Thursday, April 2, 2015

ඈ සින්නතම්බිය. දෙමළිය.








ස්වාමිනී ඈ සින්නතම්බිය. දෙමළිය.
සළු වියන්නිය, කෙසඟ ගාමන්ට් කෙල්ලය
මැසින් ඉඳිකටු සිදුරකින් හඳ දකින්නිය
එහෙට පායන හඳ උනත් කලු පාටය.


මඩකලපුවේය. ඒ නොරට ය
යාපනේටත් වඩා හම මඩ පාටය
පෙම්වතුන්ගේ දිනයය – උන්නේ තනියම ය.
පත් සිඳුනු ගස් ආදරේ දන්නැතිය. අපිටනම් කම් නැතිය.


හිරවෙලා උන් කෙහෙ කැරැල්ලක් හුළඟෙ පාවිය
තල් වැටක ආදරේ කෙටු හැටි සිහිවිය
තුවාලේ හෑරුවේ කොණ්ඩා කටුවය
සුසුම් වැද සෙලවුනේ කැටපත් පවුර ය.


සින්නතම්බිය ජීවිතේ විත්තිකාරිය
තුවක්කුව මිස පෑන පැන්සල අහිමි ය
කවක උරුමය වියත් සුදු කෙස්වලටය
දෙවසරක් සිර දඬුවමක් හොඳටම මදිය!


~~~~~~~~~~~~~~

75 comments:

  1. ඈ සින්නතම්බීය.. දෙමළිය..
    ප්‍රෙමිලාලලාට අශෝක මාලාලලාට
    තිබුණෙත් ඒ හදවත්මය ඒ ලේමය
    උන් අදටත් වීර පෙම්වතියන්ය

    ReplyDelete
  2. මම නම් ඒ දඬුවම අනුමත කරනවා.. කරුමේ කියන්නේ නීතිය සැමට එක ලෙස ක්‍රියාත්මක් නොවීම. ඔය දඬුවමම හෝ ඊට වැඩී දඬුවම් දෙන්න බැරි ඇයි නිදන් හාරන උන්ට. මෙවා හැම එකාම කරන්න ගියොත් අපිට පෙන්නන්න තියෙන ලබ්බවල් දෙක තුනත් නැති වෙනවා.

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. ඕන් ජනපති සමාව දීලා.....

      Delete
    3. සමාව දුන්නත් දැන් මේක සමාජයට පණිවිඩයක්. පුරාවස්තු විනාශ කිරීම දඩුවම් ලැබෙන වරදක් කියන එකට. හැබැයි මාස හයක්වත් අච්චුව විදල ආවනම් තමා හොඳ.
      මඩකලපුවෙ ඉදන් ආපු අයගෙ මේ වගෙ සිද්ධි හතරක් වාර්තා වුනා. අනෙක් ඒවට අවවාද කරල සමාව දුන්න.ඊට පස්සෙ සෙල්ලමකට ගියා. අපේ ඉස්කෝල ළමයිනම් ලනුවලින් රිංගල මෙහෙම වැඩක් කරන්න බයයි. මට මතක් වුනේ කොටි කාන්තාවන් තල්ගස් මුදුන්වල ඉදන් ආමිකෑම්ප් වලට වෙඩි තියපු හැටි. මෙයා ඔය කියන තරම් සුකොමළ නෑ

      මෙහෙම කුරුටුගාන්න ගියොත් කැටපත් පවුරෙන් වැඩක් නැතිව යනවා

      Delete
    4. අන්න දැක්කද ජනපති සමාව දෙන්නත් අපි කවියක් දාන්නම ඕනෙ. හිහිහී!!!

      Delete
    5. මධ්‍යස්ත මතධාරියෝ:

      අපේ උන්ට කුරුටු ගාන්න පරණ කැටපත් පවුරෙ පැත්තකින් අලුත් පවුරක් හැදුවනම් මොකෝ? එහෙමනම් මටත් ලියන්ඩ තිබ්බා

      බස්සිමි, කටුනායකැ සිට ආමි.
      සීගිරි බැලිමි. යමි

      කියල වගේ එකක්වත්.

      Delete
    6. //අපේ උන්ට කුරුටු ගාන්න පරණ කැටපත් පවුරෙ පැත්තකින් අලුත් පවුරක් හැදුවනම් මොකෝ? එහෙමනම් මටත් ලියන්ඩ තිබ්බා.//

      මනෝමී
      මමත්
      එකඟ වෙමි.

      Delete
    7. එහෙනම් පස්සෙ කාලෙක අපේ බස්සි , මනෝ අයියයි ඉතිහාසගත වෙයි හිටං...

      Delete
    8. මාතේ සහ මධ්‍යස්ථ මතධාරියා සමඟ එකඟයි..මේකෙන් වෙන්නේ හැමෝම ඔහොම වැරදි කරලා අන්තිමේ හොටු පෙරාන අඬලා නිදහස් වෙන එකයි..අන්තිමේ අර මාතේ කිව්වත් වගේ පෙන්නන්න තියෙන ලබ්බවල් දෙකතුනත් නැතිවෙලා යන එකයි..

      Delete
    9. ///මෙවා හැම එකාම කරන්න ගියොත් අපිට පෙන්නන්න තියෙන ලබ්බවල් දෙක තුනත් නැති වෙනවා.///

      මාතේ උඹට රස්සාව ගැන බය හිතුනද...?

      නිධන් ගැන කිව්වම ගොඩ දෙනෙක් හිතාන ඉන්නේ ඒවා තියෙන්නේ පන්සල් වල, පිළිම වල, චෛත්‍ය වල කියලා.
      ඒවායේ තියෙන බහුතරයක් නිධන් වස්තු... ඒවායේ තිබ්බත් තියෙන්නේ පරිත්‍යාග කිරීමෙන් පසු හිතින් අත ඇරපු දේවල්...

