Tuesday, October 6, 2015

චාරිත්තරෙට වගෙයි පොත් සල්පිලට ආවෙ






සති අන්ත නිවාඩුවෙ
චාරිත්තරෙට වගෙයි පොත් සල්පිලට ආවෙ
නැති හන්ද එයා පොත් කියවන්නෙ
පුරුදු විදියටම තනියෙන්මයි ආවෙ


ප්‍රතිභාප්‍රභා කුටියෙ දොර ගාව
අහම්බෙන් උඹේ වත දුටුවාම
කැති ගාපු වල් පඳුරු සේරෝම
හොස්ස උස්සා පිබිදුනේ කෝම


මහපොලෙන් සොච්චමක් හංගගෙන ඒ කාලෙ
පොත් සුවඳ බලන්නයි උඹව ඇදගෙන ආවෙ
සෙනග තෙරපෙන්නෙ නෑ - නූල්ඩස් කඩත් නෑ
ඒ කාලෙ ඉර අවුව මෙහෙම පිච්චෙන්නෙ නෑ


පොත් කන්දකට උඩින් එදා වාගෙම අදත්
සඳවතකි පෑව්වේ ටිකක් වියපත් උනත්
අත්ලතෙහි තිබුන පොත් අතර හැංගී උන්නෙ
‘භාවනා අත්පොත’යි ‘සසර දිනනා මග’යි


කන්ණාඩි කුට්ටමට උඩින් බිල් පත බලා
ටික් හඬින් බුහුටි අත් පසුම්බිය විවර වෙයි
අකුණු ගහනව වගේ සැණෙළි එළි පිපිරෙද්දි
ක්ලික් ක්ලික් හඬින් සෙල්ෆි වැසි වැටෙයි


සීල් තබනුයි කියා අපි එදා පිකට් ගිය
කූල් සන්නාමගත බීම හල් හැමතැනම
පැණි දියර කෝප්පෙක කිරි හිනාවක් පිපෙයි
‘අම්මියෝ අපි මෙහේ!’ සිඟිති අත් පොඩි වැනෙයි


‘සයිබ සාහිත්යෙ වයිබර් ලකුණ’ 
අතට ගෙන බලමි, ආපහු තබමි
රජ කතා, යුධ කතා, බොළඳ ආදර කතා
නොදැක්කා වගේ ඔහෙ සැරිසරමි


‘හිනාවෙන සාදුගේ’ දේශනා පොත් දෙකක්
ත්‍රිපිටකේ සිංහලෙන් වෙලුම හතරත් අටත්
තුරුළු කරගෙන දාහෙ පටි ගනිමි
‘නිවන් මග’ මගහැරීමෙන් තැවෙමි.



76 comments:

  1. පොත් සල්පිලේ අත්දකිම් විදින්න ඉස්සර මට පුළුවන් වුනා. .. දැන් අවුරුදු පහකින් නෑ, එදා මත් උණු උණුවේ නුඩ්ල්ස් කෑවා. සෙල්ෆි නැති කාලේ cammer එක අරන් ගිගින් ෆොටෝ ගත්ත. ඒ සියළු දේ .... මේ පෝස්ටුවෙන් අයෙත් මතක් වුනා, බස්සියෝ .....
    ලස්සනයි පබදුම

    ReplyDelete
  2. එදා වගේ අදත් පොද වැස්ස වැටෙනවා
    මල් පිපුනු ගහ ගාව තවම ඉඩ තියනවා
    නුඹ මගේ ළඟින් නැති අඩුව මට දැනෙනවා
    මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා....

    දුක පිරුණ මගේ හිත නුඹ හොඳට දන්නවා
    හිත හදපු නුඹේ හඬ මගෙ සවන් සොයනවා
    නුඹ නිසා පැමිණි දුක් පැණිරසයි සිතෙනවා
    මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා....

