Wednesday, April 15, 2015

වසන්තයේ මගේ කොටස සමග අන්නාසි සහ කඩලගොටු


 
මේ අවුරුද්දේ සිංහල බ්ලොග් කලාවට වසන්තය උදාවෙලාය. මෙහෙම සිද්ධියක් දකින්නට ලැබුනේ බස්සිගේ බ්ලොග් ජීවිතයේ පළවෙනි වතාවටය. ඉතින් බස්සි අමන්දානන්දයට පත් වූවේය.



 

ඒ රම්පෙට පොරි හැලෙන්න දවස ගානේ ලියන්නම් කියලා හිතාගෙන නෙමේය. දැන් අපිට වසන්ත නිවාඩුවේ කැවුමක් කකා අලුත් වී එන ප්‍රවීණ සිංහල බ්ලොග් හඳුනාගන්න හැකි නිසාය. ඒ නිසා බස්සි වසන්තයේ මගේ කොටස විදියට ඒ බ්ලොග් පෝස්ටු හැකි තරම් කියවමින් බ්ලොග් ලියන හැටි ඉගෙන ගන්න ට්‍රයි එකක් දෙනවා ය.


ඒ කියවාපු සිංහල බ්ලොග් අතරෙන් බස්සිගේ සිත පැහැර ගත් පට්ට සුපිරිම බ්ලොගිය "දුමීගේ කට කහන කතා"ය. මට හිතෙන විදියට වසන්තයෙන් සිද්ද වුන හොඳ දේවල් අතරින් අංක එක වෙන්නේ ආයෙමත් කට කහන කතා ලියවෙන්න පටන් ගත්තු එකය.


සමහර බ්ලොග් වලටනම් ආරම්භයේ සිට හැමදාම වසන්තයයි. එහෙම බ්ලොග් හිඟය. හැබැයි ඒ අයට බස්සි ටිකක් වැඩිපුර ආදරේ ය. "වර්ණ" ලියන දිනේශ් අයියා, "ලෝකයේ කොණක" (සහ තව බ්ලොග් දෙකක්.) ලියන සිඳු අක්කා, රසිකලොජිස්ට් නමින් පුනරුත්පත්තිය ලද කකා, වසරේ හොඳම බ්ලොග් කරු "මාතලන්", "සොඳුරු සිත" ලියන වත්සලා අක්කා, "කඳු" ලියන සශිකා අක්කා, "සින්ඩරෙල්ලාගේ සපත්තුව" හොයන රසී, මගේ ප්‍රියතම "හිතනලන්තය" ලියන අමිලානි, "කාලාකාශයේ" සහන් ඇතුලු තවත් බොහෝ දෙනා ඒ අතරේ ඉන්නවාය.

 
ඉතින් බස්සි බ්ලොග් වසන්තයේ චමත්කාරය උපරිමයෙන්ම අත්විඳිනවාය. ඒ අතරේ බුකියේ ඇන්ටි-අවුරුදු කවි ලියමින් අවුරුදු පොටෝ වපුරන අපේ කස්ටියගේ ආතල් කුඩු කරනවාය. හිතුනොත් හෙට අනිද්දා දිහාට ඒ කවි ටික ගෙනත් ගෙඩි පිටින් බ්ලොගේ අලවලා (අර කඳූ ලියනවා වාගේ දවසට පෝස්ට් දහයක් විතර!) ආයෙමත් ෂපාන් එකේ වසන්තය කියවන්න යනවාය!

 
එතෙක් ඔයාලා සේරටම කිරියෙන් පැණියෙන් බතින් බුලතින් පාන්පිටියෙන් කිරිපිටියෙන් සහ මෙකී නොකී සියලු යහපත් දැයින් සපිරුන සුභ නව වසරක් වේවායැයි පතනවාය.


