Monday, April 20, 2015

සුපිරි වෙළඳසැල ඉදිරිපිට ආච්චිලා රබන් වයති (Anti-අවුරුදු කවි)








 "අවුරුදු මේසෙට දෙන්න දෙයක් නැත
රබාන තැලුවොත් තුට්ටු දෙකක් ඇත."

 
"වීදුරු ඇතුලෙන් මං දැක්කා
ඒ.සී. කරාපු වට්ටක්කා
මේ තරමට ඉර සැර මක්කා
උන් පින් කරාපු වට්ටක්කා"

 
"බොලං පොඩි නංගි ටිකක් හිටපං
අදත් මයෙ කොන්ද හුඟක් ඇවිලුං"

 
"රන් සපත්තු ජෝඩුවයි
පොඩි පැටවුන් තුන් දෙනයි
උන්ගේ දෝත දැකපු සැනින්
හිච්චි එකී සිහිවුනයි"


"උඩින් උඩින් වර පෙත්තප්පූ
බිමින් බිමින් වර පෙත්තප්පූ
උඩින් උඩින් වර
බිමින් බිමින් වර
කොහා හොයන් වර
පෙත්‍තප්පූ!"


~~~~~~~




43 comments:

  1. Replies
    1. මෙයින් අදහස් වෙන්නේ අදත් කවි නොතේරුන බව වෙන්ට ඕනෙ! :3

      Delete
    2. එයින් අදහස් වෙන්නේ තේරුම් ගත් බවේ සතුට.
      සම්බස්සව්‍ය කවි කොහොමවෙතත් රබන් පද හා විරිඳු තේරෙනවා.

      Delete
    3. හම්මේ පුදුම සන්තෝසයක් දැනුනෙ මේ කොමෙන්ටුව දැක්කාම! :P

      Delete
  2. උඩ පල ගත්තොත් 'රා' ම තමයි,
    බිම පල ගත්තොත් 'ගල්'ම තමයි,
    උඩ පල ගත්තත්......බිම පල ගත්තත්...
    වෙරි වෙන්නට මේ දෙකම හොදයි.

    ReplyDelete
    Replies
    1. කම්මලගේ රබන් පදේ කීයත් වටී!

      Delete
  3. දොන්ත බබක්කට- දෙන්ට දෙයක් නැත
    ඩයලොග් ස්ටාර්- පොයින්ට් දෙකක් ඇත..

    ReplyDelete
    Replies
    1. බොලං ස්ටාර් පොයින්ට් අහුලං
      ඉතින් ගිෆ්ට් වවුචරයක් අරගං

      Delete
  4. ඇක්සොලන්ට් වල්ලා පට්ට රබන් පද.... මේ ඔහෙත් අර කඳු වගේ පැයකට එකක් නොදා හතරක් පහක් එක්කහු කොරාලා දවසකට එකක් විදියට වත් දානවා හලෝ...

    ReplyDelete
    Replies
    1. ඇයි ඔහේ බනින්නෙ බ්ලොගේ නොලියා බුකියෙ ලියනව කියලා. බුකියෙ ලියන විදියට බ්ලොගේ ලියන්න ගියොත් මීට හපන් වෙනවා හරියැ!

      කඳූ සමහර මාස වල පෝස්ට් එකසිය ගණන් ලියනව නෙව. හිතනලන්තය බ්ලොගත් එහෙමයි.

      Delete
    2. මාත් එහෙමයි අප්පා.. ලියනවා ලියනවා ලියනවා ඉවරයක් නෑ..

      Delete
    3. අනේද කියන්නෙ ඉතින්

      Delete
  5. \\\\ "රන් සපත්තු ජෝඩුවයි
    පොඩි පැටවුන් තුන් දෙනයි
    උන්ගේ දෝත දැකපු සැනින්
    හිච්චි එකී සිහිවුනයි"///

    අනේ....!!!!!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් හ්ම්ම්ම්... :)

      Delete
  6. අපි වගේ 24 hours මේකේ ඉන්න අයට නම් මරු බස්සි,, කලින් කවි ටිකට වඩා මේක මට නම් නියමයි,, උබ ලියන හැම කවියකම සමාජ යතාර්ථය ලියවෙනවා අපුරුවට

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා ඔමියෝ.... :*
      හික්ස්! කලින් එක පේනකොට මටම කම්මැලි හිතුනා අනේ, ඒකයි වැඩියෙ කවුරුවත් දකින්න කලින් ටක් ගාලා මේක දැම්මෙ.

      Delete
  7. මේ කවි සෙට් එක මරු.....!

    ReplyDelete
    Replies
    1. තැන්කූ දුමියෝ....
