Monday, August 10, 2015

මේතරම් සෙක්සි ද ඉලෙක්ෂන් ?



1. මං ආදරේ දුෂ්ඨ, සුදු කොල්ලන්ට!





මනාප තුනක් හොඳටෝම මදි මට
මං ආදරේ දුෂ්ඨ, සුදු කොල්ලන්ට!
හොරුන්ට, කුඩ්ඩන්ට, හංදියේ චණ්ඩින්ට
පිස්තෝලෙකින් වතුර බෝතල් මවන අරුම විජ්ජාකරුවන්ට
වෙඩිබෙහෙත් දුමට පිඹිනකොට, පිහියකින් බෙල්ල පිටුපස කසනකොට
අත්ල සීතල වුනත් මොනතරම් සෙක්සිද!


ඇයි අපිට බැරි පක්ෂ දෙකතුනකටම ඡන්දය දෙන්න.
ඡන්දයක් කියන්නේ කැමැත්තට
මං කැමති මනමැවි කතා කියවන්ට
සී එස් ලෙවිස්ට – ජේ කේ රෝලින්ග්ට – එච්.සී. ඇන්ඩර්සන්ට
එක සමානව ආදරේ කරන්න තහනම්ද?


රතු සහෝදරවරු කියන දේ ඇත්තම ඇත්ත
මේ ඡන්ද ක්‍රමයයි ලොකුම වැරැද්ද
සෙනෙහෙලිපි ලියන ලොකු ඩයරියක් – සුවඳ පෑනක් එක්ක මට දෙන්න
ආදරේ ලිවිය යුතු කවියෙන් ය
කුඩා හදවත් ලකුණු ඇඳිය යුතු හැමතැනම
ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් බලලාම නැද්ද ඔබ? නැත්නම් ඩූම්- 2?
වීරයෝ කියන්නෙම හොරුන්ට, කළු ඇඳපු චණ්ඩිණ්ට
මං ආදරේ දුෂ්ඨ, සුදු කොල්ලන්ට!



2. ඒකයි ළමයො ත්‍රිල් එක





මෝඩ ළමයෝ!
ඒකම තමයි ත්‍රිල් එක,
ඊළඟට වෙන දේ නොදන්නා එක.
සුදු වෑන් එකක් ඇතුලෙදි
කළු තිරේකින් දෑස බඳින එක


බෙල්ල පිටිපස්සෙ මද සීතලක් දැනෙනකොට
පිස්තෝල කටක් යැයි ටක්කෙටම කියන්නේ – උඹට ඇත්තට පිස්සුද?
ඒ රොමැන්තික හාදුවක් වෙන්නට බැරිද?
දොඩම් රස හිම කිරමක්?
මධු ඔඩමකින් ගත් අයිස් කැටයක්?


ඒකයි ළමයො ත්‍රිල් එක,
ඊළඟට වෙන දේ නොදන්නා එක,
තැම්බිලා ගියත් දිය හැලිය රත්වෙනකම් නටන එක,
බලපංකො කකුළු ජීවිතේ තියෙන ලල් එක!



3. අපිට ඕනෑ පෝස්ටර්





තියෙන්නම ඕනෑය පෝස්ටර්
තාප්ප, ගේට්ටු, ලයිට් කණුවල
ශේන්‍යා වුනත් ඇවිද්දේ
බැනර්-කටවුට්-පෝස්ටර් බලබල
පාන් වළලුත් අමතකම කර.


මැකෝටත් ඔල්මොරොන්දම!
පෝස්ටර් නැතුව පාලුයි මහපාර,
පාස්ටර් කෙනෙක් නැති පල්ලියක් වගේමය.


අපිට ඕනෑ පෝස්ටර් කියව කියවා ඇවිදින්න.
පාන් වළලුත් අමතකයි - බල්ලන්ට හැකිය ඩැහැගෙන යන්න.
හත්පෙති මල් පොරොන්දුවකින් සැනසෙන්න.
දැං අපිට අඩු හත්පෙති මලක් විතරයි ඔන්න!




ප. ලි.

දවස ගානේ අප්ඩෙට් වෙන බස්සිගේ කවි පිටුවට මේ පාරෙන් එන්න.






