Monday, April 20, 2015

කොණ්ඩ කැවුමත් යනව වයසට (Anti-අවුරුදු කවි)






ගෙවෙනකොට අවුරුදු පනහ හැට
කොණ්ඩ කැවුමත් යනව වයසට
කොණ්ඩෙ හැලුනම කොහොම එන්නද
පුරුදු විදියට කෑම මේසෙට

කොකිස්, අතිරස, අග්ගලා වුව
යාන්තම් පැනි බිඳක් තැවරුව
සීනි පැනිරහ කෑම තහනම්
ඩයබිටික් හැදුනාම තදටම




40 comments:

  1. කොන්ඩේ නැති කැවුම අතිරහ නේද...?

    ReplyDelete
    Replies
    1. නෑ අනේ කොණ්ඩෙ හැලිලා රුයිතෙට කොණ්ඩෙ බැන්ද කොණ්ඩ කැවුං ගැන කිවුවෙ.

      Delete
    2. ඒ කවුද එහෙම?

      Delete
    3. ඔය අවුරුදු මේස වල තියෙන්නේ.

      Delete
    4. අපි කියන්නේ හැඳි කැවුම් කියලා.. කොණ්ඩ කැවුම රහයි.. කොණ්ඩ නැති කැවුම අති රහයි.. ඉතින් කොණ්ඩේ නැති වෙන එක හොඳනේ එහෙනම්.. හැක්.

      Delete
    5. හැඳි කැවුම්? අහ්! වැඩේ දෙන්නෙ හැන්දෙනුයි කූරෙනුයි නිසා වෙන්ටැ?

      Delete
  2. ඩයබිටික් හැදුනම සීනි හොදනෑ කිව්වට, පැණි හොදනෑ කියල නෑ. ( ඔන්න ඔහොමයි අපි හිත හදා ගත්තෙ ).

    ReplyDelete
    Replies
    1. හැබෑව හැබෑව කම්මලේ. :D

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. පැරාට දාන්න ගිය එක මෙතන වැටුනේ.:)

      අවුරුද්දක් එන්නේ අවුරුද්දකට සැරයයි
      හැමදාම නොකන සිනී එක දවසක්
      කෑවට අවුලක් නැහැ හිත හදාගෙන.

      Delete
    2. මාව හොල්මන් වෙලා ගියා බොලේ ඒ බරසාර කමෙන්ටුව දැක්කම!

      Delete

  4. නොකා හිටියෝත් බඩගින්නේ
    කෑවොත් ලෙඩගින්නේ..
    හපොයි !!!!

    ReplyDelete
    Replies
    1. අද කාලෙනම් කැවත් ලෙඩ නොකෑවත් ලෙඩ නෙව බණ්ඩෝ...!

      Delete
  5. කොණ්ඩෙ නැති වුණාම කැවුම් රස නැද්ද

    ReplyDelete
    Replies
    1. තෙල් කෑම එක්ක තරහ නිසා අපිනම් දන්නෑ ඔව්ව.
      :P

      Delete
    2. රහයි හැබැයි ටිකයි......

      Delete
  6. කොණ්ඩ ඉදිලා රැවුල පැහුණට
    තාම කැමතියි කැවුම් කන්නට
    කොණ්ඩ හොයලා කෙණ්ඩ පෙරළුණ
    විටෙක දැන ගති 'සීනි වැඩි' බව.. ;)

    ReplyDelete
    Replies
    1. කලා අත්දැකීමක්ද මන්දා ලීවෙ.

      Delete
  7. ඇයි මේ පනහ පැන්න අපිට මේ කැවුම් කැවුම් කියන්නේ....තව අවුරුදු 25කින් විතර බස්සිටත් එහෙම වෙනවා කියලා හිතාහදාගත්තා ඕන්....!!!
    අපි ෆුල් ඔෆ්ෂන් හරිය....!!

    ReplyDelete
    Replies
    1. තව 25 කින් 100 යි ද????

      Delete
    2. බස්සිගෙන්ම තමයි කුරුටු අහන්න වෙන්නේ...

      Delete
    3. බස්සිගෙන්ම තමයි කුරුටු අහන්න වෙන්නේ...

      Delete
    4. චෙෆාකිට දුක හිතිලා වගේ. ඔන්න වෙන කවියක් දැම්මා.