    අනාගත වාළුකා කතර මැද තනිවෙලා
    කෙසේ පා ඔසවම්ද සා පවස විඳ දරා
    පුර පසක සඳ නොවී නුඹ අව පසක සඳවුනා
    මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා....

    පද රචනය : ප්‍රසන්න චන්දන බණ්ඩාර
    ගායනය / සංගීතය : සෝමතිලක ජයමහ

    ReplyDelete
    Replies
    1. බොහොම කැමති සින්දුවක්. ස්තූතියි සින්දු ඇනෝ!

      Delete
    2. සෝමතිලක කියන්නේ මගේ ගායකයා, හැමදාටම. මේ සින්දුව මම අහල නැහැ කියල කියන්නත් ලැජ්ජයි. අනේ බා ගන්න තැනක් කියන්නකෝ

      Delete
  3. සිතයි සමහරු අතීතය ගැන
    තවත් කට්ටිය හෙටක් ගැන
    මේ අදත් මායාවක් නම්
    කුමට කියනුද
    අතීතය සහ අනාගතය ගැන

    ReplyDelete
  4. L. De B. M හෝ LP ගෙ වගේ සම්බාව්ය කමෙන්ට් එකක් ආවහම මං ආයිත් එන්නම්.
    දැනට බායි

    ReplyDelete
    Replies
    1. ඔන්න දුන්නා ...
      මේ කමෙන්ට් කිරිමේ කලාව ගැන වෙනමම සම්මන්ත්‍රන මාලාවක් ලැහැස්ති කරලා යු ටියුබ් දාමුද?

      Delete
    2. KM වගේ පතාක කව් යෝධ කලානිදි කෙනෙක් මොකද මේ කමෙන්ට්වලට හොට දාන්නෙ?
      මං හිතුවෙ විචාරශීලී විචක්ශනශීලී කලාකාමී ෆුල් ඔප්ෂන් කව් බසෙන් දෙයි කියල

      Delete
    3. කවි බස් එක ගිහිල්ලා.. දැන් ගමන පයින් :(

      Delete
    4. PJ අපව බේරාගත් රැම්බෝ....දැන් ඉතින් මේ වගේ සම්භාව්‍ය කවි පෝස්ට්වලට අපිටත් කමෙන්ට් එකක් දෙකක් දෑහැකි..

      Delete
    5. අයියෝ මේක සම්භාව්‍ය නෑනෙ අප්පා. :/

      Delete
    6. CJ එනකොට වැඩේ පරක්කුයි

      Delete
  5. එල ද බ්‍රා මචං
    කාලය මැව් වෙනසක අරැමේ

    ReplyDelete
    Replies
    1. අතීතය සිහිනයක් පමණයි සෑබ සුවදක් නෑ එදා සෙනෙහෙන් නොබෑදුනා නම් මෙදා වියොවක් නෑ

      Delete
    2. අඹ අරක් යාලුවො !

      Delete
    3. තාමත් ඔබේ KC සුවඳ දැනේ...අඹ (අරක් ) යාලුවේ...!

      Delete
    4. අඹ අරක් යාලුවො දෙන්න මූණට හම්බවෙච්චි වෙලාවෙ දෙන්නගෙ මූණු දෙක බලන්ඩ ලස්සනට තිබුන.

      Delete
    5. පෝං...අන්න යාලුවෝ...
      දාලා පලයන් කිව්වට දාලා යන්නෙම නෑ..
      සදු කිරිබත් හැදුවා ඉරිදා ...
      හැලපේලාගේ ගෙදර පාටිය දවසේ සුදික අයියන්ඩිගේ AC වාහනේ ආවට පස්සෙ සිතල පෙට්ටියක් හයිකරපු වාහනේක ආවමයි..

      Delete
    6. @ L De B M ...ඒක ඉස්සරහින් බුවෙක් සුදු අත් මේස් දාගෙන දඟලපු ඩිෆෙන්ඩරේ කවුද බං ආවේ...ෆාද්‍රේද...?