      නමුත් නියම නිධන් තියෙන්නේ වෙනම තැන්වල. ඒවා ගැනීමෙන් පෞරාණික දේ වලට හානි සිද්ධ වෙන්න තියෙන හැකියාව ගොඩක් අඩුයි. ඒ වගේම ඒවා බහුතරයක් වළලලා තියෙන්නේ ආපහු ගන්න හිතාගෙන
      මම වඩා කැමතියි රජය හෝ පුරාවිද්‍යා එකෙන් හෝ මැදිහත්වෙලා, මාධ්‍ය සිවිල් සංවිධාන එක්කාසු වෙලා(හොරකම් වළක්වන්න) හෝ ඒ වර්ගයේ නිධන් ගොඩ අරගෙන රටේ දියුණුවට යොදවන්න ක්‍රමයක් තියෙනවානම්...
      අවශ්‍ය පරිසරය නැති වෙච්ච ගමන් කාලයත් සමග මැණික් නිධාන නිකම්ම මැරිලා යනවා

      එහෙම දෙයක් පටන් ගන්නවානම් ඒ කියපු වර්ගයේ නිධන් තියෙන තැන් පෙන්නන්න පුළුවන් මට Google map එකෙනුත්...

      Delete
  3. එහෙට පායන හඳ උනත් කලු පාටය....
    ලස්සන කාව්‍ය නිර්මාණය
    බස්සිට ජයවේවා!

    ReplyDelete
  4. Replies
    1. A miracle it is!!!

      මාව හැබැහින් දැක්ක දා ඉඳන් තමා කවි තේරෙන්න පටන් ගත්තෙ.

      Delete
  5. කවිය කලා නිර්මාණයක් ලෙස හොඳයි. ඕනම විදියකට දකින්න පුළුවන්නෙ. ඒත් ඇය මඩකලපුවෙ කියල දෙමළය කියල පුරාවස්තු විනාශකරන්න ඉඩ දුන්නොත් ඒක මහා විනාශයක්. දෙමළෙන් අවවාදයක් දීල තියෙද්දිත් ලණු තුනකින් පැනල මේ කරපු ක්‍රියාව අහිංසක නෑ සාහසිකයි.
    දෙමල කියල මෙයාට සහනයක් දෙනවනම් ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළුකරන්න ඕන දෙමළ කාන්තාවන්ට පුරාවස්තු විනාශ කිරීමට බලය ඇති අතර එය ශ්‍රී ලංකාවේ කවරම හෝ අධිකරණයකින් ප්‍රශ්න කරනු ලැබිය නොහැක්කේය කියල. එවිට එය නීත්‍යානුකූලයි. බුකියෙ තිබුන සමහර නිර්මාණ දිහා බලන කොට මට හිතුන කළ යුතු හොඳම දේ ඒකය කියල.

    පුරාවස්තු කියන්නෙ අනාගත පරම්පරාවට අයත් දෙයක්. ජීවමාන අතීතය. නිදන් කැඩීම තුලිනුත් වෙන්නෙ මේ විනාශයම වුනත් මෙතන විනාශය වැඩි සීගිරිය ලෝක උරුමයක් නිසා. දළදා මාලිගාව ශ්‍රී මහ බෝධිය ,අවුකන පිළිමය වගෙ ජාතික වැදගත්කමක් දරන ඒව. කෙනෙක් දෙමළ කාන්තාවක් වීම නිසාම කරන අපරාධය නිවැරදි වෙනවද
    දෙමළවීම නිසාම කෙනෙකුට වැරදි කරන්න දෙන්න ඕනද

    මට පේන හැටියට මෙයාට එකපාරක් සමාව දුන්නට මදි දෙපාරක්ම දෙන්න වෙනව. මොකද දෙපාරකටම මුක්තිය හිමිනෙ. එකක් දෙමළ අනෙක කාන්තාවක්. සීගිරිය අසලින් ගල්කොරියක් දාගන්න කියල බලපත්‍රයක් දුන්නනම් තමා හරි. දෙමළ කාන්තාවක් නේද දෙයියනේ කියල උසාවිය මෙයා එනකොටම දනගහල වැදල ගල්කොරි ලයිසන් එක එවෙලෙම දෙන්න තිබුනෙ.

    ReplyDelete
    Replies
    1. මධ්‍යස්ත මතධාරියෝ:

      අපේ උන්ට කුරුටු ගාන්න පරණ කැටපත් පවුරෙ පැත්තකින් අලුත් පවුරක් හැදුවනම් මොකෝ? එහෙමනම් මටත් ලියන්ඩ තිබ්බා

      බස්සිමි, කටුනායකැ සිට ආමි.
      සීගිරි බැලිමි. යමි

      කියල වගේ එකක්වත්.

      Delete
    2. ඇත්තටම ඒ වගෙ දෙයක් තමයි කරන්න ඕන. එන අයට සටහන් තබන්න ඩිජිටල් කැටපත් පවුරක් ගන අදහසක් මම දැක්ක සයිබරේ කවුරුහරි දාල තියනවා.

      මෙහෙම ලියන්න තිබුනා

      " බස්සිමි
      කටුනායකැ සිට ආමි
      උදයා ගී ලීයෙන්
      මම නොළීමි " කියල හෙහෙ හෙහෙ

      Delete
    3. හි හි අනේ අනේ උබලනම් ඈ එල කවිය බස්සියෝ රටේ තත්වය මොක වුණත්

      Delete
    4. ඔමා උඹත් ඔන්නොහෙ මගෙ කැටපත් කොමෙන්ට් පවුරෙ කයියක් ලියාංකො.

      Delete
    5. මධ්‍යස්ථ මතධාරියා +++++++++++++++++++

      Delete
  6. දෙමළද සිංහලද කියල වැදගත් නෑ....පවතින නීතියට අනුව දඩුවම් කරානම් එච්චරයි..