61 comments:

  1. මේකනම් පට්ට කවිය. මේකේ මට හිත ගියේ “වීරයෝ කියන්නෙම හොරුන්ට, කළු ඇඳපු චණ්ඩිණ්ට" කියන තැනට.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි යාලූ!

      Delete
  2. මේකට මං කමෙන්ටුවක් කෙටුවනේ බස්සියේ

    ReplyDelete
    Replies
    1. කවි ලොසින්ජර බ්ලොග් එකේ, මුල් කවියට ඔයා කමෙන්ට් කරලා තිබුනා.

      Delete
  3. //මං ආදරේ දුෂ්ඨ, සුදු කොල්ලන්ට!// අප්පච්චිගේ කොල්ලෝ තුන්දෙනාම ඉල්ලලා තිබ්බනම් මනාප තුන පිළිවෙලට දෙන්න තිබ්බා කරදරයක් නැතුව.. :p

    ReplyDelete
    Replies
    1. හුහ්! එතකොට කවුද දුමින්ද අයියට, චතුර අයියට එහෙම මනාප දෙන්නෙ?

      Delete
    2. ඇයි දිලුම් අයියා. ;

      Delete
    3. දිලුම් අයියා අමතක වුනා නෙව!

      Delete
    4. සැක්. දන්නවනම් මාත් කොහෙන් හරි නොමිනේෂන් දෙනවා..

      Delete
    5. කල්‍යාණයෝ,ඒ ආදරේ මම වගේ සුදු කොල්ලන්ට මිසක් උඹ වගේ බඩ මහත කළු ඌරන්ට නෙමේයිලු.:D

      Delete
    6. ඇද්ද කළණේ අහගත්තා! :P

      Delete
    7. සුදු වුනාට විතරක් බෑ මනෝ, දුෂ්ඨ වෙන්නත් ඕනෙ.

      Delete
  4. අනේ බන් මේ මක්ක කියනවද
    අපි කැමති ඩිංගක් මත්වෙන්ට

    මොකෑ , උන් ගත්තම ඉතින් ආයුබෝවන්ට
    දෙනවනේ සුපියලක් හරි අපෙත් පණ රැකගන්ට

    ReplyDelete
    Replies
    1. අපි කැමති ලල් එකේ ඉන්ට. හා නැද්ද?

      Delete
  5. සුපිරි.. කොට බක්සියෙකුට හැර අනෙකුකට මේවා ලිවිය නොහැක..

    ReplyDelete
  6. මොන සුපියලක්ද බොල දෙනවනෙ දහසින් බැඳි පියල්ලක්ම.

    ReplyDelete
    Replies
    1. අපිට එය දහසින් බැඳී පියල්ලකි
      උන් කතා කරන්නේ 'බිලියන' වලිනි

      Delete
    2. එකක් දෙකක් කියල කතාකරන්නෙ සමහරු රුපියල් ගැන, සමහරු ලක්ෂ ගැන, සමහරු මිලියන ගැන, තවත් සමහරු බිලියන ගැන.

      Delete
  7. එකෙන්ම බස්සි .. ලෙසටම ලියා ඇත.. මාත් ආසයි දුෂ්ට සුදු කොල්ලන්ට

    ReplyDelete
    Replies
    1. අනර්කලී බැන්ද නිසා දැන් කුඩු දුමියා ඔයා එනකං බලං ඉන්නවලු ලංකාවට :P

      Delete
    2. ගෙම්බෝ මන්ටෝ :((((

      Delete
    3. දාන්ට පහක් ඔමා!

      Delete
    4. ගෙම්බා ඉරිසියාවට කියන කතා. ගනන් ගන්න එපා මෙයා.

      Delete
  8. මනරම්
    බුකියෙදි අරෙහෙදි මෙහේදි කියෙව්වා

    ජ ය වේ වා @@@

    ReplyDelete
    Replies
    1. විදානේ සද්ද නැතුව උන්නට බුකියටනම් හොට දානව නේද ඒ කියන්නේ?

      Delete
  9. කුඩු දුමිය සුදු වුනාට දුෂ්ට නැහැ.....මෝඩ පැණි පාටයි .....හිටං .......

    ReplyDelete
  10. බස්සි ඉස්පෙෂල් ..