      Delete
    7. අඹ අරක් සේල්ස් වැඩිවෙලාලු. මොකද දන්නෙ නැහැ :)

      Delete
    8. @Ian.... ගනන් වැඩි කරපු නිසා වෙන්නැති...!

      Delete
    9. චෙෆා
      සුද්දෙක් වගේ ඉංගිරිසි කමෙන්ට් දාන පොරක්
      ඉයන්
      ඒ මාව ගනින් සෙල්ස් ඇඩ් එකකට

      Delete
    10. තැන්කිව් මෙන්ඩා!

      Delete
    11. //අඹ අරක් යාලුවො !// හෙහේ! වචනෙ මොඩිෆයි කරලා.

      Delete
  6. පොත් අතර හැංගනු අතීත කාමය.....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් හ්ම්ම්ම්ම්...

      Delete
  7. අතේ සල්ලි තියෙනකොට පොත් කියවන්න විවේකයක් නෑ.. විවේකය තියෙනකොට පොත් ගන්න අතේ සල්ලි නෑ.. :(

    ReplyDelete
    Replies
    1. අතේ සල්ලි තියන කාලෙ පොත් ටිකක් අරන් තියන්න. විවේකය ලැබෙන කාලෙක කියෙව්වැකි. :)

      Delete
    2. අතේ සල්ලි නෑ කියලා කලණයා කෙබර කියන්නේ හරියට පොලිස් මාධ්‍ය ප්‍රකාශක වගේනේ හිටං.ඇයි යකඩෝ අර දාලා තිබ්බේ පොත් ගොඩක පින්තුර වගයක්. :D

      Delete
    3. ///අතේ සල්ලි තියන කාලෙ පොත් ටිකක් අරන් තියන්න. විවේකය ලැබෙන කාලෙක කියෙව්වැකි. :)///
      කියවන්න කලින් කාවේ කනවනේ බං...
      දැන් පොත් ගහන කොළ බාලයිද කොහෙද...

      Delete
    4. //පොලිස් මාධ්‍ය ප්‍රකාශක වගේ//
      කළණේ එල්ලිලා මැරෙයිද මන්දා.

      Delete
    5. කලණයාගේ ඇඟේ හැටියට ඌට එල්ලෙන්න සුදුසු කඹයක් නැති එක තමයි ප්‍රශ්නේ.

      Delete
  8. ‍අ‍පූ‍රු‍යි , ‍මේ ‍සැ‍රේ ‍යන්‍‍ඩ ‍බැ‍රි ‍උ‍නා ‍නේ ....... ‍නැත්‍‍නම්‍ ‍ම‍මත්‍ ‍ඔ‍ය ‍කි‍ය‍පු ‍හි‍නා‍වෙ‍න ‍සා‍දු‍ගේ ‍පොත්‍ ‍ටි‍කක්‍ ‍ගන්‍‍ඩ‍ම‍යි ‍හි‍ටි‍යේ . ‍මේ ‍ඔ‍ය ‍භා‍ව‍නා ‍අත්‍ ‍පො‍ත ‍කී‍වෙ ‍මො‍ක‍ට‍ද?

    ReplyDelete
    Replies
    1. පොත්වල නම් ගම් මනංකල්පිතයි. නැත්නම් මේක ඇඩ් එකක් වෙනවනෙ.

      Delete
  9. හිනා සාදු කීවෙ කවුද බං ඇත්තටම මීටරේට එන්නෙ ෑනෙ..
    සමාරක් විට අපි හරි හමං විදියට පංසලකට වත් නොයන හිංද දන්නෙ නැතුවද මංද මට නං මීටරේට වැටෙන්නෙම නැ...