    බස්සිගෙ කවි ලස්සනයි

    ReplyDelete
  7. ලස්සන විකල්ප කවියක් කියමු නේද

    ReplyDelete
    Replies
    1. හැමෝම ඒකමතිකව කියන දේට විරුද්ධව පොඩි රතිඤ්ඤයක් පත්තු කරන එකෙත් විනෝදයක් තියේ... :)

      Delete
  8. නීතිය ක්‍රියාත්මක වීම සංකේතාත්මකව හොඳ දෙයක් , ඒත් සමට නීතිය එකලෙස ක්‍රියාත්මක වෙන්න ඕන. එතකොට සින්නතම්බිලාටත් , පාතිමාලාටත්, මැණිකෙලාටත් දැනේවි සාධාරණ සමාජයක් බව.

    ඔන්න යහපාලන සමාවක් දීලා

    ReplyDelete
    Replies
    1. ඒකනේ බන්. දැක්කනෙ මම කවිය දැම්ම ගමන් සමාව ලැබුනා. හෙහ්!

      Delete
  9. ලස්සනයි... යන එන ගමන් ඇහැ ගැටිලා මේ සිද්ධිය ගැන කවි සෑහෙන්න කියෙව්වා... මට අනුව මේ කවියත් ඒවායේ උඩින්ම ඉන්නවා...

    පුළුවන්නම් උඹ ලියපන්කෝ කියන්න එපා :D මට කියවන්න ආසයි මේ සිද්ධිය ගැන කැටපත් පවුර කියන්නේ මොකද්ද කියලා කවුරු හරි කවියට නඟනවානම්...

    ReplyDelete
    Replies
    1. "පුලුවන් නම් උඹ ලියහන්කෝ බීටලේ"
      හිහිහී!

      බලමු, ලියවෙන්නත් ඇති. 'නයනසේන වන්නිනායක' ගීත රචකයා කොණ්ඩ කටුව කියන විදියට ලියල තිබුනා බීට්ල් දැක්කද ඒක?

      Delete
    2. නෑනේ... වෙලාවක් ලැබුනම දාන්න බලන්න ඒකත් මෙතනම...

      Delete
  10. පුරස්නේ සිහල දමිළ ද කියන එක නෙවි. අපිට ඉතිරිවෙලා තියෙන මේ උරුම ටිකත් කන්න සෙට් වෙන එක.නිතිය කාටත් පොදු නොවෙන එක අහන්නත් දෙයක්ද මේක ලංකාවනේ...

    ReplyDelete
    Replies
    1. ලොකු කුරුල්ලන් ඉරාගෙන යන
      මැසි මදුරුවන් පැටලී මියෙන
      අපූරුම දැකුළු මල
      නීතිය

      Delete
    2. dilini //පුරස්නේ සිහල දමිළ ද කියන එක නෙවි. අපිට ඉතිරිවෙලා තියෙන මේ උරුම ටිකත් කන්න සෙට් වෙන එක// ++++++++++++++

      Delete
  11. KFC එකේ කුකුල් කකුල් කන ගමන් ටීවී එකේ කුකුල් පෙඳයක් ගලෝනවා දැක්කොත් කඳුළු බේරෙන මිනිස්සු අපි. අහවල් වැරද්දක්ද මන්දා.. නීතිය ඔක්කොටම එක වෙන්න ඕන. හැබැයි එක එහෙම නොවෙන ලෝකෙක "පොඩිමල්ලිට" නිදහස ලැබුණු ඒකත් ආතල් එකක් තමයි..

    ReplyDelete
    Replies
    1. තව දෙයක්.. අද කවිය තේරුණා..

      Delete
    2. මං කිවුවෙ. මාව දැක්කට පස්සෙ හැමෝටම කවි තේරෙන්න අරන්. හැමදාම තේරෙන්නෑ කියන ප්‍රා ජේටත් දැන් අගේට කවි තේරෙනවා. හිහිහී!

      Delete
    3. මං හිතන්නෙ ඔබතුමිය හිටපු higher elevation එක නිසා.

      Delete
    4. බස්සිගේ හීල් එක. හැක් හැක්...

      Delete
  12. අගෙයි බස්සි, (වැඩියත්ම කියවද්දී රිදුන නිසා)

    ReplyDelete
  13. මම බුකියෙත් කිව්වා වගේ මේක උඹේන් ලියවෙච්චි හොඳම එකක්
    කැටපත් පවුරේ තියන්නේ සිගිරිය බලන්න ආපු අයගේ සිතුවිලි.අපේ සිතුවිලි අකුරු කරන්නත් ඉඩක් ඕකේ දැන් හදලා දෙන්න ඕනේ කියන තැන මමත් ඉන්නවා.
    සින්නතම්බි කරපු වැඩේ වැරදියි.එකට දඬුවමක් ලැබීම සාධාරණයි.නමුත් ඇයට ලැබුණු දඬුවම සැරවැඩියි.ඇයට සමාවදීම මට ගැටළුවක් නෙමේ.හැබැයි මේක ඉදිරයට නරක පුර්වාදර්ශයක් නොවිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් ගොඩක් ස්තූතියි මනෝ!

      මගෙත් අදහස මේ දඬුවම සැර වැඩියි කියන එක. අනික වැරැද්දක් කල පමණින් දෙමලද සිංහලද කියන එක හයිලයිට් කරගෙන පහල ගැසීම ඔබින්නේ නැති බව.

      Delete
  14. සීගිරියේ කුරුටු ගී තුල තම නම කෙටිම නොදන්නා කම නිසා සිදුවුන දෙයක්ය කියලා ඒක කල දෙමල තරුණියට සමාව දෙන්න කියලා පසුගිය දින කීපය තුලම සිංහල ජන මාද්‍යයෙන් බොහෝ නිර්මාණ පල වුනා.