    අඩෝ උඹ තුන්වෙනි කවියට දාලා තියෙන්නේ පුංචි කාලේ කියවපු පාන් වළලු කතාවේ පින්තුරයක් නේද ? එක දැක්කම නොස්ටල්ජියාව හැදුනා උස්මුරුත්තා වෙන්නම . ශේන්යාගේ පාන්වළලු අපරාදේ .. අයියෝ.......

    ReplyDelete
    Replies
    1. උඹ දැක්කෙ නෑනෙ ඕක බුකියෙ දාපු වෙලේ පාන් වළලු ගැන ගිය දීර්ඝ ඩිස්කෂන් එක. වෙලාවට උඹ එෆ්.බී. නැත්තෙ, නැත්නම් නොස්ටැල්ජියාවට එතනම අභාවප්‍රාප්ත වෙනවා.

      Delete
    2. පාන් වළලු? කෝ කෝ.. කොහෙද පාන් වළලු...

      අලේ... මට පාන් වළලු දියෝ......

      Delete
    3. මටත් ඕනේ අර හිම වලහව හම්බවෙන්න නොන්ඩි ගහන් කොල්ල එක්ක.

      Delete
    4. මලා! නොස්ටැල්ජික් රෝගියො පෝලිමයි!

      Delete
  11. වීරයෝ කියන්නේ හොරුන්ට..හොරු කියන්නේ හොඳම රාජ්ජ නාකින් ට ...
    ---------

    බස්සියෝ...කොහොමද බන් මෙහෙම කවියක් අඹරුවේ...ආයේ ඉතින් කියලා වැඩක් නැහැ...

    ReplyDelete
    Replies
    1. හෙහ්. මතක් වුනේ සහනා ෆේස්බුකේ දාපු එකක්.
      හො.රා. = හොඳම රාජ්‍ය නායකයා
      ම.රා. = මජර රාජ්‍ය නායකයා

      එකක් නෙමෙයි මෙතන කවි තුනක් තියේ. :)

      Delete
  12. චන්ද පෝස්ටරේකටම උපන් සිනාවක් ඇති මහත්තයෙක් ඉන්නව බ්ලොග් ලෝකෙ, බස්සි දන්නවද එයාව?

    ReplyDelete
    Replies
    1. අර රන් පිඟාන ලෙස වටකුරු - දිලිහි දිලිහි තියෙන ගෝලාකාර මුහුණ හිමි ලව්පූසා මහත්තයද?

      Delete
    2. සතර වරම් දෙව් මහරජ සතර වටින් ඇවිදින්
      පිරිත් පැන් ඉසිති පුතුනේ පුවක් මල් කිනිත්තෙන්

      හැක හැක හැක

      Delete
  13. කෙල්ලො ඔහොම්මමයි... ගමන් යන්න කැමති එකෙක් එක්ක, නිදාගන්න කැමති එකෙක් එක්ක, විවාහ වෙන්න කැමති එකෙක් එක්ක. පක්ෂ තුන එක් කරලා ජාතික ආණ්ඩුවක් කොහොමද අප්පා හදන්නෙ. කරුමේ.. කරුමේ...

    ReplyDelete
    Replies
    1. ඔය කිවුවෙ කතාවක් ඉතින්.
      එහෙම වෙන්නෙ ඔය හැම වැඩක්ම පුලුවන් පිරිමියෙක් හොයාගන්න බැරිවුනාමයි කියල තේරෙන්නැද්ද හැබෑට.
      ඒ ප්‍රශ්ණෙට ඉතින් පිරිමි ගෑණු බේදයක් නෑ. හැමෝම එහෙමයි. හිහී!

      ජාතික ආණ්ඩු කෙසේ වෙතත් අපිට ප්‍රතිපත්ති ප්‍රකාශන සුරංගනා කතා ගොඩක් කියවන්න ඕනෙ.

      Delete
  14. එකනේ සමහර අපේක්ෂකයෝ ෆයිල් උස්සගෙන යන්න සෙක්සි කෙල්ලන්ව දාගෙන ඉන්නේ. සමහර අපේක්ෂකයෝ කසාද බැන්දේ නැතත් වන්ෂොට් එකෙන් ඔක්කොම ප්‍රශ්න විසඳන්න හදන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒ කෙල්ල පව් විචා තුමා. තමන් සේවය කරන ආයතනයෙන්, යොදවන රාජකාරියනෙ ඒක. කෙල්ල සෙක්සිද නැද්ද කියන එක තීරණය වෙන්නෙ බලන කෙනාගෙ ඇහැ අනුවනෙ.