      Delete
  8. අාස්මිත් දැන් නැති තරම්.... අැත්තම කතාව නම් අපේ කුස්සියේ උන්දැලෑගේ පිරිහීම තමා..... නැතුව මේ පිරිමි අපේ අවුලක් යෑ.... අපිනම් ඒදාටත් වැඩිය හොදට අවුරුද්දට වැඩ අල්ලනවා.... කොච්චර අල්ලනවාද කිව්වොත් අායෙම සිහිය ඒන්න් දවස් තුනකින් විතර.. ඒ සිහිය අැවිල්ලා බලද්දි තමා දන්නේ ඉන්නේ පිටිපස්සේ කානුවේ කියලා... බොරුනම් විදානෙගෙන් අහන්න//////

    ReplyDelete
  9. මේක කියෙව්වහම මට මතක් වුනේ මම හදපු කැවුම්. ඒවත් වයසට ගිහින්ද කොහෙද හි.. හි...

    ReplyDelete
    Replies
    1. මම හැදුවත් එච්චරම තමයි තුශ්. :)

      Delete
  10. ඇයි මේ පනහ පැන්න අපිට මේ කැවුම් කැවුම් කියන්නේ....තව අවුරුදු 25කින් විතර බස්සිටත් එහෙම වෙනවා කියලා හිතාහදාගත්තා ඕන්....!!!
    අපි ෆුල් ඔෆ්ෂන් හරිය....!!

    ReplyDelete
    Replies
    1. චෙෆා මාර විදියට අස්පට් ගිහින් නේ කවියට.... අයියෝ එහෙම හිතලවත් නෙමෙයි ලිවුවෙ. සොරි වෙන්න ඕනෙ!

      Delete
    2. මම නෙමෙයි බස්සියෙ මගේ ලැප පිච්චු කෙලිනවා වෙන්න ඕනි....දෙපාර දෙපාර වැටිලා කමෙන්ටුයි..ඒවට දාපු රිප්ලයි කෑලියි..හපොයි..මේකත් එහෙම වෙයිද...
      දුක හිතෙන්නේ නැද්ද අවුරුද්ද පටන් ගත්ත ගමන් මෙහෙම වෙනකොට...

      Delete
    3. ඒකනෙ අෆ්ෆා මගෙ හද කම්පා උනා චෙෆාකි ඩබල් ඩබල් දුක් වෙනවා දැකලා. ඒ හින්දා මම දුකටම අන්න තව පෝස්ට් එකක් දැම්ම.

      Delete
  11. මට කොන්ඩ කැවුම් උයන්නත් එදන්නත් පුළුවන්, ආච්චි අම්මා කියලා දුන්නේ,, අපේ අම්මට පුළුවන් අතිරස සහ අනිත් ඒවා විතරයි, කැවුම් උයන එක ලේසි නැහැ හරියට භාවනාවක් වගේ, බලන් ඉද්දි හිතෙන්නේ ලේසියි කියලා,, ඒත් ගින්දර පාලනය කරගෙන අඩු වැඩි කර කරා කැවුමක් උයන එක ඇත්තටම වෙනමම කලාවක්,,

    බස්සු ගේ කවිත් වෙනම කලාවක්

    ReplyDelete
    Replies
    1. එහෙනම් මටත් කියාදීහන්කො.
      මම හදන කැවුම් වල කොණ්ඩෙ හැලිලා විතරක් නෙමෙයි ඒවට හන්දිපත් රුදාවත් හැදිලා.

      Delete
    2. හබුන් කාලා තව ටිකක් උස ගිහින් වරෙන් කියාදෙන්නම්

      Delete
    3. මට භාවනා කොරන්නනං පුලාන් ඒ කියන්නෙ කැවුං උයන්ඩ ඉගෙනගන්න ලේසි වෙයි නේ?

      Delete
    4. හැබැයි ඇස් වහන්න බෑ පුතෝ

      Delete
  12. කොණ්ඩ කැවුම් කවිය අපුරුයි.... අවුරුද්දට නම් කැවුම් දැකලම එපා වෙනවා... තව ටික දවසක් ගියාම තමයි හිතෙන්නෙ අනේ ඒ කැවුම් දැන් තියේ නම් කියල... නේද බස්සී...

    ReplyDelete
    Replies
    1. ඒකනෙ රසී අක්කා. ඕක තමා මේ සීසනල් කෑම වල අවුල. ඇති දාට අප්පිරියයි. නැති දාට පුදුම රහක්!

      Delete
  13. සරල කවියත් ඇතුළෙ අනිත්‍ය ගැන සරල කතාවක්
    ජයවේවා බස්සි...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි වර්ණ කුලකය!

      Delete