    නමුත් මේ කිසිදු නිර්මාණ කරුවෙක්ගේ ඇස හෝ සිත නොගැටුණු පුරා වස්තු විනාශයක් යාපනයේ වෙනවා. ඒ චුන්නාකම් පුරාවස්තු රක්ෂිතය තුළදීයි.මේ පුරාවස්තු බිම අක්කර 10 රජය සතු බිමක් (රජය විසින් මිලදී ගත්) උවත් අද එය දෙමල අනවසරිකයන් විසින් අල්ලාගෙන. ඒ අය අල්ලා ගෙන සිටින කොටසේ කිසිදු කැණීමක් කෙරෙන්නේ නැහැ. ඒ ත් ඒ අය දෙමල නිසා බලධාරීන් විසින් අනුකම්පාව දක්වනවා විය යුතුය. කාට හරි මේ ගැන ඇහින් දුටු විස්තරයක් දැක ගන්න ඕනෑ කමක් තියෙනවා නම් "සමරසේකරගේ සිතුවිලි " කියන blog ඒකට ගොඩවැදිලාම බලා ගන්න.
    එහෙම නැත්නම් පුරා විද්‍යා විනාශය දෙමලාගේ අයිතියක් කියන ඒක ඔප්පුවෙන විධියේ නිර්මාණ හරි එළිදක්වන්න පුලුවන්නෙ.

    සමරසේකර

    ReplyDelete
    Replies
    1. ඒක තමා සමරසේකර මහත්තය මමත් කියන්නෙ. දැන් රටම ද්‍රවිඩකරනය වෙන එකනෙ වෙන්නෙ. පුරාවස්තු විනාශ කිරීම දෙමලගෙ අයිතියක් කියල පිළිගත්තනම් හරි. යුද්දෙ කාලෙ සිංහල මුස්ලිම් මිනිස්සු මරනකොට සංවේදී නොවුන කලාකරුවො දෙමළ කදුළු සීතලද කියල කවි ලිව්ව.
      බස් පිපිරවීම , ගම්මාන කැතිගෑම දෙමළගෙ අයිතියක් කියල පිළිගත්තනම් ඉවරයි. ඕක ලේසියෙන් විසදන්න පුළුවන් ප්‍රශ්නයක්. ප්‍රගතිශීලී වෙන්නත් කෙටි මගක්.

      උතුරෙ විශාල පුරාවස්තු විනාශයක් කරනව. කරන්නෙ දෙමල අය නිසා ඒකට විසදුමකුත් නෑ. මං අර කියපු විදියට ගැසට් කලානම් අපට හිත හදාගන්න තිබුන දෙමළ අය ඒ අයගෙ අයිතිවාසිකමක්නෙ මේ භුක්ති විදින්නෙ කියල.

      රටකට ගිය කලක්. දෙමල ටිකක් ඉගෙන ගන්න තමයි වෙන්නෙ යහපාලනය යටතෙ.

      Delete
    2. උතුරේ පුරාවස්තු විනාශ වෙනවා නම් ඒ ගැන ලියන්න. අපි ප්‍රසිද්ධ කරමු. එහෙම තලිබාන් වැඩ වෙන්න අරින්න හොඳ නැහැනේ.

      Delete
    3. සමරසේකර සහ ම.ම.ධා. සමග උඩින්ම එකඟ වෙමි...

      ///යුද්දෙ කාලෙ සිංහල මුස්ලිම් මිනිස්සු මරනකොට සංවේදී නොවුන කලාකරුවො දෙමළ කදුළු සීතලද කියල කවි ලිව්ව.
      බස් පිපිරවීම , ගම්මාන කැතිගෑම දෙමළගෙ අයිතියක් කියල පිළිගත්තනම් ඉවරයි.///
      අපේ එකෙකුත් මගෙත් එක්ක බුකියේ ඇර ගත්තා, අනුන්ගේ ලේ කඳුළු වල උණුහුම තමන්ගේ එක යටපත් කොරල දාල තියෙන හැටි පෙන්නුවම...
      ලස්සන වැඩේ කියන්නේ උන් ගොඩ දෙනෙක්ගේ උණු වෙලා යන එක වෙන්නේ යුරෝපේ කොහාට හරි ගියාම...

      අජිත්,
      එවැනි දෙයක් හරහා හෝ ඒවා රැකගන්න ඇහැක්නම් ලොකු දෙයක්...

      Delete
    4. @ ම.ම.ධා

      මධ්‍යස්ථගේ සැඟවුණු යකා එළිදරව් වෙනවා වගේ මටනම් පේන්නේ.හෙහේ

      //දැන් රටම ද්‍රවිඩකරනය වෙන එකනෙ වෙන්නෙ.//
      මදිද සිංහල,දෙමළ,මුස්ලිම් කියලා බෙදිලා රටට කර ගත්තු හෙණේ.කොරෝහේ කිබුල්ලු දකින්න එපා මහත්තයෝ.

      //පුරාවස්තු විනාශ කිරීම දෙමලගෙ අයිතියක් කියල පිළිගත්තනම් හරි.//

      "දෙමලා"කියලා කියන්නේ අපේ සිංහල මිනිස්සු ඔය පුරාවස්තු විනශ කරන්නේ නැතිද?දකුණෙන් ගිය "සිරිල් මැතිව් අමත්‍යවරයා" ඇතුළු අන්තවාදී සිංහල සුළු පිරිසක් එදා "යාපනේ පුස්තකාලය"ගිනි තිබ්බා.එකේ මුළු වරදම පොදුවේ "සිංහල ජනයා"පිට පැටවීම සාධාරණ නැහැ.ඒ වගේම "පුරාවස්තු වැනසීමේ වරද"පොදුවේ දෙමළ හෝ වෙනයම් ජන කොටසක් මත පැටවීමත් සාධාරණ හෝ මධ්‍යස්ත නැහැ.