    හුගක් අය පොත් ප්‍රදර්ශනේට ය්නෙ ඔයා කීව වගේ ඒක නිකං ට්‍රෙන්ඩ් එකක් කියල හිතං. ඒ අය ගන්න පොත් කියවන්නෙත් නෑ. කාටවත් දෙන්නෙත් නෑ කාටවත් වැඩකුත් නෑ
    ඒත් ඒ වගේ අය හිංද
    තදබදය වැඩිවෙන එක
    හරි හමං විදියට පොතක් කියව ගන්න බැරි එක
    සමහර පොත් වලට (විසේසෙං ඔය සම්මාන නිර්දේශ පොත්) වැඩි ඉල්ලුම නිසා අභව්‍ය ලෙස ගණං යාම
    ඒ නැතත් පොත් නිස්කාරණෙ ගණං යන එක වැඩියි
    මක් කරන්නද
    සබ්බේ පෘතග්ජනා උම්මත්තකා
    කියනව නෙ

    ReplyDelete
    Replies
    1. සමරසිංහ ගුණසේකර මහත්මයා පරිවරථනය කරපු සිනාසෙන සුදු හාමුදුරුවෝ පොත ගැන වෙන්ටැ ඔය බස්සි කියලා තියෙන්නේ...

      Delete
    2. මම හිතන්නේ ඔය කියන්නේ "අජාන්" හිමි නමක් ගැන වෙන්න ඕනේ...
      එතනින් මට මතක විදිහට නම් "අජාන් බ්‍රහ්ම" වගේ නමක් තියෙන හාමුදුරුවන්ට කියපු නමක් තමයි ඔය තියෙන්නේ... හරියට මතක නෑ...

      Delete
    3. හිනාසාදුගෙ පොත් දෙන්න කියකියා ලොකු ට්‍රෙන්ඩ් එකක් තිබුනා අජාන් බ්‍රහ්මවංසෝ හාමුදුරුවන්ගෙ පොත්වල සිංහල අනුවාදන වලට. ඒ පොත් ඇත්තටම හොඳයි. ඒත් ඒ පොත් කියවීම 'අලුත්ම ට්‍රෙන්ඩ්' එක බවට පත්වෙලා.

      Delete
    4. එපා වුනා මහියෝ. පොත් කියවීම ට්‍රෙන්ඩ් එකක් වෙන එක හොඳයි. ඒත් ඒකෙන් ඇත්තටම පොත් හොයාගෙන එන අයට අපහසුවක් නොවෙනවානම් තවත් හොඳයි.

      ඉස්සර මට මතකයි අපි පොඩිකාලෙ ගිහින් විජේසූරිය එකේ, සරසවි එකේ ස්ටෝල්වල පැය ගණන් ඉඳගෙන පොත් කියවනවත් එක්ක. ඒ ස්ටෝල්වල සේවකයොත් බොහොම මිත්‍රශීලියි. ඉස්සර පොකට් මනි එකතු කරලා පොත් ගන්න නිසා ආස පොත් සේරම ගන්න සල්ලි මදි. කොහොමත් ලිස්ට් එකෙන් හැලෙන පොත් හතර පහක් එතනදි කියවලා එනව.

      දැන් පොත් කියවන්න තියා උවමනා පොත් හොයාගන්නත් පුදුම අමාරුවෙන්.

      Delete
    5. අනික තමයි ස්වර්ණ පුස්තක සම්මාන අරවා මේවා තියලා ව්‍යාජ ඉල්ලුමක් නිර්මාණය කිරීම. සමහර වෙලාවට සමහර සම්මානවලට නිර්දේශිත පොත්වල ඇති දෙයක් නෑ. ඒත් 'හුදෙක් පොත් එකතු කරන්නන්' උස්සගෙන යන්නෙම ඒ වගේ පොත්. අනේ මන්ද ඉතින්.

      Delete
    6. මමත් ඔය ට්‍රෙන්ඩ් එකට එන පොත් උවමනාවෙන්ම කියවීමෙන් දුරස් කරනවා. කවදාවත් ඔය කියන පොත් කියවලා නැහැ. (ඒක අඩුපාඩුවක් බව දන්නවා) මම බුද්ධ ධර්මය කියෝන විදිය ඊට ගොඩක් වෙනස්. ඊට ඕනේ තරම් පොත් වල මුලාශ්‍ර තියෙනවා. ෆැන්සි දේවල් වලට වඩා මමත් කැමති අමුවෙන් තියෙන ජාති වලට.