තව පොඩ්ඩෙන් අමතක වෙනවා නෙව! අප්‍රේල් මාසේ විසිපස් වෙනිදා - සෙනසුරාදා A & K Lit Fest එක එහෙමත් නැත්නම් අන්නාසි සහ කඩලගොටු සාහිත්‍ය උළෙල පවත්වනවාය. ඒකෙදි බ්ලොග්කරණය ගැනත් සාකච්ඡාවක් පැවැත්වෙන නිසා බ්ලොග් කලාවට ආදරය කරන හැමදෙනාටම, හැකියාවක් ඇත්නම් ඒකට සහභාගි වෙන්නැයි ආරාධනා කරනවාය.


https://www.facebook.com/aklitfest?pnref=story

 
අප්‍රේල් දහනම වැනිදා අපේ සයිබර් බක්මහ උළෙල පවත්වන බව දැන් හැමෝම දන්නවත් ඇතිය. ඒක ගැන නම් සියලු විස්තර සහිතව වෙනම පෝස්කට්ටක් තලන්න ඕනෑය.


අලුත් අවුරුද්දේ මෙන්න මේ සෙත් කවිය තුන් වරක් කියෙවුවානම් සියලු අපල උපද්‍රව දූරුම්භූත වෙලා යනවාය.

 

පෙට්‍රල් මිල වගේ සොම්නස වැඩි වෙන්නයි
මොඩ්ලර්ලගෙ ඇඳුම් මෙන් දුක අඩු වෙන්නයි
මෙන්ටල් අවුල් සේරම දුරු වී යන්නයි
පිස්ටල්, කඩු, කිණිසි සෙල්ලම් නොදකින්නයි


තියන තියන හැම පියවර සුභ වේවා
කරන කියන දේ රිසි ඵල ගෙන දේවා
හිතන පතන සැප සම්පත් ඉතිරේවා
නිතින සහන ලැබදෙන වසරක් වේවා







55 comments:

  1. අනා! මගෙ නමත් ලියලා! ^_^
    අන්තිම කවියෙත් මං ගැන ලියලා! :v
    <3 <3 <3

    ReplyDelete
    Replies
    1. හිහී! අපි එහෙමයි ඉතිං! ;)

      Delete
  2. සම්මන්ත්‍රණය සාර්ථක වේවා!

    ReplyDelete
  3. ලෝකේ තියෙන හොඳම දවස යොදාගෙන තියෙන්නේ, (මගේ උපන් දිනේ දවස) හැමදේම සාර්ථක වේවා,,,

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඔමා! එහෙනම් එදාට අපිට කේක් ලැබේවි නේද?

      Delete
  4. කියවපු නැති බ්ලෝග් ටිකක් පෙන්නුවාට මාගේ ප්‍රණාමය....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි රූපේ!

      Delete
  5. Replies
    1. එසේම වේවා ප්‍රසන්න අයියේ!

      Delete
  6. අන්නාසි සහ කඩළ ගොටු, ගහේ බැඳ දිමි ගොට්ටක් දැම්මා සේ සාර්ථක වේවා....!!!

    වසන්තය මට එපා උනේ එක කුහකකොමෙන්ට් එකකින්... ඉන්දික වසන්ත ඒක යහ පරමාර්ථයකින් පටන් ගත්ත දෙයක් වෙන්න ඕන අනිවාර්යයෙන්.. ඒත් දුමී වසන්ත ඒකට ගොම බින්දුවක් දැම්මා..

    ඒත් දුමියගේ කට කහන කතා කියන්නේ සුපිරිම බොගක්.. ඌ ලාරා ගැන ලියපු ළිපිය කවදාවත් අමතක වෙන්නේ නෑ...

    ReplyDelete
    Replies
    1. මාතලන් මාමේ, මගේ බ්ලොගේ ගැන දක්වපු අදහසට ගොඩක් ස්තූතියි....!

      ඒ වගේම කරලා තියෙන විවේචනේටත් ස්තූතියි...!

      Delete
    2. බොහොම ස්තූතියි මාතලන්!

      දුමීගෙ බ්ලොගේ තියෙන එකම අවුල, ඒක ඔපීසියේ, බස් එකේ හෝ සෙනග ගැවසෙන ස්ථාන වල කියවද්දි ලාෆින් ෆිට්නස් හැදීමත්, එතකොට වටපිට ඉන්න එවුන් මූට පිස්සුදැයි විමසිලිමත් වීමත් තමයි.