      //බස් පිපිරවීම,ගම්මාන කැතිගෑම දෙමළගෙ අයිතියක් කියල පිළිගත්තනම් ඉවරයි.//

      එකඟ නැහැ.ශාපලත් යුද්දේ නිසා සාමන්‍ය මිනිස්සු හැමෝම එක වගේ පීඩා වින්දා.එකට සිංහල,දෙමළ ,මුස්ලිම් භේදයක් තිබ්බේ නැහැ.83 කළු ජූලියේදී නිරායුධ දෙමළ ජනයා ඝාතනය සිංහල ජනයාගේ අයිතියක් කියලා පිළිගන්න පුළුවන්ද?

      දෙමළ කදුළු විතරක් නෙමේ මතධාරියෝ හැම කඳුලක්ම එක වගේ උණුහුමයි,සීතලයි,වේදානාවයි.

      Delete
  15. දඬුවම් දීම හොඳයි හැමෝටම එකම හැන්දෙන් බෙදනවනම්.. ඒත් වෙන්නෙ ඒක නෙමෙයිනෙ..
    හැමදාමත් වගේ කවිය නම් මරේ මරු..
    බුකියෙන් කියෙවුවා මීට කලින්..

    ReplyDelete
  16. බස්සි කවිය ලස්සනයි..හැබැයි අදහසට එකඟ නැහැ..
    එහෙම වුණොත් එක එක අසරණකම්, ජාති කුල ආගම් ප්‍රශ්න තුරුම්පු කරගෙන හැමෝම නීතියෙන් නිදහස් වෙයි..වෙන කුරුටු ගී පවුරක් පිහිටුවන එක හොඳයි..හැබැයි කොයි ජාතියක වුණත් ඔරිජිනල් බඩු රැකගැනීම අපි හැමෝගෙම යුතුකමක්..උරුමයක් රකින එක සමහරුන්ට ලැජ්ජාවක් සහ විහිළුවක්..බස්සි තව අවුරුදු කීපෙකින් හරි පොඩි බස්සිව/බස්සව සීගිරි ගෙනිහින් පෙන්නන්න උන්ගේ අච්චු පොත්වල තියෙන ඒවා තිබ්බොත් හොඳයි නේ කොණ්ඩ කටුවලින් ලිව්වා ඒවාට වඩා? :P

    ReplyDelete
    Replies
    1. බස්සි කවිය ලස්සනයි..හැබැයි අදහසට එකඟ නැහැ//

      +++++++++++++++++++++++++++++++++++++

      මේක තව භයානක පැත්තක් තියනව. මම කියන්නෙ බුකියෙ තත්වය ගැන . වැරදිකරන කෙනාගෙ ජාති කුල ආගම් අනුව එයා නිදහස් කරන්න ඉල්ලන ප්‍රවනතාවයක් එනව. මේ සිද්ධිය සිංහල ගාමන්ට් කෙල්ලක් කලානම් මෙච්චර දුර යන්නෙ නැහැ. කවුරුවත් සංවේදී වෙන්නෙත් නෑ. බුකියෙ මේ ගැන මුලින්ම කවි ලිව්වෙ දෙමළ ආලය ජීවිකාව කරගත් අය. ඊට පස්සෙ රැල්ල නිර්මාණය වුනා.පස්සෙ රැල්ලට අවංක අයත් කවිලිව්ව . කණගාටුව අවංක සංවේදී අයත් නොදැනුවත්කම නිසා රැල්ලට වැටුන එක.

      Delete
    2. මධ්‍යස්ථ , මම නම් මේ කතාව ප්‍රතික්ෂේප කරනවා. අපි සිංහල ගාමන්ට් කෙල්ලන් ඇතුළු හැමෝටම වරදක් වුනොත් පෙනී හිටිනවා. හැබැයි එතකොට කියන්නේ රට පෙරලන්න එනවා කියල.
      අරාබියේ ඉන්න කෙල්ලෝ ගැන කතා කරනන් රන්ජන් විතරයි. උට කින්ඩි දාල එලවනවා. ඔය ජාතිවාදී කවුරුත් අපි වගේ සිංහල ළමයින්ට උදව් කරන්නේ නැහැ කියල මම හිතන්නේ.

      Delete
    3. මධ්‍යස්ථගේ කතාව ඇත්ත.දැන් දැන් සමහර රැඩිකල් කියලා හිතන අය මේකෙන් අයුතු ප්‍රයෝජනයක් ගන්න හදනවා..කල දුටු කල වල ඉහගන්න අයට මෙහෙම කාරණාවක් ඉස්සරහට ආවම වාසියි. දිලිනි නිමන්තිකත් උඩ කියලා තියෙනවා වගේ මෙතන ප්‍රශ්නේ විනාසවෙන්නේ අපේ උරුමයක් කියන එකයි..අපට තර්කයක් ගේන්න පුළුවන් උරුම රකින්නත් මනුස්සකම තියෙන්න ඕන කියලා..ඒත් මනුස්සකම විතරක් නෙවෙයි ලෝකේ වැදගත් කියලා තර්කයක් ගේන්නත් පුළුවන්..මනුස්සකම ඉස්සරහට දාගෙන වෙනත් විනාශකාරී දේ වෙන්නත් ඉඩ තියෙන බව අපි අමතක කළ යුතු නැහැ..අනික ඕනෑම රටක් තමන්ගේ උරුම රැකිය යුතුයි..ඇයි තලේබාන්ලා බුදු පිළිම විනාස කළේ? ඒ රටේ එක්තරා යුගයක උරුමටක්, ඉතිහාසයක් නේද ඒ විනාශ කරලා දැම්මේ?