      Delete
    7. මටත් බස්සි ඔය ස්වර්ණ පුස්තක වලින් එන්නෙම අල්ලන්නේ නැති සුවඳක්. ඒ පොත්වලට විකර්ශනයක් තියෙනවා. ඒ වගේම අවුල් වගේ නමක් තිබ්බොත් ඔන්න ටුස් ගාල ආකර්ශනේ වෙනවා.

      බස්සි, ඔයා ගොඩාක් පොත් කියෝපු කෙනෙක් කියලා උපකල්පනයෙන් මම අහන්නේ. මම එකපාරක් අහම්බෙන් වගේ කියෙව්වා පොතක් නුවර ලයිබ්‍රි එකෙන් ඒකෙ නම 'දැල්වූ පහන්'. පුදුම ලස්සන පොතක්... මම ඒ පොත ගත්තේ හරිම උදාසීන කමකින්, කොටින්ම තෝරන්න වෙලාව තිබ්බේ නැති දවසක මාර හදිස්සියෙන් වගේ. අන්තිමට මම ඒ පොතට වහ වැටුනා. කියෝලා තියෙනවද? මට මතක විදියට ලේඛිකාවක්. නම මතක නැහැ. මම තාම ඒ පොත හොයනවා.

      Delete
    8. ම්ම්ම්... ඒ නම නම් හුරුපුරුදු නෑ උපයෝ.

      පොත ගැන හොයාගන්න ඕනෙනම් සිරාම ගෲප් එකක් තියෙනවා. ෆේස්බුකියේ "පොත් කියවන අය" කියන්නෙ පොත් ප්‍රකාශකයො, කතුවරු සහ ඇත්තටම පොත් කියවන පාඨකයො තොගයක් එකට එකතු වුන තැනක්. එතැන ඔය පොත ගැන ඇහුවොත් නම් බොහෝවිට විස්තරයක් දැනගන්න හැකි වෙයි.

      Delete
  10. මට මුලින්ම බස්සි එක්ක මේ කවිය ගලපගන්න බැරි වුණා... මේක ලියන්න බස්සි සෑහෙන වයසට ගිහින් ජෙන්ඩර් එකත් මාරු කරලා.... :) නේද?

    කාලෙකින් මම හිතන්නේ බස්සිගෙ කවියක් කියෙව්වේ... බොහොම මනාපයි මේකට..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි! :)
      ඔව් තිසර. පොඩි සිහින කල්පනා කිහිපයක් එක්ක ලියවුන කවියක්.

      බස්සි දැන් කවි දාන්නෙ වෙනම බ්ලොග් එකක. අවශ්‍යමයි කියල හිතෙන කවියක් දෙකක් විතරයි මෙතන.

      මේ තියෙන්නෙ ඒ බ්ලොග් එක
      http://basukavi.blogspot.com/

      Delete
  11. මම මේ වතාවේ පොත්ප්‍රදර්ශනේට අන්තිම දවසේ ගියා.පුදුම සෙනගක් හරියට සති පොල වගේ.පොත් ගන්නවට වඩා වෙන වෙන දේවල් ගන්නවා,කනවා,කොල්ලෝ කෙල්ලෝ ජොලියේ ඇවිදිනවා.
    මම හොයපු පොත් තිබුනෙත් නැ.නිතරම විකිනෙන පොත් විතරයි තිබුනේ.අන්තිමට මරදානට ආවා පොත් ටික ගන්න.

    ..//‘හිනාවෙන සාදුගේ’ දේශනා පොත් දෙකක්//..