      අලුත් කට කහන කතාවක් කියවීමේ දැඩි ආශාවකින් පෙලෙමි හොඳේ...

      Delete
  8. බලල පිට පාරෙ යන්න බැරි තරම් සැරයි මේ පද!

    ReplyDelete


  9. අදනම් තේරෙන රබන් පදේ ඇත
    බස්සිගේ වැඩ නම් හරිම අගේ ඇත.

    බොලන් පොඩි බස්සි ටිකක් හිටපන්
    තේරෙන කතා ටිකක් ලියපන්


    ReplyDelete
    Replies
    1. හිටින් එහෙනම්
      කවිය ගලවන්
      කතා අමුණන්
      බ්ලොගේ අලවම්

      Delete
  10. Replies
    1. බොහොම ස්තූතියි විදානේ...!

      Delete
  11. ලස්සනයි.... ජීවිතේ දුක ඇමිණු රබන් පද..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි රසී අක්කා...!

      Delete
  12. ලබන සැරේ අවුරුද්දට මේ රබන් පද ගැහුවා නම් හරි!

    ReplyDelete
    Replies
    1. දැනටත් ඔය ආච්චිලා ගහන්නෙ මේ රබන් පද තමයි නාඩි මලයා.

      Delete
  13. සුපිරි වෙළඳ නාමයයි
    අපිට අහිමි ලෝකයයි
    දොර ඇරෙනා ගානේ දැනෙන
    සීත සුළං සනීපයි

    ReplyDelete
    Replies
    1. සමහර තැන්වල ගිණි අවුවෙ, වාහන දුම් කකා මේ වයසක උදවිය රබන් ගහනවා දකිද්දි පුදුම කම්පාවක් දැනෙනව ඩූඩ්.

      Delete
  14. මරු බස්සි

    හැබැයි මේ දවස්වල නම් ඇහෙන්නේ

    නුගේගොඩට වර අප්පච්චි
    රත්නපුරට වර අප්පච්චි
    එදවස නාවත් ලබන බදාදාට
    සාක්කි දෙන්න වර
    අප්පච්චි

    ReplyDelete
    Replies
    1. තැන්කූ ජේ.පී.

      හපෝ ඒ ගැනනම් කියලා වැඩක් නෑ.

      Delete
  15. අවුරුද්දට සුපිරි කඩේ එලිපත්තේ රබන් ගහන ආච්චිගෙ ඇතුලාන්තයි, නත්තලට සුපිරි කඩේ එළිපත්තේ නත්තල් සීයගෙ ඇතුලාන්තයයි දෙකම එකයි...

    ReplyDelete
    Replies
    1. ඇයි සජ්ජෝ මූණෙ පාට තවරගෙන අපිව හිනස්සන්න උත්සාහ කරන කවටයන්ගේ ඇතුලාන්තය. අර ගස්ලබ්බාත් ලියල තිවුනෙ.

      Delete
  16. මල්ලක් අරගෙන කඩේට යනකොට
    වෙළෙන්ද ඉදගෙන අප කනවා
    ලන්සි පැටව් ෆුඩ් සිටියේ පෝලිමෙ යනවා
    තකදොං පෝලිමෙ යනවා...

    ReplyDelete
    Replies
    1. ඔය තාලෙටම බුකියෙ කමෙන්ටුවකුත් වැටිල තිවුනා. ලියපු කෙනා මතක නෑනෙ.

      මල්ලක් අරගෙන පාරට බැස්සම
      මැක්කොත් ඉඳගෙන ලේ බොනවා
      අපේ පැටව් ඔසී යන්න
      නැවක් හදනවා

      Delete
  17. කාසි අරන් එන ගැම්මේ
    රබන් තලන් කිරි අම්මේ

    රබන් පද තුළින් මතු කරන සමාජ පැතිකඩක්
    බස්සිට ජය!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි වර්ණ!

      Delete
  18. පෙත්තෙක් අරගෙන කැත්තට යනකොට- වත්තක් ඉඳගෙන කජු කනවා..

    ReplyDelete
    Replies
    1. අඟහරු ලෝකෙ රබන් පදයක් වෙන්න ඕනෙ. :P

      Delete
  19. සමාජයේ මේ ස්ථරයේ ඉන්න මිනිස්සු අවුරුද් බොහොම ජයට සමරනවා. මොකද එයාලට අවුරුදු එන්නේ එක පාර නිසා. නමුත් එයාලා ගෙන් සේවය ලබා ගන්න හාම්පුත්තුන්ට හැමදාම අවුරුදු නිසා මේවා මහා ඉහලින් සමරන්න යන්නේ නෑ.

    ReplyDelete