      Delete
    4. අජිත් මම හිතන්නේ සිංහලයෙක් කරදරයකට පත්වුණාම උදව් කරන්නේ බොහෝම සුළුතර සිංහල පිරිසක්..ඒ පිරිස අතරේ ඔබ සිටීම ගැන මගේ ප්‍රණාමය..නමුත් මුසල්මානු හෝ දමිළ ජාතිකයෙක්ට ඔවුන්ගේ වර්ගයාගේ උපකාර ඉහළින්ම ලැබෙනවා.මා මේ කියන්නේ ජාතිවාදී හෝ ආගම්වාදී බෙදීමක් උළුප්පා දක්වන්න නෙවෙයි, නමුත් අප හැමදෙනාම දකින ඇත්ත, යථාර්තය එයයි.අනික් අතට දැන් රැල්ලක් තියෙනවා සුළු ජාතීන් අසාධාරණයට ලක්වුණා කියලා කිඹුල් කඳුළු හෙලන..හැබැයි ඒ හුඟක් එන්ජිඕ සින්තටික් කඳුළු..ඉතින් ස්වභාවයෙන්ම සංවේදී හිත් දරන සිංහලයොත් තමන්ගේ ගෙදර බතක් නොපිසුණත් අනේ එහා ගෙදර එකා බත් ටික බිම ඉහිරවන් අඬනවනේ කියන මානසිකත්වයට එන්නේ ඉබේමයි..ඒක හොඳයි මම නැහැයි කියන්නේ නැහැ..නමුත් එහිදී නීතිය විශේෂයෙන්ම බහුතර සුළුතර හෝ ජාතිවාදී බෙදීමකට නොයා යුතුයි කියලයි මම හිතන්නේ..නීතිය සැමට එක හා සමාන විය යුතුයි කියලයි යහපාලනයේ ආවේත් නේද? එහෙනම් මෙහෙම වෙනත් අසරණකම්, අනුකම්පා මත පදනම්වීම යුක්ති සහගත නැහැ නේද? මොකක් නමුත් දැනෙන දඬුවක් දිය යුතුයි..ඔහොම ජනපහි සමාව දීමෙන් සිද්ධ වෙන්නේ පනින රිලවුන්ට ඉණිමං බැඳීමක් වෙන්නටත් පුළුවන්..

      Delete
    5. මෙතන මම නම් දෙමල කෙල්ලෙක් කියල බැලුවේ නැහැ. නුගත් ගමක , යුදයෙන් අනිත් අය සමග සම්බන්ධය අත් හැරුණු , දුප්පත් අම්මා කෙනෙකුට කන්න දෙන කෙල්ලෙක්. වෙන ලිපියක දමපු කොමෙන්ටුවකත් මන් කියා තිබෙන්නේ දඬුවම දෙන්න හැබැයි අර පාරවල් සුද්ධ කරන්න වගේ. මාස 3 කට. හිරේ යවන්න එපා කියල. ඒක සැර වැඩියි. ඇමෙරිකාවේ, එංගලන්තයේ හා ඉතාලියේ මෙවැනි දඬුවම් තමා මෙවැනි ක්‍රියාවකට දෙන්නේ. කෞතුකාගාරයක වැසිකිලි මස 3 කට පිරිසිදු කරන්න. සිගිරිය අසල හෝ මඩකලපුවේ පාරවල් සුද්ධ කරන්න . ඒක සාධාරණයි. දඬුවමක් දෙන්න එපා කියල කොහෙවත් මම නම් කියල නැහැ. හැබැයි මෙතැනදී සමාව දුන්න එක හරි. දඬුවම අනවශ්‍ය විධිහට සැර වැඩියි. අපි විරවන්ශාගේ බිරිඳ වෙනුවෙනුත් කතා කලා නේ. එහෙම නම් මේ කෙල්ලටත් ඒ සාධාරණය හිමි විය යුතුයි.

      Delete
  17. This comment has been removed by the author.

    ReplyDelete
  18. නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ පොඩි මිනිහෙක් දෙයක් කලාම තමයි.. මම දැක්කා අන්න ජනාධිපති සමාව ලැබිලා කියලා..

    අනික, උඹ දැන් කම්මැලි වෙලා.. ඊයේ බුකියේ දාපු එක අද මේකේ උස්සලා දාන එකට තනිකරම විරුද්දයි මම..

    ReplyDelete
  19. මම ඊයේත් අදත් හෙටත් ඉන්නේ මාතේ කියූ මතයේමය. වැරැද්දට දඬුවම් ලැබිය යුතුමය.
    ලොක්කන් කරන වැරදි වලට දඬුවම් නොලැබෙන නිසා පොඩ්ඩන් කරන වැරදි වලටද දඬුවම් නොලැබිය යුතුයි සිතා කටයුතු කළොත් අපේ රට හෙට කොයිබට යාදැයි සිතා ගැනීමටවත් නොහැකිය.
    මන්ද මෙහි සිටින්නේ සුළුතර ලොක්කන් පිරිසකුත්, බහුතර පොඩ්ඩන් පිරිසකුත් බැවිනි...
    එම නිසා අවම වශයෙන් පොඩ්ඩන් වෙනුවෙන්වත් නීතිය ක්‍රියාත්මක කලයුතු වන අතර කෙදිනක හෝ එය ලොක්කන් කරාද ක්‍රියාත්මක කරවීමට පොඩ්ඩන් විසින් උත්සාහ කල යුතුය.

    ජනාධිපති සමාව කියන එකත් බල්ලට යනවා මේ වගේ වැඩ නිසා...

