Thursday, May 21, 2015

කවි ලොසින්ජර (බසු කවි පිටුව)



වාරණයක් නැතුව එක දිගටම කවි ලියන්න බස්සි කවි පිටුවක් හදාගත්තා. ඒකෙ පළ කරන්නෙ කවි විතරයි. මූණු පොතේ අතන මෙතන කුරුටු ගාන, බ්ලොග් කමෙන්ට් කොටු ඇතුලේ අතෑරල දාල යන කවිවලින් ටිකක් හරි එකතු කරල තියාගන්නයි බලාපොරොත්තුව.


නිවාඩුපාඩු වෙලාවට පොඩ්ඩක් ගොඩවෙලා යන්න එන්න කියල හැමෝටම ආරාධනා කරනවා එහෙනම්!






41 comments:

  1. අපි නං ගොඩ වෙලා ඉවරයි.

    ReplyDelete
    Replies
    1. හිහී! මං දැක්කා. තැන්කූ හොඳේ!!

      Delete
  2. රායිට් ආවා...
    එහනම් බෝතලයක් කඩලා ගන්න..
    බ්‍රෑන්ඩ් එක ගල්

    ReplyDelete
    Replies
    1. පරණ කවි වල මොනවා සමරන්නද අෆ්ෆා මෙන්ඩෝ...

      Delete
    2. පරන අරක්කු එල ද බ්‍රා

      Delete
  3. Replies
    1. මොකෝ බස්සියෝ සයිට් එකට කුඹි වහල තියෙන්නේ? ඈ ??

      Delete
    2. තැන්කූ උපයෝ!!
      'කවි ලොසින්ජර'වලට කූඹි ඇවිත්.

      Delete
  4. ඒ පාර තව එකක් ෆලෝ කරන්න වෙනව නේහ්.. මට බෑ..

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ උඹ ඒක කලින් ඉඳලාම ෆලෝ කරමින් ඉන්නෙ.

      Delete
  5. ඒකට කමෙන්ට්ස් දාන්න ගියොත් අනික්වට හුලං තමා ගහන්න වෙන්නෙ. යකෝ මැයි මාසෙට තියෙන්නෙත් දින 31 යි. ඒකේ දැනටමත් පෝස්ට් 32 ක්! ඔන්න මගහැරුණට එහෙම හිත නරක්කරගන්නවා නෙමේ.
    සුභ වේවා! තව තව කවි සිතිවිලි පහල වේවා!

    ReplyDelete
    Replies
    1. අයියෝ එහෙම අවුලක් නෑ මධුවෝ! නිකම්, මෙහෙමත් පොට් එකක් තියෙනව කියල ආරාධනාවක් කලේ. :)

      බොහොම තැන්කූ හොඳේ!

      Delete
  6. ලොසින්ජර කිව්වේ ආවොත් ලොසින්ජරයක් දෙනවද?

    ReplyDelete
    Replies
    1. නෑ ආවොත් කූඹියෙක් දෙනවා ලොසින්ජර කන්න ආපු.

      Delete
  7. කියෙව්වා ඔක්කොම වගේ. ගොඩක් හොඳයි. සමහර ඒවා තේරුම් ගන්න ආයිමත් ඉස්කෝලෙ යන්න වෙයි වගේ. සමහර ඒවා මගේ රසවින්දන දක්ශතාවයට වඩා ගොඩාක් එහා. පොප්ලර් ගස් කියන්නෙ මොනවාද?

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ඉයන්!

      ඉයන් අහන්නේ කොයි කවියේ කියවෙන පොප්ලර් ගස් ගැනද? එක කවියක නම් පින්තූරෙ දාල තියෙනවා පොප්ලර් ගස්. දුයිශේන් කවිය ගැන නම් කියන්නේ, ඒකෙ කතාව පොඩ්ඩක් කියන්න වෙනවා පොප්ලර් ගහ ගැන තේරුම් යන්න. ඉයන් අහන්නෙ ඒ කවිය ගැනද?

      Delete
  8. රෝලට එල්ල ගත්තා.. කවි තේරෙන්නේ නැති උන්ට දාපං කඩුලු තහන්චි.. එක්කො උනුත් කවි ඉගෙන ගනී නැත්නම් ආපහු හැරිල යයි.. හැක්. ජය වේවා!

    ReplyDelete
    Replies
    1. කඩුලු තහංචි මක්කටෙයි? ඕනෙම කෙනෙක්ට ඇවිත් බලන්න පුලුවනි!

      බොහොම ස්තූතියි කලා!

      Delete
  9. ගියා.............. කුරුටු සින්ඩියට සින්ඩිගත කරා......

