Thursday, August 27, 2015

කවි කියවමුද?






සයිබර් කවියට ආදරේ අයට පුංචි ඔත්තුවක්!

 
අගෝස්තු විසි අටවන සිකුරාදා සවස 3.30ට කවි කියවීමේ වැඩසටහනක් පැවැත්වෙනවා. අගෝස්තු විසි අට කියන්නේ හෙට. බස්සී මේ සතියෙ ටිකක් බිසී වුන නිසයි මේ ඔත්තුව දෙන්න තරමක් පමා වුනේ.

 
මේක මසකට වරක් පැවැත්වෙන වැඩසටහනක්. මේ මාසයේ තියෙන්නේ ඒකේ පළමු දිගහැරුම. මෙවර තේමාව "සයිබර් කවිය".

 
සංවාද ප්‍රවේශය මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් විසින් සිදුකරන්නේ. සංවාදය මෙහෙයවන්නේ නවෝද්‍යා පවනි ජයවික්‍රම. තිරය පිටුපස ඉඳන් මේ වැඩේ වැඩි බරක් ඇද්දේ සෞම්‍ය සඳරුවන් ලියනගේ කිවියා (අපේ මග්දලේනා).

 
සංවාදයට සහභාගි වෙන්නේ සයිබර් කවියන් තිදෙනෙක්. රසික ජයකොඩි (දවසක් දා හැන්දෑවක තීරු ලිපිය කියනකොටම මතක් වෙන්නේ ඔහුව!), වින්ද්‍යා ආරියරත්න (කැමීලියා ආරියරත්න කියන පෙන් නේම් එක යටතේ වත්පොතට කවි ඉහින්නේ ඇය!) ඒත් එක්කම ගලිවර්ලා දෙන්නෙක් මැද්දේ ලිලිපුට්ටෙක් වගේ බට කොස්සි හෙවත් යශෝධා සම්මානි.


ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ තමයි වැඩේ සිද්ධවෙන්නෙ. (බොරැල්ල කාසල් රෝහල ඉදිරිපිට.)

 
සයිබර් අවකාශයේ බිහිවෙන නිර්මාණ, පොළවට බහින්නේ, කතිකාවට ලක්වෙන්නේ කලාතුරකින්. මේ, එවැනි දුලබ අවස්ථාවක්. ඉතින්,සයිබර් නිර්මාණ අවකාශයට ආදරය කරන හැමෝටම ආරාධනා කරන්නේ, හැකිනම් එන්න. අපි කවි කියවමු.


57 comments:

  1. සුබ පැතුම් බස්සී... වැඩේ සාර්තක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කැමා!

      Delete
  2. /* සයිබර් කවියට ආදරේ අයට */

    මේ ලඟදී කවියෙකු වැදගත් කතාවක් කියා තිබුණා ඔය සයිබර් කවිය කියන යෙදුම ගැන. ඔහු කියන්නේ ඒක තේරුමක් නැති දෙයක් කියායි.

    ඒ කවිය එය ප්‍රාකාශයට පත්වෙන මාධ්‍යය අනුව වෙනස් නොවෙන නිසා. ඔහු අහන්නේ සයිබර් කවි තියේ නම්, පත්තර කවි, සඟරා කවි වැනි වර්ගත් තියෙනවා ද කියායි!

    ReplyDelete
    Replies
    1. මෙහි සයිබර් කවිය යන්න අරුත් දැක්වීම ගැන ප්‍රශ්ණයක් තියෙනවා.

      මේ වැඩසටහනේ මෙවර තේමාව වෙන "සයිබර් අවකාශය තුළ කවිය" යනු සයිබර් කවිය ද? නැතිනම්, සයිබර් කවිය යනු සයිබර් අවකාශය ගැන එයින් උපුරාගත් රූපක යොදමින් ලියවෙන කවියට යොදත හැකි නමක් ද?

      මේ ගැන බස්සී ගේ සහ මේ වැඩසටහනට සහභාගී වෙන අය ගේ අදහස් දැන ගැනීමට කැමතියි!

      Delete
    2. මෙහෙමයි. සයිබර් කවියේ මම දකින වෙනස් ලක්ෂණ තමයි.

