Saturday, April 18, 2015

කොටුරූල් ගම (Anti-අවුරුදු කවි)





කොටුරූල් පොතක් වැනි
කතා නැති ගම
තම තමන්ගේ කොටුවල
කන බොන, ටෙලිවිෂන් බලන
හුදෙකලා රතිඤ්ඤාවක්
හිටිගමන් කොටුවක් අද්දර පුපුරන


46 comments:

  1. රතිඥ්ඥා ලියන්නේ ඔහොමද බොල මගේ ගුරාගෙන් අහගන්න ඕනේ හරි ක්‍රමය (රවී මහත්මයා ගෙන් )

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි මචියෝ... මගෙ ස්පෙලින් දැනුම ඉතින් බිංදුවයි නෙව. ඔන්න හැදුවා.

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
  2. හිටිගමන් කොටු පනින :p
    KN- ඤ් රතිඤ්ඤා

    ReplyDelete
    Replies
    1. කොටු පැන්න පසු ඇවිලෙන
      :D

      Delete
  3. ටිකින් ටික අපි ඒ කොටුරූල් ජීවිත ක්‍රමයට තල්ලු වෙනවා වගේ තමයි දැනෙන්නේ...

    ReplyDelete
    Replies
    1. අපේ ගමනම් දැනටමත් කොටු ඇතුලේ ඉන්නෙ.

      Delete
  4. මම දැක්කා රවීගේ පෝස්ටුවක, හැලපයා කොමෙන්ට් එකක් දාලා තියෙනවා, දැන් ඉන්න උන් ලියන අවුරුදු කවි ගැන කින්ඩියක් දාලා. නමුත් ඒ නාකි පොරවල් දන්නේ නැති දෙයක් තමයි ළෝකය වෙනස් වෙලාය කියන දේ.

    මට එයාලා ගැන බොහෝම කනාටුයි.. වෙන කොරන්න කිසිම දෙයක් නෑ.. එයාලා නොදන්න එකම දේ තමයි.. මේ ළෝකය වෙනස් වෙනවා සහ වෙනස් විය යුතුයි කියන එක. හරි පව් අප්පා ඒ සීයලා..

    ReplyDelete
    Replies
    1. එක එක්කෙනාගේ එක එක ටේස්ට් නෙව. මම ලියන ඒවානම් ගොඩක් බ්ලොගර්ලාට සෙට් වෙන්නෙ නැහැලු නේ.

      ලෝකේ වෙනස් වෙලා බව නොදැකීමට වඩා අවාසනාව දැක්ක බව නොදන්නවා වගේ ඉන්න එක.

      Delete
    2. මට නං කියන්න තියෙන්නේ මට අවුරුදු විස්ස විසි දෙක කාලේත් මේ වගේ කවි කියවා / ලියා ඇති බවයි!
      එදා මෙදා ආකෘතියේ මෙන්ම අන්තර්ගතයේ ද මට නම් මහා විශාල වෙනස්කම් පේන්නේ නෑ!

      Delete
    3. ඒ කියන්නේ කකා තාමත් කොල්ලා වගේ කියන එකද? නැත්නම් බස්සි ආච්චි කියන එකද? හිහිහී!

      Delete
  5. මොනවා කියන්නද කතාව අතිශයින් ම අැත්තය.............. අපිත් ඒ කොටුවක හිරවෙලා........

    ReplyDelete
    Replies
    1. අපේ ගමේ තත්වය ඔන්න ඕකය.

      Delete
  6. ෆැන්ටසි අවුරුද්දක් ටීවී එකේ බලාගෙන...
    ඔන්ලයින් අවුරුදු ගේම් ගහන
    'අලුත්' අවුරුද්ද..

    ReplyDelete
    Replies
    1. සිරාවට ඔන්ලයින් අවුරුදු උත්සවේ බලන්නත් බැරි උනා ලැප නැති නිසා මේ පාර.

      Delete
  7. අමාරුයි හිර කරල ලියන්න
    අපි වගේ පිළිවෙලක් නැති ලොකු අකුරු
    ඒ පොඩි කොටු ඇතුලේ සීරුවට..
    ඒකයි කඩාගෙන බිඳගෙන පනින්නේ
    හම්බෙච්චි ගමන් අහවරයක්
    මොකුත් සීමා නැති හිස් කොල වලට..

    ReplyDelete
    Replies
    1. මේක නම් සිරාවටම හිතට වැදෙනවා කලා!

      Delete
  8. පාවිච්චි කරපං බස්සී
     මං වගේ, 
    දිගටවත් හරහටවත් 
    කිසිම රූලක් නැති  
    A4කොලයක්

    ReplyDelete
    Replies
    1. අනිවා!
      කොටු රූල් වල හිර කරන්න අමාරු ජීවිත
      සුදුම සුදු හිස් පිටුවල
      සීමා ඉරක්වත් නැතුවම ඔහේ ලියවෙනවා.

      Delete
  9. නොවෙයි ඒ
    දියවිද්දාගම
    ඒ තමයි
    රද්දොලුගම.

    ReplyDelete
  10. කොටු කොටු කොටු..

    ජ ය

    ReplyDelete
    Replies
    1. ඒ අර විදානෙ බලුබ් විකුණන කතන්දර වල නෙ කොටු වැටෙන්නෙ.