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි කුරුටු! ඒ සහයෝගය මට ගොඩක් වටිනවා.

      Delete
  10. //එක්කො උනුත් කවි ඉගෙන ගනී නැත්නම් ආපහු හැරිල යයි.. හැක්.// ඕකම මෙහෙම කියන්නත් පුළුවන්. එක්කෝ හැදෙයි.නැත්නම් හැලෙයි... ජයවේවා බස්සියෝ .

    ReplyDelete
    Replies
    1. මම නම් හිතන්නෙ, කවි කියවන්න ආසා අය ඉන්නවනම් ඒ බ්ලොග් පිටුවට කැමති වෙයි. බස්සිගේ පිස්සුකතා කියවන්න එන අය මෙතනට එයි පුරුදු විදියටම.

      Delete
  11. ප්‍රශ්න දෙකයි?

    1. ඉස්සර වාරණයක් තිබුනද? උත්තරය ඔව් නම් අතුරු ප්‍රශ්න දෙකයි
    A. කවුරු විසින්ද? B. කොහොමද?

    2. ඔක්කොටම ආරාධනය කරනවා? ඔක්කොටම????? (Pl. see comments of Mr. KM & Ms. DN )

    ReplyDelete
    Replies
    1. 1. ඔව්.

      A) මා විසින්, පාඨක ඉල්ලීම් සලකා බැලීමෙන් පසු

      B) පෝස්ට් දෙකක් අතර අවම වශයෙන් දින දෙකකවත් පරතරයක් තැබිය යුතුය. නමුත් 'කවි' යනු අනායාසයෙන් ලියවෙන්නක් නිසා සමහර දිනවලට කවි පහ-දහය ලියැවෙයි. එවිට පළ කරන්නේ වැඩි දෙනෙක් රුචි වෙතැයි සිතන කවිය පමණි. අනිත්වා වත්පොතේ තැන තැන ලියැවී, මටත් අමතක වී යයි.

      Delete
  12. හම්මේ කලු කුබි කියන්නේ හොඳ ලකුණක්ලු නේ.හොඳයි,හොඳයි.

    ReplyDelete
  13. බස්සි, අපිත් එනවා බලන්න. තේරුනේ නැත්තං සද්ද නැතුව කිච නොවී යනව...

    ReplyDelete
    Replies
    1. ඕක මං දාන්න ආපු කමෙන්ට් එක.. උඹ වෙන එකක් දාපං :D

      Delete
    2. //තේරුනේ නැත්තං සද්ද නැතුව කිච නොවී යනව//
      හැක හැක :D ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    3. කවියක් කවියක් ගානෙ කොමෙන්ට් නොකලත් කමල්ලෑ ඉතින් සජ්ජෝ. ඇවිත් කියවලා යනවනං ඒකත් සතුටකි.

      Delete
  14. බස්සි ඔන්න මාත් ගිහින් බැලුවා :D. රෝලටත් දැම්මා. අළුත් වැඩේට සුභ පැතුම්. හැබැයි දැන් ඒකට වෙලා කවි ලියලියා මේක එහෙම පාළු කොරනවා නෙමේ.
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. අෆොයි නෑ. බලන්ට අද උදෙත් පෝස්ට් එකක් දැම්මා.

      Delete
  15. උඹ පරණ කවි දානවා කියල චෝදනාවක් තියෙනවා- විස්කි වයින් රස වෙන්නෙ පරණ උනාමලුනෙ බසු

    ReplyDelete
    Replies
    1. පරණ කවි ටික එකතු කරන්න තමයි කිචි අයියේ ඒ බ්ලොග් එක හැදුවේ.

      Delete
  16. අපි නම් ගොඩ වෙයි..

    ReplyDelete
  17. ඕන් සින්ඩියෙත් එල්ලුවා.. කවියට ඉල්ලුම නම් බොහෝම අඩුයි.. මම ආසයි බස්සි රැඩ්කල්ම ලියනවා නම්.. මොකො එතන නොම්මර එකේ නිර්මාණකාරියක් ඉන්නවා...

    ReplyDelete
    Replies
    1. කවියට ඉල්ලුම අඩු කාලෙක ඒ ඉල්ලුම වැඩි කරගන්න ට්‍රයි කිරීමත් මම හිතන්නේ චැලෙන්ජ් එකක් සහ 'රැඩිකල්' වීමක්. :D

      Delete
    2. සින්ඩියෙන් ලබාදෙන සහයෝගයට බොහොම තැන්කූ මාතලන්!!

      Delete
  18. හී මාත් ආවො ඉතිං .. :)

    ReplyDelete