      1. වියරණ, භාෂාවේ විවිධ රීති ආදිය කරපින්නා නොගැනීම
      මේ නිසා සයිබර් කවි හරිම සැහැල්ලුයි. මම මේ කතාකරන්නෙ බහුතරයක් සයිබර් කවි ගැන හොඳේ. ඒ වගේම භාෂා භාවිතයේ සීමා නැති නිසා කැමති විදියට ඉංගිරිසි වචන කලවම් කරන්න, කථන බස යොදන්න වගේ විවිධ අළුත් අත්හදා බැලීම් නිරන්තරව සිදුවෙනවා.

      2. ඉහත කරුණටම සම්බන්ධයි. සයිබර් කවිය නිදහස් නිසා "මත් විරිත් පද ගැලපුම්" අරවා මේවා වලට වඩා අදහස් ප්‍රකාශනයට මුල් තැනක් දෙනවා. ඒ නිසාම සයිබර් කවිය බොහොම තියුණුයි.

      3. කවි දාම
      සයිබර් කවියේ තියෙන අනිත් මූලික ලක්ෂණය තමයි දාම කවි බිහිවීම. මේක බ්ලොග් අඩවි වලටත් වඩා සුලභව දක්නට ලැබෙන්නේ මුහුණු පොතේ. 'වළාකුළු අතර හිඳ' කවි ගෲපය බලන්න. එක් කවියක් පලවී විනාඩි කිහිපයක් තුල ඊට පහළින් කමෙන්ටු විදියට තවත් ක්ෂුද්‍ර නිර්මාණ මහා ගොඩක් ලියැවෙනවා.

      4. සමූහ කවි
      මේක ඉහත කී දාම කවි වලම විකාශණයක්. මෙතනදි වෙන්නේ එක් කවියෙක් පද හතරක ක්ෂුද්‍ර කවියක් ලියුවම අනිත් කවි කිවිඳියෝ ඒකට ගැලපෙන්න තව කොටස් කමෙන්ටු විදියට එකතු කිරීම. අවසානයේ ඒ සියල්ල සම්පිණ්ඩනයෙන් අපූරු සමූහ කවියක් නිර්මාණය වෙනවා. උදාහරණ කිහිපයක් අද රෑට හොයාගෙන මෙතන පල කරන්නම්.

      5. ඉක්මන් ප්‍රතිචාර - ඉක්මන් වර්ධනය
      මුද්‍රිත මාධ්‍යයකින් කවි පල කෙරෙනකොට වඩා සයිබර් කවි සංවාදයට විවෘතයි. ඕනෑම කෙනෙක් සයිබර් කවි කියැවූ වහාම ඒ ගැන තමන්ගේ අදහස ඉක්මන් කමෙන්ටුවකින් එතැන ලියා දක්වන්න මැලි වෙන්නෙ නැහැ. මේ වාසනාව නිසි අයුරින් ප්‍රයෝජනයට ගන්න සයිබර් කවියන්ට ඉතා ඉක්මනින් තමන්ගේ කවිකම් මටසිලිටි කරගන්න, ඔප දමා ගන්න හැකියාව ලැබෙනවා.


      මේ වගේ ගොඩක් 'වෙනස්කම්' මට සයිබර් කවියේ දකින්න ලැබෙනවා. ඉතින් මගේ 'ආධුනික සහ වැරදි සහගත විය හැකි' අදහසනම් සයිබර් කවිය වෙනම කුලකයක් විදියට සැලකීම වරදක් නැහැ කියන එකයි.

      මොකද, වේදිකාවේ පෙන්වන්නෙත් නාට්‍ය, වීදියේ පෙන්වන්නෙත් නාට්‍ය, රූපවාහිනියේ පෙන්වන්නෙත් නාට්‍ය කියලා අපි වේදිකා නාට්‍ය, වීදි නාට්‍ය සහ ටෙලිනාට්‍ය කියන සේරම එකම කුලකයකට දාලා කතා කරන්න බැහැ කියලයි මම හිතන්නෙ.