      Delete
  15. දාන්න පහක්!!! මටත් දැන් මේ වේස පාලනය ගැන කිසිම ලල් එකක් නෑ.ගහගන්නේ නෑ.මරාගන්නේ නෑ.අඩුමගානේ පපුවට ගහගන්නෙවත් නෑ.කරන එකම දේ කොටි එනවෝ කියලා කෑගහනවා විතරයි.උපන්දා ඉදන් කොටි ගැනම අහපු අපිට ඒ කතාවත් මෙලෝ රහක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ අප්පා. සුදු වෑන් නැතුව නිකං කෑවෙ නෑ වගේ. මං අහන්නෙ බ්ලූමැන්ඩල්වල වෙඩි තියාපු සීන් එකවත් පොඩ්ඩක් රැල්ලක් විදියට නැගල ආවනම්. චා චා පට්ට බෝරින් ඕයි මේ ලයිප් එක.

      Delete
  16. පිස්තෝලෙ වතුර බෝතලයක් වෙන එක වගේද ළමයො හයිබ්‍රිඩ් කාර් පක්ෂ කාර්යාල වලින් මතු වෙද්දි අනේ මම කිසි දෙයක් දන්නෙ නෑ කියන එක....

    ReplyDelete
    Replies
    1. මේක කවියක් මිසක ප්‍රවෘත්ති වාර්තාකරණයක් නොවන නිසා හැම නිවුස් එකම ගෙඩි පිටින් ඔබ්බවන්න බැරි වුනත්, (එහෙම කරගන්න තරම් මම කවියට දක්ෂ නැති නිසා වෙන්නත් ඇති.) පවත්නා පක්ෂ එකක් ගැනවත් ප්‍රසාදයක් නැති බව පැහැදිලිව කියල තියනවා. (ආයෙමත්, මම දක්ෂ කවියෙක් නොවන නිසා ඒක පැහැදිලිව තේරුම් යන්නේ නැතිනම්, මගේ වැරැද්ද! සොරි!)
      :)

      Delete
  17. මොකද බං.. කවි ඒකේ විතරක් දාපංකෝ.. දෙකේම එක පාර දැම්මම හරියනවද?

    ReplyDelete
    Replies
    1. අරක කවුද කියවන්නේ? කවුද, කවියක වැරැද්දක් අඩුපාඩුවක් පෙන්නන්නේ? ඇයි බ්ලොග් ලිපියක් ලිවුවම ඒකෙ ගුණාගුණ පෙන්වන්න කවුරුත්ම නෑ කියල මට හිතෙන්නෙ? මන්දා. :(

      Delete
  18. අපේ මිනිස්සු ජන්දේ දෙන්නේ රට හදන්න තියෙන වැඩපිළිවෙල දිහා බලලා නොවේ.අපේක්ෂකයින්ගේ ජාතිය,කුලය,ආගම වගේ නිර්ණායක දිහා බලලා.දැන් එව්වාට අමතරව හමේ පාට,ඇඟේ සයිස් එක,උන්ගේ ලස්සන,කොච්චර ජනප්‍රියද කියලත් බලනවා ජන්දේ දෙන්න කලින්.ඉතින් කොහොමද රටක් හදන්නේ බං

    ReplyDelete
    Replies
    1. ඒකනේ මචං පබාලා ගීතලාට රට යන්නේ.

      Delete
  19. මැකෝටත් ඔල්මොරෙන්දම.... නියමයි....තරහව නොඒවි කිසි දිනෙක

    ReplyDelete
  20. එල ද බ්‍රා මචං
    මේ කවිය නම් වැඩිය බරසාර නෑ..

    ReplyDelete
  21. දැං අපිට අඩු හත්පෙති මලක් විතරයි ඔන්න. හ්ම්..........

    ReplyDelete
  22. තවත් ලාවට පැහීගෙන එන පොලයක්!!
    Out of my access!!
    ඒත් අවංකවම "ෆට්ට" in lamen language!!