    අජාන් බ්‍රහ්මවංශෝ හාමුදුරැවන්ගේ පොත් නේද බස්සි කියන්නේ.මගේ ලග තිබුනා මේ වෙනකම් ආව හැම පොතක්ම.ගොඩක් අය බලන්න ඉල්ලගෙන ගියා.මම හිතන්නේ අපි හැමෝම අනිවාර්යෙන්ම බැලියු යතු පොත් පෙලක් කියලා ඒ පොත්.


    ReplyDelete
    Replies
    1. හිනාසාදුගෙ පොත් දෙන්න කියකියා ලොකු ට්‍රෙන්ඩ් එකක් තිබුනා අජාන් බ්‍රහ්මවංසෝ හාමුදුරුවන්ගෙ පොත්වල සිංහල අනුවාදන වලට. ඒ පොත් ඇත්තටම හොඳයි. ඒත් ඒ පොත් කියවීම 'අලුත්ම ට්‍රෙන්ඩ්' එක බවට පත්වෙලා.

      Delete
  12. පොත් ගොඩ අස්සට ගියාම සිහියක් පතක් මට නම් නැති වෙලා යනවා බස්සි අක්කේ...කවදා හරි ලමයි එක්ක යනකොට තව දන්න අදුරන දෙතුන් දෙනෙක් එක්කගෙන යන්න ඕනි

    ReplyDelete
    Replies
    1. මටත් ඒ ලෙඩේ තියෙනව අමා!

      Delete
  13. පොත් පිටු අතරින් අතීතයට .........
    ජීවිතේ බොහොමයක් සිද්ධි අහම්බනේ , ඒ නිසා මේ සිද්ධියත් අහම්බයක් හැටියට හිතන්නුත්සාහ කලොත් හිත නිදහස් , ජීවිතේ අපේ හැගීම් වලට ගැලපෙන ,අපිට ගැලපෙනම කියල හිතෙන කෙනෙක් මග හැරුනම , ජීවිතේ වැඩියෙන්ම හිතට වදින තැනකදී ආපහු දකින්න ලැබුනම ඇතිවම මේ හැගීම මටනං මහා හිස් කමක් දැනෙන දෙයක් වෙයි. ඒ නිසා නිවන ගැන හිතන එක හොඳයි

    ReplyDelete
    Replies
    1. ඒ උනාට මචං. මට නම් වැඩියෙන්ම හිතට වදින්නේ අහම්බයන්!

      Delete
  14. අනේ සාදු !
    " නිවන තමයි අප කාටත් සැනසීම​"

    ReplyDelete
    Replies
    1. ස්තූතියි උපුල්!
      සමාවෙන්න රිප්ලයි පමා උනාට!

      Delete
  15. අනේ සාදු !
    " නිවන තමයි අප කාටත් සැනසීම​"

    ReplyDelete
  16. හිත හිල් උනා බස්සි.... දැන් ඉතින් ලීක් එක වහගන්න සතියක් විතර යයි... එක්කෝ කමක් නැහැ. සමහරවිට ලියන දේවල් හංගන්න බ්ලොග් එකක් තියෙන නිසා පහසු වෙයි.

    මම ආසයි මේ පදාසයක් වැහෙන පුංචි වාක්‍ය වලට. ඉරිසියා හිතෙන විදියට ගලපන වචන වලට. උඹේ ඉරිසියාකාරයෝ ගොඩේ මම දැන් ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. හෙහේ! පිස්සු උපයා.
      ඉරිසියාව ළමයෙක්ට දීලා ඉක්මනට අර කතාව ලියාන්කො අප්පා. මග බලන් ඉඳලම ඇහේ පොට යනවා.

      Delete
    2. ළමයෙක් එවහන්..
      ඒ කතාව ආයේ එතන පබ්ලිෂ් කරන්නේ නැත. පොට යවාගන්ට කාරිද නැත.

