delete