    ReplyDelete
    Replies
    1. //ජනාධිපති සමාව කියන එකත් බල්ලට යනවා මේ වගේ වැඩ නිසා// +++++++++++++++

      Delete
    2. මන් හිතන්නේ මහින්ද රාජපක්ෂ මහතා විසින් මොනික ප්‍රනාන්දුට ජනාධිපති සමාව දීම
      http://www.sundaytimes.lk/090322/News/sundaytimesnews_04.html
      ජනාධිපති සමාව කියන එකත් බල්ලට යනවා යන එකට සමානයි කියල. මිනි මැරුම් කරපු කීප දෙනෙකුට ගිය ආණ්ඩුව කාලේ ජනාධිපති සමාව දුන්න නේද. එතකොට වෙන්න ඕනේ ඕක බල්ලට ගියේ. මේ අහිංසක කෙල්ලෙකුට දුන්න නිසා නොවේ. මහෙස්ත්‍රාත් ට තිබුනේ වරදට සරිලන දඬුවමක් දෙන්න. ලොක්කන් කෙරෙහිත් දැන් නිතිය ක්‍රියාත්මක වීගෙන යනවනේ. හැබැයි එතකොට කියන්නේ දේශපාලන පලිගැනීම් කරනවා කියල.

      Delete
    3. අජිත් ඒ කාලේ වෙච්ච දේවල් වෙනස් කරන්න නේද යහපාලනේ ගෙනාවේ?
      ඒත් තාම එහෙම නම් වෙනසක් වෙලා නෑ වෙන්ට ඕන?
      අනික ඉතින් ඔය ගිය සතියේ තොග සහ සිල්ලරට ඇපත් දුන්නේ..මට පේන්නේ ඡන්ද්දායකයන්ට තමයි ඇපත් නැතිවේගෙන යන්නේ..:D

      Delete
    4. මන් දන්නේ නැහැ මොකටද යහ පාලනේ ගෙනාවේ කියල. අපට නම් ලංකානිව්ස්වෙබ් එකේ තහනම ඇරුන. එක දැනට හොඳයි. මෙගොල්ලත් තහනම් කලොත් එත් අපි නම් පවතීවි. අනික ඇප දීම නීතියට අනුව වෙන දෙයක් කියලයි මම දන්නේ. යහ පාලනේ ගැන නෙමේ මෙතන කතා කලේ. මිනි මරුවෙකුට සහ දුෂකයෙකුට ජනාධිපති සමාව දුන්නම එතකොට ඒක බල්ලට යන්නේ නැතුව දුප්පත් කෙල්ලෙකුට දුන්නම ජනාධිපති සමාව බල්ලට යන එක ගැන.

      Delete
    5. //මිනි මරුවෙකුට සහ දුෂකයෙකුට ජනාධිපති සමාව දුන්නම එතකොට ඒක බල්ලට යන්නේ නැතුව දුප්පත් කෙල්ලෙකුට දුන්නම ජනාධිපති සමාව බල්ලට යන එක ගැන.//
      +++++

      Delete
  20. බස්සිගෙ ලිවිල්ල නම් ඉතිං කියන්න දෙයක් නෑනෙ. වෙනද වගේම ලස්සනයි.

    හැබැයි මම නම් මේ දඬුවම දීම ගැන විරෝධයක් නැහැ. හැබැයි ඉතින් කාල සීමාවෙ වැඩියක් තියෙනවා. පුරාවිද්‍යාත්මක වටිනාකමක් තියෙන කිසිම දෙයකට කිසිම ලෙසකින් හානියක් කිරීම හොඳ දෙයක් නෙමෙයි. මම හිතන්නෙ ලෝකෙ හැම රටකම වගේ එවැනි හානි කිරීම් වලට දඬුවම් නියම කරනව ඇති. මේ සිද්දිය සිංහල කෙනෙක් කරත් මම නම් හිතන්නෙ මේ දුන්න දඬුවමම හිමි වෙනවා. දමිළ තරුණියක් නිසා මේක විශේෂිත සිද්ධියක් විදිහට කතා කෙරුණත්, සිංහල කෙනෙක්ට මේ දඬුවමම හිමි වුනානම් ඒ කෙනාටත් ජනාධිපති සමාව හිමි වෙයිද කියන ප්‍රශ්නෙ මට තියෙනව.

    කොහොම වුණත් බස්සිගෙ නිර්මාණශීලීත්වය සුපිරියි :). ජය වේවා!!!

    ReplyDelete
  21. කෙල්ල අහිංසකයි. නමුත් ඒ අය මෙහි තියෙන පුරාවිද්‍යාත්මක වටිනාකම දන්නෙ නෑ. ඇය කොණ්ඩ කටුවෙන් කල හානිය යළි යථා තත්වයට පත්කරන්න බැරි එකක්. කෙල්ල විතරක් වැරදි නෑ. බලාධාරීනුත් දැනගන්න ඕන‍ෙ මේ අය වටිනාකම දන්නෙ නැති නම් වටිනාකම ගැන දැනුවත් කරන්න. මෑත කාලයේ සිදුවීම් කීපයක් වාර්තා උනා නැගෙනහිර පළාතෙන් ආව අය කැටපත් පවුරට හානි කල සහ ඒ සඳහා උත්සාහ ගත් අවස්ථා පිළිබඳ.

    කයිය වෙනදා වගේම රහයි.

    ReplyDelete
  22. මේ කැටපත් පවුරට වීදුරුවක් දාල ආරක්ෂා කරන්න මුන්ට හිතෙන්නේ නැත්තේ ඇයි. අපි රුපියල් 2000ක් ගෙවනවා එක ටිකට් එකකට. ඒ සල්ලි කොහෙද යන්නේ. ඒකට ආණ්ඩුවට බල කරන විධිහේ ලිපියක් දාන්නකෝ කවුරු හරි. මේ වගේ අනිත් පුරා විද්‍යා වස්තුත් ආරක්ෂා කරන්න ඕනේ.

    ReplyDelete
  23. මඩකලපුව කහපාටයි..
    එහෙවුන් ගොන් පාටයි...