      Delete
  17. මේ ගමන වැඩිය පොත් ගත්තේ නැහැ.නියම කවිය යශෝ.
    ඇයි නිවන මග හැර ගත්තේ ඉතින්?...:)

    ReplyDelete
    Replies
    1. කවිය ආයෙම කියෙව්වම තේරේවි මනෝ! :)

      Delete
  18. මේ කවිය නම් සත්තරන් වගේ ඉස්තරන්..

    මේක ඇතුලේ පොත් සල්පිල, කානිවල් එකක් වෙලා, ඊට පස්සේ එකම විකාරයක් වෙලා ගූ ගොඩක් උන හැටිත් මට නම් අකුරු අස්සේ අගේට පේනවා.. ඒ වගේම ජීවිතය ගැන හා මහළු බව ගැනත් අකුරු සෙල්ලම් කොරනවා.. බස රසටි කියන්නේ පට්ටම රහයි...

    වාසනා වේවා... වෙන මක්කා කියන්නෙයි..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මාතා බොස්! :)

      සිරාවටම තව කාලයක් යද්දි පොත් ප්‍රදර්ශනේ පොත් ඇරෙන්න අනිත් හැමදේම තියේවි කියල හිතෙනවා.

      Delete
  19. අපිත් ඉතින් පුරුද්දට තමා එන්නේ පොත් සල්පිලට. තනියම තමා ඉතිං. අපි කවුරු එක්ක එන්නද..
    මමත් කන්න තියන දෙයක් තමා ඉතුරු කරගන්නේ..

    ReplyDelete
    Replies
    1. පොත් ගන්න එන අය එන්න එන්නම අඩුවෙනවනෙ. හැබැයි උතුරන්න සෙනග!

      Delete
  20. මම නම් ඔය පොත් සැනකෙලියට ගිය කාලයක් මතක නෑ ඕක තියෙන්නේ වැරදි කාලෙ හන්දා. ගෙදර ඇවිත් හිටියත් යන්න බය හිතෙනවා උඹලා දාන පෝස්ට් සහ FB status update දැක්කාම.

    ReplyDelete
    Replies
    1. ඩූඩ් එන්නෙ කොයි කාලෙද? දෙසැම්බර්?

      Delete
  21. විකුණන්න බැරිනං සාහිත්‍යෙ කන්ඩද?

    ඇත්ත ඒකයි...


    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. බලාගෙන යනකොට ඒ කතාවත් ඇත්ත වගේ. හික්ස්!

      Delete
  22. Hi Bassi
    It's a pleasure to reading ur blog while walking down my old memory lane about SriLanka.

    Thanks for this poem style "report" today.

    I remembered how I went to the book exhibition many years ago while I was in a vacation at Colombo.

    I live in Ontario Canada.

    Will u please let me know your facebook name?
    I love to read all the stories.

    These Sinhalese blogs are really touching my life and given me lots of info about "Modern srilankan life"

    Thanks

    Keep on writing

    ===Adrian C.M.====
    From Canada

    ReplyDelete
  23. Hi Bassi
    It's a pleasure to reading ur blog while walking down my old memory lane about SriLanka.

    Thanks for this poem style "report" today.

    I remembered how I went to the book exhibition many years ago while I was in a vacation at Colombo.

    I live in Ontario Canada.

    Will u please let me know your facebook name?
    I love to read all the stories.

    These Sinhalese blogs are really touching my life and given me lots of info about "Modern srilankan life"

    Thanks

    Keep on writing

    ===Adrian C.M.====
    From Canada

    ReplyDelete
    Replies
    1. Hi Adrian,

      I'm really happy to know that these writings could bubble up your old memories. Well, the book fair has changed so drastically that there are several non-value-adding items included to the event which made me touched. This poem was scribbled down as a result.

      My facebook name is 'Yashodha Sammani (බස්සි). I usually post mini poems and smaller pieces of prose there. You could also keep in touch via my FB page "CrazyBassi" to get the latest updates about the blog posts.

      Thanks a lot for your kind feedback! Do KIT!

      Delete