      Delete
  11. ඉරටු මැදගෙන
    පොල් කටු පුච්චගෙන
    සීයෙ දෙසීයෙ පෙට්ටි අරගෙන
    අවුරුදු එන්න කලිනුත්
    අවුරුද්දෙත්
    ඊට පස්සෙත්
    පත්තු කළ හැටි මතක් වෙනකොට.........

    දුරස් වෙන හිතවත් සමාජය ගැන කෙටියෙන් පැහැදිලිව කීමක්
    බස්සිට ජය!
    සුභ අලුත් අවුරුද්දක් වේව!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වර්ණ! ඔයාටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!

      Delete
  12. ගමේ ජීවත් වූ මා, 1980 ගණංවල රත්මලානේ ඥාතී නිවසක දිව කිහිපයක් ගත කරන අතරතුරදී මට මේ කතාවම හිතුණා. දැන් දශක කිහිපයක්ම ගතවෙලා!

    ReplyDelete
    Replies
    1. ඒ සිදුවීමෙන් දශක කීපයකට පස්සෙ මා කුඩා කාලයේ ඔරිමජිනල් "ගමක්" ව තිබුනු (දැනටත් බාහිරව ලොකු වෙනසක් නැහැ.) මුතුවාඩිය ගමේ අවුරුද්ද ගතකරන මට එහෙම හිතෙන එකේ අමුත්තකුත් නෑ නේද

      Delete
  13. කොටුවකින්
    පනින කොටනොවැ
    ඒකෙත් රහ!
    (හයිකු)

    ReplyDelete
    Replies
    1. අත්දැකීමැති
      මධු බොසාගෙන්
      අසා දැනගතහැකි
      උවමනා අය වෙත්නම්
      :P

      Delete
  14. මේ කොටුවෙන් අර කොටුවට කොටු පැන්නොත් වලි.....

    රතිඤ්ඤයක් අහස් ගුණ්ඩුවක් මේ කොටුවෙන් අනිත් කොටුවට ගියොත් වලි.....

    බල්ලෙක් තව කොටුවකින් අනිත් කොටුවේ කැත කලොත් වලි.....

    ReplyDelete
    Replies
    1. ඔව් අෆ්ෆා වලි කාපර්ලා ඉන්නෙ.

      Delete
  15. ඒ කාලේ පැන්නට අවුරුද්දට
    කස්ස්ටිය කොටු
    බිසීවෙලා දැන් අයියල පට්ටට
    ත්‍රිකොනයක් පනින්න වත් හදාගමු පනතක්
    යහපාලනෙන් හිටන්...
    මල හුටන්................


    ReplyDelete
    Replies
    1. ඒකටත් යහපාලන කොටුවක් ඇඳගන්නවනෙ මෙයාලා ඉතින්.

      Delete
  16. මුලින් ඉර , දැන් කොටුව, ඊලඟට?

    ReplyDelete
    Replies
    1. ඊළඟට කැවුම. තව පැයකින් විතර ඇවිත් බලන්ටකෝ

      Delete
  17. අවුරුදු විතරක් නෙමේ අපේ ජිවිතත් දැන් එකම රාමුවක් ඇතුලේ කොටු වෙලා බං.

    ReplyDelete
    Replies
    1. ඒ ගැන තමයි මචෝ මේ කියන්නෙත්.

      Delete
  18. ඇයි අර ටක් ටක් ගාල එහාට මෙහාට මාරු වෙන රිසයිකල් කැවුම් කෙසෙල්.

    කවියක් ගැට ගහගන්න තරම් ඉස්පාසුවක් තිබ්බේ නැතත් මටත් ඔහොමම හිතුන බස්සි. අවුරුදු අටකට පස්සේ අවුරුද්දට කියලා ලංකාවට ගියත් දැනුණේ හරිම පාළුවක්. කාටවත් දොස් කියනව හෙම නෙමේ. කවුරුත් නොයෙක් වැඩ රාජකාරී අස්සේ හිර වෙලා.
    මුතුවාඩිය මම හොඳට අහල තියෙන පලාතක්. බස්සි දන්නවා ඇති වලාන. පාලමින් අනික් පැත්තේ. වලාන ඉස්කෝලේ ඉගැන්නුවා මම ටික කාලයක් .

    ReplyDelete
    Replies
    1. මාරම වැඩේ කියන්නෙ බින්දි අක්කේ, දවස් දෙකක් ඇතුලත අපේ කැවුම් කොකිස් අපිටම ආපහු එනවා. පිඟාන විතරයි වෙනස්! :D

      වලාන කියන්නෙත් ඉස්සර නම් ඔරිමජිනල් ගමක් නෙ. බස්සි පොඩි කාලෙ ඉස්කෝලෙ ගියෙ වෙන්නප්පුවෙ නිසා ගමට යන්නෙ නිවාඩු කාලෙක විතරයි. ඒත් ඒ කෙටි කාලෙ වුනත් දැකපු විඳපු ගම දැන් හොඳටෝම වෙනස් වෙලා. නිවාඩුව ඉවරවෙනකම් ඇඟිලි ගැන ගැන හිටියෙ.

      Delete
  19. කොටු සීන් , කොටු පනිලි, කොටු දැමිලි එක්ක අවුරුදු..

    ReplyDelete