      Delete
  7. අනේ නගේ...... කඳු ලියනව වගේ දවසකට 10 ගානෙ නම් ලියන්න එපා. අපි මේ ලියන ඒවා කියවගන්නෙත් අමාරුවෙන්.
    මාවත් මතක් වෙලානෙ. මරු මරු

    ReplyDelete
    Replies
    1. ඉස්කෝලෙ යාලුවෙක්ගේ අක්ක කෙනෙක් බ්ලොග් අවකාශෙදි හමුවෙන එකම මොනතරම් සතුටක්ද? අනික එහෙම කෙනෙක්ව ඉන් පස්සෙ කවදාවත් අමතක වෙනවද?!

      Delete
  8. අර ඈත දුර පේන කදු කර ඉමේ සැගවුනු ඉර මාමා වගේ අතීතයේ තිබු අවුරදු සිරිය ඈතට යනවා..වෙනදා කොටට අදින ගෑනු ටික දිගට ඇදගෙන ගිරවු වගේ සිංහල වෙන්න හැදුවට රූප පෙට්ටියෙන් ගේන අවුරුදු මට නං අල්ලන්නෙම නැහැ නෙව..

    ReplyDelete
    Replies
    1. මටත් මීඩියාවල "වෙන්ඩ අවුරුදු" දිරවන්නෙ නෑ.

      Delete
  9. ප්‍රවීණ සහ ආධුනික කියල බ්ලොග් වල බෙදීමක් දකින්න නම් මම කැමති නෑ....අවුරුදු ගාණක් බ්ලොග් ලිව්වත් පරිනත නොවන බ්ලොග් කාරයෝ ඕනේ තරම් මම දැකලා තියෙනවා... ඒ වගේම අවුරුදු ගණන් බ්ලොග් ලියුවත් දිනෙන් දින අපරිණිත වෙන සෙට් එකකුත් ඉන්නවා...!

    "අළුතෙන් ලියන කොල්ලෝ කෙල්ලොත් එක්ක පරණ එවුන්ට හැරෙන්නවත් බැහැ..." කියලා අපේ මාතලන් මාම කියනකොට, අත් දෙකම උස්සලා ඒකට එකඟ උනේ, බස්සිගේ සහ තවත් කොල්ලෝ, කෙල්ලන්ගේ ඉතා හොඳ පෝස්ට් ටිකක් ඒ වෙනකොට කියවලා තිබ්බ නිසයි....

    බස්සි මගේ බ්ලොග් එක හයිලයිට් කරපු එක ගැන ගොඩක් ස්තූතියි.....

    බ්ලොග් වසන්තයේ අරමුණ උනේ නිද්‍රා තත්වේ හිටපු දැන් නොලියන කීප දෙනෙක්ට ආයෙත් ලියන්න පොඩි කික් ස්ටාර්ට් එකක් දෙන්නයි, ඒ අය බ්ලොග් නොලියපු, නොකියවපු කාලේ බ්ලොග් ලියන්න එකතු වූ, සිංහල බ්ලොග් පෝෂණය කල බ්ලොගර්ස්ලා අඳුන ගන්නයි. එආ ප්‍රයත්නය සෑහෙන දුරට සාර්ථක උනේ හැම දෙනෙකුගෙන්ම ලැබිච්ච උද්‍යෝගය නිසයි.....!

    ReplyDelete
    Replies
    1. එත් හොඳම ජෝක් එක උනේ.. දැනටත් ලියන උන්ට ඕක නොතේරීමයි..

      Delete
    2. මාත,, පුෂ් බයිසිකල් රේස් වලට වතුරගහන්න, උදව්කරන්න මෝටර්සයිල්වලින් පොරවල් එනව උඹ දැකලම නැද්ද?

      Delete
    3. හි හි සිංහයගේ මරු උපහැරණ තියෙන්නේ,, හැබැයි ඔය හෝන් ගහන් වතුර බකට් එල්ලන් එන බයික් කාරයෝ හින්දා හරි අමාරුවෙන් සයිකල් කාරයෝ ටික රේස් එක පැදගන්නේ,, මං දැකලා තියෙනවා උදව්වට එන බයික් කාරයන්ගේ පැටලිලා වැටෙන සයිකල් රේස් පදින අය,,, :D

      Delete
    4. සම හරක් බාල්දියෙන් කෙලලා අරින වෙලාවලුත් තියෙනවා.. අනික උඹ දැකලා තියෙනවද ගම හරහා දුවන කොට ගමේ එකාට අරින්න එන එකාට ගමේ වතුර බාල්දි සප්ලයි කාරයෝ කුණුහබ්බ කියලා බය කරනවා, කින්ඩිය දානවා.. අරූගේ මොරාල් එක කඩනවා... මම නම් තරඟෙකදි ළඟදිත් දැක්කා..