      Delete
    3. "සයිබර් අවකාශය තුළ කවිය" යනු සයිබර් අවකාශය (බ්ලොග්, වත්පොත, සයිබර් කවි සමූහ - උදා : වෙබ් අඩවි.) තමන්ගේ ප්‍රකාශන මාධ්‍යය වශයෙන් යොදාගන්නා කාව්‍ය නිර්මාණ ගැන කරන සංවාදයක්.

      Delete
  3. රසික,
    මේ සයිබර් කවියට ගරහන්නේ කුහකයෝ. මගේ අත්දැකීම නම් පොත් වලින් සල්ලි වලට ගන්න කවියට වඩා මේ කවියේ ලස්සනක් තියෙනවා කියලා.

    බස්සි,
    මටත් එන්නනම් ආසයි. නමුත් හෙට ඉඳලා වර්ක්ශොප් එකක් නිසා එන්න වෙන්නේ නෑ. අනේ පුලුවන්නම් Audio එකක් හරි අරගන්න බලන්න.
    මගේ සුබපැතුම්.

    ReplyDelete
    Replies
    1. එය ගැරහීමක් නොවෙයි, අදහස් දැක්වීමක් පමණයි. කෙසේ වෙතත් මෙහි අරුත් දැක්වීම ගැණ ප්‍රශ්ණයක් තියෙනවා. මගේ උඩින් ඇති දෙවෙනි කමෙන්ටුව කියවන්න.

      Delete
    2. අහසෙන් එන්න;

      ගොඩක් ස්තූතියි සුභපැතුමට! අනිවාර්යයෙන්ම උත්සාහ කරන්නම් ඕඩියෝ එකක් ගන්න. බැරිවුනොත්, එතැනදී කතා වුන දේවල් ගැන බ්ලොග් එකේ සාරාංශයක් ඉදිරිපත් කරන්නම්කො.

      මේ පලමු පියවර විතරයි. හැම මාසෙකම අවසාන සිකුරාදාවේ මේ වගේ කවි කියවීමේ සැසියක් පවත්වන්න බලාපොරොත්තු වෙනවා. ඉතින්, හැකි කමක් තියේනම්, මේ වගේ දේවල්වලට හදවතින්ම සුභපතන ඔබ වැනි සහෘදයන්ගේ සහභාගිත්වය බොහොම අගේ කරනවා.

      Delete
    3. අහසෙන් එන්නා කෙනෙක් එයාගේ අදහස ඉදිරිපත් කිරීම ගැරහීමක් කියන එක වැරදියි නේද... ඒ වගේම රසික කියන්නෙත් ගොඩක් කවි ලියපු සහ ලියන කෙනෙක්.

      Delete
    4. ඔන්න ඔන්න ඔමා ඔයයි රසිකයි බොරුවට කෑ ගහනවා. මම කිව්වෙ රසිකට නෙවෙයි. අර කතාව කියපු ලේඛකය ට. රසික ගේ බ්ලොග සටහන් කියවන්න මමත් පුරුදු වෙලා තියෙනවා. මගේ කොමෙන්ටුව ආයෙත් කියවන්න.

      මම වැරදි නම් සමාවෙන්න!

      Delete
  4. හෙට සුදු කතක් හා මධු විතක් එක්ක ක්‍රොස් වෙනවනේ. ඒකට එනවයි කියුවා දැනටමත්. මේකත් යන්නම ඕනි එකක්..සක්..

    ReplyDelete
    Replies
    1. ඔව් අප්පා. වැඩ තුනක් එකම දවසෙ එකම වෙලාවෙ. ටික වෙලාවකට හරි ඇවිත් යන්න බලන්න. ළඟ ළඟනෙ තියෙන්නෙ.

      සුදු කතක් හා මධු විතක් සංවාදය
      කාංචනා ප්‍රියකාන්තගෙ කෙටිකතා සංග්‍රහය ගැන සංවාදය
      කවි කියවීමේ සන්ධ්‍යාව.

      මේක හැම මාසෙම තියනවා කළණේ... ඊගාව මාස වලදිත් යමු.