    කලටි පොල් වලට අකමැති වුණාට කයිය ගති නිසා සේරම කියෙව්වා!! රසයි!!

    ReplyDelete
    Replies
    1. අක්කෙ! 
      තරහ නොගෙන
      ඉක්මනට මෙන්න මේ කියන වෙනස්කම් දෙක කරල මේ කමෙන්ටුව මකලා දාන්න! ප්ලීස්!! 
      අර මනමැවි කතා රචකයොන් ගෙන් දෙන්නෙක්
      "සී එස් ලෙවිස් , ජේ කේ රෝලින්ග්" වෙනස් වෙන්න ඕනි
      "සී එස් ලුවිස්, ජේ කේ රෝලිං " විදිහට!! 
      මිනිස්සුං ගෙ නම් නෙ!! වරද්දන එක හරි නෑ!! 
      (ඔන්න මාත් ඇඟිල්ලක ඇද හෙව්වා ඈ!! මේ කමෙන්ටුව මතන්න කිව්වෙත් එකයි ඕං!! තරහා අවසර.)

      Delete
    2. හෙහේ!
      මේ කමෙන්ටුව කලින් වැටුනානම් අර හඳ පෙන්නන සීන් එකට උදාහරණයක් විදියට දෙන්න තිබුන නෙව. අපරාදෙ. :(

      එයාට ලෙවිස් වගේම ලුවිස් කියලත් කියන බව සිංහල පොත් පත්තර ටිකක් කියෙව්වොත් දැනගන්න පුලුවන් වෙනවා ඇත.

      ජේ කේ රෝලින්ග් ගැන කියනවනම්, සුදු මල්ලි, මම අන්තිමට 'සයිබර් කවිය' ගැන ලිව්ව පෝස්ට් එකත් කියවල එන්න, ප්ලීස්.

      මට ඔයාගේ කමෙන්ට් මකන්න හිතෙන්නේ නැත. මගේ කවි ඔයාගේ කීමට වෙනස් කරන එකනම් ලොවෙත් සිද්ධ වෙන්නෙත් නැත. ඒ ගැන එක්ස්ට්‍රීම්ලි සොරිය. ඒත්, අකුරක් අකුරක් ගානේ කියවන එක ගැන බොහොම සතුටුය. බොහොම ඉස්තූතිය!


      ප. ලි.

      මම තවම විචාට අමතන්නේ විචා කියලාමය. ;)

      Delete
    3. උඹ ගේ මේ අමුතුම කික් එක ට මං හැබෑවටම කැමතිය. වැඩ කෙලිං ය. මොකා කොහොම මොක කීවත් සැලැන්නේ නැතිය!!
      කිසිදා හැබැහින් නොදුටු උඹට මං හැමදා මා හා සිටි මගේ ම අක්කාට තරම්ම ආදරේ ඒ නිසාම විය යුතු ය!!
      වෙනස් කරන්නට ද වෙනස් වෙන්නට ද එපා ය! (මං කියන්නට ඕනෑ දෙයක් නොවේය!! කිව්වත් නොකිව්වත් එසේම බව දනිමි!!)
      මකන්නට ද එපා ය!!
      (ඇඟිල්ලේ ඇදය කියවූ බව මෙතැන පෙන්වීමට ගියා පමණකැයි සිතා සමා වෙනවා නම් ඒ හොඳටම ඇති ය)

      ඇඩොව්!!  අකුරක් ගානෙ කියවලා රස විඳින්න ඕනි නිසා මිසක්, නැත්නං මොන අහවල් එහෙකට ද බං මෙච්චර හිර වෙලා ඉන්න අස්සෙත්, ලෝඩ් කරගත්ත පිටු දෙක වැහෙන්න නොදී, මාසයක් විතර ලැප ශට්ඩවුන් නොකර හයිබ'නේට් කරකර ම රැක ගත්තෙ!! 

      ෆලෝ කරන කොයි බ්ලොගේ නොකියෙව්වාත් උඹේ මේ නවාතැනටයි විචා තුමා ගෙ අහන දකින හොයන එව්වා අපිට දෙන තැනටයි ගොඩ නොවී ඉන්න බෑ බ අක්කෙ!!

      Delete