      Delete
    5. මං හැමදාම දකිනවා හි හි හි

      Delete
    6. ඒක ගැන ඉතින් මම වැඩියෙ දෙයක් දන්නෙ නැහැ. ඒත් බ්ලොග් වසන්තය නිසා දැනගත්තා ගොඩාක් ප්‍රවීණ බ්ලොග් ලියන්නො පහුගිය කාලයක් තිස්සෙ නිහඬව ඉඳලා බව. ඉතින් බ්ලොග් වසන්තය පටන් ගත්තු එක බොහොම වටිනවා. අනික, ලැප් එක දිග අරින්න මහන්සි නොවී ෆෝන් කට්ටෙන්ම බ්ලොග් ටික කියෝගෙන කියෝගෙන යන්න පුලුවනි පෝස්ට් ගොඩාරියක් තියෙන නිසා.

      Delete
    7. සයිකල් රේස් කතාව තේරුනේ නෑනෙ සිංහ අයියා. මට තේරුන විදිය හරිනම්, මට රේස් එකට ලියන කස්ටියව කියෙව්වට වතුර ගහන්න (ඒ කිවුවෙ කමෙන්ට් කරන්න.) වෙන්නෙ නෑ මොකද ලැප නැති නිසා. මේ ලියන්නෙත් නගාගෙ ලැප ණයට අරන්.

      Delete
  10. 19 නම් වානා! කඩල ගොටු සීන් එකටනම් පුළුවන් වෙයි වගේ

    ReplyDelete
    Replies
    1. එන්ට එන්ට. කඩු බ්ලොග් ලියන අය තමයි මම හිතන්නෙ කඩලගොටු සීන් එකට වැඩිපුරම එන්නෙ.

      Delete
  11. ඒ ව්‍යායාමය, ඒ කියන්නේ සම්මන්ත්‍රණය ඉතාමත් සාර්ථක එකක් වේවා කියලා ඕං මම ප්‍රාර්තනා කරනවා. ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක්.

    ReplyDelete
    Replies
    1. එසේම වේවා ඩූඩ්ටත්, පවුලේ සැමටත්!!!

      Delete
  12. සියල් කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්තක වේවා
    සියලු පැතුමන් ඉටුවේවා...
    එළම එළ වේවා

    ReplyDelete
  13. සුබ අලුත් අවුරුද්දක් වේවා.. සියළු වැඩකටයුතු සාර්ථක වේවා !

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම තුති වේවා තුශ්!!

      Delete
  14. බස්සි සහ බස්සාට බසු පැටියෙක් ලැබෙන බසු (වැරදුනා) සුබ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. ඕං කිවුවා ඉතින්!
      එසේම වේවා මාධව අයියේ!

      Delete
  15. අනේ පව් ..... නෑනෙ ලිස්ට් එකේ.

    (මේ කාටවත් කියන්න එපා, මල කෙලියයි, අද කවි තේරුනානෙ )

    ReplyDelete
    Replies
    1. සිරාවටම කවුදෑ ඒ හිස්තැන?

      තව ගොඩක් බ්ලොග් මෙතන සඳහන් කරන්න අතපසුවීම් නම් වෙන්න ඇති. ඒක ගැන ප්‍රවීණයෝ විදියට ඒ අය අනිවාර්යයෙන්ම සමාව දේවි නෙව ප්‍රා!

      Delete
    2. ඇයි"පව්" කියල වෙන කවුද ඉන්නෙ?

      අර ලූස් පව් කියල ඉන්න මහත්තයගෙ බ්ලොග් එක. (මේ.. ෂ් ෂ් ...එයා ප්‍රවීණද? මං හිතුවෙ ප්‍රගීතයි කියල)

      Delete
  16. //පෙට්‍රල් මිල වගේ සොම්නස වැඩි වෙන්නයි// යකෝ පෙට්‍රල් අඩුවුනානෙ දැන් කාලයක් තිස්සෙ....මේක බය්යෙක්ද?