      Delete
  5. සුභ පැතුම් බස්සියේ...ඔයි වගේ දෙයක් නිවාඩු දවසක ටිකක් දවල් වරුවෙ දාගන්න පුළුවන්නං අපි වගේ දුර ඈයන්ටත් සෙට් වෙන්න පුළුවන් වේවි

    ReplyDelete
    Replies
    1. මොනව කරන්නද අක්කා... මේ වගේ දේවල් සතියෙ දවස්වල දාගන්නෙත් ගමේ ඉඳන් කොඹල ඇවිත් ඉන්න, සති අන්තේ ගමට දුවන්න බලාගෙන ඉන්න කට්ටිය වැඩි නිසා මම හිතන්නෙ.

      Delete
  6. සුබ පැතුම් බට කොස්සි

    ReplyDelete
    Replies
    1. තැන්කිව් ගෙබ්බෝ! හවස හමුවෙමු ඈ!

      Delete
  7. //සයිබර් අවකාශයේ බිහිවෙන නිර්මාණ, පොළවට බහින්නේ, කතිකාවට ලක්වෙන්නේ කලාතුරකින්.// ඒක හැබෑව!
    අද නෙ? ඔයා ගිහිං අපිටත් එක්කම කියලා එන්ටකෝ! ජයම වේවා!!!

    ReplyDelete
    Replies
    1. තැන්කූ මධුවා! කලින් දන්වන්න නොහැකි වීම පිළිබඳව සමාව භාජනේකට දමනු මැනවැ!

      Delete
  8. ජයවේවා බස්සියෝ

    ReplyDelete
  9. එන්න වෙන්නේ නම් නෑ.. ඒත් මේන් හදපිරි සුපැතුම්...

    බස්සිත් එහෙනම් පොරක් ඈ.....

    ReplyDelete
    Replies
    1. බස්සි කොට නිසා කවදාවත් පොරක් වෙන එකක් නැත. පොරක් කියන්න නම් අඩු තරමේ ඇහැට පේන උසකටවත් ඉන්න ඕනෑය.

      මාතලන් කවදත් නවකයන්ගේ වැඩවලට හදපත්ලෙන්ම සුභපතන ප්‍රවීණයෙක් නෙ. ඒ නිසා මාතලන්ගේ සහභාගිත්වයත් ලැබුනානම් ගොඩක් වටිනවා. මේ දවස්වල අවුට්ස්ටේසන් වෙන්ටැ?

      Delete
    2. නවකද ප්‍රවීනද වෙන්නේ නිර්මාණයෙන්.. ඒ මිසක් වයසෙන් වත්, රැඳි හිටපු කාළේ අනුවවත් නෙමෙයි.. බ්ලොග් වලට අයිතිවාසිකම් කියන පරණ උන්ට වඩා.. දැන් බ්ලොග් ලියන උන් ගොඩක් ඉස්සරහින් ඉන්නවා.. විය යුත්තෙත් එයමැයි..

      Delete
    3. එදා සුනන්ද මහේන්ද්‍ර සර්රුත් ඔය කතාවම කිවුවා. මට ඉතින් මාතලන්ගෙ මේ කමෙන්ටුව මතක් උනා.

      Delete
  10. සයිබර් කවියට වගේම බට කොස්සිට ත් මං හරිම ආදරෙයි .සුභපතනවා හදවතින්ම !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දිලා! ඉදිරි සැසිවලට හැකිනම් සහභාගි වෙමු?

      Delete
  11. සාකියාගෙනුත් හදපිරි සුභපැතුම් බස්සි අක්කට!!! මේ, කරදරයක් නැති වෙලාවක අර 'වළාකුළු අතර හිඳ' ගෲප් එකේ ලින්කුවක් එවනවද? මම හෙවුවා ඒත් හම්බවුණේ නැහැනේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සාකියා! ඒක closed group එකක්. මම ඇඩ්ඩිං තුමෙක්ට කියන්නම්කෝ.

      Delete
    2. තැන්කිවු වේවා බස්සි අක්කේ!

      Delete
  12. සුභ පැතුම් බස්සි, අපේ කටුස්ස පුතා මේ ගැන දන්නෙ නැතිව ඇති.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියේ!
      ඔව් මම හිතන්නෙ. මටත් කලින් කියන්න බැරි උනානෙ, අපරාදෙ.