    ReplyDelete
  24. කුරුටු ගෑම දඩුවම් කළයුතු වරදක්දැයි මම නොදනිමි. සින්නත්ම්බි මෙන්ම අපි හැමෝම හැමදාමත් කුරුටුගානවාය. බිලිඳුන් මුත්‍රා කර අතින් තලමින් අත් සටහන් තබමින් කුරුටුගෑම අරඹන්නෝය. ටිකක් වැඩුන විට පැන්සලකින්, පාට හුණු කූරකින් බිම,බිත්ති බඩු භාණඩ වල කුරුටුගාන්නෝය. පසුව පොත්වල අකුරු කුරුටුගාන්නෝය. පාසල් ගොස් ඩෙස්කුවක් පුටුවක් ලැබුනු කල ඒවායෙ නම ලිවීමෙන් අලුත් කුරුටුගෑමක් අරඹයි. කාට කාටත් ඒවයෙ ලියපු අඳපු දේවල් මතක ඇති බවට සැකයක් නැත.

    තවත් ටිකක් වයසට යන කොට සෙනෙහෙ කොල එහෙමත් කුරුටුගානවාය. ඒ කුරුටුගෑවිලි මතක් වෙනකොට දැන්නම් හිනත් යනවාය.පෙම් කරන කාලෙ පෙම්වතාගෙ හෝ පෙම්වතියගෙ අත්ලෙ කුරුටුනොගාපු එකෙක් හොයාගන්ට අමාරුය. සමහර එව්වො බස් අසුන්, බස්නැවතුමේ බිත්තිවල එහෙමත් කුරුටු ගානවාය.

    විස්ව විජ්ජාල වලද කුරුටුගෑම ජයටම කෙරෙනවාය. කියවීම් ශාලාවල මේස, පුස්තකාල මේස, පරීස්සනාගාර මේස, බිත්ති මෙන්ම පෝස්ටර කොලද ඒ සඳහා යොදාගන්නවාය. ඒ වායෙ දුප්පත්කම, සමාජ විසමතාව වැනි අපට තේරුං ගන්ඩ අමාරු දෑ මෙන්ම විරහව, ආදරය, ඉරිසියාව ලෙක්චර මමලාට නැන්දලාට මූනට කියාගන්ඩ බැරි එව්වාද අඩංගු බව "සරසවි කුරුටු ගී " පොතේ ලියා තිබේය. ඒ ඇරුනකොට ජීවී දේහ මතද විවිදාකාර කුරුටුගෑම් කිරීමට කැම්පස් කොල්ලො කෙල්ලො අති දස්ස බවත් ඒ කුරුටුගෑම්වලින් සමහරු ජීවිතේම අනාගන්නා බවත් දන්නෝ දනිති.

    ඔය හැම කුරුටුගෑමකින්ම එලියට එන්නෙ තම තමුන්ගෙ හිතේ තියෙන දේය. ඒත් ජොබ් කට්ටක් හම්බවුනාම කරන්ඩ වෙන්නෙ අනුන්ට ඕනෑදේ තමුන්ගෙ භාෂාවෙන් කුරුටුගෑමය.
    බොගවල් ලියන උදවිය ඩිජිටල් කරමෙට කුරුටු ගාති. තමන්ට හිතෙන දේ බොග දමන අය මෙන්ම රට්ටුන්ට කඩේ යන බොග් කරුවෝද ඉන්න බව හැමෝම දන්නවාය.
    ඉතින් අප්පේ මේ ආකාරෙට හැමෝම හැමතැනම කුරුටු ගාන් එකේ සින්නත්ම්බි කෙල්ලටත් කුරුටු ගාන්ඩ හිතෙන් එක වැරැද්දක් දැයි අපේ බොග් ප්‍රරවීනයො මට කියාදියයුතුය.
    කුරුටුගෑම ගැන ඇය නිදොස් වුවත්, පුරා වස්තු විනාශ කිරීමටත් ස්කෑනර යොදාගෙන පුරාවිද්‍යා බිම් හාරා මුතු මැණික් ගොඩදැමීමටවත් ඇයට හෝ උඹලා මම වැනි සාමානිය ජනතාවට අයිතියක් නැති බව අපි පිලිගත යුතුය . එනයින් ඇයටත් අපටත් දඩුවම් කල යුතුමය.

    බස්සිගෙ කවිය එලය. නමුත් උතුරෙ සින්නත්ම්බි ගැන විතරක් දුක හිතුන් එක වැරදිය. ඒ ඇත්තිගෙන් රන් මුදුවත් ගොරහැඩි වූ සියුම් අතක් ඇති ලෙලි තලන දෝණිලා ගැනත්, වැරහැලි ඇඳ අඩු පඩියට සළු වියන කුමාරිලා ගැනත් ලියන්ඩ කියලා ඉල්ලා හිටිනවාය.
    ජය වේවා

    ReplyDelete
    Replies
    1. //බස්සිගෙ කවිය එලය. නමුත් උතුරෙ සින්නත්ම්බි ගැන විතරක් දුක හිතුන් එක වැරදිය. ඒ ඇත්තිගෙන් රන් මුදුවත් ගොරහැඩි වූ සියුම් අතක් ඇති ලෙලි තලන දෝණිලා ගැනත්, වැරහැලි ඇඳ අඩු පඩියට සළු වියන කුමාරිලා ගැනත් ලියන්ඩ කියලා ඉල්ලා හිටිනවාය.//

      ඇතිවෙනකම් එහෙම ලියලා තියෙනවාය. ඒවාට මේ තරම් බැනුම් අහලා නැතිය. ජාති ආලය නිසා බැනුම් අඩුවුනා වෙන්න ඇතිය.

      ඒවත් කියවලා එන්න කියා ඉල්ලා සිටිනවාය.

      Delete
  25. හම්මෝ කවියක් දැක්කම එක හොඳද නරකද කියන්නේ නැතුව මුන් කියලා තියෙන එව්වා බලපල්ලකො

    ReplyDelete
  26. Edaa medaa Thura dakune saha uthure un wataha nogath
    sinnathambeeya demaleeya aeya :)

    Bassi Akkata Jaya

    ReplyDelete