    මෙන්න මගෙ සුභ පැතුම..

    මරා වගේ අතේ මුදල් රැඳෙන්නයි
    සිරා වගේ සැහැල්ලුවෙන් සිටින්නයි
    පැරා වගේ හැමදාකම ලියන්නයි
    කරා නගේ පැතුමක් හදවතින්මයි

    ReplyDelete
    Replies
    1. හිහී! මෙයාට විතරයි පරණ කවියක් බව අහුවුනේ. මේක ජනවාරි පළවෙනිදාවක ලීව එකක්. ලැප අතපත් වුන සුලු වෙලාවේ එහෙන් මෙහෙන් වචන ටිකක් අහුලලා පෝස්කට්ටක් තලාගත්තා.

      බොහොම ස්තූතියි සුභපැතුමට!

      ආ! මම බයියෙක් හෝ ටොයියෙක් නොවෙමි ඈ...

      Delete
  17. බස්සිටත් සුභ අලුත් අවුරුද්දක් වේවා! ඔව් ඔව් වසන්තය දැක්කා මමත්. දුමී අයියත් එලි බැහැල හිටියනේ.. එහෙනම් 19 හම්බවෙමුකෝ ඈ..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් හමුවෙමු අඟහරු මල්ලි! ගිය අවුරුද්දෙත් ඔයා ඉන්නව දැක්කට, මාව කවුරුත්ම ඒ වෙනකොට අහලවත් නොතිබුන නිසා කතා කරන්න කුලෑටි කමක් දැනුනා. ඒ නිසා සද්ද නැතුව බලන් ඉඳලා ආපු එකයි කලේ.

      Delete
  18. ප්‍රවීණ නවක මොකා මොකා හරි ලියනවනම් අපි ඉන්නව කියවන්න.. අවුරුද්ද සුභ වේවා! 19 එන්න උත්සාහයක් ගන්නවා, 25 කේස් එක මොකක්ද හැබෑට?

    ReplyDelete
    Replies
    1. 25 තියෙන්නෙ සාහිත්‍ය උත්සවයක් නෙව. එන්නකෝ වෙලාවක් තියේනම් ඇවිත් යන්න. ඊට අදාල වෙබ් පිටුවේ ලින්ක් එකත් දාල තියෙන්නෙ...

      Delete
  19. දුමීගේ කට කහන කතා තමයි මටත් හොඳටම් සෙට් වෙච්ච බ්ලොග් එක..හැබැයි තාම සේරම කියවන්න බැරිවුණා..:)

    ReplyDelete
    Replies
    1. මම දවසක් ඇහැරන් ඉඳන් කියෙව්වා තනියාක්කෝ... ඒක පට්ට එකේ ඉහලම එක. මගතොටේදි කියවන්න බෑ අනේ මහ හයියෙන් හිනා යනව.

      Delete
  20. මොකද්ද බං සම්මන්ත්‍රණ සීන් එක.. අපි එහෙම එකක් ගැන දැනන් හිටියෙම නැහැනේ..

    ReplyDelete
    Replies
    1. ඉතින් දැන් දන්නවනේ දිනේෂ් අයියේ! :D

      Delete
  21. බස්සිට දවල්ටත් නින්ද නොඒවා

    ReplyDelete
    Replies
    1. අන්න වැදගත් විශ් එකක්. මට තියෙන ලොකුම අවුල රෑ ඇහැරන් උන්නට පස්සෙ දවාලට පට්ට නිදිමතක් එන එක. හිටගෙනත් නින්ද යන තරමේ නිදිමතක් ඒක.

      Delete
  22. බස්සිටත් සුභ අලුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
    Replies
    1. කුරුටු ගෑ ගී පවුරේ කුරුට්ටෝ බැටෑලියන් එකටම අවුරුද්ද සුභ වේවා! වැඩි වැඩියෙන් කවි ලියවේවා!

      Delete
  23. elas bassiyo :D :D subama suba awuruddak wewaa = wediyen reta saththu ahu wewa :)

    ReplyDelete