      Delete
  13. කොහොම කිව්වත් මටත් හිතෙන්න බස්සි කිව්ව වගේ සයිබර් කවි වෙනම කුලකයක්. ඒකේ ව්‍යාකරණ, අකුරු වැරදි අතෑරල රස විදින තැනක්. ඒවගේම උම උඩින් කිව්ව කාරණාත් අදාළයි..

    දන්නවනේ මට එන්න වෙන්නෑ කොහොමටවත්. ඒත් සුභ පතනවා. කොට්ටයක් දෙකක් අරන් පලයං. හැක්.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ දේශා. කොයිකත් ආප්ප නම් බිත්තර ආප්ප, කිරි ආප්ප, පැණි ආප්ප, වණ්ඩු ආප්ප කියන්න ඕනෙ නෑනෙ.

      ඔය සයිබර් කවිය ගැන 'නොතේරෙන අයට' පැහැදිලි කරලා පෝස්ටුවක් ලියන්න සිතුනි.

      සුභපැතුමට තුති! ඊගාව වැඩසටහනට රුවන් බන්දුජීව ඒවි බොහෝවිට. පුලුවන්නම් වරෙන්.

      Delete
  14. බස්සි අක්කට සුබ පතනවා ඔන්න හදවතින්ම. එන්න වෙන්නේ නම් නෑ.ඒත් ඉදිරියේ තියන එකකට අනිවාර්යෙන් සහබාගි වෙන්න උත්සහ කරනෝ. :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නංගා! එන්න එන්න. අනිවාර්යයෙන්ම එන්න.

      Delete
  15. එලකිරි එහෙනං ඈ....

    ජ ය වේ වා !!!!

    ReplyDelete
  16. Subha pathum...
    Mokakatawath nemei one ahawal dekata..

    ReplyDelete
  17. සුබ පැතුම් බස්සී....
    අපි ඉතිං කොළඹින් දුර බැහැර හංදාග.... එන්න වෙයිද මංදා....

    ReplyDelete
    Replies
    1. ඒකනෙ. වැඩේ තියෙන්නෙ, අවුට්ස්ටේෂන් තිබ්බොත් කොළඹ තියෙද්දි වගේ පිරිස එකතුකරගන්න අමාරුයිනෙ.

      Delete
  18. Dekke den😞
    Wt to do
    Will see on next day
    Time n Place venas venne nehne?

    ReplyDelete
    Replies
    1. නැහැ නැහැ. වෙනසක් වුනොත් බ්ලොග් පෝස්ටුවක් අග දන්නවන්නම්කෝ.

      Delete
  19. අඩේ, මම මේක බලද්දී ඉවෙන්ට් එක ඉවරත් වෙලානේ.. ඔන්න බලපං ඒකෙත් හැටි.. නැත්නම් එන්න තිබුනනේ බොල.. ^_^

    හෙහ් හෙහ්, ගිහින් ආවනම් අපිටත් බලන්න ආයි විස්තර දාලා පෝස්ට් එකක් දාපිය..

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.
      එනවනම් ආර්චියාවත් එක්කන් වරෙන් හොඳේ!

      Delete
  20. සුභම සුභ පැතුම් බස්සි .....තියන්න තව අඩියක් ඉස්සරහට

    ReplyDelete
  21. බස්සි කෙල්ලගේ සාර්ථකත්වය ගැන සතුටුයි...ජය වේවා බොට...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සිරා අයියේ!!

      Delete
  22. බස්සි කෙල්ලගේ සාර්ථකත්වය ගැන සතුටුයි...ජය වේවා බොට...

    ReplyDelete
  23. සයිබර් කවිය, පත්තර කවිය, රේඩියෝ කවිය, අර කවිය, මේ කවිය කියල ලේබල් ගහන්න පුළුවන්දැයි හිතුණත් කොහොමත් කවි කියවීමේ වැඩසටහනක් කරන එක නියම ඩැඩක්. ජය වේවා......!

    ReplyDelete
    Replies
    1. නොකී කතා කියන්නෙත් රසික කියූ කතාවමයි. කමෙන්ට් නොකියවා ඇතැයි හිතුන නිසා රසිකට දුන් පිලිතුරම මෙතනත් අලවන්නම්කො.


      මෙහෙමයි. සයිබර් කවියේ මම දකින වෙනස් ලක්ෂණ තමයි.

      1. වියරණ, භාෂාවේ විවිධ රීති ආදිය කරපින්නා නොගැනීම
      මේ නිසා සයිබර් කවි හරිම සැහැල්ලුයි. මම මේ කතාකරන්නෙ බහුතරයක් සයිබර් කවි ගැන හොඳේ. ඒ වගේම භාෂා භාවිතයේ සීමා නැති නිසා කැමති විදියට ඉංගිරිසි වචන කලවම් කරන්න, කථන බස යොදන්න වගේ විවිධ අළුත් අත්හදා බැලීම් නිරන්තරව සිදුවෙනවා.

      2. ඉහත කරුණටම සම්බන්ධයි. සයිබර් කවිය නිදහස් නිසා "මත් විරිත් පද ගැලපුම්" අරවා මේවා වලට වඩා අදහස් ප්‍රකාශනයට මුල් තැනක් දෙනවා. ඒ නිසාම සයිබර් කවිය බොහොම තියුණුයි.

      3. කවි දාම
      සයිබර් කවියේ තියෙන අනිත් මූලික ලක්ෂණය තමයි දාම කවි බිහිවීම. මේක බ්ලොග් අඩවි වලටත් වඩා සුලභව දක්නට ලැබෙන්නේ මුහුණු පොතේ. 'වළාකුළු අතර හිඳ' කවි ගෲපය බලන්න. එක් කවියක් පලවී විනාඩි කිහිපයක් තුල ඊට පහළින් කමෙන්ටු විදියට තවත් ක්ෂුද්‍ර නිර්මාණ මහා ගොඩක් ලියැවෙනවා.

      4. සමූහ කවි
      මේක ඉහත කී දාම කවි වලම විකාශණයක්. මෙතනදි වෙන්නේ එක් කවියෙක් පද හතරක ක්ෂුද්‍ර කවියක් ලියුවම අනිත් කවි කිවිඳියෝ ඒකට ගැලපෙන්න තව කොටස් කමෙන්ටු විදියට එකතු කිරීම. අවසානයේ ඒ සියල්ල සම්පිණ්ඩනයෙන් අපූරු සමූහ කවියක් නිර්මාණය වෙනවා. උදාහරණ කිහිපයක් අද රෑට හොයාගෙන මෙතන පල කරන්නම්.

      5. ඉක්මන් ප්‍රතිචාර - ඉක්මන් වර්ධනය
      මුද්‍රිත මාධ්‍යයකින් කවි පල කෙරෙනකොට වඩා සයිබර් කවි සංවාදයට විවෘතයි. ඕනෑම කෙනෙක් සයිබර් කවි කියැවූ වහාම ඒ ගැන තමන්ගේ අදහස ඉක්මන් කමෙන්ටුවකින් එතැන ලියා දක්වන්න මැලි වෙන්නෙ නැහැ. මේ වාසනාව නිසි අයුරින් ප්‍රයෝජනයට ගන්න සයිබර් කවියන්ට ඉතා ඉක්මනින් තමන්ගේ කවිකම් මටසිලිටි කරගන්න, ඔප දමා ගන්න හැකියාව ලැබෙනවා.


      මේ වගේ ගොඩක් 'වෙනස්කම්' මට සයිබර් කවියේ දකින්න ලැබෙනවා. ඉතින් මගේ 'ආධුනික සහ වැරදි සහගත විය හැකි' අදහසනම් සයිබර් කවිය වෙනම කුලකයක් විදියට සැලකීම වරදක් නැහැ කියන එකයි.

      මොකද, වේදිකාවේ පෙන්වන්නෙත් නාට්‍ය, වීදියේ පෙන්වන්නෙත් නාට්‍ය, රූපවාහිනියේ පෙන්වන්නෙත් නාට්‍ය කියලා අපි වේදිකා නාට්‍ය, වීදි නාට්‍ය සහ ටෙලිනාට්‍ය කියන සේරම එකම කුලකයකට දාලා කතා කරන්න බැහැ කියලයි මම හිතන්නෙ.

      Delete
  24. ඉළඟ සැරේ එකට නම් එනවාමයි ^_^

    ReplyDelete